28.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ඉතාමත් වාසනාවන්තයි, මන්දයත් ඔබට පියා ස්මරණය කරනවා මිස වෙනත් සැලකිළිමත් විය යුතු දෙයක් නැත. කෙසේ වුවත්, මේ පියාට සැලකිළිමත් වන්නට තවමත් බොහෝ දේ ඇත.

ප්‍රශ්නය:
පියාගේ වටිනා දරුවන්ගේ සලකුණු මොනවාද?

පිළිතුර:
ඔවුන් නොකඩවා සෑම කෙනෙකුගේම බුද්ධියේ යෝගාව පියා හා සම්බන්ධ කරවයි. ඔවුන් සේවයට සුදුසුයි, ඔවුන් හොඳින් ඉගෙනගෙන අන් අයටත් උගන්වයි. ඔවුන් පියාගේ හදවතේ ඉඳී. පියාගේ නම කීර්තිමත් කරන්නේ එවන් වු වටිනා දරුවන්ය. සම්පූර්ණයෙන්ම ඉගෙනීම නොකරන අය අන් අය වෙනුවෙන් දේවල් නරක් කරති. මෙයද නාටකයේ නියම වී ඇත.

ගීතය:
මව සහ පියාගේ ආශීර්වාද ලබන්න.

ඕම් ශාන්ති.
සෑම නිවසකම, දෙමව්පියන් සහ දරුවන් දෙතුන් දෙනෙක් සිටිති. එසේම ඔවුන් ආශීර්වාද ආදිය ඉල්ලා සිටිති. එය සීමිත විෂයකි. එය සීමිත වූවන් පිළිබඳ සිහිකිරීමයි. අසීමිත වූවන් පිළිබඳව කිසිවකුත් නොදනී. අසීමිත පියාගේ දූ දරුවන් ඔබ වේ යන්න දැන් ඔබ දරුවන් දනී. එම දෙමව්පියන් සීමිතයි. සීමිත දෙමව්පියන්ගෙන් ඔබ ආශීර්වාද ලබයි. මොහු අසීමිත මව සහ පියා වේ. සීමිත දෙමව්පියන්ද දරුවන් රැකබලා ගනිති. එවිට ගුරුවරයකු ඔවුන්ට උගන්වයි. මොහු අසීමිත මව සහ පියා, අසීමිත ගුරුවරයා, සහ අසීමිත සත්ගුරු බව දරුවන් වන ඔබලා දැන් දනී. ඔහු උත්තරීතර පියා, උත්තරීතර ගුරුවරයා සහ උත්තරීතර සත්ගුරු ය. ඔහු සත්‍ය පවසන, සත්‍ය උගන්වන තැනැත්තාය. දරුවන් අනුපිළිවලට සිටී. භෞතික නිවසකද දරුවන් දෙදෙනෙක් හෝ හතරදෙනෙක් සිටින විට ඔවුන් දරුවන් ගැන බොහෝ සැලකිළිමත් වනු ඇත. මෙහි බොහෝ දරුවන් ඇත. බොහෝ මධ්‍යස්ථාන වලින් දරුවන්ගේ පුවත් පැමිණේ. මේ දරුවා මේ වාගේය. මොහු දරුණුය. මොහු අන්‍යයන්ව අවුල් කරයි. මොහු බාධා කරයි. මේ පියා බලවත් සැලකිල්ලක් දක්වයි, නොවේද? ඔහු මනුෂ්‍ය වර්ගයාගේ පියා වන ප්‍රජාපිතා වේ, නොවේද? ඔහු බොහෝ දරුවන් ගැන බොහෝ සැලකිළිමත් වේ. එමනිසා, බාබා පවසයි : දරුවන් වන ඔබලාට පියාව හොඳින් සිහිකිරීමේ සිටිය හැක. මොහුට දහසකුත් දේ සලකා බලන්නට ඇත. කොහොමත් එක් සැලකිල්ලක් සමඟ තවත් දහසක් තිබේවි. දරුවන් බොහෝ දෙනෙක් රැකබලා ගන්නට ඇත. මායාත් මහා හැතිරියකි. ඇය සමහරුන්ගේ සම ගලවයි. සමහරුන්ගේ නාසයෙන් අල්ලා ගනී. එසේම සමහරුන්ගේ කොණ්ඩ වල්ලෙන් අල්ලයි. එබැවින් ඔහුට