27.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, තම කර්මතීත් තත්ත්වයට ළඟා වුණු විට ඔබ විෂ්ණු දේශය බලා යාවි. ගෞරවයෙන් සමත් වන දරුවන් පමණයි කර්මතීත් වන්නේ.

ප්‍රශ්නය:
පියවරුන් දෙදෙනාම ඔය දරුවන් මත දරණා උත්සාහය කුමක්ද?

පිළිතුර:
බාප් හා දාදා දෙදෙනාම ඔය දරුවන් දෙව්ලොව වාසයට සුදුසු සියලුම ගුණධර්ම හා සොළොස් කලාවන්ගෙන් පිරුණු අය බවට පත් කරවීමට උත්සාහ දරණවා. ඔබලාට එන්ජින් දෙකක් ලැබිල වගේයි. උපත් 21කටම ස්වාධිපත්‍යය දිනා ගත හැකි ආකාරයේ අධ්‍යාපනයක් ඔහු ඔබට ලබා දෙනවා.

ගීතය:
ඔබගේ ළමා කල අමතක කරන්න එපා.

ඕම් ශාන්ති.
ඔය ඉතාමත් ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හුමු වුණු දරුවන්ට ගීතය ඇසුණා. නාටක සැලැස්මට අනුව එවන් ගීත ඔබලා වෙනුවෙන් තේරී තිබෙනවා. එවන් සිනමා ගීත ගෙන බාබා මුරලි දෙන ආකාරය දැක මිනිස්සු පුදුමයට පත් වෙනවා. ඔවුන් කියනවා මේ මොන වගේ ඥානයක්ද? ආගමික ග්‍රන්ථ, වේද හා උපනිශද් ග්‍රන්ථ සියල්ල අතහැර දමා ඔබලා සිනමා ගීත වලින් මුරලි පවත්වනවා. අතීන්ද්‍රිය වූ සතුටක් ඔබ ලබනා අසීමිත පරමාත්ම පියාට තමයි තමන් දැන් අයිති යන්න ඔය දරුවන්ගේ සිහියේ තිබෙනවා. එමනිසා, එවන් පියෙක්ව ඔබ කිසි විටෙක අමතක නොකළ යුතුයි. පරමාත්ම පියාව සිහි කිරීමෙන් පමණයි ඔබගේ උපත් ගණනාවක පාප දුරු වී යන්නේ. තම පාප තවමත් ඉතිරි වී තිබියදී බාබාව සිහි කිරීම ඔබ නතර නොකළ යුතුයි ඔබගේ තත්ත්වයත් පහළ යාවි. එවන් පියෙක්ව ඔබ ඉතාමත් හොඳින් සිහි කළ යුතුයි. විවාහ ගිවිසීමක දී දෙදෙනෙක් එකිනෙකාව සිහි කරනවා වගේ ඔබලාගේත්, දැන් නම් ප්‍රසිද්ධ කරලයි තිබෙන්නේ. පසුව, ඔබ කර්මතීත් තත්ත්වයට පත් වුණු පසුව විෂ්ණු දේශයට යාවි. ශිව බාබාත් ප්‍රජාපිතා බ්‍රහ්මාත් සිටිනවා. ඔබලාට එන්ජින් දෙකක් ලැබී තිබෙනවා. එකක් අශාරීරිකයි අනෙක ශාරීරිකයි. දෙදෙනාම ඔය දරුවන්ව දෙව්ලොවවාසී බවට පත් කරවීමට උත්සාහ දරණවා. ඔබලා සියලුම ගුණධර්ම වලින් පිරී සොළොස් කලාවන්ගෙන්ම පූර්ණ විය යුතුයි. මෙහිදී ඔබලා විභාගයක් සමත් විය යුතුයි. මෙම කරුණු කාරණා ග්‍රන්ථ වල සඳහන් වෙලා නැහැ. මෙය ඔබගේ අනාගත උපත් 21ක් සඳහා වන ඉතාමත් අපූරු ඉගෙනීමකුයි. අන් සෑම අධ්‍යයනයක්ම මරණීය දේශයට වන අතර මෙය පමණක් අමරණීය දේශය වෙතට වූවක් වේ. කෙසේවෙතත්, ඒ සඳහා ඔබ ඉගෙන ගත යුත්තේ මෙහිදීයි. පාරිශුද්ධ වන තෙක් ඔය ජීවයන්ට ස්වර්ණමය යුගයට යන්න බැහැ. මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා සංගම යුගයට පැමිණෙන්නේ. ඔබලා සෑම කෙනෙක්ම සිප්පි කටුවකින් දියමන්තියක් වටිනා තත්ත්වයට පත් වුණු පසුව මෙය ඉතාමත් සුබම සුබ වූ, සංගම යුගය වෙනවා. එමනිසා, ඔබ දිගටම ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. ශ්‍රී ශ්‍රී කියා හැඳින්වෙන්නේ ශිව බාබාව පමණයි. රෝසරිය යන්නෙහි අර්ථයත් ඔය දරුවන්ට පහදා දී තිබෙනවා. මුලින්ම මුල් බීජය වන ශිව බාබා සිටිනා අතර පසුව පවුල් මාර්ගය පෙන්වන ද්විත්ව බීජය තිබෙනවා. පසුව ජයග්‍රහණය ලබනා පිරිසත් සිටිනා නිසා එය රුද්‍ර මාලාව වෙනවා. පසුව එය විෂ්ණු මාලාව වෙනවා. මෙම රෝසරියේ අර්ථය කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියා මෙහි සිට සියල්ල පහදා දෙනවා ඔය දරුවන් සිප්පි කටුවකින් දියමන්තියක් විය යුතුයි. ඔබ උපත් 63ක් පුරා පරමාත්ම පියාව සිහි කරමින් සිටියා. දැන් ඔබ සෑම කෙනෙක්ම එකම එක ආදරවන්තයාගේ ආදරවන්තියන් වී සිටිනවා එකම එක දෙවියන්ගේ භක්තිවන්තයින් වී සිටිනවා. සියලුම සැමියන්ගේත් සැමියා වන ඔහු සියලුම පියවරුන්ගේත් පියා වෙනවා. ඔහු දරුවන්ව රජවරුන්ගෙත් රජවරුන් කරවනවා ඔහු ඒ තත්ත්වයට පත්වන්නේ නැහැ. පරම පියා නැවත නැවතත් පහදා කියනවා පරමාත්ම පියාව සිහිපත් කිරීමෙන් පමණයි උපත් ගණනාවක පාප සියල්ල පිළිස්සී යන්නේ කියලා. තමන් විසින් කරනා ක්‍රියා වල ඵලයෙන් තමන් නිදහස් කියා සාදු සන්යාසීවරුන් කියනවා. පරමාත්ම පියා පහදා කියනවා යහපත් අයහපත් සංස්කාර ගෙන යන්නේ ජීවයනුයි. ඒ මිනිස්සු කියනවා මම කොහේ බැලුවත් මට පෙනෙන්නේ දෙවියන්වම පමණයි. මේ සියල්ල දෙවියන්ගේ පුදුම ක්‍රියායි. පාප මාර්ගයේදී ඔවුන් මුළුමනින්ම කිළිටි වෙලා. එවන් පුද්ගලයින්ව සිය දහස් ගණනක් අනුගමනය කරනවා. මෙයත් නාටකයේ නියමිතව ඇති දෙයක්. සෑම විටම ලෝක තුන තම සිහියේ තබාගෙන සිටින්න ජීව සත්තාවන් වාසය කරනා ශාන්තිදාමය, ඔබලා දැන් යාමට උත්සාහ දරණා සුඛ්දාමය හා කල්ප භාගයකට පසුව ඇරඹෙන දුක්දාමය. පරමාත්ම පියා දෙව්ලොව පරමාත්ම පියා කියා හඳුන්වනවා. ඔහු අපායක් ස්ථාපනය කරන්නේ නැහැ. මම ස්ථාපනය කරන්නේ සතුටේ දේශය පමණයි. මෙය ජය පරාජය අතර සිදුවන සෙල්ලමක්. ඔය දරුවන් දැන් ශ්‍රීමත් අනුගමනය කර මායා, රාවණ් දමනය කර