28.07.24    Avyakt Bapdada      Sinhala Murli     31.12.20    Om Shanti    Madhuban


ඔබගේ ඉතිරි කිරීමේ ගිණුමේ රැස් කර, නිරන්තර මහා දානපතියෙක් වන්න.


අද දින, නව යුගයේ නිර්මාණකරු, නව යුගයට අයිතියක් ඇති ඔහුගේ දරුවන්ව දකිනවා. අද, මෙම පැරණි යුගයේ, ඔබ සාමාන්‍ය වන අතර, හෙට දින, නව යුගයේ, ඔබ රාජධානියට අයිතියක් ඇති වන්දනීය අය වෙයි. එය අද සහ හෙට පිළිබද නාට්‍යයකි. ඔබ අද කවුද, එමෙන්ම ඔබ හෙට කවුරු වෙයිද? විශේෂ දැනුමැති ජීවාත්මයන්ට, දරුවන්ට, පැමිණීමට තිබෙන හෙට, අද මෙන් පැහැදිලියි. ඔබ සියලු දෙනාම පැමිණ ඇත්තේ නව වසර සැමරීමටයි, නමුත් බාප්දාදා දකින්නේ නව යුගයයි. ඔය සෑම කෙනෙක්ම නව වසර වෙනුවෙන් තමන්ගේ නව සැලසුම් දැනටමත් සාදා ඇති. අද එය පරණ වසරේ අවසානයයි. මුළු වසරේම ප්‍රතිඵලය දකින්නේ එහි අවසානයේ. එබැවින් මුළු වසරටම දරුවන්ගේ ප්‍රතිඵලයත් බාප්දාදා දුටුවා. බාප්දාදාට එය බැලීමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. එබැවින් බාප්දාදා අද විශේෂයෙන්ම ඔබ සෑම කෙනෙකුගේම ඉතුරුම් ගිණුම දෙස බැලුවා. ඔය සියලුම දරුවන් උත්සාහ දැරුවා, ඔබ සිහි කිරීමේ සිටියා, ඔබ සේවය සිදු කළා, එමෙන්ම ඔබගේ ලෞකික සහ අලෞකික සමීපතමයන්ට සහ නෑදෑයන්ට ඔබගේ වගකීම්ද ඉටු කළා. කෙසේවෙතත්, මෙම කාරණා තුනෙන්ම, ඔබගේ ඉතුරුම් ගිණුමේ ඔබ කොපමණ ප්‍රමාණයක් ඉතිරි කළාද?

අද බාප්දාදා, ජගදම්බා මාතාව, (ජගත් මාතාව) සූක්ෂම දේශයේ මතු කළා. (බාබාට කැස්සක් ඇති විය). අද හාමෝනියම සිටින්නේ ටිකක් අසනීපයෙන්, නමුත් එය වාදනය කළ යුතුයි. එබැවින් බාප්දාදා සහ මම්මා එකතු වී, ඔබ කෙතරම් රැස් කළාද, බැර කළාද කියා, එක් එක්කෙනාගේ ඉතුරුම් ගිණුම් දෙස බැලුවා. ඔවුන් දුටුවේ කුමක්ද? ඔබ සියලු දෙනාම අංකානුරූපයි, නමුත් ඔබගේ ඉතුරුම් ගිණුමේ තිබිය යුතු ප්‍රමාණයට වඩා බැර කර තිබුණේ අඩුවෙනි. එබැවින් ජගදම්බා මාතාව ප්‍රශ්නයක් ඇසීය: සිහි කිරීමේ විෂයේ බොහෝ දරුවන්ට හොද අරමුණක් තිබෙනවා, එමෙන්ම ඔවුන් ඉතා හොදින් උත්සාහ දරයි. එසේ නම්, තිබිය යුතු ප්‍රමාණයට ඔවුන්ගේ ඉතුරුම් ගිණුම් වල නොමැත්තේ ඇයි? ඔවුන් අතරේ සාකච්ඡා කිරීමෙන් පසුව, මතු වූ ප්‍රතිඵලය වුනේ, ඔබ යෝගාව පුහුණු වන නමුත් යෝගා ස්ථිතියේ ප්‍රතිශතය සාමාන්‍ය බැවින්, ඉතුරුම් ගිණුම්ද සාමාන්‍ය බවයි. ඔබගේ යෝගාවේ අරමුණ හොදයි, නමුත්, යෝගාවේ ප්‍රතිඵලය විය යුත්තේ ඔබගේ වදන් සහ හැසිරීමේදි යෝග්යුක්ත සහ යුක්තියුක්ත වීමයි. මෙම අඩුව නිසා, යෝගාවේ සිටින වෙලාවේ ඔබගේ යෝගාව ඉතා හොදයි, නමුත් යෝගීවරයෙක් වීම යනු, එය ඔබගේ ජීවිතය මත බලපෑමක් ඇති කළ යුතු බවයි. මේ නිසයි ඔබගේ ඉතුරුම් ගිණුමේ සෑම විටම නොව, ඇතැම් වෙලාවකට පමණක් ඔබට බැර කිරීමට හැකි වන්නේ. ඉදිරියට ගමන් කරන අතර ඔබගේ සිහිකිරීමේ ප්‍රතිශතය සාමාන්‍ය වෙයි. එවිට ඔබගේ ඉතුරුම් ගිණුමේ බැර වන්නේ ඉතා අඩුවෙනි.

