29.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඥානය තුළින් ඔබ ඉතා හොඳ ප්‍රබුද්ධ ආලෝකයක් ලබා ඇත. ඔබ ඔබේ උපත් 84ත්, ඔබේ අශරීරික පියා සහ ඔබේ භෞතික පියා දනී. ඔබේ අවිනිශ්චිත ගමන අවසානය.

ප්‍රශ්නය:
දෙවියන් ගේ ක්‍රමවිධි සහ උපදෙස් අසහාය යැයි කියනුයේ ඇයි?

පිළිතුර:
1. ඔහු දෙන උපදෙස් නිසා බ්‍රහ්මිණ් වන ඔබ අසහාය වන බැවිනි. ඒකායන කෙනාගේ උපදෙස් තුළින් ඔබ සැම ඒකීය බවට පත් වන බැවිනි. 2. සියලු දෙනාට ගැලවීම ලබා දෙනුයේ පරමාත්ම දෙවියන් පමණි. ඔහු ඔබ වන්දනා කරුවන් බවේ සිට වන්දනාවට සුදුසු අය බවට පත් කරවයි. මේ නිසයි ඔහුගේ ක්‍රමවිධි සහ උපදෙස් අසහාය වන්නේ. ඔබ දරුවන්ට මිස වෙන කෙනෙකුට මෙය තේරුම් ගත නොහැක.

ඕම් ශාන්ති.
ඔබ දරුවන් දන්නවා දරුවකු අසනීප වූ විට පියා කියන්නේ : කමක් නැහැ මෙහෙ නිදා ගන්න. මෙහි කිසිඳු ප්‍රශ්නයක් නැත, මක් නිසාද ඔබ බොහෝ කල් නැති වී සිට දැන් ලැබුණු, එනම්, ඔබ බාබා මුණ ගැසීමට නැවත ආවේ අවුරුදු 5000 කට පසුවය. ඔබ කවුද හමු වුණේ. අසීමිත පියාය. ශ්‍රද්ධාව ඇති දරුවන් මෙය දනී. ඔබ නියත වශයෙන් ම අසීමිත පියා හමු වී ඇත. පියවරු දෙදෙනෙකි. පළමුව සීමිත කෙනා වන අතර දෙවනුව අසීමිත පියාය. දුකෙහි දී හැම කෙනෙක්ම සිහි කරන්නේ අසීමිත පියාය. සත් යුගයේ දී ඔවුන් සිහි කරන්නේ එකම භෞතික පියා පමණි. මක් නිසාද නියතයෙන් ම එය සතුටේ දේශය නිසාය. ඔබ මේ ලොව උපත ලබන්නේ භෞතික පියා තුළිනි. කොහොමනමුත්, පාරලෞකික පියා එකම වරක් පැමිණ ඔබව අයිති කර ගනී. ඔබ එම පියා සමඟ අමරණීය දේශයේ විසුවා. එය වූ කලී උත්තරීතර අඩවියයි, සියල්ල අභිබැවූ දේශයයි. ඒ, සැමට ඉහළින් වූ ලෝකයයි. දෙව්ලොවට එසේ නොකියයි. දෙව්ලොවත් අපායත් දෙකම ඇත්තේ මෙහි මය. නව ලෝකය දෙව්ලොව වන අතර ජරාජීර්ණ ලෝකය අපාය වේ. ඒ මේ අපිරිසිඳු ලෝකයයි. ඔවුන් අඬගසයි : පාරිශුද්ධ කරුවාණනි, එන්න. සත් යුගයේදී ඔවුන් මෙසේ කියන්නේ නැත. රාවණ් රාජධානිය ආරම්භ වූ විට ඔවුන් අපිරිසිඳු වෙයි. එය පාප පහේ රාජධානිය යනුවෙන් හැඳින්වේ. සත් යුගයේ දී එය නියත වශයෙන්ම පාපයෙන් තොර රජදහනයි. භාරතයේ එතරම්ම වූ මහත් ප්‍රසාදයක් ඇත, නමුත්, පව්කාරයින් වන නිසා ඔවුන් එය නොදනී. ලක‍්ෂ්මි සහ නාරායන පාලනය කරන කළ ඔවුන් සම්පූර්ණයෙන් පාපයෙන් තොරය. දැන් එය නැත. එම රාජධානිය කොහේ ගියාද? ගල් බුද්ධියක් ඇති අය මෙය