28.11.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, එකම එක පියාට පමණක් සවන් දෙන්න සහ පසුව ඔහු කියන ලද දේවල් අන්‍යයන්ට
පවසන්න.
ප්රශ්නය:
බාබා ඔබට
තේරුම් කර දෙන ඔබ විසින් අන් අයට පැහැදිලි කර දිය යුතු කරුණ කුමක්ද?
පිළිතුර:
ඔබ සියලු දෙනාම සහෝදරයින් බව බාබා තේරුම් කර දුන්නා. එකම එක පියා පිළිබඳ සිහියේ
සිටිය යුතුයි. මේ කරුණ සියලුම දෙනාට පැවසිය යුතුයි. මන්ද, ඔබ ලෝකවාසී සියලු
සහෝදරයින්ට යහපත උදාකරලිය යුතුයි. මේ සේවය සඳහා සිටින උපකාරකයින් වන්නේ ඔබයි.
ඕම් ශාන්ති.
’ඕම් ශාන්ති‘
කියන්නේ ඇයි? මින් ඔබේ හැඳින්වීම දෙනවා. ජීවාත්මයන්ට තමන්ගේම හැඳින්වීම ලබාදිය
හැකියි. ජීවාත්මයන් තමයි ශරීර මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගන්නේ. ජීවාත්මයකින් තොරව
ශරීරයකට කිසිවක් කරන්න බැහැ. එමනිසා, ජීවාත්මයන් තමන්වම හඳුන්වා දෙනවා : මම
ජීවාත්මයක්. මම උත්තරීතර පියාගේ, උත්තරීතර ජීවාත්මයේ දරුවෙක්. අනෙක් මිනිස්සු
උත්තරීතර ජීවාත්මය යැයි කියන්නේ ජීවාත්මයට. දරුවනි, මේ හැම දෙයක්ම දැන් පහදා දිය
යුතුයි. බාබාට ’දරුව, දරුව‘ යැයි කිව හැකියි, ඇයි බැරිද? අධ්‍යාත්මික පියා කියනවා :
මාගේ ආධ්‍යාත්මික දරුවනි! භෞතික ඉන්ද්‍රියන්ගෙන් ඔබ තේරුම් ගන්නවා. බාබා පැහැදිලි
කරනවා : පළමුව දැනුම, පසුව භක්තිය. පළමුව භක්තියත් පසුව දැනුමත් තියෙන්න බැහැ.
පළමුව දැනුම නැමති දවස උදා වී, පසුව භක්තිය නැමති රැය ඇති වෙනවා. ඉතින්, නැවතත් දවස
උදාවෙන්නේ කවදාද? භක්තියට නිරාශාවක් ඇති වීමත් සමඟයි. ගියාන් සහ විග්යාන් තිබෙන බව
බුද්ධියෙහි සනිටුහන් කර ගන්න. ඔබ දැන් මේ දැනුම ඉගෙන ගන්නවා. පසුව මේ දැනුමේ
ප්රතිලාභ ස්වර්ණමය සහ රිදී යුගයන්හී ලබනවා. මේ කාලයේදී බාබා මේ දැනුම දෙනවා පසුව
ස්වර්ණමය යුගයෙහිදී එය ඉගෙනීමෙන් ලබන ප්රතිලාභ ලබා ගන්නවා. මෙය අවබෝධ කරගත
යුත්තක්. බාබා දැන් ඔබට දැනුම දෙනවා. ඔබ දන්නවා ගියාන් (දැනුම) මඟින් විග්යාන්
(මුක්තිය)ශබ්දය අභිබවා යාම, නිහඬ දේශයට යා හැකියි. එය ගියාන් කියන්නේත් නැහැ භක්ති
කියන්නේත් නැහැ. ඊට කියන්නේ විග්යාන් කියලා. ඔබ ගියාන් වලින් ඔබ්බට, නිහැඬියාවේ
දේශයට යනවා. මේ සියලු දැනුමම ඔබේ බුද්ධියෙහි රැඳිය යුතුයි. බාබා ඔබට මේ දැනුම
දෙන්නේ කුමන ප්‍රදේශයක් අරභයාද? ඔහු අනාගත නව ලෝකය උදෙසා එය ඔබට ලබා දෙනවා. නව
ලෝකයට යාමට පෙර ප්‍රථමයෙන්ම ඔබ යන්නේ නිවහන වෙතටයි. ජීවාත්මයන් වන ඔබ වාසය කරන
මුක්ති දේශයට ඔබ යා යුතුයි. ඔබ අනිවාර්යෙන්ම ඒ වෙත යා යුතුයි. මෙවන් අළුත් කරුණු
අහන්නේ ඔබ පමණයි. කිසිවෙකුට මේවා අවබෝධ කරගන්න බැහැ. ජීවාත්මයන් වන ඔබ අවබෝධ කර
ගන්නවා තමන් ආධ්‍යාත්මික පියාගේ ආධ්‍යාත්මික දරුවන් වන බව. ආධ්‍යාත්මික දරුවන්ට
අනිවාර්යෙන්ම ආධ්‍යාත්මික පියෙක් අවශ්‍ය වෙනවා. ආධ්‍යාත්මික පියාත් ආධ්‍යාත්මික
දරුවනුත් සිටිනවා. ආධ්‍යාත්මික දරුවන් වන ඔබට සිටින්නේ එකම එක ආධ්‍යාත්මික පියායි.
