29.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දැන් නැවතත් වතාවක් ඔබගේ ගමනාන්තයට ළඟා වී සිටිනවා.නිර්මාණකරුත්
නිර්මාණයත් ගැන ඔබ දැන් පරමාත්ම පියාගෙන් දැන ගෙන තිබෙනවා.එමනිසා, ඔබට හිරිගඬු
පිපෙනා තරමේ සතුටක් ඇති විය යුතුයි.
ප්‍රශ්නය:
මේ කාලයේදී
පරමාත්ම පියා ඔය දරුවන්ව අලංකාර කරන්නේ ඇයි?
පිළිතුර:
මන්ද, ඔය දරුවන් දැන් හොඳින් සැරසී විෂ්ණු දේශයට (නැන්දම්මාගේ ගෙදරට)යා යුතුයි.මෙම
ඥානයෙන් හොඳින් සැරසී ඔබ ලෝක අධිරාජ්‍යවරුන් වරියන් බවට පත් වෙනවා. ඔබ දැන්සිටින්නේ
සංගම් යුගයේයි.බාබා ගුරුවරයා ලෙසින් තම දෙමාපිය නිවහනෙන් නැන්දම්මාගේගෙදරට යාමට ඔබට
උගන්වනවා.
ගීතය:
අවසානයේ අප මඟ
බලා ගෙන සිටි දිනය උදා වුණා!
ඕම් ශාන්ති.
ඉතාමත් ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමුවුණු දරුවන්ට මෙම ගීතය
ඇසුණා. කල්ප බාගයක් පුරා තමන් සිත සිතා සිටි ආදරවන්තයා දැන් අවසානයේදී තමන්ට හමුව
ඇති බව ඔය දරුවන් දන්නවා.කල්ප බාගයක් පුරා ඔබ භක්තියේ රැඳී සිටි බව ලෝකයේ කිසිම
කෙනෙක් දන්නේ නැහැ.ඔවුන් කන්නලව් කරන්නේ පරම පියාටයි.ආදරවන්තයාටයි.අපි ඔහුගේ
ආදරවන්තියන් ඔහු අපේ ආදරවන්තයා.පරම පියා කියනවා:රාවණ සෑම කෙනෙකුගේම බුද්ධිය
මුළුමනින්ම පරිහාණියට පත් කරලා.මෙය විශේෂයෙන් අදාල වන්නේ භාරතවාසීන්ටයි.තමන්
දේවතාවරුන් ලෙස සිටි බව ඔබට අමතක වෙලා.එමනිසා ඔබගේ බුද්ධිය පිරිහී ගිහින්.තම
ස්වධර්මය අමතක කිරීම පිරිහුණු බුද්ධියක සළකුණකුයි.අප භාරතවාසීන් දෙව්ලොව වාසීන් ලෙස
සිටි බව දන්නේ ඔබලා පමණයි.මෙම භාරතය මීට සුළු කලෙකට පෙර දෙව්ලොව වශයෙන්
පැවතුණා.වසර1250ක් එය ස්වර්ණමය යුගය වශයෙන් පැවති අතර ඉතිරි වසර1250දි එය රාමාගේ
රාජ්‍ය ලෙස තිබුනා.එකළ අසීමිත සතුටක් තිබුණා.මෙම සතුට සිහිපත් කරනා විට ඔබට හිරිගඬු
පිපෙනා සතුටක් ඇති විය යුතුයි.ස්වර්ණමය හා රිදී යුග දැන් පසු වී ගිහින්.කිසිම
කෙනෙක් මෙය දන්නේ නැහැ. වසර සිය දහස් ගණනක් වෙන්නේ කෙසේද?පරමාත්ම පියා දැන් පැමිණ
මායා ඔබගේ බුද්ධිය මුළුමනින්ම පරිහාණියට පත් කර වලයි කියා පැහැදිලි කර කියා
