28.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ගෞරව සහිතව සමත් වීමට නම් ශ්‍රීමත් අනුගමනය කරන්න. මායා කුණාටුවෙන් සහ නරක ඇසුරින් බේරී සිටින්න.

ප්‍රශ්නය:
ඔබත් කළ යුතු, පියාද ඔබ වෙනුවෙන් කරන සේවය කුමක්ද?

පිළිතුර:
පියා ඔබට ආදරණීය දරුවනි, යැයි අමතමින් ඔබ දියමන්ති සේ කරනා සේම, ඔබ දරුවන්ද ඔබේ ආදරණීය සොයුරන් දියමන්ති බවට පත් කළ යුතුය. එය අපහසු නැත. ඔවුන්ට කියන්න පියා සිහිකර ඔබ දියමන්ති හා සමාන වන්න කියා.

ප්‍රශ්නය:
පියා විසින් ඔහුගේ දරුවන්ට දී ඇති නියෝගය කුමක්ද?

පිළිතුර:
දරුවනි, මේ සත්‍ය ආදායම උපයා ගෙන අන් අයට ද එසේ කරන්නට උනන්දු කරවන්න. ඔබ කිසිවකුගෙන් ණය ගත යුතු නැත.

ගීතය:
අප මේ පාපකාරී ලෝකයෙන් විවේකී සුවදායී ලෝකයකට ගෙන යන්න...

ඕම් ශාන්ති.
නව ලෝකයට යාමට සිටින ඔබ සුමිහිරි ආධ්‍යාත්මික දරුවන්ට පියා ‘සුබ උදෑසනක්‘ කියයි. ඔබ ආධ්‍යාත්මික දරුවන් අනුපිළිවලින් දන්නවා ඔබේ උත්සාහයන්ට අනුව මේ ලෝකයෙන් ඉතා බැහැරට යන බව. ඔබ යන්නේ කොහෙද? ඔබේ සුමිහිරි නිහඬ ගෙදරටයි. අප ඈත සිට එන නිහඬ දේශය ඇත්තේ ඉතාමත් දුරින්ය. එය අශරීරික ලෝකය වන අතර මෙය ශාරීරික ලෝකයයි. එය ජීවාත්ම සත්තාවන් වන අපගේ ගෙදරයි. පියාට මිස වෙන කිසිවකුට අපව ආපසු ගෙදර ගෙන යා නොහැක. බ්‍රහ්මිණ්වරු වන ඔබසැම ආධ්‍යාත්මික සේවය කරමින් සිටියි. නොගිණිය හැකි තරම් අය සිටී. ඔබ දරුවන් සියලු දෙනා එකම මඟ පෙන්වන්නාට අයත් මඟ පෙන්වන්නන්ය. ඔබේ නම වන්නේ පාණ්ඩව හමුදාව යන්නයි. ඔබ දරුවන් සෑම කෙනෙකුටම ඒ ඈතට යාමට මඟ පෙන්වයි ‘මන්මනභාව්!‘ සහ ‘පියා සිහිකරන්න!‘ ඔබ බාබාට කියනවා : මෙම ලෝකයෙන් ඈතට ගෙන යන්න කියා. නව ලෝකයේ දී ඔබ මෙසේ නොකියයි. මෙය රාවණ් රාජ්‍යය වන අතර ඔබ මෙසේ කියයි: ඔබ අපව මෙතනින් ඈතට ගෙන යන්න. මෙහි කිසිඳු පහසුවක් නැත. නමම දුක් ලෝකය යනුයි. පියා ඔබ රස්තියාදු නොකරයි. ඔබ පියාව සොයමින් භක්ති මාර්ගයේ දී බොහෝ සෙයින් රස්තියාදු වුණා. පියාම මෙසේ කියයි : මා අදෘෂ්‍යමානය. කිසිවෙකුට මා භෞතික ඇස් වලින් දැකිය නොහැකියි. ක්‍රිෂ්ණාගේ සිද්ධස්ථාන වල වන්දනාවට ඔහුගේ ලී සෙරෙප්පුව තබා ඇත. නමුත්, ඔබට වන්දනා කිරීම සඳහා මට පාද නැත. මා ඔබ අමතන්නේ : ‘මගේ ආදරණීය දරුවනි‘ යනුවෙනි. ඔබත් අන් අය අමතන්නේ: ආදරණීය සොයුරනි, පාරලෞකික පියා සිහිකර ඔබේ පාප අවසාන කරන්න. එපමණයි. වෙනත් අපහසුවක් නැත. පියා එසේ ඔබව දියමන්ති සේ කරවනවා මෙන්, ඔබ දරුවන්ද එසේම අන් අයව දියමන්ති සේ කරන්න. ඔබ ඉගෙන ගත යුතුයි මිනිසුන් දියමන්ති හා සම කරන ආකාරය. නාටකය අනුව, සෑම චක්‍රයකම සංගම් යුගයේ දී පරමාත්ම පියා පැමිණ අපට උගන්වයි. ඉන්පසු අප අන් අයට උගන්වයි. පියා අපව දියමන්ති සේ කරවමින් සිටී. ඔබ දන්නවා ඉස්මයිලි ගේ ගුරු වන අගාඛාන්ගේ බර කිරුවේ රත්රන්, රිදී හා දියමන්ති යොදා ගෙනයි. නේරුගේ ද බර රත්රන් සමඟ කිරුවේය. දැන් ඔවුන් කිසිවෙක් දියමන්ති බවට පත් නොකරයි. පියා ඔබව දියමන්ති සේ කරවයි. ඔබ ඔහුව කිරා මනින්නේ කුමක් සමඟ ද? ඔබ දියමන්ති වලින් කුමක් කරන්නද? ඔබට ඒවා අවශ්‍ය නැත. මිනිසුන් තරග වලට බොහෝ මුදල් නාස්ති කරති. ඔවුන් ගොඩනැගිලි ආදිය හදමින් තරඟයට දේපළ සොයන අතර ඔබ දරුවන් සැබෑ ආදායම උපයා ගනී. ඔබ කෙනෙක්ගෙන් ණයක් ගත්තොත් උපත් 21 කට ගෙවිය යුතු වෙයි. ඔබට කිසිවකුගෙන් ණය ගැනීමට අයිතියක් නැත. ඔබට තේරෙනවා, මේ වර්තමානයේ ආදායම් ව්‍යාජ බවත් විනාශ වන බවත්. බාබා මට දියමන්ති ලැබේ යැයි පෙන්වා දෙන විට මා සිතුවා: මෙම සිප්පි කටු වැනි දෙයින් මා මොනවාද කරන්නේ? මා පියාගෙන් මගේ අසීමිත උරුමය නොගන්නේ ඇයි? මට කොහොමත් ඇති වෙන්න කෑම තියෙනවා. මෙසේ කියමනක් ඇත. නිරන්තරයෙන්ම දන් දෙන ඇත්තා පළමු අංකය ලබයි. බාබාට කියන්නේ කොටස් වෙළෙන්දා කියාය. පියා මෙසේ කියයි : මම ඔබේ පරණ දේ අළුත් දේට මාරු කරනවා. කෙනෙක් මළ පසු ඔහු සතුව තිබූ සියල්ල යම් බ්‍රහ්මිණ් පූජකවරයෙකුට දෙනු ලබයි. පියා මෙසේ කියයි : මම ඔබෙන් කුමක් ගන්නද? මෙම සාම්පලය දෙස බලන්න. එක ද්‍රෟපති කෙනෙක් පමණක් නොව සිටින්නේ, ඔබ සියලු දෙනා ද්‍රෟපතින්ය. බොහෝ අය මෙසේ කෑගසයි : ඕ බාබා, අපව නිරුවත් කිරීමෙන් බේරාගන්න! බාබා ඉතා ආදරයෙන් විස්තර කර දෙයි : දරුවනි, ඔබේ මේ අවසාන උපතේ දී පාරිශුද්ධියට පත්වන්න. පියා මෙසේ කියයි : මගේ වැඩිහිටි බවේ ගෞරවය රකින්න. මගේ වංශයේ නම නොකෙලසන්න. ඔබ සුමිහිරි දරුවන්, පියා ඔබව දියමන්ති සේ කිරීම