27.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ශරීරයෙන් වෙන් වී පියා වෙතට යා යුතුයි. ඔබ ඔබගේ සිරුර ඔබත් සමඟ රැගෙන යන්නේ නැත. එබැවින් ශරිරය අමතක කර, ජීවාත්මය දෙස බලන්න.

ප්‍රශ්නය:
යෝගා බලයෙන් ඔබගේ ආයුෂ වැඩි කර ගැනීමට ඔය දරුවන් උත්සාහ දරන්නේ ඇයි?

පිළිතුර:
මන්ද, ඔබගේ හදවතේ ඇති ආශාව වන්නේ, මෙම උපතේදී පියාගෙන් සියලුම දේ ඉගෙන ගැනීමටයි. ඔබට පියාගෙන් සෑම දෙයක්ම ඇසීමට උවමනා නිසා, ඔබ ඔබගේ ආයුෂ යෝගා බලයෙන් වැඩි කර ගැනීමට උත්සාහ දරයි. ඔබට පියාගෙන් සෙනෙහස ලැබෙන්නේ දැන් පමණයි. ඔබට මෙවන් සෙනෙහසක් මුළු චක්‍රයේදී අන් කිසි විටෙක ලැබිය නොහැක. තම ශරීර අත්හැර පිටව ගිය අය ගැන ඔබ කියන්නේ, එය නාටකයට අනුව සිදු වූ බවයි, ඔවුන්ගේ චරිත කොටස එපමණක් බවයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් උපතින් උපතට වෙනත් ආධ්‍යාත්මික හමුවීමි වලට යමින් සිටි අතර, මෙහිද පැමිණ ඇත. ඇත්ත වශයෙන්ම මෙයටද ආධ්‍යාත්මික හමුවක් යැයි කියයි (සත්සංග්). සත්‍යයේ සමාගම ඔබව එගොඩට රැගෙන යයි. පෙර කළ, අපි භක්ති මාර්ගයේද, ආධ්‍යාත්මික හමුවීම් වලට ගිය බවත්, අප දැන් මෙහි අසුන් ගෙන සිටින අතර, එය දිවා රාත්‍රිය මෙන් වෙනස් බව ඔය දරුවන්ගේ හදවත් වලට ඇතුලු වෙයි. මෙහිදී පළමුවෙන්ම ඔබට පියාගේ සෙනෙහස ලැබෙන අතර, පියාට ඔය දරුවන්ගේ සෙනෙහස ලැබෙයි. දැන්, මෙම උපතේදී, ඔබ පරිවර්ථනය වෙනවා. ඔබ ජීව බවත්, ශරීර නොවන බවත් ඔය දරුවන්ට දැන් වැටහෙනවා. ‘මෙය මගේ ජීවයයි‘ කියා ශරීරය කියන්නේ නැත. ‘මෙය මගේ ශරීරයයි‘ කියා ජීවයට කිව හැක. ඔය දරුවන් උපතින් උපතට, මහාත්මයන්, පැවිද්දන් සහ තාපසයන් වෙත ගිය බව ඔබට වැටහෙනවා. මේ දිනවල ‘සායි බාබා‘, ‘මේහාර් බාබා‘ වැනි විවිධ බාබාවරුන් ගේ මෝසතරයක් තිබේ. ඒ සෑම කෙනෙක්ම භෞතිකය. භෞතික සෙනෙහස තුළින් කිසි සතුටක් තිබිය නොහැක. ඔය දරුවන්ට ඇති සෙනෙහස ආධ්‍යාත්මික සෙනෙහසයි. එය දහවල සහ රැය මෙන් වෙනසකි. මෙහිදී ඔබට වැටහීම ලැබෙන අතර, එහිදී ඔබ සම්පූර්ණයෙන්ම නුවණ නොමැත්තන්ය. බාබා පැමිණ ඔබට උගන්වන බව ඔබට දැන් වැටහෙනවා. ඔහු සෑම කෙනෙකුගේම පියාය. ගැහැණු, පිරිමි ඔබ සෑම කෙනෙක්ම, තමන් ජීව බව සළකයි. බාබා ඔබව අමතන්නේ ඕ දරුවනි! කියාය. දරුවන් ද ප්‍රතිචාර දක්වයි. මෙය