29.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, කිසිම විටෙක ඔබගේ හදවත මේ පැරණි ලෝකයට හෝ මනුෂ්‍යයින් වෙත ආකර්ෂණය කරවන්න එපා. ඒ කෙරෙහි ඔබගේ හදවත ආකර්ෂණය කළ හොත් ඔබගේ වාසනාව පහතට වැටෙනවා.

ප්‍රශ්නය:
පරමාත්ම පියා දරුවන් වන ඔබට කියා ඇති මෙම නාටකයේ තිබෙන ගැඹුරුම රහස කුමක්ද?

පිළිතුර:
දරුවනි, මෙම නාටකය දැන් අවසන් වීමට ආසන්න හෙයින් සෑම ජිවාත්මයක්ම මෙහි පැමිණ සිටිය යුතු වෙනවා. සෑම කෙනෙකුගේම පියා දැන් පැමිණ සිටින නිසා සෑම ආගමකම ජීවයන් දැන් මෙහි පැමිණෙනවා. සෑම නෙනෙක්ම පියාට ආචාර දැක්වීම උදෙසා මෙහි පැමිණිය යුතුය. සෑම ආගමකම ජීවයක්ම ’මන්මනභාව්’ යන මන්ත්‍රයත් සමඟ ආපසු යනවා. කොහොමනමුත්, ඔවුන් ’මධ්‍යජීභව්’ යන මන්ත්‍රය උකහා ගන්නේ හෝ මේ ලෝකයේ පාලකයන් වෙන්නේ හෝ නැත.

ගීතය:
හදවතේ සහය බිඳී නොයා නිර්මාණය කර ගත් වාසනාව බිඳී නොයේවා...

ඕම් ශාන්ති.
සෑම මධ්‍යස්ථානයකම සිටින දරුවන් ගීතයට සවන් දුන්නා. ඔබ අද මෙයට සවන් දෙන අතර අනෙක් දරුවන් දින 3කට 4කට පසු එයට සවන් දෙනවා. ඔබ පැරණි ලෝකයට හෝ පැරණි ශරිරයන්ට ඔබගේ හදවත ආකර්ෂණය කර ගත හොත් එම ශරිරය අයත් වන්නේ මෙම පැරණි ලෝකයටම බැවින් ඔබගේ වාසනාව පහතට වැටෙනු ඇත. ඔබ ශරිර අවධානයට පත් වුව හොත් ඔබ නිර්මාණය කරගන්නා වාසනාව පහතට වැටෙනු ඇත. අවාසනාවන්ත තත්ත්වයේ සිට ඔබ දැන් බොහෝ වාසනාවන්ත තත්ත්වයට පත්වෙනවා. එමනිසා, හැකි උපරිම අයුරින් ඔබට ඒ අසීමිත උරුමය ලබා දෙන්නා වූ එකම පියා පමණක් සිහි කරන්න. පියාවත් උරුමයත් සිහිපත් කරන්න. පැරණි ලෝකයේ දැන් ඉතිරිව ඇත්තේ ඉතා කෙටි කාලයයි. ඔබ මේ ලෝකයේ සිට උත්සාහ දැරිය යුතු වන අතර සෑම ගුණාංගයකින්ම සම්පූර්ණ විය යුතුයි. පාරිශුද්ධත්වයේ සිටිනා බොහෝ දෙනා අතර නිතරම පහත වැටෙනා අයත් සිටිනවා. බාබා කියනවා ඔබ පරම පියාගේ සේවයේ සහකරුවෙකු බවට පත්විය යුතුය. මේ මුළු ලෝකයම අපිරිඳුතාවයෙන් පිරිසිඳුතාවයට පත්කිරිම විශාල සේවයක්. සෑම කෙනෙක්ම පියාට සහාය දෙනවා කියා දෙයක් නැහැ. බ්‍රහ්මිණ් වංශයේ සැරසිල්ලක් බවට පත් වී මීට ඉහත කල්පයේදිත් උදව් කළ අය සිහිබුද්ධියට පත් වේවි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ නම මෙහිදි සිහිපත් වෙනවා. බ්‍රහ්මාගේ දරුවන් අනිවාර්යෙන්ම බ්‍රහ්ම කුමර කුමරියන් ලෙස හඳුන්වනවා. අතීතයේ අනිවාර්යෙන්ම ඔවුන් මෙහි සිටියා. මිනිසුන් ආදි දේව් හා ආදී දේවී වත් සිහිපත් කරනවා. අතීතයේ ස්ථාපිත වූ ඕනෑම දෙයක් අනිවාර්යෙන්ම නැවතත් ස්ථාපිත වෙනවා. අතීතයේ ස්වර්ණම යුගය තිබුණුු බවත් එහි ආදී සනාතන දේවී දේවතා ධර්මය තිබුණු බවත් ඔබ දන්නවා. එය තව දුරටත් මෙහි නැහැ. පාලන බලය ගෙන ගිය එහි පිරිසිඳු ගෘහ ජීවිත මාර්ගයේ දේවතාවන් දැන් ඔවුන්ගේ 84 වන උපතේ අවසානයේ ඉන්නවා. ඔවුන් දැන් පිරිසිඳුත් නැහැ, ඔවුන් ළඟ දැන් ඒ රාජ්‍යයත් නැහැ. ඔවුන් අපිරිසිඳු බවට පත් වි සිටිනවා. පියා දැන් නැවතත් ඔවුන්ව පාරිශුද්ධත්වයට පත්කිරිම සඳහා පැමිණ සිටිනවා. ඔහු කියනවා ඔබගේ බුද්ධියේ සම්බන්ධය අපිරිසිඳු මිනිසුන් හා සම්බන්ධ කර ගන්න එපා. ඒ එකම පියා පමණක් සිහිපත් කරන්න. පියාගේ උපදෙස් පිළිපදින බවත් ඔහුගෙන් ඔබගේ උරුමය ලබනා බවත් ඔබ දන්නවා. බාබාත් ඔබට ඔබගේ උරුමය ලබා ගන්නා ආකාරය පෙන්වා දෙනවා. මිනිසුන් නොයෙක් ආකාරයේ ක්‍රම නිර්මාණය කරනවා. සමහරුන්ට විද්‍යාව කෙරෙහිත් තවත් සමහරුන්ට වෛද්‍ය විද්‍යාව ගැනත් ආඩම්බරයක් තිබෙනවා. කෙනෙකුගේ හදවත හොඳින් ක්‍රියා නොකරන විට එය මාරු කර ප්ලාස්ටික් හදවතක් දැමීමට පුලුවන් කියා ඔවුන් ලියා තිබෙනවා. ඔවුන් නියම හදවත ඉවත් කර කෘත්‍රිම හදවත් ක්‍රියාවේ යොදවනවා. මෙය හොඳ කුසලතාවයක්. ඒ තාවකාලික සතුට සඳහා පමණයි. ඔහු හෙට මිය ගිය හොත්, කිසිම ලැබීමක් නැහැ. ඔහු ලද ඕනෑම දෙයක් තාවකාලික කාලයක් සඳහා පමණයි. විද්‍යාව මාර්ගයෙන් ඔවුන් නොයෙකුත් දේ කර පෙන්වනවා. නමුත් ඒවා තාවකාලික කාලයක් සඳහා පමණයි. මෙය සම්පූර්ණයෙන්ම අසහාය වූ කරුණක්. ඒ පිරිසිඳු ජිිවය දැන් උපත් 84ක් ගැනිම නිසා දැන් අපිරිසිඳු බවට පත්ව සිටිනවා. අපිරසිඳු ජීවයන් දැන් පිරිසිඳු විය යුතුයි. නමුත් පරමාත්ම පියා හැර වෙන කිසිම කෙනෙක්ට එය කළ නොහැකියි. ඒ ඒකායන කෙනාගේ ප්‍රශංසනීය බව පමණයි තිබෙන්නේ. සෑම කෙනෙකුගේම පාරිශුද්ධකරුවා වන්නේත්, සෑම කෙනෙකුටම ගැලවීම ලබා දෙන්නේත්, සෑම කෙනෙකුටම අනුකම්පාව දක්වන්නේත්, සෑම කෙනෙකුටම