28.06.25 Avyakt Bapdada
Sinhala
Murli 30.11.2010 Om Shanti Madhuban
සෑම පැයකදීම පංච
ස්වරූපයෙන් ඔබගේ මනස අභ්‍යාස කරවා එය බලවත් කරගන්න. බාබා ඔබගේ ලෝකය (සංසාරය)
බැවින්, ඔබගේ සංස්කාරද පියා හා සමාන බවට පත් කරගන්න.
අද දින, බාප්දාදා,
ඒකායන දේශයේ, ආදිතම දේශයේ, සියලු දරුවන්ව මුණගැසීමට ඇවිත් සිටිනවා. එම එක් දේශය
කෙතරම් සුන්දරද කියා ඔබ සියලු දෙනාම දන්නවා නේද? බාප්දාදාද එම එක් දේශයේ සිට ඔය
සියලුම දරුවන්ව මුණ ගැසීමට පැමිණියා. දරුවන් තුළ පියා මුණගැසීමේ සතුට තිබෙන අතර පරම
පියාට ඔය දරුවන් මුණගැසීමේ සතුට තිබෙනවා. අද දින, බාප්දාදා ඔය සියලුම දරුවන්ව ඔබගේ
ස්වරූප පහෙන් දකිනවා, මේ නිසයි බ්‍රහ්මගේ මුහුණු පහේ සිහිවටනය තිබෙන්නේ. ඔබගේ
ස්වරූප පහ ඔබ දන්නවා නේද? සියලු දෙනාගේ ප්‍රථම ස්වරූපය වන්නේ ආලෝක තිතක්ය; එය ඔබ
ඉදිරියට පැමිණියාද? එය බොහෝ ආදරණීය සහ දීප්තිමත් ස්වරූපයක්. දෙවන ස්වරූපය දේවතා
ස්වරූපයයි. එයත් බොහෝ ආදරණීය සහ අද්විතීය ස්වරූපයකි. තුන්වන ස්වරූපය මැද එකය, එනම්
වන්දනීය ස්වරූපය. සතරවන ස්වරූපය වන්නේ සංගම-යුගී බ්‍රහ්මින් ස්වරූපයයි; මෙම
ස්වරූපයත් බොහෝ ශ්‍රේෂ්ඨයි, එමෙන්ම පස්වන ස්වරූපය සුරදූත ස්වරූපයයි. මෙම ස්වරූප පහම
බොහෝ සුන්දරයි. අද බාප්දාදා ඔය දරුවන්ට මනස සඳහා අභ්‍යාසය උගන්වනවා, මන්ද, ඇතැම්
විට මනස ඔය දරුවන්ව එය වෙතට ඇද ගන්නවා. ඉතිං අද, ඔබගේ මනස නිරන්තර සහ ස්ථාවර කර
ගැනීමේ අභ්‍යාසය බාප්දාදා ඔබට උගන්වනවා. දවස පුරාම, මෙම ස්වරූප පහ සමග අභ්‍යාස කර
එය අත්විඳින්න. ඔබ සිතන්නේ කුමන ස්වරූපයක් ගැනද, එය ඔබගේ මනසින් අත්විඳින්න.
නිදසුනක් ලෙස, ඔබ ‘ආලෝක තිතක්’ කියා පැවසූ විට, දිලිසෙන ස්වරූපය ඔබ ඉදිරියට
පැමිණියා. ඒ අන්දමින්ම, මෙම ස්වරූප පහ ඔබ ඉදිරියට ගෙනැවිත්, එම ස්වරූප අත්දකින්න.
සෑම පැයකම, තත්පර පහකට මෙම අභ්‍යාසය සිදු කරන්න. තත්පර පහක් නොවේ නම්, විනාඩි පහක්.
එක් එක් ස්වරූපය ඔබ ඉදිරියට ගෙනැවිත් එය අත්විඳින්න. මෙම ආධ්‍යාත්මික අභ්‍යාසයේ
ඔබගේ මනස කාර්යබහුලව තබා ගන්න, මන්ද මෙම අභ්‍යාසයෙන්, ඔබගේ මනස සෑම විටම හොඳ වෙයි.
ශාරීරික ව්‍යායාම් ඔබගේ සිරුර නිරෝගී කරන ආකාරයෙන්ම, මෙම ව්‍යායාමය ඔබගේ මනස
ශක්තිමත්ව තබයි. එක තත්පරයකට හෝ, එම ස්වරූපය මත ඔබගේ මනස ඒකාග්‍රතාවයට පත්කරගන්න.