මේ සියල්ලන් ගැනම සිතන්නට වී ඇත. කෙසේවෙතත්, ඔහුට අසීමිත පියාගේ ස්මරණයේ සිටිය යුතු වේ. ඔබලා අසීමිත පියාගේ දරුවන්ය. ඔබ කියයි: මා පියාගේ ශ්‍රීමත් අනුගමනය කර ඔහුගෙන් මගේ සම්පූර්ණ උරුමය ඉල්ලා ඉදිරිපත් නොවන්නේ මන්ද? සෑම කෙනෙකුටම සමානව ඉදිරියට යාමට නොහැක්කේ මෙය පිහිටුවන ලද රාජධානියක් නිසාය. මෙය කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුල් විය නොහැක. මෙය ඉතා උසස් ඉගෙනීමකි. ඔබ ශ්‍රේෂ්ට වූ විට එම රාජධානිය පිහිටුවන ලද්දේ කෙසේදැයි ඔබ නොදනී. එම රාජධානිය ගොඩනැගීමේ කාර්යය ඉතා පුදුම සහගතය. ඔබලා දැන් අත්දකී. මීට කලින් මොහු පවා තමා කවුද හෝ ඔහු උපත් 84ක් ගත්තේ කෙසේදැයි දැන නොසිටියේය. දැන් ඔහු එය අවබෝධ කරගෙන ඇත. ඔබ ද කියයි: බාබා, ඔබ දැන් ඒ සමාන පුද්ගලයෙකි. මේ දර්ශනය ඉතා පැහැදිලිව අවබෝධ කළ යුතුව ඇත. පියා මේ වේලාවට පමණක් පැමිණ සියල්ල පැහැදිලි කරයි. මේ කාලයේදී යමෙකු කොපමණ ලක්‍ෂපතියකු හෝ කෝටිපතියකු වූවාට කමක් නැත. මේ මුදල් සියල්ල දුහුවිලි බවට හැරේ. කෙසේවෙතත්, ඉතිරිව ඇත්තේ කොපමණ කාලයද? ඔබ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති වලට සවන් දෙන්න. ප්‍රවෘත්ති පත්‍ර කියවන්න. සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි බලන්න. දිනෙන් දින සටන් කිරීම විශාල වශයෙන් වැඩි වේ. සෑම දෙයක්ම පැටළිලි බවට පත්වෙමින් තිබේ. සියල්ලන්ම ඔවුනොවුන් අතර සටන් කරමින් මිය යමින් සිටිති. ඕනෑම වේලාවක යුද්ධය පටන් ගැනීමට සකස් කර තිබෙන සූදානම් වලින් එය අවබෝධ වී ඇත. දැන් සිදුවෙමින් පවතින්නේ හෝ සිදුවන්නේ කුමක්දැයි ලෝකය නොදනී. ඔබලා අතරද සම්පූර්ණයෙන් අවබෝධ කර ප්‍රීතියෙන් සිටින්නේ ඉතා ස්වල්ප දෙනෙකි. අප මේ ලොව සිටින්නේ තව ටික දිනකට පමණයි. අප දැන් කර්මාතීත් තත්ත්වය දෙසට ගමන් කළ යුතුයි. සෑම කෙනෙකුම තමන් වෙනුවෙන් උත්සාහ දරමින් සිටියි. ඔබ කරන ප්‍රමාණය තරමට ඵල ලැබේවි. ඔබ වෙනුවෙන් උත්සාහ කරමින් අන්‍යයන් උත්සාහ කරවීමට කුල්මත් කරන්න. සැමටම මාර්ගය පෙන්වන්න. මේ ලෝකය අවසාන වීමට ඇත. ලොව පිහිටුවීමට බාබා දැන් පැමිණ ඇත. එමනිසා, විනාශ වීම සිදුවීමට පෙර නවලොව වෙනුවෙන් මේ අධ්‍යයනය ඉගෙන ගන්න. දෙවියන් කතා කරයි : මම ඔබලාට රාජයෝග උගන්වමි. ආදරණීය දරුවනි, ඔබ බොහෝ සේ ඇදහීම් කර ඇත. ඔබලා චක්‍රයෙන් භාගයකට රාවන්ගේ රාජධානියේ සිට ඇත. රාමා හෝ රාමාගේ රාජධානිය පිහිටුවන ලද්දේ කෙසේදැයි පවා කිසිවකු දන්නේ නැත. මේ සියල්ල දන්නේ බ්‍රාහ්මණයන් වන ඔබලා පමණි. ඔබලා අතරින් කිසිම දෙයක් නොදන්නා අයද ඇත. පියාගේ වටිනා දරුවන් වන්නේ සෑම කෙනෙකුගේම බුද්ධියෙහි යෝගාව එකම එක පියාට සම්බන්ධ කරවන අයයි. සේවය කළ හැකි හා හොඳින් ඉගෙන ගන්නා අය පියාගේ හදවතේ අසුන් ගනු ලැබේ. සමහරු වටිනාකමක් නැත. ඔවුහු සේවය වෙනුවට අනර්ථය කරති; ඔවුහු අන්‍යයන්ගේ බුද්ධියේ යෝගාව පියාගෙන් කඩයි. මෙයද නාටකයේ නියම කර ඇත. නාටකයට අනුකූලව මෙය කලින් නියම කර ඇත. සම්පූර්ණයෙන් ඉගෙන නොගත් අය කුමක් කරයිද? ඔවුන් අන්‍යයන්ව නරක් කරති. දරුවන් වන ඔබලාට එය පැහැදිලි කරනු ලැබ ඇත්තේ ඒ නිසාය. පියාව අනුගමනය කරන්න. සේවය කළ හැකි සහ බාබාගේ හදවත මත වාඩි වී සිටින දරුවන්ගේ ඇසුර තබාගන්න. ඔබට ඇසිය හැක: මා කාගේ ඇසුරද තබාගත යුත්තේ? කාගේ ඇසුර ඉතා යහපත් දැයි බාබා එසැනින් කියනු ඇත. එවැනි ඇසුර තබා ගන්නා අය බොහෝ ඇත්තේ ඔවුන් වැරදි මාර්ගයේ මුලා වූ ලෙසයි. මෙයද සිහිපත් කරනු ලැබේ: යහපත් ඇසුර ඔබව එගොඩ කරයි. අයහපත් ඇසුර ඔබව දියේ ගිල්වයි. අයහපත් ඇසුර ඔබට බලපෑම් කළහොත් ඔබ සම්පූර්ණයෙන් විනාශ වනු ඇත. ගෙදරකට මෙහෙකාරයන්, මෙහෙකාරියන් අවශ්‍යයි, නොවේද? මුළු රාජධානියක්ම පිහිටුවනු ලැබේ. මේ සඳහා ඉතා පුළුල් බුද්ධියක් අවශ්‍යයි. එමනිසා, ඔබට අසීමිත පියා සම්බ වී ඇත. ඔහුගෙන් ශ්‍රීමත් ලබාගෙන එය අනුගමනය කරන්න. නැත්නම්, ඔබගේ තත්ත්වය කිසිවකට නැති දේකට විනාශ වනු ඇත. මෙය ඉගෙනීමකි. දැන් ඔබ මෙයින් අසමත් වුවහොත්, උපතින් උපත, චක්‍රයෙන් චක්‍රය අසමත් වීම නොකඩවා සිදුවනු ඇත. ඔබ දැන් හොඳින් ඉගෙනීම කළහොත් ඔබ චක්‍රයෙන් චක්‍රය නොකඩවාම හොඳින් ඉගෙනගනු ඇත. හොඳින් ඉගෙන නොගන්නා අය ලබාගන්නේ කුමන තත්ත්වයක්ද? ඔවුන් විසින්ම එය අවබෝධ කරගනී; අපි කිසිම සේවයක් නොකර සිටියා. බොහෝ අය අපට වඩා දක්‍ෂය. දේශන පැවැත්වීමට ආරාධනා කරනු ලබන්නේ වඩා දක්‍ෂ අයට පමණි. එමනිසා, වඩා දක්‍ෂ අය සත්‍යයෙන්ම උසස් තත්ත්වයක් ලබාගනු ඇත. මා එතරම් සේවයක් නොකර සිටි නිසා, මට උසස් තත්ත්වයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත. ගුරුවරයෙකුට ඔහුගේ ශිෂ්‍යයන්ව අවබෝධ කරගත හැක. ඔහුට නොහැකිද? ඔහු