අනුකම්පාව ඇති නායකයාත් ඔහුයි. මිනිසුන් විසින් ඔවුන් සර්වෝදය නායකයා යැයි කියා ගන්නවා. ’සර්ව’ යනු සියලු යන්නයි. සෑම දෙයක්ම එහි අඩංගු වෙනවා. සෑම කෙනෙකුටම අනුකම්පාව ඇති තැනැත්තා ලෙස සිහිපත් වන්නේ, අනුකම්පාසහගත හා අතිශය ප්‍රීතිමත් වූ ඒ ඒකායන පියා පමණයි. මනුෂ්‍යයන් මනුෂ්‍යයන් හටම කළ හැකි අනුකම්පාව කූමක්ද? ඔවුන්ට තමා කෙරෙහි හෝ අනුකම්පා ඇති කර ගත නොහැකි වන කල ඔවුන් අනෙක් අයට අනුකම්පා කරන්නේ කෙසේද? ඔවුන් ලඟ තිබෙන්නේ තාවකාලික අනුකම්පාවක් පමණයි. නමුත් ඔවුන් තමන්ට එවන් වූ ලොකු නම් දාගෙන තිබෙනවා. පරම පියා දැන් කියනවා මා ඔබට සදාකල් නිරෝගී වීමට හා සදාකල් ධනවත් වීමට තරම් වූ පහසු මාර්ගයක් පෙන්වා දෙනවා. එම ක්‍රමය ඉතා සරළයි. ඔබ මා අමතක කර තිබෙනා හෙයින් ඉතා සරළ ලෙස මා සිහිපත් කරන්න. ස්වර්ණම යුගයේදී ඔබ සතුටින් සිටි අතර මාව සිහිපත් කළේත් නැහැ. ඔබගේ උපත් 84හි ඉතිහාසය සහ භූගෝලය ගැන ඔබට කියා දි තිබෙනවා. මේ ආකාරටයි ඔබ පාලනය කරගෙන ගියේ. ඒ වාගේම ඔබ නිරන්තර සතුටින් හිටියා. පසුව දවසින් දවස ඔබ දිගින් දිගටම පහළට බැසගෙන ආ අතර තමෝප්‍රධාන්ව අසතුටට හා අපිරිසිඳු බවට පත් වූවා. පියා මීට ඉහත කල්පයේදි කළාක් මෙන්ම නැවතත් ඔබට ඔබගේ උරුමය ලබා දෙනවා. සෑම චක්‍රයකදිම ඔබ මෙහි පැමිණ ඔබගේ උරුමය ලබා ගන්නවා. ඔබ ශ්‍රීමත් ලබනවා. ශ්‍රීමත් කියන්නේ බාබාගෙන් ලැබෙන උපදෙස්. ඔහුගෙන් හැර ඔබ ශ්‍රීමත් ලබන්නේ වෙන කොතැනින්ද? පියා කියනවා ඒ ගැන සිතා බලන්න කාට හෝ මේ කුසලතාවය තිබෙනවාද? නැහැ. ඔබට ලෝකයේ පාලකයෙක් බවට පත්වීමට මාර්ගය පෙන්වා දෙන්නේ පරමාත්ම පියා පමණයි. ඔහු කියනවා මේ හැර වෙන කිසිම ක්‍රමයක් නැහැ. උසස් තත්ත්වයක් ලැබීම සඳහා දැනුම ලබා දෙන්නේ ඒ් පාරිශුද්ධකරුවා වූ පියා පමණයි. ලෝක චක්‍රය දැනගත් පමණට ඔබ පාරිශුද්ධත්වයට පත්වනවා කියා දෙයක් නැහැ. පියා කියනවා මා සිහිපත් කරන්න. දැන් පිරී තිබෙන පාප කළය පුච්චා දැමිය හැකි වන්නේ යෝගා ගින්නෙන් පමණයි. පියා කියනවා උපත් 84ක් ගැනීමෙන් ඔබ අපිරිසිඳු වි තිබෙනවා. මේ දවස් වල නම් ඔවුන් විසින්ම කියා ගන්නවා ‘‘ශිවෝහම්’’ (මම ශිවා). ඒ වගේ ඔවුන් කියනවා ‘‘තාත්වාම්’’’ (ඔබට අදාල වන්නේ එයමයි). එසේ නැති නම් ඔවුන් කියනවා, ඔබ උත්තරීතර ජීවයේ ස්වරූපයක්, නැතිනම්, ජීවය උත්තරිතර ජිවයයි. පරමාත්ම පියා දැන් මෙහි පැමිණ සිටිනවා. ඔබ දන්නවා, දැන් ශිව බාබා ගැන අනෙක් අය ද සිහිපත් කළ යුතු බව. ඒ් එකම උත්තරිතර පියා, උත්තරිතර ජීවයයි සෑම කෙනෙකුටම ගැලවීම ලබාදෙන්නේ. ශිවා වෙනුවෙන් ඇති මන්දිර එකක් වන අතර ශංකර්ගේ ස්වරූපය තවත් එකක්. ශිවා අශාරිිරික බවත් ශංකර් සූක්‍ෂම බවත් ප්‍රදර්ශනයන් හි පෙන් විය යුතුයි. ක්‍රිෂ්ණා භෞතික ස්වරුපයෙන් ස්ථාපිත වෙනවා. ඔහුත් සමඟම රාධේව පෙන්වීම නිවැරදියි. ඔවුන් ලක්‍ෂ්මි හා නාරායන බව මෙයින් ඔප්පු වෙනවා. ගීතාව කියවීමට ක්‍රිෂ්ණා තඹ යුගයේ සිට එන්නේ නැහැ. මිනිසුන් කලි යුගයේදි අපිරිසිඳු වන අතර සත් යුගය ආරම්භයේදි පිරිසිඳු වෙනවා. එමනිසා, සංගම් යුගයේදි ඔහු අනිවාර්යෙන්ම එනවා. මෙය දන්නේ පරම පියා පමණයි. ත්‍රිකාල්දර්ශි වන්නේ ඔහු පමණයි. ක්‍රිෂ්ණා ත්‍රිකාල්දර්ශි ලෙස හැඳින් විය නොහැකියි. ඔහුට තුන් කාලය පිළිබඳ වූ දැනුම දිය නොහැකියි. ඔහු ළඟ ලෝකයේ මුල, මැද හා අග පිළිබඳව දැනුම නැහැ. ඔවුන් කියනවා, ඔහු කුඩා දරුවෙක්, ඔහු දේව කුමර කුමරියන්ගේ පාසලක ඉගෙනිම සඳහා යනවා කියා. මුලදි කූමර කුමරියන්ට විශේෂ විද්‍යාල තිබුණ නමුත් දැන් මේ සෑම දෙයක්ම මිශ්‍ර වී තිබෙනවා. ක්‍රිෂ්ණා කුමාරයෙක් එමනිසා, තවත් බොහෝ කුමර කුමරියන් සිටියා විය යුතුයි. ඔවුන් එකටම ඉගෙන ගත්තා විය යුතුයි. ඒ තමයි පාපයෙන් තොර වූ ලෝකය. සෑම කෙනෙකුටම ගැලවීම ලබා දෙන්නා වන්නේ ශිව බාබා පමණයි. මනුෂ්‍යයන් සෑම කෙනෙකුටම ගැලවිම ලබා දිය නොහැකිය. පියා පමණයි මෙහි පැමිණ සෑම කෙනෙකුටම විමුක්තිය හා ජිවන මුක්තිය ලබා දෙන්නේ. දේව රාජ්‍යයේ වෙන කිසිම ආගමක් නැති බව විස්තර කර තිබෙනවා. ඔවුන් එන්නේ චක්‍රයේ දෙවන භාගයේදියි. එසේ නම් ඔවුන් ස්වර්ණම යුගයේ සිටින්නේ කෙසේද? ඔවුන් සියලු දේම අත්හරින හුදෙකලා මාර්ගයට අයත් හතයෝගින්. ඔවුන්ට රාජයෝගා තේරුම්ගත නොහැකියි. සන්යාසින් පැමිණි විට ඔවුන්ට කියන්න ඔබගේ අත්හැරිමේ මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් වූ එකක්. ඔබ දේවතාවන් බවට පත්වන්නේ නැහැ. මෙම රාජයෝගා අයිති වන්නේ ගෘහ ජීවිතයට අයත් අයටයි. භාරතයේ පිරිසිඳු ගෘහ ජිවිතය තිබුණා. දැන් කලි යුගයේ දී ඔවුන් අපිරිසිඳු ගෘහ ජිවිතයක් ගත කරන අය බවට පත්වෙලා. පරමාත්ම දෙවියන් කතා කරනවා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න! පැරණි ලෝකයට හෝ ශරිර සම්බන්ධතා කෙරෙහි ආකර්ෂණය වුව හොත්, අවසානයේ ඔබ ඉදිරියේ ඒවා දිස්වෙනවා ඒ පිළිබඳව ඔබට දර්ශන පෙනෙනවා. සමහර දරුවන් බොහෝ සෙයින් හංගනවා. මෙම උපතේදි ඔබ කර ඇති පාපයන් බාබාට කීමෙන්, එයින් භාගයකටම සමාව ලැබෙනවා. කොහොමනමුත්, ලැජ්ජාව නිසා, ඔබ බාබාට කියන්නේ නැහැ. බොහෝ දෙනා කිලිටි වූ වැඩ කරනවා. ඒවා ගැන බාබාට කීමෙන් තමන් නිදහස් වෙයි කියා ඔවුන්ගේ බුද්ධිය දන්නවා. සදාකාලික වෛද්‍යවරයා ඔහුයි. ලැජ්ජාව නිසා ඔබ ඔබගේ අසනීපය සැඟවුවහොත් එම අසනීප වලින් නිදහස් වන්නේ කෙසේද? ඔබ සිදුකළ පාපයන් ගැන බාබාට පැවසිමෙන් ඉන් භාගයකට සමාව ලැබෙනවා. බාබාට නොකියා සිටියොත්, ඒවා තව තවත් වැඩිවන අතර ඔබ තව තවත් ඒවාට ගොදුරු වෙනවා. එවිට ඔබගේ වාසනාව අවසන් වන අතර ඔබ අවාසනාවන්ත තත්ත්වයට පත්වෙනවා. පියා කියනවා ශරිරය සමඟ කිසිම සම්බන්ධතාවයක් තබා ගන්න එපා. නිරන්තරයෙන්ම දිගින් දිගටම මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබ කිසිම ආකාරයක කිලිටි වූ ක්‍රියාවක් නොකරනු ඇත. මොහු ධර්මරාජ් වන අතර ඔබ ඔහුගෙන් යම් දෙයක් සැඟවුවහොත් විශාල ලෙස දඬුවම් ලබන්නේ වෙන කෙනෙක් නොවෙයි. කාලය කෙමෙන් සමීප වනවාත් සමඟම සැම කෙනෙක්ටම දිගින් දිගටම දර්ශන ලැබෙන්න පටන් ගන්නවා. දැන් සෑම කෙනෙකුගේම කර්ම ගෙවා දමන කාලයයි. සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. ඔබ කරන ලද පාපයන් අනුව අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙනවා. ඇසිල්ලකින් ජීවන මුක්තිය ලැබෙනවා සේම ඇසිල්ලකින් දඬුවම් ලබන අවස්ථාවෙහිදි ඔබට එය ලැබෙන්නේ බොහෝ වේලාවක් පුරා දඬුවම් ලබන අයුරිනුයි. මෙය ඉතා සූක්ෂම යන්ත්‍රයක්. සෑම කෙනෙක්ම තම පාපයන් ගෙවා දමන කාලයට අනිවාර්යෙන්ම දඬුවම් අත්දැකිය යුතුයි. පසුව සෑම ජීවයක්ම පාරිශුද්ධත්වයට පත් වී ආපසු යනවා. පියා පමණයි මෙහි පැමිණ අපිරිසිඳු ජීවයන් පිරිසිඳු කරන්නේ. පරම පියා හැර වෙන කිසිම කෙනෙකුට මේ ක්‍රියාව කිරීමේ බලය නැහැ. පාප කළය දැන් උපත් 63ක් තිස්සේ කරන ලද පාපයන්ගෙන් පිරි පවතිනවා. සෑම කෙනෙකුටම දැන් රාහු බලපා තිබෙන කාලයයි. බොහෝ සෙයින් රාහු බලපා තිබෙන්නේ ඔබටයි. ඔබ ගුණාංගයන්ගෙන් සම්පූර්ණ වී සිටි නමුත් දැන් ඔබ වටා රාහු බලපා තිබෙනවා. දරුවන් දැන් දැනුම ලබාගෙනයි තිබෙන්නේ. පියා ඔබට කියනවා ඔබ භාරතයේ පාලකයන්ව සිට පසුව උපත් 84ක් ගත්තා. ඇත්තෙන්ම ඔබ අයත්ව සිටියේ දේව ආගමට බවත්, පසුව අපිරිසිඳුතාවයට පත්වීම හේතුවෙන් ඔබ හින්දුන් ලෙස ඔබව හඳුන්වාගත් බවත් ඔහු කෙලින්ම කියනවා. වෙන කිසිම කෙනෙක් හින්දු ධර්මය ස්ථාපණය කළේ නැහැ. නිකායන් හා ගෝත්‍රයන් වංශයන් ලෙස හැඳින් විය නොහැකියි. වංශයක් තිබෙන්නේ රජවරුන්ටයි. ලක්ෂ්මි හා නාරායන එක, දෙක හා තුන වශයෙන් තිබෙනවා. අපිරිසිඳුතාවයෙන් පිරිසිඳුවීම ඔබ කළ යුතුම දෙයක්. අපිරිසිඳු බවට පත්වීම නිසා ඔබට ඔබව දේවතාවන් ලෙස හඳුන්වා ගත නොහැකියි. ඔබ වන්දනා ලැබීමට සුදුසු බවත් ආදී සනාතන දේවී දේවතා ධර්මයට ඔබ අයත් වූ බවත් ඔබට වැටහෙනවා. මිනිසුන් වන්දනා කරන්නේ තමන්ගේ ආගමේ පිළිම වලට පමණයි. තමන් වන්දනීයත්වයට සුදුසු වූ දේවතාවන් වූ බවත්, දැන් වන්දනාකරුවන් බවට පත්ව සිටින බවත් ඔවුන් අමතක කර තිබෙනවා. පියා ඔබට උරුමයක් දුන් බවත්, පසුව ඔබ අපිරිසිඳු බවට පත් වූ පසු ඔබ තමන්ගේම පිළිම වලට වඳින්නට පටන් ගත් බවත් දැන් වැටහෙනවා. ඔබ වන්දනීයත්වයට සුදුස්සන්ව සිට දැන් වන්දනාකරුවන් බවට පත්ව සිටිනවා. භාරතයේ හැර වෙන කිසිම කෙනක්ට මෙය කියන්න බැහැ. ඔබව නැවතත් දේවතාවන් බවට පත් කරවීම සඳහා බාබා එන්නේත් භාරතයට පමණයි. පසුව සෑම ජීවයක්ම තමන්ගේ පාප ගෙවා දමා ගෙදර යනවා. සෑම ජීවයක්ම දිගින් දිගටම පියාට කතා කරනවා. අහෝ දෙවියනි, පියාණනි. මෙය ඔබ විසින් තේරුම් ගත යුතු දෙයක්. මේ කාලයේදි ඔබට පියවරුන් තිදෙනෙක් සිටිනවා එක් කෙනෙක් ශිව බාබා, අනෙක් කෙනා ඔබගේ භෞතික පියා සහ මේ සුක්ෂම පියා, ප්‍රජාපිතා බ්‍රහ්මා. සෑම කෙනෙකුටම පියවරු දෙදෙනෙක් සිටිනවා. භෞතික පියා හා මෙලොවින් එපිට කෙනා. ස්වර්ණම යුගයේදි ඔබට ඉන්නේ එක