ඔහු පැමිණ දැනුම ලබා දෙනවා. බාබා පැමිණියේ කෙසේදැයි ඔබට කිව්වා. බාබා කියනවා : මා ද
ශරීරයක් ලබාගත යුතුයි. ඔබ දැන් පියා හට පමණක් සවන් දිය යුතුයි. වෙන කිසිවකුට නොව
පියාට සවන් දෙන්න. දරුවෝ පියාට සවන් දී පසුව ඔහු කියන ලද දේවල් සහෝදරයින්ට කියා
දෙනවා. මොනවහරි අනිවාර්යෙන්ම ඔබ ප්‍රකාශ කළ යුතුයි. තමන් ජීවාත්මයක් ලෙස අවධාරණය කර
ගන්න සහ පියා සිහිපත් කරන්න මන්ද, ඔහු තමයි පාරිශුද්ධත්වයට පත්කරන්නා. බුද්ධිය ඒ
වෙත ගමන් කරනවා. දරුවනි, මේ දැනුම ඔබට පැහැදිලි කර දෙන විට එය අවබෝධ කරගන්න
පුළුවන්. ඉස්සර ඔබ කිසිවක්ම අවබෝධ කරගෙන සිටියේ නැහැ. භක්ති මාර්ගයේ ඔබට කිසිම
අවබෝධයක් නොමැති නිසා, රාවණ්ගේ නියෙන් ඔබව දැඩි සේ අල්ලා ගත් විට ඔබට සිදු වූ දේ
බලන්න! ඔබ ඉතාමත් අපිරිසිඳු වුණා! ඇල්කොහොල් බිව්වම ඔබ පත්වන තත්ත්වය කුමක්ද?
ඇල්කොහොල් අති විශාල අපිරිසිඳුතාවයක් පතුරවා හරිනවා. අසීමිත පියාගෙන් ඔබේ උරුමය
දිනාගත යුතු බව දැන් ඔබ දන්නවා. ඔබ එය චක්‍රයෙක් චක්‍රය දිනා ගන්නවා. එමනිසා, ඔබත්
දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කරගත යුතුයි. ක්‍රිෂ්ණාගේ දිව්‍යමය ගුණධර්ම බොහෝ සෙයින්
ප්‍රශංසාවට ලක්කෙරෙනවා. පාරාදීසයේ පාලකයා ඉතාමත් සුමිහිරියි. ඔබට කිව නොහැකියි එය
ක්‍රිෂ්ණාගේ වංශය කියලා; වංශය හඳුන්වන්නේ විශ්ණුගේ ලෙසයි එනම්, ලක්ෂ්මී සහ
නාරායනගෙයි. දරුවනි, ඔබ දැන් දන්නවා බාබාට පමණයි ස්වර්ණමය යුග රාජ්‍යය ගොඩනැංවිය
හැක්කේ කියලා. මේ පින්තූර නොතිබුණත් ඔබට තවමත් පැහැදිලි කර දිය හැකියි. කෝවිල්
බොහොමයක් ගොඩනැංවෙනවා. දැනුම තිබෙන අය නිරන්තරයෙන්ම අන්‍යයන්ට යහපත සැළසීමට සහ
ඔවුන් තමා හා සම තත්ත්වයට ගෙන ඒම උදෙසා දිව යනවා. තමන්වම පරීකත්ෂා කර අහන්න: මා කී
දෙනෙකුට මේ දැනුම දී තිබෙනවාද? සමහරුන්ට ඉතා ඉක්මනින්ම දැනුම නමැති හීය වදිනවා.
