29.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබේ ශරීරය ඇතුළු සියල්ලක්ම විනාශ වී යාමට තිබෙන බව ඔබට දැකගත හැකි වේ. ඔබ ජීවාත්මයන් දැන් නිවසට යාමට සිටින නිසා මේ පරණ ලෝකය අමතක කළ යුතුයි.

ප්‍රශ්නය:
සෑම දෙනාටම පරම පියාගේ පණිවුඩය ඔබට දීමට හැකි වන්නේ කිනම් වචන ප්‍රයෝග කිරීමෙන් ද?

පිළිතුර:
සෑම දෙනාටම මෙසේ පවසන්න: අසීමිත පරම පියා අසීමිත උරුමය දීමට පැමිණ සිටිනවා. දැන් සීමිත උරුමයන් ගේ කාලය නිමාවට පැමිණේ, එනම්, භක්තිය දැන් නිමා වෙයි. රාවණ රාජධානිය දැන් නිමා වෙමින් ඇත. පරම පියා දැන් ඔබව රාවණගේ පස්පව් නම් සිරකුටියෙන් මුදවන්නට පැමිණ ඇත. අතිශය සුබ වූ සංගම යුගය මෙය වූ නිසා ඔබ උත්සාහ දරා දිව්‍යමය ගුණධර්ම ඇත්තන් බවට පත්විය යුතුයි. ඔබ මෙම සුබම සුබ වූ සංගමය වටහාගත්තොත් පමණයි ඔබේ ස්ථිතිය උසස් බවට පත්වන්නේ.

ඕම් ශාන්ති.
ඔබ ආධ්‍යාත්මික දරුවන් කුමක් කරමින් සිටින්නේ ද? ඔබ අමිශ්‍ර ස්මරණයෙහි සිටිනවා. එකක් අමිශ්‍ර ස්මරණය අනෙක මිශ්‍රිත ස්මරණය. අමිශ්‍ර ස්මරණය හෝ අමිශ්‍ර භක්තිය මුලින්ම ආරම්භ වූ කල සෑම කෙනෙක්ම ශිවාට වන්දනා කළා. ඔහුම පමණක් අති උසස්ම දෙවියන්ය. පියාත් ගුරුවරයාත් ඔහුම වේ. ඔහු ඔබට උගන්වනවා. මොනවද ඔහු ඔබට උගන්වන්නේ? ඔහු ඔබව මනුෂ්‍ය බවෙන් දේවතා බවට වෙනස් කරයි. ඔබ දරුවන් දේවතා බවෙන් මනුෂ්‍යයන් බවට වෙනස් වන්නට උපත් 84ක් ගනී. එසේම මනුෂ්‍ය බවෙන් දේවතාවන් වීමට ගත වන්නේ තත්පරයක් පමණි. ඔබ ඉඳින්නේ පරම පියාගේ ස්මරණයෙහිය යන්න ඔය දරුවන් දන්නවා. අපගේ ගුරුවරයාත් සත් ගුරුත් ඔහුම වේ. ඔහු අපට උගන්වන යෝගාව ඒකායන ස්මෘතියෙහි ඉඳීමයි. ඔහු විසින්ම කියනවා: ඕ ජීවාත්මයනි, ඕ දරුවනි, සියලු ශරිර සම්බන්ධතාවන් අත්හරින්න,මන්ද, ඔබ දැන් නිවසට යා යුතුව ඇත. මේ පරණ ලෝකය වෙනස් වෙමින් පවතී. මෙහි තව දුරටත් ඔබ නොසිටියි. ඔවුන් පරණ ලෝකය විනාශ කිරීමට යුද්ධායුධ ආදිය නිර්මාණය කර තිබේ. ස්වභාවික ව්‍යසනයන් පවා උපකාර වේවි. විනාශය අනිවාර්යෙන් සිදු වෙන්න ඕන. ඔබ සිටින්නේ සුබම සුබ සංගම යුගයේයි. අප දැන් නිවසට ආපසු යා යුතු බව ඔබ ජීවාත්මයන් දැන සිටී. මේ නිසායි පියා කියන්නේ: ඔබ මේ පරණ ලොවත් පරණ ශරීරත් අත්හැරිය යුතුයි කියා. මේ ලොව තුළ ඔබ දකිනා, ඔබේ ශරීරය ඇතුළු සියල්ලක්ම විනාශ වීමට ඇත. අප ජීවාත්මයන් දැන් නිවසට ආපසු යාමට ඇත. පළමුවෙන් අප නිවසට