මෙය පහසු බව ඔබට හැගෙනවාද, නැත්නම් එය අපහසුයිද? එය අපහසු බව ඔබට නොදැනෙයි, මන්ද
ඔබ මෙම අභ්‍යාසය බොහෝ වාර ගණනාවක් සිදු කර තිබේ. ඔබ සෑම කල්පයකදීම එය සිදු කර
තිබෙනවා. තමන්ගේම ස්වරූපය ඔබ ඉදිරියට ගෙන ඒම අපහසු නැහැ. ඔබ සෑම ස්වරූපයක්ම ඔබ
ඉදිරියට ගෙන එන විට, එක් එක් ස්වරූපයේ ඇති විශේෂත්වය ඔබ අත්දකියි. ඇතැම් විට, සමහර
දරුවන් පවසන්නේ ඔවුන්ට මෙම ස්වරූප පහ අත්විඳීමට අවශ්‍ය වුනත් ඔවුන්ගේ මනස වෙනත්
දිශාවක යන බවයි. ඔබට අවශ්‍ය වේලාවක්, එක දෙයක් මත ඔබගේ මනස එක්තැන් කරනවා වෙනුවට,
නිෂ්ඵල හෝ වැරදි සිතිවිලිද ඇතුළු වෙයි. ඇතැම් විට මනසේ නොසැලකිලිමත්කම තිබේ.
බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබ සෑම පැයකදීම මෙම අභ්‍යාසය තත්පර පහක් හෝ විනාඩි පහක්
අත්විඳිය යුතු බවයි. මෙය විනාඩි පහක් සිදුකර ඉන්පසුව ඔබගේ මනස එම දිශාවේ
ක්‍රියාත්මක කරවන්න. ඒ ආකාරයට ගමන් කිරීම හොඳයි නේද? ඉන්පසුව ඔබගේ කාර්යයේ
නියැලෙන්න - මන්ද ඔබගේ කාර්ය ඔබ සිදුකළ යුතු නිසා; ඔබගේ වැඩ නොකර ඔබට ගමන් කළ
නොහැක. ඔබ සියලු දෙනාම යග්යාවේ සහ ලෝකයේ සේවය සිදු කරමින් සිටිනවා, එමෙන්ම ඔබ එය කළ
යුතුයි. මෙම විනාඩි පහේ අභ්‍යාසය කිරීමෙන් පසුව, ඔබ කරමින් සිටි වෙනත් කාර්යයන් වල
නියැලෙන්න. තත්පර පහක් හෝ විනාඩි පහක් නොමැති කවුරුන් හෝ සිටිනවාද? කවුරුන් හෝ
සිටිනවාද? එසේ නම් අත ඔසවන්න! විනාඩි පහක් නොමැති කෙනෙක් සිටිනවාද? සිටිනවාද? ඔබ
සියලු දෙනාටම කාලය සොයා ගත හැක. එබැවින් මෙම ව්‍යායාමය නැවත නැවතත් සිදු කරන්න එවිට
ඔබගේ වැඩ සිදු කරන අතර ඔබ කුල්මත් වෙයි, මන්ද පරම පියාගේ මන්ත්‍රය වන්නේ
මන්මනභාව්ය. මෙම මන්ත්‍රයෙන් සහ මනසේ අත්දැකීමෙන්, ඔබට මායා පරාජය කිරීමට ඔබගේ මනස
ආයුධයක් වෙයි, මන්ද, කාලය ළඟා වෙත්ම, ඔබට තත්පරයකදී නැවතීමේ තිතක් තැබීමට සිදුවන
බව, බාප්දාදා ඔබට පවසා තිබෙනවා. මෙම ව්‍යායාමය කිරීමෙන්, ඔබට මන්මනභාව් වීමට උපකාර
ලැබෙයි, මන්ද, බාප්දාදා දැක තිබෙනවා, ඔබ දේශනයක් හෝ පණිවිඩයක් ලබා දෙන ඕනෑම විටෙක
ඔබ පවසන්නේ කුමක්ද? ලෝකය පරිවර්ථනය කරන අය ඔබලා බව, ඔබ කියයි. ඔබ ලෝකය පරිවර්ථනය
කිරීමට යන බැවින් ප්‍රථමයෙන් ඔබගේ මනස බලවත් කරගන්න, මන්ද, ඕනෑම වෙලාවකදි මනස ලවා
ඔබට ඇති කිරීමට අවශ්‍ය සිතිවිලි එයට ඇති කිරීමට හැකි වන අන්දමට. තත්පරයකදි එයට අණ
කරන්න, ඔබගේ ශරීරයට සහ ඔබගේ කායික ඉන්ද්‍රියයන්ට ඔබ අණ දෙන ආකාරයට, නිදසුනක් ලෙස:
“එය ඔසවන්න!” “එය පහත් කරන්න!” ඔබ මෙසේ කරනවා නේද? මේ අන්දමට ඔබගේ මනස නිෂ්ඵල හෝ
නිවැරදි නොවන සියලු දෙයින් ආරක්ෂා වෙයි. ඔබගේ මනසේ පාලකයා ඔබයි. ඔබ කියන්නේ, “මගේ
මනස!” කියා, එබැවින් “මගේ මනස” ඒ තරමටම නිසියාකාරව තිබිය යුතුයි, ඔබට මෙම මනසේ
අභ්‍යාසය පෙන්වා දී ඇත්තේ ඒ නිසයි.