දෙවනුව, සේවය පිළිබදව හදවතට සමීප කතාබහක් ඇති විය. ඔබ බොහෝ සේවය කරයි: ඔබ දිවා රෑ පවා කාර්යබහුලව රැදී සිටියි. ඔබ ඉතා හොද සැලසුම් සාදන අතර සේවයේ ඉතා හොද ව්‍යාප්තියක්ද තිබේ. කෙසේවෙතත්, ඔබගෙන් වැඩි දෙනෙකුගේ ඉතිරි කිරීමේ ගිණුමේ මෙතරම් අඩුවෙන් තිබෙන්නේ ඇයි? හදවතට සමීප කතාබහෙන් මතු වූ කරුණ වුනේ, ඔබ සියලු දෙනාම සේවය කරයි, එමෙන්ම තමන්ව කාර්යබහුලව තබා ගැනීමට ඔබ සියලු දෙනාම ඉතා හොදින් උත්සාහ දරයි. එසේ නම් හේතුව කුමක්ද? මතු වුනු හේතුව වුනේ, ඔබට සේවයෙන් බලය ලැබෙන අතර සේවයේ ඵලයද ලැබෙන බවයි. බලය වන්නේ ඔබගේ හදවත තුළ ඇති තෘප්තිය වන අතර ඵලය වන්නේ අන් සියලු දෙනාගේ තෘප්තියයි. ඔබ සේවය සිදු කර, උත්සාහ දරා, ඔබගේ කාලය ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරන්නේ නම්, ඔබගේ හදවත තුළ තෘප්තිය තිබෙන අතර අන් සියලු දෙනාගේ තෘප්තියද තිබෙයි; ඔවුන් ඔබගේ සහකරුවන් වුනත්, ඔබ සේවය ලබා දෙන අය වුනත්, ඔවුන්ගේ හදවත් තුළ තෘප්තියේ අත්දැකීම තිබිය යුතුයි. සිදු විය යුත්තේ, ඔවුන් ‘ඉතා හොදයි, ඉතා හොදයි!’ කියමින් පිටව යාම පමණක් නොවෙයි. ඔවුන්ගේ හදවත් තුළ තෘප්තියේ රැල්ලක් ඔවුන් අත්විදිය යුතුයි. ‘අපට යමක් හමු වී තිබේ!’ හෝ ‘අප ඉතා හොද දේකට සවන් දුන්නා!’ යැයි පැවසීම වෙනම කාරණාවක්. ඔවුන් පැවසිය යුත්තේ ‘අපට යමක් හමු වී ඇත! අපට යමක් ලැබී තිබේ!’ බාප්දාදා ඔබට මින් පෙර දැනටමත් මෙසේ පවසා ඇත: ඊතලය හිසට වැදීම එක දෙයක් වන අතර එය හදවත පසාරු කිරීම වෙනත් දෙයක්. සේවය කර, තමන් පමණක් තෘප්තිමත් වීම, තමන්ව පමණක් සතුටු කරගැනීම සහ සිදු වු දේ හොද බව කීම නොවෙයි. නැහැ! තමන්ගේ සහ අන් අයගේ හදවතද මෙය පිළිගත යුතුයි. දෙවැන්න, සේවය කර ඔබ හිමිකර ගත් ප්‍රතිඵලය, ඔබගේ උත්සාහ දැරීම නිසා සහ ඔබ එය සිදු කිරීම නිසා - එය ඔබම කළ බව ඔබ පිළිගන්නේ නම් - ඉන් අදහස් වන්නේ ඔබ සේවයේ ඵලය කා දමා ඇති බවයි; ඔබ එය රැස් කරගෙන නැත. ඔබ ලවා එය කරවූයේ බාප්දාදාය. එවිට ඔබ ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙන්නේ ඔබගේ ජීවාත්මය දෙසට නොව, බාප්දාදා වෙතටයි. ‘මේ සහෝදරිය ඉතා හොදයි! මෙම සහෝදරයා ඉතා හොදයි!’ එය විය යුත්තේ, ‘ඔවුන්ගේ බාප්දාදා ඉතා හොදයි!’ඔවුන්ට මෙම අත්දැකීම ලබා දීම යනු ඔබගේ ඉතුරුම් ගිණුම වැඩි කර ගැනීමයි. ඔබ බොහෝ උත්සාහ දරයි, ඔබ බොහෝ කාලය සහ ශක්තිය වැය කරයි, නමුත් ඔබට එයට වඩා බාහිර සෝබනය ටිකක් වැඩිපුර තිබෙන බව, පූර්ණ ප්‍රතිඵලය ලෙස දැක තිබෙන්නේ මේ නිසයි. මේ නිසයි ඉතුරුම් ගිණුමේ මෙතරම් අඩුවෙන් තිබෙන්නේ. ඉතුරුම් ගිණුමට ඇති යතුර ඉතා සරළයි. එය දියමන්ති යතුරකි. ඔබ භාවිතා කරන්නේ රන් යතුරක්. කෙසේවෙතත්, රැස් කර ගැනීමට ඇති දියමන්ති යතුර වන්නේ, ‘නිරහංකාර උපකරණයක් වීමේ අවධානයයි.’ සේවය කරන වෙලාවේ - පෙර හෝ පසුව නොවෙයි, නමුත් සේවය කරන වෙලාවේ - නිරහංකාර උපකරණයක් වීමේ අවධානය ඇති කර ගෙන, ඔවුන් ඔබගේ සහකරුවන් වුනත්, ඔබ සේවය කරන ජීවාත්ම වුනත්, සෑම ජීවාත්මයක් වෙනුවෙන් පරහිතකාමී සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් තිබිය යුතුයි.

මේ අන්දමින් නොකඩවා සේවය කරන අයගේ ඉතුරුම් ගිණුම අඛණ්ඩව වැඩි වන ආකාරය බාප්දාදා ජගදම්බා මාතාවට පෙන්වීය. ඔබ දැන් බොහෝ පැය ගණනාවකදි රැස් කරගන්න ප්‍රමාණය, ඔබට තත්පරයක් තුළ රැස් කර ගැනීමට හැකි විය යුතුයි. සෑම තත්පරයක්ම නොකඩවා ගෙවී යයි - ටික්, ටික්, ටික් - ඔබට සෑම දෙයක්ම විගසින් කිරීමට කියමින්. එය හරියට යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා වැනිය. එබැවින් ඔබගේ ඉතුරුම් ගිණුමේ රැස් කර ගැනීමට සහ බැර කිරීමට ඉතා පහසු බව දැකීමෙන් ජගදම්බා බොහෝ සේ සතුටු විය. එබැවින් බාප්දාදා සහ ජගදම්බා යන දෙදෙනාගෙන්ම ලැබෙන අවවාදය වන්නේ, දැන් නව වසර ආරම්භ වන බැවින් ඔබගේ ඉතුරුම් ගිණුම් පරීක්ෂා කර බලන්න. ඔබ දවස පුරාම වැරදි නොකළත්, ඔබ දවස පුරා ඔබගේ කාලය, සිතිවිලි, සේවය, සමීපතමයන් සහ නෑදෑයින් සමග සෙනෙහසින් සහ තෘප්තියෙන් කෙතරම් රැස් කර ගත්තාද? එදින තමන් කිසිම වැරදි දෙයක් සිදු නොකළ බව පමණක් සමහර දරුවන් පරීක්ෂා කර බලයි, හෝ ඔවුන් කිසිවෙකුට දුකක් නොදුන් බව. කෙසේවෙතත්, දැන් දවස පුරා ඔබගේ ශ්‍රේෂ්ඨ සිතිවිලි තුළින් ඔබ කොපමණ රැස් කළාද කියා පරීක්ෂා කර බලන්න. ශ්‍රේෂ්ඨ සිතිවිලි වලින් ඔබගේ සේවා ගිණුමට ඔබ කෙතරම් බැර කළාද? කිසියම් කාර්යයක් තුළින් ඔබ ජීවාත්ම කීදෙනෙක්ව සතුටට පත් කළාද? ඔබ යෝගාවේ සිටි නමුත් යෝගාවේ ප්‍රතිශතය වුනේ කීයද? ඔබගේ ආශිර්වාද ගිණුමේ ඔබ අද කොපමණ රැස් කළාද?

මෙම නව වසරේ ඔබ කළ යුත්තේ කුමක්ද? කාලයට අනුව, ඔබගේ සිතිවිලි, වදන් හෝ ක්‍රියා තුළින් ඔබ කුමක් කළත්, ඔබගේ මනසේ මෙම ගැඹුරු සැලකිලිමත් බව තිබිය යුතුයි: ‘මා අනිවාර්යෙන් නිරන්තර මහා දානපතියෙක් විය යුතුය’. නිකම්ම මහා දානපතියෙක් නොවෙයි, නිරන්තර මහා දානපතියෙක්; නිරන්තර! ඔබගේ මනසින් බලය දන් දෙන්න; වදන් වලින් දැනුම දන් දෙන්න, එමෙන්ම ඔබගේ ක්‍රියා තුළින් ගුණධර්ම දන් දෙන්න. වත්මන් ලෝකයේ, බ්‍රහ්මින් පවුලේ ලෝකයේ වුනත්, පිටත ලෝකයේ වුවද, ඔවුන්ට තව දුරටත් සෑම දේකටම සවන් දීමට අවශ්‍ය නැහැ; ඔවුන්ට අවශ්‍ය දැකීමටයි. ඔවුන්ට සෑම දෙයක්ම කිරීමට අවශ්‍ය වන්නේ එය දැකීමෙන් පසුවයි. එය ඔබට පහසු වුනේ ඇයි? ඔහුගේ ක්‍රියා තුළින් ගුණධර්ම දන් දුන් ප්‍රතිරුව ලෙස ඔබ බ්‍රහ්ම පියාව දුටු නිසා. ඔබ කොහොමත් දැනුම දන් දෙයි. කෙසේවෙතත්, මේ වසරේ, සෑම ජීවාත්මයකටම ගුණධර්ම දන් දීමට විශේෂ අවධානය යොමු කරන්න, එනම්, ඔබගේ ජීවිතයේ ගුණධර්ම වලින් ඔබ සහයෝගය ලබා දිය යුතුයි. ඔබ, බ්‍රහ්මින්වරුන්ට දන් දෙන්නේ නැහැ නේද? ඔබ ඔවුන්ට සහයෝගය ලබා දෙනවා. කුමක් සිදු වුනත්, අන් අය තුළ කෙතරම් දුර්වලතා තිබුණත්, ඔබගේ ජීවිත, ඔබගේ ක්‍රියා සහ ඔබගේ සම්බන්ධතා තුළින් ඔබ ගුණධර්ම දන් දෙයි, එනම්, ඔබ සහයෝගය ලබා දිය යුතුයි. මෙහිදි අන් අය දෙස නොබලන්න. “මේ කෙනා එය කරන්නේ නැහැ, ඒ නිසා මා එය කරන්නේ කුමටද? මේ කෙනාත් මේ වගෙයි!” බ්‍රහ්ම පියා බැලුවේ ශිව පියා දෙස පමණයි. ඔබට කෙනෙක් දෙස බැලීමට අවශ්‍ය නම් බ්‍රහ්ම පියා දෙස බලන්න! මෙහිදි අන් අය දෙස නොබලන්න, නමුත් බ්‍රහ්ම බාබාගේ පාඨය වුනු පාඨය අරමුණ කරගන්න: ‘මුලපුරන කෙනා අර්ජුනය.’ සිය කැමැත්තෙන්ම උපකරණ වන අය, අංක එකේ අර්ජුන කෙනෙක් වෙයි. අංක එකේ අර්ජුන වුනේ බ්‍රහ්ම පියාය. ඔබ සෑම දෙයක්ම කරන්නේ පළමුව අන් අය දෙස බැලීමෙන් නම්, ඔබ අංක එක වෙනුවට අංකානුරූපී වෙයි. ඔබගේ අත් එසවීමට කියා ඔබ සියලු දෙනාට පවසන විට, ඔබ එසේ කරන්නේ අංක එක වීමටද, අංකානුරූපි වීමටද? එසේ නම් ඔබ තබාගන්න අරමුණ කුමක්ද? බොහෝ ස්ථිර, නිරන්තර ගුණධර්ම දානපතියෙක්. කෙනෙක් ඔබව චංචල කිරීමට කෙතරම් තැත් කළත් චංචල නොවන්න! ඔබ සියලු දෙනාම එකිනෙකාට පවසන්නේ ‘අනෙක් සියලු දෙනාම මෙහෙමයි, එබැවින් ඔබ තමාට මේ ආකාරයට කරදර දෙන්නේ ඇයි? ඔබත් අපට එකතු විය යුතුයි!’ ඔබව දුර්වල කිරීමට ඔබට බොහෝ සහකරුවන් සොයාගත හැක. කෙසේවෙතත්, බාප්දාදාට අවශ්‍ය වන්නේ, අන් අයව උනන්දු කරවන සහ ඔවුන්ව උද්යෝගිමත් කරන සහකරුවන්වයි. එබැවින් ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? සේවය කරන්න, නමුත් ඔබගේ ඉතුරුම් ගිණුම වැඩි කරගනිමින් එය කරන්න. බොහෝ සේවය සිදු කරන්න! පළමුව තමාට සේවය කර ඉන්පසුව අන් අයට සේවය කරන්න. බාප්දාදා තව එක දෙයක් දුටුවා. ඔහු එය පැවසිය යුතුද?

