27.06.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ස්මෘතිය තුළින් දිගටම ජීවාත්ම සත්ථාවේ කුණු ඉවත් කරන්න. ජීවාත්ම සත්ථාවන් සම්පූර්යෙන් පිරිසිඳු වූ විට පමණයි ඔවුන්ට ආපසු ගෙදර යා හැක්කේ.

ප්‍රශ්නය:
මෙම අවසාන උපතේ දී පරම පියාගේ කුමන උපදෙස් පිළිපැදීමෙන් ද දරුවන් යහපත අත්විඳින්නේ?

පිළිතුර:
බාබා මෙසේ කියයි: සුමිහිරි දරුවනි, මේ අවසාන උපතේ දී ඔබේ උරුමය ලබා ගන්න. ඔබේ බුද්ධියට අයාලේ යන්න ඉඩ නොදෙන්න. වස විස අතහැර අමෘතය පානය කරන්න. මේ අවසාන උපත තුළ දීය උපත් 63ක පුරුදු අවසන් කළ යුත්තේ. එමනිසා, දිවා රෑ උත්සාහවන්ත වී ජීවාත්ම සත්ථා විඥානයට පත් වන්න.

ඕම් ශාන්ති.
සාම දේශය විවේක ගන්නා දේශයයි. සැම දෙනම මේ ලෝකයේ දී හෙම්බත් වී ඇත. සතුටු දේශයට යාමට ඔවුන්ට අවශ්‍යය. ඔවුන් මේ ලෝකයට කැමැත්තක් නැත. ඔවුන් දෙව්ලොව දැක දැක, හදවතින් අපායට ඇලෙන්නේ කෙසේද? එමනිසා, ඔවුන් බාබාට මෙසේ කියයි බාබා ඉක්මන් කරන්න! අප මේ දුක් ලෝකයෙන් ඉවත් කරන්න. පරම පියා මෙසේ විස්තර කරයි මෙය කිලිටි වූ ලෝකයකි. එයට කියන්නේ යක‍්ෂ ලෝකය හෙවත් අපාය කියාය. හැම කෙනෙක්ම මෙම යක‍්ෂ ලෝකය ගැන කලකිරී ඇතත් කිසිවෙකුට ආපසු ගෙදර යා නොහැක. ඔබ ජීව සත්තාවන් තුළ තමෝප්‍රධාන් ද්‍රව්‍ය මිශ්‍ර වී ඇත. ඔබ ජීවාත්ම සත්තාවන් උත්සාහ කරන්නේ එම ද්‍රව්‍ය ඉවත් කිරීමටයි. අවසානයේ දී හොඳ උත්සාහයක් දරන්නන් හොඳ තත්ත්වයක සිටිනු ඇත. මේ ජරාජීර්ණ ලෝකය විනාශ වේ. තව ඇත්තේ සුළු දින කීපයක් පමණි. පරම පියා පැමිණ ආපසු ගෙන යන තෙක් කිසිවෙකුට ආපසු ගෙදර යා නොහැක. මේ ලෝකයේ ඇත්තේ දුකමයි. ගෙදර දොර දීද කුමක් හෝ නිසා ඔවුන්ට ඇත්තේ දුකමයි. ඔබ දරුවන්ගේ හදවත් තුළ ඇත්තේ බාබා පැමිණ ඔබ දුකින් මුදවා ගන්නා බවයි. මේ ශ්‍රද්ධාව හරියටම ඇති අයට පරම පියා සිහිකිරීමට අමතක නොවේ. ඔහු හැම කෙනාගේම දුක දුරලන්නාය. ඔහු හඳුනාගන්නේ ඔබ දරුවන් පමණි. හැම කෙනෙක්ම ඔහු හඳුනාගත්තොත්, ඔවුන් පැමිණ වාඩි වෙන්නේ කොහේද? එමනිසා, එය නොසිදු වන දෙයකි. ඉතින් එවැනි ක්‍රමයක් බිහිවී ඇත්තේ නාටකයේය. ශ්‍රීමත් අනුගමනය කරන්නන්ට පමණක් ඉහළ තැන් හිමි වේ. නිවැරදි දේ මෙයයි. ජීවාත්ම සත්තාවන් දඬුවමට බඳුන් වී ඉන්පසු සාම දේශයටත් පිරිසිඳු