27.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ මුහුණු දැන් හැර වී තිබෙන්නේ දිව්‍යලෝකය පැත්තටයි. අපායේ වෙරළින් එහාට
පා තබනා ඔබලා දැන් දිව්‍යලෝකය වෙත ගමන් අරඹා ඇත. එමනිසා, ඔබගේ බුද්ධියේ යෝගාව
අපායෙන් ඉවත් කර ගන්න.
ප්‍රශ්නය:
ඉතාමත් ඉහළම
හා සියුම්ම වූ ගමනාන්තය කුමක්ද? ඒ වෙතට ළඟා විය හැක්කේ කාටද?
පිළිතුර:
ඔය දරුවන් තමන්ගේ මුහුණු දිව්‍යලෝකය දෙසට හරවා ගත් නමුත් මායා ඔබගේ මුහුණු අපාය
දෙසට හරවනවා: ඇය බොහෝ කුණාටු ගෙන එනවා. ඒ සියලුම කුණාටු ඔබ ජය ගත යුතුයි: මෙය ඔබගේ
සියුම් වූ ගමනාන්තයයි. තම ගමනාන්තය කරා ළඟා වීමට නම් ඔබ සියලුම බැඳීම් දමනය කළ
අයෙක් බවට පත් විය යුතුයි. ඔබ තුළ ඇති විශ්වාසයත් ධෛර්යයත් මත ඔබට මෙය ජය ගත හැකි
වේ. පාපයේ ගැලෙනා මිනිසුන් අතර ජීවත් වන ගමන් ඔබගේ උත්සාහය පාපයෙන් තොර හංසයෙක් බවට
පත් වීමටයි.
ගීතය:
දුබලයා හා
බලවතාගේ සටනයි මේ; පහන් දැල්ලෙත් කුණාටුවේත් කතාවයි මේ.
ඕම් ශාන්ති.
ඥානවන්ත දරුවන් මෙම ගීතයේ අර්ථය ඉතාමත් හොඳින් තේරුම් ගනීවි. කුණාටු පැමිණෙන්නේ
සාමයේ හා සතුටේ දේශයන් වෙතට තම මුහුණු හරවා ගෙන සිටිනා අයට පමණයි. පරමාත්ම පියා
දැන් ඔබගේ මුහුණු දිව්‍ය ලෝකය වෙතට හරවනවා. අඥාන මාර්ගයේ දීත් ඔබගේ මුහුණු පැරණි
නිවසින් ඔබ්බට යොමුවී තිබුණු අතර නව ලෝකය සිහි කරමින් ඔබ සිටියා: එය සූදානම් වන්නේ
කවදාදැයි කියා ඔබ මඟ බලා ගෙන සිටියා. දිව්‍ය ලෝකය ස්ථාපනය වී එම සතුටේ දේශයට තමාට
යා හැක්කේ කවදාදැයි කියා ඔය දරුවන් දන්නවා. සෑම කෙනෙක්ම මෙම දුක්ඛිත ලෝකය අතහැර
යාමටයි සිටිනේනේ මුළු ලෝකයේම සිටිනා සියලුම මිනිසුන්ටයි පරමාත්ම පියා පහදා කියන්නේ:
දරුවනි, දෙව්ලොව දොරටු දැන් විවර වෙමිනුයි ඇත්තේ. ඔබගේ බුද්ධියේ යෝගාව දැන් දිව්‍ය
ලෝකය වෙත යොමුවී තිබෙනවා. දිව්‍ය ලෝකයට යන්නන් පාරිශුද්ධ අය ලෙස හදුන්වන අතර අපායේ
සිටින්නන් අපිරිසිදු අය ලෙස හැඳින්වෙනවා. තම පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන අතර
ඔබගේ බුද්ධියේ යෝගාව දෙව්ලොව වෙත යොමු වී තිබිය යුතුයි. උදාහරණයක් ලෙස දැක්වුවහොත්,
එකම පවුලක පියා දෙව්ලොවත් සමඟ සම්බන්ධව සිටිනා අතරතුර දරුවා අපායේ යෝගාවේ සිටිනවා
නම් ඔවුන්ට එකම නිවහනක ජීවත් විය හැකිද? හංසයින්ටත් පාත්තයින්ටත් එකට ජීවත් විය
නොහැකියි. එය ඉතාමත් අපහසුයි. දුර්ගුණ පහත් සමඟ යෝග වී සිටින්නන් අපායට යැවෙන අතර
ඔබලා දෙව්ලොවට යාවි. දෙගොල්ලන්ටම එකට ජීවත් විය නොහැකියි. ගමනාන්තය ඉතාමත් ඉහළයි.
