29.07.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා පැමිණ සිටින්නේ ඔබට ඥානය නම් වු මිණිමුතු ලබාදීම උදෙසායි, මුරලි කියා
දීම සඳහායි. මේ නිසා තමයි ඔබ කිසිම විටෙක මුරලි අතපසු නොකළ යුතු වන්නේ. ඔබ මුරලි
එකට ආදරය නොකරයි නම්, ඉන් අදහස් වන්නේ ඔබ පියාටත් ආදරය නොකරන බවයි.
ප්රශ්නය:
මෙම ඥාන
මාර්ගයෙන් ඔබ විසින් ධාරණය කර ගන්නා වු හොඳම ලක්ෂණය කුමක්ද ?
පිළිතුර:
සියල්ලටම වඩා හොඳම ලක්ෂණය වන්නේ පාපයෙන් තොර තත්ත්වයට පත්වීමයි. මේ මුළු ලෝකයම
පාපයෙන් පිරි ලොවක් ය යන ඥානය ඔබ ලබා සිටිනවා. පාපකාරී වීම යනු චරිතය නැති කර
ගැනීමයි. පියා පැමිණ සිටින්නේ පාපයෙන් තොර ලෝකය ස්ථාපනය කිරීම සඳහායි. දේවතාවන් තුළ
තිබෙන්නේ පාපයෙන් තොර වු චරිතයක්. ඔබගේ චරිතය නිවැරදි වන්නේ පියාගේ ස්මරණය මඟිනි.
ඕම් ශාන්ති.
දරුවනි, ඔබ
කිසිම විටෙක මෙම ඉගෙනීම අතපසු නොකළ යුතුයි. ඔබ මෙම ඉගෙනීම අතපසු කළ හොත් ඔබගේ
තත්ත්වය ද අහිමි කර ගනු ඇත. සුමිහිරි වු ආධ්‍යාත්මික දරුවන් වන ඔබ අසුන්ගෙන
සිටින්නේ කොහේද ? මේ දේව ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලයේයි. සෑම අවුරුදු 5000කටම වරක්
ඔබව මෙම විශ්ව විද්‍යාලයට ඇතුලත් කරවන බව දරුවන් දන්නවා. පියා, ඔබගේ පියා, ගුරුවරයා
හා ගුරූද වන බව ඔබ දන්නවා. ඇත්තෙන්ම ගුරූ කෙනෙකුගේ පින්තූරය වෙනයි. පියෙකුගේ
පින්තූරය වෙනයි. ඒ වගේම ගුරුවරයකුගේ පින්තූරයත් වෙනයි. මොහුගේ එකම රූපයක් පමණයි
තිබෙන්නේ. නමුත්, එහි සියල්ල අන්තර්ගත වනවා. එනම්, ඔහු පියා, ගුරුවරයා හා ගුරූ බවට
ද පත්වනවා. මනුෂ්‍ය ජීවිතයක ප්‍ර්‍රධානම සබඳතා තුන වන්නේ මේවායි. මේ පියා, ගුරුවරයා
හා ගුරූ එකම කෙනෙක්. ඔහු තමා විසින්ම මේ කොටස් තුනම රඟ දක්වනවා. මේ සෑම කරුණක්ම
වටහා ගන්නා විට දරුවන් දැඩි සතුටට පත්විය යුතුයි. එමෙන්ම තවත් බොහෝ දෙනා මෙහි රැගෙන
විත් මේ ත්‍රිමූර්ති විශ්ව විද්‍යාලයට ඇතුලත් කළ යුතුයි. හොඳ අධ්‍යාපනයක් ලබා
දෙන්නා වූ විශ්ව විද්‍යාලයක අය අන් අයටත් ඒ ගැන පවසනු ඇත පැමිණ මෙම විශ්ව
විද්‍යාලයේ ඉගෙනුම ලබන්න. මෙහිදී ඔබ හොඳ දැනුමක් ලබනා අතර ඔබගේ චරිතය ද නිවැරදි වනු