ලෝකයටත් යන නමුත් උත්සාහ දැරිය යුත්තේ ඉහළ තත්ත්වයක් ලැබීමටයි. දෙවනුව කිසිවෙකුට පිරිසිඳු ලොවට යා නොහැකියි පාරිශුද්ධියට පත් නොවී. ඔවුන් ආලෝකයට ගිලී ගියා හෝ ආපසු ගෙදර ගිය ආදී වශයෙන් කිව්වත් එය නොසිදුවිය හැකි දේකි. පොළොවට පළමුවෙන්ම පැමිණි ලක‍්ෂ්මි හා නාරායනට ගෙදර යා නොහැකි වූවා නම් වෙන කිසිවෙක් යන්නේ කෙසේද? ඔවුන්ගේ උපත් 84 දැන් නිමවෙමින් පවතී. ඔබ දැන් ආපසු ගෙදර යාමට තපස්යා උත්සාහය දරමින් සිටී. සැම දෙනම එකම පරම පියාට මෙසේ අඬගසයි ඕ දෙවියනි, පියාණනි! ඕ විමුක්ති දායකයාණනි! පරමාත්ම දෙවියන්, පරමාත්ම පියා දුක් දුරලන්නා හා සතුට ලබා දෙන්නාය. ක්‍රිෂ්ණා ආදීන්ට අඬනොගසයි. කිතුණුවන් හා මුස්ලිම්වරුන්ද අඬගසන්නේ ඕ දෙවියනි, පියාණනි කියාය. ජීවාත්ම සත්තාවන් ඔවුන්ගේ පරම පියාට කතා කරයි. ඔබ ජීවාත්ම සත්තාවක් බව තේරුම් ගත් දාට ඔබ ‘පරම පියාණනි’ කියයි. ජීවාත්ම සත්තාවේ ද යම් වැදගත්කමක් ඇත. ජීවාත්ම සත්තාවන් විශාල දේ නොවන අතර තරු මෙන් අත්‍යන්තයෙන් සූක‍්ෂමය. බාබාගේ ස්වරූපය සේම ජීවාත්ම සත්තාවේ ද ස්වරූපය එකමයි. ඔබ සැම පියාට පසසයි. ඔහු වූ කලී සත්‍යය යයි, සතිමත් කෙනාය, ඥාන සාගරය සහ ප්‍රමෝදයේ සාගරය ද වෙයි. ඔබ ජීවාත්ම සත්තාවන් ඔහුට සමාන වෙමින් සිටී. ඔබ බුද්ධියේ මුළු ලෝකයේ මුල, මැද අග පිළිබඳ ඥානය ඇත. වෙන කිසිඳු මනුෂ්‍යයෙකුට මෙම ඥානය නැත. මුළු භාරතය පුරාමත් පිට රට හැම තැනත් සෙව්වත් මෙය දන්නා කෙනෙක් හමු නොවේ. ජීවාත්ම සත්තාවක් තම කොටස් 84 රඟපායි. මිලියන 8.4ක උපත් ලැබීම නොසිදු විය හැකි දෙයකි. කිසිවෙකුට එතරම් සංඛ්‍යාවක් ගැන කතා කළ නොහැකියි. ඔබ දැන් දන්නවා ඔබ දැන් බ්‍රහ්මිණ් වරු බව. ඔබ උපත් 84ක් ගෙන ඇත. බ්‍රහ්මාද උපත් 84ක් ගෙන ඇත. විෂ්ණුද උපත් 84ක් ගෙන ඇත. බ්‍රහ්මා විෂ්ණු වන අතර විෂ්ණු බ්‍රහ්මා ද වෙයි. ලක‍්ෂ්මි සහ නාරායන උපත් 84ක් ගෙන සරස්වතී සහ බ්‍රහ්මා බවට පත් වේ. මෙය තේරුම් ගත යුතු දෙයකි. පරම පියා මෙසේ කියයි මා හැම අවුරුදු 5000කින්ම පැමිණ විස්තර කර දෙමි. චක්‍රය අවුරුදු 5000කි. ඔබ දැන් වංශ ගැන රහස දනී. ‘එය මෙසේ වෙයි’ යන්නෙහි තේරුම ඔබ දැන් දනී. අපි දෙවි දේවතාවන් බවට පත් වී අනතුරුව