දෙනවා.ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් තමන්ගේ බුද්ධිය පරිහාණියට ලක්වුණු බුද්ධියක් කියා
කියන්නේ නැහැ.ඊයේ ඔබට තිබුණේ පිරිහුණු බුද්ධියක් කියා ඔබ දන්නවා.නිර්මාණකරු හඳුනා
ගැනීමටත් නිර්මාණයේ මුල,මැද හා අග තේරුම් ගැනීමටත් හැකි තරමේ බුද්ධියක් බාබා දැන්
ඔබට දී තිබෙනවා.ඊයේ අපි ඒ ගැන දැන ගෙන සිටියේ නැහැ.අද දන්නවා.වැඩි වැඩියෙන් දැන ගත්
තරමට ඔබට වැඩි වැඩියෙන් සතුටේ හිරිගඬු ඇති වේවි.අපි දැන් නැවතත් වතාවක් අපගේ
ගමනාන්තයට පැමිණ සිටිනවා.පරමාත්ම පියා ඇත්තටම අපට දෙව්ලොව රාජ්‍ය ලබා දුන්නා.අපි එය
නැති කර ගත්තා.දැන් අපි අපිරිසිදු වෙලා.ස්වර්ණම යුගය අපිරිසිදුයි කියා සලකන්නේ
නැහැ.එය පාරිශුද්ධ ලෝකයයි.මිනිස්සු කියනවා:අහෝ පාරිශුද්ධකරුවාණනි,වඩිනු
මැනව.රාවණරාජ්‍යයේකිසිම පිරිසිදු හෝ උතුම් කෙනෙක් සිටියෙ නොහැකියි.ඔබ දැන් ඉහළම ඉහළ
පරම පියාගේ දරුවන් බවට පත් වෙලා.එමනිසා,ඔබත් දැන් උසස් අය වෙලා.ඔබලා දැන් පරමාත්ම
පියා ගැන දැන ගත්තා වුවත් ඒත් ඔබ දරණා උත්සාහයේ තරමටයි.උදේ පාන්දරින් අවදි වී ඔබගේම
හදවතින් අසන්න.උදේ පාන්දර වේලාව මේ දේවල් ගැන වාඩි වී කල්පනා කිරීමට ඉතාමත් හොඳ
වෙලාවක්.බාබා අපගේ පරම පියා මෙන්ම පරම ගුරුවරයාද වෙනවා.මිනිස්සු කියනවා:අහෝ දෙව්
පියාණනි,පරම පියා පරම ජීවය ඔවුන් නිතර සිහිපත් කරනා නිතර අහෝ දෙවියන් කියා අමතන එකම
එක කෙනාව ඔය දරුවන් දැන් සොයා ගෙන සිටිනවා.අපි දැන් නැවතත් වතාවක් අපගේ අසීමිත
උරුමය දිනා ගන්නවා.ඔහු ඔබගේ භෞතික පියායි.මොහු ඔබගේ අසීමිත පියායි.එමනිසා,ඔහු
සියළුම පියවරුන්ගේත් පියායි.සියළු ස්වාමි පුරුෂයින්ගේත් ස්වාමි පුරුෂයායි.භාරතයේ
වැසියන් මෙසේ කියන්නේ.මම සියළුම පියවරුන්ගේත් පියා වී සිටිනා අතර සියළු
ස්වාමිපුරුෂයින්ගේත් ස්වාමිපුරුෂයා වී සිටිනා නිසායි.මම දැන් ඔබගේ පරම පියා වී
සිටිනා අතර ඔබ මගේ දරුවන් වී සිටිනවා.ඔබ නිතරම බාබා,බාබා කියනවා.මම දැන් නැවතත්
වතාවක් පැමිණ සිටින්නේ ඔබලාව විෂ්ණු දේශයට,ඔබගේ නැන්දම්මාගේ ගෙදරට කැන්දා ගෙන
