28.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අභ්‍යන්තරගතව සිටින්න. එනම්, නිහඬව සිටින්න. කටින් කිසිවක් කියන්න එපා. සෑම කාර්යයක්ම සාමකාමීව කරන්න. කිසිඳු විටෙක කලබලකාරීත්වය පතුරුවන්න එපා.

ප්‍රශ්නය:
ඔය දරුවන්ව දරිද්‍රතාවයට ඇද දමා ඇති හරිම භයානක සතුරා කවුද?

පිළිතුර:
කේන්තිය. කේන්තිය ඇති තැන වතුර කළෙත් වේලෙනවා කියා කියැවී තිබෙනවා. විටෙක දියමන්ති මුතු මැණික් වලින් පිරී තිබුණු භාරත කලස දැන් හිස් වී තිබෙන්නේ මෙම භුතයා නිසායි. ඔබලාව දරිද්‍රතාවයට ඇද දමා ඇත්තේ මෙම භූතාත්මයයි. කේන්තිකාරයෙක්, රත් වී සිටින්නෙක් වන අතර ඔහු අන් අයවත් රත් කරවනවා. එමනිසා, දැන් ඇතුලාන්තගත වී මෙම භුතාත්මයව පලවා හරින්න.

ඕම් ශාන්ති.
පරමාත්ම පියා ඔය දරුවන්ට කියන්නේ: සුමිහිරි දරුවනි, ඇතුලාන්තගත වන්න. ඇතුලාන්තගත වෙනවා යනු කිසිම දෙයක් නොකියා සිටීමයි. තමන් ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහිපත් කරන්න. පරමාත්ම පියා මෙහි අසුන් ගෙන ඔය දරුවන්ට මේ දේවල් උගන්වනවා. මේ ගැන තවත් වැඩිපුර කියන්න දෙයක් නැහැ. තම පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන්නේ කෙසේද කියා ඔබට සරළව කියා දී තිබෙනවා. -මන්මනාභව-යනු එයයි. මා සිහිපත් කරන්න. ප්‍රථම හා ප්‍රධානම කරුණ මෙයයි. දී හා ඔය දරුවන් ගෙදරදී කේන්ති නොගත යුතුයි. කේන්තිය කියන්නේ වතුර කළයක් පවා හිඳවන ආකාරයේ දෙයකි. කේන්තිකාරයෙකුගෙන් පැතිරෙන්නේ කලබලකාරීත්වයයි. එමනිසා, ඔබගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වෙන අතර ස සාමකාමීව සිටිය යුතුයි. කෑම කාලා රැකියාවට හෝ ව්‍යාපාරික කටයුතු වලට යන්න. එතැනදීත් නිහඩවම සිටිනවා නම් හොඳයි. සෑම කෙනෙක්ම පවසන්නේ තමන්ට සාමය අවශ්‍යයි කියලයි. සාම සාගරය වන්නේ එකම එක පරමාත්ම පියා පමණක් බව ඔය දරුවන්ට පහදා දි තිබෙනවා. පරමාත්ම පියා ඔබට උපදෙස් දෙනවා: මා සිහි කරත්න. වෙන කිසිවක් කීමට අවශ්‍ය නැහැ: ඇතුලාන්තගතව සිටින්න. රැකියා ස්ථානයේ වැඩකටයුතුත් ඔබ කළ යුතුයි. නමුත් වැඩිපුර කතා කිරිමට අවශ්‍ය නැහැ. ඔබ ඉතාමත් මිහිරි විය යුතුයි. කිසිවෙකුට දුකක් දෙන්න එපා. රණ්ඩුසරුවල් වෙනවා යනු කේන්ති ගැනීමයි. ඔබගේ ලොකුම සතුරා රාගයයි. දෙවැන්න කේන්තියයි. එය ඔබ ලවා එකිනෙකාට දුක් ඇති කරවනවා. කේන්තිය නිසා බොහෝ රණ්ඩු සටන් ඇරඹෙනවා. ස්වර්ණමය