ක‍්ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍රයින් වෙමු. මෙම උපත් ගණන ගෙන බ්‍රහ්මිණ් බවට පත් වේ. බ්‍රහ්මිණ් වන්නේ එක උපතකි. දියමන්තියක් සේ වටින්නේ ද මෙම උපතයි. පරම පියා මෙසේ කියයි එය ඔබේ උසස් වූ ශරීරයයි. එම ශරීරයෙන් ඔබට දෙව්ලොව උරුමය ලබා ගත හැකියි. එම නිසයි ඔබ වෙනත් දිසාවකට නොයා යුත්තේ. ඥාන අමෘතය පානය කරන්න. ඔබ දන්නවා ඔබ ඇත්තෙන්ම උපත් 84ක් ගන්නා බව. පළමුව සත් යුගයේ දී ඔබ සතෝප්‍රධාන් වේ. ඉන්පසු ඔබ රිදී මිශ්‍ර වී සතෝ බවට පත් වේ. සම්පූර්ණ ගණනය දැක්විය හැකියි. ආණ්ඩුද රත්රන් වලට ලෝහයක් මිශ්‍ර කිරීමට කියයි. ‘කැරට් 14 රත්රන්!’ භාරතයේ මිනිසුන් රත්රන් මාත්තු කිරීම අසුබ සේ සලකයි. විවාහ මංගල්‍යයකදී ඔවුන් අඳින්නේ සැබෑ රත්රන්ය. භාරතයේ මිනිසුන් රත්රන් වලට බොහෝ කැමතිය, ඇයි? භාරතය ගැන අහන්න එපා! සත් යුගයේ මාලිගාද රන්මයය. රත්රන් ගඩොල් තිබුණි. මෙහි ගඩොල් ගොඩ ගසා තිබෙනවා සේ එහි රන් රිදී ගොඩගසා තිබෙනු ඇත. මායා ගැන නාට්‍යයක් ද ඔවුන් පෙන්වයි. කෙනෙක් සූක‍්ෂම ලෝකයට ගිහින් රත්රන් දැක සිතුවා ඒවා රැගෙන ඒමට. ඔහු පහළට බැස්ස පසු ඔහුට පෙනුනේ කිසිවක් නැති බවය. එහිද යම් වැදගත්කමක් ඇත. දූවරුන් තේරුම් ගන්නවා ඔවුන් නැවතත් දෙව්ලොව යන බව. ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් කරදර කරන විට, ඇතුළතින් හඬාවැලපෙමින් සතුටු දේශයට යන්නේ කවදා දැයි සිතයි. ‘බාබා ඉක්මන් කරන්න!’ පරම පියා මෙසේ කියයි දරුවනි, මා කෙසේ ඉක්මන් කරන්නද? පළමුව, යෝගා බලයෙන් ඔබේ කුණු ඉවත් කරලන්න. ස්මෘති වන්දනාවේ සිටින්න. පරම පියා ඔබට ඉවසීම ලබා දෙයි. ඔබ මෙසේ ද අඬගසයි පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න. ඔබ මෙසේ ද ගයයි සියලු දෙනාගේ ගැලවුම්කරු එකම කෙනාය. එය අදාල වන්නේ මෙකලටය. අකසූර්, බකසූර් වැනි යක‍්ෂයින්ගේ නම් ද අදාල වන්නේ මෙම වත්මන් සංගම යුගයේ කාලයටයි. මේ යක‍්ෂ ලෝකයයි. පරම පියා මෙසේ විස්තර කරයි සම්පූර්ණ වෘක‍්ෂය දිරාපත් තත්ත්වයට ආ කල සෑම චක්‍රයකම සංගම් යුගයේ දී මම එමි. ඔබ දන්නවා සත් යුගයේ සැම දෙයම සතෝප්‍රධාන් බව. මෙහි බොහෝ කුරුල්ලන් ආදී සතුන් සිටී. එවැනි බොහෝ වර්ග එහි නැත. උසස් මිනිසුන් වටා විශාල පිරිසිඳු තත්ත්වයක් ඇත. ඔවුන්ගේ නිවෙස්, ගෘහ භාණ්ඩ ආදිය බොහෝ හොඳයි. ඔබ එවැනි උසස් දෙවි දේවතාවන් බවට පත් වේ. කිලිටු කිසිවක් එහි තිබිය නොහැක. මෙහි, මදුරුවන්, විවිධාකාරයේ අසනීප ආදිය ඇත. සැම තැනම බොහෝ කුණු ඇත. ගම්මාන වල නම් කුණු එතරම් නැත. විශාල නගර වල බොහෝ කුණු ඇත්තේ මිනිසුන් වැඩි නිසාත් ඔවුන්ට ජීවත්වන්නට අවකාශ ප්‍රමාණවත් නොවන නිසාය. ඔබ මුළු ලොවම හිමිකරුවන් බවට පත් වේ. මිනිසුන් මෙසේ කියයි විශ්වයේ බ්‍රහ්මා ඇත, විෂ්ණු ඇත සහ තරුද නව ලක‍්ෂයක් ඇත. බ්‍රහ්මා විෂ්ණු බවට පත් වේ. විෂ්ණු සමඟ තරු ද ඇත. ඔවුන් සත් යුගයේ දෙවි දේවතාවන් බවට පත් වන අතර එතරම් වැඩි සංඛ්‍යාවක් නැත. වෘක‍්ෂය පළමුව කුඩා වන අතර ඉක්බිතිව වර්ධනය වේ. සත් යුගයේ ඇත්තේ ටික දෙනෙකි. ඔවුන් මිහිරි ගංඟාදාර වල ජීවත් විය. මෙහි, ගංඟා වලින් බොහෝ ඇල මාර්ග සාදා ඇත. එහි එවැනි ඇලවල් නොමැත. එහි ඇත්තේ මිනිසුන් අතලොස්සකි. ඔවුන්ට ගංඟා නම් නදිය සහ යමුනා නදිය ප්‍රමාණවත්ය. ඔවුන් ජීවත් වන්නේ ගඟට සමීපවයි. පංච මහා භූත පවා දෙවි දේවතාවුන්ගේ වහලුන් බවට පත්වේ. එහි කවදාවත් අකලට වැසි වසින්නේ නැත. ගංඟා කවදාවත් පිටාර නොගලයි. එහි නමම දෙව්ලොව වූ කල තවත් මොනවාද? මිනිසුන් කියන්නේ දෙව්ලොව කාල සීමාව අවුරුදු සිය දහස් ගණනක් කියාය. හොඳයි එය පාලනය කළේ කවුද? ඔවුන් දිගටම අපට බොරු කියා දෙයි. ඔබ දන්නවා පසුගිය චක්‍රයේ ඔබ කළ ආකාරයෙන්ම හරියට ඔබේ චරිත කොටස් රඟපාන බව. මෙම රුද්‍රා ඥාන යාගයට යක‍්ෂයින්ගෙන් බොහෝ බාධා ඇති වේ. මිනිසුන් කියන්නේ යක‍්ෂයින් ගොම ආදී කුණු ඉසිනවා කියාය. නමුත් එසේ නොවේ. ඔබට දැකිය හැකියි සිදුවන බාධක. අහිංසකයින්ට පහර දෙයි. පාප කලය පිරෙන්නේ එවිටයි. පරම පියා මෙසේ කියයි සුළු ප්‍රමාණයක් දරාගත යුතුයි. දිගටම ඔබේ පරම පියා සහ උරුමය සිහිකරන්න. පහර කන විට දීත් ශිව බාබා ඔබේ බුද්ධිය තුළ තබා ගන්න. ඔබේ බුද්ධිය තුළ ඥානය ඇත. කෙනෙක් එල්ලුම් ගහට නියම වූ විට පූජකයෙක් පැමිණ දෙවි පියාණන් සිහිකරන්නට කියයි. ඔහු මෙසේ නොකියයි ක්‍රිස්තුන් සිහිකරන්න. ඔහු ඔහුට සංඥා කරන්නේ දෙවියන් සිහි කරන ලෙසයි. ඔහු එතරම්ම ආදරණීයයි! හැම කෙනෙක්ම ඔහුට අඬගසයි. එසේ කරන්නේ ජීවාත්ම සත්තාවයි. ජීවාත්ම සත්තා විඥානය ඇති බවට පත් වීමට උත්සාහ කළ යුතුයි. ඔබ උපත් 63ක් පුරා ශරීර අවධානයෙන් සිටියා. දැන් එම චක්‍ර බාගයක පුරුද්ද එක උපතේදී අත්හරින්න. ඔබ දන්නවා ජීවාත්ම සත්තා විඥානයට පත් වීමෙන් ඔබ දෙව්ලොව හිමිකරුවන් වන බව. මෙය එතරම්ම උසස් අධිගමයකි! එමනිසා, දිවා රෑ මේ සඳහා උත්සාහ කළ යුතුයි. මිනිසුන් තම ව්‍යාපාර ආදියේ දී බොහෝ උත්සාහ දරයි. නිදිකිරන්නේ හෝ ඈනුම් අරින්නේ නැත. ඔවුන්ට මුදල් ඉපැයීමේ සතුට ඇත. වෙහෙස ප්‍රශ්නයක් නැත. බාබාට මෙම අත්දැකීම ඇත. රෑට නැව් ආ විට මිනිස්සු බඩු මිල දී ගැනීමට යනවා. කඩ හිමියෝ ද ඔවුන්ගේ පසුම්බි හිස්වන තෙක් පාරිභෝගිකයන් අතනොහරියි! බාබා රැගෙන තියෙන්නේ අත්දැකීම් බොහෝ ඇති රථයකි. මොහු හැම දෙයකින්ම අත්දැකීම් ලබා ඇත. ඔහු ගැමියෙක් ද විය. රාත්තල් 40ක ධාන්‍ය ඇනා 10 (පයිසා 62කට) වික්කේය. දැන් බලන්න, ඔහු ලෝකයේ හිමිකරුවා වන හැටි! ඔහු සම්පූර්ණ ගැමියෙක් ව සිටියේය. ඉන්පසු ඔහු දියුණු වන වට, සම්පූර්ණයෙන්ම ස්වර්ණාභරණ ව්‍යාපාරයේ නිරත විය. ස්වර්ණාභරණම පමණි. දැන් මෙහි කරන්නේ නියමම ස්වර්ණාභරණ ව්‍යාපාරයයි. මෙය රාජකීයයි. බාබාට අත්දැකීම් තිබේ. බාබා වයිස්රෝයි ආදීන් වෙත ගොස් ගෙදර අය සමඟ වගේ ගණුදෙනු කළේය. මේවාට කියන්නේ අවිනාශී ඥාන මිණිමුතු කියාය. මේවා ඔබේ බුද්ධියට උකහා ගත් තරමට ඔබ බහු මිලියන හිමිකරුවෙක් වෙයි. ශිව බාබාට කියන්නේ ද ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා කියාය. මිනිසුන් ඔහුව පසසමින් පසුව ඔහු සර්ව ව්‍යාපී යැයි කියයි. ඔහුට පසසනවාත් සමඟම නින්දා ද කරයි. බලන්න භක්ති මාර්ගය පත් වී ඇති තත්ත්වය! පරම පියා මෙසේ කියයි භක්තිය අවසානයට පැමිණි කල බැතිමතුන්ගේ ආරක‍්ෂකයා වන පරම පියා එනු ඇත. වැඩියෙන් ම භක්ති කර ඇත්තේ කවුදැයි මෙයින් ඔප්පු වෙයි. වැඩිම භක්ති කර ඇත්තේ ඔබයි. එවැනි අය මෙහි පළමුවෙන් පැමිණ බ්‍රහ්මිණ් බවට පත් වී නැවතත් ඔවුන්ගේ උරුමය පරම පියාගෙන් ලබා වන්දනාවට සුදුසු වෙයි. රාවණ් ඔබ වන්දනා කරුවන් බවට පත් කළ අතර පරම පියා ඔබව වන්දනීය බවට පත් කරවයි. මේවා දේව වාක්‍යයයි. පරමාත්ම දෙවියන් එක්කෙනෙකි. දෙතුන්දෙනෙක් සිටිය නොහැක. දෙවියන්ගේ ගීතාව සිහිපත් කෙරේ. ‘ශිව දෙවියන් කතා