27.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා මෙන් සානුකම්පිත මෙන්ම හිතකාමී වන්න. නුවණැති කෙනෙක් යනු, තමන්ද උත්සාහ දරා, අන් අයටත් උත්සාහ දැරීමට උනන්දු කරවන කෙනෙකි.

ප්‍රශ්නය:
ඔබගේ ඉගෙනුම තුළින් ඔය දරුවන්ට කළ හැකි පරීක‍්ෂා කිරීම කුමක්ද? ඔබගේ උත්සාහය කුමක්ද?

පිළිතුර:
ඔබගේ ඉගෙනුම තුළින්, ඔබ ශ්‍රේෂ්ඨතම චරිත කොටසක්ද, මධ්‍යම ප්‍රමාණයේ චරිත කොටසක්ද, එසේ නැත්නම් පහත්ම චරිත කොටසක්ද රඟ පාන්නේ කියා ඔබට පරීක‍්ෂා කළ හැක. ශ්‍රේෂ්ඨතම චරිත කොටස යැයි කියනු ලබන්නේ, අන් අයවත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන අයයි, එනම්, සේවය කර, බ්‍රහ්මින් සංඛ්‍යාව වැඩි කරන අයයි. ඔබගේ උත්සාහය වන්නේ පරණ සපත්තුව ගලවා දමා, අළුත් සපත්තුවක් දා ගැනීමටයි. ජීවාත්මයක් පිවිතුරු වන විට, ඔහුට පිවිතුරු, අළුත් සපත්තුවක් (ශරීරයක්) ලැබෙයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් දෙයාකාරයකින් ආදායමක් උපයා ගන්නවා. එක් අතකින්, සිහිපත් කිරීමේ වන්දනා ගමනේ සිටීමෙන් උපයා ගන්නා ආදායමයි, අනෙක් අතින්, උපත් 84හි චක්‍රය පිළිබඳ ඥානය සිහිපත් කිරීමෙන්. මෙයට දෙගුණයක ආදායමක් යැයි කියන අතර, අවිද්‍යා මාවතේ මොහොතක එක් ආදායමක් තිබෙයි. සිහිපත් කිරීමේ වන්දනාවෙන් ඔබ ලබන ආදායම ඉතාමත් ශ්‍රේෂ්ඨයි. ඔබගේ ආයුෂ අඛණ්ඩව වැඩි වෙයි. ඔබ පිවිතුරුද වී, සියලු දුක් වලින් නිදහස ලබයි. ආදායම අති විශාලයි. ස්වර්ණමය යුගයෙදී ඔබගේ ආයුෂ ද ඉතා දිගයි. එහි රාවනගේ රාජධානිය නොමැති නිසා, දුක පිළිබඳ සඳහනක් නොමැත. අවිද්‍යා මාවතේදී, ඉගෙනුමකින් තාවකාලික සතුට ලැබෙන අතර, ඉගෙනුමකින් ලැබෙන අනෙක් සතුට වන්නේ, ආගමික පත පොත හදාරන අයගේ සතුටයි. ඔවුන්ගේ අනුගාමිකයන්ට ඔවුන්ගෙන් කිසිම සෙතක් සිදුවන්නේ නැත. ඇත්ත වශයෙන්ම, ඔවුන් අනුගාමිකයන් වත් නොවෙයි මන්ද, ඔවුන්ගේ ඇඳුම ආදිය වෙනස් කරන්නේ හෝ නිවෙස් අත්හැර නොයන බැවින්. එබැවින් ඔවුන්ට අනුගාමිකයන් යැයි කියන්නේ කෙසේද? සත්යුගයේ, සාමය, පාරිශුද්ධත්වය, සෑම දෙයක්ම තිබේ. මෙහි අපවිත්‍ර වීම නිසා, සෑම නිවෙසකම බොහෝ සේ අසාමය