ගැන ආඩම්බර වන්න. පියා මොහුවද එසේ දියමන්තියක් කරවයි. ඔබ සිහිකළ යුත්තේ අර කෙනාය. මේ බාබා මෙසේ කියයි : මා සිහිකිරීමෙන් ඔබේ පව් නොසිඳේ. මා ඔබේ ගුරු නොවේ. ඔහු උගන්වන දේ මම ඔබට උගන්වමි. දියමන්තියක් සේ වීමට ඕන නම්, පියා සිහිකරන්න. බාබා විස්තර කරනවා : භක්ති මාර්ගයේ දී දෙවියන් වැන්දත්, ඔවුන්ගේ බුද්ධිය තිබෙන්නේ ව්‍යාපාර ගැනමයි. මක් නිසාද ආදායම ලැබෙන්නේ එයින් නිසාය. බාබා ඔහුගේ අත්දැකීම් කියයි: මගේ බුද්ධිය එහෙ මෙහෙ යන විට මා මටම කොනිත්තා අසනවා මා ඒවා සිහිකරන්නේ ඇයි කියා. ඔබ සිහිකළ යුත්තේ පියා පමණයි, නමුත් මයා එය නැවත නැවතත් ඔබට එය අමතක කරවයි. නැවත නැවතත් ඔබට පහර දෙයි. ඔබේ බුද්ධියේ යෝගාව කඩා දමයි. ඔබ මෙසේ ඔබටම කතා කරගන්න. පියා මෙසේ කියයි : මධ්‍යස්ථාන විවෘත කිරිමෙන් ඔබ දැන් ඔබටම යහපතක් කරගත යුතුයි. බොහෝ දරුවන් මෙසේ අසයි: බාබා, අපට මේ තැන මධ්‍යස්ථානයක් විවෘත කළ හැකිද? පියා මෙසේ කියයි : මම දානය කරන්නාය. මටම කියා කිසිවක් අවශ්‍ය නොවේ. මේ ගොඩනැගිලි ආදී සියල්ල ඔබ දරුවන්ටයි. ශිව බාබා පැමිණ ඇත්තේ ඔබ දියමන්ති සේ කරවන්නටයි. ඔබ කරන දෙය ඔබට පමණක් ප්‍රයෝජනවත් වෙයි. මෙම කෙනා අනුගාමිකයන් සහිත ගුරු කෙනෙක් නොවේ. ගොඩනැඟිලි ආදිය සාදන්නේ දරුවන්ට සිටීමටයි. ඔවුන් මෙහි ආ කල ඔවුන්ට අවශ්‍ය ආගන්තුක සත්කාර නව ගොඩනැගිල්ලක් තුළ ලැබේ. සමහරු මෙසේ කියා සිටියි: අප නව ගොඩනැගිල්ලට යන්නේ ඇයි? මම කැමතියි පරණ එකට. ඔබ සිටිනා ආකාරයට අපිත් සිටින්න කැමතියි. මෙය ලැබුණාට අප අහංකාර නැත. බාප්දාදා මෙහි ජීවත් නොවේ නම් අප සිටින්නේ කුමටද? අපි ඔබ සමඟ සිටිය යුතුයි. ඔබට සමීප වූ තරමට අපට හොඳය. පියා මෙසේ විස්තර කරයි : ඔබ උත්සාහ කරන ප්‍රමාණයට සතුටු ලෝකයේ දී ඔබේ තත්ත්වය ඉහළට එසවේ. ඔබ සැවොම දෙව්ලොවට යාවි. භාරතයේ මිනිසුන් දන්නවා භාරතය පිරිසිඳු පුණ්‍යවන්ත අයගේ දේශය බව. එහි පාපය කියන නම වත් නැත. සෑම කෙනෙක් ම දැන් පව්කාර ජීවාත්ම සත්තාවක් බවට පත්ව සිටී. මෙය රාවණ් රාජ්‍යයයි. සත් යුගයේ දී රාවණ් නැත. චක්‍රයකින් පසු නැවත රාවණ් රාජ්‍යය තිබේ. පියා මෙතරම් විස්තර කරත්දී ඔබට තේරුම් ගත නොහැක. සෑම චක්‍රයකම මෙසේ සිදු