සෑම දරුවෙකුටම මනස ජය
ගැනීමට සහ ලෝකය ජය ගැනීමට අවශ්‍ය බව බාප්දාදා දැක තිබෙනවා, මේ නිසයි, කාලය පැමිණීමට
පෙර, ඔබට අවශ්‍ය ඕනෑම තැනක ඔබගේ මනස පහසුවෙන් ස්ථාවර කර ගැනීම, ඔබ පුහුණු විය
යුත්තේ. එබැවින් අද බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම, ඇති කරන කුමන හෝ
සිතිවිල්ලකට අනුව, තම මනස, බුද්ධිය සහ සංස්කාර, ඔහුගේ අණ පිළිපදින ආකාරයට, සෑම
දරුවෙක්ම, බොහෝ සේ බලවත් විය යුතු බවයි. මෙම පුහුණුව ඇති අය, නියත වශයෙන්ම ලෝකය
ජයගන්නා අය වෙයි. ඔබ සියලු දෙනා තුළ බාප්දාදා සහ පවුල වෙනුවෙන් සෙනෙහස තිබේ. දරුවන්
තුළ පියා කෙරෙහි සෙනෙහස තිබෙන අතර පරම පියා තුළ ඊටත් වැඩි සෙනෙහසක් ඔය දරුවන්
කෙරෙහි තිබේ. ඉතිං දරුවන් බොහෝ දක්ෂ වී ඇත. ‘මේරා බාබා, මේරා බාබා’ කීමෙන්, ඔබ ඔහුව
තමන් සතු කරගෙන තිබේ. සෑම දරුවෙක්ම මෙම විශ්වාසයෙන් කියන්නේ: “මගේ බාබා” එමෙන්ම
පියා පවසන්නේ : මගේ දරුවන්. මෙම “මගේ” යන වචනය විශ්මයන් සිදු කර තිබේ. ඔය සෑම
කෙනෙකුගේම හදවත තුළ බොහෝ උද්යෝගයක් තිබේ: “මගේ බාබා, ආදරණීය බාබා” එමෙන්ම පියාද
නැවත නැවතත් පවසන්නේ : මගේ දරුවන්. ඔබ කල්ප භාගයක්ම මායාව ඔබට අයත් කරගත් නිසා,
මායාට ඕනෑම විටෙක යුධ ප්‍රකාශ කළ හැක, එහෙම නේද? එබැවින් මායා තුළත් ඔබ කෙරෙහි එම
සෙනෙහස තිබෙයි, එහෙම නේද? මේ නිසයි ඇය නැවත නැවතත් ඔබ වෙතට පැමිණීමට තැත් කරන්නේ.
කෙසේවෙතත්, ඔබගේ හදවතින් ඔබ මෙසේ කියන විට:”මගේ බාබා”, ඔබට පියාගේ සහයෝගය ලැබෙනවා.
ඔබගේ හදවතින් ඔබ එක වරක් පමණක් “මගේ බාබා” කියූ විට, ඔබට දහස් ගුණයක බලවත් සහයෝගය
ලබා දීමට පියා බැඳී සිටිනවා. ඔබ මෙය අත්දකිනවා නේද? නිවැරදි වෙලාවට මෙම අත්දැකීම
ප්‍රායෝගික ස්වරූපයකට දමන්න, එපමණයි.
ඔය දරුවන්ගේ එක්
දෙයක් දැකීමෙන්, බාප්දාදාට හදවතින් සිනහ යයි. කුමන කරුණද කියා ඔබ දන්නවාද? බාබා
ඔබගේ ලෝකය බව, ඔබ සියලු දෙනාම කියයි, පරම පියා ඔබගේ ලෝකය බව, ඔබ කියනවා නේද? ඔබ මෙය
කියනවා නේද? පියා ඔවුන්ගේ ලෝකය බව කියන අය, අත් ඔසවන්න. අච්චා, පරම පියා ඔබගේ
ලෝකයයි. ඔබට වෙනත් ලෝකයක් නැහැ නේද? ඔබට වෙනත් ලෝකයක් නොමැති නමුත්, ඔබට වෙන මොනවාද
තිබෙන්නේ? සංස්කාර. පියා ඔබගේ ලෝකය නිසා ඔබට වෙනත් කිසිම ලෝකයක් නැත. වෙනත් ලෝකයක්
නැත, එසේ නම් සංස්කාර උපදින්නේ කෙසේද? මෙකල, කාලයට අනුව, බාප්දාදාට “සංස්කාර” යන
වචනය මකා දැමීමට අවශ්‍යයි. එය මකා දැමිය හැකිද? කළ හැකිද? තම සංස්කාර බාධාවක් නොවන
බව සිතන අය, සහ මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කර ගත හැකි අය? අධිෂ්ඨානගත
සිතිවිල්ලක් ඇති සහ අද පවා ඒවා අනිවාර්යෙන් අවසන් කළ හැකි බවට අධිෂ්ඨානගත සිතිවිල්ල
ඇති කර ගන්නා අය? මෙසේ නොවෙයි: “මා එය කරන්නම්, මා ඒ ගැන සිතන්නම්, මම බලන්නම්”
නමුත්: “මා අනිවාර්යෙන් එය සිදුකළ යුතුයි.” සංස්කාර වල යුතුකම වන්නේ පැමිණීම වන අතර
ඔය දරුවන්ගේ යුතුකම වන්නේ ඒවා අනිවාර්යෙන් අවසන් කිරීමයි. ඔබට මෙතරම් එඩිතරකමක්
තිබෙනවාද? ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? ඔබ මින් පෙරත් ඔබගේ අත් එසවූ නමුත් ඔබ දැන්
සෑම දෙයක්ම ඔබ ඇති කළ සිතිවිල්ලට අනුව ප්‍රායෝගිකව සිදු කරන්නේද කියා පරීක්ෂා කර
බලන්න. පරම පියා යමක් පැවසූ බව, පියාගේ වගකීම වන්නේ අරමුණක් ලබා දීම වන අතර
දරුවන්ගේ වගකීම වන්නේ පියා ඉල්ලූ දේ අනිවාර්යෙන්ම සිදු කිරීම සහ ඔවුන් මෙයට දිනයක්
නියම කරගත යුතු බව සිතන අය. ශිව රාත්‍රිය සැමරීමට බැතිමතුන් දිනයක් නියම කරගෙන ඇති
සේම, මෙයට දිනයක් නියම කරගන්න. හොඳයි, ඔබට සාමූහික වශයෙන් මෙයට දිනයක් නියම කරගත
නොහැකි නම්, එසේ නම් ඔය එක් එක් කෙනාට අඩු තරමින් තමන් වෙනුවෙන් දිනයක් නියම කර ගත
හැක. ඔබට මෙය කළ හැකිද? මෙය කළ හැකි නම් අත් ඔසවන්න! ඉතිං ඔබ එය නියම කළාද? ඔබට එය
කළ හැකි නම්, ඔබ එය සිදු කළාද? ද්විත්ව විදේශිකයන් ඔබ දිනයක් නියම කරගත්තාද?
ඉදිරියේ අසුන්ගෙන සිටින අය, ඔබ දිනයක් නියම කළාද? ඔබ නියම කළ දිනය බාප්දාදාට ලිඛිතව
ලබා දෙන්න. එඩිතරව ඔබගේ ප්‍රශ්න පත්‍රයෙන් සමත් වීම නිසා බාප්දාදා ඔය දරුවන්ට සුබ
පතනු ඇත. ඉන්පසුව ඔහු දරුවන්ගේ ගීත ගායනා කරනු ඇත: අපූරුයි දරුවනේ! අපූරුයි! ඔහු
උත්සවයකින් සමරයි. සිතිවිල්ලක් ඇති කර එයට අනුව එය ප්‍රායෝගික ස්වරූපයකට දැමූ අය
වෙනුවෙන් බාප්දාදා උත්සවයක් පවත්වනවා, මන්ද, සැබැවින්ම වෙනසක් තිබෙයි නේද? ඔබ කුමන
දිනයක් නියම කළත්, ඔබ එම දිනය දක්වා ප්‍රගතියක් ලබා යන අතර ඔබ සමීපයට පැමිණෙයි නේද?