යාමටයි.මේ ඔබගේ පියාගේ නිවහනයි.එවිට ඔබ නැන්දම්මාගේ ගෙදර යාවි.ඔබව දැන් තාමත්
ලස්සනට සරසවා තිබෙනා බව ඔය දරුවන් දන්නවා.ඔබ දැන් සිටින්නේ ඔබගේ ගෙදර ඔබගේ පියා
සමඟයි.ඔබට හොඳ අධ්‍යාපනයකුත් දී තිබෙනවා.මෙම ඥානයෙන් සැරසී ඔබ පසුව
ලෝකඅධිරාජ්‍යවරුන්හා රාජිණියන් බවට පත් වෙනවා.ස්වර්ණම යුගය තිබුණු කළ ඔය භාරතවාසීන්
ලෝක පාලකවරුන් ලෙස සිටියා.දැන් තමන් ලෝක පාලකවරුන් කියා ඔබටකියන්නබැහැ.දැන් මෙම
වත්මන් කාලයේ භාරතයේ පාලකවරුන් අයිති වන්නේ කලි යුගයටයි.නමුත් ඔබ අයිති වන්නේ සංගම්
යුගයටයි.පසුව ස්වර්ණම යුගයේදී ඔබ මුළු ලෝකයේම පාලකවරුන් වෙනවා.මෙම කරුණු ඔය
දරුවන්ගේ සිහියට ඇතුළු විය යුතුයි.ලෝක අධිරාජ්‍යය ඔබට ලබා දෙන්නා දැන් පැමින සිටිනා
බව ඔබ දන්නවා.ඔහු පැමිණ සිටින්නේ සංගම් යුගයේදියි.පරම පියා හැරෙන්න වෙන කිසිම
කෙනෙක් ඥානය දානය කරන්නා කියා කිව නොහැකියි.මන්ද මුළු ලෝකයටම විමුක්තිය දානය කරනා
ඥානය ඇත්තේ පරමාත්ම පියාටයි.ස්වභාව ධර්මය ඇතුළු සියළුම දෙයට විමුක්තිය
ලැබෙනවා.විමුක්තිය පිළිබඳ කිසිම දැනුමක් මිනිසුන්ට නැහැ.ස්වභාව ධර්මය ඇතුළු මුළු
ලෝකයම දැන් තමෝප්‍රධාන් වෙලා.මෙහි සිටිනා සෑම කෙනෙක්මත් තමෝප්‍රධාන් වෙලා.නව ලෝකය
ස්වර්ණම යුගය ලෙස හඳුන්වනවා.දේවතාවරුන් වාසය කරන්නේ එහියි.රාවණ ඔවුන්ව පරාජය
කළා.පරම පියා දැන් නැවතත් පැමිණ සිටිනවා.තමන් බාප්දාදා ළඟට යනවා කියා ඔය දරුවන්
කියනවා.පරම පියා මෙම දාදා හරහා ඔබගේ දෙව්ලොව රාජ්‍ය උරුමය ඔබට ලබා දෙනවා.පියා ඔබට
දෙව්ලොව රාජ්‍යය දෙනවා:වෙන මොනවාද දෙන්නේ?අවම තරමින් මේ තරම් දෙයක්වත් ඔය දරුවන්ගේ
සිහියට ඇතුළු විය යුතුයි.කෙසේවෙතත්,මායා ඔබට මෙය අමතක කරවනවා.ඇය ඔබට නිරන්තර සතුටක්
පවත්වා ගැනීමට ඉඩ දෙන්නේ නැහැ.හොඳින් ඉගෙන ගෙන හොඳින් උගන්වනා අය උසස් තත්ත්වයන්
දිනා ගනීවි.එක් තත්පරයකින් ජීවන මුක්තිය කියා සටහන් කර තිබෙනවා.ඔබට කිරීමට ඇත්තේ
එක් වතාවක් ඔහුව අවබෝධ කර ගැනීම පමණයි.සියළුම ජීවයන්ගේ එකම එක පියා දැන් පැමින
සිටිනවා.කෙසේවෙතත්,සෑම කෙනෙක්ටම ඔහුව මුණ ගැසෙන්න බැහැ.එය කළ නොහැක්කක් පරම පියා
පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි.ඔබ සෑම කෙනෙක්ම ගුරුවරුන්ය.මෙය හඳුන්වන්නේ ගීතා
පාඨශාලාව ලෙසයි.මෙම වචන ඉතාමත් හුරුපුරුදු වචනයි.ක්‍රිෂ්ණා ගීතාව දේහනා කළා කියා
කියනවා.කෙසේවෙතත්,මෙය ක්‍රිෂ්නාගේ පාඨශාලාව නොවෙයි.ක්‍රිෂ්ණා ජීවය මෙහි ඉගෙන
ගන්නවා.ස්වර්ණම යුගයේදි කිසිම කෙනෙක් ගීතා පාඨශාලාවකට වී ඉගෙන ගැනීමවත් ඉගැන්වීමවත්
කරනවාද?ක්‍රිෂ්ණා සිටියේ ස්වර්ණම යුගයේ වන අතර ඔහු උපත්84ක් ගත්තා.කිසිම කෙනෙකුගේ
ශරීරය තවත් කෙනෙකුගේ ශරීරයට සම වන්නේ නැහැ.නාටකසැලැස්මට අනුව සෑම ජීවාත්ම සත්තාවකම
ඔහුටම අවේණිකවූ උපත්84චරිත කොටස පටිගත වී තිබෙනවා.එක් තත්පරයක් අනෙක හා සම වන්නේ
නැහැ.ඔබ වසර5000ක චරිත කොටසක් රඟ දක්වනවා.එක් තත්පරයක් තුලදී ඔබ රඟ දක්වන ජවනිකාව
අනිත් තත්පරයට සම වෙන්නේ නැහැ.මෙය විශාල අවබෝධයක් ලද යුතු කරුණක්.මෙය නාටකයයි.ඔබගේ
චරිත කොටස් නොකඩවාම නැවත නැවතත් දිග හැරෙනවා.සෑම ග්‍රන්ථයක්ම අයත් වන්නේ භක්ති
මාර්ගයටයි.භක්තිය කල්ප බාගයක් පුරා පවතිනවා.පසුව මා පැමිණ සෑම කෙනෙක්ටම විමුක්තිය
දානය කරනවා.මීට වසර5000කට පෙර ඔබ විමුක්තිය ලබා සිටි අතර ඔබ එහි පාලනය ගෙන ගිය බව
ඔබලා දන්නවා.දුකක් කියා කිසිම සඳහනක් එහි තිබුණේ නැහැ.දැන් දුකම හැරෙන්න වෙන
කිසිවක් නැහැ:එය හඳුන්වන්නේ දුකෙහි දේශය කියලයි.සාමයේ,සතුටේ හා දුකෙහි දේශ
තිබෙනවා.මා පැමිණ ඔය භාරතවාසීන්ට සතුටු දේශයට මඟ පෙන්වනවා.මම සෑම කල්පයකදීම පැමිණිය
යුතුයි.මීට පෙරත් මම බොහෝ වාර ගණනාවක්ම පැමිණි අතර ඉදිරියටත් නොකඩවාම පැමිණෙමි.මෙයට
කිසිම අවසානයක් නැහැ.මුළු කල්ප චක්‍රය පුරාම ගොස් ඔබ දැන් දුක් දේශයට පැමිණි පසු මා
මෙහි පැමිණෙනවා.ඔබ දැන් උපත්84චක්‍රය මතක් කර ගන්නවා.පරමාත්ම පියා නිර්මාණකරු
ලෙසින් හැඳින් වෙනවා.ඔහු නාට්‍යයක් නිර්මාණය කරනවායි කියා මින් අදහස් වන්නේ
නැහැ.නිර්මාණකරු වෙනවා යනු ඔහු පැමිණ ස්වර්ණම යුගය නිර්මාණය කිරීමයි.ස්වර්ණම යුග
