28.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම නාටක චක්‍රය දැන් අවසානය කරා පැමිණ ඇත. එබැවින් අළුත් ලොවට යෑම සඳහා ඔබ
කිරි පැණි මෙන් විය යුතුයි. එහි සෑම කෙනෙක්ම කිරි පැණි වාගේ වන අතර මෙහි සෑම
කෙනෙක්ම ලුණු වතුර මෙනි.
ප්‍රශ්නය:
කුමන දැනුම
දැන ගැනීමෙන්ද තෙවැනි ඇස ඇති ඔය දරුවන් තුන් කාලයම දන්නා අය බවට පත් වී ඇත්තේ?
පිළිතුර:
මුළු ලොවෙහිම ඉතිහාසය සහ භූගෝලය පිළිබඳ දැනුම ඔබට දැන් ලැබී ඇත. ස්වර්ණමය යුගයේ මුල
සිට කලියුගයේ අවසානය තෙක් ඉතිහාසය සහ භූගෝලය ඔබ දනී. දැනුමේ තෙවැනි ඇස ඔබට ලැබී ඇත.
ජීවාත්මයක් එක් ශරීරයක් අතහැර තවෙකක් ගනී. සෑම ජීවාත්මයක් තුළම සංස්කාර ඇත. පියා
පවසන්නේ : දරුවනි, දැන් නම සහ රූපය අත්හරින්න. තමන් අශාරීරික ජීවාත්මයක් යැයි
සළකන්න.
ගීතය:
ඉවසන්න
මිනිසුනේ! සතුටින් පිරි දින ළඟ ළඟම එයි...
ඕම් ශාන්ති.
සෑම චක්‍රයකදීම මෙය දරුවන්ට කියනු ලබයි. ඔය දරුවන්ද මෙය දනී. ඔබේ හදවත තුළ ඇති ආශාව
වන්නේ, මෙම දුකින් පිරි ලොවින් මිදීම සඳහා ස්වර්ණමය යුගය ඉක්මණින් පැමිණිය යුතුයි
කියාය. කෙසේවෙතත්, නාටකය ඇදෙන්නේ ඉතාමත් සෙමෙනි. පියා ඔබට ඉවසන්න යැයි කියයි. තව
ඇත්තේ ටික දින කිහිපයක් පමණයි. මෙම ලොව පරිවර්ථනය විය යුතුය, යන හඬ නායකයන්ගෙන්ද
ඇසෙයි. සියලුම නායකයන්, නිදසුනක් වශයෙන් පාප් වහන්සේ ද පවසන්නේ ලොව පරිවර්ථනය වීමට
යන බවයි. අච්චා. එවිට සාමය ඇති වන්නේ කෙසේද? වර්තමානයේ සියලුම දෙනා ලුණු වතුර මෙනි.
මෙහි අප කිරි පැණි මෙන් වන අතර අනෙක් පැත්තේ සිටින අය දිනෙන් දින වැඩි වැඩියෙන්
ලුණු වතුර මෙන් වන්නේය. ඔවුන් සියලු දෙනාම එකිනෙකා සමඟ සටන් කොට ඔවුනොවුන්ව අවසන්
කර දමයි. ඒ සඳහා සෑම සූදානමක්ම වෙමින් පවතී. නාටක චක්‍රය දැන් නිමාවෙමින් ඇත. පැරණි
ලොව අවසන් වීමට ඉතා ආසන්න වන අතර අළුත් ලොව ස්ථාපනය වෙමින් පවතී. අළුත් ලොව පැරණි
වන අතර ඉන්පසු පැරණි ලොව නැවත වරක් අළුත් කරනු ලබයි. මෙයට ලෝක චක්‍රය යැයි කියන අතර
එය නොකඩවා භ්‍රමණය වෙයි. පැරණි ලොව අළුත් වන්නේ වසර සිය දහස් ගණනකට පසුව නොවෙයි.
නැත. භක්තිය දැනුමෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇති බව ඔය දරුවන් පැහැදිලිවම දනිති.
භක්තිය රාවණ්ට සම්බන්ධ වන අතර දැනුම සම්බන්ධ වන්නේ රාමාටය. ඔබට දැන් මෙය වැටහෙයි.