යුගයේ කිසිඳු රණ්ඩුවක් නොමැති බව ඔය දරුවන්ට තේරෙනවා. කේන්තිය රාවණ වගේ වීමේ සලකුණක්. කේන්තිය ඇති අයව හඳුන්වන්නේ යක්ෂ සමාජයේ අය කියලයි. ඔවුන්ට භුතාත්මයක් ඇතුළු වෙනවා. ඔවුන්ට කිසිවක් කීමට අවශ්‍ය නැහැ. ඔ මන්ද ඒ මිනිසුන්ට කිසිඳු දැනුමක් නැහැ: ඔවුන් තව තවත් කේන්ති ගැනීම පමණයි කරන්නේ. කේන්තිකරුවෙක් සමඟ ඔබටත් කේන්ති ගියහොත් සිදුවන්නේ රණ්ඩුවක් ඇති වීම පමණයි. පරමාත්ම පියා පැහැදිලි කරන්නේ: එය ඉතාමත් බලගතු භුතාත්මයක් එය පලවා හැරිය යුත්තේත් උපක්‍රමශීලීවයි. ඔබ දෙතොලින් අමිහිරි වදන් පිට වීමට ඉඩ තබන්න එපා. ඒවා නිසා සිදු වන්නේ මහා හානියක්. විනාශය පවා සිදු වන්නේ කේන්තිය නිසායි. නිවසක කේන්තිය ඇති විට ඒ නිවස හරිම කලබලකාරීයි. ඔබ කේන්ති ගතහොත් ඉන් පරමාත්ම පියාගේ නම අපකිර්තියට ලක් වෙනවා. මේ භුතාත්ම පලවා හැරිය යුතුයි. වරක් ඔවුන්ව පලවා හැරියහොත් නැවත කල්ප බාගයකට රැදෙන්නේ නැහැ. මේ දුර්ගුණ පහ දැන් හරිම බලගතුයි. දුර්ගුණ සියල්ල තම පුර්ණ ශක්තියට පැමිණී විට තමයි පරමාත්ම පියාත් පැමිණෙන්නේ. මේ ඇස් හරිම දුෂිතයි. කටත් ඒ වගේම දුෂිතයි. මිනිස්සු හයියෙන් කෑකෝ ගසමින් රත් වී තම නිවසත් රත් කරවනවා. රාගය හා කෝපය ඔබගේ ලොකුම සතුරනුයි. කේන්තියෙන් සිටින්නෙකුට බාබාගේ සිහියෙන් ඉන්න බැහැ. එම සිහියෙන් සිටිනා කෙනෙක් හරිම තැන්පත්. ඔබගේම හදවතින් අසා දැන ගන්න: මා තුළ කුමන හෝ භුතාත්මයක් සිටිනවා ද? බැඳීම කියලත් භුතාත්මයක් සිටිනවා, කෑදරකම කියා භූතාත්මයකුත් සිටිනවා. කෑදරකමත් පොඩි නැහැ. මේ සියල්ල රාවණ සමාජයට අයිති දේවල් නිසා ඒ සෑම එකක්ම භූතාත්මයන්ය. පරමාත්ම පියා ඔය දරුවන්ට ස්මරණ ඒ වන්දනාව කියා දෙනවා. ඒ වුවත්. බොහෝ අය මෙහිදී ලොකු පටලැවිල්ලකට පත් වෙනවා. මහා භක්ති වන්දනාවල් කර ඇති නිසා ඔවුන්ට තේරෙන්නේ නැහැ. භක්ති මාර්ගය ශාරීරික අවධානයයි. කල්ප බාගයක් පුරාවට තිබුණේ ශාරීරික අවධානයයි. බාහිරගත වීම නිසා, ඔබට තමන් ජීවාත්මයක් කියා සැලකිය නොහැකි වුණා. පරමාත්ම පියා මේ ගැන වැඩිපුර පහදා දෙනවා: තම තමන් ජීවාත්මයන් වශයෙන් සලකා ඔබගේ පරමාත්ම පියා වන මා සිහි කරන්න. කෙසේවෙතත්. මෙය කරන්නේ කෙසේදැයි කියා ඔවුන් දන්නේ නැහැ. අන් සෑම දෙයක්ම හොඳින් පිළිගත්තත් ඔවුන් තවමත් අසන්නේ: අපි කොහොමද සිහි කරන්නේ. අපිට මුකුත් පෙනෙත්තේ නැහැනේ. ඔබ තමන්ව