රාජ්‍යය හිමිව සිට පසුව එයඅහිමිකර ගත් අයට මා පැමින උගන්වනවා.මම ඔය දරුවන්ව හදා
ගන්නවා.ඔබලා මගේ දරුවෝ නේද?ඔබට උගන්වන්නේ පූජකවරයෙක් හෝ සාදුවරයෙක් නොවෙයි.සෑම
කෙනෙක්ම සිහිපත් කරනා එකම එක පියා පමණයි ඔබලාට උගන්වන්නේ.ඔවුන් සිහි කරනා කෙනා
අනිවාර්යෙන්ම කවදා හෝ දවසක අනිවාර්යෙන්ම මෙහි පැමිණේවි.තමන් ඔහුව සිහි කරන්නේ ඇයිද
කියා කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ.ඉතින් එමනිසා පාරිශුද්ධකරු වන පරම පියා
අනිවාර්යෙන්ම පැමිණෙනවා.ක්‍රිස්තුන් වහන්සේට නැවතත් පැමිණෙන්න කියා කතා කරන්නේ
නැහැ.ඒ ජීවය ගිහින් ඉවර නිසා නැවත පැමිණීමක් නැහැයි කියා තමයි සළකන්නේ.ඒ වුණත්
ඔවුන් සිහි කරන්නේ පාරිශුද්ධකරුවයි:උරුමය නැවතත් වතාවක් අපට දෙන්න බාබා දැන් පැමිණ
සිටිනා බව ඔයදරුවන් දන්නවා.ඔහු පැමිණෙන්නේ නව ලෝකය ස්ථාපනය කිරීමටයි.අනිකුත් ආගම්
නායකවරුන් තම තමන්ගේ වෙලාවට:රජෝ හා තමෝ වේලා වලදී පැමිණෙනවා.තමන් දැන් මාස්ටර්
ඥානාන්විතයින් බවට පත්ව ඇති බව ඔය දරුවන් දන්නවා.හොඳින් උගන්වා ඔබව ලෝක පාලකවරුන්
බවට පත් කරවන්නේ එකම එක පියායි.ඔහු ඒ තත්ත්වයට පත් වන්නේ නැහැ:මෙන්න මේ නිසා තමයි
ඔහු පරාර්ථකාමී සේවකයා කියා හඳුන්වන්නේ.තමන් කරන කිසිම දෙයකට තමුන් කිසිවක්
බලාපොරොත්තු වන්නේ නැහැයි කියාමිනිස්සුකියනවා.ඔවුන් පරාර්ථකාමී සේවකයින් කියා
කියනවා.කෙසේවෙතත්,එය එසේ විය නොහැකියි.ඔවුන්ගේ ඊළඟ උපත ඔවුන් ලබන්නේ ගෙන යන සංස්කාර
මතයි.අනිවාර්යෙන්ම ඔවුන් කළ දේවල ඵලය ඔවුන් ලබනවා.සන්යාසීවරුන් පවා ගෙවල් දොරවල් වල
නැවත උපත ලබා පසුව තම සංස්කාරයන්ට අනුව සියල්ල අතහැර යාමේ ධර්මයට ඇතුළු වෙනවා.ඒ
ලෙසින්ම බාබා සොල්දාදුවන්ගේඋදාහරණයත් ගෙන හැර දක්වනවා.ගීතාවේ සඳහන්:සටන් බිමේ
මියැදෙන්නන් ස්වර්ගයට යනවාය යන කියමන ඉදිරිපත් කරනවා කෙසේවෙතත්,දිව්‍ය ලෝකයටත්
කාලයක් තිබෙනවා.ස්වර්ණමය යුගයේ කාල පරාසය වසර සිය දහස් ගණනක් කියා ඔවුන්
කියනවා.පරමාත්ම පියා කියන්නේ මොනවාද ගීතාවේ සඳහන් වී ඇත්තේ මොනවාදැයි කියා ඔබට දැන්
තේරෙනවා.දේවවාක්‍යටඅනුව දෙවියන් කියන්නේ:මම සෑම තැනකම වාසය කරනවා කියා ඔවුන්