බිශම්පිතාමායි කියනවා: කුමාරීන්ගේ හීයට මා හසුවුණා. මේ සියල්ලන්ම කුමාරවරුන් සහ
කුමාරියන් එනම්, ඔවුන් දරුවෝ. සියලුම දෙනා දරුවෝ. එමනිසා, ඔබ කියනවා: අප සහෝදර
සහෝදරියන් බ්‍රහ්මාගේ දරුවන්. මෙය පිරිසිඳු සබඳතාවක්. ඔබ හදාගත් දරුවෝ. බාබා ඔබව
හදාගත්තා. ශිව බාබා ප්‍රජාපිතා බ්රහ්මා මාර්ගයෙන් ඔබව හදා ගත්තා. ඒ වන තෙක් ඔබට
’හදාගන්නා‘ යන වචනය භාවිත කළ නොහැකියි. මොනව වුවත් ඔබ ශිව බාබාගේ දරුවෝ. හැම දෙනාම
මට කතා කරනවා: ශිව බාබා, ශිව බාබා, එන්න! කියලා. කෙසේවෙතත්, ඔවුන්ට අවබෝධයක් නැහැ.
සියලුම ජීවාත්මයන් ශරීරයක් ලබාගෙන තම චරිත කොටස රඟ දැක්විය යුතුයි. ඉතින්, ශිව
බාබාත් තම කොටස ශරීරයක් මාර්ගයෙන් අනිවාර්යෙන්ම රඟ පෑ යුතුයි. ශිව බාබා කොටසක්
රඟපෑවේ නැත්නම්, ඔහුගෙන් ඇති වැඩක් නැහැ, ඔහුගේ වටිනාකමක් නැහැ. මුළු ලෝකයටම ගැළවීම
ලබා දීමේ හැකියාව තුළයි ඔහුගේ වටිනාකම රැඳී පවතින්නේ. මේ නිසයි භක්ති මාර්ගයේ ඔහු
වෙනුවෙන් ප්රශස්ති ගී ගායනා කරන්නේ. ගැළවීම ලබාගත් විට, පියාව සිහිකරන්න අවශ්‍ය
වෙන්නේ නැහැ. ඔවුන් කතා කරන්නේ දේව පියා ගැන පමණයි මන්ද, ගුරුවරයා අතුරුදන්. ඔවුන්
කියන්නන්වාලේ කියනවා, උත්තරීතර පියා සියලු දෙනාවම පාරිශුද්ධත්වයට පත්කරන්නායි
කියලා. ඔහු ගැළවීම ලබාදෙන්නා කියාවත් ඔවුන් කියන්නේ නැහැ. සැමටම ගැළවීම පිරිනමන්නා
එකම එක්කෙනා බව ඔවුන් කිව්වත් එය කියන්නේ අර්ථ විරහිතවයි. දැන් ඔබ කියන හැම දෙයක්ම
අර්ථවත්. භක්තිය රැයයි. එය දවස හෙවත් දැනුමෙන් බොහෝ සෙයින් දුරස්ථයි. දවසට
වේලාවකුත් රැයට වේලාවකුත් තියෙනවා. මේවා අසීමිත කරුණු. දරුවනි, ඔබ ලබන දැනුම
අසීමිතයි. කල්ප භාගයක් දවසත් අනෙක් භාගය රැයත් වනවා. බාබා කියනවා : මා රැය දවාල බවට
පරිවර්ථනය කිරීමට පැමිණියා. ඔබ දන්නවා ඒ රාවණ් රාජ්‍යයේ තමයි කල්ප භාගයක් විවිධාකාර
දුක් තිබෙන්නේ. පසුව බාබා පැමිණ සතුට පමණක් තිබෙන නව ලෝකය නිර්මාණය කරනවා. එය
සතුටත් දුකත් අතර ක්‍රීඩාවක්. සතුට කියන්නේ රාමා සහ දුක කියන්නේ රාවණ්. ඔබ රාවණ්
ජයගත් විට රාම රාජ්‍යය ඇරඹෙනවා. පසුව කල්ප භාගයක් ගත වී රාවණ් පැමිණ ඔබේ රාජ්‍යය
අල්ලාගෙන පාලනය කරනවා. ඔබ දැන් මායා ජයගන්නවා. ඔබ කතා කරන සෑම වචනයකම අර්ථයක්
තියෙනවා. මේ ඔබේ දේව භාෂාව. දෙවියන් කතාකරන්නේ කොහොමද කියලා කවුරුවත් තේරුම් ගන්නේ
කොහොමද? මේ පරමාත්ම දෙවියන්ගේ, පියාගේ භාෂාව බව ඔබ දන්නවා. මන්ද, ඔහු දැනුමෙන්
පරිපූර්ණ කෙනායි. ඔහු ඥාන සාගරයයි, දැනුමෙන් පිරුණු කෙනායි. ඉතින්, ඔහු
අනිවාර්යෙන්ම මේ දැනුම යම් කෙනෙකුට ලබාදිය යුතුයි. බාබා දැනුම දෙන්නේ කොහොමද කියලා
දැන් ඔබට වැටහෙනවා. ඔහු ඔහුගේම හැඳින්වීම හා ලෝක චක්‍රය පිළිබඳ දැනුමත් ලබා දෙනවා.