වෙනසක් ඇතිවීම ඇරඹෙයි. ඔවුන්ගේ දිනයට අනුව සම්පූර්ණ වන අය වෙනුවෙන් බාප්දාදා
උත්සවයක් පවත්වනවා. ඔබ මෙය අභ්‍යන්තරයෙන් සිදු කරන විට, ඔබ දෙස බලා සිටින අය එහි
නිවැරදිතාවය පරීක්ෂා කර බලයි, මන්ද ඔවුන් ඔබ සමග සම්බන්ධතාවයකට පැමිණෙනවා නේද? එක
හෝ තව කෙනෙක් සමග සංස්කාර මතුවෙයි නේද? තමන් මාස්ටර් සර්ව බලධාරියෙක් යන පිවිතුරු
කුල්මත් බව සෑම දරුවෙකුටම තිබෙන බව බාප්දාදා දැක තිබෙනවා. ඔබලා අධිපතියන් නේද? ඔබ
සර්ව බලධාරීන්, සියලු බල ඇති අය බැවින්, එවිට සිතිවිල්ලක් ඉටු කරගැනීමත් බලයකි,
එහෙම නේද? අච්චා.
ප්‍රථම වතාවට පැමිණි
අය නැගිටින්න! බලන්න බොහෝ දෙනෙක් ඇවිත්. බාප්දාදා සුබ පැතුම් ලබා දෙනවා. සුබ
පැතුම්. සුබ පැතුම්. මධුබන් වලට පැමිණීම වෙනුවෙන් සුබ පැතුම්! බාප්දාදාට තවමත්
හැගෙන්නේ ඔබ “ප්‍රමාද වැඩියි” පුවරුව දැමීමට පෙර පැමිණ ඇති බවයි, එබැවින්, මුළු
පවුල තුළම මෙම පිවිතුරු බලාපොරොත්තුව තිබේ. ඔබ නිරන්තරයෙන් දෙගුණයක උත්සාහ දරා, ඔබ
අවසානයේ පැමිණි නමුත් වේගයෙන් ඉදිරියට යන බවට මෙම බලාපොරොත්තුව බාප්දාදා තුළ
කොහොමත් තිබෙන අතර මුළු පවුලටත් මෙම බලාපොරොත්තුව තිබේ. ඔබට මෙම එඩිතරකම තිබෙනවාද?
ප්‍රථම වතාවට පැමිණි අය, ඔබ ප්‍රමාද වී පැමිණි නමුත්, ඔබ වේගයෙන් ගොස් ප්‍රථමයට
පැමිණෙන බවට මෙම එඩිතරකම ඔබට තිබෙනවාද? ප්‍රථම අංකයට? සිටින්නේ, ප්‍රථමයා වන
එක්කෙනෙක් පමණක් නොවෙයි. පළමුවන
පංතියේ පළමුවට එන්න.
මෙය කළ හැකිද? ඔබගෙන් වේගයෙන් ගොස් ප්‍රථමයට පැමිණිය හැකි බව සිතන අය අත් ඔසවන්න!
ඔබට තමන් ගැන විශ්වාසයක් තිබෙනවාද? අච්චා. පිටුපස සිටින අය අත් ඔසවන්න! මෙය කළ
හැකිද? අච්චා. ටික දෙනෙක් සිටිනවා. මුළු පවුලට සහ බාප්දාදාට, ඔබට සහයෝගය ලබා දී,
ඔබව ඉදිරියට ගමන් කරවීමට අවශ්‍යයි, මේ නිසයි, ඔබ කුමන මධ්‍යස්ථානයකින් පැමිණියත්,
ඔබගේ මෙම පොරොන්දුව නැවත නැවතත් එම මධ්‍යස්ථානයේදි මතක් කරගන්න. එය කළ හැක. එය කළ
නොහැකි දෙයක් නොවෙයි. එය කළ හැක, නමුත් එයට දෙගුණයක අවධානයක් අවශ්‍ය වනවා. අවසානයේ
පැමිණීමෙන් පසුව, ඔබ වේගයෙන් ගොස් එය සියලු දෙනාට පෙන්වන්නේ නම්, එවිට ඔබගේ තීව්‍ර
උත්සාහයේ දිනය මධ්‍යස්ථානයේ සමරනු ඇත. අපි උත්සවයක් පවත්වමු. සියලු දෙනාගේ හදවත්
වල, විගසින් පරම පියාට සමාන වී, එය සියලු දෙනාටම පෙන්වීමේ උද්යෝගය තිබේ. අම්රිත්
වේලාවේ දරුවන් බාප්දාදාට කතා කරන විට, ඔහු සතුටු වනවා: අපූරුයි දරුවනේ! අපූරුයි!