තම දරුවන් අපාය වෙත මුහුණ දා ගෙන. අපායටම යාම නතර කර ගත නොහැකිව සිටිනා පියෙක්
මොනවා කරන්න ද? අනිවාර්යෙන්ම එම නිවසේ රණ්ඩු සරුවල් ඇති වේවි. දරුවන් අසාවි: විවාහ
වෙන්නත් බැහැයි කියන මෙම දැනුම මොන දැනුමක්ද? නිවෙස්වල වාසය කරනා අය අතර මෙවන් අය
රාශියක් සිටිනවා. නමුත් ඔවුන්ගේ දරුවන්ගේ මුහුණු හැරවී ඇත්තේ අපායටමයි. අපායත් සමඟ
සම්බන්ධ වෙන්න එපායි කියා ඒ දරුවන්ගේ පියා කොතෙක් කීවත් ඔවුන්ට ඕනෑ කරන්නේ අපායටම
යාමයි. ඔවුන් තම පියාට ඇහුම් කන් දෙන්නේ නැහැ. එවිට ඔහු මොනවා කරන්නද? ඔබ බැඳීම්
දමනය කළ අයෙකුගේ ස්ථිතියක සිටිය යුතුයි. මේ සම්පූර්ණ දැනුම ඔය ජීව තුළ තිබෙනවා.
ජීවයේ පියා කියනවා: මම ඔහුව හැදුවා. නමුත් ඔහු මට ඇහුම් කන් දෙන්නේ නැහැ.
බ්‍රහමිණ්වරුන් වෙලත් ඇතැම් අයගේ සිහිය ඇදෙන්නේ අපායටමයි: ඔවුන් අපායේ අන්තයටම
යනවා. මෙය ඥාන සාගරයේ රාජ සභාව බව ඔය දරුවන්ට පහදා දී තිබෙනවා. භක්ති මාර්ගයේදීත්
ඉන්ද්‍රාගේ සභාව ගැන සඳහන් කර තිබෙනවා. පුෂ්පරාග, ඉන්ද්‍රනීල, පද්මරාග වැනි නම්
රැසක් දී තිබෙනවා: ඔවුන් ඥාන නර්තනය නර්තනය කරනවා. නොයෙකුත් වර්ගයේ සුරංගනාවියන්
සිටිනවා. ඔවුන් පාරිශුද්ධව සිටිය යුතුයි. අපිරිසිදු කෙනෙක්ව මෙහි ගෙන එන ඕනෑම
කෙනෙක් දඩුවමට ලක් වෙනවා. ඔබ ඉතාමත් පාරිශුද්ධ ව සිටිය යුතුයි. මෙහි ගමනාන්තය
ඉතාමත් ඉහළයි. මෙන්න මේ නිසා තමයි ගස ඉක්මනින් වැඩෙන්නේ නැත්තේ. පරමාත්ම පියා
විසින් දෙන දැනුම කිසිම කෙනෙක් දන්නේ නැහැ. මෙම ඥානය ග්‍රන්ථ වල සඳහන් වී නැහැ.