පියෙකුයි. භෞතික පියායි. එහිදි ඔබ මෙලොවින් එපිට පියා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන්ට සතුට තිබෙන කල ඒ එපිට පියාව සිහිපත් කරන්නේ ඇයි? සෑම කෙනෙක්ම දුක් සහිත අවස්ථාවේදි ඔහුව සිහි කරනවා. මෙහිදී ඔබට පියවරු තිදෙනෙක් සිටිනවා. මෙය තේරුම් ගත යුතු දෙයක්. එහිදි ඔබ ජිිවාත්ම අවධානයේ සිටියත් පසුව ශරිර අවධානයට පත් වෙනවා. මෙහිදී ඔබ ජිිවාත්ම අවධානයට මෙන්ම පරමාත්ම දෙවියන් පිළිබඳ වූ අවධානයටත් පත්වෙනවා. පියාගේ දරුවන් බවට පත්වීමේ හා ඔහුගෙන්ම තමන්ට අයත් උරුමය දිනා ගන්නවාය යන පිරිසිඳු ආඩම්බර කම ඔබ තුළ තියෙනවා. ඔහු පියා, ගුරුවරයා හා සත්ගුරු වෙනවා. ඔහුගේම මෙම ප්‍රශංසාව හොඳින් පැහැදිලි කර කියා දිය යුතුයි. දරුවන් වන ඔබට ඔහුගේ උරුමය ලබාදෙන්නේ ඔහු පැමිණි විට පමණයි. සත් යුගයේදි එය ඔබ සතුව තිබුණා. පසුව උපත් 84ක් ගැනිමෙන් අනතුරුව එය අහිමිවුණා. මෙය පැහැදිලි කර දිම ඉතාමත් පහසුය. පාරිශුද්ධකරු, සියලු දෙනාටම මුක්තිය ලබා දෙන්නා කියා කියන්නේ පරමාත්ම පියාටයි. මෙය අපිරිසිඳු අයගේ ලෝකයයි. කොහොමද කෙනෙක් විමුක්තියක් ලබා දෙන්නේ? ග්‍රන්ථ රාශියක් කියවා ඇති කෙනෙකුට ඔහුගේ අවසන් මොහොතට ඉන් කිසියම් දෙයක් ලැබෙනවා ඇති. පසුව ඔහුගේ මීලඟ උපතේ ළමා කාලයේදි ඒවා ගැන කීමේ හැකියාවක් ඔවුන්ට ලැබෙනු ඇත. පියා දැන් ඔබට එවන් මිහිරි දේ කියා දේ. දරුවනි, ඔබ තමෝප්‍රධාන් වී ඇත. දැන් පරම පියාව සිහිපත් කරන්න. ඔබගේ කහට සියල්ල නැති වී යනු ඇත. නාටකය අවසන් වීමට ආසන්නයි. සියලු දෙනාම පැමිණිය යුතුයි. ඔවුනුත් පරමාත්ම පියාට අචාර කිරීම සඳහා පැමිණේවි. ඔවුන් විශ්වයේ පාලකයන් බවට පත්වන්නේ නැහැ. එමනිසා, ඔවුන් ’මන්මනභාව්’ යන මන්ත්‍රය ගෙන පරමාත්ම පියාව සිහිපත් කිරිම පමණක් කරනු ඇති. ඔබ ලඟ මන්ත්‍ර දෙකක් තිබෙනවා මන්මනභාව් හා මද්යාජිභාව්. පරම පියා ඔබට එවන් යහපත් ක්‍රමයක් උගන්වනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම පැරණි ලෝකයේ වාසය කරනා අතරේ ඔබ උත්සාහ දරා අනිවාර්යෙන්ම සියලුම ගුණධර්ම වලින් සම්පූර්ණ විය යුතුයි. පැරණි ශරිරයට හෝ පැරණි ලෝකයට ඔබගේ හදවත් බැඳ ගන්න එපා. වාසනාවන්ත වන්න!