පසුව, මේ දැනුම ලබා ගැනීමෙන් අපි ලෝකයේ පාලකයෝ බවට පත්වෙනවා. මෙය ස්වදර්ශන චක්‍රය
කරකැවීමයි. මෙය කරකැවීමෙන් අපේ පාපයන් කැපී යනු ඇත. මේ සිහිකිරීම නමැති, පාපයන්ගෙන්
තොර චක්රයයි. අනෙක් චක්‍රය පාපකාරීයි එය කාගේ හරි හිස ගසා දැමීමට යොදාගන්නක්. ඝණ
අන්ධකාරයේ සිටින අය නිතරම එකිනෙකාගේ හිස් ගසා දමනවා. ස්වදර්ශන චක්‍රය දැනගැනීමෙන්,
ඔබ රාජ්‍යය උරුම කර ගන්නවා. මුල සිටන් මැදත් අවසානය දක්වාත් දුක අත්දකින දරුණුතම
සතුරා රාගයයි. එය දුක නමැති චක්රයයි. බාබා චක්‍රයේ දැනුම පැහැදිලි කර දෙනවා. ඔහු
ඔබව ස්වදර්ශන චක්‍රය කරකවන අය බවට පත්කරවනවා. ඔවුන් ආගමික ග්රන්ථ වල බොහෝ කතාන්දර
හදල තියෙනවා. ඒ සේරම දැන් ඔබ අමතක කළ යුතුයි. සරළ ලෙස ඔබ එකම එක පියා සිහිකළ
යුතුයි. මන්ද, පියාගෙන් පමණයි ඔබට උරුමය දිනාගත හැකිවනුයේ. ඔබ පියා සිහිකර ඔහුගෙන්
උරුමය දිනාගත යුතුයි. එය ඉතා පහසුයි! අසීමිත පියා නව ලෝකය ගොඩනංවනවා. ඉතින්, ඔබේ
උරුමය ඔහුගෙන් දිනාගැනීම පිණිස ඔහුව සිහිකළ යුතුයි. මෙය තමයි ’මන්මනාභව්‘ සහ
’මධ්‍යජීභව්‘ යන්නෙහි අර්ථය. දරුවනි, පියා සහ උරුමය සිහිකිරීමෙන් සතුට නම් වූ රසදිය
කඳ ඉහළ නඟිනවා. අපි අසීමිත පියාගේ දරුවෝ. බාබා දිව්‍යලෝකය නිර්මාණය කරනවා. අප
දිව්‍යලෝකයේ පාලකයෝ වූවා අපි නැවතත් අනිවාර්යෙන්ම ඒ තත්ත්වයට පත්වෙනවා. අපිම තමයි
පසුව අපායේ වැසියන් බවට පත් වුණෙත්. අප සතෝප්‍රධාන්ව සිට දැන් තමෝප්‍රධාන් වෙලා.
අපි තමයි භක්ති මාර්ගයට පැමිණියේ. අප මුළු ලෝක චක්‍රය වටාම ගියා. භාරතීය ජනතාව වන
අප පළමුව සූර්ය වංශයටත් පසුව චන්ද්‍ර වංශය, වෙළඳ වංශය යනාදී වශයෙන් පහළට එනවා.