ඔවුන් තුළ ඇති සුළු විශ්වාසය නිසා ඔවුන්ව වට්ටන්න මායාට එක පහරක් හෙමින් දෙන්න
විතරයි තියෙන්නේ. කුණාටුත් ඇති වෙනවා. කුඩා පහන් දැල්ලක් එක් සුළං පහරකින් නිවී
යනවා. අනිත් අය පාපයේ ගැලෙනවා දකිනා ඔවුනුත් ඇද වැටෙනවා. මේ කරුණු සියල්ල තේරුම්
ගැනීමට නම් ඔබ ඉතාමත් ඥානවන්ත විය යුතුයි. අහිංසකයින් හෙළා දකිනවා කියා කියනවා.
පරමාත්ම පියා පහදා කියන්නේ: දරුවනි, කාම රාගය ඔබගේ ලොකුම සතුරායි. එමනිසා, ඔබ එය
පිළිකුල් කළ යුතුයි. බාබා ඔබව දිරිමත් කරවන්නේ ඒ කෙරෙහි අතිශය වූ පිළිකුලක් ඇති
කරවීමටයි. ඒ දවස් වල මෙහෙම තිබුණේ නැහැ. දැනුයි අපාය. ද්‍රවුපතිගේ ආයාචනය අදාල
වන්නේ අදටයි. මෙතරම් පැහැදිලිව පහදා දීලත් ඔබගේ සිහියේ මෙය රැඳෙන්නේ නැහැ. කල්ප
චක්‍රය පෙන්වන මෙම පින්තූරය ඉතාමත් හොඳයි: දෙව්ලොවට දෙරටුව. එම පින්තූරයෙන්
මිනිසුන්ට ඉතාමත් පැහැදිලිව සියල්ල තේරුම් ගත හැකියි. චක්‍ර යෙන් තරම් ඉහළ පහළ යාම
පෙන්වන පින්තූරයෙන් එතරම් දෙයක් තේරුම් ගන්න බැහැ. දවසින් දවස ඔබට නිවැරදි කිරීම්
ලැබෙනවා. පරමාත්ම පියා කියනවා: අද මම ඔබට අළුත්ම අළුත් උපදෙස් දෙනවා. සෑම උප
දේශයක්ම එකම වර මුලින් ලබන්න බැහැ. දැන් ලෝකය කොයි වගේද කියා මදක් බලන්න. ඒ තුල
ඇත්තේ මහත් වූ දුකක්. දරුවන් කෙරෙහි ඔවුන් තුළ මහා බැඳීමක්. දරුවෙක් මිය ගිය හොත්
ඔවුන් මානසික රෝගීන් වෙනවා. සීමාවක් නැති දුකක්. සල්ලි තිබුණයි කියා සතුටින් ඉන්නවා
කියා දෙයක් නැහැ. ලෙඩ රෝග ගණනාවක් රෝහල් වල නිකම්ම නතර වී සිටිනවා. දුප්පතුන්
සාමාන්‍ය වාට්ටු වල සිටිනා අතර ධනවතුන්ට විශේෂ වාට්ටු තිබෙනවා. කෙසේවෙතත්, දුක
දුකමයි. මුදල් ඇති අය ටිකක් හොඳ කාමරයක් හා හොඳ සත්කාර වැඩියෙන් ලැබීම පමණයි වෙනස.
පරමාත්ම පියා දැන් ඔබට උගන්වනා බව ඔය දරුවන් දන්නවා. මීට පෙරත් වාර ගණනාවකදී
පරමාත්ම පියා ඔබට ඉගැන්වූවා. ඔබගේම හදවතින් අසා බලන්න: මම ඉගෙන ගන්නවා ද නැද්ද? මම
තවත් කීදෙනෙකුට උගන්වනවාද? අන් අයට ඉගැන්වූයේ නැතිනම් ඔබට ලද හැකි තත්ත්වය කුමක්ද?