ඇත. දරුවන් අන් අයවත් මෙහි රැගෙන ආ යුතුය. මව්වරුන්ට අනෙක් මව්වරුන් හට විස්තර කර
දිය හැකි අතර පුරුෂ පක්ෂයට පුරුෂ පක්ෂයේ අයට විස්තර කර දිය හැකියි. බලන්න, මොහු
පියා, ගුරුවරයා හා ගුරූද වනවා. ඔබ සෑම කෙනෙක්ම මේ ආකාරයෙන් තමා විස්තර කරනවාද නැද්ද
කියා පරික්ෂා කර බැලිය යුතුයි. මොහු උත්තරීතර පියා, උත්තරිතර ගුරුවරයා හා උත්තරිතර
ගුරූ ලෙස ඔබ ඇතැම් විට ඔබගේ නෑ හිතමිතුරාදීන්ට විස්තර කර දෙනවාද ? ඔබව උත්තරිතර
දේවතාවන් බවට පත්කරවන්නා වන්නේ පියායි. පියා ඔබව ඔහු වැනිම පිය තත්ත්වයට පත් කරන්නේ
නැහැ නමුත්, ප්රශංසනීයත්වයෙන් ඔහු, ඔහු හා සම තත්ත්වයට ඔබව පත්කරවනවා. සෙනෙහසින්
රැක බලා ගැනීම පියෙකුගේ වැඩක් එමනිසා, ඔබ අනිවාර්යෙන්ම එවන් වු පියෙක් සිහිපත් කළ
යුතුයි. ඔහු වෙන කිසිවෙක් හා සැසැඳිය නොහැකියි. ගුරු කෙනෙකුගෙන් ඔබ සාමය ලබනවා කියා
කිව්වා වුවත්, මොහු ඔබව ලෝක පාලකයන් බවට පත්කරවනවා. වෙන කිසිවෙක්ට, ඔහු සියලු
ජීවයන්ගේ පියා යැයි කිව නොහැක. සැමගේම පියා විය හැක්කේ කාටද යන්න ගැන කිසිවෙක්
දන්නේ නැහැ. හින්දුන්, මුස්ලිම්වරුන්, ක්‍රිස්තියානුවන් සෑම කෙනෙක්ම දෙවියන්,
පියාණන් ලෙස හඳුන්වන්නේ ඒ අසීමිත වු පියාවයි. බුද්ධිය අනිවාර්යෙන්ම යොමු වන්නේ ඔහු
වෙතයි. ඔබ නිකම්ම පියා යනුවෙන් කතා කළා වුවත්, කවදාවත් හමු වී නැති නම්, ඔහු ඔබගේ
පියා වන්නේ කෙසේද ? ඔහු මුළු ලෝකයේම සිටිනා දරුවන්ගේ ආශාවන් සපුරාලනවා. සෑම කෙනෙක්ම
සාමයේ දේශය වෙත යාමට ආසයි. ජීව තම නිවහන සිහිපත් කරනවා. රාවන්ගේ රාජ්‍යයේ ජීව සෑහෙන
වෙහෙසට පත්ව තිබෙනවා. ඉංග්‍රීසියෙන් මෙසේ කියනවා අහෝ දෙවියනි, පියාණනි, අපට
විමුක්තිය ලබා දෙන්න ! (Oh God, the Father, liberate us !) තම කොටස රඟ දක්වන අතරම
තමෝප්‍රධාන් බවට පත් වීමෙන්, සෑම කෙනෙක්ම සාමයේ දේශය වෙත යනු ඇත. පළමුවෙන්ම ඔබ
සතුටේ දේශය වෙත එනවා. පළමුවෙන්ම ඔබ මෙහි එන විට පාපාකාරි නැහැ. පියා විස්තර කරනවා
මෙය ගණිකා මඩමකි, රාවන්ගේ රාජ්‍යයයි. මෙය හඳුන්වන්නේ අපායේ ගැඹුරු ආගාධය ලෙසයි.