අළුත් වුනත් පරණ වුනත් පියා සියලුම දරුවන්ට, ඔහුගේ හදවතින් බොහෝ, බොහෝ සෙනෙහස ලබා
දෙනවා. ඔබ එක පියවරක් ගන්න විට, පරම පියා පියවර දහසක උපකාර ලබා දෙනවා, මන්ද, කාලයේ
පරිවර්ථනය දැන් සීඝ්‍ර වේගයකින් ගමන් කරනවා. අච්චා.
එය දිල්ලිය සහ
අග්‍රාවල සේවය කිරිමේ වාරයයි:
ආරම්භයේ සිටම,
දිල්ලිය සේවයේ අළුත් දේවල් සිදු කර ඇති බව බාප්දාදා දැක තිබෙනවා. ඔබ මෙසේ සිදුකළා
නේද? දිල්ලිය මෙය සිදු කළා. එබැවින් දැන් සේවය සඳහා නව නිපැයුමක් නිර්මාණය කරන්න.
ඔබ පවත්වා ඇති දේශන සහ වැඩසටහන් හොඳයි, මන්ද ව්‍යාප්තිය සිදු වන්නේ ඒවා මාර්ගයෙන්
වන අතර මිනිසුන් ඔබ සමග සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නවා. දැන් කුමක් සිදුවුනත් ඒවා
හොඳයි, නමුත් මෙම වැඩසටහන් දීර්ඝ කාලයක් පවත්වා තිබෙනවා. සේවය කරන අයට යම් නව
උද්යෝගයක් සහ උනන්දුවක් ඇති වන ආකාරයට දැන් යම් අළුත් දෙයක් නිර්මාණය කරන්න. ඔබ මෙය
කරනවා නේද? එය හොඳයි. සියලු දෙනා තුළ උද්යෝගය ඇති කර ඔවුන් එසේ කිරීමේ කාර්යබහුල
කරවන්න. දේශන පවත්වන අය, ඔබ පවත්වන විශාල වැඩසටහන් සමග කාර්යබහුලව සිටින අතර අනෙක්
අය කරන්නේ ඔවුන් සමග එහි යාම පමණයි. එයත් අවශ්‍යයි, නමුත් දැන් ගුණාත්මක ජීවාත්ම
කාර්යබහුල වන ආකාරයට යම් දෙයක් නිර්මාණය කරන්න, මන්ද, දිල්ලිය අගනුවර විය යුතුයි.
එබැවින් දිල්ලියේ අය එවන් යම් නිපැයුමක් නිර්මාණය කළ යුතුයි. මෙය හොඳද? එය හොඳද? ඔබ
සියලු දෙනාම මෙය කරනවාද? අත් ඔසවන්න! එය හොඳයි. ඕනෑම කෙනෙකුට එය නිර්මාණය කළ හැක.
අළුත් අයටත් මෙම නව නිපැයුම් නිපදවිය හැක. වෙන කෙනෙකුට මේ ගැන අදහසක් තිබෙනවා නම්
ඔවුන්ට මූලස්ථානය වන මධුබන් වලට ලිවිය හැක. සියලු දෙනාටම අවස්ථාවක් තිබෙනවා. අච්චා.
දිල්ලි වල අයත් උත්සාහය වෙනුවෙන් අංක එක හිමි කරගත් දෙන්. ඕනෑම මධ්‍යස්ථානයක්, මේ
දේශයේ හෝ විදෙස් රටක වුනත්, එමෙන්ම එම මධ්‍යස්ථානය සමග සම්බන්ධ වෙනත් මධ්‍යස්ථානද
මාස හයක් බාධක වලින් නිදහස්ව රැඳී තිබිය යුතු බව, බාප්දාදා බොහෝ කලකට පෙර පැවසුවා.
කිසිම බාධකයක් නොපැමිණිය යුතුයි. බාධක වලින් නිදහස්. ඔබ අංක එක හිමි කරගන්නේ නම්,
අපි බාධක වලින් නිදහස් වීමට දිනයක් සමරමු. ඔබට මෙය මාස හයක් කිරීමට බාප්දාදා දැන්
පවසන අතර ඔබට මාස 6ක මෙම පුහුණුව තිබෙන විට, එවිට මෙම පුරුද්ද ඇති වෙයි. කෙසේවෙතත්,
ඔබට තෑග්ගක් හිමි කරගැනීම සඳහා, බාබා ඔබට මාස 6ක් ලබා දෙනවා. දිල්ලිය හිමි කරගන්නේ
කුමන අංකයද? අංක එක. බාප්දාදාට සතුටුයි. මුළු පවුලත් සතුටු වනවා. තෘප්තිමත් අය කතා
කරන්න. සේවයේ හෝ නිර්මාණය කර ඇති විනය නීති වල, බාප්දාදා නම් ඉල්ලා තිබෙනවා, නමුත්
තවමත්, කිසිම නමක් ඇවිත් නැහැ. කලාප නොවෙයි නම්, ප්‍රධාන මධ්‍යස්ථාන සමග සම්බන්ධ වී
ඇති මධ්‍යස්ථාන වුවද මෙය සිදු කරන්නේ නම්, බාප්දාදා එය පිළිගන්නවා. ඔබ දැන් වේගවත්
පියවර ගත යුතුයි. ඇයි? ඕනෑම දෙයක් හදිසියේ සිදුවිය හැක. බාබා ඔබට දිනයක් දෙන්නේ
නැහැ. අච්චා.
