28.06.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දියුණු වීම සඳහා, දිනපතාම රාත්‍රියේ නින්දට යෑමට පෙර, දවස තුළ සිදුවූයේ කුමක්ද කියා ඔබගේ වාර්තාව පරීක‍්ෂා කර බලන්න. පරීක‍්ෂා කරන්න: මම දවස තුළ කාට හෝ දුකක් දුන්නාද?

ප්‍රශ්නය:
විශාල වශයෙන් භාග්‍යවන්ත දරුවන්ට, තිබෙන නිර්භීතකම කුමක්ද?

පිළිතුර:
විශාල වශයෙන් භාග්‍යවන්ත දරුවන් වන සැමියා සහ භාර්යාව, සහෝදරයන් සේ එකට ජීවත් වෙයි. ඔවුන්ගේ බුද්ධිය තුළ ස්ථීර විශ්වාසය තිබේ. විශාල වශයෙන් භාග්‍යවන්ත දරුවන්, ඔවුන් දෙදෙනාම ශිෂ්‍යයින් බවත්, ඔවුන් සහෝදරයෙක් සහ සහෝදරියක් බවත් විගසින් වටහා ගනී. කෙසේවෙතත්, මෙම නිර්භීතකම තිබිය හැකි වන්නේ, තමන් ජීවාත්මයක් යැයි ඇය හෝ ඔහු සලකන විට පමණයි.

ගීතය:
ඔබගේ හදවත නමැති කැඩපතේ තම මුහුණ බලන්න.

ඕම් ශාන්ති.
පියා සෑම දිනෙකම මෙම කරුණ දරුවන්ට විස්තර කර දෙයි නින්දට යෑමට පෙර, අභ්‍යන්තර වශයෙන් ඔබගේ වාර්තාව පරීක‍්ෂා කර බලන්න, ඔබ කාට හෝ දුකක් දුන්නාද, එමෙන්ම ඔබ කෙතරම් වේලාවක් පියා සිහිපත් කළාද කියා. ප්‍රධානතම දෙය මෙයයි. ගීතයද කියන්නේ තමන් තුළ බලන්න මා කෙතරම් දුරට තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වී තිබේද? දවස පුරාවට මගේ මිහිරි පියාව මා කෙතරම් සිහිපත් කළාද? ශාරීරික ජීව සිහි නොකරන්න. සියලුම ජීවාත්මයන්ට කියන්නේ ඔබගේ පියාව සිහි කරන්න! ඔබ දැන් ආපසු යා යුතුයි. කොහාටද? නිහඬ දේශය හරහා නව ලෝකයට. මෙය පැරණි ලෝකයයි. දිව්‍ය ලෝකයේ දොරටු විවෘත කළ හැකි වන්නේ, පියා පැමිණි විට පමණයි. ඔය දරුවන් දැන් සංගම යුගයේ අසුන් ගෙන සිටින බව ඔබ දන්නවා. සංගම යුගයට පැමිණ, නැවට ගොඩ වදින ඇතැම් අය, ඉන්පසුව නැවෙන් බැස යෑම විශ්මයකි. සංගම යුගයේ වඩාත්ම ශ්‍රේෂ්ඨ ජීව බවට පත් වීම සඳහා, එගොඩට යෑමට ඔබ තොටුපොලින් නැව් නැඟ තිබේ. එබැවින් පැරණි කලි යුග ලෝකයෙන් ඔබගේ හදවත් ඔබ ඉවත් කරගත යුතුයි. ඔබට තිබෙන්නේ ඔබගේ සිරුරු තුළින් ඔබගේ චරිත කොටස් රඟ පෑම පමණයි. අප දැන් විශාල සතුටකින් ආපසු නිවසට යාමටයි යන්නේ. මනුෂ්‍යයින්, විමුක්තිය ලබා ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වන නමුත්, ඔවුන් ’මුක්තිය‘ හෝ ’ජීවන මුක්තිය‘ හි අරුත නොදනී. ඔවුන් මෙම වදන් ග්‍රන්ථ වලින් අසා ඇති