මෙලොව ආගමික ග්රන්ථ බොහොමයක් තිබෙනවා. විශේෂයෙන්ම භාරතයේ ඉගෙන ගන්නට පොත් බොහොමයක්
තිබෙනවා. ඒ සෑම දෙයක්ම විනාශ වීමටයි යන්නේ. පියා ඔබට දෙන්නා වු තිළිණය කිසිමදාක
පිළිස්සි යන්නේ නැහැ. ඒවා තිබෙන්නේ ධාරණය සඳහායි. කිසිම ප්‍රයෝජනයක් නොමැති දේ
පුළුස්සා දැමෙනවා. ඥානය යනු පිළිස්සී යන ආගමික ග්රන්ථයක් නොවේ. ඔබ ලබනා ඥානය මඟින්
උපත් 21ක් පුරාවටම ඔබ තත්ත්වයක් ලබනවා. මොහුට අයත් ආගමික ග්රන්ථ පිළිස්සි ගියා
කියා දෙයක් නැහැ. මෙම ඥානය නිරායාසයෙන්ම අතුරුදහන් වනු ඇත. මෙම ඥානය පාඩම් කිරීමට
කියා කිසිම පොතක ඇත්තේ නැහැ. ග්‍යාන් විග්යාන් භවන් කියා නමක් තිබෙනවා. නමුත් ඒ නම
දි තිබෙන්නේ ඇයි ? එහි අර්ථය කුමක්ද ? යන්න ගැන ඔවුන් දන්නේ නැහැ. ග්‍යාන්
විග්යාන් ගැන සෑහෙන ප්‍රශංසාවක් තිබෙනවා. ග්‍යාන් යනු ඔබ විසින් දැන් ධාරණය කරගනු
ලබන්නා වු ලෝක චක්‍රය පිළිබඳ ඥානයයි. විග්යාන් යනු නිහඬතාවයේ දේශයයි. ඔබ ග්‍යාන්
තත්ත්වයෙනුත් ඔබ්බට යනවා. ඔබ ග්‍යාන් අධ්‍යයනය කිරීමේ පදනම මත රාජ්‍යයක් පාලනය
කරනවා. ජීවයන්ගේ පියා මෙහි පැමිණ අපට උගන්වන බව ඔබ වටහා ගන්නවා. එසේ නැතහොත්
සත්‍යයේ වචන අතුරුදහන් විය යුතුයි. දෙවියන් එන්නේ ආගමික ග්රන්ථ කියවීමෙන් අනතුරුව
නොවේ. දෙවියන් තුළ ග්‍යාන් හා විග්යාන් යන දෙකම තිබෙනවා. කෙනෙක් කුමනාකාරද, ඔහු
අන් අයවත් එම තත්ත්වයට පත්කරවනවා. මෙය ඉතාමත් සුක්ෂම කරුණක්. විග්යාන් යන්න
ග්‍යාන් යන්නට වඩා බොහෝ සුක්ෂම වුවකි. ඔබ ග්‍යාන් වලිනුත් ඔබ්බට යා යුතුයි. ඥානය
තිබෙන්නේ දළ මට්ටමකයි එය උගන්වන විට ශබ්දය ඇති වෙනවා. විග්යාන්, ඔබ නිහඬතාවයට
යන්නා වූ ශබ්දයෙන් තොර තත්ත්වය, සූක්ෂමයි. ඔබ බොහෝ සෙයින් රස්තියාදුවේ යමින් සිටියේ
මෙම නිහඩතාවය සොයමිනි. මිනිස්සු සාමය සොයා සන්යාසීන් වෙත යනවා. කොහොමනමුත්, පියාට
අයිති දෙය වෙන කිසිම කෙනෙකුගෙන් ලබා ගත නොහැකියි. මිනිස්සු හතා යෝග කරමින් වළක්
ඇතුලට වී සිටිනවා. නමුත් ඔවුන්ට එමගින් සාමය ලැබිය නොහැකියි. මෙහි කිසිම අපහසුවෙන්
කළ යුතු දෙයක් නැහැ. මෙය ඉතාමත් පහසු අධ්‍යාපනයක්. ඔබට දින හතේ පාඨමාලාව ලැබී
තිබෙනවා. දින හතේ පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ඕනෑම තැනක යන්නට පුළුවන්. සාමාන්‍ය
පාසල්වල මේ තරම් දෙයක් කරන්න බැහැ. ඔබේ පාඨමාලාව දින හතයි. මෙම පාඨමාලාවෙහි ඔබට සෑම
දෙයක්ම විස්තර වනවා. නමුත් සෑම කෙනෙක්ම දින හතම මෙහි ඉන්නේ නැහැ. ඔවුන්ගේ බුද්ධිය
යොමු වන්නේ වෙනත් අතක. ඔබ භතියෙහි සිටිනා විට, කිසිවෙකුගේ මුහුණ දෙසවත් බැලුවේ
නැහැ. කිසිවෙක් හා කතා කළේවත් නැහැ එළියටවත් ගියේ නැහැ. ඔබ තපස්යා සඳහා මුහුදු
වෙරළට ගොස් භාවනාවෙහි යෙදෙනවා. එකල ඔබට මෙම චක්‍රය වැටහුණේ නැහැ. මෙම ඉගෙනීමවත් හොඳ
හැටි වැටහුණේ නැහැ. සියල්ලටම ප්‍රථම පියා සමඟ යෝගා කරනා ආකාරය ඉගෙන ගත යුතුයි.