අද, එය චන්ද්‍රයා සහ සූර්යයාගේ හමුව විය. ජගදම්බා මෙසේ විමසීය: පෙර ගමන් ගිය අයට (advance party) තව කෙතරම් කාලයක් බලා සිටීමට සිදු වෙයිද? ඔබගේ උසස් ස්ථිතියට ඔබ ලගා වූ විට පමණයි, පෙර ගමන් ගිය අයගේ කාර්යය සම්පූර්ණ කිරීමට හැකි වන්නේ. එබැවින් අද ජගදම්බා මාතාව, බාප්දාදාට බොහෝ හෙමිහිට සහ උපක්‍රමශීලීව යමක් පැවසුවා. ඇය පැවසූ එම එක දෙය කුමක්ද? බාප්දාදා දන්නවා, නමුත් අද එය හදවතට සමීප කතාබහක් විය. ඇය පැවසුවේ: ‘මමත් මධුබන් වල සහ සියලුම මධ්‍යස්ථාන වල සංචාරයක යනවා’. ඇය කිසි දෙයක් ඍජුව නොකියන අතර ඇගේ වදන් වලින් විහිළුවෙන් සංඥාවක් ලබා දෙන බව, ජගදම්බාව දැක ඇති අය දන්නවා. මේ දිනවල ඇය එක විශේෂතාවයක් දකින බව ඈ පැවසුවා. එම විශේෂත්වය කුමක්ද? මේ දිනවල බොහෝ අන්දමේ නොසැලකිලිමත්කම් තිබෙන බව, ඇය පැවසීය. සමහරුන්ට එක ආකාරයකත් තව අයට වෙනත් ආකාරයක නොසැලකිලිමත්කම්ද තිබෙනවා. ‘එය සිදුවෙයි. මා යම් වෙලාවකදි එය කරන්නම්. අනෙක් අය එය කරනවා, මමත් එය කරන්නම්. මෙය සෑම විටම වෙනවා. මෙය දිගටම සිදුවෙයි.’ මෙම නොසැලකිල්ලේ භාෂාව කොහොමත් ඔවුන්ගේ සිතිවිලි වල තිබෙනවා, නමුත් ඔවුන් ඒවා වචන වලටත් දමයි. බාප්දාදා පැවසුවේ: නව වසරේ මෙම දරුවන්ට මෙයට ක්‍රමවේදයක් ලබා දෙන්න. ජගදම්බා මාතාව සෑම විටම ධාරණය කරගත් පාඨය ඔබ දන්නවාද? ඔබට මෙය මතකද? කාටද මෙය මතක? (හුකුමි හුකුම් චලා රහා - නියෝග ලබා දෙන ඒකායන කෙනා මා ලවා සෑම දෙයක්ම සිදු කරනවා). ජගදම්බා පැවසුවේ: සියලු දෙනාම මෙය ධාරණය කරගත්තා නම් - බාප්දාදා ඔය සෑම කෙනෙක්ව චලනය කරවන බව, ඔබගේ සෑම පියවරක්ම ඔහුගේ උපදෙස් වලට අනුව සිදුවන බව - පරමාත්ම පියා ඍජුවම ඔබව ක්‍රියාත්මක කරවන බවට අවධානය ඔබට ඇත්නම්, එවිට ඔබගේ ද්‍රිෂ්ඨිය යන්නේ කොහාටද? උපදෙස් අනුගමනය කරන කෙනාගේ ද්‍රිෂ්ඨිය වැටෙන්නේ වෙනත් කිසිවෙක් මත නොව, උපදෙස් ලබා දෙන ඒකායන කෙනා මත පමණක්මයි. කරවන්හාර් ඔබව උපකරණයක් බවට පත් කර, ඔබව ක්‍රියාත්මක කරවනවා. වගකියන්නේ කරවන්හාර්ය. එවිට සේවය කිරීමේදි බර වන ඔබගේ හිස, ආධ්‍යාත්මික රෝස මලක් මෙන් නිරන්තරයෙන් සැහැල්ලු වෙයි. ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? නිරන්තර දානපතියෙක් වන්න. අච්චා.