නමුත්, ඉන් අදහස් වන්නේ කුමක්ද, එය ලබා දෙන්නේ කවුරුන්ද, එය ලැබෙන්නේ කවදාද, ආදිය ගැන කිසිවක් ඔවුන්ට නොවැටහෙයි. බාබා ඔබට මුක්තිය සහ ජීවන මුක්තිය යන ඔබගේ උරුමය ලබා දීමට පැමිණ ඇති බව ඔය දරුවන් දන්නවා. ඔහු පැමිණෙන්නේ එක් වරක් පමණක් නොවෙයි ඔහු බොහෝ වාර ගණනාවක් පැමිණ ඇත. ඔබ මුක්තියෙන්, ජීවන මුක්තියට සහ ඉන්පසුව බන්දන සහිත ජීවිතයකට අනේක වාර ගණනාවක් ගොස් තිබේ. ඔබ එක් එක් කෙනා ජීවාත්මයක්ය, යන වැටහීම ඔබට දැන් තිබේ. බාබා දැන් ඔය දරුවන්ට බොහෝ දේ උගන්වයි. භක්ති මාර්ගයේදී ඔබ දුකට පත් වූ විට දෙවියන්ව සිහිකළ නමුත්, ඔබට ඔහුගේ හැඳින්වීම තිබුණේ නැත. මා දැන් ඔබට මගේ හැඳින්වීම ලබා දී ඔබගේ පාපයන් දුරු වන සේ, මා සිහිපත් කරන අන්දම ඔබට උගන්වා තිබේ. ඔබගේ වාර්තාව තැබීමෙන් මෙතෙක් කල් ඔබ කොපමණ පාපයන් සිදු කර තිබේද කියා ඔබට වටහා ගැනීමට හැකිය. සේවයේ නියැලී සිටින අයට මෙය වැටහෙයි. දරුවන් සේවය කිරීමට කැමත්තක් දක්වයි. ඔවුන් හමුවී, එකිනෙකාගෙන් සේවය කරන අන්දම ගැන අවවාද ගෙන, පිටව ගොස් මිනිසුන්ගේ ජීවිත, දියමන්ති මෙන් කරවීම සඳහා සේවය කරති. මෙය මහා පුන්‍ය ක්‍රියාවකි. මෙහි වියදමක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. දියමන්තියක් මෙන් වීම සඳහා, පියා සිහිපත් කරන්න, එපමණයි. සිහි කර ඇති එම සුරංගනාවන්ගේ නම් වලින් (පුක්රාජ්, සබ්ජ්) හැඳින්වෙන්නේ ඔබවයි. ඔබ වැඩියෙන් සිහිපත් කිරීමේ සිටින තරමට, ඔබ වැඩියෙන් දියමන්ති මෙන් වෙයි. ඇතැම් අය රතු කැට මෙන් වන අතර ඇතැමුන් පුෂ්පරාග මෙන් වෙයි. මැණික් ගල් නමය ඇත. අපල ඇති විට මිනිසුන් මැණික් නමයක් සහිත මුද්දක් පළඳියි. භක්ති මාර්ගයේ එවන් නිදසුන් බොහොමයක් තිබේ. මෙහි සියලුම ආගම් වල අයට තිබෙන්නේ එක් පාඨයක් පමණයි මන්මනභව! දෙවියන් එක්කෙනෙකි. මනුෂ්‍යයෙකුගෙන් දේවතාවක් වීමට සහ මුක්තිය සහ ජීවන මුක්තිය ලබා ගැනීමට ඔබ කළ යුතු එකම උත්සාහය මෙය පමණයි. සරලව, පියාව සිහිපත් කරන්න, එපමණයි! වෙනත් අපහසුතාවයක් නැත. ඔබට බාබාව සිහිපත් කිරීමට නොහැකි මන්ද කියා සිතන්න. මුළු දවස පුරාම මෙතරම් කෙටි වෙලාවක් පමණක් මා බාබාව සිහි කළේ ඇයි? මෙම සිහිපත් කිරීම තුළින් මට සදා නිරෝගී සහ රෝග වලින් නිදහස්ව සිටිය හැකි බැවින්, මා වාර්තාවක් තබා, දියුණු