කියනවා.පරම පියා කියන්නේ:මම සෑම තැනකම සිටිනවා කියා සඳහන් කර මම මාව අපහාසයට ලක් කර
ගන්නේ කෙසේද?මම බල්ලන් බළලුන් තුළ සිටින්නේ කෙසේද?ඔබ මට ඥාන සාගරය යයි
කියනවා.එමනිසා,එවන් දේ වලින් මා ඇමතිය හැක්කේ කෙසේද?එය එතරම්ම බොරුවක්.කිසිම
කෙනෙක්ට කිසිම දැනුමක් නැහැ.සන්යාසීන් පිරිසිදු අය නිසා මිනිසුන් ඔවුන්ට විශාල
ගෞරවයක් දක්වනවා.ස්වර්ණමය යුගයේ කිසිම ගුරු කෙනෙක් නැහැ.මෙහි මනාලියක් තම මනාලයා
තමාගේ ගුරු කියා සැලකිය යුතු අතර වෙන කිසිම ගුරු කෙනෙක් අනුගමනය නොකළ යුතුයි කියා
කියනවා.එසේ කියවුණේ භක්තිය සතෝ ප්‍රධාන්ව පැවති කළයි.ස්වර්ණමයුගයේ ගුරුන් සිටියේ
නැහැ.භක්තිය ආරම්භයේ දීවත් ගුරුන් සිටියේ නැහැ.තම සැමියා තම මුළු ලෝකයමයි කියා
සිතනා ඔවුන් ගුරුන් ගැන සිතුවේ නැහැ.ඔබට දැන් මේ දේවල් තේරෙනවා.බ්‍රහ්ම කුමාරයින්
හා කුමාරීන් යන නම ඇසීමෙන්ම ඇතැම් අය බියට පත් වෙනවා.මන්ද ඔවුන් සිතන්නේ අප සියළු
දෙනාවම සහෝදර සහෝදරියන් කරවනවා කියලයි.ඔහෝ,කොහොමනමුත් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ
දරුවෙක් වෙන එක හොඳ දෙයක්.දිව්‍ය ලෝකයේ උරුමය දිනා ගන්නේ බීකේවරුන් පමණයි.ඔබ දැන්
එය දිනා ගනිමින් සිටිනවා.ඔබලා දැන් බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් වී
සිටිනවා.සැමියා බිරිඳත් තමන් සහෝදර සහෝදරියන් කියා සලකනා නිසා ශාරීරික අවධානයත්
පාපයේ දුර්ගන්ධයත් පලවා හැරීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.සහෝදර සහෝදරියන්,එකම පියාගේ
දරුවන් වන අප පාපයේ ගැලෙන්නේ කෙසේද?එය මහා විශාල පාපයක් වේවි.මෙය පාරුශුද්ධව සිටීමට
නාටකයේ නිර්මිතව ඇති ක්‍රමවේදයක්.සන්යාසීවරුන් අයිති වන්නේ හුදකලා මඟටයි.නමුත් ඔබ
අයිති වන්නේ පවුල් මගටයි.ඔබ දැන් මෙම කිළිටි ලෝකයේ ගත් පැවතුම් නවතා දමා මෙම ලෝකයම
අමතක කර දැමිය යුතුයි.ඔබලා දෙව්ලොව පාලකවරුන් ලෙසින් සිටියා පසුව රාවණ ඔබව කිළිටි
කළා.තමන් උපත්84ක් ගෙන තිබෙනවායි කියා අප කියන්නේ ඔබට යහපතක් වෙන දෙයක්.උපත්84ක්