ඔබ පියාට අඬගසමින් වන්දනාමාන කරන්නේ අහෝ පාරිශුද්ධත්වයට පමුණුවන්නා, පැමිණෙන්න!
පැමිණ අළුත් ලොවක් ස්ථාපනය කරන්න කියාය. අළුත් ලොවෙහි අනිවාර්යෙන්ම සතුට ඇත. අප
දැන් ආපසු නිවහන බලා යා යුතු බව තරුණ සහ වියපත් වූ දරුවන් යන දෙකොටසම දනිති. මෙම
නාටකය දැන් නිමාවෙමින් පවතී. නැවත වරක් අප ස්වර්ණමය යුගයට ගොස් ඉන්පසු උපත් 84
චක්‍රය වටා යා යුතුව ඇත. ජීවාත්මයන් වන අප, අපව හඳුනගෙන ඇත. ජීවාත්මයන් වන අපට
දැනුමේ තෙවැනි ඇස ඇත. එහි අරුත නම් අපට ලෝක චක්‍රය පිළිබඳ දැනුම ඇති බවයි. මෙයට
ත්‍රිනේත්‍රී වීම යැයි කියනු ලබයි. ඔබට දැන් තෙවැනි ඇස ඇති අතර, අන් සෑම
මනුෂ්‍යයෙකුටම ඇත්තේ ඔවුන්ගේ භෞතික ඇස් පමණයි. ඔවුන් කිසිවෙකුට දැනුමේ ඇස නොමැත.
ජීවාත්මයට දැනුම ලැබෙන තෙවැනි ඇස ඇති විට පමණයි, ඔවුන්ට තුන් කාලය පිළිබඳව දන්නා අය
බවට පත්විය හැකි වන්නේ. එක් ශරීරයක් අතහැර තවත් ශරීරයක් ගන්නේ ජීවාත්මයයි. සංස්කාර
ඇත්තේ ජීවාත්මය තුළයි. ජීවාත්මයන් විනාශ වන්නේ නැත. පියා දැන් පවසන්නේ නම සහ
ස්වරූපය අත්හරින්න. තමන් අශරීරික ජීවයක් යැයි සළකන්න. ඔබ චක්‍රයෙන් භාගයක්ම
උත්තරීතර ජීවය සිහිපත් කළ බවත්, ඔබට බොහෝ දුක් ඇති විට ඔහුව වැඩියෙන් සිහිපත් කරන
බවත් ඔබ දන්නවා. දැන් බොහෝ සේ දුක ඇත. මේතරම් දුක් පෙර තිබුණේ නැත. පිටස්තරයන්
පැමිණි විට එම රජවරුන් එකිනෙකා සමඟ සටන් කිරීමට පටන් ගත්හ ඔවුන් අතර අසමගිය ඇති
විය. ස්වර්ණමය යුගයේ තිබුණේ එක් රාජ්‍යයක් පමණයි. ස්වර්ණමය යුගයේ මුල සිට කලි යුගයේ
අවසානය තෙක් ඉතිහාසය සහ භූගෝලය අප හට දැන් වැටහේ. ස්වර්ණමය සහ රිදීමය යුගයන්හිදී
පැවතුණේ එක් රාජධානියක් පමණි. නැත්නම් සාමාන්‍යයෙන් එක් රජ පෙළපතක් පමණක් නොමැත.
ක්‍රිස්තියානුවන් දෙස බලන්න. ඔවුන් සැවොම අසමගියි. එහිදී, ස්වර්ණමය යුගයේදී මුළු
ලොවම ඇත්තේ එක් තැනැත්තෙකුගේ අතේය. එය පවතින්නේ ස්වර්ණමය සහ රිදීමය යුගයන්හිදි
පමණයි. මෙම අසීමිත ඉතිහාසය සහ භූගෝලය දැන් ඔබගේ බුද්ධියෙහි ඇත. වෙනත් සත්සං වලදී
‘ඉතිහාසය සහ භූගෝලය‘ යන වචන නොඇසේ. එහිදී ඔබ රාමායනය සහ මහාභාරතය පමණයි අසන්නේ. එම
දේවල් මෙහි නොපවතී. ඇත්තේ ලෝක ඉතිහාසය සහ භූගෝලයයි. උසස්ම අයවරුන්ගෙනුත් උසස්ම කෙනා
ඔබගේ පියා බව ඔබගේ බුද්ධියෙහි ඇත. මේ සෑම දැනුමක්ම කියූ පියාට ස්තූතිවන්ත විය
යුතුයි. එක් වෘක‍්ෂයක් ජීවාත්මයන්ගෙන්ද අනෙක් වෘක‍්ෂය මනුෂ්‍යයින්ගෙන්ද සමන්විත වේ.