පියා සහ දරුවන් අතර හමුවයි. පියා සහ දරුවන්, ජීව සහ උත්තරීතර ජීවය, අතර මෙම හමුවීම, සිදුවන්නේ එක් වරක් පමණක් බව ඔය දරුවන් දන්නවා. දරුවන් නොකඩවාම ‘බාබා, බාබා‘ යැයි කියයි. ‘බාබා‘ යන වචනය ඉතාමත්ම මිහිරිය. ‘බාබා‘ යැයි කීමෙන් ඔබට ඔබගේ උරුමය සිහි වෙයි. ඔබ දැන් කුඩා නැත. ඔවුන්ගේ පියා කවුරුන්ද කියා, දරුවන් විගසින් වටහා ගන්නවා. ඔවුන්ගේ පියාගෙන් ඔවුන්ට කුමන උරුමයක් ලැබෙයිද කියාත් ඔවුන්ට වැටහෙනවා. කුඩා දරුවන්ට එය නොවැටහෙයි. මෙහිදී ඔබ බාබා වෙතට පැමිණ ඇති බව ඔබ දන්නවා. පියා පවසන්නේ ‘ඕ දරුවනි‘ කියාය, එහි සියලුම දරුවන් ඇතුලත්ය. සෑම ජීවයක්ම, ඔහුගේ චරිත කොටස රඟපෑම සඳහා, නිවහනින් මෙහි පැමිණෙනවා. කවුරුන්, කුමන කාලයකදී, ඔවුන් ගේ කොටස රඟපෑමට පැමිණෙන්නේ ද කියා, ඔබගේ බුද්ධිය තුළ තිබේ. ඔවුන් සෑම කෙනෙක්ම ඔවුන්ගේම විවිධ කොට්ඨාශ වලින් පැමිණෙයි. ඉන්පසුව, අවසානයේදී ඔවුන් සෑම කෙනෙක්ම තම තමන්ගේම කොට්ඨාශ වලට ආපසු යයි. මේ සෑම දෙයක්ම නාටකයේ නියම වී තිබේ. පියා කිසි කෙනෙක්ව පහළට එවන්නේ නැත එය ඉබේටම නාටකයේ නිර්මාණය වී තිබේ. සෑම කෙනෙක්ම ඔවුන්ගේම ආගමට අඛණ්ඩව පහළට පැමිණෙයි. බුද්ධාගම ඒ වන විට ස්ථාපනය වී නොමැති නම්, ඒ ආගමේ කිසි කෙනෙක් පහළට නොපැමිණෙයි. පළමුව, සූර්ය වංශික සහ චන්ද්‍ර වංශික අය පමණයි පහළට පැමිණෙන්නේ. පියා සමඟ ඉතාමත් හොඳින් ඉගෙන ගන්නා අයයි, අංක පිළිවෙලට සූර්ය සහ චන්ද්‍ර වංශ තුළට පැමිණ, ශරීර හදා ගන්නේ. එහි දුර්ගුණ පිළිබඳ ප්‍රශ්නයක් නැත. ජීවයක් පැමිණ, යෝගා බලය මඟින්, මව් කුසක් තුළට ඇතුලු වෙයි. ජීවය වන ඔබ, ගොස්, ශරීරයක් තුළට ඇතුලු වන බව මෙයින් ඔබට වැටහෙයි. යෝගා බලය තුළින්, ඔවුන්ගේ ජීව ගොස් වෙනත් ශරීර ගන්නා බව මහළු අයට වැටහෙනවා. ජීවය වන මම, දැන් පුනරුත්පත්ති ගන්නෙමි. පියෙකුට ද වැටහෙනවා දරුවෙක් මා වෙතට පැමිණ ඇත. දරුවාගේ ජීවය පැමිණෙන අතර, ඔවුන්ට එහි දර්ශනයක් ඇති වෙයි. ඔහු ගොස් තවත් ශරීරයකට ඇතුලු වන බව ජීවයට වැටහෙනවා. මෙම සිතිවිලි පහළ වනවා. ඔවුන්ට දරුවන් උපදින වයස ගැන අනිවාර්යෙන්ම එහි නීති තිබෙයි. එහි සෑම දෙයක්ම ඉතාමත්ම නිසියාකාර පිළිවෙලකට සිදුවෙයි. ඔබ තව දුරටත් දියුණු වත්ම ඔබට ඒ සෑම දෙයක්ම දැන ගන්නට ලැබෙයි! ඔබ සෑම දෙයක්ම