28.10.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ සත්ගුරුගෙන් ලබන ප්‍රථම සහ ඉතා වැදගත්ම උපදේශය නම්, ජීව අවධානයට පත් වන්න සහ ශරීර අවධානය ඉවත් කරන්න.

ප්‍රශ්නය:
මේ කාලයේදී දරුවන් වන ඔබට කිසියම්ම ආශාවක් හෝ අපේක්‍ෂාවක් නොමැත්තේ ඇයි?

පිළිතුර:
මන්ද, ඔබ සියලු දෙනාම දැන් ඉන්නේ ඔබේ විශ්‍රාමික අවධියේ. ඔබ අවබෝධ කර ගන්නවා ඔබේ පියවි ඇසට පෙනෙන හැම දෙයක්ම විනාශයට ලක් වෙන්නයි යන්නේ කියලා. තවදුරටත් ඔබට කිසිවක් අවශ්‍ය නැහැ. ඔබ සම්පූර්ණයෙන්ම අසරණයන් වුණා. මිල අධික ඇඳුම් ඇඳීමට අවශ්‍ය වීම හෝ කාගේ හරි මුහුණට ආකර්ෂණය වීමෙන් අදහස් කෙරෙන්නේ ඔබ ශරීර අවධානයට යටවීම සහ ඉන් ඔබේ තත්ත්වය විනාශ කර ගැනීමයි.

ඕම් ශාන්ති.
දරුවනි, ඔබ මෙහෙ විනාඩි 15 ක් 30 ක් විතර ඉඳගෙන ඉන්නවා. බාබාත් ඔබව විනාඩි 15 ක් ඉඳගෙන සිටීමට සූදානම් කරනවා. ඉතින් එතකොට ඔබට පුළුවන් ජීවයක් බව අවධාරණය කරගෙන බාබා සිහිකරන්න. මේ උපදේශයන් ඔබට ලැබෙන්නේ මේ යුගයේදී පමණයි ඔබ නැවතත් මේ චක්‍රයේදී එය ලබන්නේ නැහැ. ස්වර්ණමය යුගයේදී ජීව අවධානයෙන් ඉන්න කියලා ඔබට කියන්නේ නැහැ. මෙය කරන්න කියලා ඔබට කියන්නේ සත්ගුරු පමණයි. ඔහු තමයි කියන්නේ සත්ගුරු පමණයි ඔබව විමුක්තියට ගෙන යන්නේ අන් සෑම කෙනෙක්ම ඔබව අඳුරට යවනවා. බාබා ඔබව ජීව අවධානයට පත් කරවනවා. ඔහු අශරීරිකයි. ඔබට පැහැදිලි කර දීමට ඔහුට ශරීරයක් අවශ්‍යයි. ඔහු කියනවා මම ජීවයන් වන ඔබ සියලු දෙනාගේම පියා. ඔහුට ජීව අවධානයට පත්වෙලා පියෙක් සිහි කරන්න නැහැ. ආදී සනාතන දේවී දේවතා ධර්මයට අයත් අය ඔහුව සිහි කරනවා. වෙනත් අයත් ගොඩක් ඉන්නවා ඔවුන් දරණ උත්සාහයට අනුව ඔවුන් අනුපිළිවෙලයි. ඔබ අවබෝධ කරගෙන අන්‍යයන්ට පැහැදිලි කර දිය යුතු වැදගත්ම කරුණ මෙයයි. ඔබ සැමගේම පියා, උත්තරීතර පියා, උත්තරීතර ජීවයයි. ඔහු දැනුමෙන් පිරුණු කෙනායි. ජීවයේ දැනුම අන්තර්ගත වෙනවා. ජීවයන් වන ඔබ දැනුම නැමති සංස්කාර ඔබත් සමඟම ගෙන යනවා. දැනටමත් බාබාට ඒ සංස්කාර තියෙනවා. ඔහු පියා බව හැම කෙනෙක්ම පිළිගන්නවා. ඔහුගේ දෙවන විශේෂත්වය නම් පැරණිතම දැනුම ඔහු සතු වීමයි. ඔහු බීජයයි. බාබා