දමනවා. පසුව කල්ප බාගයකින් අනතුරුව රාවණ් රාජ්‍යය ආරම්භ වෙනවා. ඔය දරුවන් දැන් සිටින්නේ සටන් බිමකයි. ඔබගේ බුද්ධියේ මෙය හොඳින් ධාරණය විය යුතුයි. පසුව එය අන් අයටත් පහදා දෙන්න. ඔබ අන්ධයින්ට සැරයටියක් වී නිවසට යා ගත නොහැකිව අතරමං වී සිටිනා සියලුම දෙනාට පාර පෙන්විය යුතුයි. මෙය නාටකයක් කියා මිනිස්සු කියනවා ඒ සමඟම මෙය වසර සිය දහස් ගණනක දෙයක් කියාත් කියනවා. පරමාත්ම පියා පහදා කියනවා රාවණ් ඔබලාව එතරම්ම අන්ධයින් බවට පත් කරවලා. පරමාත්ම පියා දැන් සියල්ල ඔබට පහදා දෙනවා. දැනුමින් පිරි කෙනා කියන්නේ පරමාත්ම පියාටයි. සෑම කෙනෙක් තුළම සිදුවන දේ ඔහු දන්නවා කියා මෙයින් අදහස් වන්නේ නැහැ. අද්භූත ප්‍රාතිහාර්ය බල ගැන ඉගෙන ගන්නා අයට අන් අයගේ සිත් වල සිදු වන්නේ කුමක්දැයි කියා දැනගත හැකියි. දැනුමින් පිරි කියන්නේ ඒක නොවෙයි. පරමාත්ම පියාගේ ගුණ වර්ණනය මෙයයි. ඔහු ඥාන සාගරයයි. ප්‍රමෝදයේ සාගරයයි. සෑම කෙනෙකුගේම හිතේ ඇති දේ ඔහු දන්නවායි කියා මිනිස්සු කියනවා. ඔහු ගුරුවරයා නිසා ඔබට උගන්වනා බව ඔය දරුවන්ට දැන් තේරෙනවා. ඒ වගේම ඔහු ආධ්‍යාත්මික පියා හා ආධ්‍යාත්මික සත්ගුරුත් වෙනවා. අන් අය ශාරීරික ගුරුවරුන් හා ගුරූන් වෙනවා. ඔවුන් එකිනෙකාට වෙනස්. තුන්දෙනාම එක් අයෙක් වෙන්න බැහැ. ඇතැම් අවස්ථාවල දී කෙනෙකුගේ පියෙක් ඔහුගේ ගුරුවරයාත් විය හැකියි නමුත් කවදාවත් ඒ පියාට ඔහුගේ ගුරු වෙන්න බැහැ. ඒ වුණත් ඒ සියලු දෙනාම මිනිසුන්. මෙහි සිටින්නේ පරමාත්ම ජීවය පරම පියා, පරම ජීවයයි ඔබට උගන්වන්නේ. ජීවයකට පරම ජීවය කියා කියන්න බැහැ. කිසිම කෙනෙක් මෙය තේරුම් ගන්නේත් නැහැ. දරා ගන්නටම බැරි තරමේ දර්ශනයක් පරමාත්ම ජීවය විසින් අර්ජුණට පෙන්වූ නිසා ඔහු කරුණාකර මෙය නවත්වන්න! මෙම ආලෝකය අතිශය දීප්තිමත් ! මට එය දරා ගන්න බැහැ ! කියා කිව්වායි කියා මිනිස්සු කියනවා. මිනිසුන්ට අහන්න ලැබී ඇති ඒ සෑම දෙයක්ම නිසා පරමාත්ම ජීවය දීප්තිමත් ආලෝකයක්ය යන විශ්වාසය මිනිසුන් තුළ ඇති වී තිබෙනවා. ඒ දිනවල බාබා ළඟට පැමිණි අය ධ්‍යාන වලට ගියා. ඔවුනුත් මෙය නවත්වන්න, එය ආලෝකය වැඩියි, මට දරාගන්න බැහැ යි කියා කියනවා. මුල් කාලයේ ඇහුණු දේවල් භක්ති හැඟීම්, ඒවාම තමයි තවමත් ඔවුන්ගේ බුද්ධියේ රැඳිලා තිබෙන්නේ. පරමාත්ම පියා කියනවා ඔවුන් මාව කුමනාකාරයේ භක්ති හැඟීමකින් සිහි කළත් ඒ සෑම හැඟීමක්ම මම ඉටු කරනවා. ඔවුන් ගණදෙව් වන්දනාකරුවන් නම් මම ඔවුනට ගණදෙවි දර්ශනයක් දෙනවා. එලෙස දර්ශනයක් ලැබුණු විටෙක තමන් මුක්ති දේශයට ළඟා වෙලා කියා ඔවුන් සිතනවා. නමුත් කිසිම කෙනෙකුට මුක්ති දේශයට යන්න බැහැ. නාරදගේ උදාහරණය තිබෙනවා. ඉහළම භක්තිවන්තයා කියා සඳහන් වෙන්නේ ඔහුයි. තමන්ට ලක්ෂ්මිව විවාහ කර ගත හැකිදැයි කියා ඇසු විට පළමුව කැඩපතකින් තම මුහුණ දෙස බලන්නැයි කියා ඔහුට කියා තිබුණා. භක්තිවන්තයින්ගේ රෝසරියකුත් තිබෙනවා. භක්තිවන්තියන් අතුරින් මීරාත් භක්තිවන්තයින් අතුරින් නාරද වත් ප්‍රධාන ලෙස ගැනෙනවා. මෙම ඥානයේ දී ප්‍රධානම කෙනා වන්නේ සරස්වතීයි. සෑම කෙනෙක්ම සිටින්නේ එක් එක් පිළිවෙලින්. පරමාත්ම පියා පහදා කියනවා ඔබ මායා සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි. මායා ඔබ ලවා එක් එක් ආකාරයේ වැරදි වැඩ කර ගැනීමට උත්සාහ දරාවි. පරමාත්මයේ ආභාශය ලබා ගත හැකිව තිබියදීත් තමන් එය අහිමි කර ගත් ආකාරය සිහි කරමින් අඬා වැලපීමට සිදුවන ආකාරයේ ක්‍රියා ඔබ ලවා කරවාවි. එවිට ඔබ පුරවැසියන්ගේ දැසි දස්සන් වේවි. පසුව අධ්‍යයනයත් හමාර වී ඔබට මහත් සේ පසුතැවිලි වීමට සිදු වේවි. මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා මුල පටන්ම සියල්ල පහදා දෙන්නේ, එවිට ඔබට අවසානයේදී පසුතැවිලි වීමට සිදු වන්නේ නැහැ. වැඩි වැඩියෙන් පරම පියා සිහි කළ තරමට ඔබගේ පාප සියල්ල ස්මරණ ගින්නෙන් පිළිස්සී යාවි. ඔබ ජීව සතෝප්‍රධාන්ව සිටියා පසුව කහට බැඳෙන්න බැඳෙන්න ඔබ තමෝප්‍රධාන් වුණා. ස්වර්ණමය, රිදී, තඹ හා යකඩ යන නම් තිබෙනවා. ඔබලා දැන් යකඩ කලි යුගයෙන් ස්වර්ණමය යුගයට යාමටයි සිටින්නේ. ඔබ පාරිශුද්ධ වන තෙක් එහි යා නොහැකියි. ස්වර්ණමය යුගයේ පාරිශුද්ධත්වය තිබුණා ඒ වගේම සාමය හා සෞභාග්‍යයත් තිබුණා. මෙහි පාරිශුද්ධත්වයත් නැහැ ඒ නිසාම සාමය හා සෞභාග්‍යයත් නැහැ. දිවා රෑ මෙන් වූ වෙනසක්. එමනිසා, පරම පියා කියනවා ඔබගේ ළමා කාලය අමතක කරන්න එපා. පරම පියා ඔබව දරුකමට අරගෙන සිටිනවා. ඔහු ඔබව ගෙන තිබෙන්නේ බ්‍රහ්මා මාර්ගයෙනුයි. මෙය භාර ගැනීමක්. බිරිඳක් භාර ගන්නවා. නමුත් දරුවන් සාදා ගන්නවා, බිරිඳක් නිර්මාණයක් කියා හඳුන්වන්නේ නැහැ. මෙම පරමාත්ම පියාත් ඔබව දරුකමට ගන්නවා මීට කල්පයකට පෙරදීත් ගත් මගේ ඒ දරුවන්ම තමයි ඔබලා. පරමාත්ම