ජීවාත්මයක් වශයෙන් සලකතවා ද කියා එවිට ඔවුන්ගෙන් අසා පැහැදිලි කරදිය යුතුයි. ඒ ඔබගේ අසිමිත පරමාත්ම පියා බව ඔබ දන්නවා. දෙතොලින් නිතරම ශිව ශිවා කිය කියා සිටීමට අවශ්‍ය නැහැ. තමන් ජීවාත්මයක් කියා ඔබ ඇතුලතින් දන්නවා. මිනිස්සු සාමය ඉල්ලනවා. සාම සාගරය වන්නේ පරමාත්ම ජීවාත්මය පමණයි. උරුමය දෙන්නේ අනිවාර්යෙන්ම ඔහුම පමණයි. පරමාත්ම පියා දැන් පහදන්නේ: මා සිහි කරන්න ඔබ තැන්පත් වී උපත් ගණනාවක පාප සියල්ලෙන් ඔබව නිදහස් වේවි. වෙන කිසිම දෙයක් නැහැ. මහා විශාල ඕවලාකාර ප්‍රතිමාවක් නැහැ. ජීවාත්ම කුඩායි. පරමාත්ම පියාත් කුඩායි. සෑම කෙනෙක්ම ඔහුව සිහි කර ; අහෝ භගවාන්, අහෝ දෙවියනේ කියා කියනවා. කවුද මෙසේ කියන්නේ? ජීවාත්මයනුයි. ජීවාත්මයන් තමන්ගේ පරමාත්ම පියාව සිහි කරනවා. එමනිසා, පරමාත්ම පියා දරුවන්ට කියන්නේ: "මන්මනාභව". සුමිහිරි දරුවනි. ඇතුලාන්තව සිටින්න. ඔබට පෙනෙන සෑම දෙයක්ම විනාශ වීමටයි යන්නේ. ජීවාත්ම සාම දනව්වේ සිටීවි. ජීවාත්ම සාම දේශයට පෙරළා යා යුතුයි. පාරිශුද්ධ වන තෙක් ජීවාත්මයන්ට සාම දේශයට යා නොහැකියි. සාදු සන්‍යාසීවරුන් පවා අසන්නේ සාමය ලද හැක්කේ කෙසේද කියලයි. පරමාත්ම පියා ඔබට පහසු මඟක් පෙන්වා දෙනවා. ඒ වුවත්, ඔය දරුවන්ගෙන් ට ඒ බොහොමයකටම තැන්පත්ව ඉන්න බැහැ. නිවෙස් වල සිටිනා ඇතැම් දරුවන් කිසිසේත්ම සාමකාමී නැති බව බාබා දන්නවා. ඔවුන් ටික වෙලාවකට මධ්‍යස්ථානයට යනවා. නමුත් ඇතුලාන්තයෙන් සාමකාමීත් නැහැ පරමාත්ම පියාව සිහි කරන්නේත් නැහැ. දවස පුරාම, ගෙදර දොරේ කලබල ඇති කර කර සිටිනවා. එමනිසා, මධ්‍යස්ථානයට ගියත් ඔවුන්ට තැන්පත්ව ඉන්න බැහැ. තවත් කෙනෙකුගේ ශරීරය කෙරෙහි ආසාවක් ඇති වුණු කෙනෙකුට කිසිම විටෙක සාමය අත්දකින්න බැහැ. ඔබ කරන්නේ ඒ පුද්ගලයාල සිහි කරමින් ඉදීමම පමණයි. පරමාත්ම පියා පහදා කියනවා: මිනිසුන් තුළ භූතාත්ම පහක් සිටිනවා. භුතාත්මයක් ඇතුළු වෙලා කියා කියනවා. ඔබලාව දරිද්‍රතාවයට ඇද දමා ඇත්තේ මේ භූතාත්මයි. එතැන දී වැඩිම වුණොත් එක් භුතාත්මයක් ඇතුළු වේවි. පරමාත්ම පියා කියනවා: මේ භූතාත්ම පහ නම් සෑම කෙනෙක් තුළම සිටිනවා. මේ භුතාත්ම පළවා හරින්නයි කියා මිනිස්සු දෙවියන්ට කන්නලව් කරනවා. ඔවුන් කියන්නේ: බාබා පැමිණ අපට සාමය දෙන්න. මේ භුතාත්ම ඉවත් කිරීමේ ක්‍රමය අපට කියා දෙන්න. මේවා සෑම කෙනෙක් තුළම තිබෙනවා. මේ රාවණ රාජ්‍යයයි. ලොකුම භුතයින් වන්නේ කාමරාගය හා කේන්තියයි. පරමාත්ම මේ පියා පැමිණ මෙම භුතාත්ම පළවා හරිනවා. එමනිසා, ඔහුට ස්තුති කළ යුතුයි. ඒ අය භුතාත්ම පලවා හැරියත් ඔවුන්ට කිසිවක් ලැබෙන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණෙන්නේ මුලු ලෝකයෙන්ම භුතාත්ම පලවා හැර දැමීමටයි කියා ඔය දරුවන් දන්නවා. මේ භුතයින් දැන් ලෝකයේ සෑම කෙනෙක් තුළම සිටිනවා. දේවතාවරුන් තුළ භූතයින් නැහැ. ඔවුන්ට ශාරිරක අවධානය නම් වූ භූතයා නැහැ. කාමරාගය, කෝපය, තණ්හාව හෝ බැඳීම කිසිවක් ඔවුනට නැහැ. කෑදරකම කියන භුතයාත් පොඩි නැහැ. මට බිත්තරයක් හෝ කන්න ඕනේ, අරක ඕනේ. මේක ඕනේ. බොහෝ අය තුළ මේ භූතයා සිටිනවා. රාග භුතයා හෝ කෝප භුතයා තමා තුළ සිටිනවාදැයි කියා ඔබගේම හදවතට තේරෙනවා. එමනිසා, එම භුතයින් පළවා හැරීමට පරමාත්ම පියාට දැඩි වෙහෙසක් දැරීමට සිදු වෙනවා. ශාරීරික අවධානයට පැමිණීම නිසා ඔබට යම් කෙනෙකුව වැළඳ ගැනීමේ ආසාවක් ඇති වෙනවා. එවිට ඔබගේ මුලු ආදායමම විනාශ වී යනවා. කෝපය ඇති අයටත් සිදු වන්නේ එයමයි. කේන්ති ගිය පියෙක් තම පුතාට පහර දෙනවා නැතිනම් පුතා පහර දෙනවා. බිරිඳ සැමියාව මරා දමනවා. සිර ගෙවල් වල මොනවාගේ නඩු ද තිබෙන්නේ කියා ටිකක් බලන්න. මේ භුතයින් ඇතුළු වුණු දා පටන් දා භාරතය පත්ව ඇති තත්ත්වය දෙස මදක් බලන්න. රත්තරන් මුතුමැණික් දියමන්ති වලින් පිරී තිබුණු භාරත කළස දැන් සම්පූර්ණයෙන්ම හිස් වෙලා. කේන්තිය නිසා වතුර කළයක් වුවත් වේලෙනවා කියන්නේ මේ නිසායි. භාරතයත් පත්ව ඇත්තේ එම තත්ත්වයටමයි. ඒත් කිසිම කෙනෙක් මේක දන්නේත් නැහැ. කිසිම මිනිසෙකුට ඉවත් කළ නොහැකි භුතයින් ඉවත් වන්නේ පරමාත්ම පියා පැමිණී විට පමණයි. මේ භුතාත්ම පහ හරිම බලගතුයි. ඔවුන්ගේ බලය කල්ප බාගයක්ම පැවත තිබෙනවා. ඒ ගැන අහන්නවත් එපා. ඇතැම් අය පාරිශුද්ධව සිටියත් ඔවුන්ගේ උපත සිදු වන්නේ දුර්ගුණයකින්. දුර්ගුණ පහ මුළු භාරතයම දරිද්‍ර කරවලා. නාටකය ලියවිලා තිබෙන විදිය දෙස මදක් බලන්න. පරමාත්ම පියා මෙහි ඉඳගෙන මේ දේවල් ඔබට පහදා දෙනවා. භාරතය කෙතරම් දරිද්‍ර වී ඇතිදැයි කිවහොත් එයට දැන් පිටරට වලින් ණය ගැනීමටත් සිදුව තිබෙනවා. පරමාත්ම පියා පැහැදිලි කරන්නේ භාරතයේ දේවල් ගැනයි. ඔය දරුවන් ඉගෙනීමෙන් මහත් ධනයක් උපයනවා. අවිනාශී පරමාත්ම පියා විසින් උගන්වන මෙය අවිනාශී අධ්‍යාපනයකි. භක්ති මාර්ගයේ සැරසිලි ගණනාවක් තිබෙනවා. ඉතාමත් ලාබාල අවදියේ පටන් බාබා ගීතාව හදාරමින් සිටියා. ඔහු නාරායන වන්දනාවත් කළා. නමුත් කිසිම දෙයක් තේරුණේ නැහැ. තමන් ජීවාත්මයක් බවවත් ඒකායන පියා අපේම පියා බවවත් ඔහු දැනගෙන සිටියේ නැහැ. මෙන්න මේ නිසා තමයි ඔබ සිහි කිරීම කළ හැක්කේ කෙසේදැයි කියා අසන්නේ. ආහ්. ඔබ භක්ති මාර්ගය පුරාවට අහෝ දෙවියනේ, අපව මුදවා ගන්න, අපට මඟ කියා දෙන්න කිය කියා ඔහුව සිහිපත් කළා. මුක්තිය හා ජීවන මුක්තිය ලබා ගැනීමට ඔබලාට මඟ පෙන්වන්නෙක් අවශ්‍යයි. පරමාත්ම පියා ඔබට මෙම වියපත් වන ලෝකය වෙත අපුලක් ඇති කරවනවා. මේ මේ මේ කාලය වන විට සෑම ජීවාත්මයක්ම අවලස්සන වෙලා, ඉතින් කාටවත් ලස්සන සිරුරක් ලද හැකි ද? හම කෙතරම් සුදු වුවත්, ජීවාත්මය තවමත් අවලස්සනයි. හොඳ පැහැපත් සමක් හා ලස්සන ශරීරයක් තිබෙනා අය තම තමන් ගැන මහා මත් වීමකිනුයි සිටින්නේ. ජීවාත්ම ලස්සන වන්නේ කෙසේද කියා මිනිස්සු දන්නේවත් නැහැ. මෙන්න මේ නිසා තමයි ඔවුන් අදේවවාදින් කියා හඳුන්වන්නේ. තමන්ගේ පරමාත්ම පියා. නිර්මාණකරු හෝ ඔහුගේ නිර්මාණය ගැන නොදන්නා අයව හැඳින්වෙන්නේ අදේවවාදීන් හෝ කියලයි. ඔහුව දන්නා අය දේවවාදීන් වෙනවා. පරමාත්ම පියා මෙහි හිඳගෙන ඔය දරුවන්ට සෑම දෙයක්ම ඉතාමත් පැහැදිලිව කියා දෙනවා. ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේ හදවතින් ඇසිය යුතුයි: මා තුළ කොයි තරම් දුරක පිරිසිඳුතාවයක් තිබෙනවා ද? මා කෙතරම් දුරට මාව ජීවාත්මයක් කියා සලකනවා ද, කෙතරම් දුරට පියාව සිහි කරනවා ද? රාවණ පරදා ජය ගත හැක්කේ ස්මරණ බලයෙන් පමණයි. භෞතිකව ශක්තිමත් වීමක් මෙහිදී අදහස් කෙරෙන්නේ නැහැ. මේ වන විට මහා බලවතුන් වී සිටින්නේ ඇමරිකාවයි. මන්ද ධනය, වස්තුව හා ආයුධ ගණනාවක් ඔවුන්ට තිබෙනවා. ඒ සෑම කෙනෙක්ම ඝාතනය කර දැමීමට ගන්නා ඒ භෞතික ශක්තියයි. තමන් ජය ගත යුතුයි කියා ඔවුන්ගේ සිහියේ තිබෙනවා. ඔබට ඇත්තේ ආධ්‍යාත්මික බලයයි, රාවණ පරදා ජය ගන්නේ එමඟිනුයි. ලෝක පාලකවරුන් වන්නේ එමඟිනුයි. කිසිම කෙනෙකුට ඔබව අල්ලා ගැනීමටවත් සොරා ගැනීමටතවත් හැකි වන්නේ නැහැ. වෙන කිසිම කෙනෙකුට මෙම උරුමය පරමාත්ම පියාගෙන් හිමි වන්නේත් නැහැ. තමන් කුමක් බවට පත් වෙනවාදැයි කියා මදක් සිතා බලන්න. මහා සෙනෙහසකින් ඔබ පරමාත්ම පියාව සිහි කළ යුතුයි. එමෙන්ම ස්වදර්ශන චක්‍රය කරකැවිය යුතුයි. ඒත් මෙතන