මෙහි හිඳ ඔබට විස්තර කර දෙන්නා සේ ඔබත් අන්‍යයන්ට පැහැදිලි කර දිය යුතුයි. මානව වෘක්ෂයේ බීජය බාබායි. ඔහු සත්‍යයයි. සජීවී ජීවයයි සහ දැනුමෙන් පිරුණු කෙනායි. මුළු ගසම ගැන සම්පූර්ණම දැනුම ඔහුට තිබෙනවා. මේ ගසේ දැනුම කිසි කෙනෙකුට නැහැ. එහි බීජය බාබායි. ඔහු උත්තරීතර පියා, උත්තරීතර ජීවය ලෙස හැඳින්වෙනවා. උදාහරණයක් ලෙස අඹ ගසක බීජයට එහි නිර්මාපකයා කියන්න පුළුවන්. එහෙම වුවත් බීජය තමයි පියා වෙන්නේත්. කෙසේවෙතත්, ඒ බීජය අජීවීයි. එය සජීවී නම්, එය ඉන් හටගන්නා ගස ගැන දැන සිටිය යුතුයි. කෙසේවෙතත්, එය අජීවීයි. ඒ බීජය සිටුවන්නේ පොළව යට. මොහු ඉහළ ජීවත් වන සජීවී බීජයයි. ඔබත් පාලක බීජයන් වනවා. ඔබ බාබාගෙන්, ඉතාමත් දිව්‍යමය කෙනාගෙන් දැනුම ලබනවා. ඔබට උසස්ම තත්ත්වයක් ලැබිය හැකියි. ඔබට දිව්‍යලෝකයේ උසස්ම තත්ත්වයක් අවශ්‍යයි. මිනිස්සු මේවා තේරුම් ගන්නේ නැහැ. දිව්‍යලෝකයේදී, එහි තියෙන්නේ දේවතා රාජ්‍යයක්. රාජධානියේ එවන් රජවරු සහ බිසෝවරු, ඒ වගේම දුප්පත් සහ ධනවත් යටත් වැසියන් නිර්මාණය වෙන්නේ කොහොමද? ආදී සනාතන දේවී දේවතා ධර්මය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ඔබ අවබෝධ කර ගන්නවා. මෙය කරන්නේ කවුද? බාබා. බාබා කියනවා දරුවනි, සිද්ධවෙන්න තියෙන්නේ මොකක්ද, නාටකයට අනුව එය සිදුවිය යුතුයි. හැම කෙනෙක්ම නාටකයට යටත්. බාබා කියනවා මමත් නාටකයට යටත්. මටත් රඟන්න කොටසක් තියෙනවා මා රඟපාන්නේ එම කොටසයි. බාබා උත්තරීතර ජීවයයි. ඔහු උත්තරීතර පියා ලෙස සහ අනෙක් සියලුම දෙනා සහෝදරයින් ලෙස හැඳින්වෙනවා. පියා, ගුරුවරයා හා සත්ගුරු වෙන්න පුළුවන් කෙනෙක් නැහැ. ඔහු හැම දෙනාගේම උත්තරීතර පියා, ගුරුවරයා සහ සත්ගුරු වෙනවා. මේ දේවල් ඔබ අමතක නොකළ යුතුයි. මන්ද, ඔබ දරණ උත්සාහයට අනුව අනුපිළිවෙලින් ඔබ වෙනුවෙන් රාජ්‍යය නිර්මාණය වෙමින් පවතිනවා. ඔබ සැම කෙනෙක්ම දරණ උත්සාහය පිටතින් දෘෂ්‍යමාන වෙනවා එය පෙන්වනවා ඔබ බාබා සිහි කරනවාද, ඔබ ජීව අවධානයට පත් වෙනවාද නැත්ද කියලා. ඔබ මේ දැනුම සම්බන්ධව ඥානවන්ත කෙනෙක්ද කියලා ඔබේ හැසිරීමෙන් අවබෝධ වෙනවා. බාබා ඔබෙන් කිසි කෙනෙකුට කිසිම