තිබේ. ඔබට දෙවියන්ගේ උපදෙස් ලැබෙයි දැන් ඔබගේ පියාව සිහිපත් කරන්න. ඔබ දේවමය රජය බව සළකන්න. කෙසේවෙතත් ඔබ අදෘෂ්‍යමානයි. ඔබගේ හදවත්වල බොහෝ සතුට තිබිය යුතුයි. අප දැන් ශ්‍රීමත් අනුගමනය කරනවා. ඔහුගේ බලය තුළින් අපි සතෝප්‍රධාන් වනවා. ඔබගේ රාජධානියේ භාග්‍යය ඔබට මෙහිදී නොලැබෙයි. අපගේ රාජධානියේ භාග්‍යය, නව ලොවෙහිදීය. අප දැන් ඒ ගැන දන්නවා. ඔබට පුළුවන් ඔවුන්ට ලක‍්ෂ්මී සහ නාරායන් ගේ උපත් 84හි කතාව කියන්න. කෙනෙක් කෙලෙස වුවත්, ගුරුවරයෙක් කෙබඳු වුවද, ඔවුන්ගෙන් එක් අයෙකුටවත් ඔබට මෙසේ කීමට නොහැකි වනු ඇත එන්න, මම ඔබට ඔවුන්ගේ උපත් 84හි කතාව කියන්නම්. ඔබට දැන් මෙම අවධානය ඔබගේ බුද්ධිය තුළ තිබේ. ඔබ ඥාන සාගරයද කලතයි. ඔබ දැන් ඥානයෙන් සපිරි සූර්ය වංශය බවට පත් වෙයි. ඉන්පසුව, ස්වර්ණමය යුගයෙදී ඔබට විෂ්ණු රජ පෙළපත යැයි කියනු ලබයි. ඥාන සූර්යයා නඟින විට, අවිද්‍යාවේ අන්ධකාරය දුරු වී යයි. ඔබට මෙකල ඥානය ලැබෙයි. ඥානය තුළින් පමණයි ඔබට විමුක්තිය ලැබෙන්නේ. ඔබට ලැබෙන ඥානය, චක්‍රයෙන් භාගයකට වන අතර, ඉන්පසුව ඉතිරි භාගයේදී අවිද්‍යාව තිබේ. මෙයද නාටකයේ තීරණය වී තිබේ. ඔබ දැන් නුවණැත්තන් වී ඇත. ඔබගේ නුවණ වැඩි වන තරමට, ඔබ අන් අයව ඔබ හා සමාන කිරීමට, වැඩියෙන් උත්සාහ දරනවා ඇත. ඔබගේ පියා දයාවෙන් පිරි, එමෙන්ම හිතකාමී බැවින්, ඔය දරුවන්ද ඔහු මෙන් විය යුතුයි. හිතකාමී නොවන දරුවන් ගැන ඔබ කියන්නේ කුමක්ද? ඔබ එඩිතර වන විට, පියා උපකාර කරන බව සිහිකර තිබේ. මෙයද අනිවාර්යෙන්ම අවශ්‍යයි. එසේ නැත්නම් ඔබට ඔබගේ උරුමය ලැබෙන්නේ කෙසේද? ඔබට උරුමයක් ලැබෙන්නේ ඔබ කරන සේවයට අනුවයි. මෙය දේවමය දූත මෙහෙයකි. ඔවුන්ගේ ආගම් ව්‍යාප්ත කිරීම සඳහා, ක්‍රිස්තියානි දූත මෙහෙයක් සහ ඉස්ලාම් දූත මෙහෙයක් තිබෙනවා සේම, ඔබ ඔබගේ බ්‍රහ්මණ ධර්මය සහ දේවතා ධර්මය ව්‍යාප්ත කරනවා. නාටකයට අනුව ඔය දරුවන් අනිවාර්යෙන්ම උදව්කරුවන් වනවා. ඔබ අනිවාර්යෙන්ම පෙර චක්‍රයේදී රඟපෑ කොටස් රඟපානවා. සෑම කෙනෙක්ම ශ්‍රේෂ්ඨතම, මධ්‍යම හෝ පහත් කොටසක් රඟපාන බව ඔබට දැකිය හැක. ඔබව ශ්‍රේෂ්ඨ අය බවට පත් කරවන කෙනා, සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම කොටස රඟපානවා. එබැවින්, ඔබ සෑම කෙනෙකුටම පියාගේ හැඳින්වීම ලබා දිය යුතු අතර, ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ රහස්ද විස්තර කර දිය යුතුයි. සෘෂිවරුන් සහ මුනිවරුන් ආදිය ’මෙයත් නොවෙයි, එයත් නොවෙයි!‘ (නෙති නෙති) යැයි කියයි. ඉන්පසුව මිනිසුන් කියන්නේ, දෙවියන් සර්ව ව්‍යාප්ත බවයි. ඔවුන් වෙන කිසිවක් නොදනී. නාටකයට අනුව මිනිසුන්ගේ ජීව, තමෝප්‍රධාන් වනවා. ඔවුන්ගේ ශරීරවල බුද්ධීය යැයි ඔබ නොකියයි මනස සහ බුද්ධීය ඇත්තේ ජීවයේය. ඔය දරුවන් මෙය හොඳින් වටහා ගෙන, එය මතගෑ යුතුයි. ඉන්පසුව ඔබ එය විස්තර කළ යුතුයි. ඒ මිනිසුන් ආගමික ග්‍රන්ථ ආදිය කියා දීම සඳහා, බොහෝ වෙළඳසල් ආදිය විවෘත කර තිබේ. ඔබටද ඇත්තේ වෙළඳසලකි. ඔබට විශාල නගරවල විශාල වෙළඳසැල් අවශ්‍යයි. දක‍්ෂ වන එම දරුවන්ට බොහෝ නිධාන තිබේ. කෙනෙකුට නිධානයන් බොහොමයක් නොමැති නම්, ඔහුට ඒවා අන් අයට දීමට නොහැක. ධාරණාව සිදුවන්නේ අංක පිළිවෙලටය. ඕනෑම කෙනෙකුට විස්තර කර දීම සඳහා, ඔය දරුවන් මෙය ඉතා හොඳින් ධාරණය කරගත යුතුයි. එය විශාල දෙයක් නොවෙයි තත්පරයක කාරණාවකි. ඔබ පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගත යුතුයි. ඔය දරුවන් පියාව හඳුනාගෙන තිබේ, එබැවින් ඔබ අසීමිතත්වයේ අධිපතියන් බවට පත් වී ඇත. අධිපතියන්ද අංක පිළිවෙලයි. රජු, අධිපතියා වන අතර, පුරවැසියන්ද කියන්නේ අප අධිපතියන්ය. මෙහිද සෑම කෙනෙක්ම කියන්නේ මෙය අපගේ භාරතයයි. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබගේ දිව්‍යලෝකය ස්ථාපනය කරන බව ඔබ කියනවා. ඉන්පසුව දිව්‍යලෝකයේ රාජධානිය තිබෙයි. තත්ත්වයන්ගේ විවිධ මටිටම් තිබෙයි. ඔබ උසස් තත්ත්වයක් හිමි කරගැනීමට උත්සාහ දැරිය යුතුයි. පියා පවසන්නේ ඔබ දැන් උත්සාහ දරා තත්ත්වයක් හිමි කරගන්නා තරමට අනුව, එය චක්‍රයෙන් චක්‍රයට නියමිත වෙයි. කෙනෙක් විභාගයකදී අඩු ලකුණු ගන්නේ නම්, ඇය හෝ ඔහුගේ හදවත සැලෙයි. මෙය අසීමිත කාරණාවකි. ඔබ සම්පූර්ණ උත්සාහ නොගන්නේ නම්, ඔබ පසුබෑමට ලක් වී, දඩුවම් විඳීමටද සිදුවෙයි. ඒ වෙලාවට ඔබට