අග්‍රා උප කලාපය:
රජයේ ලැයිස්තුවේ අග්‍රා බොහෝ සෙයින් ප්‍රසිද්ධ නිසා අග්‍රා එවන් කාර්යයක් සහ සේවයක්
සිදු කළ යුතුයි. ඒ තුළින් සර්ව බලධාරි රජය සුප්‍රසිද්ධ වන ආකාරයට, අග්‍රා වල අය,
එවන් සේවයක් සොයා ගත යුතුයි. අග්‍රා වල ටජ්මහල් තිබෙන සේම, ඒ අන්දමේ යමක් සිදු
කරන්න. බලාපොරොත්තු තිබේ. බලාපොරොත්තුවට සුබ පැතුම්. ඔබ කුමක්ද කරන්නේ? කෙතරම්
කාලයකදී ඔබ එය සිදු කරනවාද? (අපි මේලාවක් සහ මෙගා වැඩසටහනක් පවත්වනවා). සියලු දෙනාම
මෙගා වැඩසටහන් පවත්වනවා, නමුත් වෙනත් කිසිදු කලාපයක් පෙර සිදු නොකළ ආකාරයේ, එවන් නව
නිපැයුමක් නිර්මාණය කරන්න. අග්‍රා යනු, සියලු දෙනා දැකීමට තරම් වටින තැනක්. රජයට
ටජ් මහල් තිබෙනවා. යම් ප්‍රචාරණයක් තිබෙනවා; අග්‍රා එයට සුප්‍රසිද්ධයි. දැන් එවන්
කාර්යයක් සිදු කරන්න. ඒ ගැන සිතන්න. අම්රිත් වේලාවේ අසුන්ගෙන ඒ ගැන සිතන්න, එවිට
ඔබට යම් ස්පරෂ කිරීමක් ලැබෙයි. එහෙම හොඳද? ගුරුවරු අත් ඔසවන්න! බොහෝ දෙනෙක්
සිටිනවා. එබැවින් විශ්මයක් සිදු කරන්න. බාප්දාදා කියන්නේ ඔය සියලුම දරුවන්ටයි. දැන්
යම් අළුත් දෙයක් කරන්න. කාලයට අනුව සිදුවන ඕනෑම දේක නවතාවයක් තිබෙනවා, නමුත් දැන්
නව නිපැයුමක් නිර්මාණය කරන්න. ඕනෑම කලාපයකට එය කළ හැක, නමුත් යම් අළුත් දෙයක්
කරන්න. බාප්දාදා තුළ සෑම දරුවෙක් කෙරෙහිම සෙනෙහස තිබෙනවා, එමෙන්ම ඔහු එක් එක්
දරුවාගේ විශේෂත්වයත් දන්නවා. සෑම කෙනෙකුටම අනිවාර්යෙන් විශේෂත්වයක් තිබෙනවා, නමුත්
සමහරු එය කාර්යයක් වෙනුවෙන් භාවිතා කරන අතර සමහරු තුළ එය සැඟවී තිබෙනවා, මේ නිසයි,
සෑම දරුවෙක්ම ආදරණීය සහ බොහෝ කලක් නැතිව සිට දැන් හමු වී ඇති බව පියා පවසන්නේ.
පියාට අවශ්‍ය වන්නේ ඔබ නොකඩවා පියාසර කරමින් අන් අයවත් පියාසර කරවිය යුතු බවයි.
අච්චා.
සෑම තැනකම සිටින ඔය
සියලුම දරුවන්, පරම පියාගේ හදවතින් විශේෂයෙන් සෙනෙහස දක්වන දරුවන්ය. ඔය සෑම
දරුවෙක්ම නැවත නැවතත් මෙම අරමුණ ඔබගේ අවධානයට ගන්නා අය, මෙන්ම ගත යුතුයි: සියලු
දෙනාගේම හදවත මෙසේ පවසන ආකාරයට, මා තීව්‍ර උත්සාහ දරා පරම පියාව හෙළිදරව් කළ
යුතුයි: මගේ බාබා ඇවිත්. එවන් උනන්දුවේ සහ උද්යෝගයේ සිතිවිලි මේ දිනවල බාප්දාදා
වෙතට ළඟා වෙනවා. ඔබගෙන් බහුතරයකගේ හදවතේ මෙම උනන්දුව සහ උද්යෝගය තිබෙනවා.