දෙයක් කෙළින්ම කියන්නේ නැහැ. එහෙම කිව්වොත් ඔබ බලාපොරොත්තු සුන්කර ගන්න පුළුවන්. ඔබ නොසතුටට පත් වී බාබා කියන්නේ මොනවාද, අනෙක් අය කියන්න පුළුවන් මොනවද කියලා හිතනවා. ඔබ සෑම කෙනෙක්ම කරන්නේ මොන වගේ සේවයක්ද කියලා බාබාට කියන්න පුළුවන්. හැම දේම තීරණය වෙලා තියෙන්නේ ඔබ කරන සේවය මත. බාබාත් සේවය සඳහා පැමිණිය යුතුයි. දරුවනි, ඔබට තේරුම් ගන්න පුළුවන් දරුවන් තමයි බාබාව සිහි කරන්නේ කියලා. සිහිකිරීම නැමති විෂය අපහසුයි. බාබා යෝගා සහ දැනුම උගන්වනවා. දැනුම ඉතා පහසුයි. නමුත් ඔබෙන් බොහෝ අය පරාජයට පත් වෙන්නේ සිහිකිරීමෙන්. ඒ ඔබට ශරීර අවධානය තිබෙන නිසයි. පස්සෙ ඔබ මේ වගේ සිතිවිලි ගන්නවා මට මේ වගේ අර වගේ සුන්දර දෙයක් ඕනෙ කියලා. බාබා කියනවා මෙහෙ ඔබ ඉන්නේ රටින් නෙරපූ අය වගේ. ඔබ දැන් විශ්‍රාමික අවධියට යා යුතුයි. ඉතින් ඔබ කිසිම විහිළු සහගත දෙයක් නොඇඳිය යුතුයි මන්ද, ඔබ මෙහිදී රටින් නෙරපා දැමූවන්. ඔබ මොනව හරි ලෝකෙ දෙයක් ඕනෙ නම් එය ඔබට ආකර්ෂණය වෙනවා. ඔබ ශරීරයන්ටත් ආකර්ෂණීය වෙනවා. මේ දේවල් නැවත නැවතත් ඔබව ශරීර අවධානයට පත් කරවනවා. මෙය නොකිරීමට උත්සාහ දැරිය යුතුයි. කෙසේවෙතත්, උත්සාහ නොදරා ඔබට ලෝක රාජ්‍යය දිනා ගන්න බැහැ. සෑම කල්පයකදීම ඔබ අනුපිළිවෙලින් උත්සාහ දැරුවා. ඒ උත්සාහය නිරන්තරයෙන්ම ඔබ දරණවා. ප්‍රතිඵල අවසානයට ප්‍රකාශයට පත් කරනවා. පාසලක පවා ශිෂ්‍යයෝ උසස් වෙන්නේ අනුපිළිවෙලට. ගුරුවරයා තේරුම් ගන්නවා කවුද හොඳ උත්සාහයක් දැරුවේ සහ ඉගෙනීමට කම්මැලි වුණේ කවුද කියලා. මේව ඔවුන්ට දැනෙනවා. එහෙ ශිෂ්‍යයෝ එක පංතියක සිට අනෙකටත් ඉන් තවෙකකටත් උසස් වෙනවා. මෙහෙ ඔබට ඉගෙන ගන්න තියෙන්නේ එකම වතාවයි. ඔබ දියුණු වී සමීපයටම ආවහම ඔබ සියල්ල දන්නකු වෙනවා. දැඩි උත්සාහයක් දැරීමෙන් ඔබ අනිවාර්යෙන්ම උසස් තත්ත්වයක් ලබනවා. එයින් පෙන්නුම් කෙරෙනවා රජවරු, බිසෝවරු වෙන්නේ කවුද සහ වෙනත් කෙනෙක් වෙන්නේ කවුද යන්න. යටත් වැසියන් බොහෝ දෙනෙක් නිර්මාණය විය යුතුයි. ඔබේ හැසීරීමෙන් සෑම දෙයක්ම තේරුම් ගන්න පුළුවන්. මොහු ශරීර අවධානයට එන්නේ මොන වගේ අවස්ථාවන්හිදීද? මොහුට බාබා කෙරෙහි