ඔබ සියලු දෙනාම නව වසර සැමරීමට දුවගෙන ඇවිත්. එය හොදයි එමෙන්ම එය පිරි ඇති නිවසක්! අච්චා, ඔබට ඇති තරම් ජලය තිබුණාද? ඔබට ජලය තිබුණද? ජලය ගෙන ඒමට උත්සාහ දරන අයට සුබ පැතුම්! මෙතරම් දහස් ගණනකට ජලය සපයා දීම, බාල්දි දෙකක් හෝ හතරක් ගෙන ඒම වැනි පහසු කාරණාවක් නොවෙයි. හෙට සිට සමූහය ආපසු යෑමේ කාලය වෙයි. ඔබ සියලු දෙනාම සුව පහසුවෙන් මෙහි සිටියාද? කුඩා කුණාටුවක් ඔබට පරීක්ෂණයක් ගෙන ආවා. තද සුළං තිබුණා. ඔබ සියලු දෙනාම හොදින් සිටියාද? පාණ්න්ඩවයන් හොදින් සිටියාද? එය හොදයි. එය කුම්භ මේලාවට වඩා හොදයි නේද? ඔබට අඩු තරමින් අඩි තුනක ඉඩක් ලැබුණා. ඔබට ඇඳක් නොතිබෙන්නට ඇති, නමුත් ඔබට අඩු තරමින් අඩි තුනක ඉඩක් තිබුණා.