මනුෂ්‍යයින්ගෙන් සමන්විත වෘක‍්ෂයේ ඉහළින්ම සිටගෙන සිටින්නේ කවුරුන්ද? බ්‍රහ්මාට
පමණයි ආදිතම මුතුන් මිත්තා (great great grand father) යැයි කියන්නේ. ප්‍රධානතම
කෙනා බ්‍රහ්මා බව ඔබ දන්නා මුත්, උත්තමයන්ගෙනුත් උසස්ම පියා වාසය කරන්නේ උත්තරීතර
දේශයේ බව ඔබගේ බුද්ධියේ ඇත. සූක‍්ෂම දේශය ගැනත් ඔබ දනිති. මනුෂ්‍යයන් වන ඔබ
සුරදූතිකාවන් බවට පරිවර්ථනය වීමට යයි. මේ නිසයි සූක‍්ෂම දේශය පෙන්වා ඇත්තේ.
ජීවාත්මයන් වන ඔබ එහි යයි ඔබගේ ශරීර සූක‍්ෂම දේශයට නොයයි. ඔබ එහි යන්නේ කෙසේද? එයට
තෙවැනි ඇස යැයි කියයි. එයට දිව්‍යමය දර්ශන හෝ ධ්‍යාන ගත වීම යැයි කියයි. ඔබ ධ්‍යාන
ගත වූ විට, ඔබ බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් දකී. ශංකර් ගේ ඇසක් විවෘත වූ විට විනාශය
සිදුවන බව මිනිසුන් පෙන්වා දී ඇත. එයින් කිසි කෙනෙකුට කිසි දෙයක් වටහා ගත නොහැක. ඔබ
දන්නවා නාටකයට අනුව විනාශය සිදුවිය යුතු බව. මිනිසුන් එකිනෙකා සමඟ සටන් කිරීමෙන්
විනාශය සිදුවේ. එහෙත් ශංකර් කරන්නේ කුමක්ද? ඔහුගේ නම නාටකයට අනුව පමණක් සඳහන් කර
ඇත. එබැවින් තුන් දෙනාම බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් ඇති බව ඔබ විස්තර කර දිය යුතුයි.
බ්‍රහ්ම ස්ථාපනය සඳහා පෙන්වා ඇති අතර, විෂ්ණු පැවැත්ම සඳහාත්, ශංකර් විනාශය සඳහාත්
පෙන්වා ඇත. ඇත්ත වශයෙන්ම මෙම නාටකය පෙර තීරණය වූවකි. ශංකර්ට රඟපෑමට කොටසක් නොමැත.