කොපමණ සෙනෙහසක් තිබෙනවාද? සහෝදරයින්ට නෙමෙයි බාබාට පමණයි ආදරේ තිබෙන්නේ. සහෝදරයෙකුට ඇති ආදරයකින් ඔබ කිසිම උරුමයක් ලබන්නේ නැහැ. ඔබ පියාගෙන් ඔබේ උරුමය ලබනවා. බාබා කියනවා දරුවනි, ඔබ ජීවයක් බව අවධාරණය කර ගැනීමෙන් තමයි ඔබේ පාපයන් මුදා හැරෙන්නේ. ප්‍රධානතම දෙය මෙයයි. සිහිකිරීමෙන් ඔබ බලය ලබනවා. නිරන්තරයෙන් ඔබ දැනුම ධාරණය කර ගැනීමෙන් දිනෙන් දින ඔබේ බැටරිය අළුත්වැඩියා වෙනවා. ඊට පසුව ඔබට පුළුවන් ඔබේ හීය ඉලක්කයටම විදින්න. දිනෙන් දින ඔබ දරණ උත්සායට අනුකූලව අනුපිළිවෙලින් ඔබ දියුණුවට පත් වෙනවා. ඔබට ජීව අවධානයට පත්වීමට උපදෙස් දෙන එකම පියා, ගුරුවරයා සහ සත්ගුරු තමයි මේ. කිසි කෙනෙකුට මෙය කරන්න බැහැ. හැම කෙනෙක්ම ඉන්නේ ශරීර අවධානයෙන්. ජීව අවධානයට පත්වීමේ දැනුම කිසිම කෙනෙකුට දෙන්න බැහැ. කිසිම මනුෂ්‍යයෙකුට පියා, ගුරුවරයා සහ සත්ගුරු වෙන්න බැහැ. සෑම කෙනෙක්ම තමන්ගේ කොටස රඟපාන්නේ කෙසේද කියලා බැඳීමකින් තොරව නිරීක්ෂණය කරන්න. බැඳීමකින් තොරව මුළු නාටකයම ඔබ නිරීක්ෂණය කළ යුතුයි. මේ නාටකයේ ඔබ රඟ පෑ යුතුයි. බාබා නිර්මාපකයා, අධ්‍යක්ෂකයා සහ ප්‍රධාන නළුවායි. රඟපෑමට ශිව බාබා මෙහි එනවා. ඔහු හැම කෙනෙකුගේම පියායි. දූවරු සහ පුතුන් හැම කෙනෙකුටම උරුමය දීමට ඔහු මෙහි පැමිණෙනවා. එකම එක පියායි ඉන්නේ. එහෙත් සියලුම ජීවයන් සහෝදරයින්. මේ පියාගෙන් පමණයි ඔබ මේ උරුමය ලබන්නේ. මේ ලෝකේ කිසිම දෙයකට ඔබේ බුද්ධිය ඇදී යන්නේ නැහැ. බාබා කියනවා ඔබ දකින හැම දේම විනාශ වන සුළුයි. ඔබ දැන් නිවහන වෙත ආපසු යනවා. සන්යාසීන් බ්‍රහ්ම ලෝකය සිහි කරනවා. ඒ ඔවුන් සිහිකරන්නේ නිවහනයි. ඔවුන් විශ්වාස කරනවා ඔවුන් බ්‍රහ්ම ලෝකයේ ජීවමාන වුණා කියලා. ඒ විශ්වාසයට කියන්නේ අන්ධකාරයයි. මුක්තිය සහ විමුක්තිය ගැන ඔවුන් කියන හැම දේම අසත්‍යයි. ඒ මිනිස්සු පෙන්වන්නේ මොන පැත්තද ඒ සේරම බොරු. මේ බාබා පමණයි ඔබට නිවැරදි මඟ පෙන්වන්නේ. බාබා කියනවා නාටකයේ තීරණය වී ඇති ආකාරය අනුව මා ඔබව රජවරුන්ගෙත් රජවරු කරවනවා. සමහරු කියනවා බාබා, මේ දේවල් මගේ බුද්ධියේ රැඳෙන්නේ නැහැ. බාබා, මගේ කට අරින්න එතකොට මට කතා කරන්න