නොදනී. සැම දෙනාම ඔවුන්ගේ ආගමේ නිර්මාතෘ දනී. භාරත් වාසීන් පමණයි ඔවුන්ගේ ආගමවත් නිර්මාතෘවත් නොදන්නේ. අන් ආගම් වල අය නිර්මාතෘන් දැන සිටියත් ඔවුන් කවදා විත් නැවත එය ස්ථාපනය කරනවාදැයි නොදනී. සිඛ් වරුන් ඔවුන්ගේ සිඛ් ආගම පෙර නොතිබු බවත් ගුරු නානක් පැමිණ එය ස්ථාපනය කළ බවත් දනී. ඉතින්, ඔහු නියත වශයෙන්ම සත් යුගයට නොඑයි. පසු වී, ගුරු නානක් පැමිණ, ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවත සිදුවන නිසාම, එසේ පසු වී සිඛ් ආගම ස්ථාපනය කරයි. ක්‍රිස්තියානි ආගම ද තිබුණේ නැත. එය ද ස්ථාපනය කළේ පසුවය. මුලින් ම එය නව ලෝකයක් විය. එහි තිබුණේ එකම ආගමකි. එහි සිටියේ භාරත්වාසීන් වන ඔබ පමණි. තිබුණේ එකම ආගමකි. ඉක්බිතිව ඔබ උපත් 84 ක් දිගටම ගන්නා විට ඔබ දෙවි දේවතාවුන් බවද, ඔබ උපත් 84ක් ගත් බවද අමතක වීය. පියා කියයි : ඔබ ඔබේ උපත් දන්නේ නැත. මම ඔබට කියමි. කල්ප භාගයක් ම එය රාම රාජ්‍යයයි. පසුව එය රාවණ් රාජ්‍යය බවට පත් විය. පළමුව සූර්ය වංශික පවුල තිබුණු අතර පසුව චන්ද්‍ර වංශික පවුල විය, එය රාම රාජ්‍යයයි. සූර්ය වංශය යනු ලක‍්ෂ්මි සහ නාරායන පවුලයි. ලක‍්ෂ්මි නාරායන පවුල සූර්ය වංශයට අයත්ව තිබී උපත් 84 ක් ගෙන දැන් රාවණ් පවුලට අයිති වී ඇත. පෙර එය පිංවන්ත අයගේ පවුලට අයත් විය. දැන් ඔවුන් පව්කාර අයගේ පවුලට අයත් වී ඇත. ඔවුන් උපත් 84 ක් ගෙන ඇත. අපි උපත් මිලියන 8.4 ක් ගන්නා බව ඔවුන් කියයි. දැන් උපත් මිලියන 8.4 ක් ගැන සිතිය හැක්කේ කාටද? ඒ නිසා කිසිවෙක් ඒ ගැන කිසිවක් නොසිතයි. පියා දැන් ඔබට විස්තර කර දී ඇත: ඔබ පියා ඉදිරියේ වාඩි වී සිටී. භාරතයේ භෞතික පියා මෙන්ම අශරීරික පියා ද ඉතා හොඳින් දනී. මිනිසුන් එම පියා වෙනුවෙන් ගී ගැයුවද ඔවුන් ඔහු නොදනී. ඔවුන් අවිද්‍යවේ නිද්‍රාවෙහි පසුවෙති. ඥානය තුළින් ප්‍රබුද්ධ ආලෝකය ලබයි. ආලෝකය ඇති විට මනුෂ්‍යයා නන්නත්තාරේ නොයයි. එසේ වනුයේ අන්ධකාරය ඇති විටය. භාරත් වාසීන් වන්දනාවට සුදුසු වී සිටියහ. දැන් ඔවුන් වන්දනා කරුවන් වී ඇත. ලක‍්ෂ්මි සහ නාරායන වන්දනාවට සුදුසු විය. ඔවුන් කාට වන්දනා කරන්නද? ඔවුන්ගේ ප්‍රතිමා හදාගෙන ඔවුන් වන්දනා නොකරයි; එය සිදුවිය නොහැකියි. ඔබ දරුවන් දන්නවා අපි වන්දනාවට සුදුසුව සිටි බව. පසුව, ඒ අපම වන්දනා කරුවන් වූයේ කෙසේ ද? වෙන කිසිවෙක් මේවා කලින් තේරුම් නොගනී. පියා පමණි විස්තර කරන්නේ. එම නිසයි ඔවුන් මෙසේ කියන්නේ: දෙවියන්ගේ උපදෙස් සහ පිළිවෙත් අසහායය. ඔබ දරුවන් දැන් දන්නවා බාබා අපගේ පිළිවෙත් හා උපදෙස් මුළු ලෝකයේම අසහාය ලෙස සාදා ඇති බව. ලෝකයේ විවිධ වූ උපදෙස් ඇත. මෙහි, බ්‍රහ්මිණ් ඔබගේ උපදෙස් ඒකමතිකය. ඒවා පරමාත්ම දෙවියන්ගේය. පිළිවෙත් යනු ගැලවීමේ විධියයි. ගැලවීම ලබා දෙන්නා පරමාත්ම පියා පමණි. ඔවුන් ගයන්නේ මෙසේය: සියල්ලන්ට ගැලවීම ලබා දෙන්නේ රාමාය. කොහොමනමුත්, රාමා යනු කවුදැයි ඔවුන් නොදනී. ඔවුන් මෙසේ කියයි: මම බලන සෑම තැනකම රාමා ම මිස වෙනකෙක් නැත. ඒ වූ කලී අවිද්‍යාවේ අන්ධකාරයයි. අන්ධකාරයේ දී දුක ඇති අතර ආලෝකයේදී සතුට ඇත. ඔවුන් අඬගසන්නේ අන්ධකාරයේ දීය. යාඥා කිරීම යනු පියාට අඬගැසීමය. ඔවුන් සිඟනවා නොවේද? දෙවි දේවතාවුන්ගේ දේවස්ථාන වලට යන්නේ දානය සිඟාගෙන නොවේ ද? සත් යුගයේ දී එසේ සිඟා යෑමට අවශ්‍යතාවයක් නැත. සිඟන්නා යනු ණය කාරයෙකි. සත් යුගයේ දී ඔබ ණයෙන් තොර වේ. භාරතය දැන් ණය කාරයෙකි. කිසිවෙක් මෙය තේරුම් ගන්නේ ද නැත. චක්‍රයේ කාල පරාසය ඉතා සාවද්‍ය ලෙස ලියා ඇති නිසා ඔවුන්ගේ හිස් සම්පූර්ණයෙන්ම අවුල් වී ඇත. පියා මෙහි සිට ඉතා සෙනෙහසින් තේරුම් කර දෙයි. ඔහු ඔබට චක්‍රයකට පෙර ද පැවසුවා: පාරිශුද්ධකරු වන පියා වන මාව සිහිපත් කරන්න ඔබ පිරිසිඳු බවට පත් වනු ඇත. ඔබ අපිරිසිඳු වූයේ කෙසේද? පාප නම් වූ බාල දේ ඔබට මුසු විය. සියලුම මනුෂ්‍යයින් මත මළකඩ බැඳී ඇත. එම මළකඩ ඉවත්කර හරින්නේ කෙසේ ද? මා සිහිපත් කරන්න! ඔබේ ශරීර විඥාණය අත හැර ජීවාත්ම විඥාණයට පත් වන්න! ඔබ ජීවාත්මයක් යන්න ඔබම තේරුම් ගන්න. පළමුව ඔබ ජීවාත්මයක් වන අතර පසුව ඔබත් ශරීරයක් යොදා ගනී. ජීවාත්මය සැබැවින්ම සදාතනිකය. ශරීරය මරණයට පත් වෙයි. සත් යුගය වූ කලී අමරණීය දේශයයි. කලි යුගය මරණයේ දේශයයි. අමරණීය දේශය යනු එහි අකල් මරණ සිදු නොවීමයි. එහි ජීව කාලය දිගය. එය පිරිසිඳු ලෝකයයි. ඔබ රාජ ඍෂීන් ය. පිරිසිඳු අයෙක් ඍෂි යනුවෙන් හැඳින්වෙයි. ඔබ පිරිසිඳු කළේ කවුරු විසින් ද? අන් අයව ඍෂිවරු කරවන්නේ ශංකරාචාර්යයන්ය. ඔබ පිරිසිඳු කර ඇත්තේ ශිවාචාර්යයන්ය (ශිවා, ගුරුවරයා) ය. ඔහු කිසිවක් හදාරා නැත. ශිව බාබා පැමිණ මොහු මඟින් ඔබට උගන්වයි. ශංකරාචාර්ය ඉපදී ඇත්තේ දරු ගර්භයක් මඟිනි. ඔහු ඉහළ සිට අවතරණය වූයේ නැත. කොහොමනමුත්, පියා