බ්‍රහ්ම සහ විෂ්ණු රඟපාන කොටස් මුළු චක්‍රය පුරාම පවතියි. බ්‍රහ්ම, විෂ්ණු බවට
පත්වන අතර විෂ්ණු බ්‍රහ්මා බවට පත්වේ. බ්‍රහ්මා ගේ උපත් 84 සම්පූර්ණ වී ඇති නිසා
විෂ්ණු ගේ උපත් 84 ත් සම්පූර්ණ වී ඇත. ශංකර් ඉපදීමට සහ මරණයට ඔබ්බෙන් සිටියි. මේ
නිසයි ඔවුන් ශිවාව ශංකර් සමඟ සම්බන්ධ කර ඇත්තේ. ඇත්ත වශයෙන්ම උසස්ම රංගනය ඇත්තේ
ශිවාටයි. ඔහු ඔබට උගන්වයි. දෙවියන්ට ‘දැනුමෙන් පිරිපුන්‘ (knowledge-ful) යැයි
කියයි. ඔහුගේ කාර්යය ඔහුට සිතිවිලි මඟින් කිරීමට සිදුවූවා නම්, ලෝක චක්‍රය පිළිබඳ
දැනුම ඔහු අපට ලබා දෙන්නේ කෙසේද? මේ නිසයි පියා විස්තර කර දෙන්නේ දරුවනි, සිතිවිලි
තුළින් දිරිගැන්වීමේ ප්‍රශ්නයක් නොමැත. පියා මෙහි පැමිණිය යුතුමයි. පියා පවසන්නේ
දරුවනි, ලෝක චක්‍රය පිළිබඳ දැනුම මා තුළ තිබේ. මාහට රඟ පෑමට මෙම කොටස ලැබී ඇත. මේ
නිසයි මට දැනුමේ සාගරය, දැනුමෙන් පිරුණු කෙනා යැයි කියන්නේ. ඔබට දැනුම ලැබුණු විට
පමණයි, දැනුම යනු කුමක්ද කියා වටහා ගත හැකි වන්නේ. ඔබට එය ලැබී නැතිනම් එහි අරුත
කෙසේ වටහාගන්නද? දෙවියන් සිතිවිලි මඟින් දිරිගන්වන බවත්, ඔහු සෑම දෙයක්ම දන්නා
බවත්, අප කරන පව් දෙවියන් දකින බවත් පෙර කළ ඔබද කීවේය. බාබා පවසන්නේ මම එම
ව්‍යාපාරය නොකරමි. ඔබ සිදු කරන ඕනෑම ක්‍රියාවක් වෙනුවෙන් ඔබම දඬුවම් විඳිය යුතුයි.
මා එය කිසිවෙකුට නොදෙමි. මා කිසිවෙකු දකින්නෙත් නැත, සිතිවිලි මඟින් කිසිවෙකුට
දඬුවම් ලබා දෙන්නේද නැත. සිතිවිලි මාර්ගයෙන් මා කිසියම් දෙයක් කළොත් එය දඬුවම් ලබා
දීමක් වැනිය. මා කෙනෙකුට තවත් කෙනෙකුව මරා දමන ලෙස කියුවේ නම්, එහි වරද පැටවෙන්නේ
මා හටයි. අනෙක් තැනැත්තාට කියන කෙනා සිර වෙයි. ශංකර් සිතිවිලි මඟින් දිරි ගැන්වූවා
නම් ඔහුද සිර වෙයි. පියා පවසන්නේ මා ඔය දරුවන්ට සතුට ලබා දෙන්නෙමි. ඔබ මා හට
ප්‍රශංසා කරති. ඔබ ගී ගයති බාබා, පැමිණ අපගේ දුක නැති කරන්න. මා ඔබට කිසිදු දුකක්
ලබා නොදෙන්නෙමි. ඔය දරුවන් දැන් පෞද්ගලිකවම පියා ඉදිරියේ අසුන් ගෙන සිටින්නේය.