බාප්දාදාගේ ආශාව වන්නේ හැකි පමණ විගසින් මෙම පණිවිඩය සියලු දෙනා වෙතට ළඟා විය යුතු
බවයි. කිසිවෙකුට එය අහිමි නොවිය යුතුයි. ඔවුන්ගේ උරුමය ලෙසින් ඔවුන් එක හෝ තව දෙයක්
හිමි කරගත යුතුයි. ජීවන-මුක්තිය නොවෙයි නම් ඔවුන් අඩු තරමින් සෙනෙහසින් යුතුව
මුක්තියේ උරුමය වත් හිමි කරගත යුතුයි, මන්ද පියා සියලු දෙනාටම උරුමයක් ලබා දිය
යුතුයි. ඔවුන්ගේ උරුමය ලබා ගැනීමට ඔබ කී දෙනෙකුට මඟ පාදන්නේද, ඒ ප්‍රමාණයට ඔබගේ
රාජධානියට අයිතියක උරුමය ඔබ හිමි කර ගනීවි. සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට
බාප්දාදාගෙන් බොහෝ බොහෝ සෙනෙහස සහ ආශිර්වාද. අච්චා.
වරදානය:
ඔබගේ අත්හැරීම
සහ තපස්යාව තුළින් ඔබ සියලු දෙනාටම හිතකාමී වී, ඔබ සිදු කරන සේවයෙන් සාර්ථකත්වය
හිමි කරගනිත්වා.
භෞතික ගින්නක් දුර
තියාම අත්විඳින ආකාරයටම ඔබගේ අත්හැරීම සහ තපස්යාවේ දීප්තිය, දුර සිට සියලු දෙනාව
ආකර්ෂණය කළ යුතුයි. සේවාධාරියෙක් වන සේම, අත්හරින්නෙක් සහ තපස්යාවේ
ප්‍රතිමූර්තියක්ද වන්න. එවිට ඔබ සිදු කරන සේවයෙන් ක්ෂණික සහ ප්‍රායෝගික ඵල
අත්විඳිනු ඇත. අත්හරින්නෙක් යනු, ඔබගේ පැරණි සිතිවිලි හෝ සංස්කාර කිසිවක් දිස්
නොවීමයි. තපස්වි කෙනෙක් යනු, ඔබගේ ද්‍රිෂ්ඨිය තුළින්, ඔබගේ බුද්ධියේ අවධානය සහ ඔබගේ
ජීව අවධාන ස්වරූපය පමණක් දිස්වීමයි. ඔබ කුමන සිතිවිල්ලක් ඇති කළත්, සෑම ජීවාත්මයක්
වෙනුවෙන් එහි යහපත මුසු වී තිබිය යුතුයි, එවිට ඔබ සියලු දෙනාටම යහපත සළසන බව කියයි.
පාඨය:
ශරීර පිළිබඳ
සෑම අවධානයක්ම ඉක්මවා යාම සඳහා, ස්වරූපය දෙස නොබලා, ජීවමාන ජීවය සහ චරිතය දෙස
බලන්න.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
ඔබ සියලු දෙනාම
මාස්ටර් ලෝක නිර්මාණකරුවන්ය. ඔබට මෙම අවධානය තිබෙන විට ඔබ පහසුවෙන් නිරහංකාරකමේ
ගුණදහම වර්ධනය කරගනී. ඔබට නිරහංකාරකම තිබෙන විට, එනම් ස්වාභාවික අන්දමකින් පහසු බව
තිබෙන විට, අනෙක් සියලුම ගුණධර්ම ඉබේටම පැමිණෙයි. පළමුව, මෙම ස්වරූපයේ නිරන්තර
අවධානයේ ස්ථාවර වී, ඉන්පසුව සිතන්න සහ ක්‍රියා කරන්න. ඔබට විරුද්ධ වීමට පැමිණෙන, ඔබ
මුහුණ දිය යුතු සියලුම සුළු දේවල් එවිට, කිසිසේත්ම බලපෑමකට ලක් නොවන වැඩිමහළු අය
ඉදිරියේ, කුඩා දරුවන් සිදු කරන ක්‍රීඩා මෙන් ඔබ අත්විඳිනු ඇත.