දිනපතා උගන්වයි. ඔහු නාම ලේඛනයක් තබාගනී. ඉගෙනීම මෙන්ම හැසිරීම ගැනද නාම ලේඛනයක් තබනු ලැබේ. මෙහිදීද, එය එසේය. මෙහි ප්‍රධාන අංශය යෝගා වේ. ඔබගේ යෝගා යහපත් නම්, ඔබගේ හැසිරීම් ද යහපත් වනු ඇත. සමහර විට ඉගෙනීමේද අහංකාරය ඇත. මෙහිදී ඔබ ස්මරණයේද ඔබට අප්‍රසිද්ධ වෙසින් උත්සාහ දැරීමට සිදුව ඇත. බොහෝ අය චෝදනා නඟන්නේ ඒ නිසාය: බාබා, මට යෝගා පවත්වාගන්න බැහැ. බාබා පැහැදිලි කර ඇත: යෝගා යන වචනය ඉවත් කරන්න. ඔබට උරුමය ලබාදුන් තැනැත්තා වන පියාව ඔබට සිහිපත් කළ නොහැකිද? එය පුදුමයකි. පියා පවසයි : අහෝ ජීවාත්මයනි, ඔබලා පරමාත්ම පියා වන මා සිහිපත් නොකරයි. ඔබලාට මඟ පෙන්වීම සඳහා මා පැමිණ ඇත. මා සිහිපත් කරන්න. යෝගා ගින්නෙන් ඔබේ පව් නැතිවී යනු ඇත. ඇදහිලි මාර්ගයේදී මනුෂ්‍යයන්ට බොහෝ ඇනහිටීම් නොකඩවා සිදුවේ. ඔවුහු කුම්භ මේලා හිදී ඉතා සිසිල් ජලය ස්නානය කරති. ඔවුහු අපහසුකම් ඉවසා සිටිති. මෙහි අපහසුවක් නොමැත. පළමු පන්තියේ දරුවන් එකම එක ආදරවන්තයාගේ සත්‍ය ආදරවන්තයන් බවට පත්ව ඔහුව නොකඩවා සිහිපත් කරයි. ඔවුන් ඇවිදීමට යන විට, වත්තක හුදෙකලාව වාඩිවී ඔහුව සිහිපත් කරයි. ඕනෑම ආකාරයක ඕපාදූප ආදියේ පැටළීමෙන් වායුගෝලය නරක් වේ. ඔබට කුමන වේලාවද ඇත්තේ එම වේලාවට පියා ස්මරණය කිරීමට පුරුදු වන්න. සත්‍ය ආදරවන්තයාගේ පළමු පෙළේ ආදරවන්තයින් බවට පත්වන්න. පියා පවසයි : ශාරීරික ජීවයන්ගේ ඡායාරූප තබා නොගන්න. ඔබ සිහිපත් කළ යුතු ශිව් බාබාගේ ඡායාරූපය පමණක් තබාගන්න. උදාහරණයක් ලෙස කියයි: ඔබ ලෝක චක්‍රය සිහිපත් කිරීමට උවමනාය. එසේ නැත්නම්, ත්‍රිමූර්තියෙහි, චක්‍රයෙහි පින්තූර පළමු පෙළේ වේ. මුළු දැනුම එය තුළය. ස්වදර්ශන චක්‍රය කරකවන්නා වූ ඔබේ පදවිය අඟවන පදය තේරුම් සහිතය. අළුත් යම් කෙනෙකුට, මේ පදවි නාමය ඇසුව හොත් ඔහුට අවබෝධ නොවනු ඇත. මෙය අවබෝධ කරන්නේ දරුවන් වූ ඔබලා පමණි. ඔබලා අතරද, බාබාව ඉතා හොඳින් ස්මරණය කරන සමහර අය ඇත. ඔවුහු ඔවුනොවුන් වෙනුවෙන් සියලු දේ පවා අහිමි කර ගනිති. කෙසේවෙතත්, මේ ඉගෙනීම ඉතා පහසුය. පියා පවසයි : නිහඬතාවය මඟින් ඔබ විද්‍යාව අභිබවා ජයගනී. විද්‍යාව (Sience) සහ නිහඬතාවය (Silence) යන වචන වලට එකම මුලකුර සහ එකම ශබ්දය ඇත. යුධ හමුදාවේදී ඔවුන්ට විනාඩි තුනක නිහඬතාවය තබා ඇත. මනුෂ්‍යයන්ට සාමය අවශ්‍යයි. සාමයේ ස්ථානය නිත්‍ය