පුළුවන් වෙයි! මට අනුකම්පා කරන්න! බාබා කියනවා මේ ගැන බාබාට කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔබට කිරීමට ඇති ප්‍රධානතම දෙය මගේ උපදෙස් අනුගමනය කිරීමයි. බාබාගෙන් පමණයි ඔබ නිවැරදි උපදේශයන් ලබන්නේ. සේරම මනුෂ්‍යයන්ට පාපයන් පහ තිබෙන බැවින් ඔවුන් ඔබට වැරදි උපදේශයන් දෙනවා. ඉනිමඟෙහි පහළට යන්නා සේම ඔබ අසත්‍යයට යනවා. ඔවුන් ගොඩක් සෘද්ධි බල පානවා. එයින් ඔබ ලබන සතුටක් නැහැ. ඔබ තේරුම් ගන්න, ඉන් ලබන ඕනෑම බලයක් තාවකාලිකයි. ඒ සතුට තමයි කපුටෙකුගේ කටින් වැටෙන්නකට සමාන කරන්නේ. ඉණිමඟෙහි සහ කල්ප ගසේ පින්තූර වලින් ඔබට හැම දේම ඉතා පැහැදිලිව විස්තර කර දෙන්න පුළුවන්. විවිධ ආගම් වලට අයත් මිනිසුන් පැමිණි කාල වකවානු ඔබට පෙන්වා දිය හැකියි. ජේසු තුමා පැමිණියේ මේ මේ වගේ කාලයකදී කියලා ආගමික නිර්මාතෘවරු පැමිණි කාලයන් ඔබට පෙන්විය හැකියි. මේ ආගමෙන් අනෙක් ආගම් වලට මාරු වුණු අය ඉක්මණින්ම මේ ආගමට ආකර්ෂණය වී ඊට කැප වෙනවා. සමහරු මේ වගේ ආගමකට කැමති නැහැ, එතකොට ඔවුන් උත්සාහ දරන්නේ කොහොමද? මිනිස්සු මිනිස්සුන්වම එල්ලනවා. ඔබ එකම පියා කෙරෙහි පවතින සිහියේ එල්ලිය යුතුයි. මේ එල්ලුම් ගස බොහොම සුමිහිරියි. ජීවයන් වන ඔබේ බුද්ධිය බාබා සමඟ පැවතිය යුතුයි. ජීවයන් වන ඔබට බාබා සිහි කරන්න කිව්වා. මේ එල්ලුම් ගස් ඉහළ වාසය කරන පියාගේ සිහි කිරීමයි. ඔබ සෑම කෙනෙක්ම අවබෝධ කරගත යුතුයි ඔබ ජීවයන් බව සහ ඔබ බාබාව සිහි කළ යුතුද වන බව. ඔබ ඔබේ ශරීරය මෙහෙ අතහැර දැමිය යුතුයි. ඔබට දැන් මේ සේරම දැනුම තියෙනවා. ඉතින් ඔබ මෙහෙ හිඳ සිටින විට ඔබ කරන්න ඕන මොනවද? ඔබ ශබ්දය අභිබවා යාමට උත්සාහ ගත යුතුයි. බාබා කියනවා හැම කෙනෙක්ම මා වෙත ආ යුතුයි. ඒ කියන්නේ ඔහු සියලු මරණයන්ගේ මරණයයි. ඒ මරණය ගන්නේ එකම එක්කෙනයි. මරණය මෙන් ඕනෑම කෙනෙකු ග්‍රහණය කර ගන්නා වෙනත් දෙයක් නැහැ. මේ සේරම නාටකයේ තීරණය වූ දේවල්. ඔවුන්ගේ නියම වේලාවට ජීවයන් පිටත් වී යනවා. මේ පියා සියලුම ජීවයන් ආපසු නිවහනට ගෙන යනවා. එමනිසා, ඔබ හැම කෙනෙක්ම ඔබ යන නිවහන වෙත ඔබේ බුද්ධියේ යෝගා තබා ගත යුතුයි. ඔබේ ශරීරය අතහැර