29.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ පව් වලින් ඔබ නිදහස් විය යුත්තේ යෝගා බලයෙනි. ඔබ පාරිශුද්ධත්වයට පත් වී ලෝකය පාරිශුද්ධ කළ යුතුය; ඔබ කළ යුතු සේවය මෙයයි.

ප්‍රශ්නය:
දේවතා ධර්මයේ කුමන විශේෂත්වය වර්ණනා කරත්ද?

පිළිතුර:
දේවතා ධර්මය බොහෝ සතුට ගෙන දේ. එහි දුකක නාමයක් හෝ මාත්‍රයක් වත් නොමැත. ඔබ දරුවන් චක්‍රයේ 3/4ක කාලයක්ම සතුට අත් විඳී. බාගයක් සතුටත් බාගයක් දුකත් තිබුණේ නම් බොහෝ විනෝදයක් නොමැති වේවි.

ඕම් ශාන්ති.
දෙවියන් කථා කරයි: කිසිම මනුෂ්‍යයෙකුට දෙවියන් යැයි කිව නොහැකි බව පරමාත්ම දෙවියන් පහදා දි ඇත. දේවතාවරුන් දෙවියන් යැයි කිව නොහැකිය. දෙවියන් අශාරීරිකය. ඔහුට භෞතික ස්වරුපයක්, සුක්ෂම ස්වරූපයක් හෝ නොමැත. සුක්ෂම දේශයේ සිටින අයට සුක්ෂම ස්වරූප ඇත. එතැනට සුක්ෂම දේශය යැයි ව්‍යවහාර කරන්නේ මේ නිසාය. මෙහි ඔබට භෞතික මනුෂ්‍ය ශරීර ඇත. එයට භෞතික ලොව යැයි කියන්නේ මේ නිසාය. සූක්ෂම ලෝකයේ පංච මහාභූතයන්ගෙන් සෑදුණු ශරීර නොමැත. මෙම මනුෂ්‍ය ශරීර පංච මහාභූතයන්ගෙන් සෑදි ඇත. ඒවාට මැටි රූකඩ යැයි කියති. සූක්ෂම ලෝකයේ සිටින අයට මැටි රූකඩ යැයි කිව නොහැක. දේවතා ධර්මයට අයත් අයද මනුෂ්‍යයන්ය. එහෙත් ඔවුන් දිව්‍යමය ගුණධර්ම වලින් යුතු මනුෂ්‍යයන්ය. ඔවුන්ගේ දිව්‍යමය ගුණධර්ම ඔවුන් ලබා ගත්තේ ශිව බාබා ගෙනි. දිව්‍යමය ගුණධර්ම ඇති මනුෂ්‍යයන් හා යක්ෂ ගති ගුණ ඇති අය අතර විශාල වෙනසක් ඇත. ශිව දේවාලයේ ජීවත් වීමට අගනා වන්නේ මනුෂ්‍යයන්ය. එසේම වෛශ්‍යාලයේ ජීවත් වීමට අගනා වන්නේ ද මනුෂ්‍යයන්මය. ස්වණම යුගයට ශිවාගේ දේවාලය යැයි කියති. ස්වර්ණම යුගය පවතින්නේ මෙහිය. එය අශාරීරික ලොවෙහි හෝ සුක්ෂම දේශයේ නොපවති. ශිව දේවාලය ස්ථාපනය කළේ ශිව බාබා බව ඔබ දරුවන් දන්නවා. ඔහු එය ස්ථාපනය කළේ කවදාද? සංගම යුගයෙහිය. මෙය ඉතාමත් සුබ සංගම යුගයයි. මෙම ලොව දැන් අපවිත්‍ර හා තමෝප්‍රධාන්ය. එයට නව සතෝප්‍රධාන් ලොවයැයි කිව නොහැක. නව ලොව සතෝප්‍රධාන් යැයි කියති. එය පරණ වු විට එය තමෝප්‍රධාන් යැයි කියැවේ. කිසිම මනුෂ්‍යයෙක් මේ ගැන නොදනි. මෙම