සෑම රාත්‍රියකදීම තම වාර්තා සටහන පරීක්ෂා කර බලා තමාගෙන්ම අසා දැන ගන්න: මම අද කාට
හෝ දුකක් දුන්නාද? ශ්‍රීමත් කියනවා: කිසිම කෙනෙකුට දුකක් දෙන්න එපා. සියලු දෙනාටම
මඟ පෙන්වන්න. අපේ වංශයට අයිති අය ඉක්මනින්ම මෙම ඥානය ග්‍රහණය කර ගනීවි. මෙම අමෘතය
රඳවා ගන්න නම් රන් බදුනක් අවශ්‍යමයි. සිංහ ධේනුවකගේ කිරි රඳවා ගත හැක්කේ රන් බදුනකම
පමණක් කියා කියනවා. ඒ ඇය දෙන කිරි පෝෂ්‍ය ගුණයෙන් ඉතාමත් ඉහළ නිසායි. සිංහ
ධේනුවකටත් තම පැටවුන් කෙරෙහි ඇත්තේ මහා බැඳීමක්. කවුරු හෝ කෙනෙක් ලඟට එනවා
දුටුවහොත් තම පැටවුන්ට හානියක් කරයි යන බියෙන් ඇය සැනකින්ම කඩා පනිනවා. මෙහි සිටිනා
අය අතරිනුත් තම සැමියත් හා දරුවන් කෙරෙහි මහා බැඳීමකින් සිටිනා අය සිටිනවා. දෙව්ලොව
දොරටු දැන් විවර වෙමින් පවතින බව ඔය දරුවන් දන්නවා. ක්‍රිෂ්ණාගේ පින්තූරයේ මෙය
ඉතාමත් පැහැදිලිව සටහන් කර තිබෙනවා: මෙම යුද්ධයෙන් පසු දෙව්ලොව දොරටු විවර වේවි.
එහි ඇත්තේ ඉතාමත් සුළු ජනගහනයක්. අන් සෑම කෙනෙක්ම මුක්ති දේශයටවී සිටිවි. දැඩි
දඬුවම් විඳීමට සිදු වේවි. සෑම උපතකදීම තමන් විසින් කරන ලද පාපකාරී ක්‍රියා පිළිබඳ
දර්ශනයක් දැක ඔවුන්ට ඒ වෙනුවෙන් දඬුවම් විදීමට සිදු වේවි. ඉන්පසුව ඔවුන් ලබන්නේ
පැන්සයක් තරම්වත් නොවටිනා තත්ත්වයකුයි. ස්මරණයේ නොසිටින නිසා ඔවුන්ගේ පාප දුරු
වන්නේ නැහැ. මුරලියට ඇහුම් කන් දීම අතපසු කරන දරුවන් පවා බොහෝ පිරිසක් සිටිනවා.
බොහෝ දරුවන් මේ සම්බන්ධයෙන් හරිම නොසැලකිලිමත්. ඔවුන් හිතනවා: ඒක හැදෑරුවේ නැහැයි
කියලා මොනවා වෙන්නද? මම දැනටමත් සියල්ල ලබා ගෙනයි සිටින්නේ. ඔවුන් මුරලිය
සැලකිල්ලකට ගන්නේ නැහැ. මේ ආකාරයෙන් ශාරීරික අවධානයට ලක්ව සිටිනා අය රාශියක්
සිටිනවා. ඔවුන් තමන්ටම හානි කර ගන්නවා. බාබා මේ ගැන දන්නවා. එමනිසා, ඔබ මෙහි පැමිණි
විට. ඔබ මුරලි කීයකට ඇහුම් කන් දුන්නේ නැතිදැයි කියා ඔහු අහනවා. ඉතාමත් හොඳ කරුණු
එහි තිබුණා නම් ඔබ ඒවා දැන ගන්නේ කෙසේද?සෑම දිනකම එවන් කරුණු රැසක් එලිදරව් වෙනවා.