වශයෙන්ම ජීවාත්ම වන අප එවැනි කුඩා තිත් සේ වාසය කරන බ්‍රහ්මාණ්ඩ් වේ. සියලු ජීවාත්මයන්ගේ ගස ඇත්තෙන්ම පුදුම සහගත විය යුතුයි. එසේ නොවේද? මනුෂ්‍යයන් පවසයි: නළල මධ්‍යයේ මවිතයට පත්කරවන අතිවිශිෂ්ට තාරකාවක් බබළයි. ඔවුන් රනින් ඉතා කුඩා තිලකයක් සාදා එහි තබති. ජීවාත්මය ද තිතකි. පියා පැමිණ එයට සමීපයෙහි ඉඳගනී. කිසිවකු, මුනිවරයකු සහ සන්‍යාසීන් පවා තමාගේ ජීවාත්මය නොදනී. ඔවුන් ජීවාත්මය නොදන්නා විට උත්තරීතර ජීවාත්මය දන්නේ කෙසේද? ජීවාත්මය සහ උත්තරීතර ජීවාත්මය ගැන දන්නේ බ්‍රාහ්මණයන් වන ඔබලාය. වෙනත් ආගම් වල අයට දැනගැනීමට නොහැකිය. එවැනි කුඩා ජීවාත්මයක් ඔහුගේ මුළු චරිත කොටසම, රඟපාන්නේ කෙසේදැයි ඔබ දන්නේ දැන් පමණි. ඒවාට බොහෝ සත්සංගම් ඇත. එහෙත් ඔවුන් කොහෙත්ම කිසිම දෙයක් අවබෝධ නොකරයි. මේ තැනැත්තා බොහෝ ගුරුන් පිළිගෙන සිටියා. පියා දැන් පවසයි : එම ගුරුන් සියල්ලන්ම භක්ති මාර්ගයට අයිතිය. දැනුම මාර්ගයේ ඇත්තේ එකම එක ගුරුවරයෙකි. තනි ඔටුන්න පැළඳූ රජවරු ද්විත්ව ඔටුනු සහිත රජවරු ඉදිරියේ හිස නමති. ඔවුන් හිස නමන්නේ ඒ රජවරු පවිත්‍ර වූ නිසාය. පූජනීය ස්ථාන පිහිටුවන්නේ පවිත්‍ර රජවරුන්ට පමණි. පවිත්‍ර නොවන අය ඔවුන් ඉදිරියේ ගොස් හිස නමති. නමුත් ඔවුන් හිස නමන්නේ ඇයිදැයි ඔවුන්ම නොදනිති. සෝමනාථ දේවස්ථානය සාදා ඇත. දැන් ඔවුන් එහිදී වැඳුම් පිදුම් කරති. නමුත් ඔවුන් තිතකට වැඳීම් කළ හැක්කේ කෙසේද? තිතකට දේවස්ථානයක් ගොඩනැඟිය හැක්කේ කෙසේද? මේවායේ බොහෝ ගැඹුරු පැති ඇත. සියල්ලටම වඩා, මේ දේවල් ගීතා අදියේ නැත. ඒකායන කෙනා, අධිපති ගුරු වන ඔහුටම පමණයි පැහැදිලි කළ හැක්කේ. එවැනි කුඩා ජීවාත්මයක් තුළ චරිත කොටසක් නියම කර ඇත්තේ කෙසේදැයි ඔබ දනී. ජීවාත්මයන් විනාශ නොවන අතර ඔවුන්ගේ චරිත කොටස්ද සදාතනිකය. එය පුදුමයකි. එසේ නොවේද? මේ මුළු නාටකයම කලින් නියම කර ඇත. ඔවුහුද පවසයි: දැනටම නිර්මාණය වී ඇති ඒවා නිර්මාණය වෙමින් පවතී. නාටකයේ සටහන් වන ලද සියල්ල නියත වශයෙන් සිදුවනු ඇත. ඒ ගැන කණස්සලු වීමට කිසිවක් නොමැත. සිදුවන ඕනෑම දේකට කඳුළු නොසලන බවට දරුවන් වන ඔබලා තමන්ටම දැන් පොරොන්දු වීමට සිදුව ඇත. අහවලා මියගියා; අර ජීවාත්මය වෙන්වී වෙනත් ශරීරයක් තෝරා ගත්තා. එම කාරණයේදී ඇඬීමට අවශ්‍යතාවය කුමක්ද? එමෙන්ම ඔහුට ආපසු පැමිණිය නොහැක. ඔබ කඳුළු වැගුරුවා නම් ඔබ අසමත් වේ. එමනිසා, බාබා පවසයි : ඔබ කිසි දිනෙක නොහඬන බවට ඔබටම පොරොන්දු වන්න. එපිට බ්‍රහම් ලෝකයේ වාසය කරන පියාව මුණගැසීමට ඔබ සැලකිල්ලක් දැක්වූවා. ඔබට ඔහු හමුවූවා. තවත් මොනවද ඔබට අවශ්‍ය? පියා කියයි : මා ස්මරණය කරන්න. මා මේ රාජධානිය පිහිටුවීමට පැමිණියා. මෙහිදී සටන් කිරීම ආදියේ ප්‍රශ්නයක් නැත. යුද්ධය සිදුවී පාණ්ඩවයන් පමණක් ගැලවුණු බව ගීතාවේ පෙන්නුම් කරනු ලැබේ. ඔවුන් බල්ලෙක් පමණක් ඔවුන් සමඟ ගෙන කඳු මත අතුරුදහන් විය. ඔවුන් ජයග්‍රහණයට පත්ව මිය ගියහ. ඒ අංගය කිසිම දෙයක් අදහස් නොකරනවා ඇත. ඒවා දිග කතන්දරය. එය භක්ති මාර්ගය කියා නම් කරනු ලැබේ. පියා පවසයි : දරුවන් වන ඔබලාට ඒ වෙනුවෙන් නිරාශාවක් තිබිය යුතුය. පැරණි දේවල් වෙනුවෙන් නොකැමැත්තක් තිබිය යුතුයි. නොවේද? වෛරාගය තිත්ත වචනයකි. නිරාශාව යන වචනය සුමිහිරිය. දැනුම ලබාගත් විට ඇදහිලි වලට නිරාශාවක් ඇති වේ. එවිට දැනුමේ ඵලය රන් සහ රිදී යුග වලදී උපත් 21ක් සඳහා ලබාගනු ලැබේ. එහිදී, දැනුම වෙනුවෙන් කිසිම අවශ්‍යතාවක් තවදුරටත් නොමැත. පසුව ඔබ පව් මඟෙහි යන විට ඔබ ඉනිමඟ දිගේ පහළට පැමිණේ. එය දැන් අවසානය. පියා පවසයි : දරුවනි, දැන් ඔබලාට පැරණි ලොව වෙනුවෙන් නිරාශාවක් තිබිය යුතුයි. දැන් ඔබලා ශුද්‍රයින්ගෙන් බ්‍රාහ්මණයන් බවට පත්වී ඇත. එවිට ඔබලාමයි දේවතාවන් බවට පත්වන්නේත්. මේ දේවල් ගැන අන් මනුෂ්‍යයින් දැනගන්නේ කුමක්ද? ඔවුහු ප්‍රතිමාවේ විවිධ ස්වරූප සහිත පින්තූර නිර්මාණය කළත් එහි මුදුන් ගැටය වත් ශිවා වත් නැත. ඔවුහු පවසති : දේවතාවන්, ක්‍ෂත්‍රියන්, වෙළෙඳුන් සහ ශුද්‍රයින්, එපමණයි! ඔවුන්ව ශුද්‍රයින්ගෙන් දේවතාවන් බවට හරවන්නේ කවුදැයි හෝ කෙසේදැයි ඔවුහු කිසිවක් නොදනී. පරම පියා පවසයි : දේවී දේවතා ඔබලා බොහෝ ධනවත්ව සිටියා. එවිට ඒ ධනය ගියේ කොහිද? අප නොකඩවා හිස පාත් කරමින් මුදල් නාස්ති කොට අපේ හිස බිම ඇතිල්ලීමෙන් අප තට්ටයින් බවට පත්විය. ඒවා පහුගිය දේවල්ය, නොවේද? මම ඔබව එලෙස සාදා වෙන්වුණෙමි. දැන් බලන්න, ඔබලා කවුරු බවට පත්ව ඇත්ද! අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අන්‍යයන් ගැන කොයි ආකාරයක හෝ ඕපාදූප කතාකර වාතාවරණය දූෂණය නොකරන්න. හුදෙකලාව වාඩි වී, සත්‍ය ආදරවන්තයකු බවට පත්ව ඔබගේ ආදරවන්තයා සිහිපත් කරන්න.