පියාගෙන් උරුමය හිමිවන්නේ එසේ භාරගත් දරුවන්ටයි. ඉහළම ඉහළ පියාගෙන් ඔබට උසස්ම උසස් උරුමයක් හිමි වෙනවා. පළමුව දෙවියන් දෙවනුව ලක්ෂ්මී හා නාරායන්, ඔවුන් ස්වර්ණමය යුගයේ පාලකවරුනුයි. ඔබලා දැන් ස්වර්ණමය යුගයේ පාලකවරුන් වෙනවා. ඔබලා තවමත් පරිපූර්ණ වී නැහැ. තවම ඒ තත්ත්වයට පත්වෙමින් සිටිනවා. කළ හැකි සැබෑම ආධ්‍යාත්මික සේවාව නම්, තමනුත් පාරිශුද්ධත්වයට පත් වී අන් අයවත් පාරිශුද්ධත්වයට පත් කරවීමයි. ඔබලා දැන් ආධ්‍යාත්මික සේවයක් කරනා නිසා ඔබලා ඉතාමත් උසස් අය වී සිටිනවා. ශිව බාබා අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවනා නිසා ඔබත් අන් අයව පාරිශුද්ධ කරවනවා. රාවණ් ඔබගේ බුද්ධිය ඉතාමත් විශාල පරිහාණියකට ඇද දමලා. පරමාත්ම පියා දැන් ඔබලාව නවලෝක පාලකයින් බවට පත් වීමට සුදුසු අය බවට පත් කරවා තිබෙනවා. එවන් පියෙක් ගස් ගල් වල ඉන්නවා කියා කියන්නේ කෙසේද? පරමාත්ම පියා කියනවා මෙම නාටකය කල් තබාම තීරණය වූවක්. මීලඟ කල්පයේ දීත් ඒ දෙයම සිදු වේවි. නාටක සැලැස්මට අනුව මම ඔබට පහදා දීමට පැමිණ සිටිනවා. මෙහි සුළු හෝ වෙනසක් සිදු විය නොහැකියි. පරමාත්ම පියාගේ පැමිණීම එක් තත්පරයකින්වත් ප්‍රමාද විය නොහැකියි. බාබාගේ පුනර්භවය සේම ඔය දරුවන්ගේත් පුනර්භවයක් තිබෙනවා. ඔබලා මෙහි ශරීරගත වී සිටිනවා. ජීව තම භෞතික ස්වරූප වලින් තම චරිත කොටස රඟපෑමට මෙහි පැමිණෙනවා. මෙය හඳුන්වන්නේ ශරීරගත වීමක් ලෙසිනුයි. උඩ ඉහළ සිට ඔබ පහළට පැමිණියේ ඔබගේ චරිත කොටස රඟදැක්වීමටයි. පරමාත්ම පියාගේ උපත දිව්‍යමයි, අසහායයි. පරමාත්ම පියාම කියනවා මට පදාර්ථයේ ආධාරය ගැනීමට සිදු වෙනවා. මම මෙම ශරීරයට ඇතුළු වෙනවා. මෙම ශරීරය තෝරාගෙන ඇත්තේ මා වෙනුවෙනුයි. මෙය ඉතාමත් අපූරු නාටකයක්. මෙම නාටකයේ සෑම කෙනෙකුගේම චරිත කොටස කල්තබාම තීරණය වී හමාරයි. සෑම කෙනෙක්ම රඟදක්වමින් යන්නේ එයයි. මේ ආකාරයෙන්ම ඔබගේ උපත් 21 චරිත කොටස ද ඔබ නැවතත් රඟ දක්වාවි. ඔබට පැහැදිලි දැනුමක් ලැබී තිබෙනවා. නමුත් ඔබ එය තේරුම් ගන්නේ ඔබ දරණා උත්සාහයේ ප්‍රමාණයටයි. බාබා මහාරාතීන්ගේ ගුණ ගයනවා. පාන්දවයින් හා කව්රවයින් අතර යුද්ධයක් පෙන්වා තිබෙනවා ඒ සියලුම කතාන්දර ගෙතූ කතායි. ඔවුන් භෞතිකව ගත් කල දෙයාකාරයකින්ම ප්‍රචණ්ඩකාරී වන අතර ඔබලා දෙයාකාරයකින්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර බව ඔබලා දන්නවා. තම අධිරාජ්‍යය දිනා ගැනීම සඳහා ඔබලා හරිම සරළ ලෙස අසුන් ගෙන සිටිනා ආකාරය දෙස මඳක් බලන්න! පරමාත්ම පියා සිහි කිරීමෙන් ඔබගේ පාප දුරු වේවි කියා ඔබලා දන්නවා. ඔබට ඇති එකම සැලකිල්ල මෙයයි. මුළු උත්සාහයම ස්මරණයයි. මෙන්න මේ නිසා තමයි භාරතයේ පෞරාණික යෝගාව ගැන සඳහන් වන්නේ. පිටරට වල අයටත් භාරතයේ පෞරාණික යෝගාව ඉගෙන ගැනීමට ආශාවක් තිබෙනවා. සන්යාසීන්ට මෙම යෝගාව ඉගැන්විය හැකියි කියා ඔවුන් සිතනවා. ඇත්තටම කියනවා නම් ඔවුන් කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. ඔවුන්ගේ අත්හැරීම අයිති හතයෝගයටයි. ඔබලා අයිති ගෘහවාසී මාවතටයි. ඔබගේ රාජ්‍යය මුලදී පැවතුණා දැන් එය අවසන් වෙලා. දැන් ඇත්තේ මිනිසුන් විසින් මිනිසුන්ව පාලනය කරනා රාජ්‍යයක්. ලෝකය පුරාම පැතිරී ඇත්තේ ඝන අන්ධකාරයක්. අහේතුකව රුධිර ගංඟා ගැලීමට ඇති බව ඔය දරුවන් දන්නවා. ඔවුනුත් එවන් සෙල්ලම් කර පෙන්වනවා. කෙසේවෙතත්, මෙහි මෙය අසීමිතත්ත්වයේ කාරණයක්. රුධිර ගංඟා ගලාවි. ස්වභාවික වියසනත් සිදු වේවි. සෑම කෙනෙක්ම මරණයට ලක් වේවි. හේතුවකින් තොරව වන රුධිර ගැලීම් කියන්නේ මෙයයි. මේ සියල්ල දැකීමට ඔබට ලොකු ධෛර්යයක් අවශ්‍ය වේවි. බියගුළු අය ඉක්මනින්ම සිහි නැතිව ඇද වැටේවි. මෙහිදී ඔබ නිර්භීතව සිටිය යුතුයි. ඔබලා ශිවශක්තීන්ය. සියලු බල ඇත්තා ශිවබාබායි. අපි ඔහුගෙන් ශක්තිය ලබා ගන්නවා. අපිරිසිඳුතාවයෙන් පාරිශුද්ධ වීමේ මඟ ඔබට පෙන්වා දෙන්නේ පරම පියා පමණයි. පරමාත්ම පියා ඔබට ඉතාමත් සරළ අවවාදයක් දෙනවා දරුවනි, ඔබලා සතෝප්‍රධාන්ව සිටියා දැන් තමෝප්‍රධාන් වෙලා. පරමාත්ම පියා දැන් කියනවා මා සිහි කරන්න අපිරිසිඳු ඔබ පාරිශුද්ධ වේවි. ඔබ සතෝප්‍රධාන් වේවි. ඔය ජීවාත්ම සත්තාවන් තම පියා සමඟ යෝගා වූ විට ඔබ තුළ ඇති පාප පිළිස්සී යාවි. පරමාත්ම පියා තමයි බලධරයා. පින්තූර වල විශ්නුගේ නාභියෙන් බ්‍රහ්මා මතුවන ආකාරය පෙන්වා තිබෙනවා. ඔහු ඔහු හරහා සියලූම වේද ග්‍රන්ථ පැහැදිලි කළා කියා ඔවුන් කියනවා. බ්‍රහ්මා විෂ්ණු වන බවත් විෂ්ණු බ්‍රහ්මා වන බවත් ඔබ දැන් දන්නවා. බ්‍රහ්මා හරහා ස්ථාපනය සිදුවන අතර ඒ වගේම ඔහු ඒ ස්ථාපනය පෝෂණය කළ යුතු ද වෙනවා. මේ සෑම කරුණක්ම ඔබලාට ඉතාමත් පැහැදිලිව පහදා දී තිබෙනවා. මෙම ආධ්‍යාත්මික ඥානය තේරුම් ගත් අය මෙය අන් සෑම කෙනෙක්ටම පහදා