2. ජීවාත්ම අවධානයෙන් හා පරමාත්ම දෙවියන් පිළිබඳ වූ අවධානයෙන් සිටින්න. සියල්ල අහවර කර දමන මෙම වේලාවේදි පියාගෙන් කිසිම දෙයක් සඟවන්න එපා. සදාකාලික වූ ශල්‍ය වෛද්‍යවරයාගෙන් දිගටම උපදෙස් ලබා ගන්න.

වරදානය:
නරක ආශ්‍රයේ බලපෑමෙන් ඈත් වී, පරම පියාට සමීපව සිටීමේ වාසනාව ඔබට නිරන්තරයෙන් ලැබේවා , එමගින් ගෞරවාන්විතව සමත් වේවා.

ඔබ පරම පියාට සමීපව සිටීමට කැමති නම්, නරක ආශ්‍රයේ බලපෑමෙන් ඈත් වන්න. බොහෝ ආකාරයේ පරීක්ෂණ පත්‍රිකා ආකර්ෂණීය ස්වරූපයෙන් පැමිණෙනවා ඇත, නමුත් ඒවාට ආකර්ෂණය නොවන්න. බොහෝ ආකාරයේ ආශ්‍රයන් වල බලපෑම් ඇත. නිෂ්ඵල සිතිවිලි, මායා කෙරෙහි ආකර්ෂණය පිළිබඳ සිතිවිලි, ඥාතීන්ගේ ඇසුර, වචන වල ඇසුර, අපිරිසිදු ආහාර වල ඇසුර සහ ක්‍රියාවන්ගේ ඇසුර ඇත. මේ සියලු ආකාරයේ ආශ්‍රයන්ගේ බලපෑමෙන් තමන්ව ආරක්ෂා කර ගන්නා අය ගෞරවයෙන් සමත් වනු ඇත.

පාඨය:
සුරදූතයන් වන්න, එවිට පරමාත්ම පියාම අහිතකර තත්ත්වයන්ට එරෙහිව ඔබේ ආරක්ෂක වියන බවට පත්වනු ඇත.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

ඔබව සහ අන් අයව නිරන්තර, නොසැලෙන සහ අචල බවට පත් කිරීමට අවශ්‍ය වන විශේෂ බලය වන්නේ නාටකය පිළිබඳ කරුණයි. මෙම බලයේ ස්වරූපය ධාරණය කර ගන්නා අය කිසි විටෙකත් පරාජය කළ නොහැක. කෙසේවෙතත්, පළමුවෙන්ම, නාට්‍යයේ කාරණය අදාල කරගෙන නිෂ්ඵල සිතිවිලි පිරිසිදු සිතිවිලි බවට පරිවර්තනය කර ගන්න. ඉන්පසු, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ පදනම මත, ඉදිරියේ දී පැමිණීමට ඇති මායාගේ විවිධ ආකාරයේ බාධක සියල්ල අවසන් කර ගන්න.