එබැවින් ඔබ බොහෝ සතුටට පත්විය යුතුයි. බාබා පෞද්ගලිකවම අපට උගන්වනවා යන හැඟීම ඔබට
මෙහිදී කෙලින්ම ලැබෙයි. මෙයට හමුවීමක් (මේලා) යැයි කියයි. ඔබ මධ්‍යස්ථාන වලට යන
මුත් එහිදී ජීවයන් සහ උත්තරීතර ජීවය අතර හමුවක් සිදුවන බව ඔබ නොකියයි. ජීවයන් සහ
උත්තරීතර ජීවය අතර හමුව සිදුවන්නේ මෙහිදීය. හමුවීම දැන් සිදුවන බැව් දන්නේ ඔබ පමණයි
පියා ඔහුගේ දරුවන් මධ්‍යයට පැමිණ ඇත. සෑම ජීවාත්මයක්ම මෙතැන ඇත. පියාව සිහිපත් කොට
ඔහුට පැමිණෙන්නට කියා පවසන්නේ ජීවාත්මයයි. මෙය අනර්ඝතම හමුවීමයි. පියා පැමිණ සෑම
ජීවාත්මයක්ම රාවණ් ගේ රාජධානියෙන් මුදවා ගනී. එසේනම් මෙය හොඳම හමුවීමක් නොවේද? එය
මනුෂ්‍යයින් දිව්‍යමය බුද්ධියක් ඇති අය බවට පත්වන හමුවකි. එම මේලාවන් වලදී
(සැණකෙළි) මනුෂ්‍යයින් අපවිත්‍ර වෙයි. ඔවුන්ට කිසිවක් නොලැබෙන අතර ඔවුන්ගේ මුදල්
දිගින් දිගටම අපතේ හරියි. ඒවාට මායාගේ රාක‍්ෂක මේලාවන් යැයි කියයි. මෙය දෙවියන්ගේ
මේලාවයි. එහි රැයත් දහවලත් අතර වෙනසක් ඇත. ඔබත් රාක‍්ෂක මේලාවන්ට අයත්ව සිටි නමුත්
දැන් ඔබ අයත් වන්නේ දෙවියන්ගේ මේලාවටයි. ඔබද දෙවියන් පැමිණ ඇති බව දන්නවා. සෑම
දෙනාම මෙය දන්නේ නම් මෙහි පැමිණෙන ජනගහණය කිව නොහැකි තරම් වෙයි. මිනිසුන්ට ඉන්නට
එතරම් ගොඩනැගිලි ප්‍රමාණයක් බාබා කොහෙන් ලබා ගන්නද? අවසානයේදී මිනිසුන් මෙසේ ගායනා
කළ බව සිහිපත් වේ අහෝ දෙවියනි ! ඔබගේ රංගනය කෙතරම් චමත්කාරජනකද! කුමන රංගනයද? ලොව
පරිවර්ථනය කිරීමේ. මෙය ශ්‍රේෂ්ඨතම, චමත්කාරජනකම රංගනයයි. පැරණි ලෝකය විනාශ වීමට පෙර
අළුත් ලොව ස්ථාපනය කළ යුතුව ඇත. එබැවින් කෙනෙකුට විස්තර කර දීමේදී සෑමවිටම පළමුව
ස්ථාපනය පිළිබඳවත් පසුව විනාශය පිළිබඳවත් ඉන්පසුව පැවැත්ම පිළිබඳවත් කතා කළ යුතුයි.
ස්ථාපනය සම්පූර්ණ වූ පසු විනාශය ආරම්භ වෙයි, ඉන්පසුව පැවැත්ම සිදුවෙයි. ඉතිං ඔය
දරුවන් ස්ව-දර්ශන චක්‍රය භ්‍රමණය කරන බ්‍රහ්මිණ්වරුන් බව, යන සතුට ඔබ තුළ ඇත.
ඉන්පසු ඔබ ලෝක පාලකයන් බවට පත්වෙයි. දේවී දේවතාවරුන්ගේ රාජධානියට කුමක් සිදුවුණේද
කියා කිසිවෙකු නොදනී. එහි සෑම නමක්ම, සෑම සළකුණක්ම නැතිව ගොසින්ය. දේවී දේවතාවරුන්
වෙනුවට හින්දුන් ලෙස ඔවුන් තමන්ව හඳුන්වති. හින්දුස්ථාන් වල වාසය කරන්නන් හට
හින්දුන් යැයි කියයි. ලක‍්ෂ්මි සහ නාරායන්හට කිසි විටෙක එසේ නොකියනු ඇත. ඔවුන්ට
දේවී දේවතාවරුන් යැයි කියයි. ඉතිං නාටකයට අනුව ඔබ මෙම මේලාවට පැමිණ ඇත. මෙය නාටකයේ
නියම වී ඇත. පැතිරීම ක්‍රම-ක්‍රමයෙන් දිගටම සිදුවෙයි. ඔබ දැන් රඟපාන කුමන හෝ කොටසක්
වුවද ඊලඟ චක්‍රයේද එම කොටසම රඟපානු ඇත. මෙම චක්‍රය දිගටම භ්‍රමණය වෙයි. රාවණ් ගේ
රාජධානියේ ඔබට රාක‍්ෂක පෝෂණය ලැබුණේය. ඔබ දැන් දෙවියන්ගේ දරුවන්ය. ඔබ දේවී
දේවතාවරුන්ගේ දරුවන් වී ඉන්පසුව සටන්කාමීන්ගේ දරුවන් වෙයි. ඔබ අපවිත්‍ර පවුල් මාවතේ
කොටසක් වූ නමුත් පාරිශුද්ධ පවුල් මාවතේ කොටසක් බවට පත්වෙමින් සිටියි. ඔවුන්ද
මනුෂ්‍යයින් වන නමුත් ඔවුන්හට දිව්‍යමය ගුණාංග ඇත. අත් බොහොමයක් සමඟ ඔවුන්ව
පිළිබිමු කොට ඇත. විෂ්ණු යනු කවරෙක්දැයි කිසිවෙකුට ඔබට කිව නොහැක. ඔවුන් මහා
ලක‍්ෂ්මීට වන්දනාමාන කරති. මිනිසුන් ජගදම්බා ගෙන් කිසි විටෙකත් ධනය ඉල්ලන්නේ නැත.