නොගොස්, නව ලෝකයට යා නොහැකියි. ඔබ දැන් අති උසස් මනුෂ්‍යයන් වීමටයි උත්සාහ දරමින් සිටින්නේ. අති උසස් මනුෂ්‍යයන් දේවතාවන්ය. සියල්ලට වඩා උසස් වන්නේ නිරාකාරී පරම පියායි. ඉන්පසු උසස්ම අය මනුෂ්‍ය ලොවෙහි දේවතාවන්ය. ඔවුනුත් මනුෂ්‍යයන් තමයි එහෙත් ඔවුන්ට දිව්‍යමය ගුණධර්ම ඇත. ඉන්පසු ඔවුන් යක්‍ෂ ගුණාංග සහිත අය බවට පත් වෙනවා. දැන් ඔබ යක්‍ෂ ගුණාංග වලින්දිව්‍යමය ගුණධර්ම ඇත්තන් බවට වෙනස් වෙන්න ඕන. ඔබ ස්වර්ණම යුගයට යා යුතුව ඇත. එහි යන්නේ කවුරුන්ද? එහි යන්නේ ඔය දරුවන්මයි. ඔය දරුවන් ඉගෙන ගනිමින් අන් අයටත් උගන්වනවා. හුදෙක් ඔබ විසින් දිය යුත්තේ පරම පියාගේ හැඳින්වීමයි. අසීමිත පරම පියා අසීමිත උරුමය දීමට පැමිණ ඇත. සීමිත උරුමයත් දැන් නිමාවෙමින් ඇත. පරම පියා පැහැදිලි කර තිබෙයි. ඒ සියලුම මනුෂ්‍යයන් පස් පව් නම් රාවණගේ සිර කුටියෙහියි සිටින්නේ කියා. සියල්ලන්ම නොකඩවා දුක අරගන්නවා. ඔවුන්ට ලැබෙන්නේ වියළි චපාතියි. පරම පියා ඇවිත් ඔබව රාවණ ගේ සිර කුටියෙන් නිදහස් කර ඔබව නිරන්තර සතුටට පත් කරවයි. පරම පියා මිස අන් කිසිවකුටත් මනුෂ්‍යයන්ගෙන් දේවතාවරු බවට වෙනස් කිරීම කළ නොහැක. ඔබ මෙහි ඉඳින්නේ මනුෂ්‍ය බවෙන් දේවතා බවට වෙනස් වීමටයි. දැන් යකඩ යුගයයි එසේම බොහෝ ආගම් ද තිබේ. පරම පියාම මෙහි ඉඳිමින් ඔය දරුවන්ට නිර්මාතෘවරයාගේ සහ නිර්මාණයේ හැඳින්වීම ලබා දෙනවා. ඔබ මෙසේ කියනවා: "ඊශ්වර්" "පරමාත්මා" කියා. ඔබේ පියා, ගුරුවරයා සහ ගුරු ද ඔහුම බව ඔබ නොදැනයි සිටියේ. ඔහුට සත්ගුරු යැයි කියති. ඔහුට අමරණීය ප්‍රතිරුව කියාත් කියති. ඔබට ජීවාත්මයන් සහ මානවයන් කියති. එම අමරණීය ප්‍රතිරුව දැන් මේ ශරීරයේ සිහසුන මතයි ඉඳින්නේ. ඔහු උපත ලබන්නේ නැත. ඉතිත් මේ අමරණීය ප්‍රතිරුව, පරම පියා ඔය දරුවන්ට පැහැදිලි කරනවා: මාගේය කියා රථයක් මා සතුව නොමැත. ඉතින් කෙසේ මා ඔය දරුවන්ව පාරිශුද්ධ කරන්නද? මා හට රථයක් අවැසි වේ. මේ අමරණීය ප්‍රතිරුවට පවා සිහසුණක් අවශ්‍ය කරයි. අමරණීය සිහසුණු තිබෙන්නේ මානව ජීවයන්ටයි. මෙම සිහසුණ වෙනත් කිසිවකුටත් නොතිබේ. ඔබ සෑම කෙනෙකුටම සිහසුනක් අවැසියි. දැන් එම ජීව සත්තාව, අමරණීය ප්‍රතිරුව. විද්‍යාමානව මෙහි සිටී. ඔහු සියල්ලන්ගේම පියා වේ. ඔහුට මහා-කාල් (මහා මරණය) කියති. ඔහු පුණර්භවයට නොපිවිසෙයි. ඔබ පුණර්භවයට පිවිසෙයි. මා පැමිණෙන්නේ කල්ප චක්‍රයේ සංගම යුගයේ දීය. භක්තියට රාත්‍රිය කියාත්. ඥානයට දහවල කියාත් කියති. මෙය තරයේ සිහි තබා ගන්න. තවද ප්‍රධාන විෂයන් දෙකකි: ඇල්ෆා සහ බීටා එනම් පරම පියා සහ ස්වාධිපත්‍යය. පරම පියා පැමිණ ඔබට ස්වාධිපත්‍යය ලබා දෙයි. එය ඔබ ලබා ගන්නේ කෙසේද කියා උගන්වයි. අන්න එම නිසායි මෙයට පාසලක් කියාත් කියන්නේ. දෙවියන් කතා කරයි: දෙවියන් අශාරීරිකයි. එහි ද ඔහුගේ කොටසක් තිබෙන්න ඕන. ඔහු අති උසස්ම දෙවියන්, සැවොම ඔහුව සිහිපත් කරති. පරම පියා කියයි: භක්ති මාර්ගයේ මිනිස්සු ම සිහිපත් නොකරනවා නොවෙයි. සෑම කෙනෙක්ම තමන්ගේ හදවතින් මා සිහිපත් කරනවා; අහෝ දෙවියනී! අහෝ ගැලවුම් කරුවාණෙනී! අහෝ දෙවි පියාණෙනී! කියා. ඔහු සියලු ජීවාත්මයන්ගේ පියායි. නියතවම ඔහු අසීමිත සතුට ලබා දී තිබෙනවා. සීමිත පියෙකු දෙන්නේ සීමිත සතුටයි. කිසිම කෙනෙක් නොව දන්නේ එම පරම පියා දැන් පැමිණ සිටින බව. එසේම ඔහු මෙසේ කතා කරනවා: දරුවනි, සියලු දෙනා කෙරෙන් ඔබේ සම්බන්ධය බිඳ ඔබේ පියා වූ මාවම පමණක් සිහිපත් කරන්න. ඔබ නව ලොවෙහි දේවතාවරුන් වී සිටියා කියාත් ඔහු කීවා. එහි අසීමිත සතුට ඇත. එහි සතුටට නිමාවක් නැත. නව නිවසක් වූවාම එහි සැම විටම සතුට තිබෙයි. නමුත් පරණ නිවසක අත්විඳින්නේ දුකයි. එමනිසයි, පරම පියා ඔය දරුවන් වෙනුවෙන් නව ගොඩ නැගිල්ලක් තනමින් සිටින්නේ. ඔය දරුවන්ගේ බුද්ධියේ යෝගාව තව තිබෙයි. දැන් අසීමිත පියා නව ලොවක් නිර්මාණය කරමින් සිටිනවා. පරණ ලොවේ දක්නට තිබෙන සියල්ලක්ම පාහේ සොහොන් පිටියක් බවට හැරේ. සුරඟනුන්ගේ දේශය ස්ථාපිත වෙමින් ඇත. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේයි. ඔබට යකඩ යුගයත් එමෙන්ම ස්වර්ණම යුගයත් දැකිය හැකියි. සංගම යුගයේ දී, ඔබ සියලු දේ දකින්නේ නොබැඳි නිරීක්‍ෂකයකු සේය. මිනිස්සු ප්‍රදර්ශන හෝ කෞතුකාගාර වලට පැමිණි විට සංගම යුගය ගැන ඔවුන්ව අවබෝධමත් කරවන්න. මේ පැත්තේ යකඩ යුගයත්, අනෙක් පැත්තේ ස්වර්ණම යුගයත් සහ ඒ අතර මැද සංගම යුගයත් ඇත. පරම පියා ඉතා සුළු ජනතාවක් සිටිත නව ලොවක් ස්ථාපනය කරමින් සිටිනවා. වෙතත් ආගම් වල කිසිවකුත් එහි නොයති. ඔබ පමණයි එහි මුලින්ම යන්නේ. ඔබ දැන් දිව්‍ය ලෝකයට යාමට උත්සාහ කරමින් සිටිනවා. මා හට, ඔබව පාරිශුද්ධ කිරිමට ඔබ මෙසේ කතා කළා: ඕ බාබා, අපව පාරිශුද්ධ කර පාරිශුද්ධ ලොවට රැගෙන යන්න. ඔබ මෙසේ කීවේ නැහැ: අපව සාම දනව්වට රැගෙන යන්න