කරයි’ යනුවෙන් ලියනවා වෙනුවට ඔවුන් ක්‍රිෂ්ණාගේ නම දමා එයින් විශාල වෙනසක් කර ඇත! නාටකයට අනූව එලෙස ගීතාවේ නම වෙනස් වීමට ඇත. ඉන්පසු ඔවුන් මෙසේ අඬගසයි පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! පරම පියා ඔබව පිරිසිඳු කරන අතර රාවණ් ඔබව අපිරිසිඳු කරයි. මේ සියල්ල තේරුම් ගැනීමට තියුණු දක‍්ෂ බුද්ධියක් අවශ්‍යය. උසස්ම උපදෙස් වන ශ්‍රීමත් එකම පරම පියාගේය. ලක‍්ෂ්මි සහ නාරායන දෙව්ලොව හිමිකරුවන් බවට පත්වූයේ පරමාත්ම පියාගේ උපදෙස් පිළිපැදීමෙනි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම එක උපතේ දී උපත් 63ක ජරාජීර්ණ පුරුද්ද වූ ශරීර අවධානය ඉවත් කර ගැනීමට උත්සාහ ගන්න. ජීවාත්ම අවධානයට පත් වී දෙව්ලොව හිමිකරුවෙක් වන්න.

2. දියමන්ති වටිනා මේ උසස් උපතේ දී ඔබේ බුද්ධියට අයාලේ යාමට ඉඩ නොදෙන්න. සතෝප්‍රධාන් බවට පත්වන්න. පහර කෑම් විඳ දරාගෙන පරම පියාගේ සම්පූර්ණ උරුමය ලබා ගන්න.

වරදානය:
ඔබ ආධාරක ස්වරූපයක් සහ ඉහළ නංවන ස්වරූපයක් වී, ශාරීරික පියා මෙන්, ඔබේ සෑම ක්‍රියාවක්ම ඔබේම සිහිවටනයක් බවට පත් කරත්වා.

ශාරීරික පියා ඔහුගේ සෑම ක්‍රියාවක්ම ඔහුගේ සිහිවටනයක් බවට පත් කළාක් මෙන්, ඔබ ඔබව ආධාරකයේ සහ ඉහළ නැංවීමේ ස්වරූපයක් ලෙස සලකමින් ඉදිරියට යන විට, ඔබේ සෑම ක්‍රියාවක්ම සිහිවටනයක් බවට පත්වේ. ලෝක පරිවර්තනය සඳහා තමන් ආධාරක ස්වරූප ලෙස සලකන අයගේ සෑම ක්‍රියාවක්ම ඉහළම වනු ඇත. ඔබේ දැක්ම සහ ආකල්පය තුළ සැමට ප්‍රතිලාභ ගෙන දෙන හැඟීම ඇති විට, ඔබේ සෑම ක්‍රියාවක්ම උසස් වේ. එවැනි උසස් ක්‍රියා අනුස්මරණීය වේ.

පාඨය:
සත්‍යයේ බලය ධාරණය කර ගැනීම සඳහා, ඉවසීම ඇති කරගන්න.

අව්‍යක්ත සංඥාව: නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.

මෙම පහසු යෝගී ජීවිතයේ ඔබ දුෂ්කරතා අත්විඳියි නම්, ඔබ පහසුවෙන් පාලනය කරන්නේ කෙසේද? මෙහි සංස්කාර ඔබ එහි ගෙන යනු ඇත. දේවතාවන්ගේ පින්තූර දෙස බලන්න, ඔවුන් නිසැකවම ඔවුන්ගේ මුහුණු වල පහසුව සහ සරළ බව පෙන්වයි. කෙනෙකු පහසු උත්සාහවන්තයෙකු වන තරමට, ඔහු ඒ අනුව ඔහුගේ මනසින් සරළ වනු ඇත, ඔහුගේ වචන වලින් සරළ වනු ඇත සහ ඔහුගේ ක්‍රියා සරළ වනු ඇත. එවැනි ජීවාත්මයක් සුරදූතයෙකු ලෙස හැඳින්වේ.