මන්ද, ඔහු අශාරිරික තැනැත්තා වන නිසයි. අනෙක් අය මෙය පිළිගන්නේ නැහැ. ඔවුන් කියනවා
දෙවියන්, පියාණන් සෑම තැනකම ඉන්නවා කියා. දෙවියන් සෑම තැනම සිටිනවාය යන කියමන
දිගින් දිගටම පැතිරී තිබෙනවා. දැන් මෙම කරුණ ඔබගේ බුද්ධිය තුළ ඇත්තේ නැහැ. ඔබ
ශිෂ්‍යයන්. පියා කියනවා ඉන් අදහස් වන්නේ, ඔබේ ව්‍යාපාර ආදිය කරගෙන යන්න නමුත්,
අනිවාර්යෙන්ම පන්තියට සහභාගි විය යුතුයි. එනම්, ඔබේ පවුලේ අයත් සමඟ එකට ජීවත් වන්න.
ඔබ කිව්වොත්, පාසැල් යන්න බැහැයි කියා පියා ඒ ගැන මොනවා කරන්නද ? අහා! දෙවියන් ඔබට
උගන්වන්නේ ඔබව දේවී දේවතාවන් බවට පත් කරවීම සඳහායි. දෙවියන් කතා කරයි මා ඔබව
රජවරුන්ගේත් රජවරුන් බවට පත් කරවනවා. එසේනම්, ඔබ පියාගෙන් රාජයෝගා ඉගෙන ගන්නේ නැතිද
? මෙය කරන්නට අකමැති වන්නේ කවුරුන්ද ? මේ නිසා තමයි පාපයෙන් තොර වීමට, ඔබ නිවස
අත්හැර දමා යා යුතු වූයේ. ඔබ පැමිණ මෙම භතියට සහභාගි වුවා. කිසිම කෙනෙක් ඔබව
දැක්කේත් නැහැ. කිසිම කෙනෙක්ට ඔබව හමුවීමටත් බැහැ. ඔබගේ හදවත ඇදී යන්නට ඔබ කිසිවෙක්
දුටුවේ නැහැ. සමහර දරුවන් තුළ තමාට උගන්වන්නේ දෙවියන් යන විශ්වාසය තිබුණා වුවත්
ඔවුන් තමා අසනීපයෙන් පසුවන බව හෝ යමක් කරන්නට තිබෙනවා කියා සමාවට කරුණු ඉදිරිපත්
කරනවා. පියා ඔබට අවස්ථා රාශියක් ලබා දෙනවා. අද කාලයේ පාසැල්වලත් ඔබට නොයෙකුත්
අවස්ථා තිබෙනවා. මෙහි ඉගෙන ගන්නට කියා ඒ තරම් දෙයක් නැහැ. ඔබට ඇල්ෆා සහ බීටා වටහා
ගැනීමට හොඳ බුද්ධියක් පමණයි අවශ්‍ය වන්නේ. ඇල්ෆා හා බීටා සිහිපත් කරමින් සෑම
කෙනෙක්ටම ඒ ගැන කියන්න. මිනිස්සු ත්රිමුර්තියෙහි ස්වරූප ගණනාවක් නිර්මාණය කරනවා.