කළ හැකි දේ කුමක්ද? කිසිම දෙයක් නැත ! ජීවය කුමක් කරයිද? ඒ මිනිසුන් දියට පැන සිය දිවි නසා ගන්නවා. මෙහි, සිය දිවි නසා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ජීවයකට සිය දිවි නසා ගැනීමට නොහැක, මන්ද ජීවය අවිනාශී බැවින්. කෙසේවෙතත් ඔබගේ චරිත කොටස රඟපාන ඔබගේ ශරීරයේ දිවි නැසීමට පුළුවන්. ඔබ දැන් උත්සාහ දරන්නේ එම පරණ සපත්තුව හැලීමටය, මන්ද එවිට ඔබට අළුත් දිව්‍යමය සපත්තුවක් ගැනීමට හැකි වන නිසා. මෙසේ පවසන්නේ කවුද? ජීවයයි. මට අළුත් ඇඳුම් දෙන්න කියා දරුවන් කියන ආකාරයට, ජීව වන අපටද, අළුත් ඇඳුම් අවශ්‍යයි. පියා පවසන්නේ ඔය ජීවාත්මද අළුත් විය යුතුයි, එබැවින් ඔබට අළුත් ශරීර ද තිබෙන විට පමණයි අලංකාරය ඇති වන්නේ. ජීව පිවිතුරු වන විට, පංච මහා භූතයන් අළුත් වනවා. ශරීර නිර්මාණය වන්නේ පංච මහා භූතයින් ගෙනි. ජීවයක් සතෝප්‍රධාන් වන විට, ඔහුට සතෝප්‍රධාන් ශරීරයක් ලැබෙන අතර, ජීවයක් තමෝප්‍රධාන් වන විට, ඔහුට තමෝප්‍රධාන් ශරීරයක් ලැබෙයි. මුළු ලොවේම රූකඩයින් දැන් තමෝප්‍රධාන්ය. දවසින් දවස ලෝකය දිගින් දිගටම පැරණි වී, අඛණ්ඩව පහතට වැටෙනවා. සෑම දෙයක්ම අළුත්ව තිබී පැරණි වනවා. එය පැරණි වූ විට විනාශ වනවා. මෙය මුළු ලෝකයම පිළිබඳ ප්‍රශ්නයකි. නව ලෝකයට ස්වර්ණමය යුගය කියාද පැරණි ලෝකයට, කලි යුගය කියාද කියන නමුත් කිසිම කෙනෙක් මෙම සංගම් යුගය ගැන නොදනී. මෙම පැරණි ලෝකය වෙනස් විය යුතු බව දන්නේ ඔබ පමණයි. පියා, ගුරුවරයා සහ ගුරු වන අසීමිත පියාගේ අණසක වන්නේ පිවිතුරු වන්න! විශාලතම සතුරා වන රාගය පරාජය කර, ලෝකය ජයගත්තන් වන්න. ලෝකය ජයගත්තෙක් වීම යනු, විෂ්ණු රජ පෙළපතේ කොටසක් වීමය එය එම දේමයි. මෙම වචන වල අරුත ඔබ දන්නවා. ඔබට උගන්වන්නේ පියා බව ඔය දරුවන් දන්නවා. පළමුවෙන්ම ඔබ තුළ මෙම ස්ථීර විශ්වාසය තිබිය යුතුයි. දරුවෙක් වැඩෙත්ම, ඔහු ඔහුගේ පියා සිහිපත් කළ යුතු අතර, ඉන්පසුව ඔහු ගුරුවරයාද, ඊටත් පසුව ගුරුවද සිහි කළ යුතුයි. ඔහු තුන් දෙනාවම වෙන වෙන වෙලාවලදී සිහි කරයි. මෙහි, ඔබට තිදෙනාවම එකවර හමු වී තිබේ. පියා, ගුරුවරයා සහ ගුරු යන තිදෙනාම එක්කෙනෙකි. ඒ මිනිසුන් ’විශ්‍රාමික තත්ත්වයෙහි‘ තේරුමවත් නොදනී. ඔවුන් විශ්‍රාමික තත්ත්වයට යා යුතුයි, මේ නිසයි ඔවුන් ගුරු කෙනෙක් වෙතට යා යුතු බව විශ්වාස කරන්නේ. ඔවුන් වයස අවු 60ක් වූ පසු ගුරු කෙනෙක් වෙතට යයි. මෙම නීතිය මතු වී ඇත්තේ දැන් පමණයි. පියා පවසන්නේ මම මෙම කෙනාගේ බොහෝ උපත් වල අවසන් උපතේ, ඔහුගේ විශ්‍රාමික තත්ත්වයේදී, ඔහුගේ ගුරු බවට පත් වන්නෙමි. මෙම බාබාද කියන්නේ නිර්වාණ දේශයට යෑමට කාලය පැමිණි විට, වයස අවු 60 පසු කළ පසුව, මට සත්ගුරුව මුණගැසුණා. පියා පැමිණෙන්නේ සෑම කෙනෙක්වම නිර්වාණ දේශයට රැගෙන යාමටය. ඔබ විමුක්ති දේශයට ගොස්, ඉන්පසුව ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා මෙහි පැමිණිය යුතුයි. බොහෝ මිනිසුන් ඔවුන්ගේ විශ්‍රාමික තත්ත්වයට පත් වූ පසු, ගුරු කෙනෙක් වෙතට යයි. දැන් කාලයේ ඔවුන් ළදරුවන්ටත් ගුරු කෙනෙක් සොයා ගන්නවා, මේ නිසා ගුරුට දානය ලැබෙයි. ක්‍රිස්තියානුවන් ළදරුවෙක්ව ’ක්‍රිස්තියානි‘ (බවුතිස්ම) කිරීම සඳහා පූජකයෙකු ගේ උකුලට දමයි. කෙසේවෙතත් ඔවුන් නිර්වාණ දේශයට නොයයි. පියා මේ සෑම රහසක්ම විස්තර කර දෙයි. ඔහුගේ සීමාවන් ඔබට කියන්නේ දෙවියන්ම පමණයි. ඔහු මුල සිටම ඔබට ඒ ගැන කිවේය. ඔහු, ඔහුගේම සීමාවන් ඔබට කියා, ලෝකය පිළිබඳ දැනුමද ඔබට ලබා දෙයි. දෙවියන්ම පැමිණ ආදී සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපනය කරනවා, එනම් ඔහු දිව්‍යලෝකය ස්ථාපනය කරනවා. දිගටම පැවතෙන නම වන්නේ භාරතයයි. ක්‍රිෂ්ණාගේ නම, ගීතාවට ඇතුළු කිරීමෙන් ඔවුන් විශාල අවුලක් ඇති කර තිබේ. මෙයත් නාටකයයි එය ජය සහ පරාජය අතර නාටකයකි. ජය සහ පරාජය ඇති වන්නේ කෙසේද කියා, පියා හැර අන් කිසිවෙකුට ඔබට කිව නොහැක. ඔවුන් පසුව පරාජය වන බව, ලක‍්ෂ්මි සහ නාරායන්වත් දන්නේ නැත. මෙය දන්නේ ඔය බ්‍රහ්මින්වරුන් පමණයි. ශුද්‍රයින් පවා මෙය දන්නේ නැත. පියා පමණයි පැමිණ, ඔබව බ්‍රහ්මින්වරුන්ගෙන් දේවතාවන් බවට පත් කරවන්නේ. ’හම් සෝ‘ හි තේරුම, ’ඕම්‘ හි තේරුමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. මිනිසුන් ඔවුන්ගේ හිතට ඇතුළු වන ඕනෑම