දැන ගන්නවා. එහි, මෙහෙ වාගේ වයස අවු 15, 20 දරුවන්, දරුවන් බිහි කරන්නේ නැත. නැහැ, එහි ආයුෂ අවු 150කි. එබැවින් ඔවුන් දරුවන් බිහි කරන්නේ, ඔවුන්ගේ ආයුෂ භාගයකට වඩා ටිකක් අඩු වූ කාලයේදීය. ඔවුන්ට ඒ වයසෙදී දරුවන් ඇති වන්නේ එහි ආයුෂ දීර්ඝ නිසාය. කොහොමත් ඔවුන්ට සිටින්නේ එක් පුතෙක් පමණයි, ඉන්පසුව එක් දියණියක් සිටියි! නීතිය එයයි. පළමුව පුතාගේ ජීවය පැමිණෙන අතර, ඉන්පසුව දියණියගේ ජීවය පැමිණෙයි. පුතා පළමුව පැමිණිය යුතු බව, බුද්ධිය කියයි. පළමුව පිරිමියා ද ඉන්පසුව වසර 8කට, 10කට පසුව ගැහැණු දරුවා පැමිණෙයි. ඔය දරුවන් තව දුරටත් දියුණු වත්ම, ඔබට සෑම දෙයකම දර්ශන ලැබෙයි. නව ලෝකයේ සියලුම චාරිත්‍ර වාරිත්‍ර කුමක් වෙයිද කියා, පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙනවා. නව ලෝකය ස්ථාපනය කරන්නේ පියා පමණයි. ඔහු ඔබට අඛණ්ඩව එහි ක්‍රම වේද සහ චාරිත්‍ර ගැන කියා දෙනු ඇත. ඔබ තව තව දියුණු වත්ම, ඔහු ඔබට තව බොහෝ දේ කියන අතර, එවිට ඔබට දර්ශනද ලැබෙයි. එහි දරුවන් ඉපදෙන ආකාරය අළුත් දෙයක් නොවෙයි. ඔබ සෑම චක්‍රයකදීම යා යුතු, එවන් ස්ථානයකටයි ඔබ යන්නේ. පාරාදීසය දැන් සමීපයට පැමිණ තිබේ. ඔබ දැන් ඉතාමත්ම ආසන්නයට ලඟා වී තිබේ. ඔබ ඥානයේ සහ යෝගාවේ ශක්තිමත් වන තරමට, ඔබ සෑම දෙයක්ම සමීපයෙන් දකීවි. ඔබ එම කොටස් බොහෝ වාර ගණනක් රඟපා තිබේ. ඔබට දැන් වැටහීම ලැබෙනවා, ඔබ එය ඔබත් සමඟ ආපසු රැගෙන යනු ඇත. එහි තිබෙන ක්‍රමවේද සහ චාරිත්‍ර කුමක් වෙයිද කියා, ඒ සියලු දේම ඔබට දැන ගන්නට ලැබෙයි. ආරම්භයේ දී ඔබට සෑම දෙයකම දර්ශන ලැබුණා. එකළ ඔබ ඒ වන විටත් ඇල්ෆා, බීටා, ඒ බී සී ආදිය ඉගෙන ගනිමිනුයි සිටියේ. අවසානයේ දීත් ඔබට නිසැකවම දර්ශන ලැබෙයි. පියා මෙතැන අසුන් ගෙන ඔබට ඒ සෑම දෙයක් ගැනම කියයි. ඒ සෑම දෙයක්ම දැක ගැනීමේ ආශාවක් ඔබට ඇත්තේ මෙහිදීය. ඔබ මෙහි ඔබගේ ශරීරය අත් නොහැරිය යුතු බවත්, සෑම දෙයක්ම දැක ගැනීමෙන් පසුව ඔබ යා යුතුය, යන හැඟීම ඔබට තිබේ. මේ සඳහා, ඔබගේ ආයුෂ වැඩි කර ගැනීමට, ඔබට යෝගා බලය තිබිය යුතුයි, එවිට ඔබට සෑම දෙයක්ම පියාගෙන් අසාගත හැකි වන අතර සෑම දෙයක්ම දැක ගැනීමට ද හැකි වෙයි. දැනටමත් ගොස් ඇති අය ගැන ඔබ කරදර විය යුතු නැත! එය නාටකයේ ඔවුන්ගේ කොටස්ය. පියාගෙන් බොහෝ සෙනෙහස ලබා ගැනීමේ භාග්‍යය ඔවුන්ට නොතිබිණි, මන්ද ඔබ වැඩියෙන් සේවයේ යෙදෙන තරමට, ඔබ වැඩියෙන් පියාගේ සෙනෙහසට පාත්‍ර වන්නේය. ඔබ වැඩියෙන් සේවය කරන තරමට, සහ වැඩියෙන් පියාව සිහිපත් කරන තරමට, එම සිහිපත් කිරීම වඩාත් ස්ථීර වන්නේය. ඔබ බොහෝ විනෝදයක් අත්විඳියි. ඔබ දැන් දෙවියන්ගේ දරුවන් බවට පත් වී සිටියි. පියා පවසන්නේ ඔය ජීව සිටියේ මා සමගයි. භක්ති මාර්ගයේ, විමුක්තිය ලබා ගැනීම සඳහා, මිනිසුන් බොහෝ දේ කරති. ඔවුන් ජීවන-මුක්තිය ගැන නොදනී. මෙම ඥානය ඉතාමත්ම අලංකාරයි. ඔබ තුළ බොහෝ සෙනෙහස තිබේ. පියා, පියා මෙන්ම ගුරුවරයා ද, එමෙන්ම සත්ගුරු ද වන්නේය. අපව, උපත් 21කට සතුටෙහි දේශයට යවන, සත්‍ය උත්තරීතර බාබා ඔහුය. දුකට පත් වන්නේ ජීවයයි. සතුට සහ දුක අත්විඳින්නේ ජීවයයි. මෙසේ කියයි පාපකාරී ජීවය සහ පුණ්‍යවන්ත ජීවය. අපව සෑම අන්දමකම දුකින් මුදවා ගැනීමට පියා පැමිණ ඇත. ඔය දරුවන්, දැන් සෑම කෙනෙක්ම සතුටින් සිටින, අසීමිතත්වයට යා යුතුයි. මුළු ලොවම සතුටින් සිටීවි. නාටකයේ සෑම කෙනෙකුගේම කොටස ඔබ දැන් වටහා ගෙන තිබේ. ඔබව දිව්‍යලෝකයට රැගෙන යාමට බාබා පැමිණීම ගැන, ඔබ බොහෝ සතුටින් සිටියි. ඔහු අප සෑම ජීවයක්ම දිව්‍යලෝකයට රැගෙන යයි. පියා ඔබට ඉවසීම ලබා දෙයි සුමිහිරි දරුවනි මම ඔබව සියලුම ආකාරයේ දුක් වලින් ඉවතට ගෙන යාමට පැමිණ සිටිමි. එබැවින් එවන් පියෙක් වෙනුවෙන් ඔබ තුළ බොහෝ සෙනෙහස තිබිය යුතුයි. සෑම සම්බන්ධතාවයක්ම ඔබට දුක ගෙන දී ඇත. මෙහි දරුවන් සෑම විටෙකම දුක ගෙන දෙයි. ඔබ දුකට පත් වී, දුක් පිළිබඳ දේවල් ගැන දිගින් දිගටම ඇසුවේය. පියා ඔබට දැන් සෑම දෙයක්ම විස්තර කර දෙනවා. ඔහු මින් පෙර බොහෝ වාර ගණනාවක් ඔබට විස්තර කරදී, ඔබව ලොවෙහි පාලකයන් බවට පත් කර තිබේ. එබැවින්, ඔබව එවන් දිව්‍යලෝකයක පාලකයන් බවට පත් කරවන එම පියා වෙනුවෙන් ඔබ තුළ බොහෝ සෙනෙහස තිබිය යුතුයි. ඔබ සිහි කරන්නේ එක් පියාව පමණයි. ඔබට එක් පියා හැර, අන් කිසි කෙනෙක් සමඟ සම්බන්ධතාවයක් නොමැත. සෑම දෙයක්ම විස්තර කරනු ලබන්නේ ජීවයන්ටයි. අපි, පරම පියාගේ දරුවන්ය. අපි මෙම මාවත සොයා ගත් සේම, අප දැන් අන් අයට මෙම සතුටෙහි මාවත පෙන්වා දිය යුතුයි. ඔබ සතුට ලබන්නේ චක්‍ර භාගයකට පමණක් නොවෙයි, නමුත් චක්‍රයෙන් තුන් කාලයක්ම