භාරතීය ජනතාව වන අප දේවතාවන්ව සිට පසුව පිරිහීමට පත්වුණා. දැන් ඔබ සියල්ලක්ම
දන්නවා. පාප මාර්ගයට ගිය විට ඔබ ඉතා අපවිත්‍ර වෙනවා! ඔවුන් කෝවිල් වල එවන් අපවිත්‍ර
ප්‍රතිමා නිර්මාණය කරනවා. ඉස්සර, ඔවුන් මෙවන් ප්රතිරූපයන්ගෙන් ඔරලෝසු පවා
නිපදවූවා. ඔබට දැන් තේරෙනවා ඉස්සර ඉතාමත් ලස්සනට සිටි ඔබ පසුව නැවත උපත් ලබන විට,
ඉතාමත් අපවිත්‍ර තත්ත්වයකට පත්වූවා! ඔබ ස්වර්ණමය යුගයේ පාලකයින්ව සිටි කළ, දිව්‍යමය
ගුණධර්මයන් සහිත මනුෂ්‍යන් ලෙසයි සිටියේ. දැන් ඔබට යක්ෂ ගති තියෙනවා නමුත්, ඒ හැර
කිසිම භෞතික වෙනසක් නැහැ. මනුෂ්‍යයින්ට වළිගයක් හෝ හොඬවැලක් නැහැ. මේ වගේ සංකේත
අදාල වන්නේ දේවතාවන්ට. දිව්‍යලෝකය අතුරුදන් වී ඒ සංකේත ඉතිරි වුණා. චන්ද්‍ර වංශය
වෙනුවෙන්ද සංකේත තිබෙනවා. මායා ජයගැනීම උදෙසා ඔබ දැන් යුද්ධ කරනවා. යුද්ධයේදී පරාජය
වීම සංකේතවත් කෙරෙන්නේ දුන්නෙන් සහ ඊතලයෙන්. භාරතීය ජනතාව අයත්වන්නේ දේව වංශයටයි.
එහෙම නැත්නම් ඔවුන් ගණන් ගැනෙන්නේ මොන වංශයටද? කෙසේවෙතත්, භාරතයේ මිනිස්සු තම වංශය
ගැන නොදන්නා නිසා, ඔවුන් තමන්ට හින්දුවරුන් යැයි කියාගන්නවා. එහෙම නොවුනනම්,
ඔයගොල්ලො හැම කෙනෙක්ම එකම වංශයට අයත් වෙනවා. භාරතයේ හැම කෙනෙක්ම අසීමිත පියා විසින්
නිර්මාණය කරන දේවතා වංශයට අයත් වෙනවා. භාරතයට තිබෙන්නේ එකම එක ග්‍රන්ථයයි. දේවතා
වංශය නිර්මාණය වෙනවා පසුව අනෙක් ශාඛාවන් මතු වෙනවා. බාබා දේවතා ආගම ගොඩනංවනවා.
ප්‍රධාන ආගම් හතරක් තියෙනවා ඒවායෙහි පදනම දේවතා ධර්මයයි. ජීවාත්මයන් වන ඔබ සියලු
දෙනා මුක්ති දේශයේ වැසියෝ. පසුව ඔබ දේවතා ශාඛාව (කඳ) තුළට යනවා. භාරතයට පමණයි එකම
මායිම (පදනම) තියෙන්නේ, වෙන කිසිම ආගමකට මෙය ඇත්තේ නැහැ. මූලික වශයෙන් ඔබ අයත්
වනුයේ දේවතා ධර්මයටයි. පසුව නාටක සැළැස්මට අනුව අනෙක් ආගම් එමඟින් බිහි වෙනවා.