නමුත් ඔවුන් ශිව බාබාව ඉහළින් පෙන්නුම් කරන්නේ නැහැ. ගීතාවේ දෙවියන් ශිවා බවවත්
මොහු ඥානය ලබාගෙන විෂ්ණු බවට පත්වන්නේ කා මගින්ද යන්න ගැනවත් ඔවුන් වටහා ගන්නේ
නැහැ. මේ රාජයෝගායි. මේ ඔහුගේ උපත් ගණනාවකින් අවසන් උපතයි. මෙම විස්තර කිරීම ඉතාමත්
පහසුයි. ඔබ කිසිම පොතක් අතේ තබාගෙන ඉන්නේ නැහැ. ඔබ ත්‍රිමුර්ති ස්වරූපය පෙන්වන්නා
වු බැජයක් පමණයි පළඳින්නේ. බ්රහ්මා මාර්ගයෙන් පියා ඔබට උගන්වන්නේ කෙසේද, විෂ්ණු හා
සම තත්ත්වයට පත් කරවන්නේ කෙසේද යන්න ගැන ඔබ එමඟින් විස්තරකර දිය යුතුයි. සමහරු
ඔවුන්ට රාධේ හා සම වීමට ඕනෑ බව කියනවා. අමෘත කළය ලබා දී තිබෙන්නේ මව්වරුන්ටයි.
ඇත්තෙන්ම රාධේ විසින් ඇගේ උපත් ගණනාවකින් අවසන් උපතේ දී මෙම අමෘත කළය ලබා ගන්නවා.
මෙම රහස විස්තර කර දෙන්නේ පියායි. වෙන කිසිම මුනුෂ්යයෙක් මෙය දන්නේ නැහැ.
මධ්‍යස්ථානයට බොහෝ දෙනා එනවා. සමහරු එක් දවසකට එනවා, පසුව දවස් හතරකින් එන්නේ නැහැ.
එමනිසා, ඔබ ඔවුන්ගෙන් විමසිය යුතුයි මෙතරම් කාලයක් ඔබ මොනවද කළේ ? ඔබ පියා සිහි
කළාද ? ඔබ ස්ව-දර්ශන චක්‍රය කැරකෙව්වාද ? බොහෝ ප්‍රමාද වී පැමිණෙන්නන්ගෙන් ඔබ ඊට
හේතු විමසිය යුතුයි. සමහරුන්ව රැකියාවෙන් මාරුකර යැවෙනා අතර ඔවුන් ඈත පළාත්වලට ද
යොමු විය හැකියි. කොහොමනමුත්, ඔවුන් මධ්‍යස්ථානයකට අයත් විය යුතුයි. ඔවුන්ට පියා
සිහිපත් කරමින් චක්‍රය කරකැවීම යන මන්ත්‍රය ලබා දී තිබෙනවා. පියා ඔබට ඉතාමත් පහසු
දෙයක් විස්තරකර දී තිබෙනවා. මෙහි තිබෙන්නේ වචන දෙකයි මන්මනාභව් මා සිහිපත් කරන්න.
ඔබගේ උරුමය සිහිපත් කරන්න. මුලු චක්‍රයම අන්තර්ගත වී ඇත්තේ මේ තුළයි. කෙනෙක් ශරීරය
අත්හැර ගිය විට ඔහු ස්වර්ගස්ථ වුවා යැයි මිනිස්සු කියනවා. නමුත් දිව්‍යලෝකය යනු
කුමක්ද ? කිසිවෙක් දන්නේ නැහැ. එය රාජ්‍යයක් වන බවත්, උසස්ම තැනැත්තාගේ සිට පහළම
තැනැත්තා දක්වාත්, ධනවත් කෙනාගේ සිට දිළින්දා වන තෙක් සෑම කෙනෙක්ම සතුටින් සිටිනා
බව ඔබට දැන් වැටහෙනවා. මෙහි තිබෙන්නේ දුකින් පිරි ලෝකයක්. එය සතුටින් පිරි ලෝකයයි.