හිංසනයක් සිදු වන්නේ නැහැ. එමනිසා, පරමාත්ම පියා ඔය දරුවන්ට කියන්නේ: සුමිහිරි දරුවනි, බලන්න ඔබ පෙර සිටියේ කෙසේද. දැන් තත්ත්වය කුමක්ද කියලා. කෙතරම් භක්ති කළත් ඔබලාට භුතාත්මයන් ඉවත් කර ගත හැකි වූයේ නැහැ. දැන් ඇතුලාන්තගත වී බලන්න තමා තුළ කුමන හෝ භූතාත්මයක් සිටිනවා දැයි කියලා. ඔබ සිතින් කාට හෝ බැඳුනොත්, සිතෙන් හෝ වී හෝ ඔ හෝ කවුරුන්ව හෝ වැළඳ ගැනීමක් සිදු වුවහොත් තමා විසින් උපයා ගත් සියල්ල එතැනින්ම අවසන් වී යන බව ඔබලා තේරුම් ගත යුතුයි. එවැනි අයගේ මුහුණවත් බැලීමට බාබා කැමති නැහැ. ඔවුන් අතින්වත් නොඇල්ලිය යුතු මහා හිත කුලයක අය වූවා වගේයි. ඔවුන්ගේම හිත වද දේවි. ඔවුන්ටම හිතේවි තමන් අඩු කුලයක කෙනෙක් බවට පත් වුණායි කියලා. පරමාත්ම පියා කියනවා: තමාගේම ශරීරයත් ඇතුලු සියලු දේ අමතක කර දමා තමා ජීවාත්මයක් බව සිහියට නගා ගන්න. මෙම තත්ත්වය රැක ගැනීමෙන් පමණයි ඔබට දේවතාවරයෙක් විය හැකි වන්නේ. එමනිසා ඔබ තුළ කිසිඳු භූතාත්මයක් නොසිටිය යුතුයි. බාබා නිතර නිතර ඔබට කියන්නේ තම තමන්ව පරීක්ෂා කර ගන්න කියලයි. බොහෝ අය තුළ කේන්තිය තිබෙනවා; ඔවුන්ට කාටවත් අපහාස නොකර ඉන්න බැහැ. පසුව දබරයක් ඇති වෙනවා. කෝපය ඉතාමත් නරකයි. මෙම භුතාත්ම පළවා හැර හරිම පැහැදිලි අයෙක් වන්න. ඔබ ඔබගේම ශරීරයවත් සිහි නොකල යුතුයි. උසස් තත්ත්වයක් ඔබට දිනා ගත හැක්කේ එවිට පමණයි. මෙන්න මේ නිසා තමයි රත්න අටක් ගැන පමණක් සඳහන් කර ඇත්තේ. ඔබට ඥාන රත්නය ලැබෙන්නේ ඔබත් රත්නක් බවට පත් විය යුතු නිසායි. දේවතාවරුන් තිස්තුන් කෝටියක් සිටියායි කියා මිනිස්සු කියනවා. කෙසේවෙතත්, ගෞරවයෙන් සමත් වන්නේ අට දෙනයි. තෑග්ග හිමි කර ගන්නේ ඔවුනුයි. එය ශිෂ්‍යත්වයක්දිනා ගන්නවා වගේයි. ගමනාන්තය ඉතාමත් ඉහළ බව ඔබට තේරෙනවා. භූතාත්තමයක් ඇතුලු වුණු විට ඇතැම් අය ඇද වැටෙනවා. එහේ කිසිම පාපයක් නැහැ. මුලු චක්‍රයේම නාටකය ඔබගේ බුද්ධියේ කරකැවිය යුතුයි. වසර 5000කට ඇති වසර ගණන, මාස ගණන, පැය, මිනිත්තු හා තත්පර ගණන ඔබ දන්නවා. කාට හෝ අවශ්‍ය නම් මෙය ගණනය කළ හැකියි. පසුව එම කල්පයක වසර. මාස, දින, පැය හා තත්පර ගණන කල්ප වෘක්ෂය පින්තුරයේ සටහන් කරන්න. ඔබ කියනා දේ හරියටම හරියි කියා මිනිස්සු කියාවි. උපත් 84 ගිණුම ගැන බාබා ඔබට කීවා නම්. කල්පයේ කාල පරාසය ගැන ඇයි නොකියන්නේ? දරුවන්ට කියා දී ඇති ප්‍රධානම කරුණ නම්: කුමක් හෝ කර මෙම භුතාත්ම පළවා හැරිය යුතුයි. මෙම භුතාත්මයන් මුලු සත්‍යයම විනාශ කර දමලා. මේවා අනිවාර්යෙන්ම සෑම මිනිසෙක් තුළම සිටිනවා. ඔවුන් ඉපදිලාම තිබෙන්නේ කෙළෙස් වලිනුයි. එහේ කිසිඳු අපිරිසිඳුතාවක් නැහැ: රාවණ නැහැ. රාවණ කියන්නේ කවුරුන්දැයි කියාවත් කිසිම කෙනෙක් තේරුම් ගන්නේ නැහැ. ඔබ රාවණව දමනය කරනවා. දැන් උත්සාහ දරන්න. පරමාත්ම පියා පැමිණ සිටිනවා; එමනිසා ඔබ අනිවාර්යෙන්ම ඔහුගෙන් උරුමය දිනා ගත යුතුයි. තමන් කී වතාවක් දේවතාවරුන් වුණාද කී වතාවක් යක්ෂයින් වුණාදැයි කියා ඔබට ගණනය කල නොහැකියි. අච්චා. දරුවන් නිහඬව සිටින්න. කවදාවත් කේන්ති ගන්න එපා. පරමාත්ම පියා විසින් ඔබට දෙන සෑම ගුරුහරුකමක්ම ඔබ ක්‍රියාවට නැංවිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගෙන්ම අසන්න: මා තුළ කුමන හෝ ආකාරයක භුතාත්මයක් සිටිනවා ද? මගේ ඇස් සාපරාධි වෙනවා ද? මහා හඬින් කතා කිරීමේ හෝ කලබලකාරීත්වය පැතිර වීමේ හෝ සංස්කාරය මා තුළ තිබෙනවා ද? බැඳීම හෝ කෑදරකම යන දුර්ගුණ මට වද දෙනවා ද?

2. ඔබගේ හදවත කිසිඳු ශාරීරික කෙනෙක් වෙත බන්දා නොගන්න. ඔබගේම ශරීරයත් ඇතුළු සියල්ල අමතක කර ස්මරණ වන්දනාවේ නිරතව ආධ්‍යාත්මික බලයෙන් තමාව පුරවා ගන්න. සියලු භුතාත්මයන් පළවා හැර දැමූ විට, කල්ප බාගයකටම ඔබට ඔවුන්ගෙන් මිදී සිටිය හැකි වනු ඇත.

වරදානය:
පළමු කාණ්ඩයට හිමිකම ඇත්තෙක් වී නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් හා දේව නීති අවබෝධ කර ගනිමින් සාර්ථකත්වය ලබන්නෙක් වේවා.

ධෛර්යවන්ත එක් පියවරක් තබන්න, පියවර මිලියන ගණනක සහාය ලැබෙනු ඇත. ක්‍රමවේදය නාටක චක්‍රයේ නියමයකි. නීතියක් ලෙසින් එය ස්ථාවර වි නොතිබුණා නම්, සෑම කෙනෙක්ම ලෝකයේ පළමු රජ විය යුතුව තිබුණා. අංකානුරූපී වීමේ ක්‍රමවේදය නිර්මාණය වී තිබෙන්නේ මෙම නීතිය නිසායි. ඔබ සෑම කෙනෙකුටම ඉහළම සහාය ලබා ගත හැක්කේ ඔබ එකිනෙකාගේ ධෛර්යය මතයි. සේවය වෙනුවෙන් කැප වුණු කෙනෙක් ද පවුලක් තුළ ජීවත් වෙන කෙනෙක් ද කෙසේවුවත් ඔබට සම අයිතීන් තිබෙනවා. නිවැරදි ක්‍රමවේදය තුළින් ඔබට සාර්ථකත්වය ලද හැකියි. මෙම දේව නීතිය හොඳින් තේරුම් ගෙන නොසැලකිලිමත්කමේ සෙල්ලම් අවසන් කරන්න. එවිට ඔබට පළමු කාණ්ඩයට හිමිකම් දිනා ගත හැකි වනු ඇත.

පාඨය:
ඔබ සතු සිතිවිලි සම්පත සම්බන්ධයෙන් අරපිරිමැස්මේ අවතරණයක් වන්න.