ඔවුන්ට මුදල් විශාල ප්‍රමාණයක් ලැබුණහොත් ඔවුන් පවසන්නේ ලක‍්ෂ්මීට වන්දනාමාන
පැවැත්වූ බැවින් ඇය ඔවුන්ගේ වස්තු ගබඩා පිරවූ බවයි. මෙහිදී ඔබ සෑම දෙයක්ම ජගදම්බා
මාර්ගයෙන්, උත්තරීතර පියා, උත්තරීතර ජීවය ශිවාගෙන් ලබාගනී. ඔහු ලබා දෙන්නාය. ඔය
දරුවන් බාප්දාදාටත් වඩා භාග්‍යවන්තයි. බලන්න ජගදම්බා වෙනුවෙන් කෙතරම් සැණකෙළි
පවත්වනවාද කියා. බ්‍රහ්මාට එතරම් පවත්වන්නේ නැත. බ්‍රහ්මාව අසුන් ගන්වා ඇත්තේ එක්
ස්ථානයක පමණයි. අජ්මීර් අසල බ්‍රහ්මාට විශාල දේවාලයක් ඇත. දේවතාවියන්ට බොහෝ දේවාල
ඇත්තේ ඔබ දැන් කරන දේවල් වල ප්‍රශංසනීයත්වය නිසයි. ඔබ භාරතයට සේවය කරන බැවින් ඔබ
වැඩියෙන් වන්දනාමානයට ලක්වෙයි. ඔබ භාග්‍යවන්තයි. ජගදම්බා සෑම තැනකම සිටිතැයි
කිසිවෙකු නොකියයි. ඔබට ප්‍රශංසා කරති. බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් සෑම තැනකම
සිටිතැයි කිසිවෙකු නොකියන මුත් මා සෑම අංශුවකම සිටින බව කියයි ! ඔබ මා කෙතරම්
නින්දාවට ලක් කරයිද ! මා ඔබගේ ප්‍රශංසාව කොතරම් වැඩි කරයිද ! භාරත මාතාවට ජයවේවා
යැයි පැවසේ. භාරතයේ මාතාවන් ඔබයි, පෘථිවිය නොවේ. ස්වර්ණමය යුගයේදි දැන්
තමෝප්‍රධාන්ව තිබෙන පෘථිවිය සතෝප්‍රධාන් වෙයි. මේ නිසයි මෙම අපවිත්‍ර ලොවෙහි දේවී
දේවතාවරුන් දෙපා නොතබන බව පවසන්නේ. ඔවුන් පැමිණෙන්නේ පෘථිවිය සතෝප්‍රධාන් වූ විටයි.
ඔබ දැන් සතෝප්‍රධාන් විය යුතුයි. ඔබ දිගටම ශ්‍රීමත් පිළිපදිමින්, පියාගේ ස්මරණයේ
සිටියොත් ඔබට උසස් තත්ත්වයක් හිමි වෙයි. ඔබ මේ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි. ඔබ
පියා ස්මරණය කරන විට ඔබගේ පාපයන් දුරු වෙයි. ඔබට දිගින් දිගටම ශ්‍රීමත් ලැබෙයි.