නව වසරේ මේ දේශයේ සහ විදෙස් රටවල සෑම තැනකම සිටින දරුවන්, නව වසර වෙනුවෙන් ඇති උත්සවය දකිනවා. ඔවුන්ගේ බුද්ධියෙන් එය දකින අතර කන් දෙකින් එයට සවන් දෙනවා. මධුබන් වල සියලු දෙනාද මෙය නරඹනවා. යග්යාව ආරක්ෂා කරන්නන් ලෙස ඔවුන්ගේ සේවයේ චරිත කොටස මධුබන් වල අය ඉතා හොදින් රගපෑවා. මධුබන් වල සේවයට උපකරණ වන අයට, මේ දේශයේ සහ විදෙස් රටවල අය සමග බාප්දාදාද ඔවුන්ට සුබ පතනවා. අච්චා. බොහෝ කාඩ්පත් ලැබී තිබෙනවා. පැමිණ ඇති කාඩ්පත් ඔබ සියලු දෙනාට දැක ගත හැක. ඒවා තුළ සැගව ඇති හදවතේ සෙනෙහස තරම් කාඩ්පත් වැදගත් නැහැ. එබැවින්, බාප්දාදා බලන්නේ කාඩ්පතේ ලස්සණ නොවෙයි, නමුත් ඒවා තුළ කෙතරම් මිල කළ නොහැකි සෙනෙහස පිරි තිබේද කියා. ඉතිං, ඔබ සියලු දෙනාම ඔබගේ හදවත් වලින් සෙනෙහස එවා ඇත. එබැවින් එවන් බොහෝ ආදරණීය ජීවාත්මයන්ට පෞද්ගලිකව - බාප්දාදා සෑම කෙනෙකුගේම නම් සදහන් කරන්නේ නැහැ - බාප්දාදා එම කාඩ්පත් වලට සෙනෙහසින් පිරි ගෞරවයෙන් ප්‍රතිචාර දක්වනවා. සිහි කිරීමේ ලිපි, දුරකථන ඇමතුම්, පරිගණකයෙන් ඊ-මේල් - තිබෙන සියලු පහසුකම් භාවිතා කිරීමට පෙර, ඔබගේ සිතිවිලි වලින් බාප්දාදාට ඒවා ප්‍රථමයෙන් ලැබෙයි. ඒවා ඔබගේ පරිගණක සහ ඊ-මේල් වලින් එන්නේ පසුවයි. දරුවන්ගේ සෙනෙහස සෑම විටම බාප්දාදා වෙතට ලගා වෙනවා, නමුත් අද, බොහෝ දෙනෙක් නව වසර වෙනුවෙන් ඔවුන්ගේ විශේෂ සැලසුම් ලියා තිබෙනවා, ඔවුන් පොරොන්දු සිදු කර ඇති අතර අතීතය අතීතයේම තබා ඉදිරියට ගමන් කිරීමට ඔවුන්ට ධෛර්යය තිබී ඇත. බාප්දාදා ඔබ සියලු දෙනාටම පවසන්නේ: ඉතා හොදයි දරුවනේ! ඉතා හොදයි!

ඔබ සියලු දෙනාම ඉන්නේ සතුටින් නේද? ඔවුන්ද සිටින්නේ සතුටින්ය. දැන් බාප්දාදාගේ හදවතේ ආශාව වන්නේ, පිරිනමන්නාගේ ඔය සෑම දරුවෙක්ම, පිරිනමන්නෙක් විය යුතු බවයි. කිසිවක් ඉල්ලන්න එපා: ‘මට මේ දේ ලැබිය යුතුයි! මෙය සිදුවිය යුතුයි! මා මෙය කළ යුතුයි!’ දානපතියෙක් වන්න, එකිනෙකාව ඉදිරියට යැවීම සදහා පරිත්‍යාගශීලී හදවත් ඇත්තෙක් වන්න. තරුණ අය බාප්දාදාට පවසන්නේ, ඔවුන්ට ජ්‍යෙෂ්ඨයින්ගේ සෙනෙහස අවශ්‍ය බවයි, එමෙන්ම තරුණ අයට පියා ලබා දෙන පිළිතුර වන්නේ, ‘ජ්‍යෙෂ්ඨයින්ට ගරු කරන්න, එවිට ඔබට සෙනෙහස ලැබෙයි.’ ගෞරවය දීම යනු ගෞරවය ලැබීමයි. ඔබට නිකම්ම ගෞරවය ලැබෙන්නේ නැහැ. දීමෙන් ලැබෙයි. ඔබගේ අජීව ප්‍රතිමා පවා එය ලබා දෙයි. දේවතාවන් යනු දෙන අයයි. එබැවින් ජීවමාන දේවතාවන්, දානපතියන් වන්න! දෙන්න! ඔබ සියලු දෙනාම දානපතියන්, දෙන අය වූ විට, ලබා ගැනීමට කිසිවෙක් ඉතිරි නොවෙයි. එවිට තෘප්තිය නම් ආධ්‍යාත්මික රෝස මලේ සුවද සෑම තැනකම විහිදී යයි. ඔබට මෙය ඇසුණාද?