දෙන්නේ කෙසේද කියා සැලකිලිමත් වෙනවා. සල්ලි තිබෙනවා නම් ඇයි මධ්‍යස්ථානයක් විවෘත කරන්නේ නැත්තේ ? පරමාත්ම පියා කියනවා ගොඩනැඟිල්ලක් කුළියට ගෙන රෝහලකුත් විශ්ව විද්‍යාලයකුත් දමන්න. යෝගාව මඟින් මුක්තියත් ඥානය මඟින් ජීවනමුක්තියත් ලැබෙනවා. ඔබට ද්විත්ව උරුමයක් හිමි වෙනවා. ඔබට අවශ්‍ය වර්ග අඩි තුනක බිම් ප්‍රමාණයක් පමණයි. පරමාත්ම පිය විශ්ව විද්‍යාලයක් ඇරඹීමට වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. විශ්ව විද්‍යාලය කිව්වත් යුනිවර්සිටි කිව්වත් දෙකම එකයි. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරුන් වීමේ විශ්ව විද්‍යාලයක් තමයි මෙය. මිනිස්සු අහනවා ඔබ වියදම් දරන්නේ කෙසේද කියලා. බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන්ගේ පියාට මෙතරම් දරු කැළක් සිටිනවා. ඔබ අපෙන් එවන් ප්‍රශ්නයක් අහනවා ද ? බලන්න පුවරුවේ සඳහන් කර ඇත්තේ කුමක්ද කියා. මෙම ඥානය හරිම අපූරුයි. පරමාත්ම පියාත් අපූරුයි. ඔබලා ලෝක පාලකවරුන් වන්නේ කෙසේද? ඔබ ශිව බාබාට ශ්‍රී ශ්‍රී කියා කියනවා. ඔහු තමයි ඉහළම ඉහළ. ලක්ෂ්මී හා නාරායන් ශ්‍රී ලක්ෂ්මී හා ශ්‍රී නාරායන් කියා හඳුන්වනවා. මේ කරුණු සියල්ලම ඔබ හොඳින් ග්‍රහණය කර ගත යුතුයි. පරම පියා කියනවා මම ඔබට රාජයෝගාව උගන්වනවා. මෙය අමරණීයත්වයේ සැබෑ කතාවයි. අමරණීයත්වයේ කතාව එක පාර්වතීට පමණක් කියූ දෙයක් වන්න බැහැ. බොහෝ පිරිසක් අමරනාථයට පැමිණෙනවා. ඔය දරුවන් නැවුම් වීමට පරම පියා ලඟට පැමිණෙනවා. තමන් නැවුම් වුණු අනතුරුව ඔබ අන් අයටත් කරුණු කාරණා කියා දී ඔවුන්වත් අළුත් කරවා මධ්‍යස්ථාන ඉදි කරනවා. පරමාත්ම පියා කියනවා වර්ග අඩි තුනක බිම් ප්‍රමාණයක් ගෙන රෝහලකුත් විශ්ව විද්‍යාලයකුත් විවෘත කර බොහෝ දෙනෙකුට ඉන් යහපත සලසන්න. එහි කිසිම වියදමක් දැරීමට නැහැ. එක් තත්පරයකින් ඔබට නිරෝගී සම්පත, ධන සම්පත, සතුට සියල්ල ලැබෙනවා. ඔය දරුවන් ඉපදී උරුමක්කරුවන් වෙනවා. ඔබ හුදු ශ්‍රද්ධාවෙන්ම ලෝක පාලකවරුන් බවට පත් වෙනවා. කෙසේවෙතත්, ඒ සියල්ල රඳා පවතින්නේ ඔබ දරණා උත්සාහය මතයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අවසානයේදී ගලනා අහේතුක ලේ ගංගාවල් බැලීමට නම්, ඔය ශිවශක්තීන් ඉතාමත් නිර්භීත විය යුතුයි. සියලු බල ඇති කෙනාව සිහි කිරීමෙන් ඔබට ඔහුගෙන් සෑම බලයක්ම ලබා ගත හැකි වේ.