ඔබ එය ලබනවා. ඔබ ඔවුන්ට පියාගේ පණිවුඩය ලබා දී, ඔවුන්ගේ දුක නැති කරන බැවින්, සමහරුන් ඔබට කැප වනවා. මෙම කෙනාටත් (බ්‍රහ්මා) ඥානය ලැබෙන්නේ පරම පියාගෙන් බව ඔබට වැටහෙනවා. ඔහු ඉන්පසු අපට පණිවිඩය දෙනවා. අප එවිට අන් අයට පණිවිඩය ලබා දෙනවා. ඔහු, පියාගේ හැඳින්වීම ලබා දී, අවිද්‍යාවේ නින්දෙන් සියලුම දරුවන්ව දිගින් දිගටම අවදි කරවනවා. භක්තියට, අවිද්‍යාව යැයි කියයි. ඥානය සහ භක්තිය වෙනස්ය. පියා, ඥාන සාගරය, ඔය දරුවන්ට දැන් ඥානය උගන්වනවා. සෑම වසර 5000කට වරක්ම බාබා පැමිණ ඔබව අවදි කරන බව, ඔබගේ හදවත් වලට ඇතුලු වනවා. අපගේ පහන් වල, ඉතා සුළු තෙල් ප්‍රමාණයක් පමණක් ඉතිරි වී තිබේ. එබැවින් පියා දැන් ඥානය නම් තෙල් වත්කර, පහන් දල්වයි. ඔබ පියා සිහිපත් කරන විට, ජීවයේ පහන දැල්වෙයි. පියාව සිහිපත් කිරීමෙන්, ජීවය මත ඇති මළකඩ ඉවත්ව යයි. මායා සමඟ යුද්ධය දිගින් දිගටම පැවතෙන්නේ මෙහිදීය. මායා ඔබට නැවත නැවතත් අමතක කරවයි, එවිට මලකඩ ඉවත් වනවා වෙනුවට, ජීවය මත වැඩියෙන් මලකඩ එකතු වෙයි. ඇත්ත වශයෙන්ම ඉවත් කරනවාටත් වඩා වැඩි මලකඩ ප්‍රමාණයක් එකතු වනවා. පියා පවසන්නේ දරුවනි, මා සිහිපත් කරන්න, එවිට ඔබ මත ඇති මලකඩ ඉවත් වෙයි. මේ සඳහා උත්සාහයක් අවශ්‍යයි. ශරීර වෙනුවෙන් ආකර්ෂණයක් නොතිබේවා. ජීව අවධානයට පත් වන්න! අප ජීව වන අතර, අප අපගේ ශරීර සමඟ පියා වෙතට යන්නේ නැත. අප අපගේ ශරීර වලින් වෙන් වීමෙන් අනතුරුවයි ඔහු වෙතට යන්නේ. ජීවය දැකීමෙන් මලකඩ ඉවත් වන අතර, ශරීරය දැකීමෙන්, මලකඩ එකතු වෙයි. විටෙක එය ඉවත් වන අතර, විටෙක එකතු වෙයි මෙය අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. විටෙක ඔබ ඉහළ යන අතර විටෙක පහළට ඇද වැටෙයි. මෙය ඉතාමත්ම සියුම් මාවතකි. මේ සෑම දෙයක් තුළින්ම යෑමෙන් පසු, අවසානයේ දී ඔබ තම කර්මතීටි තත්ත්වයට පත් වෙයි. ප්‍රධානතම දෙය වන්නේ, ඔබව සෑම දේකින්ම මුලා කරවන්නේ, ඔබගේ ඇස්ය. එබැවින් ශරීරය දෙස නොබලන්න. අපගේ බුද්ධීය සාම දේශයට සහ සතුටෙහි දේශයට සම්බන්ධ වී තිබේ, එමෙන්ම අප දිව්‍යමය ගුණධර්ම ද ධාරණය කරගත යුතුයි. ඒ සමගම අපි පිවිතුරු ආහාර ද අනුභව කළ යුතුයි. දේවතාවන්ගේ ආහාරය පිවිතුරුයි. ‘වෛශ්නව්‘ යන වචනය, ‘විෂ්ණු‘ යන වචනයෙන් මතු වී