භාරතයේ මූලික ආගම වන දේවතා ධර්මය පියාගෙන් නිර්මාණය වන්නක්. පසුව අළුත් කොළ හට
ගන්නවා. මේ මුළු ගසම පරමාත්ම දෙවියන්ගේ වෘක්ෂයයි. බාබා කියනවා : මම තමයි මේ වෘක්ෂයේ
බීජය. මේ තමයි එහි පදනම එයින් තමයි අතු රිකිළි හටගන්නේ. ප්‍රධානම දෙය නම් අප සියලුම
දෙනා සහෝදරයින් වීමයි. සියලුම ජීවාත්මයන්ගේ පියා සෑම කෙනෙකුම සිහිකරන කෙනායි. බාබා
කියනවා : භෞතික දෑසින් දකින්නා වූ සියල්ලක්ම අමතක කර දැමිය යුතුයි. මේ නිරාශාව
අසීමිතයි එහෙත්, අනෙක් අයගේ නිරාශාව සීමිතයි. අනෙක් අයට නිරාශාවක් ඇතිවන්නේ තම
නිවෙස් වලට පමණයි. එහෙත් ඔබට මුළු ලෝකය වෙතම නිරාශාවක් ඇති වෙනවා. ඔබ ඔබේ භක්තිය
අවසන් කළ විට, ඔබට පැරණි ලෝකය පිළිබඳ නිරාශාවක් ඇති වෙනවා. පසුව අප නිහඬ දේශය හරහා
නව ලෝකයට යනවා. පියා කියනවා : මේ පැරණි ලෝකය විනාශ වීමට යනවා. මේ පැරණි ලෝකයට ඔබ
නොබැඳිය යුතුයි. සුදුසු තත්ත්වයට පත්වන තෙක් ඔබට මෙහාට වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඔබ
ඔබේ සියලු ගිණුම් පියවා දැමිය යුතුයි. කල්ප භාගයක් උදෙසා ඔබ සතුට එක්රැස් කර
ගන්නවා. එය නිහඬ දේශයයි සහ අනෙක සතුටු දේශයයි. පළමුව සතුටත් දෙවනුව දුකත් ඇති
වෙනවා. බාබා පැහැදිලි කරනවා, සෑම ජීවාත්මයක්ම නිවහනෙහි සිට පහළට පැමිණෙන බව.
උදාහරණයක් ලෙස, ජේසු තුමාගේ ජීවාත්මය මුලින්ම පැමිණෙන විට, එය කිසිම දුකක්
අත්දකින්නේ නැහැ. මේ ක්‍රීඩාව පළමුව සතුටත් පසුව දුකත් පිළිබඳවයි. අළුතෙන් පැමිණෙන
අය සතෝප්‍රධාන්. ඔබේ සතුටේ අත්දැකීම ඔවුන්ට වඩා උසස් වන්නා සේම තමයි ඔබේ දුකෙහි
අත්දැකීමත් සිදුවන්නේ. මේ සේරම අවබෝධ කර ගැනීමට ඔබ බුද්ධිය භාවිත කළ යුතුයි. බාබා
මෙහි සිට ජීවාත්මයන් වන ඔබට පැහැදිලි කරනවා. පසුව ඔහු කියන ලද දේවල් ඔබ පැහැදිලි කළ
යුතුයි. බාබා කියනවා : මා මේ ශරීරය යොදා ගත්තා. මොහුගේ උපත් ගණනාවකින් අවසාන උපතේදී
මා මේ ශරීරයට ඇතුළු වුණා එනම්, මා තමෝප්‍රධාන් ශරීරයකට ඇතුළු වුණා. පසුව,
පැමිණීමේදී ඔහු පළමු කෙනා බවට පත්වෙනවා. පළමුවැන්නා අන්තිමයා බවටත් අන්තිමයාම
ප්‍රථමයා බවටත් පත්වෙනවා. මෙයත් ඔබ පැහැදිලි කළ යුතුයි. පළවැනියාට පසුව එන්නේ කවුද?