ස්වර්ණමය යුගයේදි ඔය ජීවාත්මයන් පවිත්‍රය. එබැවින් ඔබට පවිත්‍ර ශරීර ලැබෙයි. රත්රන්
වලට වෙනත් ලෝහ මිශ්‍ර වී ඇති විට එයින් නිපදවන ආභරණද එසේය. එමෙන්ම ජීවාත්මයන්
අසත්‍ය වන විට ඔවුන්ගේ ශරීරද අසත්‍ය වේ. ලෝහ මිශ්‍ර වී ඇති විට රත්රන් වල වටිනාකම
අඩුය. දැන් ඔබගේ වටිනාකමක් නැත. පෙර ඔබ කැරට් 24 රත්රන් එනම් ලෝක අධිපතියන් ව
සිටියේය. ඔබ දැන් කැරට් 9 බව කියයි. පියා හදින් හදට කතා බහ කරන්නේ ඔය දරුවන් සමඟයි.
ඔහු මෙහි අසුන් ගෙන ඔය දරුවන්ව පිනවයි. එබැවින් ඔහුට ඇහුම්කන් දීමෙන් පමණක් ඔබ
සාමාන්‍ය මනුෂ්‍යයන් ගෙන් දේවී දේවතාවරුන් බවට පත්වෙයි. එහි දියමන්ති සහ මැණික්
මාලිගාවන් ඇත. දෙව්ලොව, වෙන කෙසේ වෙන්නද? ඔබ එහිදී අඹ යුෂත් බී ආපසු (ධ්‍යානයෙන්)
මෙහි පැමිණෙයි. එහි පලතුරු බොහෝ විශාලය. එවැනි පලතුරු මෙහි සොයාගත නොහැක. සුක‍්ෂම
දේශයෙහි කිසිවක් නොමැත. ඔබ නොබෝ කලකදී ප්‍රායෝගිකවම එහි යනු ඇත. මෙය ජීවයන් සහ
උත්තරීතර ජීවය අතර ඇතිවන හමුවීමයි. මෙම හමුවීමෙන් ඔබ පිරිසිදු වී දිදුලයි. මෙහි
පැමිණි විට ඔය දරුවන් නිදහස්ය, මන්ද ඔබගේ නිවහන, දරුවන් ආදිය පිළිබඳ කරදර වීමට
නොමැති බැවින්. එබැවින් මෙහි සිටින කාලය තුළදී ස්මරණ වන්දනාවේ සිටීමට ඔබට ඉතා හොඳ
අවස්ථාවක් තිබේ. එහිදී ඔබගේ නිවහන හා අන් සෑම දෙයක්ම සිහිපත් වේ. මෙහි දි සිහි
කිරිමට කිසිවක් නැත. උදෑසන දෙකට අවදි වී මෙහි අසුන් ගෙන සිටිය හැක. මධ්‍යස්ථාන වලට
රාත්‍රියේදී යෑමට නොහැක. මෙහිදි එය ඉතා පහසුය. ඔබට පැමිණ ශිව් බාබාගේ ස්මරණයේ අසුන්
ගෙන සිටිය හැක. අන් කිසිවකු සිහිපත් නොකරන්න. ඔබට මෙහිදී උදව් ද ලැබේ. කලින් නින්දට
ගොස් කලින් අවදි වන්න. තුන සිට පහ දක්වා මෙහි පැමිණ අසුන් ගන්න. බාබා පැමිණෙයි.
එවිට ඔය දරුවන් ද ඉතා සතුටු වෙයි. යෝගා උගන්වන කෙනා බාබාය. මොහු ද ඉගෙන ගනී.