යාම යනු ඔබේ ශරීරය මරණයට පත් වීමයි. ශරීරය මැරුණු මොහොතට ජීවය පිටත් වී යනවා. මිනිස්සු බාබාට මේ වගේ දේවලට කතා කරනවා බාබා, පැමිණ අපව මේ ලෝකයෙන් ඉවතට ගෙන යන්න. මෙහෙ ජීවත් වෙන්න අපට කැමැත්තක් නැහැ. නාටකයට අනුව ඔබ නිවහන වෙත ආපසු යනවා. ඔවුන් කියනවා බාබා, මෙහෙ තියෙන්නෙ අසීමිත දුකක්. මට තව දුරටත් මෙහෙ රැඳෙන්න අවශ්‍ය නැහැ. මේ ලෝකය ඉතා අපිරිසිඳුයි. අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම මරණයට පත්විය යුතුයි. ඔබ හැම කෙනෙක්ම ඉන්නේ ඔබේ විශ්‍රාමික අවධියේ. ඔබ දැන් ශබ්දය අභිබවා යා යුතුයි. මරණය ඔබ වෙත එන්නේ නැහැ ඔබ සතුටින් ජීවත් වෙනවා. ආගමික ග්‍රන්ථ සියල්ලක්ම අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඒවා නැවතත් ස්ථාපිත වෙනවා. නාටකයේ මේ කරුණු ඉතාමත් ආශ්චර්යජනකයි. ඔබ මෙහි දකින මේ ටේප් එක, මේ ඔරලෝසුව, මේ හැම දේම නැවත වරක් ඇති වෙනවා. මේ ගැන කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ. ’ලෝක ඉතිහාසයේ සහ භූගෝලයේ නැවත ක්‍රියාකාරීත්වය‘ යන්නෙන් අදහස් වන්නේ එය නැවත වතාවක් නියම ආකාරයෙන්ම ක්‍රියාකිරීමයි. ඔබ අවබෝධ කර ගන්නවා ඔබ නැවතත් දේවත්වයට පත්වන බව. මේ සම්බන්ධව සුළු හෝ වෙනසක් සිදුවෙන්න බැහැ. මේ දේවල් සේරම ඔබ අවබෝධ කරගත යුතුයි. ඔහු අසීමිත පියා, ගුරුවරයා සහ සත්ගුරු බව ඔබ අවබෝධ කර ගත්තා. ඔහු වගේ කිසිම මනුෂ්‍යයෙක් නැහැ. ඔබ මෙයාට කතා කරන්නේ බාබා කියලා. ඔබ ඔහුට ප්‍රජාපිතා බ්‍රහ්මා කියලා කතා කරන්න. ඔහු කියනවා ඔබ මගෙන් (බ්‍රහ්මාගෙන්) වත් උරුමය ලබන්නේ නැහැ. බාබූ ගාන්ධිජී මනුෂ්‍යයින්ගේ පියා නොවෙයි. බාබා කියනවා මේ දේවල් ගැන කලබලයට පත්වෙන්න එපා. ඔවුන්ට කියන්න අපි බ්‍රහ්මාට දෙවියන්වහන්සේ හෝ දේවතාවක් කියන්නේ නැහැ. බාබා කියනවා මුළු ලෝකයම පිරිසිඳු කිරීම උදෙසා මොහුගේ උපත් ගණනාවකින් අවසාන උපතේදී, ඔහුගේ විශ්‍රාමික අවධියේදී මම ඔහුට ඇතුළු වෙනවා. කල්ප ගසේ පින්තූරයෙන් ඔබ පෙන්විය යුතුයි ඔහු ගසේ ඉහළ සිටගෙන සිටින ආකාරය. හැම කෙනෙක්ම දැන් ඉන්නේ තමෝප්‍රධාන් තත්ත්වයේ, විනාශය කරා යන තත්ත්වයේ. මොහුත් ඉන්නේ ඔහුගේ තමෝප්‍රධාන් තත්ත්වයේ ඔහුට තියෙන්නේ සමාන ලක්ෂණමයි. බාබා මේ තමෝප්‍රධාන් කෙනාට ඇතුළු වී ඔහු බ්‍රහ්මා ලෙස නම් කෙරෙනවා. එහෙම නැත්නම්, මට කියන්න ඔහු බ්‍රහ්මා ලෙස නම් කෙරුණේ කොහොමද කියලා. මෙයා අපිරිසිඳුයි, අරයා (ක්‍රිෂ්ණා) පිරිසිඳුයි. ඒ පිරිසිඳු දේවතා ජීවය උපත් 84 ගන්නා විට ඔහු අපිරිසිඳු මනුෂ්‍යයෙක් වෙනවා. මොහු දැන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවත්වයට පත් වෙනවා. සාමාන්‍ය මනුෂ්‍යයින් දේවත්වයට පත් කරවීම බාබාට පමණක් අයිති කාර්යයක්. මේ කරුණු ඉතාමත් පුදුම සහගතයි. ඉතින්, ඔබ ඒවා අවබෝධ කරගත යුතුයි. මොහු තත්පරයකින් ඒ තත්ත්වයට පත් වෙනවා. පසුව ඔහු උපත් 84 ගන්නා විට මේ තත්ත්වයට පත්වෙනවා. බාබා මොහුගේ ශරීරයට ඇතුල් වී ඔබට උගන්වනවා. ඔහු දෙන දැනුම ඔබ ඉගෙන ගන්නවා. ඔහුටත් වංශයක් තියෙනවා. ලක්ෂ්මී සහ නාරායන් හා රාධා සහ ක්‍රිෂ්ණාට කෝවිල් හදල තියෙනවා. කෙසේවෙතත්, කවුරුත් දන්නේ නැහැ රාධා සහ ක්‍රිෂ්ණා කියන්නේ පසුව ලක්ෂ්මී සහ නාරායන් ලෙස රජ සහ රැජිණ වන අය කියලා. මෙයා හිඟන්නෙකුගේ තත්ත්වයේ සිට රජ කෙනෙක් වුණා. පසුව ඒ රජ නැවතත් හිඟන්නෙක් වුණා. මේවා තේරුම් ගන්න එතරම්ම පහසු කරුණු! මේ පින්තූර දෙකේම උපත් 84 කථාව තියෙනවා. මේ තැනැත්තා ඒ තත්ත්වයට පත් වෙනවා. ඔවුන් යුවලක් නිසයි ඒ අත් හතරක් ලෙස දක්වල තියෙන්නේ. ඔවුන් අයත් වෙන්නේ පිරිසිඳු ගෘහ ජීවිතයටයි. සත්ගුරුට පමණයි ඔබව විමුක්තියට පත්කළ හැක්කේ. බාබා හැම දේම ඉතා පැහැදිලිව තේරුම් කර දෙනවා. කෙසේවෙතත්, ඔබටත් දිව්‍යමය ගුණධර්ම අවශ්‍යයි. ඔබ, ස්වාමිපුරුෂයෙක්ගෙන් ඔහුගේ භාර්යාවගේ දුර්වලකම් ඇසුවොත්, එහෙම නැත්නම්, භාර්යාවකගෙන් ඇයගේ ස්වාමිපුරුෂයාගේ දුර්වලකම් ඇසුවොත් හැම එක්කෙනෙක්ම තමන්ට කරදරකාරී දේවල් ඉක්මණින්ම කියයි. එහෙම නැත්නම් ඔවුන් කියයිද අපි දෙන්නම හොඳින් ඉන්නවා. අපි එකිනෙකා උදව්කාරයෙක් ලෙස දෙදෙනාම එකට ඉදිරියට යනවා. අපි එකිනෙකා අතරේ හොඳ සම්බන්ධයක් තිබෙනවා කියලා. සමහරු එක එක්කෙනාව පහතට දාන්න හදනවා. බාබා කියනවා මෙයින් ඔබ ඔබේ ස්වභාවය වෙනස් කර ගත යුතුයි. ඒ සේරම දේවල් අයිති