2. පාරිශුද්ධත්වයට පත් වී අන් අයවත් පාරිශුද්ධ කරවීමේ සැබෑ ආධ්‍යාත්මික සේවය කරන්න. දෙවිදියෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර වන්න. අන්ධයින්ට සැරයටියක් වී සෑම කෙනෙකුටම නිවහන කරා යාමේ මඟ පෙන්වන්න.

වරදානය:
ඔබ "මම" හෝ "මගේ" යන ඕනෑම අවධානයක් අවසන් කිරීමෙන් සැබෑ අත්හරින්නෙකු වී සමාන බව සහ පරිසමාප්තිය අත්විඳිත්වා.

සෑම තත්පරයකදීම සහ සෑම සිතිවිල්ලකම, "බාබා, බාබා" සිහි කරන්න. "මම" පිළිබඳ ඕනෑම අවධානයක් අවසන් කරන්න. "මම" නොමැති විට එහි "මගේ" නොතිබේ. "මගේ ස්වභාවය, මගේ සංස්කාර, මගේ ස්වරූපය, මගේ වැඩ හෝ රාජකාරිය, මගේ නම, මගේ ගෞරවය": "මම" සහ "මගේ" යන සියලු අවධානයන් අවසන් වූ විට, එහි එවිට සමාන බව සහ පරිසමාප්තිය ඇත. “මම” සහ “මගේ” අත්හැරීම ශ්‍රේෂ්ඨතම සහ සූක්ෂම අත්හැරීමයි. ඔබ මෙම “මම” යන අවධානයේ අශ්වයා අශ්ව මේඝ යාග ගින්නට පූජා කළ විට පමණක් අවසාන පූජාව පුදනු ලැබුවා වේ, එවිට, ජයග්‍රහණයේ බෙර වාදනය වනු ඇත.

පාඨය:
“හා ජී” (ඇත්තෙන්ම ඔව්) කියා සහයෝගයේ හස්තය දිගු කිරීම යනු ආශිර්වාද මල්දමක් පැළඳීමයි.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

ඔබගේ මනසින් සකාෂ් දීමට හැකි වන්නේ, ඔබ ස්ථාවරත්වයේ ස්ථිතියක නිරන්තරයෙන් ස්ථාවරව රැදී සිටීම, පුහුණු කළ විටයි. මේ සදහා පළමුව, නිෂ්ඵල සිතිවිලි, පිවිතුරු සිතිවිලි බවට පරිවර්ථනය කරන්න. ඉන්පසුව පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ පදනමින්, මායාගෙන් පැමිණෙන සියලු විවිධ අන්දමේ බාධක අවසන් කරන්න. ඒකායන පියාට හැර වෙනත් කිසිවෙකුට අයිති නොවීමේ පාඩම ඉගෙන ගැනීමෙන්, ඔබගේ ඒකාග්‍රතාවයේ බලය වැඩි කරගන්න.