මධ්‍යස්ථාන වලට යන එවන් දරුවන් රාශියක් සිටිනවා. ඔවුන්ට දැනුමත් නැහැ ධාරණය කර
ගැනීමකුත් නැහැ. ශ්‍රීමත් පිළිපැද්දේ නැතිනම් තත්ත්වයක් ලබන්නේ කෙසේද? සැබෑම වූ පරම
පියාවත් පරම ගුරුවරයාවත් අපහාසයට ලක් කිරීමෙන් ඔබට කවදාවත් තත්ත්වයක් දිනා ගත හැකි
වන්නේ නැහැ. සෑම කෙනෙක්ම රජ කෙනෙක් වන්නේ නැහැ: පුරවැසියන් නිර්මාණය විය යුතුයි.
සියල්ල රඳා පවතින්නේ ස්මරනය මතයි. මුළු ලෝකයේම රාජ්‍යය දිනා දෙන එවන් පියෙක්ව සිහි
කරන්න බැරිද? වාසනාවේ නැතිනම් ඔබ ඉතින් මොනවා කරන්නද? පරම පියා කියන්නේ: ඔබගේ පාප
දුරු කළ හැක්කේ ස්මරණ වන්දනාවෙන් පමණයි. එමනිසා ඔබ උත්සාහ දැරිය යුතුයි. කන්න බොන්න
එපා කියා බාබා කියන්නේ නැහැ. මෙය හතායෝගාවක් නොවෙයි. යන එන අතර, සියලු වැඩපල කරනා
අතර ආදරවන්තියක් තම ආදරවන්තයාව සිහි කරන්නාක් සේ බාබාව සිහි කරන්න. ඔවුන් ඔවුන්ගේ
නමට රූපයට ආදරය කරනවා. ලක්ෂ්මි හා නාරායන් ලෝක පාලකවරුන් වූයේ කෙසේදැයි කියා කිසිම
කෙනෙක් දන්නේ නැහැ. ඔවුන්ගේ පාලනය තිබුණේ මේ ඊයේ පෙරේදා කාලෙක. නමුත් මිනිස්සු වසර
සිය දහස් ගණනක කතාවක් කියනවා. මායා මිනිසුන්ගේ බුද්ධිය සම්පූර්ණයෙන්ම ගල් කරවලා.
ගල් බුද්ධියක් ඇතිව සිටි ඔබලා දැන් දිව්‍යමය බුද්ධියක් ඇති අය වෙලා. දිවයත්වයේ
දෙවඟනට දේවාලයක් තිබෙනවා. කෙසේවෙතත්, ඒ කවුදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ.
මිනිස්සු සිටින්නේ ඝන අන්ධකාරයේ. පරමාත්ම පියා දැන් ඔබට ඉතාමත් හොඳ දේවල් කියා
දෙනවා. පසුව එය ඔබ එකිනෙකාගේ බුද්ධියේ තරමටයි. උගන්වන්නේ එකම එක කෙනෙක් නමුත් ඉගෙන
ගැනීමට පැමිණෙන අය රාශියක් සිටිනවා. සෑම විදියකම - දෙව්ලොවට දොරටුව - කියා ලියැවුණු
පුවරු ඇති පාසැල් බිහි වේවි. තමන් සිටින්නේ අපායේයි යන්න එකම එක කෙනෙකුටවත්
තේරෙන්නේ නැහැ. පරම පියා කියනවා: ඒ සෑම කෙනෙක්ම වන්දනා කරන්නන්. වන්දනීය අය සිටිය
හැක්කේ ස්වර්ණමය යුගයේ පමණයි නමුත් වන්දනා කරුවන් සිටින්නේ කලි යුගයේයි. පරමාත්ම
දෙවියන් වන්දනීය කෙනෙක් වුණත් පසුව වන්දනා කරන්නෙක් වෙනවා කියා මිනිස්සු විශ්වාස
කරනවා. ඔබමය දෙවිඳුන්. මේ ඔබගේම දේව ක්‍රියායි. ඔබත් දෙවියන්. අපිත් දෙවියන් කියා
මිනිස්සු මතුරනවා. ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේ රාවණ රාජ්‍යයයි. ඔබ සිටියේ
කෙසේද දැන් වෙන්නේ කුමක්ද? ඔය දරුවන් තුළ මහා කුල්මත් බවක් තිබිය යුතුයි. පරමාත්ම
පියා කියනවා: මා සිහිකරන්න. ඔබ පාරිශුද්ධ පින්වත් ජීවාත්ම සන්තාවක් බවට පත් වේවි.