පස් පව් නොමැති වූයේ නම් ජනයා නොසතුටට පත් නොවනු ඇත හෝ පියාව ද ස්මරණය නොකරනවා ඇත. මම දුක නැති කරන්නා හා සතුට පිරිනමන්නා ද වේ යැයි පරමාත්ම පියා පවසයි. ජනයා රාවණ්ගේ පස් පව් වල පඹයෙක් හිස් 10 කින් යුතුව සාදති. ඔවුන් රාවණ් ඔවුන්ගේ සතුරා ලෙස සලකා ඔහුව පුළුස්සති. තඹ යුගය ආරම්භයේ ඔවුන් පඹයා පිළිස්සීම නොකළේය. ඔවුන් තමෝප්‍රධාන් වූ විට ඔවුන් මෙම නව අදහස් ගෙනාවේය. යම් කෙනෙකු බොහෝ දුක් දුන් විට ඔහුගේ පඹයෙකු සාදයි. මෙහිදිද ජනයා බොහෝ දුක් දුන් විට රාවණ්ගේ පඹයෙකු සාදා එය පුළුස්සති. ඔබ දරුවන් චක්‍රයේ තුන් කොටසක්ම සතුට අත් විඳිති. එය භාගයක් පමණක් නම් කුමන සතුටක් වේද? ඔවුන්ගේ දේවතා ධර්මය ඔබට බොහෝ සතුට දෙති. ලෝක නාටකය අමරණිය සහ දෛවෝපගතයි. ලොව නිර්මාණය කළේ මන්ද? හෝ එය අවසන් වන්නේ කවදාද? යැයි කිසිවකුට ඇසිය නොහැක. චක්‍රය නොකඩවා භ්‍රමණය වේ. චක්‍රයේ කාලය වසර සිය දහස් ගණනක් යැයි ග්‍රන්ථ වල කියයි. ලොව වෙනස් විය යුතු විට සංගම යුගය තිබිය යුතුය. කිසිවකු මෙය තේරුම් නොගන්නා බව ඔබලාට දැන් හැඟේ. රාධේ සහ ක්‍රිෂ්ණා ඔවුන්ගේ ළමා කාලයේ නම් බවත් ඉන් පසු ඔවුන් විවාහ වන බවත් ඔවුන්ට නොතේරී ඇත. ඔවුන් දෙදෙනා වෙනත් රාජධානියකට අයිති විය. ඉන් පසු ඔවුන් විවාහ වු විට ඔවුන් ලක්ෂ්මි හා නාරායන විය. පියා මේ සියලු දේවල් පහදා දෙයි. පරමාත්ම පියා දැනුමෙන් පිරි කෙනාය. ඔහු සියලු දෙනාගේම හදවත්හි ඇති රහස් දන්නෙකු නොවේ. පියා දැන් පැමිණ දැනුම දෙන බව ඔබ දරුවන්ට වැටහේ. දැනුම ලබන්නේ පාඨශාලාවකය. පාඨශාලාවක ඉලක්කයක් හා අරමුණක් නිසැකවම ඇත. ඔබලා දැන් උගනී. මෙම අපවිත්‍ර ලොව ඔබ පාලනය නොකරයි. ඔබ ලස්සන ලොව පාලනය කරයි. ස්වර්ණම යුගයේ කිසිවකු රාජයෝගා උගන්වන්නේ නැත. පියා රාජයෝගා උගන්වන්නේ සංගම යුගයේ පමණි. මෙය අසීමිත කරුණකි. පියා කවදා පැමිණේදැයි කිසිවකු නොදනි. සියලු දෙනාම ඝන අඳුරේය. ජපානයේ ජනයා ඔවුන් සුර්ය වංශයේ යැයි කියා ගනිති. ඇත්තෙන්ම සුර්ය වංශයට අයත් වන්නේ දේවතාවන් පමණි. සුර්ය වංශයේ රාජධානිය ස්වර්ණම යුගයයි. දැනුමේ සුර්යයා පායන විට භක්ති