ගෙන නොමැති නම් ඔවුන් මෙහි රැදෙනා එකක් නැහැ.ඔවුන් දේවතා ධර්මයට අයිති අය නොවන බවත්
දෙව් ලොවට නොඑන බවත් එවිට ඔබට අවබෝධ කර ගත හැකියි.පුරවැසියන් අතරිනුත් අඩු
තත්ත්වයක් ඔබුන් ලබා ගනීවි.පුරවැසියන් අතරත් ඉහළ පහළ තත්ත්ව තිබෙනවා.මෙම කරුණු
ග්‍රන්ථ වල සඳහන් වී නැහැ.පරමාත්ම දෙවියන් පැමිණ රාජ්‍යයක් ස්තාපනය කරනවා.ශ්‍රී
ක්‍රිෂ්ණා වයිකුන්තයේ,පාරාදීසයේ පලකවරයායි.එම පාරාදීසය ස්ථාපනය කරන්නේ පරම
පියායි.යම් තත්ත්වයක් දිනා ගත හැකි ආකාරයේ ගීතාව පරම පියා අපට පහදා දෙනවා.එකළ
ඉගෙනගැනීමටවත් ඉගැන්වීමටවත් අවශ්‍යතාවයක් නැහැ.ඔබ දැන් මෙම දැනුම ඉගෙන ගෙන
තත්ත්වයක් දිනා ගන්නවා.ඉන් පසුව විමුක්තිය ලබා තිබෙනා නිසා ආයිත් මෙම ගීතාවේ දැනුම
හැදෑරීමේ අවශ්‍යතාවයක් මතු වන්නේ නැහැ.වැඩි වැඩියෙන් උත්සාහ දැරූ තරමට ඔබට ඉහළ
තත්ත්වයක් දිනා ගත හැකි වේවි.මීට පෙර කල්පයේ දැරූ උත්සාහයම ඔබ නැවතත් ඒ ආකාරයෙන්ම
දරාවි.ඔබට ඉගැන්වූ ගුරුවරයාව හොඳින් නිරීක්ෂණය කර ඔබ ඔහුට හෝ ඇයටත් වඩා දක්ෂ කෙනෙක්
බවට පත්විය යුතුයි.ලොකු සීමාවක් තිබෙනවා.ඉහළම ඉහළ තත්ත්වය දිනා ගැනීමට ඔබ උත්සාහ
දැරිය යුතුයි.ප්‍රධානම දෙය වන්නේ තමෝ ප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් වීමයි.මෙම
කරුණ හොඳින් තේරුම් ගත යුතුයි.තම පවුලේ අයත් සමඟ නිවසේම වාසය කරනා ගමන් පරමාත්ම
පියාව සිහිපත් කරන්න.එවිට ඔබ පාරිශුද්ධ වේවි.මෙහි සෑම කෙනෙක්ම අපිරිසිදු අය වන අතර
දුකම හැරෙන්න වෙන කිසිවක් මෙහි නැහැ.සතුටු රාජ්‍යය පැවතියේ කවදාදැයි කියා කිසිම
කෙනෙක් දන්නේ නැහැ.දුකක් දැනෙන විට ඔවුන් අහෝ දෙවියනේ,අනේ රාමා ඇයි අපට මෙවන් දුකක්
දුන්නේ කිය කියා විලාප දෙනවා.කෙසේවෙතත්,දෙවියන් කිසිම කෙනෙක්ට දුකක් දෙන්නේ
නැහැ.ඔබට දුක් දෙන්නේරාවනුයි.ඔබගේරාජ්‍යයේ වෙනත්ධර්මයක් නොමැති බව ඔබ දැන්
දන්නවා.අන් සෑම ධර්මයක්ම පැමිණෙන්නේ පසුවටයි.ඔබ කොහේ ගියත් මෙම ඉගෙනුම ඔබත් සමඟ
පැමිණෙනවා.මන්මනාභව අරමුණ ඔබට ලැබී තිබෙනවා:පරමාත්ම පියාව සිහි කරන්න.පරමාත්ම