එබැවින් බාප් සහ දාදා යන දෙදෙනාම මෙහි පැමිණෙයි. එවිට ඔබට මෙහි ස්මරණයේ අසුන් ගෙන
සිටීමේ, සහ එහි අසුන්ගෙන සිටීමේ වෙනස වැටහෙයි. මෙහිදී ඔබ වෙන කිසිම දෙයක් සිහිපත්
කළ යුතු නැත. මෙයින් විශාල යහපතක් සිදුවේ. මෙය ඉතා හොඳ බව බාබා ඔබට අවවාද කරයි. ඔය
දරුවන්ට අවදි විය හැකි ද කියා අපි දැන් බලමු. ඔය දරුවන්ගෙන් සමහරෙකුට උදෑසනින් අවදි
වීමේ පුරුද්ද ඇත. ඔබ දුර්ගුණ පහ අතහැර ඇති අතර, මුළු පැරණි ලොව පිළිබඳවම ඔබට ඇත්තේ
නිරාශාවකි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ලොව
පරිවර්ථනය කිරීමේ චමත්කාරජනක ක්‍රියාව දැන් සිදුවෙමින් පවතී. එබැවින් තමන්ව
පරිවර්ථනය කරගන්න. කිරි පැණි මෙන් එකිනෙකා සමඟ ජීවත් වන්න.
2. උදෑසන අවදි වී එකම
පියා ගේ ස්මරණයේ අසුන් ගන්න. එම වෙලාවේදි අන් කිසිවකු සිහිපත් නොකරන්න. පැරණි ලොව
පිළිබඳ අසීමිත නිරාශාවක් තබා ගන්න, එමෙන්ම දුර්ගුණ පහ අත්හරින්න.
වරදානය:
ඔබ අසීමිත මනෝ
ස්ථිතියක ස්ථාවරව රැදී සිටින සහ සේවය කරන විට නොබැදී සහ ආදරණීයව රැදී සිටින ලෝක
සේවාධාරියෙක් වේවා.
ලෝක සේවාධාරියෙක්
යනු, අසීමිත මනෝ ස්ථිතියක ස්ථාවරව රැදී සිටින කෙනෙකි. එවන් සේවාධාරියෙක් සේවය කරන
අතර නිරන්තරයෙන් නොබැදීව සහ පියා කෙරෙහි ආදරණීව රැදි සිටියි. ඔහු එම සේවයට
නොබැදෙයි, මන්ද, ඕනෑම සේවයකට බැදී සිටීම, රන් දම්වැලක් වැනිය. එම බන්ධනය ඔබව අසීමිත
බවින් සීමිතභාවයට ගෙන යයි. එබැවින් ඔබ ශරීර පිළිබද අවධානයෙන්, දේවමය සබැදියාවන්ගෙන්
සහ සේවය කිරීමට ඇති පහසුකම් වලට නොබැදිව සිට, පියාට ආදරණීයව රැදී සිටිය යුතුයි.
එවිට ලෝකයාට සේවාධාරියෙක් වීමේ ආශිර්වාදය ඔබට හිමි වි, ඔබ නිරන්තරයෙන් අඛණ්ඩව
සාර්ථකත්වය ලබා ගනිවි.
පාඨය:
නිෂ්ඵල
සිතිවිලි වලට තත්පරයකදි නැවතීමේ තිතක් තැබීමේ පෙරහුරුවීම් පවත්වන්න, එවිට ඔබ බලවත්
වෙයි.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
ඔබ සෑම කෙනෙකුගේම
ප්‍රථම ගෘහය වන්නේ ඔබගේ සිරුරේ ගෘහස්ථානයයි. ඉන්පසුව ඔබගේ ශාරීරික නෑදෑයින්ගේ ගෘහය
තිබේ. එබැවින් ඔබ ප්‍රථමයෙන් ඔබගේ සිරුර නමැති ගෘහය, ඔබගේ භෞතික ඉන්ද්‍රියන්
පිවිතුරු කළ යුතුයි. ඔබගේ සිරුරේ ගෘහය පිවිතුරු කරන තෙක්, ඔබගේ සීමිත හෝ අසීමිත
ශාරීරික නෑදෑ ගෘහය ඔබට පිවිතුරු කිරීමට නොහැකි වෙයි. එබැවින් ප්‍රථමයෙන් ඔබගේ
ශාරීරික ගෘහය; ඔබගේ සිතිවිලි, බුද්ධිය, ඇස් සහ දෙතොල්; ආධ්‍යාත්මික සහ පිවිතුරු
කරගෙන තිබෙන්නේද කියා තමන්ගෙන් විමසන්න. ශ්‍රේෂ්ඨ ජීවාත්ම වන්නේ එවන් පිවිතුරු
ජීවාත්ම පමණයි.