මමා! ඇයත් ඇගේ චරිත කොටස රඟ පෑ යුතුයි. ඇය බොහෝ දෙනෙකුට ඉගෙනීම ලබා දුන්නා. එවිට,
ඔය දරුවන් අන්‍යයන්ට ඉගැන්වීමේදී අනුපිළිවෙලකින් යුක්තයි. ඉගෙන ගන්නා අයත් එවන් වූ
උත්සාහයක් දැරීමෙන් ඔබට වඩා දක්ෂ වෙනවා. තම ගුරුවරුන්ට වඩා දක්ෂ වන ශිෂ්‍යයෝ විශාල
පිරිසක් මධ්‍යස්ථාන වල ඉන්නවා. හැම කෙනෙක්ම පෞද්ගලිකවම පෙන්වනවා. එක් එක්කෙනෙකුගේ
හැසිරීමෙන් ඔබට සෑම දෙයක්ම තේරුම් ගත හැකියි. මායා ඇතැම් අයව නහයෙන්ම අල්ලාගෙන
ඔවුන්ව සම්පූර්ණයෙන්ම අවසන් කර දමනවා. ඔවුන් පාපයට වැටෙනවා. දියුණුව කරා යන විට, මේ
වගේ දේවල් බොහොමයක් ඔබට අහන්න ලැබෙයි. ඔබ පුදුමයට පත්වේවි. ’මෙයා තමයි අපට දැනුම
දුන්නේ. ඇය අතහැරදාලම යන්න ගියේ ඇයි? ඇය අපට පිරිසිඳු වන්න කියල කිව්වා දැන් ඇයම
ජරාවට පත්වෙනවා.‘ අනිවාර්යෙන්ම ඔබට අවබෝධ කරගත හැකියි බොහෝ අය ජරාවට පත්වෙනවා. බාබා
කියා සිටියා ඉතා හොඳ මහාරාතීන්ට පවා මායා කරදර එල්ල කරනවා. ඔබ මායා කරදරයට පත්කර
ඇගෙන් ජය ලබන්නා සේම, මායාත් ඒ දෙයම කරනවා. බාබා ඔබට කුල්මත් වන තරමේ නම් දුන්නා,
නමුත් අහෝ මායා! ඔවුන් දැනුමෙන් පුදුමයට පත්වෙනවා. ඔවුන් අන්‍යයන්ට එය ප්‍රකාශ කර
පසුව අතහැර දිව යනවා! මායා ඉතා බලවත්. මේ නිසා තමයි දරුවනි, ඔබ වඩාත් සැළකිලිමත්
විය යුත්තේ. මෙය යුධ පිටියක්. ඔබේ මායා සමඟ කරන යුද්ධය ඉතා උසස්! අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙහි ඔබේ
සියලු කර්ම ගිණුම් පියවා කල්ප භාගයකට සතුට උපයා ගන්න. මේ පැරණි ලෝකයට ඔබේ හදවත බඳවා
නොගන්න. භෞතික දෑසින් දැකිය හැකි සියලුම දේවල් අමතක කර දමන්න.
2. මායා ඉතා බලවත්.
එමනිසා, ඇය ගැන වඩාත් සැළකිලිමත් වන්න. ඔබේ ඉගෙනීමෙහි පිම්මක් ගෙන දියුණුවට
පත්වන්න. එකම එක පියාට පමණක් සවන් දී ඔහු කියන දෙය අන්‍යයන්ටත් පවසන්න.
වරදානය:
ඔබ ආලෝකයෙන්
සහ සැහැල්ලුවෙන් යුතු සියල්ලන්ම ආදරය කරන අසීමිත දැක්මක්, අසීමිත ආකල්පයක් සහ
ස්ථිතියකින් යුතු සුරදූතයෙකු වේවා.
සියල්ලන්ම සුරදූතයන්ට
සෙනෙහස දක්වන්නේ මන්ද යත් එක්කෙනෙකු දෙන්නෙකුට පමණක් නොව සුරදූතයන් සියල්ලන්ටම
අයත්වන බැවිනි. සුර දූතයන්ට අසීමිත දැක්මක්, අසීමිත ආකල්පයක් සහ ස්තිථියක් ඇති අතර
ඔවුන් සියලු ජීවාත්මයන්ට පරමාත්ම දෙවියන්ගේ පණිවිඩකරුවන් වේ. සුර දූතයෙකු යනු
ආලෝකයෙන් සහ සැහැල්ලුවෙන් යුතු, සියල්ලන්ටම පරමාත්ම දෙවියන් සමග ඇති සම්බන්ධතාවය
ස්ථාවර කරන, ශරීරයෙන් සහ ශාරීරික සබදතාවලින් වෙන් වූ අයෙකි. තම ක්‍රියාකාරකම් සහ
මුහුණින් තමන්වත් අන් අයවත් පියාට සමාන කරවන එවැනි අය සියල්ලන්ටම යහපත සලසන්නෝ
වෙති; මෙවැනි සුරදූතයන්ට සියල්ලන්ම සෙනෙහස දක්වයි.
පාඨය:
පරමාත්ම
පියාගේ මුහුණ ඔබේ මුහුණින් විද්‍යමාන වන විට පරිපූර්ණත්වය සිදුවේ.