පියාගෙන් අපි අපගේ දෙව්ලොව උරුමය දිනා ගන්නවා.මේ තරම් දෙයක්වත් ඔබට සිහි කරන්න
බැරිද?මෙම ස්මරණය ස්ථාවරව තිබිය යුතුයි:මන්ද, ඔබගේ අවසන් සිතිවිලි ඔබගේ ගමනාන්තය
තීරණය කරනු ඇත. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. උදේ පාන්දර
බ්‍රහ්ම මුහුර්තියේ දී අවදි වී බාබා අපගේ පියාත් ගුරුවරයාත් වන්නේ කෙසේදැයි කියා
සිතාබලන්න.බාබා දැන් පැමිණසිටිනේනේ අපවඥානමිනිමුතු වලින් සරසාලීමටයි.ඔහු සියලුම
පියවරුන්ගේත්පියායි. සියලුම සැමියන්ගේත් සැමියායි.එවන් සිතිවිලි තබා ගනිමින් අසීමිත
සතුටක් විඳින්න.
2. සෑම කෙනෙකුගේම
උත්සාහයන් නොබැඳි නිරීක්ෂකයෙක් ලෙසින් නරඹන්න.උසස් තත්ත්වයක් දිනා ගැනීමේඋත්සාහය
දැරීමට තවත් ඉඩකඩ තිබෙනවා.එමනිසා,තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් වන්න.
වරදානය:
ඔබ බොහෝ
භාග්‍යවන්ත වී, පාපයෙන් තොර වීමේ බලයෙන්, සූක්ෂම කලාපය සහ තුන් ලෝකය අත්විදිත්වා.
පාපයෙන් තොර වීමේ බලය
ඇති සහ බුද්ධියේ යෝගාව සම්පූර්ණයෙන් අමිශ්‍ර තියුණු මට්ටමක ඇති භාග්‍යවන්ත දරුවන්ට
පහසුවෙන් තුන් ලෝකය වටා සංචාරය කළ හැක. ඔබගේ සිතිවිලි වලට සූක්ෂම කලාපයට ළගා වීම
සදහා, ඔබට සියලු සම්බන්ධතාවල සාරයේ අමිශ්‍ර සිහිපත් කිරීම තිබීමට අවශ්‍යයි. වඩාත්ම
බලවත් රැහැන මෙය වන අතර මායාට මෙහිදි බාධා ඇති කළ නොහැක. එබැවින් සූක්ෂම දේශයේ
සුන්දරත්වය අත්විදීම සදහා පාපයෙන් තොර වීමේ බලයෙන් ඔබව පුරවා ගන්න.
පාඨය:
ඕනෑම
පුද්ගලයෙකුට, භාණ්ඩයකට හෝ භෞතික සැප පහසුවකට ආකර්ෂණය වීම යනු, ඔබගේ මනසින් සහකරු වන
පියාව දික්කසාද කිරීමයි.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
සංගම යුගී
බ්‍රහ්මණයන්ගේ උතුම් ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය, පාරිශුද්ධත්වයයි. බ්‍රහ්මණ ජීවිතයේ
අලංකාරය, පාරිශුද්ධත්වයයි. භෞතික ජීවිතයකට හුස්ම අවශ්‍ය සේම, එමෙන්ම ඔබට හුස්ම
ගැනීමට නොහැකි නම් ඔබට ජීවත් වීමට නොහැකි සේම, බ්‍රහ්මින් ජීවිතයේ හුස්මය වන්නේ
පාරිශුද්ධත්වයයි. උපත් 21ක ඔබගේ ප්‍රතිලාභයේ අත්තිවාරම එනම්, පදනම පාරිශුද්ධත්වයයි.