නොවන්නේ ඇයි? බොහෝ දෙනෙක් දින දෙකක් හෝ හතරක් වාර්තාවක් ලියා, ඉන්පසුව එය අමතක කර දමයි. ඕනෑම කෙනෙකුට පහදා දීම ඉතාමත්ම පහසුයි. ඔවුන්ට කියන්න නව ලෝකයට ස්වර්ණමය යුගයද, පැරණි ලෝකයට කලි යුගය යැයිද කියයි. කලි යුගය, ස්වර්ණමය යුගයට පරිවර්ථනය වීමටයි යන්නේ. එය පරිවර්ථනය වීමට යන නිසයි අපි මේ සෑම දෙයක්ම විස්තර කරන්නේ. බ්‍රහ්මාගේ ශරීරයට ඇතුළු වී අපට උගන්වන්නේ එම අශාරීරික පියාම බව, ඇතැම් දරුවන් තුළ ස්ථීර විශ්වාසයක්වත් නොමැත. ඔබ බ්‍රහ්මණයින් නොවේද? ඔබට කියන්නේ බ්‍රහ්ම කුමර කුමරියන් කියාය. මින් අදහස් වන්නේ කුමක්ද? ඔබගේ උරුමය ඔබට ලැබෙන්නට යන්නේ කාගෙන්ද? දරුකමට හදා ගැනීම සිදුවන්නේ, යම් ප්‍රතිලාභයක් ලැබීමට ඇති විට පමණයි. ඔබ බ්‍රහ්මාගේ දරුවන්, බ්‍රහ්ම කුමර කුමරියන් බවට පත් වී ඇත්තේ ඇයි? ඔබ සැබවින්ම මෙය වී තිබේද? නැත්නම් ඔබගෙන් ඇතමෙක් තවමත් මෙය සැක කරනවාද? සැමියා සහ බිරිඳ වන විශාල වශයෙන් භාග්‍යවන්ත දරුවන්, සහෝදරයන් සේ එකට වාසය කරති ස්වාමියා සහ භාර්යාව වීමේ අවධානය ඔවුන්ට නැත. බුද්ධියේ විශ්වාසය ස්ථීර නැත්නම්, ස්වාමියා සහ බිරිඳ යන දැක්ම පරිවර්ථනය කිරීමට කල් ගත වෙයි. මහා වාසනාවන්ත දරුවන් ඉතා ඉක්මනින් වටහා ගනී අප දෙදෙනාම ශිෂ්‍යයින්, එබැවින් අප සහෝදර සහෝදරියන්ය. තමන් ජීවයක් බව සලකන විට පමණයි, ඔබට මෙම නිර්භීතකම ඇති වන්නේ. සියලුම ජීව, සහෝදරයන්ය. ඉන්පසුව ඔබ බ්‍රහ්ම කුමර කුමරියන් වූ පසු, ඔබ සහෝදර සහෝදරියන් වෙයි. ඇතැම් අය බන්දනයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වන අතර, ඒ තිබියදී ඔවුන්ගේ බුද්ධිය ටිකක් ඇදී යයි. කර්මතීට් තත්ත්වයට පත් වීමට කල් ගත වෙයි. ඔය දරුවන් තමන් තුළ බොහෝ සතුට අත්විඳිය යුතුයි. කිසිම සංකූලතා නොතිබිය යුතුයි. ජීව වන අප සියලු දෙන, අපගේ පරණ සිරුරු හලා දමා, බාබා වෙතට යනවා. අප බොහෝ කාලයක් තිස්සේ අපගේ චරිත කොටස් රඟ පෑවා. චක්‍රය දැන් අවසානයකට පැමිණෙනවා. මේ අන්දමින් තමන් සමඟ කතා කරන්න. ඔබ තමන් සමඟ වැඩියෙන් කතා කරන තරමට, ඔබ වැඩියෙන් ප්‍රබෝදමත්ව සිටියි, එමෙන්ම ලක‍්ෂ්මි හෝ නාරායන් සමඟ විවාහ වීමට ඔබ කෙතරම් දුරට සුදුසුද කියා ඔබගේ හැසිරීම ඔබටම පරීක‍්ෂා කර බැලිය හැකි වෙයි. අපට මෙම පැරණි සිරුරු තව කෙටි කාලයකින් හැලීමට