වේ. එය අළුත් දෙයක් නොවේ. ඔබ ප්‍රදර්ශන පවත්වන විට බොහෝ අය එයි. ඔවුන් බොහෝ අය යටත් වැසියන් බවට පත් වේ. දියමන්ති සේ වීමට කාලය අවශ්‍යය. යටත් වැසියන් හෝ වෙන එක හොඳය. මේ කාලය සැමට ගණුදෙනු පියවන කාලයයි. හැම කෙනෙකුගේම ගිණුම් පියැවේ. ගෞරව සහිතව සමත් වන්නන්ගෙන් අටේ මල් මාලය සෑදෙයි. පළමු මල් මාලාවට යැවෙන්නේ අට දෙනාය. ඔවුන් කර්මටීත් තත්ත්වයට පත් වන්නේ දඬුවම් නැතිවය. ඉන්පසු 108ක මාලය ඇත. ඔවුන් ඒ අනුපිළිවෙලිනි. මෙම නාටකය සදාතනික ලෙස පූර්ව නියමිත වී ඇත. ඔබ නොබැඳි නිරීක‍්ෂකයන්ව සිටිමින් බලන්න, හොඳ උත්සාහයන් දරන්නේ කවුද කියා. දැන් දරුවන් අවසානයේ දී පැමිණ දිගටම ශ්‍රීමත් පිළිපදී. මෙලෙස ශ්‍රීමත් පිළිපදිමින් ඉදිරියට යන විට ඔබට ගෞරව සහිතව සමත් වී 8 දෙනාගේ මාලයට අයත් වීමේ හැකියාව ඇත. ඔව්, මෙසේ යන විට ඇතැම් විට අපල කාල ද පැමිණෙයි. හැම කෙනෙකුටම ආරෝහණ හා අවරෝහණ තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. මෙය අදායමකි. සමහර විට සතුටින් සිටින අතර තව විටෙක අඩු සතුටින් සිටී. මායා නම් වූ කුණාටු සහ නරක ඇසුර ඔබව පසු බස්වා සතුට අහිමි කරයි. හොඳ ඇසුර ඔබව ගොඩ කරන අතර නරක ඇසුර ඔබව ගිල්වාලයි යැයි කියැවේ. රාවණ් ඇසුර ඔබව ගිල්වන අතර රාමා ඇසුර ඔබව එගොඩ කරවයි. ඔබ එසේ වූයේ රාවණ්ගේ උපදෙස් පිළිපැදීමෙනි. දෙවි දේවතාවුන් පාපයට වැටුණි. මිනිසුන් ඔවුන් ගැන කැත පිංතූර පෙන්වා ඇත. ඒවා ඔවුන් පාප මාර්ගයට පත් වූ ලකුණුය. භාරතයේ රාමා රාජ්‍යය තිබුණු අතර දැන් එය රාවණ් රජ දහනයි. ඔබ රාවණ් රාජ්‍යයේ දී 100% ක් අසතුටට පත් වේ. මෙය නාට්‍යයකි. ඕනෑම කෙනෙකුට මෙම ඥානය පහසුවෙන් විස්තර කළ හැක. බාබා ඉදිරියේ හෙදියක් වාඩි වී සිටියාය. බාබා එම දරුවාට මෙසේ කීවා : ඔබ හෙදියකි. එම සේවය කරනවා සේම මෙම සේවයද කරන්න. ඔබේ රෝගීන්ට මෙම ඥානය කියා දෙන්න. යෝගාවෙන් ඔබේ සනීපය ලැබෙන අතර උපත් 84 ක චක්‍රය දැනීමෙන් ඔබ ධනවත් වේ. ඔබට බොහෝ සේවය කළ හැකි අතර දිගටම බොහෝ අයට යහපත කළ හැකි වේ. ඔබ උපයන යම් මුදලක් ද මෙම ආධ්‍යාත්මික සේවයට යෙදිය හැකිය. ඇත්තෙන්ම ඔබ සියලු දෙනා හෙදියන්ය. අපිරිසිඳු මනුෂ්‍යයින් දෙවි දේවතාවුන් බවට පත් කිරීම