මාර්ගයේ අඳුර දුරු වේ යැයි කියති. නව ලොව පරණ වේ. පරණ ලොව අලුත් වේ. මෙම ලොව විශාල අසීමිත ගෙදරකි. එය විශාල රංග පීඨයකි; සුර්යයා, චන්ද්‍රයා සහ තරු බොහෝ වැඩ කරයි. රාත්‍රියේ ද බොහෝ වැඩ කරනු ලබයි. සමහර රජවරු දහවලට නින්දට ගොස් රාත්‍රියේදී රැස්වීම් පවත්වයි. ඔවුන් රාත්‍රියේදී බඩු ගැනිමට යති. දැන් වුවද සමහර තැන්වල මෙය මෙසේමය. මෝල් ආදියේද රාත්‍රියේ වැඩ කරති. මේ සීමිත දහවල හා රාත්‍රියයි. අනෙක අසීමිත කරුණකි. මේ දේවල් ඔබගේ බුද්ධියේ හැර වෙන කිසිවකුගේ නැත. ඔවුන් ශිව බාබා පවා නොදනි. පියා සෑම කරුණක්ම නොකඩවා විස්තර කරයි. බ්‍රහ්මාටද ඔහු මනුෂ්‍යයන්ගේ පියා බව විස්තර කර ඇත. පියා ලොව නිර්මාණය කිරීමට පැමිණි කල ඔහු නිසැකවම යම් කෙනෙකුට ඇතුළු විය යුතුය. ස්වර්ණම යුගයේ පාරිශුද්ධ මනුෂ්‍යයන් වීය. යකඩ යුගයේ සියලු දෙනාම පාපය තුළින් උපත් ලබති. ඔවුන්ට අපවිත්‍ර යැයි කියන්නේ මේ නිසාය. පාපයන් නොමැති ලොව කෙසේ පැවතීදැයි ජනයා අසති. කෙසේවෙතත්, දේවතාවරුන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර බව පවසයි. ඉතා පිරිසිඳු හා පාරිශුද්ධ ඔබලා ඔවුනට දේවාල තනයි. එම බ්‍රහ්මණයන් හැර වෙන කිසිවකුට ඇතුල්වීමට අවසර නොදේ. ඇත්තෙන්ම කිසිම නපුරු කෙනෙකුට එම දේව පිළිමවලට අත තැබීමටවත් ඉඩ නොදෙයි. කෙසේවෙතත්, මෙම කාලයේදි ඔබට මුදල් තිබේ නම් ඕනෑම දෙයක් කළ හැක. ජනයාට ඔවුන්ගේ ගෙදර දේවාලයක් ඇති විට ඔවුන් බ්‍රහ්මණ පුජකවරයකුට එන්නට ආරාධනා කරති. දැන් එම බ්‍රහ්මණ පුජකවරයන්ද නපුරුයි. ඔවුනට නිකම්ම බ්‍රහ්මණයන් යැයි කියති. මෙම ලොව නපුරුයි. එමනිසා, වැඳීම් කරවන්නේද නපුරු අයයි. නපුරු නැති අය එන්නේ කොතැනින්ද? නපුරු නැති අය සිටින්නේ ස්වර්ණම යුගයේ පමණයි. නපුරු කම් නොකරන අයට නපුරු නැති අය යැයි නොකියයි; මන්ද, ඔවුන්ගේ ශරීර නිර්මාණය වී ඇත්තේ පාපයෙනි. පියා විස්තර කර දී ඇති ප්‍රධාන කරුණ නම් මෙම මුළු ලොවම රාවණ්ගේ රාජධානිය බවයි. සම්පුර්ණ නපුරු නැති අය සිටියේ රාමාගේ රාජ්‍යයේය. එසේ නපුරු අය ජීවත් වුයේ රාවණ්ගේ රාජ්‍යයේයි. ස්වර්ණම යුගයේ පාරිශුද්ධත්වයත් සමග සාමය සහ සෞභාග්‍යය තිබුණි. ස්වර්ණම යුගයේ ලක්ෂ්මි සහ නාරායන රාජධානි තිබුණු බව ඔබට පෙන්විය හැක. පස් පව් එහිදි නොමැත. පියා ස්ථාපනය කරනු ලබන පාරිශුද්ධ රාජධානිය එයයි. පරමාත්ම දෙවියන්ට අපවිත්‍ර රාජධානියක් ස්ථාපනය කළ නොහැක. ස්වර්ණම යුගයේදී ජනයා අපවිත්‍ර වුයේ නම් ඔවුන් දෙවියන්ට අඬගසනවා ඇත. එහි කිසිම අඬගසා පැවසීමක් සිදු නොකරයි. සතුටින් සිටින අය දෙවියන් සිහි නොකරයි. ජනයා දෙවියන්ට තුති ගීත ගයා ඔහු සතුටේ සාගරය බවත් පාරිශුද්ධත්වයේ සාගරය බවත් කියති. ලොව සාමය තිබිය යුතු යැයි ද ඔවුන් කියති. එහෙත් දැන් මුඑ ලොවටම මනුෂ්‍යයින් සාමය ගෙනෙන්නේ කෙසේද? සාම රාජධානිය ඇත්තේ දෙව් ලොවෙහිය. ජනයා එකිනෙකා සමග සටන් කරන විට ඔවුන් අතර සාමය ඇති කිරීමට යම් කෙනෙකු වුවමනා වේ. එහි ඇත්තේ එකම රාජධානියකි. මෙම පැරණි ලොව විනාශ වේයැයි පරමාත්ම පියා පවසයි. මෙම මහා භාරත යුද්ධයේදි සියලු දෙනාම විනාශ වේ. ’විනාශ වන විට බුද්ධියේ සෙනෙහස නොමැති අය‘ යන වචන ලියා ඇත. ඔබලා සත්‍ය පාණ්ඩවයින්ය, ඔබලා ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන්ය. ඔබ සියලු දෙනා මුක්ති දේශයට මඟ පෙන්වති. එය ජීව සත්තාවන්ගේ ගෙදරය. ශාන්ත දනව්වයි. එහෙත් මෙය දුක් දේශයයි. මෙම දුක් දේශය දකිමින් එය අමතක කළ යුතු යැයි පියා පවසයි. අපි දැන් සාම දේශයට ආපසු යා යුතුය. මෙය කියන්නේ ජීවාත්මයයි. මෙය වටහා ගන්නේද ජීවාත්මයයි. ‘මම ජීවාත්මයක්මි‘ යන අවධානය ජීවාත්මයට ඇත. ‘නිකම්ම කෙනෙකුට මාව මා ලෙස හෝ මා සිටිනා ස්වරූපය වටහා ගැනීමට නොහැකිය’ යැයි පියා පවසයි. මම තිතක් පමණක් බව මම ඔබලාට තේරුම් කර දී ඇත. ඔබ 84 ක උපත් චක්‍රයේ වටා නැවත නැවත ගිය සැටි ඔබ මතක් කළ යුතුයි. මෙසේ කිරීම තුළින් ඔබට පියාවද, ගෙදරද, චක්‍රයද මතක් වෙනවා ඇත. මෙම ලොව ඉතිහාසය හා භූගෝලය දන්නේ ඔබ පමණයි. බොහෝ දේශයන් ඇත. බොහෝ යුද්ධ ඇත. ස්වර්ණම යුගයේදි යුද්ධ ආදිය ගැන ප්‍රශ්නයක් නොමැත. රාමාගේ රාජධානිය හා රාවණ්ගේ රාජධානිය අතර ඇති වෙනස දෙස බලන්න. ‘පරමාත්ම දෙවියන් රාජධානියක් ස්ථාපනය කිරීමට පැමිණි නිසා ඔබලා