සිදුවන බව බුද්ධියට වැටහෙයි. ඔබ නළුවන්ය. තමන් නළුවන් බව සලකන්න. පෙර කල, ඔබ තමන් එය බව සැලකුවේ නැත. දැන් ඔබට මෙම දැනුම ලැබී ඇති බැවින්, ඔබ තුළ විශාල සතුටක් තිබිය යුතුයි. පැරණි ලෝකය ගැන ඔබට නොතැකීමක් තිබී, ඔබට එය ගැන නිරාශාවක් තිබිය යුතුයි. ඔබ අසීමිත සන්යාසීන් සහ රාජයෝගීන්ය. ඔබගේ බුද්ධියෙන් ඔබගේ පැරණි සිරුරු පවා අතහැරිය යුතුයි. මගේ බුද්ධිය මෙම සිරුරට බැඳ නොතබා ගත යුතු බව ජීවයට වැටහෙයි. ඔබ පැරණි සිරුරු සහ පැරණි ලෝකය ඔබගේ බුද්ධියෙන් ඉවත් කරගෙන තිබේ. ජීව වන අප දැන් පියා මුණ ගැසීමට ආපසු නිවසට යනවා. එය සිදු විය හැකි වන්නේ ඔබ ඒකායන පියාව සිහි කරන විට පමණයි. ඔබ අන් කෙනෙක්ව සිහි කරන්නේ නම්, ඔවුන්ගේ එම සිහි කිරීම නිසැකයෙන්ම ඇතිවෙයි. එවිට දඬුවම් විඳීමට සිදුවන අතර, ඔබගේ තත්ත්වයද විනාශ වෙයි. ඔවුන් අනිවාර්යෙන්ම ශිෂ්‍යත්වයක් හිමි කරගන්නා බව, හොඳ ශිෂ්‍යයන් තමන්ට පොරොන්දු වෙයි. එබැවින් මෙහිදීද, ඔබ සෑම කෙනෙක්ම පියාගෙන් ඔබගේ රාජධානියේ මුළු භාග්‍යයම හිමි කරගැනීමට සැලකිලිමත් විය යුතුයි. ඔබගේ හැසිරීමද එයට අනුව විය යුතුයි. ඔබගේ උත්සාහයන් වල දියුණුවක් ලබා, ඉදිරියට පිම්මක් ගන්න. එය සිදු විය හැකි වන්නේ, දිනපතාම සවස ඔබගේ ස්ථීතිය පරීක‍්ෂා කළොත් පමණයි. බාබාට සෑම කෙනෙකුගේම පුවත් ලැබෙයි. බාබාට සෑම කෙනෙක්වම තේරුම් ගැනීමට පුළුවනි. ඇතැමෙකුට බාබා මෙසේ වුවද පවසයි ඔබ ලක‍්ෂ්මි හෝ නාරායන් බවට පත් වෙයි කියා ඔබගේ මුහුණේ දිස් වන්නේ නැත. බලන්න, ඔබගේ හැසිරීම සහ කන, බොන දේ දෙස. ඔබ කිසිම සේවයක් වත් කරන්නේ නැත. ඔබට කුමක් වෙයිද? එවිට ඔබ යමක් කර, බාබාට පෙන්විය යුතු බව, ඔබගේ හදවතට දැනෙයි. ඔබ එක් එක් කෙනා ඔබගේ උසස් භාග්‍යය නිර්මාණය කරගැනීම සඳහා ස්වාධීනව ඉගෙන ගත යුතුයි. ඔබ ශ්‍රීමත් අනුගමනය කළේ නැත්නම් ඔබට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට නොහැකි වෙයි. ඔබ අද සමත් නොවන්නේ නම්, ඔබට චක්‍රයෙන් චක්‍රයට සමත් වීමට නොහැක. ඔබ සුදුසු වන්නේ කුමන තත්ත්වයකටද කියා ඔබට දර්ශන ඇති වෙයි. ඔබගේ (අනාගත) තත්ත්වය ගැන දර්ශනද ලැබෙයි. ආරම්භයේදී සමහරෙකුට මෙහි දර්ශන ලැබුණා. කෙසේවෙතත්, ඔවුන්ට ඒ ගැන කතා කිරීමට බාබා තහනම් කළා. අවසානයේද ඔබ වීමට යන්නේ කවුරුන් බවටද කියා, ඔබට