හෙද කාර්යයක් වගේ නේද? පියා මෙසේ කියයි : අපිරිසිඳු මිනිසුන් මට හඬගා කියන්නේ ඔවුන් පිරිසිඳු කරන්න කියාය. අසනීප මිනිසුන්ට සේවය කළ විට ඔවුන් ඔබට බොහෝ ස්තූති කරයි. ඔබ තුළින් දර්ශන පවා ලැබිය හැකියි. ඔබ හරියටම යෝගා හා බැඳුනොත් මහා ශල්‍ය වෛද්‍යවරු පවා ඔබේ පා මුල වැටේවි. එය උත්සාහ කර බලන්න. ඔබ වලාකුළු මෙන් මෙහි එන්නේ නැවුම් වීමටයි. ඉන්පසු ගොස් මෙම ඥානය දෙමින් ඔවුන්ව නැවුම් බවට පත් කරවන්න. සමහර දරුවන් දන්නේ නැහැ වැස්ස කොහෙන් එනවාද කියා. ඔවුන් හිතන්නේ වැස්සේ දෙවියන් වන ඉන්ද්‍රා වැස්ස දෙනවා කියා. ඔවුන් කියන්නේ දේදුන්න ඉන්ද්‍රාගේ දුන්න කියාය. ආගමික ලේඛණ වල බොහෝ මිත්‍යා කතන්දර ලියා ඇත. පියා මෙසේ කියයි : නාටකයේ නියමිත ඇති කුමක් හෝ සිදුවේ. අපි කාටවත් නිග්‍රහ කරන්නේ නැත. එම නාටකය සදාතනික ලෙස පූර්ව නියමිත වී ඇත. ඒවා භක්ති මාර්ගයට අයත් බව තේරෙයි. ඥානය, භක්තිය සහ කළකිරීම යැයි කියැවේ. ඔබ මේ ජරාජීර්ණ ලෝකය ගැන කලකිරී ඇත. ඔබ මරණයට පත් වන විට මුළු ලෝකයම ඔබට අහිමි වෙයි. ජීවාත්ම සත්තාවක් ඔහුගේ ශරීරය අතහරින විට ලෝකය ඔහුට මැරුණා වේ. පියා ඔබ දරුවන්ට විස්තර කරයි : සුමිහිරි දරුවනි, මෙම අධ්‍යයනය ගැන අපරිස්සම් නොවන්න. සියල්ල රඳා පවතින්නේ ඔබේ අධ්‍යයනය මතයි. සමහර නීතිවේදීන් ලක‍්ෂයක් උපයන අතර තවෙකෙක් අඳින්නට කෝට් බෑයක් නැතිව සිටී. සියල්ල අධ්‍යයනය මතයි. මෙම අධ්‍යයනය ඉතා පහසුය. ස්වදර්ශන චක්‍රධාරීන් වන්න. එනම්, උපත් 84හි මුල, මැද සහ අග දැන ගන්න. වෘක‍්ෂය දැන් සම්පූර්ණ දිරාපත් තත්ත්වයට පැමිණ ඇති ලෙසින් - පදනම නැති අතර ගස එසේම කෙලින් සිටී - එසේම, ගසක කඳ සේ සමානව තිබුණු ආදී සනාතන දේවි දේවතා ධර්මය තව දුරටත් දක්නට නැත. හැම කෙනෙක්ම දැන් ක්‍රියා කරන්නේ අනාගමික ලෙස සහ අයුක්ති සහගත ලෙසය. මනුෂ්‍යයින්ට තව කෙනෙකුට ගැලවීම ලබා දිය නොහැක. පියා මෙහි සිට මේ සියලු කරුණු ඔබට විස්තර කර දෙමින් ඔබ සැමදාම සතුටින් තබයි. එහිදී අකල් මරණ කිසි විටෙකත් සිදු නොවේ. ‘අහවලා මරණයට පත් වූවා‘ යන වචන එහි දී නැති වේ. ඒ නිසා, පියා උපදෙස් දෙන්නේ ඔබ බොහෝ අයට මාර්ගය පෙන්වුවොත් ඔවුන් ඔබට අවනත වන බවයි. සමහරුන්ට දර්ශන