තිබේ. දේවතාවන් කිසිම විටෙක අපිරිසිදු, අපවිත්‍ර ආහාර අනුභව කරන්නේ නැත. නර-නාරායන් (සාමාන්‍ය මිනිසා සහ නාරායන) වශයෙන්ද ඔවුන් හඳුන්වන විෂ්ණුට, දේවාලයක් තිබේ. ලක්ෂ්මි සහ නාරායන් ශාරීරික ජීවයන්ය. ඔවුන්ට අත් සතරක් නොතිබිය යුතුයි. කෙසේවෙතත්, භක්ති මාර්ගයේ දී ඔවුන්ට අත් සතරක් දී තිබේ. එය අසීමිත අවිද්‍යාවයි. අත් සතරක් සහිත මනුෂ්‍යයෙක් සිටිය නොහැකි බව ඔවුන්ට නොවැටහෙයි. ස්වර්ණමය යුගයේ අත් දෙකක් ඇති මනුෂ්‍යයින් සිටියි. බ්‍රහ්මාට ඇත්තේද අත් දෙකකි. ඔවුන් දියණිය වන සරස්වතීව ඔහු සමඟ පෙන්වා, ඇයව අත් සතරක් ඇතිව පෙන්වා තිබේ. සරස්වතී, බ්‍රහ්මාගේ භාර්යාව නොවෙයි. ඇය, ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දියණියයි. දරුකමට හදාගන්නා දරුවන් ගණන වැඩි වන තරමට, ඔහුගේ අත් සංඛ්‍යාව ද වැඩි වෙයි. ඔවුන් බ්‍රහ්මාව පෙන්වන්නේ අත් 108ක් පමණක් ඇතුවයි ඔවුන් විෂ්ණු හෝ ශංකර් ගැන මෙසේ නොකියයි. බ්‍රහ්මාට අත් බොහොමයක් තිබේ. භක්ති මාර්ගයේ දී ඔවුන්ට කිසි වැටහීමක් නොමැත. පියා පැමිණ විස්තර කරන්නේ ඔය දරුවන්ටයි. ඔබ කියන්නේ බාබා පැමිණ, අපට නුවණ ලබා දී තිබේ, කියාය. මිනිසුන් කියන්නේ ඔවුන් ශිවාගේ බැතිමතුන් කියාය. අච්චා, ඔබ සිතන්නේ ශිවා යනු කවුරුන් කියාද? ශිව බාබා සියලුම ජීවයන්ගේ පියා බව ඔබට දැන් වැටහෙනවා. ඒ නිසයි ඔහු පිදුම් ලබන්නේ. පියා පවසන්නේ ප්‍රධානතම දේ වන්නේ නිරතුරුවම මා පමණක් සිහි කිරීමය. ඔබ කන්නලව් කෙරුවේ ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණ අපව පිවිතුරු කරන්න! සෑම කෙනෙක්ම දිගින් දිගටම කන්නලව් කරන්නේ ඕ පාරිශුද්ධකරුවාණෙනි, සීතාවන්ට අයත් රාමා, කියායි. ඔබ ද මෙසේ ගායනා කළේය. පියා පැමිණ ඔහු තුළට ඇතුලු වෙයි කියා බාබා දැන සිටියේ නැත. එය එතරම් විශ්මයකි, ඔහු ඉන් පෙර ඒ ගැන සිතුවේ වත් නැත. මුලදී ඔහු පුදුම වී, තමන්ට සිදුවන්නේ කුමක්ද කියා සිතුවේය. ‘මා කෙනෙක් දෙස බැලු විට, එම කෙනා ආකර්ෂණය වෙයි - සිදුවන්නේ කුමක්ද?‘ ශිව බාබා ඔහුව ඇද ගන්නවා. ඔහු ඉදිරියේ අසුන් ගත් ඕනෑම කෙනෙක් ධ්‍යානයකට සම වැදෙයි. ඔහු පුදුමයට පත් විය. ‘කුමක්ද මේ සිදුවන දේ?‘ මේ සෑම දෙයක්ම වටහා ගැනීමට හුදකලාව අවශ්‍යය. එවිටයි ඔහුට නිරාශාව ඇති වීම ආරම්භ වූයේ. ‘මා යා යුත්තේ කොහේද? හොඳයි, මම බරණැසට යනවා.