පරමාත්ම පියා ඔය දරුවන්ට දැන් පාරිශුද්ධ පින්වත් ජීවයක් බවට පත් වීමේ මඟ පෙන්වා
දෙනවා. ඔහු කියනවා: දරුවනි, දැන් මේ පැරණි ලෝකයේ අවසානයයි. මම දැන් කෙළින්ම ඔබ ලඟට
පැමිණ සිටිනවා. ඔබ දැන් අවසන් දානය දිය යුතුයි. එමනිසා, සියල්ල භාර කරන්න. බාබා මේ
සියල්ල ඔබගේයි කියා කියන්න. පරමාත්ම පියා ඔබට දානය සඳහා දිරිමත් කරවන්නේ ඉන් ඔබගේ
අනාගතය නිර්මාණය කර ගත හැකි නිසායි. මිනිස්සු දෙවියන්ගේ නාමයෙන් දන් දී පින් දහම්
කරනවා. කෙසේවෙතත් එය චක්‍රව සිදු වන්නක්. එහි ඵලය ඔවුන් ඊලඟ උපතේදී ලබනවා. එයත්
නාටකයේ නියමිතව ඇත්තක්. මම දැන් කෙලින්ම මෙහි පැමිණ සිටිනවා. ඔබ කුමක් කළත් ඒ කරනා
දෙයෙහි ඵල සිය දහස් ගුණයකින් වැඩි වී ඔබට ආපසු ලැබේවි. දාන මාන දී පින් දහම්
කිරීමක් ගැන ස්වර්ණමය යුගයේදී සඳහනක් නැහැ. මෙහි සිටිනා කාට හෝ හොදින් මුදල්
තිබෙනවා නම් බාබා කියනවා: හා හොඳයි. ගිහින් මධ්‍යස්ථානයක් විවෘත කරන්න.
ප්‍රදර්ශනයක් සාදන්න. මුදල් නොමැති කෙනෙක්ට නම් බාබා කියනවා: ‘දෙව්ලොවට දොරටුව‘
කියා පුවරුවක් ඔබගේ නිවස ඉදිරිපිට සවි කිරීම පමණයි ඔබට කරන්න තිබෙන්නේ. දෙව්ලොව හා
අපාය. දැනට ඔබලා අපායවාසීන්. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. කෙනෙක් දෙව්ලොවට
ගිහින් නම්. ඇයි ඔවුන් ඔහුට ආයිත් මෙහාට කැඳවන්නේ? දිව්‍යලෝකයේ සිටිනා කිසිම කෙනෙක්
අහවල් අහවල් කෙනා ස්වර්ගස්ත වුණා කියා කියන්නේ නැහැනේ. ඔහු කොහොමත් ඉන්නේ ස්වර්ගයේ.
ඉතින් එසේ නම් ඔහු නැවත උපත ලබන්නේත් එහිමයි. මෙහි සිටිනා සෑම කෙනෙක්ම නැවත
ඉපදෙන්නේ අපායේමයි. මේ දේවල් පහදා දිය හැක්කේ ඔබටම පමණයි. පරමාත්ම දෙවියන් කියනවා:
නිරතුරුවම මා පමණක්ම සිහි කරන්න. ඔහු පාරිශුද්ධකරුයි. ඔහු කියනවා: මා සිහිකරන්න ඔබ
වන්දනා කරන තත්ත්වයෙන් වන්දනීය වේවි. දිව්‍ය ලෝකයේ සිටිනා සෑම කෙනෙක්ම සතුටින්
සිටියා වුවත් එකිනෙකා සිටින්නේ විවිධ මට්ටම් වලයි. ගමනාන්තය ඉතාමත් ඉහළයි. සේවය
කිරීමටත් තමන් භාරතය දිව්‍ය ලෝකයක් බවට පත් කරවනවාය කියා පැහැදිලි කර කීමටත් ඔය
කුමාරීන් තුල ලොකු උද්යෝගයක් තිබිය යුතුයි. කුමාරි කෙනෙක් පරම්පරා 21 ක් ගොඩගන්නන්.