පියා ඉතා පැහැදිලි ලෙස විස්තර කරනවා. කෙනෙක් කඩයක් කරනා කෙනෙක් වුවත්, මොන දේ කළා
වුවත් ඉගෙනීම සඳහා සමාවට කරුණු කීම හොඳ දෙයක් නොවේ. ඔවුන් ආවේ නැති නම් ඔවුන්ගෙන්
මෙසේ විමසිය හැකියි ඔබ කොතරම් දුරට පියා සිහිපත් කරනවාද ? ඔබ ස්ව-දර්ශන චක්‍රය
කැරකුවාද ? කන්න, බොන්න, ඇවිදින්න යන්න ඒ කිසිම දෙයකට තහනමක් නැහැ නමුත්, මේ සඳහාත්
කාලය ගන්න. ඒ වගේම ඔබ අන් අයටත් යහපතක් ඉටු කළ යුතුයි. උදාහරණයක් ලෙස කෙනෙක් රෙදි
සේදීමේ රැකියාවේ නිරතව සිටිනවානම්, බොහෝ දෙනා ඔහු වෙත එනවා. ඔවුන් මුස්ලිම් වුවත්,
පරසීන් හෝ හින්දුන් වුවත් ඔවුන්ට කියන්න ඔබ ඔබගේ භෞතික ඇඳූම් සෝදා ගන්නවා නමුත්,
ඔබගේ මේ ශරිරය පරණ කිලිටි වූ ඇඳූමක්, ජීවයත් තමෝප්‍රධාන්, ඔබ එය සතෝප්‍රධාන්
පිරිසිඳු වූවක් බවට පත් කළ යුතුයි. මේ මුළු ලෝකයම අපිරිසිඳු, පරණ, කලි යුගී
තමෝප්‍රධාන් ලෝකයක්. තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත්වීමේ ඉලක්කය
ඔබ තබාගෙන සිටිනවා. දැන් ඔබට මෙය කරන්න අවශ්‍ය වුවත් නැතත් මෙය වටහා ගැනීමට අවශ්‍යද
නැද්ද යන්න ගැන ඔබම තීරණය කළ යුතුයි. ඔබ සැවොම ජීවාත්මයන්, ජීවාත්ම අනිවාර්යෙන්ම
පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. දැන් ඔබ අපිරිසිඳු වී සිටිනවා. ජීවාත්මය හා ශරීරය යන
දෙකම අපිරසිඳු වෙලා. ඒවා පිරිසිඳු කර ගැනීමට නම් පියා සිහිපත් කරන්න. ඔබගේ ජීවය
100% ක් පිරිසිඳු රත්රන් බවට පත්වෙන බවත් ආභරණ ඉතා අලංකාර වුවක් වන බවටත් වගකීමක්
තිබෙනවා. ඔබ මෙය විශ්වාස කරනවාද නැද්ද යන්න ඔබට භාරයි. මෙය ද සේවයකි. වෛද්‍යවරුන්
වෙත, පාසැල් වෙත, ප්‍රධාන පෙළේ අය හමුවීමට ගොස් ඔවුන්ගේ චරිතය ඉතාමත් හොඳ විය යුතු
බව විස්තර කරන්න. මෙහි කිසිම කෙනෙක් තුළ හොඳ චරිතයක් නැහැ. සෑම කෙනෙකුගේම චරිතය ඉතා
නරක තත්ත්වයට හැරිලා. පාපයෙන් තොර වීමෙන් තොරව ඔබට නිවැරදි විය නොහැකියි. මෙහි,
මිනිස්සු රාගයෙන් පිරිලා. පාපයෙන් පිරි ලෝකය පාපයෙන් තොර ලෝකයක් බවට පත් කරන්නේ ඒ
එකම එක පියා පමණයි. පැරණි ලෝකය විනාශයට පත්වනු ඇත. මෙය චක්‍රයක්. මෙම ලෝකය පිළිබඳ
වු විස්තරය ඉතාමත් හොඳයි. දේවතාවන් පාලනය කරනා සමයේදී, මෙම ලෝකය පාපයෙන් තොර වුවා.
ඔවුන් දැන් කොහේ ගිහින්ද ? ජිවාත්ම කිසිසේත් විනාශයට පත්වන්නේ නැහැ ඔවුන් තම ශරීරය
අතහැර වෙනත් ශරීරයක් ලබා ගන්නවා. දේවතාවන් උපත් 84ක් ගන්නවා. දැන් ඔබ සිහි බුද්ධියට
පත් වී තිබෙනවා. මුලදී ඔබ කිසිම දෙයක් දැන සිටියේ නැහැ. මේ පැරණි ලෝකය දැන් ඉතාමත්
කිලිටියි. බාබා කියනා දෙය ඉතා නිවැරදි බව ඔබට හැඟෙනවා. එහි තිබෙන්නේ පිවිතුරු
ලෝකයයි. මේ ලෝකය පිවිතුරු නැති නිසා ඔවුන් තමා දේවතාවන් වෙනුවට හින්ඳූන් ලෙස
හඳුන්වා ගන්නවා. හින්දුස්තානයේ වාසය කරනා අය හැඳින්වෙන්නේ හින්ඳූන් ලෙසයි. දේවතාවන්
වාසය කරන්නේ දිව්යලෝකයේයි. දැන් ඔබට චක්‍රය වැටහී තිබෙනවා. සිහි බුද්ධියෙන් සිටිනා
අය පියා මෙහි විස්තර කරනා සෑම දෙයක්ම ඒ අයුරින්ම නැවත කිව යුතු වන බව වටහා ගන්නවා.