කියා. පරම්දාමය සුමිහිරි නිවසයි. අප මුක්ති දේශය කියාත් කියන නිවසට දැන් යා යුතුයි. සන්යාසීන් ආදීන් උගන්වන්නේත් මේ සඳහායි. ඔවුන්ට සතුටු දේශයේ මොනම දැනුමක්වත් දිය නොහැක: ඔවුන් හුදෙකලා මාර්ගයට අයත් වේ. ඔය දරුවන්ට මොන වේලාවට මොන ආගම් පැමිණේ දැයි කියා තිබෙනවා. මානව වෘක්ෂයේ මුලින්ම ඔබේ පදනම තිබේ. බීජය වෘක්ෂයේ ස්වාමියා යැයි හඳුන්වා ඇත. පරම පියා කියයි: වෘක්ෂයේ ස්වාමියා වූ මා සිටින්නේ ඉහළමයි. මම වෘක්ෂය සම්පූර්ණ දිරාපත් වන අවස්ථාවේ දී, දේවතා ධර්මය ස්ථාපනය කිරීමට එමි. පදනමක් නැතිව කෙලින් සිටින පුදුම සහගත නුග ගසක් ඇත. මෙම අසීමිත වෘක්ෂයෙහි ආදී සනාතන දේවතා ධර්මය නොතිබේ. මෙහි අනෙකුත් සියලු ධර්මයන් තිබෙයි. ඔබ අශාරීරික ලොවේ වාසය කළා. පසුව ඔබ ඔබේ චරිත කොටස් රඟපෑමට මෙහි පහළට බැස්සා. ඔය දරුවන් සෑම චරිත කොටසක්ම රඟපායි. එබැවින්, උපරිම වශයෙන් උපත් 84ක් සහ අවම වශයෙන් එක් උපතක් තිබෙයි. එවිට මිනිස්සු උපත් බිලියන 8.4ක් ගැන පවසති. මෙපමණ උපත් කා හට තිබේද කියා ඔවුන්ට නොවැටහේ. පරම පියා පැමිණ, ඔය දරුවන් උපත් 84ක් ගන්නා බව පැහැදිලි කරයි. මා වෙතින් මුලින් ම වෙන්වී ගියේ ඔබලායි. මුලින්ම, ස්වර්ණම යුගී දේවතාවරු සිටී. එම ජීව සත්තාවන් ඔවුන්ගේ චරිත කොටස් රඟපාද්දී අනෙකුත් සියලු ජීව සත්තාවන් ගියේ කොතැනටද? ඔබ පමණයි එය දන්නේ. අනෙක් සියලු ජීව සත්තාවත් එවෙලෙහි සාම දනව්වේ ඉඳී. එමනිසා, සාම දනව්ව වෙනම තැනක ඇත. කෙහොම වෙතත් හුදෙක් මේ ලෝකය පමණයි තිබෙන්නේ. මෙහි චරිත කොටස් රඟදැක්වෙයි. නව ලොවෙහි, ඔබ සතුටු චරිත රඟපායි. එහෙත් පරණ ලොවෙහි ඔබට දුක් චරිත රඟපාන්න වෙනවා. මෙය සතුට සහ දුක පිළිබඳ නාටකයයි. එය රාම රාජධානියයි. ලොවෙහි කිසිම මිනිසෙකු ලෝක චක්‍රය කැරකෙන ආකාරය නොදනී. ඔවුන් නිර්මාතෘවත් එසේම නිර්මාණයේ ආරම්භය, මධ්‍යය හෝ අන්තය ගැනවත් නොදනී. ඥාන සාගරය යනුවෙන් හැඳින්වෙන්නේ ඒකායන පියාවයි නිර්මාතෘවරයාගේ සහ නිර්මාණයේ ආරම්භය, මධ්‍යය සහ අන්තය පිළිබඳ දැනුම මොනම වේද ග්‍රන්ථ වලත් සඳහන් වී වී නැත. මා ඔබට එය කියනවා. අනතුරුව එය අතුරුදහන් වී යනවා: එය ස්වර්ණම යුගයේ නොපවතී. භාරතයේ ආදි සනාතන සහජ රාජයෝගාව යනුවෙන් සිහිපත් කෙරෙයි. ගීතාවෙහි "රාජ යෝගා" නාමය සඳහන් වේ. පරම පියා ඔබට රාජයෝග උගන්වා ඔබට රාජධානියේ උරුමය ලබා දෙයි. නිර්මාණය වෙතින් ඔබට උරුමය නොලැබේ. නිර්මාපක