දෙයක් ගැන කිසිම තේරුමක් නැතිව දිගින් දිගටම කතා කරයි. ඔබ පහතට වැටෙන්නේ කෙසේද, ඉන්පසුව ඉහළ නඟින්නේ කෙසේද කියා ඔබට දැන් වැටහෙනවා. ඔය දරුවන්ට මෙකල මෙම ඥානය ලැබෙනවා. නාටකයට අනුව, චක්‍රයකට පසුව පියා නැවතත් පැමිණ, ඔබට නැවතත් කියා දෙයි. සියලුම ආගම් නායකයන් තම කාලයේදී පැමිණ, ඔවුන්ගේ ආගම් ස්ථාපනය කරයි. ඔවුන් මෙය සිදු කරන්නේ ඔවුන් දැරූ උත්සාහයට අනුව අංක පිළිවෙලට කියා ඔබ නොකියයි. ඔවුන් කාලයට අනුව, අංක පිළිවෙලට පහළට පැමිණ, ඔවුන්ගේම ආගම් ස්ථාපනය කරයි. එකම පියා පමණයි, බ්‍රහ්මණ පෙළපත, ඉන්පසුව සූර්ය පෙළපත සහ ඉන්පසුව චන්ද්‍ර පෙළපත ඔහු ස්ථාපනය කරන අන්දම විස්තර කර දෙන්නේ. ඔබ දැන් ඥානයෙන් පිරි සූර්ය පෙළපත වන අතර, ඉන්පසුව ඔබ විෂ්ණු පෙළපත වෙයි. කිසි කෙනෙකුට වරදක් සොයාගත නොහැකි වන අන්දමට, ඔබ ඉතා පරෙස්සමෙන් වචන ලිවිය යුතුයි. ඔබ දන්නවා මෙම දැනුමේ සෑම ශ්‍රේෂ්ඨ වැකියක්ම මාණික්‍යයක්, දියමන්තියක් බව. ඔය දරුවන් ඔබගේ විස්තර කිරීම් වලදී ඉතා සුවිනීත විය යුතුයි. වැරදීමකින් එක් වචනයක් අතපසු වුවොත්, ඔබ සැනෙකින් එය නිවැරදි කර, ඉන්පසුව ඔවුන්ට එය විස්තර කළ යුතුයි. විශාලතම වරද වන්නේ පියාව අමතක වීමය. පියා ඔබට අණ කරන්නේ ඔහුව නිරතුරුවම සිහිපත් කරන ලෙසය. ඔබ මෙය අමතක නොකළ යුතුයි. පියා පවසන්නේ ඔබ මගේ ඉතාමත් පුරාතණ ආදරවන්තයින්. ඔය සියලුම ආදරවන්තයින්ට ඇත්තේ එක් ආදරවන්තයා පමණයි. ඒ මිනිසුන් ආදරයෙන් බැඳෙන්නේ එකිනෙකාගේ රූපය සමගයි. මෙහි ඇත්තේ එක් ආදරවන්තයා පමණයි. එම කෙනා ආදරවන්තයින් කීදෙනෙක් සිහි කරයිද? බොහෝ දෙනෙකුට එක් අයෙක් සිහි කිරීම පහසුය, නමුත් එක් අයෙක් බොහෝ දෙනෙක් සිහි කරන්නේ කෙසේද? ඔබ බාබාට කියන්නේ බාබා මා ඔබව සිහිපත් කරනවා. ඔබ මාව සිහි කරනවාද? ආ! අපවිත්‍ර බවින් පිවිතුරු වීම සඳහා, ඔහුව සිහිපත් කළ යුත්තේ ඔබයි. ඔබව සිහි කරන්න, මා අපවිත්‍ර නැත. ඔබ පිවිතුරු විය යුතු නිසා, ඔහුව සිහිපත් කිරීම ඔබගේ වගකීමයි. කෙනෙක් සිහිපත් කිරීමේ යෙදී සිටින ප්‍රමාණයට සහ හොඳ සේවය කරන ප්‍රමාණයට අනුව, ඔහුට ධාරණය කරගැනීමට හැකි වෙයි. සිහිපත් කිරීමේ වන්දනාව