මොහුට ඇතුල් වේ. ඔහු එයි, ඔහු යයි ඔහු ස්වාමියාය. ඔහුට ඔහු කැමති කෙනෙක්ට පිවිසිය හැක. බාබා විස්තර කර දී ඇත: මා ඇතුල් වන්නේ යමෙකුට යහපතක් කිරීමේ නාමයෙන්ය. නියත වශයෙන්ම මා ඇතුල් වන්නේ අපිරිසිඳු ශරීරයකටය. ඒ මා බොහෝ දෙනෙකුට යහපත කිරීමටය. ඔබට විස්තර කර දී ඇති මායා ද සුළු නැත. ඇතැම් විට ධ්‍යානගතව සිටිද්දී මායා ඇතුල් වී වැරදි දේ කියන්නට යොමු කරයි. එමනිසා, දරුවනි, ඔබ ඉතා ප්‍රවේසම් විය යුතුයි. මායා ඇතුල් වූ විට සමහරු මෙසේ කියයි: මම ශිව වෙමි. මම අහවලාය. මායාගේ යක‍්ෂ ගුණ බොහෝ වේ. සංවේදී දරුවන් වහාම ඇතුල්වුණේ කවුදැයි තේරුම් ගනී. මේ ශරීරය ඔහුට නියමිත වී ඇත. ඉතින් ඔබ අන් අයට කන් දෙන්නේ ඇයි? ඔබ ඊට ඇහුම්කන් දුන්නොත් බාබාගෙන් ඇසිය හැකියි ඒ කරුණ හරිද වැරදිද කියා. පියා කෙළින්ම තේරුම් කර දී ඇත. බොහෝ දූවරුන්ට මේ මොනවා දැයි තේරුම් ගත නොහැක. සමහර අය අවතරණය වූ විට ඇතැම් අයට කම්මුල් පාර දෙයි, දිවුරන්නට පටන්ගනී. දැන්, පරම පියා දිවුරයිද? බොහෝ දරුවන් මේවා තේරුම් ගන්නේවත් නැත. පළමු පංතියේ දරුවන් පවා සමහර විට අමතක කරයි. මායා බොහෝ අයට ඇතුල්වන නිසා ඔබ මේවා ගැන අසා ගත යුතුයි. ඔවුන් ධ්‍යාන ගත වී එතරම්ම අනවශ්‍ය දේ කියයි. මේ සම්බන්ධයෙන් ඉතාම විශාල ප්‍රවේසමක් අවශ්‍යයි. පියාට සම්පූර්ණ ආරංචිය දිය යුතුයි. ‘‘මමා අහවලාට ආවා, බාබා අහවලාට ඇතුල් වුණා‘‘ ආදී වශයෙන්. ඒ සියල්ල අමතක කර දමන්න. පියා වෙත ඇත්තේ එකම උපදේශයක් පමණි : මා පමණක් ම සිහිකරන්න. පියා ද, ලෝක චක්‍රය ද සිහිපත් කරන්න. නිර්මාණ කරුත් නිර්මාණයත් සිහිපත් කරන අයගේ මුහුණු සැමවිට උද්යෝගිමත්ය. බොහෝ අයට සිහිපත් බවක් නැත. කර්මයේ බන්ධනය ඉතා දැඩිය. හෘද සාක‍්ෂිය මෙසේ කියයි: මට දැන් අසීමිත පියා හමු වී ඇති අතර ඔහු සිහිකරන්න යැයි කියත්දී මා ඔහු සිහි නොකරන්නේ ඇයි? කුමක් හෝ සිදු වූ විට පියාගෙන් අහන්න. පියා විස්තර කර දෙනු ඇත. කර්මයේ අනිටු විපාක ද තාම ඇත. ඔබ කර්මටීට් තත්ත්වය ලැබූ විට නිරතුරුවම උද්යෝගයෙන් සිටිනු ඇත. ඒ තාක් කුමක් හෝ දෙයක් සිදු වේවි. ඔබ මෙයද දනී: ගොදුර මරණයට පත් වන අතර දඩයම් කරු ජය ගනී. විනාශය සිදු වීමට ඇත. ඔබ සූක‍්ෂම තත්ත්වයේ දෙවි දේවතාවන් වනු ඇත. ඔබ මේ ලොව සිටිනුයේ තව දින කීපයක් පමණි. ඉන් පසු ඔබ දරුවන් මෙම භෞතික ලෝකයට අකමැති වනු ඇත. ඔබ වැඩියෙන් කැමති වන්නේ සූක‍්ෂම කලාපයට සහ අශරීරික ලෝකයටයි. සූක‍්ෂම කලාපයේ අය සූක‍්ෂම දෙවිවරුන් යැයි හැඳින්වේ. ඔබ කෙටි කලකට එසේ වන්නේ කර්මාටීට් තත්ත්වයට පත් වූ විටය. සුක‍්ෂම කලාපයේ මස් ඇට නැත. ඒවා නැත්නම් ඉතිරි වන්නේ කුමක්ද? ඉතිරි වන්නේ සූක‍්ෂම ශරීරය පමණි. එය ඔබ අශරීරික වීම නොවේ නැත, සූක‍්ෂම ශරීරයෙන් සිටී. එහි භාෂාව නිහඬ චිත්‍රපටයක මෙනි. ජීවාත්මයන් ශබ්දය අභිබවා සිටී. එය සූක‍්ෂම ලෝකය යනුවෙන් හැඳින්වේ. එහි සූක‍්ෂම ශබ්දය ඇත. මෙහි කථන ලෝකය ඇති අතර එහි ඇත්තේ චලන සිනමා ලෝකයයි. ඉන් පසු ඇත්තේ නිහඬ ලෝකයයි. මෙහි ඇත්තේ කථන ලෝකයයි. මෙම කොටස නාටකයේ පූර්ව නියමිතව ඇත. එහි නිහඬ බව ඇති අතර එය සිනමා ලෝකයද මෙය කථන ලෝකයද වේ. මෙම ලෝක තුන සිහිපත් කරගන්නා අය ලෝකයේ ඉතා දුර්ලභ සුලු පිරිසකි. පියා මෙසේ පැහැදිලි කරයි : දරුවනි, දඬුවමින් නිදහස් වන්න නම් කර්ම යෝගීන් වන අතර එවන් ක්‍රියා අඩු වශයෙන් පැය අටක් වත් කරන්න, පැය අටක් වත් විවේක ගන්න, පැය 8 ක් පියාව සිහිපත් කරන්න. ඔබ පවිත්‍ර වන්නේ මේ පුහුණුවෙන්ම පමණයි. ඔබ නින්දට යන විට, එහිදී පියා පිළිබඳ සිහිපත් කිරීම නොමැත. කිසිවෙක් මෙසේ නොසිතන්න: අපි කොහොමත් බාබාගේ ළමයින්ය ඉතින්, අපි ඔහුව සිහිකරන්නේ ඇයි? නැත, බාබා මෙසේ කියයි : එහිදී බාබා සිහිපත් කරන්න. ඔබ ජීවාත්මයක් ලෙස සලකන අතර මාව සිහිකරන්න. යෝග බලය තුළින් ඔබ පිරිසිඳු වනතාක් ඔබට එහි යා නොහැක. නො එසේ වු විට දඬුවමින් පසු ඔබට යා හැකිය, එවිට ඔබ යනු ඇත. ඔබ සූක‍්ෂම ලෝකයටද එසේම අශරීරික ලෝකයට ද යා යුතුය. ඉන් පසු ඔබ දෙව්ලොවට ඇතුල් වේ. බාබා විස්තර කර තිබේ පසු කළෙක දී මෙය ප්‍රවෘත්ති පත්‍ර වල ද ප්‍රකාශ කරනු ඇත. කාලයද බොහෝ ඇත. ඒ තරම්ම විශාල රජ දහනක් සාදා ඇත. දකුණ - උතුර - නැගෙනහිර හා බටහිර - භාරතය ඉතා විශාලය. ප්‍රවෘත්ති පත්‍ර තුළින් හඬ මතු වනු ඇත. පියා පවසයි : මාව සිහිපත් කළ විට ඔබේ පාප ගෙවී යයි. ඔවුන් මෙසේ ද අඬ ගසයි: ඕ පාරිශුද්ධ කරුවාණනි, නිදහස දානය කරන්නාණනි, අප දුකෙන් මුදවා ගන්න. ඔබ දරුවන් දන්නවා නාටක සැළසුම අනුව විනාශය සිදු විය යුතු බව. මේ යුද්ධයෙන් පසු සාමය පමණක් පවතිනු ඇත. එය සතුටේ දේශය වනු ඇත. සියල්ල උඩු යටිකුරු වනු ඇත. සත් යුගයේ ඇත්තේ එක් ආගමක් පමණි. කළි යුගයේ බොහෝ ආගම් ඇත. කාට වුවද මේවා තේරුම් ගත හැකිය. පළමුව