වෙන්නේ යක්ෂ ස්වභාවයට. දේවතාවන්ට තියෙන්නේ දිව්‍යමය ස්වභාවයක්. මේ සේරම ඔබ අවබෝධ කරගත යුතුයි. දේවතාවන් සහ යක්ෂයින් අතරේ කිසිම යුද්ධයක් ඇති වූයේ නැහැ. පැරණි ලෝකයේ අය කොහොමද නව ලෝකයේ අය මුණගැසෙන්නේ ? බාබා කියනවා අපේ ඉතිහාසයේ සිදුවුණා කියන, ඒ සේරම අපි ගැන තියෙන කථා බොරු. සේරම උත්සව අදාල වෙන්නේ මේ කාලයට. ඔවුන් තඹ යුගයේ සිටම සමරන්න පටන් ගන්නවා ස්වර්ණමය යුගයේදී ඒවා සමරන්නේ නැහැ. මේ සේරම අවබෝධ කර ගැනීමට ඔබ ඔබේ බුද්ධිය පාවිච්චි කළ යුතුයි. දරුවන් වන ඔබ ශරීර අවධානයට පත්වන බැවින් ඔබ බොහෝ කරුණු අමතක කරනවා. දැනුම පහසුයි. දින හතකින් ඔබට සියලු දැනුම ග්‍රහණය කරගන්න පුළුවන්. ප්‍රථමයෙන්ම ඔබ අවධානය යොමු කළ යුත්තේ සිහිකිරීම නැමති වන්දනා ගමනටයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මේ අසීමිත නාටකයේ ඔබේ චරිත කොටස රඟපෑමේදී මුළු නාටකයම බැඳීමකින් තොරව නිරීක්ෂණය කරන්න. ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. මේ ලෝකයේ ඔබ දකින කිසිවක් ඔබේ බුද්ධියේ සටහන් නොවිය යුතුයි.

2. ඔබේ යක්ෂ ස්වභාවය දිව්‍යමය ස්වභාවයට පත්කර ගන්න. එකිනෙකා අතර උපකාර කරන්න. කිසිවකු අපහසුතාවයට පත් නොකරන්න.

වරදානය:
සියලු බල තමා තුළ ඉස්මතු වී ඇත යන්න අත්විඳ ඔබ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

ලෞකික මිනිසුන්ට යම් තරමක බලයක් ඔවුන්ගේ ධනය, ඔවුන්ගේ බුද්ධිය, ඔවුන්ගේ නෑ සබඳතා සහ සබැදියාවන් යන ඕනෑම ස්වරූපයකින් තිබේ. එමනිසා, එය මහ දෙයක් නොවේය යන්න ඔවුන්ගේ විශ්වාසයයි. එම බලයේ පදනම මත ඔවුන් සාර්ථකත්වය ලබයි. ඔබට සියලු බලයන් තිබේ : ඔබත් සමග නිරන්තරව අවිනාශී ධනයේ බලය තිබේ, ඔබේ බුද්ධියේ බලය ඔබට තිබේ, සහ ඔබේ පදවියේ බලය ද ඔබට තිබේ; ඔබ තුළ සියලු බල ඇත. ඒවා ඔබ තුළ මතු වී ඇති බව සරළව අත්විඳින්න. එවිට ඔබ නිවැරදි ක්‍රමය භාවිත කිරීමෙන් එම අවස්ථාවේ සාර්ථකත්වය අත්කර ගන්නා අතර එමඟින් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වනු ඇත.

පාඨය:
සෑම විටම ඔබේ මනස පරමාත්ම දෙවියන්ගේ වස්තුවක් ලෙස සලකා එය උසස් කාර්යයන් සඳහා භාවිත කරන්න.