දැන් දෙවියන්ගේ රාජධානියේ සිටින ලෙස වේ’ යැයි පියා දැන් පවසයි. පරමාත්ම දෙවියන් එම රාජධානිය පාලනය නොකරයි. ඔහු ඔහුටම රාජධානිය අයත් නොකරයි. ඔහු පරාර්ථකාමි සේවය කරයි. පරමාත්ම දෙවියන් සියලුම ජීවාත්මයන්ගේ උසස්ම උසස් පියාය. බාබා යැයි කීමෙන් ඔබගේ සතුටේ අංශක ඉහළ යා යුතුය. ඔබගේ අවසාන තත්ත්වයේ අතීන්ද්‍රිය සතුට මතක් කරයි. ඔබගේ විභාගයේ දිනය ළඟා වන විට ඔබට සියලු දේවලම දර්ශන පෙනේ. ඔබ දරුවන් ගේ අතීන්ද්‍රිය සතුට අනුපිළිවලට වේ. සමහරු බොහෝ සතුටින් පියාව ස්මරණය කරති. “ඕ බාබා, ඔබ අපව බොහෝ වෙනස් කර ඇත! අපි ඔබගෙන් බොහෝ සතුට ලදිමු.” මෙම හැඟිම බඔ දරුවන් තුළ දවස පුරාම තිබිය යුතුය. පියා සිහි කරමින් ඔබට සෙනෙහසේ කඳුළු වැගිරෙයි. ඔබ පැමිණ අපව දුකින් මුදවා ගැනීම විශ්මයකි. ඔබ අපව විෂ සයුරින් ගලවා කිරි සයුරට ගෙන යයි. මුළු දවස පුරාම ඔබට මෙම හැඟිම් තිබිය යුතුය. පියා ඔබ මතක් කළ විට ඔබට බොහෝ සතුට ඇති වේ. ශිව බාබා අපට රාජයෝගා උගන්වයි. ශිව රාත්‍රි උත්සවය සමරයි. එහෙත් ජනයා ශිව බාබාගේ නම වෙනුවට ගීතාවේ ශ්‍රී ක්‍රිෂ්ණාගේ නම යොදාගෙන ඇත. ඔවුන් කර ඇති විශාලම වැරැද්ද මෙයයි. නාට්‍යය මෙසේ නිර්මාණය වී ඇත. පියා පැමිණ මෙම වැරැද්ද හරි ගස්වා පාරිශුද්ධකරුවා ඔහු මිස ක්‍රිෂ්ණා නොවන බව පවසයි. “මම ඔබට රාජයෝගා උගන්වා ඔබව සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් දේවතාවරුන් බවට පත් කරවමි.” උපතක් නොලබනා කෙනා අමරණීය ස්වරූපය යැයි මාගේ ප්‍රශංසාව ඇත. ඔබට මෙම ප්‍රශංසාව ක්‍රිෂ්ණාට ගායනා කළ නොහැක. ඔහු උපතක් ලබයි. මේ සියලුම කරුණු බුද්ධියේ තබා ගන්නා දරුවන් අනුපිළිවෙලක් ඇත. දැනුම සමගම ඔබගේ හැසිරීම ද හොඳ විය යුතුය. මායා ද බලවත්ය. පළමුවෙන්ම පැමිණෙන අයට නිසැකවම එවැනි ශක්තියක් ඇත. විවිධ ආකාරයන් ගනී. ප්‍රධාන නළු නිළියන්ගේ චරිත කොටස ලබා ඇත්තේ භාරතයේ ජනයා විසින්ය. ඔබ, සියලු දෙනාම රාවණ්ගේ රාජධානියෙන් නිදහස් කරයි. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් බොහෝ බලය ලබයි. මායාත් ඉතා බලවත් වෙයි. ඔබ ගමන් කරන අතර ඇය ඔබව රවටයි. බාබා සෙනෙහසේ සාගරයයි. ඔබ දරුවන් ද පියා මෙන් සෙනෙහසේ සාගර බවට පත් විය යුතුය. කිසි විටෙක තිත්ත වචන භාවිත නොකරන්න. ඔබ යම් කෙනෙකුට දුක දුන්නේ නම් ඔබ දුකින් මිය යනවා ඇත. විෂ සාගරයේ හිරවීම කිළුටුම පුරුද්දකි. රාගය ඔබගේ පරම සතුරා බව පියා ද පවසයි. බොහෝ දූවරුන්ට වැට බැදේ. සමහරු ඔවුන්ගේ දූවරුන්ට පාරිශුද්ධව සිටිය හැකි යැයි කියති. ආහා එහෙත් ඔවුන්ද පළමුව පාරිශුද්ධ විය යුතුය. ඔවුන්ගේ දුව දීමෙන් සියලුම වියදම් වල බරින් ඔවුන් නිදහස් වේ. මන්ද, දුවගේ වාසනාව ඔවුන් නොදනී හෝ ඇයට සතුටක් ලැබේද හෝ නොලැබේද නොදනී. මේ දවස්වල බොහෝ වියදම් ඇත. දුප්පත් අය ඔවුන්ගේ දූවරු ඉතා ඉක්මනින්ම දෙයි, එහෙත් සමහරුන්ට බොහෝ ඇලීම ඇත. මුලදී ස්ත්‍රියක් මෙහෙට ආවා, එහෙත් මැජික් වලට බියේ ඇයට දැනුම ගැනීමට ඉඩ නුදුන්හ. “පරමාත්ම දෙවියන් මැජික්කරුවාය” යැයි කියති. “පරමාත්ම දෙවියන් අනුකම්පාසහගත කෙනාය” කියා කියති. ක්‍රිෂ්ණාට එසේ කිව නොහැක. ඔබව අනුකම්පාවක් නොමැති කෙනාගෙන් ගලවන්නේ අනුකම්පාසහගත කෙනාය. රාවණ්ට කිසිම අනුකම්පාවක් නොමැත. පළමුව දැනුමය. දැනුම, භක්තිය සහ වෛරාගය ඇත. භක්තිය, දැනුම පසුව වෛරාගය යැයි නොකියති. දැනුමේ වෛරාගය ඇතැයි ඔබට කිව නොහැක. ඔබ භක්තියට ඇති ආශාව නැති කළ යුතුයි. දැනුම සහ වෛරාගය යන කියමන නිවැරදිය. පියා ඔබට අසීමිත නිරාශාවක් ඇති කිරීමට උදව් කරයි. එනම්, මෙම සම්පුර්ණ පැරණි ලොවට නිරාශාවය. සන්යාසීවරු ද ඔබගේ ගෘහස්ථයට නිරාශාව සදහා පමණක් උනන්දු කරවයි. එයද නාටකයේ දෛවෝපගත එකකි. මෙය මනුෂ්‍යන්ගේ බුද්ධියේ නොරදයි. භාරතය 100%ක් ඉසුරුමත් වීය, පාපයන්ගෙන් තොර වීය, සෞඛ්‍ය සම්පන්න වීය. එහි කිසි විටෙක අකාලයේ මරණ සිදු නොවුනි. මේවා ධාරණය කර ගැනීමට හැකිවන්නේ ඔබලාගෙන් කිහිප දෙනෙකුට පමණි. හොඳ සේවයක් කරන අය බොහෝ ධනවත් වෙනවා ඇත. ඔබ දරුවන් මුළු දවස පුරාම “බාබා, බාබා” යැයි මතක් කළ යුතුය. එහෙත් මායා ඔබට මෙය කිරීමට ඉඩ නොදේ. ‘ඔබට සතෝප්‍රධාන් වීමට උවමනා නම් ඔබ ගමන්කරන විට, එහා මෙහා යන එන විට, ආහාර ගන්නා විට මා සිහි කරන්න’ යැයි පරමාත්ම පියා පවසයි. මම