සෑම දෙයක්ම දැන ගන්නට ලැබෙයි. ඒ වෙලාවෙදී ඔබට ඒ ගැන කිසිවක් කිරීමට නොහැකි වෙයි. එය චක්‍රයෙන් චක්‍රයට ඔබගේ තත්ත්වය වෙයි. ඔබට රාජධානියේ ද්විත්ව කිරුළක් හෝ ද්විත්ව වාසනාවක් හිමි කරගැනීමට නොහැකි වෙයි. තවමත් උත්සාහ දැරීමට බොහෝ ඉඩ කඩ තිබේ. රිදී යුගයේ අවසානය තෙක්, 16,108 ක විශාල මාලාවක් නිර්මාණය කළ යුතුව ඇත. ඔබ මෙහි පැමිණ සිටින්නේ මානව ජීවියෙකුගෙන්, නාරායන් බවට වෙනස් වීමට උත්සාහ දැරීමටයි. ඔබට පහත් තත්ත්වයක් ලැබීමේ දර්ශනයක් ඇති වන විට, ඔබ තමන් ගැන කලකිරෙයි. ඔබ කිසිම උත්සාහයක් නොදැරූ නිසා ඔබගේ හිස පහත් වෙයි. බාබා ඔබට බොහෝ වාර ගණනාවක් වාර්තාවක් තැබීමට සහ මේ දේ සහ අර දේ කිරීමට යැයි කියා තිබේ. මේ නිසයි මෙහි පැමිණෙන සෑම දරුවෙකුගේම ඡායාරූපයක් ගත යුතු බව බාබා පවසන්නේ. එය කණ්ඩායම් ඡායාරූපයක් වුවද කම් නැත. ඔබ බොහෝ කණ්ඩායම් මෙහි කැඳවාගෙන එනවා නොවේද? ඔබට දිනය සහ ප්‍රතිඡායා ආදි සියල්ල එකට දැමිය හැක. එවිට බාබාට, වැටුණු අයව ඔබට පෙන්විය හැක. බාබාට සෑම කෙනෙකුගේම පුවත් ලැබෙනවා. එබැවින් ඔහුට සෑම දෙයක්ම ඔබට කිව හැක. මායා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ව, ඉවතට ඇද ගෙන තිබේ. ඔවුන් දැන් කම්මුතු වී තිබේ. බොහෝ දියණියන්ද වැටෙයි. ඔවුන් සම්පූර්ණ පහත් තත්ත්වයකට ඇද වැටෙයි, අහන්නවත් එපා! මේ නිසයි බාබා පවසන්නේ දරුවනි, ප්‍රවේසම් වන්න! මායාට එක් හෝ තවත් වේශයක් ගෙන, ඔබව අල්ලා ගත හැක. කිසි කෙනෙකුගේ නම හෝ රූපය දෙසවත් නොබලන්න. ඔබ මෙම කෙනාව ඔබගේ දෑසින් දකින නමුත්, ඔබගේ බුද්ධිය තුළ ඒකායන පියාගේ සිහිපත් කිරීම තිබිය යුතුයි. ඔබට පියා දෙස පමණක් බලා, ඔහුව පමණක් සිහි කිරීම සඳහා, ඔබට දැනුමේ තෙවැනි ඇස ලබා දී තිබේ. අඛණ්ඩව ශරීර අවධානය අත්හරින්න. ඉන් කියැවෙන්නේ, ඔබ කෙනෙක් සමඟ කතා කරන විට, ඔබගේ ඇස් පහත් කර කතා කළ යුතු බව නොවෙයි. එතරම් දුර්වල නොවන්න. සෑම දෙයක්ම දකින අතර, ඔබගේ බුද්ධියේ යෝගාව සම්බන්ධ වී තිබිය යුත්තේ ඔබගේ ආදරවන්තයාටයි. මෙම ලෝකය දකින අතර, එය සොහොන් බිමක් බවට හැරෙන්නට යන බව, ඔබ ඇතුලාන්තයෙන් වටහා ගත යුතුයි. එය සමඟ ඔබ සම්බන්ධතාවයක් තබා ගන්නේ කුමකටද? ඔබට මෙම දැනුම ලැබෙයි. එබැවින් එය ධාරණය කරගෙන, භාවිත කරන්න. ඔය දරුවන් ප්‍රදර්ශන වල විස්තර