වූ පරම ඔ පියාගෙනුයි ඔබ උරුමය ලබන්නේ. සෑම මනුෂ්‍යයෙක්ම නිර්මාණයයි. මන්ද ඒ සෑම කෙතාම දරුවන් නිර්මාණය කරයි. ඔවුන් සීමිත බ්‍රහ්මාවරුන් ය. එවිට මේ කෙනා අසීමිත බ්‍රහ්මා වේ. අර කෙනා අශරීරික ජීව සත්තාවන්ගේ පියා වේ. භෞතික පියෙක් ලෞකික පියෙකි. එවිට මොහු ප්‍රජාපිතා (මනුෂ්‍යත්වයේ ම පියා) වේ. ප්‍රජාපිතා සිටිය යුත්තේ කෙවිට ද? ස්වර්ණම යුගයෙහි ද? නැත. ඔහු සිටිය යුත්තේ සුබම සුබ වූ සංගම යුගයේ දීය. ස්වර්ණම යුගය පවතින්නේ කොයි කාලයේද යන්න මිනිසුන් නොදනී. ඔවුන් එම ස්වර්ණම යුගය සහ යකඩ යුගය ආදිය වසර සියදහස් ගණන් පැවතේ යැයි කියති. පරම පියා පැහැදිලි කරයි: සෑම යුගයක්ම වසර 1250කි. එහි උපත් 84ක ගිණුම ඇත. එසේම ඔබ පහළට බැස එන සංඛ්‍යාව ඉනිමඟේ ගිණුමක් පෙන්වා ඇත. මුලින්ම, පදනම වශයෙන් දේවතාවරු සිටී. ඔවුන්ගෙන් පසු ඉස්ලාම් ධර්මය සහ බෞද්ධ ධර්ම පහළ වෙයි. පරම පියා ඔබට වෘක්ෂයේ රහස් ගැනත් පැහැදිලි කර ඇත. පරම පියා හැර අන් කිසිවකුටත් මෙය ඔබට ඉගැන්විය නොහැක. මිනිස්සු ඔබෙන් අසයි: මේ පින්තූර සෑදුවේ කොහොම ද? කවුද ඔබට මේවා උගන්වන්නේ? ඔවුන්ට කියන්න: බාබා අපට ට්‍රාන්ස් තුළින් මේවා පෙන්වා දුන්නා. එවිට අප මෙහි ඒවා නිර්මාණය කළා. ඉන්පසු පරම පියා මේ රථයට ඇතුල්වී: මේ මේ විදියට කරන්න. කියමින් ඒවා හරි ගස්සනවා. ඔහු විසින්ම එය නිවැරැදි කරනවා. ක්‍රිෂ්ණාට ශ්‍යාම් සුන්දර් යැයි කියති. නමුත් ඔහුට එසේ කියන්නේ ඇයිද කියා මිනිස්සුන්ට වටහාගත නොහැකියි. ඔහු පාරාදීසයේ අධිපතිව සිටි කල. ඔහු සුන්දරයි. අනතුරුව ඔහු ගැමි පැංචෙක් ලෙස පෙන්වද්දී ඔහු අවලස්සන වේ. එමනිසායි ඔහුට ශ්‍යාම් සුන්දර් යැයි නම් තැබුවේ. ඔහුමයි මුලින්ම පැමිණෙන්නේ. එයම ඔබලාටත් අදාලයි. ලක්ෂ්මි සහ නාරායන්ගේ රාජධානිය දිගටම පවතී. මේ මේ ආදී සනාථන දේවි දේවතා ධර්මය ස්ථාපනය කළේ කවුරුන් ද? එය කිසිවෙක් නොදනී. ඔවුන්ට භාරතය අමතක වී. හින්දුස්ථානයේ පුරවැසියන් හින්දුවරුන් කියා කියති. භාරතය තුළට පමණයි මා පැමිණෙන්නේ. භාරතයෙහි දේවතා රාජධානියක් විය. එය දැන් අතුරුදහන් වී ඇත. නැවත වරක් මා එය ස්ථාපනය කිරීමට පැමිණෙනවා. පළමුවෙන්ම, එහි ආදී සතාථන දේවි දේවතා ධර්මය ඇත. මෙම වෘක්ෂය නොකඩවා වර්ධනය වේ. නව පත්‍ර, සම්ප්‍රදායන් සහ ඇදහිලි ආදිය අවසානයේ දී ඇතිවෙයි. ඉතින් ඒවාත් ලස්සන වෙන්නට එකතු වෙයි. අනතුරුව මේ කාලයේ මුළු වෘක්ෂයම එහි අන්තිම දිරාපත් තත්ත්වයට පත්වෙයි. නැවතත් මා එනවා. උපරිම අධර්මිෂ්ටතාවය පවතින කල. මම පැමිණෙමි... ජීවාත්ම තමන් මා ගැන හෝ පියා ගැන නොදනී. ඔබ නොකඩවා තමන්ට, පරම පියාට සහ දේවතාවරුන්ට නින්දා කරමින් සිටී. ඔබ ඔ තමෝප්‍රධාන් සහ මෝඩ අය වන විට මම පැමිණෙමි. මා අපවිත්‍ර ලොවට පැමිණීමට ඇත. ඔබ මනුෂ්‍යයත් ට ජීවිත දානය දෙයි. එනම් ඔබ මනුෂ්‍යයන් දේවතාවරුන් බවට වෙනස් කරනවා. ඔබ ඔවුන්ව සියලු දුකෙන් මුදවයි. එයද අඩ චක්‍රයක් සඳහා වේ. "වන්දේ මාතරම්" (මව්වරුන්ට නමස්කාර) කියා අනුස්මරණය කරති. එසේ ඔබ වර්ණනා කරන මව්වරු කවුරුන් ද? ඔබ මව්වරුන් තමයි සමස්ත ලොවම දිව්‍යලෝකයක් කළේ. මෙහි පිරිමිත් සිටිනවා තමයි එහෙත් වැඩි පිරිසක් මව්වරුන්ය. එමනිසායි පරම පියා ඔබ මව්වරුන්ව වර්ණනා කරන්නේ. පරම පියා පැමිණ ඔබලා බොහෝ ප්‍රශංසනීය බවට සුදුස්සන් කරවනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අප්‍රමාණ සතුටු ලොව කරා යාම පිණිස, සංගම යුගයේ සීරුවෙන් සිටගන්න. නොබැඳි නීරීක්‍ෂකයෙක් වන්න සහ සියල්ල දකිනා අතරේ ඔබේ බුද්ධි යෝගාවෙන් නව ලොවට සම්බන්ධ වෙන්න. ඔබ දැන් නිවසට හරවා යාමට සිටින බව ඔබේ බුද්ධිය තුළ රඳවන්න.

2. සැමට ජීවිත දානය දෙන්න. එසේම මනුෂ්‍යයන් දේවතාවන් බවට වෙනස් කිරීමේ සේවය කරන්න. පරම පියා හා ඉගෙන ගනිමින් අන් අයටත් උගන්වන්න දිව්‍යමය ගුණධර්ම ධාරණය කරමින් අන් අයවත් ධාරණය කිරීමට පොළඹවන්න.

වරදානය:
වාසනාවන්ත ජීවාත්මයක් වි මෙම උතුම් කාලයේ උතුම් ක්‍රියා කරන අතරතුර ඔබ නිරන්තරයෙන් වාහ්! අපුරුයි! අපුරුයි යන ගීතය ගායනා කරන්නෙක් වේවා.

උතුම් කාලයේ උතුම් ක්‍රියා කරන අතරතුර නිරන්තරයෙන් වාහ් අපුරුයි අපුරුයි යන ගීතය මනසින් ගයන්න. වාහ්, මගේ උතුම් ක්‍රියා, එවන් උතුම් ක්‍රියා කිරීමට මට උගන්වන බාබා අපුරුයි බාබා අපුරුයි. එලෙස නිරන්තරයෙන් අපුරුයි අපුරුයි ගීතය ගයන්න... දුක්ඛිත සිදුවිම් දකින විට පවා වැරදීමකින්වත් දුකින් පිරි අසහනකාරී වචන මතු විමට ඉඩ දෙන්න එපා. අපුරුයි නාටකය අපුරුයි, වාහ් බාබා වාහ් ... සිහිනයකින්වත් නොසිතු වාසනාවක් ඔබට ලැබී තිබෙන්නේ නිකම් ගෙදර ඉඳගෙන ඉන්නා අතරතුරේදීයි... මෙම භාග්‍යයේ කුල්මත් බව රඳවා ගන්න.

පාඨය:
ඕනෑම කලබලකාරී සිදුවිමක දී පවා නොසෙල්වී අචලව සිටීමට හැකි වන පරිද්දෙන් ඔබගේ මනස හා බුද්ධිය ඉතාමත් බලවත් කර ගන්න.