ඇත්තේ ආදී සනාතන දේවි දේවතා ධර්මයයි. සූර්ය වංශය ඇති කළ චන්ද්‍ර වංශය නැත. ඉන් ඉක්බිතිව පසු කළක චන්ද්‍ර වංශය තිබේ. බොහෝ පසුව මෙම දේවි දේවතා ධර්මය අතුරුදන් වේ. ඉන් පසු අනෙක් ආගම් එනු ඇත. එම සංවිධාන විශාල වන විට පමණි එය දන්නේ. එතෙක් ඔවුන් ද එය නොදනී. ඔබ දරුවන් දැන් දන්නවා ලෝකයේ මුල, මැද සහ අග. ඔවුන් ඔබෙන් අසයි භාරත්වාසීන් පමණක් ඉනිමගේ දක්වා ඇත්තේ ඇයි? ඔවුන්ට මෙසේ කියන්න: මෙය භාරතය පිළිබඳ නාටකයකි. කල්ප භාගයක් එය ඔවුන්ගේ කොටසයි. ඉන්පසු අනෙක් සියලු ආගම් එන්නේ ද්වෝපූර් යුගයේ සහ කළි යුගයේය. සම්පුර්ණ ඥානය, චක්‍රය පිංතූරයේ ඇත. චක්‍රයේ පිංතූරය සැබැවින්ම පළමු පංතියේය. සත් යුගයේ සහ ත්‍රේත යුගයේ ඇත්තේ උසස් ලෝකයයි. ද්වෝපූර් යුගයේ සහ කළි යුගයේ ඇත්තේ දූෂිත ලෝකයයි. දැන් ඔබ ඉන්නේ සංගම් යුගයේය. මෙය ඥානයේ එන කරුණකි. චක්‍රයේ මෙම යුග 4 කැරකෙන්නේ කෙසේ දැයි කිසිවෙක් නොදනී. සත් යුගයේ ඇත්තේ ලක‍්ෂ්මි සහ නාරායනගේ රජ දහනයි. සත් යුගයෙන් පසු ත්‍රේත යුගය එන බව ඔවුන් නොදනී. ත්‍රේත යුගයෙන් පසු ද්වෝපූර් යුගය සහ කළි යුගය එයි. මෙහිදී මේ කිසිවක් මිනිසුන් දන්නේ නැත. සමහරු දන්නවායි කිව්වත් චක්‍රය කෙසේ කැරකෙන්නේ ද කියා ඔවුන් නොදනී. ඒ නිසයි බාබා මෙසේ කියන්නේ : ගීතාව මත සියලු වැදගත් කම් තබන්න. සත්‍ය ගීතාවට ඇහුම් කන් දීමෙන් ඔබ දෙව්ලොව වැසියන් බවට පත් වේ. මෙහිදී ශිව බාබා ම කතා කරයි. අන් තැන් වල මිනිසුන් කියවයි. ගීතාව පළමුව ඉගෙන ගන්නේ ඔබයි. ඔබයි භක්ති මාර්ගයට ද වැටෙන්නේ. පළමුවම ඔබ ශිවාට වන්දනා කළා. එකම ශිව බාබාට අදූෂිත ලෙස පළමුව වන්දනා කරන්නේ ඔබයි. කොහොම හරි වෙනත් කෙනෙකුට සෝමනාථ වැනි සිද්ධස්ථානයක් කිරීමට බලය තිබේද? මෙවැනි විවිධ දේ ලියා පුවරුවක දැක්විය හැකියි. ඔබට මෙසේද දැක්විය හැකිය: භාරත් වාසීන්ට ගීතාවට ඇහුම්කන් දීමෙන් සත්‍ය දේශයේ හිමිකරුවන් විය හැක. ඔබ පැහැදිලි කරන විට ඔවුන් මෙසේ කියයි: ඔව්, එය නියතයෙන්ම හොඳයි. පසුව පිට ගිය විට ඒ සියල්ල අවසන් වේ ! ඔවුන් ඇසූ දේ එහිම තබා යයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නිර්මාණක හා නිර්මාණය ගැන ඥානය මෙනෙහි කිරීමෙන් නිරතුරුවම උද්යෝගයෙන් සිටිය හැක. සිහිපත් කිරීමේ වන්දනා ගමන මඟින් ඔබේ පැරණි කර්ම බන්ධන සියල්ල කපා දමා ඔබේ කර්මටීට් තත්ත්වය සාදා ගන්න.