ඉතාමත්ම අපහසුයි. යුද්ධයක් ඇත්තේ මෙහිදීය. උපත් 84හි චක්‍රය ඔබට අමතක වන්නේ නැත. මෙම කන්, රත්තරං භාජන බවට පත් විය යුතුයි. ඔබට සිහිපත් කිරීම වැඩියෙන් ඇති තරමට, වඩා හොඳින් ඔබට ධාරණය කරගැනීමට හැකි වෙයි. මෙහි බලය තිබෙයි. මේ නිසයි සිහිපත් කිරීමේ බලය තිබිය යුතු බව කියන්නේ. ඥානය තුළින් ආදායමක් ලැබෙන අතර, සිහිපත් කිරීම තුළින් ඔබට අංක පිළිවෙලට සියලුම බලයන් ලැබෙයි. අසිපත් වලත්, ඒවායේ ඇති බලයේ අංක පිළිවෙලක වෙනසක් ඇත. එය භෞතික දෙයකි. පියා ඔබට පවසන්නේ එක් ප්‍රධාන දෙයක් පමණයි ඇල්ෆා සිහිපත් කරන්න. ලෝකයේ විනාශය සඳහා, පරමාණුක බෝම්බ පමණක් ඉතිරි වී තිබෙයි, වෙන කිසිවක් නැත. ඒ සඳහා හමුදා හෝ කපිතාන්වරුන් අවශ්‍ය වන්නේ නැත. මේ දිනවල ඔවුන් කෙබඳු බෝම්බ නිපදවා ඇත්ද කියතොත්, ඔවුන් අසුන් ගෙන සිටින ඕනෑම ස්ථානයක සිට ඒවා යැවිය හැක. ඔබ මෙතැන අසුන් ගෙන ඔබගේ රාජධානිය හිමි කරගන්නා අතර, ඔවුන් එතැන අසුන් ගෙන සියලුම දේ විනාශ කර දමනු ඇත. ඔබගේ ඥානය සහ යෝගාව ඔවුන්ගේ මරණය සඳහා ඇති ද්‍රව්‍ය වලට සමානය. මෙයත් නාටකයයි. සෑම කෙනෙක්ම නළුවෙකි. භක්ති මාර්ගය අවසන් වී ඇත. පියා පමණක් පැමිණ, ඔහුගේ හැඳින්වීම සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ඔබට ලබා දෙයි. පියා දැන් පවසන්නේ ඔබ නිෂ්ඵල දේට සවන් නොදිය යුතුයි. මේ නිසයි ඔබ නරක දේවල් නො ඇසිය යුත්තේ. මෙහි ප්‍රතිමාවක් නිර්මාණය වී ඇත. පෙර එය රිලවුන්ගෙන් සැදූ නමුත්, දැන් ඔවුන් එය සාදන්නේ මනුෂ්‍යයින් යොදවගෙනයි, මන්ද මිනිසුන්ට මනුෂ්‍යයින්ගේ මුහුණු තිබෙන නමුත්, ඔවුන්ගේ චරිතය රිලවුන්ගේ මෙනි, මේ නිසයි සංසන්දනය කර තිබෙන්නේ. ඔබ කාගේ සේනාවද? ශිව බාබාගේ. ඔහු ඔබව රිලවුන්ගෙන්, දේවාලයක සිටීමට තරම් වටිනා අය බවට පත් කරවනවා. ඔවුන් සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබේ. රිලවුන්ට පාලමක් ආදිය ගොඩනැගිය හැකිද? ඒ සෑම එකක්ම බොරු කතාය. ඔබ ආගමික පොත්පත් විශ්වාස කරනවාද කියා කෙනෙක් ඔබගෙන් විමසුවොත්, ඔහුට කියන්න අපුරුයි! ආගමික පොත්පත් විශ්වාස නොකරන කෙනෙක් සිටිනවාද? ඒවා ගැන වැඩියෙන්ම විශ්වාස