කරන විට, ’බාබා, බාබා‘ යන වචන දහස් වාරයක් ඔබගේ මුවින් මතු විය යුතුයි. බාබා සිහි කිරීමෙන් ඔබ විශාල වශයෙන් ලාභ ලබයි. ශිව බාබා පවසන්නේ නිරතුරුවම මා පමණක් සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී යයි. ශිව බාබාව සිහි කරන්න, එවිට ඔබ තමෝප්‍රධාන් බවින් සතොප්‍රධාන් බවට පත් වෙයි. බාබා පවසන්නේ මා සිහි කරන්න! මෙය අමතක නොකරන්න! ඔබට බාබාගේ උපදෙස් ලැබී තිබේ මන්මනභව! පියා පවසා තිබෙන්නේ ’බාබා‘ යන වචනය අඛණ්ඩව ඔබ තුළ ඉතා හොඳින් මුවහත් කරගන්න. දවස පුරාම නිරන්තරයෙන් නැවත නැවතත් ’බාබා, බාබා‘ කියන්න. වෙනත් කිසිවක් ගැන සැලකිලිමත් නොවන්න. පළමුවන සහ ප්‍රධානතම දෙය මෙයයි. පළමුවෙන්ම පියාව තේරුම් ගන්න. ප්‍රයෝජනයක් තිබෙන්නේ මෙහි පමණයි. උපත් 84 හි චක්‍රය වටහා ගැනීම ඉතාම පහසුයි. ප්‍රදර්ශන වලදී විස්තර කර දීමට ඔය දරුවන් තුළ විශාල කැමැත්තක් තිබිය යුතුයි. ඔබට යම් විශේෂ දෙයක් විස්තර කළ නොහැකි බව හැඟෙයි නම්, ඔබගේ ජ්‍යෙෂ්ඨ සහෝදරියව කැඳවන්නම් කියා, ඔබට ඔවුන්ට කිව හැක, මන්ද සැබවින්ම මෙය පාසැලක් නිසා. ඇතැම් අය වැඩියෙන් ඉගෙන ගන්නා අතර ඇතැම් අය අඩුවෙන් ඉගෙන ගනී. එසේ කීම ගැන ඔබ ශරීර අවධානයට පත් විය යුතු නැත. විශාල මධ්‍යස්ථානයක් තිබෙන තැනක, ප්‍රදර්ශනයක් පවත්වන්න. ’දිව්‍ය ලෝකයේ දොරටුව‘ යන පිංතූරය එල්ලන්න. දිව්‍ය ලෝකයේ දොරටු දැන් විවෘත වනවා. සිදු වීමට යන යුද්ධයට පෙර, ඔබගේ උරුමය හිමි කරගන්න. මිනිසුන් දිනපතාම කෝවිලට යන අයුරින්, මෙහි ඔබගේ පාඨශාලාව තිබේ. ඔබට පිංතූර තිබේ, එබැවින් ඒවා එල්ලා තිබේ නම් ඔබට විස්තර කිරීමට පහසු වෙයි. ඔබගේ පාඨශාලාව, චිත්‍රාගාරයක් බවට පරිවර්ථනය කළ හැක්කේ කෙසේද කියා සිතා බලන්න. එහි යම් අලංකාරයක් ඇති විට, මිනිසුන් පැමිණෙයි. පාරාදීසියට යන පාර, තත්පරයකදී තේරුම් ගත හැකි පාරකි. පියා පවසන්නේ කිසිම තමෝප්‍රධාන් ජීවයකට, පාරාදීසියට යෑමට නොහැක. නව ලෝකයට යෑම සඳහා, සතෝප්‍රධාන් වන්න. මෙයට වියදමක් නැත. තවද පන්සල්, පල්ලි ආදියට යෑමට අවශ්‍යතාවයක්ද නැත. සිහිපත් කිරීමේ සිටීමෙන් ඔබ පාරිශුද්ධත්වයට පත් වී, ඔබගේ මිහිරි නිවහනට ඍජුවම යයි. මේ අන්දමින් ඔබ අපවිත්‍ර බවින් පිවිතුරු වන බව, මා සහතික වනවා. චක්‍රයේ පිංතූරයේ විශාල ගේට්ටුවක් තිබිය