ඉන් අදහස් වන්නේ උපත් 21 කට අන් අයව ඉහළ නැංවීමට ඇයට හැකියාව තිබෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙම පැරණි
ලෝකය දැන් අවසන් වීමටයි ඇත්තේ. පරමාත්ම පියා කෙළින්ම මෙහි පැමිණ ඇත. එමනිසා.
මුළුමනින්ම තමාව භාර කරවා: බාබා, මේ සියල්ල ඔබගේයි කියා කියන්න. මෙම ක්‍රමය අනුගමනය
කිරීමෙන් ඔබ පාරිශුද්ධ පුණ්‍යවන්ත ජීවාත්මයක් බවට පත් වේ.
2. කිසිම විටෙක
මුරලියක් අතපසු නොකරන්න. මුරලියකට ඇහුම් කන් දීම සම්බන්ධයෙන් නොසැලිකිලිමත් නොවන්න.
මුරලියක් හැදෑරුවේ නැහැයි කියා මොනවා වෙන්න ද, මට දැනටමත් සියල්ල ලැබිලානේ තිබෙන්නේ
කියා සිතන්න එපා. ඒ ශාරීරික අවධානයයි. අනිවාර්යෙන් මුරලිය හදාරන්න.
වරදානය:
තමන්ව හැඩගසා
ගැනීමෙන්, ඔබ සැබෑ රත්තරන් වන ස්ව-පරිවර්ථකයෙක් වී, සෑම කාර්යයකින්ම සාර්ථක වේවා.
සෑම අවස්ථාවකදීම
තමන්ව පරිවර්ථනය කිරීමෙන්, ස්ව-පරිවර්ථකයන් වන අය, නිරන්තරයෙන් සාර්ථක වෙයි, මේ
නිසයි තමන්ව පරිවර්ථනය කරගැනීමේ අරමුණ ඔබට තිබිය යුත්තේ.අන් අය වෙනස් වන විට ඔබ
වෙනස් වනවා, නොවෙයි; අන් අය වෙනස් වුණත් නැතත්, ඔබ වෙනස් විය යුතුයි. ඔබ අර්ජුන විය
යුතුයි. තමන්ව පරිවර්ථනය කරගැනීමේදි ඔබ සෑම විටම පළමුවැන්නා විය යුතුයි. මෙයින්
ප්‍රථමයා වන අය අංක එක හිමි කරගනී, මන්ද, සැබෑ රත්තරං වන්නේ තමන්ව හැඩගසා ගන්නා අය
පමණයි. වටිනාකමක් තිබෙන්නේ සැබෑ රත්තරං වලට පමණයි.
පාඨය:
ඔබගේ ශ්‍රේෂ්ඨ
ජීවිතය ප්‍රායෝගිකව පෙන්වීමෙන්, පරම පියාව හෙළිදරව් කරන්න.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
පරම පියාට සමාන වීමට
සහ පියා සමීපයට පැමිණීමට ඔබගේ විශාලතම සතුරා වන රාගය ස්වරූපයෙන් අපවිත්‍රතාවයට ඔබගේ
සිහිනෙන් වත් ඔබට පහර දීමට ඉඩ නොදිය යුතුයි. ඔබට පහසුවෙන් සහ නිරන්තරයෙන්
ස්වාභාවිකවම සහෝදරත්වයේ දැක්ම තිබිය යුතුයි. ජීවාත්මය වන ඔබගේ ආදිතම ස්ථිතියෙන්
පහළට, එනම්, සියලු ගුණධර්ම සහ බලයන්ගේ ප්‍රතිරුවක් විමෙන් පහතට නොඑන්න.