2. ධ්‍යාන හා දර්ශන වලදී මායා බොහෝ සෙයින් මැදිහත් වේ. ඒ නිසා, ප්‍රවේසම් වන්න! එහෙම ආරංචි පියාට ලබා දී උපදෙස් පතන්න. කිසි වරදක් නොකරන්න.

වරදානය:
ඔබ නිරන්තරයෙන් බලයේ ප්‍රතිමූර්තියක් වී, ඔබගේ සුබ පැතුම් වලින් දුර්වල ජීවාත්මයන්ව බලයෙන් පුරවන්න.

සේවාධාරී දරුවන්ගේ විශේෂ සේවය වන්නේ තමන් බලයේ ප්‍රතිමූර්ති ලෙස රැදී සිටිමින් සියලු දෙනාව ඔවුන් හා සමාන බවට පත් කිරීමයි, එනම්, දුර්වල ජීවාත්ම, බලයෙන් පිරවීමයි. මේ සදහා, නිරන්තරයෙන් සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් වල ප්‍රතිරුවක් වන්න. සුබ පැතුම් තිබීම යනු, ඔවුන් වෙනුවෙන් සුබපැතුම් ඇති කිරීමෙන් ඔබ ඔවුන්ගේ බලපෑමට හසු වීම නොවෙයි. මෙම වරද සිදු නොකරන්න. අසීමිත සුබ පැතුම් ඇති කරන්න. එක් පුද්ගලයෙකුට පමණක් විශේෂ සුබ පැතුම් තිබීම හානිකරයි. එබැවින් අසීමිත බවේ ස්ථාවර වි, ඔබට ලැබී ඇති බලයන්ගේ පදනමින් දුර්වල ජීවාත්ම, බලයේ ප්‍රතිමූර්ති බවට පත් කරන්න.

පාඨය:
ආභරණ, (අලංකාර්) බ්‍රහ්මින් වංශයේ සැරසිල්ලයි, එබැවින් තමන් පිළිබද අහංකාරකම ඇති අයෙක් නොව, සියලු ආභරණ අත දරා සිටින කෙනෙක් වන්න.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදාගන්න.

ඔබගේ දේශන වල දැන් අළුත් දෙයක් තිබිය යුතුයි. ලෝක සාමය ගැන ඔබ බොහෝ දේශන පවත්වා තිබේ, නමුත් දැන් මෙම ආධ්‍යාත්මික දැනුම කුමක්ද සහ එහි මූලාශ්‍රය කවුරුන්ද කියා ඔප්පු කරන්න. ආචාරශීලිව මෙම සත්‍යය ඔප්පු කරන්න. පරමාත්ම දෙවියන්ගේ කාර්යය සිදුවෙමින් පවතින බව මිනිසුන් දැන් වටහාගත යුතුයි. කාන්තාවන් ඉතා හොද කාර්යයන් සිදු කරන බව මිනිසුන් කියයි. කාලයට අනුව මෙම කෙත සකස් කිරීමට තිබුණා. කෙසේවෙතත්, “පියා, පුත්‍රයාව පෙන්වයි” කියා පවසන සේම, “පුතු පියාව පෙන්වයි” සිදුවන විට, හෙළිදරව්වේ ධජය එසැවෙයි.