ප්‍රධාන වචන සටහන් කරගෙන, පියා විසින් මේ මේ දේ පැවසු බව කියමින් අන් අයට ඒවා
විස්තර කර දෙන්න. ඔවුන්ට කියන්න මා ගීතා ඥානය කියා දෙනවා. මෙය ගීතා යුගයයි. මෙහි
යුග හතරක් තිබෙනා බව සෑම කෙනෙක්ම දන්නවා. මේ අධික යුගයයි. කිසිවෙක් මෙය ගීතාවේ යුගය
බව දන්නේ නැහැ. මේ මංගලම වු සංගම් යුගය වන බව ඔබට දැන් වැටහෙනවා. මිනිස්සු ශිවාගේ
උපන් දිනය සමරණවා. කොහොමනමුත්, ඔහු ආවේ කවදාද ඔහු කළේ මොනවාද යන්න ගැන කිසිවෙක්
දන්නේ නැහැ. ශිවාගේ උපන් දිනය සැමරුණු පසු, ක්රිෂ්ණ උපත සැමරෙනවා. ඉන්පසු රාමාගේ
උපත සමරණවා. කිසිවෙක් ජගදම්බා හෝ ජගත් පිතාගේ උපත සමරන්නේ නැහැ. සෑම කෙනෙක්ම එන්නේ
අනුපිළිවෙලක් ඇතිවයි. දැන් ඔබ සියලු ඥානය ලබා සිටිනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අපගේ පියා,
උත්තරිතර පියා, උත්තරිතර ගුරුවරයා සහ උත්තරිතර සත්ගුරූයි. සෑම කෙනෙකුටම මෙම කරුණ
කියා දෙන්න. සෑම කෙනෙකුටම ඇල්ෆා සහ බීටා පාඩම කියා දෙන්න.
2. ග්‍යාන් යනු ලෝක
චක්‍රය පිළිබඳ ඥානය උකහා ගැනීම හා ස්ව-දර්ශන චක්රධාරියෙකු වීමයි. විග්යාන් යනු
නිහඬතාවය, ශබ්ද වලින් තොර තත්ත්වය වෙත යාමයි. දින හතේ පාඨමාලාව ලබා ගන්න. ඔබ කොහේ
ජීවත් වුවත් මෙම ඉගෙනීම සිදු කරන්න.
වරදානය:
ඔබ මමත්වයෙන්
(අහංකාරයෙන් ) මිදී සේවය කිරීමෙන් ලබන ගරු සැලකිලි නැමති අමු ඵල ඉවත් කර නිරතුරුවම
සතුට අත්විඳීවා.
ආශාවේ රාජකීය ස්වරූපය
නම්, නම, ගෞරවය සහ ගරු සැලකිලි අවශ්‍ය වීමයි. තම නම ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා
සේවයක් කරන අයට තාවකාලිකව නමක් උපයා ගත හැකි නමුත් ඔවුන් අනුභව කරන ඵල අමු බැවින්
ඔවුන්ගේ නම් ඉහළ තනතුරක් ලබා ගැනීමේ දී පසුපසට යයි. සමහර දරුවන් සිතන්නේ සේවා
විෂයේදී ගෞරවය ලැබිය යුතු බව වන නමුත් එයින් ගෞරවයක් නොලැබේ; එහි මමත්වය ඇත. මමත්වය
ඇති තැන සතුට පැවතිය නොහැකි බැවින් මේ නිසාම ඔබ මමත්වයෙන් (අහංකාරයෙන් ) මිදී
නිරතුරුවම සතුට අත්විඳිය යුතුය.
පාඨය:
පරමාත්ම
දෙවියන්ගේ ආදරයේ සතුටේ ඔංචිල්ලාවේ පැද්දෙන විට දුකේ තරංග වලට පැමිණිය නොහැකි වේවි.