එබැවින්, නව වසරේ පැරණි භාෂාව කතා නොකරන්න - කිසිවෙක් කැමති නැති, සමහරු තවමත් භාවිතා කරන පැරණි භාෂාව. ඔබගේ පැරණි වචන, පැරණි හැසිරීම සහ පැරණි පුරුදු වල බලපෑමට ලක් නොවන්න. සෑම කාරණාවක්ම අළුත්ද කියා තමන්ගෙන්ම විමසන්න. අළුත් දෙයක් ලෙස ඔබ කළේ කුමක්ද? ඔබ කළ යුත්තේ 21 වන සියවස සැමරීම පමණයි. 21වන සියවසේදි, උපත් 21ක ඔබගේ සම්පූර්ණ උරුමය ඔබ හිමි කර ගත යුතුයි. ඔබට මෙය හිමි කර ගැනීමට අවශ්‍යයි නේද? අච්චා.

නව යුගයට අයිතියක් ඇති සෑම දිශාවකම සිටින සියලුම ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, සෑම පියවරකදීම කෝටි ගුණයක් රැස් කරගන්න, සියලු දරුවන්ට, ජීවාත්මයන්ට, බ්‍රහ්ම බාබාගේ ආදර්ශය මෙන් තමන්ව සරළ කරගන්නා ජීවාත්මයන්ට, තමන්ගේ ජීවිත තුළින් ගුණධර්ම හෙළිදරව් කිරීමෙන් අන් අයව ගුණවත් කරන අයට, නිරන්තර මහා දානපතියන්ට, මහත් සහයෝගී ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

මේ වෙලාවේ එය පැරණි වසරේ සහ නව වසරේ සංගමයයි. සංගම කාලය යනු, පැරණි දේ අවසන් වී අළුත් දේ හි ඇරඹුමයි. අසීමිත සංගමයෙදි ඔය සියලුම බ්‍රහ්මන ජීවාත්ම, ලෝක පරිවර්ථනයට උපකරණ වන සේම, අද, පැරණි වසරේ සහ නව වසරේ සංගමයෙදි, ඔබට ස්ව-පරිවර්ථනය වෙනුවෙන් අධිෂ්ඨානයක් තිබේ. ඔබට මෙම අධිෂ්ඨානය තිබිය යුතුමයි. මෙසේ පවසන ලදි: සෑම තත්පරයකදීම ස්ථිර, නිරන්තර, මහා දානපතියෙක් වන්න. දානපතිගේ දරුවන්, මාස්ටර් දානපතියන් විය යුතුයි. පැරණි වසරට සමුදෙන අතරම පැරණි ලෝකයට සහ පැරණි සංස්කාර වලට ඇති බැඳීමටත් සමු දී, ඔබගේ නව ශ්‍රේෂ්ඨ සංස්කාර කැදවන්න. කෝටි ගුණයක සුබ පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්!

වරදානය:
ඔබ ලැබීම් වල ප්‍රතිමූර්තියක් වීමෙන්, ‘ඇයි?’ සහ ‘මොකක්ද?’ යන සියලු ප්‍රශ්න ඉක්මවා සිට, නිරන්තරයෙන් සතුටු හදවතක් ඇත්තෙක් වේවා.

ලැබීම් වල ප්‍රතිමූර්ති වන ජීවාත්මයන්ට, කිසිම දෙයක් ගැන කිසිම අන්දමක ගැටළුවක් කිසිදාක තිබිය නොහැක. ඔවුන්ගේ මුහුණේ සහ ක්‍රියාකාරකම් වල සතුටේ පෞරුෂත්වය දිස්වෙයි; මෙය තෘප්තිය ලෙස හැදින්වෙයි. සතුට අඩුවෙන් ඇත්නම්, එයට හේතුව වන්නේ යම් ලැබීමක අඩුවක් වන අතර ලැබීම්වල අඩුවට හේතුව වන්නේ එක් හෝ වෙනත් ආශාවකි. බොහෝ සියුම් ආශාවන් තිබීම, ඔබව යම් ලැබීම්වල අඩුවක් වෙත රැගෙන යයි. එබැවින්, තාවකාලික ආශාවන් පසෙක දමා, ලැබීම්වල ප්‍රතිරූ වන්න, එවිට ඔබ නිරන්තර සතුටු හදවත් ඇත්තන් වෙයි.

පාඨය:
පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස තුළ ගිලී සිටින්න, එවිට මායාගේ ආකර්ෂණය අවසන් වෙයි.