ද ලැබීමට ඉඩ ඇත. එම දසුන් ඔබ ඉගෙන ගන්නා අරමුණ හා ඉලක්කය සඳහාය. ඉගෙන නොගෙන ඔබට නීතිවේදියෙකු විය නොහැක. දර්ශන ලැබීමෙන් ඔබට විමුක්තිය නොලැබේ. මීරාට දසුන් ලැබුණත් ඇය ක්‍රිෂ්ණා දේශයට ගියේ නැත. භක්තිමතුන් භක්තිය තදින්ම කිරීමෙන් දර්ශන ලබන අතර මෙහි ඇත්තේ තද ස්මෘතියයි. සන්‍යාසීන් දැනුවත් වන්නේ ආලෝක ධාතුව සහ මහා භූත 5 ගැන පමණයි. ඔවුන්ට අවශ්‍ය ආලෝක ධාතුව තුළ ගිලීමටයි. කොහොමනමුත්, ආලෝක ධාතුව උත්තරීතර ජීවාත්ම සත්තාව නොවේ. පියා විස්තර කරයි : ඔබ සරළ ජීවිකාව සඳහා දිගටම ව්‍යාපාර කළත් දැන් ඔබ භාරකරුවෙක් සේ සළකන කල ඔබ ඉතා ඉහළ තත්ත්වයක් ලබයි. ඔබේ සියලු බැඳීම් බිඳී යනු ඇත. බාබා කිසිවක් ගැනීමෙන් කුමක් කරන්නද? මොහු සියල්ල අතහැරීය. ඔහු ඔහුටම කියා ගෙයක් හෝ මාළිගාවක් තැනීමේ අවශ්‍යතාවයක් නැත. මේ ගොඩනැඟිලි සාදන්නේ තවත් බොහෝ දරුවන් එන්න සිටින නිසාය. අබු රෝඩ් හි සිට මෙතැනට පෝලිමක් තිබේ. දැන් ඔබේ බලපෑම පැතිරුනේනම් ඒ සියල්ල හසුරවන විට ඔබට හිසරදය හැදේ. ප්‍රසිද්ධ කෙනෙක් එන විට විශාල පිරිසක් ද එයි. ඔබේ බලපෑම පැතිරෙන්නේ අවසානයේ මිස දැන් නොවේ. ඔබ පියා සිහිපත් කිරීමේ පුරුද්ද ලබා ගත් විට ඔබේ පව් කපාලිය හැකියි. එවැනි ස්මෘතියකින් ඔබ ශරීරය අතහැරිය යුතුයි. ස්වර්ණමය යුගයේ දී ඔබ ශරීර අත්හරින විට ඔබ එක ශරීරයක් අතහැර අළුත් ශරීරයකට යන බව ඔබ තේරුම් ගනී. මෙහිදී, ශරීර අවධානය ඉතා වැඩිය. විශාල වෙනසක් ඇත. මේ සියලු කරුණු හොඳින් ලියාගෙන අන් අයටද පහදා දෙන්න. ඔබ සේම අන් අයද දියමන්ති හා සමාන කරවන්න. ඔබේ උත්සාහය අනුව ඔබට ඉහළ තත්ත්වයක් ලැබේ. මෙසේ විස්තර කර දෙන්නේ පරමාත්ම පියාය; ශුද්ධවන්ත මිනිසකු හෝ මහත්මා කෙනෙක් නොවේ. මේ ඥානය ඉතා විනෝදජනක වන අතර එය හොඳින් උකහා ගත යුතු වේ. එනම්, පියාට ඇහුම් කන් දී ඇසූ දේ අතහරිනවා නොවේ. ඔබ මෙම ගීතයද අසා ඇත: අපව ඔබ සමඟම ගෙන යන්න. කලින් ඔබ මේ කිසිවක් දැන සිටියේ නැත. දැන් පියා ඔබට තේරුම් කරන නිසා ඒවා ඔබට වැටහේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අධ්‍යයනයේ දී කිසි විටෙක අපරිස්සම් නොවන්න. ස්වදර්ශන චක්‍රධාරී වන්න. අන් අය දියමන්ති සේ කිරීමේ සේවය කරන්න.

2. මෙම සත්‍ය ආදායම උපයා අන් අයටද එසේ කරන්නට උනන්දු කරන්න. ඔබේ පරණ ජරාජීර්ණ සියල්ල හුවමාරු කරන්න. නරක ආශ්‍රය පිළිබඳ ප්‍රවේශම් වන්න.

වරදානය:
ඔබ, බැතිමතුන් එක බැල්මකින් ඔබ්බට ගෙන යන, ලෝකයේ ආලෝකය ලෙස දර්ශන ලබා දෙන ස්වරූප බවට පත් වේවා.

ලොවටම පහන් වන ඔබ ගේ දෑසෙන් දෘෂ්ඨි අරගන්නට මුළු ලොවම බලා සිටී. ඔබ ලෝකයේ ආලෝකයයි‚ ඔබේ සම්පූර්ණ සහ පරිසමාප්ත අවධියට ළඟා වූ විට, එනම්, ඔබ ඔබේ පරිසමාප්තියේ දෑස් විවර කරන විට, ලෝක පරිවර්තනය තත්පරයකින් සිදුවනු ඇත. දෘෂ්ඨි ලබා දෙන ස්වරූප බවට පත්වෙමින් සිටින ඔය ජීවාත්මයන්ට එවිට බැතිමතුන්ව එක් බැල්මකින් ඔබ්බට ගෙන යාමට හැකිවනු ඇත. එක බැල්මකින් එහාට ගෙනියන්න අවශ්‍ය අයගේ දිග පෝළිමක් ඇති වේවි. එමනිසා, ඔබේ පරිසමාප්තියේ ඇස් විවෘතව පවතින්නට ඉඩ හරින්න. ඔබේ ඇස් පිසදැමීම නවත්වන්න, හුස්ම හිරවීම සහ ඔබේ සිතිවිලි වල හිස සැලීම නවත්වන්න, එවිට, ඔබට දෘෂ්ඨි ලබා දෙන ස්වරූප බවට පත් විය හැකි වනු ඇත.

පාඨය:
පවිත්‍ර හා පිරිසිදු ස්වභාවය නිහතමානීකමේ සලකුණකි. පවිත්‍ර හා පිරිසිදු වන්න, එවිට ඔබට සාර්ථකත්වය ලැබෙනු ඇත.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

ඔබගේ මනස සහ බුද්ධිය ඒකාග්‍ර කිරීම සදහා, ඔබගේ අවධානයේ නිරතුරුවම “මන්මනාභව” යන මන්ත්‍රය තබා ගන්න. ප්‍රායෝගිකව “මන්මනාභව” යන මන්ත්‍රය ධාරණය කරගැනීමෙන් ඔබට ප්‍රථම අංකයක් හිමි කරගත හැක. මනසේ ඒකාග්‍රතාවය තිබීම යනු, ඒකායන කෙනාගේ ස්මරණයේ සිටීමයි, හුදකලාව තුළ ඒකාග්‍ර වීමයි. ඔබ අභ්‍යන්තර ගත වී, සියලු ආකර්ෂණ වල කම්පන තරංග වලින් නිදහස් වූ විට, ඔබගේ මනසින් මුළු ලෝකයටම සකාෂ් ලබා දීමේ සේවය ඔබට කිරීමට හැකි වෙයි.