යුතුයි. දිව්‍ය ලෝකයේ දොරටු විවෘත වන්නේ කෙසේද කියා ඉතා පැහැදිලි විය යුතුයි. අපායේ දොරටු වැසීමටයි යන්නේ. දිව්‍ය ලෝකයේදී, අපාය ගැන කිසිදු සඳහනක් ඇති නොවෙයි. මිනිසුන් බොහෝ සෙයින් ක්‍රිෂ්ණාව සිහි කරන නමුත්, ඔහු පැමිණෙන්නේ කවදාද කියා ඔවුන් නොදනී. ඔවුන් කිසිම දෙයක් නොදනී. ඔවුන් පියාව වත් නොදනී. දෙවියන් නැවත වතාවක් අපට රාජයෝගාව උගන්වනවා. ඔබට මේ ටික වත් මතක තිබේ නම්, ඔබට බොහෝ සේ සතුට අත්වෙයි. ඔබ දෙවිපියාණන්ගේ ශිෂ්‍යයින් යන සතුට ද ඔබට තිබිය යුතුයි. ඔබට මෙය අමතක වන්නේ ඇයි? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මුළු දවස පුරාම ඔබගේ මුවින් ‘බාබා, බාබා’ යන වචන මතු වීමට ඉඩ හරින්න. ඔබ ප්‍රදර්ශන වල විස්තර කරන විට, දහස් වාරයක් වත් ‘බාබා, බාබා’ යන වචන ඔබගේ මුවින් පිට විය යුතුයි.

2. ඔබගේ භෞතික දෑස් වලින් සියල්ල නරඹන අතර, ඒකායන පියාව සිහිපත් කරන්න. අන් අය හා කතාබස් කරන විට, ඔබගේ තෙවැනි ඇස භාවිත කර, එකිනෙකාව සහ ජීවයන්ගේ පියාව, ජීවාත්ම ලෙස දැකීම පුහුණු වන්න.

වරදානය:
ඔබ සෑම තත්පරයක්ම වටිනා ලෙසින් ගත කරන සහ සෑම සිතිවිල්ලක්ම වටිනා ආකාරයකින් භාවිත කරන අමිල මැණිකක් වේවා.

සංගම් යුගයේ එක් තත්පරයක් පවා ඉතා වටින්නේ ය. ඔබට එකකට ලක්ෂ්‍යයක් ආපසු ලැබෙන ආකාරයටම, එක් තත්පරයක් පවා අපතේ ගියහොත්, ලක්ෂ්‍යයක් අපතේ යයි. එබැවින්, මෙතරම් අවධානයක් යොමු කර සියලු නොසැලකිලිමත්කම අවසන් කරන්න. වර්තමානයේ, කිසිවෙකුට කිසිවක් ගණන් ගැනීමට උවමනාවක් නැත, නමුත් ටික කලකට පසු, පසුතැවිල්ලක් ඇති වේ, මන්ද, මෙම කාලයට විශාල වටිනාකමක් ඇත. සෑම තත්පරයක්ම සහ සෑම සිතිවිල්ලක්ම වටිනා අයුරින් භාවිත කරන අය අමිල මාණික්‍යයන් බවට පත්වනු ඇත.

පාඨය:
නිරන්තරයෙන් යෝග්‍යුක්ත වන අය සහයෝගය ලැබීම අත්විඳින අතර ජයග්‍රාහී මැණික් බවට පත්වේ.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

ඔබ "ජීවාත්මය" යන වචනය පිළිබඳව දැනුවත් වූ විට, අධ්‍යාත්මිකත්වය සමඟ ඔබට සුබ පැතුම් ද තිබෙනු ඇති අතර ඔබේ දැක්ම පවිත්‍ර වනු ඇත. යමෙකු ඔබට අපහාස කළත්, එම ජීවාත්මය තමෝගුණී චරිතයක් රඟපාන බව නිරන්තරයෙන් දැනුවත්ව සිටින විට ඔබ එම ජීවාත්මයට අකමැති නොවනු ඇති අතර එම ජීවාත්මයට සුබ පැතුම් ලබා දීමට හැකි වනු ඇත.