කරන්නේ අපියි. ඔබ තවමත් අපි තරම් ඒවා හදාරා නැත අපි චක්‍රයෙන් භාගයක්ම ඒවා හැදැරුවා. දිව්‍යලෝකයේ ආගමික පොත් පත් හෝ භක්තියේ කිසිම දෙයක් නැත. පියා ඉතාමත්ම පහසුවෙන් විස්තර කරන මුත්, ඔබට අන් අයව ඔබ හා සමාන තත්ත්වයකට පත්කිරීමට නොහැක. ඔවුන්ගේ දරුවන්ට ඇති බැඳීම නිසා, ඔවුන්ට පැමිණිය නොහැක. මෙයත් නාටකය බව කියනු ලබයි. පියා පවසන්නේ පළමුවෙන්ම සතියකට හෝ සති දෙකකට පාඨමාලාව හදාරන්න, ඉන්පසුව ඔබ අන් අයව ඔබ හා සමාන කිරීම ආරම්භ කළ යුතුයි. ඔබ මෙම සේවය විශාල නගර වල සහ අගනුවර ආරම්භ කළ යුතුයි. එවිට ඔවුන්ගේ හඬවල් (වැදගත් මිනිසුන්ගේ) මතුවෙයි. වැදගත් මිනිසුන්ගේ හඬවල් නොමැතිව, ශබ්දය පැතිරෙන්නේ නැත. විශාල බලයකින් සෑම තැනකම සේවය පැතිරුණු විට, බොහෝ දෙනෙක් පැමිණෙයි. ඔබට ලැබෙන්නේ පියාගේ උපදෙස්ය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඥානය සහ යෝගාවෙන් ඔබගේ බුද්ධිය සුවිනීත කරගන්න. පියාව අමතක කිරීමේ වරද සිදු නොකරන්න. ආදරවන්තයෙක් වී, ප්‍රේමවන්තයාව සිහි කරන්න.

2. බැඳීම් වලින් නිදහස් වී, අන් අයව ඔබ හා සමාන කිරීමේ සේවයේ යෙදෙන්න. උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට උත්සාහ කරන්න. කිසි විටෙක තම උත්සාහය ගැන අධෛර්යයට පත් නොවන්න.

වරදානය:
ඔබ එක විනාඩියක් ඒකාග්‍රතා මනෝ ස්ථිතියක රැදී සිටීමෙන්, හුදකලාවේ සිට බලවත් අත්දැකීමක් ලැබ, අන් අයටත් එය ලබා දෙත්වා.

හුදකලාවේ සිටීම යනු, තමන්ව බලවත් මනෝ ස්ථිතියක ස්ථාවර කරගැනීමයි. ඔබට තමන්ව බීජ ස්ථිතියේ ස්ථාවර කරගත හැක, එමෙන්ම ඔබට ප්‍රදීපාගාරයක් සහ බලාගාරයක් වී ලෝකයට ආලෝකය සහ බලය ලබා දිය හැක, නැත්නම් තමන්ව සුරදූත ස්ථිතියේ ස්ථාවර කරගැනීමෙන් අන් අයට අව්‍යක්ත ස්ථිතියේ අත්දැකීමක් ලබා දිය හැක. ඔබට ඒකාග්‍රතාවයට පත් වී, විනාඩියක් හෝ තත්පරයක් තමන්ව මෙම ස්ථිතියේ ස්ථාවර කරගත හැකි නම්, ඔබට තමන්ට සහ අන් අයට බොහෝ යහපතක් සිදු කළ හැක. ඔබ කළ යුත්තේ මෙය පුහුණු කිරීම පමණයි.

පාඨය:
බ්‍රහ්මචාරි කෙනෙක් යනු, තම සෑම සිතිවිල්ලක සහ වචනයකම, පාරිශුද්ධත්වයේ චිත්ත තරංග මුහු වී ඇති කෙනෙකි.