2. ඔබටම පොරොන්දු වන්න: “මම කිසි දිනක නොහඬමි. මම කිසි දිනක කඳුළු නොසළමි.” සේවය කළ හැකි සහ පියාගේ හදවත මත වාඩි වී සිටින අය සමඟ පමණක් ඇසුර තබා ගන්න. ඔබගේ වාර්තාව හොඳින් තබාගන්න.

වරදානය:
ඔබ ලොවට සෙත සලසන්නෙක් වී, ඔබගේ මනසේ බලවත් ආකල්පයෙන් සේවය කරත්වා.

ලෝකයේ අසහනයෙන් සිටින ජීවාත්මයන්ට නිවැරදි මාවත පෙන්වා දීම සදහා, සෑම අතින්ම පරම පියා හා සමානව ප්‍රදීපාගාරයක් සහ බලාගාරයක් වන්න. සෑම ජීවාත්මයකටම අනිවාර්යෙන් යමක් ලබා දීමේ අරමුණ තබාගන්න. ඔබ මුක්තිය හෝ ජීවන මුක්තිය ලබා දුන්නත්, මහා දානපතියෙක් වී, සියලු දෙනාටම ආශිර්වාද පිරිනමන්නෙක් වන්න. වර්ථමානයේ ඔබ සේවය කරන්නේ තමන්ගේ ස්ථාන වලටයි, නමුත් දැන්, එක් ස්ථානයක සිට, ඔබගේ මනසේ බලය සහ චිත්ත තරංග, වාතාවරණයට යවා ලෝකයට සේවය කරන්න. එම වාතාවරණය නිර්මාණය වන සේ බොහෝ බලවත් ආකල්පයක් නිර්මාණය කරන්න. එවිට ඔබ ලොවට සෙත සලසන්නෙක් ලෙස හැදින්වෙයි.

පාඨය:
අශාරීරික වීමේ ව්‍යායාමය සිදුකර, නිෂ්ඵල සිතිවිලි නොමැති ආහාර පාලනය ද තුළින් ඔබව නිරෝගී කරගන්න.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදාගන්න.

සමහර දරුවන් පවසන්නේ: සාමාන්‍යයෙන් මම කෝපයට පත් වන්නේ නැහැ, නමුත් කෙනෙක් බොරු කියන විට මා බොහෝ කෝපයට පත් වනවා. ඒ පුද්ගලයා ඔබට බොරු කියූ නිසා ඔබ කෝපයෙන් කතා කළා නම්, ඔබ දෙදෙනාගෙන් නිවැරදි කවුද? ඔබගෙන් බොහෝ දෙනෙක් ඉතා දක්ෂ වී පවසන්නේ, ඔබ කෝප වනවා නොවෙයි නමුත් ඔබගේ කටහඩේ හඩ, උස් හෝ තියුණු වන බවයි. විද්‍යාවේ උපකරණ වලින් ඔබට යමක හඩ පාලනය කිරීමට හැකි බැවින්, ඔබට තමන්ගේම කටහඩේ වේගය පාලනය කර, නිහැඩියාවේ බලයෙන් එහි හඩ අඩු වැඩි කළ නොහැකිද?