ඔබලා ලොව පාලකයින් බවට පත්කරවමි. ඔබට මා සිහි කළ නොහැකිද? බොහෝ අයට මායාගේ කුණාටු ඇති වේ. එම සියලුම දේ සිදු වෙනවා ඇත. එය නාට්‍යයයේ තහවුරු වී තිබේ. දෙව්ලොව නිසැකවම ස්ථාපනය වෙනවා ඇත. ලොවට සැමදා අළුත්ව සිටිය නොහැක. සියලු දේම නිසැකවම අළුත්ව සිට පරණ විය යුතුය. මෙම කාලයේදී මායා සියලු දෙනාවම අප්‍රේල් මෝඩයා කර ඇත. පියා පැමිණෙන්නේ ඔබව ලස්සන කරවීමටයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියා මෙන් සෙනෙහසේ සාගර බවට පත් වන්න. කිසි විටෙක කිසිවෙකුට දුක නොදෙන්න. තිත්ත වචන කථා නොකරන්න. ඔබගේ සියලුම අපවිත්‍ර පුරුදු අවසන් කරන්න.

2. බාබා සමග සුමිහිරිව කථාබහ කරන අතර මෙම හැඟිම් තබාගන්න : ඕ බාබා, ඔබ අප බොහෝ වෙනස් කර ඇත. ඔබ අපට බොහෝ සතුට දී ඇත. බාබා ඔබ අපව කිරි සයුරට ගෙන යයි. මුළු දවස පුරාම බාබා සිහිකරන්න.

වරදානය:
ඔබ සියලු නෑ සබඳතා වල සහ සියලු ගුණධර්ම වල අත්දැකීම් වලින් පිරී, එමඟින් පරිසමාප්තියේ ස්වරූපයක් බවට පත් වේවා.

සංගම යුගයේදී, විශේෂයෙන් ඔබ සියලු ලැබීම් වලින් සම්පූර්ණ විය යුතුය. එමනිසා, ඔබගේ සියලු වස්තු, නෑ සබඳතා, ගුණධර්ම සහ කාර්යයන් ඔබ ඉදිරියෙහි තබා ඔබ මේ සෑම අංශයකින්ම අත්දැකීම් ලබා ඇත්දැයි පරීක්ෂා කරන්න. ඔබට කිසියම් අත්දැකීමක් මග හැරී ඇත්නම්, එය සම්පූර්ණ කරගන්න. එක නෑ සබැදියාවක් හෝ ගුණධර්මයක් හෝ නොමැති නම්, ඔබට පරිසමාප්තියේ ස්ථිතිය හෝ පරිසමාප්තියේ ස්වරූපයක් යැයි පැවසිය නොහැක. එමනිසා, පරමාත්ම පියාගේ ගුණධර්ම සහ ඔබේ මුල් ස්වරූපයේ ගුණධර්ම අත්විඳින්න, එවිට ඔබ පරිසමාප්තියේ ස්වරූපයක් බවට පත් වනු ඇත.

පාඨය:
තදින් බලපෑම් කිරීම යනු මනසින් හඬා වැටීමයි. එමනිසා, දැන් හඬන ලිපි ගොනුව වසා දමන්න.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

ඔබගේ මනසින් සේවය කිරීම සදහා සියලු බල ඔබගේ ජීවිතයේ කොටසක් කර ගන්න. ඔබ තුළ කිසිම අවගුණයක් ඉතිරිව නොතිබෙන අන්දමට, පියා හා සමානව අංග සම්පූර්ණ වන්න, එවිට පමණයි, ඔබගේ ශ්‍රේෂ්ඨ සිතිවිලි වලින්, එනම්, ඔබගේ මනස තුළින්, ඔබගේ සකාෂ් ඉබේටම පැතිරී යන්නේ.