‘ ඔහු ලවා සෑම දෙයක්ම කරවන, එම කෙනාගේ ආකර්ෂණයයි මේ. ඔහු එතරම් විශාල ව්‍යාපාරයක් අතහැර පිටත්ව ගියේය. ඔහු බරණැසට ගියේ මන්ද කියා ඒ අසරණ මිනිසුන් දැන සිටියේ නැත. ඔහු ගොස් එහි උයනෙහි අසුන් ගෙන සිටියේය. ඔහු අතට පැන්සලයක් ගෙන, බිත්ති වල රවුම් ඇන්දේය. ‘බාබා මා ලවා කරවන කිසි දෙයක් මට වටහා ගැනීමට නොහැකි විය. මා රාත්‍රීයේ නින්දට ගිය විට, මා කොහෙදෝ ඉගිලී ගියා සේ මට දැනෙයි. ඉන්පසුව මා නැවතත් පහළට පැමිණෙයි. සිදුවන්නේ කුමක්ද කියා මට කොහෙත්ම සිතා ගන්නට බැරි විය.‘ ආරම්භයේ දී බොහෝ දර්ශන ලැබිණි. එතැන අසුන් ගෙන සිටියදී, දියණියන් ධ්‍යාන ගත වෙයි. ඒ දිනවල ඔබ බොහෝ දේ දුටුවා. ඔබ කියන්නේ අප දුටු දේ ඔබ නොදුටුවේය. අවසානයේදී ද, ඔබ දිගින් දිගටම සමීපයට පැමිණෙන බැවින්, බාබා බොහෝ දර්ශන ලබා දෙනු ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාගේ පණිවිඩය ලබා දීමෙන් සෑම කෙනෙකුගේම දුක නැති කර දමන්න. සෑම කෙනෙකුටම සතුටෙහි පාර පෙන්වන්න. සීමිතත්වයෙන් ඉවතට පැමිණ, අසීමිතත්වයට යන්න.

2. අවසානයේ දී සෑම දේකම දර්ශන ලබා ගැනීමට සහ පියාගේ ආදරණීය පෝෂණය ලබා ගැනීම සඳහා, ඥානයේ සහ යෝගාවේ ශක්තිමත් වන්න. අන් අය ගැන කරදර නොවී, යෝගා බලයෙන් ඔබගේ ආයුෂ දීර්ඝ කරගන්න.

වරදානය:
පරමාත්ම පියාගේ සහාය ලබා ගැනීමට යෝග්‍ය අයෙක් බවට පත් වීම කෙරෙහි අවධානය යොමු කරමින් නොසැලකිලිමත්කම හා අහංකාරය ඉවතලන පහසු උත්සාහවන්තයෙක් වේවා.

ඇතැම් දරුවන්, ධෛර්යවන්ත වෙනවා වෙනුවට අහංකාර වී තම නොසැලකිලිමත්කම නිසා මෙසේ සිතනවා: හැම දෙයටම හොඳයි. පරමාත්ම පියා මට උදව් නොකළොත් ආයි කාට උදව් කරන්න ද? මෙම අහංකාරය නිසා, ධෛර්යවන්ත විම යන කරුණ ඔවුනට අමතක වේ. තමා කෙරෙහිම අවධානය යොමු කරමින් ඔවුන් එසේ අහංකාර වන නිසා ඔවුනට සහාය නොලැබී යයි. තමන් හොඳින් යෝග කරනවා, ගියානී හා යෝගී වි සිටිනවා. සේවය සඳහා තම රාජ්‍යය තමන් සාදාගෙන සිටිනවා කියා ඔවුන් සිතනවා. මෙවන් අහංකාරකම් අතහරින්න. ධෛර්යය මත පදනම්ව සහාය ලැබිමට සුදුස්සෙක් වන්න. එවිට ඔබ පහසු උත්සාහ දරන්නෙක් වනු ඇත.

පාඨය:
ලෝක සේවාවේ කාර්යභාරය සඳහා නිශ්ඵල හා නිශේධනීය සිතිවිලි ඵලවත් සිතිවිලි බවට පරිවර්ථනය කරන්න.