29.10.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පාපයන් නැමැති සියලුම දුහුවිලි ඔබෙන් ඉවත් කර පිරිසිඳු මලක් වන්න. බාබා සිහි කිරීමෙන් පමණයි ජීවාත්මයන් වන ඔබට ඒ දුහුවිලි ඉවත් කළ හැක්කේ.

ප්‍රශ්නය:
පාරිශුද්ධත්වයට පත් වන දරුවන් වන ඔබ පියාව අනුගමනය කරන්නේ කුමන කරුණ මත ද?

පිළිතුර:
බාබා ඉතා පිරිසිඳුයි. අපිරිසිඳු අවලස්සන ජරා වූ අය සමඟ මිශ්‍ර නොවීමට ඔහු ඉතා සැලකිලිමත් වෙනවා. ඔහු ඉතා පවිත්‍රයි. එමනිසා, පාරිශුද්ධත්වයට පත් වන දරුවන් වන ඔබ, පියාව අනුගමනය කළ යුතුයි. නරක ආශ්‍රයට යාම ඔබව පාරිශුද්ධත්වයට පත් වීමෙන් වලක්වයි. එමනිසා, වඩාත් සැලකිලිමත් වන්න.

ඕම් ශාන්ති.
දරුවන් වන ඔබට කරුණු පහදා දීමට බාබා මෙහි හිඳ සිටිනවා. මෙතැන ඉන්න දෙදෙනාම ඔබේ පියවරු. එක්කෙනෙක් ආධ්‍යාත්මික පියා, අනෙක් කෙනාට කියන්නේ ලෞකික පියා. ඔවුන් එක් ශරිරයක් හුවමාරු කර ගන්නවා. ඉතින් ඒ නිසා පියවරු දෙදෙනාම පැහැදිලි කිරීම් කරනවා. එක්කෙනෙක් පැහැදිලි කරනවා. අනෙක්කෙනා තේරුම්ගැනීමට අහගෙන සිටියත් තවම දෙදෙනාම පැහැදිලි කරනවා. මේ පුංචි ජිවයේ බොහෝ ජරාව බැඳිල තියෙනවා. ජරාව තමයි ගොඩක් දේවල් අහිමි කරන්නේ. ජිවය එහි ශරීරය තුළ සිටින විට තමයි ලාභ අලාභ සිදුවීම් දැකිය හැකි වන්නේ. ඔබ දන්නවා ජීවයන් වන ඔබ පිරිසිදු වූ විට ඔබ ලක්ෂ්මි සහ නාරායන් වැනි පිරිසිදු ශරීර ලබනවා. ජිවයන් වන ඔබ තුළ දැන් ගොඩක් ජරාව බැඳිල තියෙනවා. පිරිසිදු පැණි හදන්න අපිරිසිදු පැණි වල පිරී ඇති ජරාව පෙරනවා. ජීවයන් වන ඔබත් ගොඩක් ජරා වෙලා. ජීවයන් වන ඔබ පිරිසිදුව සිටි කාලයේ. සම්පූරණ පාරිශුද්ධත්වයෙන් නොව නමුත් ඔබේ ශරිරයත් එවිට ඉතා ලස්සනයි . බලන්න ලක්ෂ්මි සහ නාරායන්ගේ ශරීර කෙතරම් ලස්සනට අඹල තියෙනවද කියලා. මනුෂ්‍යයයෝ වන්දනා කරන්නේ ශරීර වලට පමණයි ඔවුන් ජිවය දකින්නේ නැහැ. ජිවය හඳුනාගන්න ඔවුන්ට බැහැ. ඉස්සර ජිවයන් වන ඔබ ලස්සනයි. එම නිසා ඔබට ලස්සන ශරීරයනුත් තිබුණා. මේ තත්ත්වයට නැවතත් ඔබට පත්වෙන්න අවශ්‍යයි. ඉතින් ජීවයන් වන ඔබ පිරිසිදු විය යුත්තේ කෙසේද? ජිවයන් තමයි තමෝප්‍රධාන් ලෙස හඳුන්වන්නේ මන්ද ඔවුන් ජරාවෙන් පිරිල. පළමුවෙන්ම තියෙන්නේ ශරීර අවධානය නැමැති ජරාව. පසුව රාගය සහ තරහව නැමැති ජරාවන්. ජරාව ඉවත් කිරීමට ඔබ ඒවා පෙරා දැමිය යුතුයි. මොනවහරි පෙරුවහම එහි පැහැය වෙනස් වෙනවා. ඉඳගෙන මේ ගැන ගැඹුරට හිතන්න, එවිට ඔබට දැනෙයි ඔබ තුළ විශාල ලෙස ජරාව ගැබ් වී ඇති බව. ජිවයන් වන ඔබට රාවන් ඇතුල් වෙලා. දැන් බාබා පිළිබඳ සිහි පිහිටුවා ගැනීමෙන් ඔබේ ජරාව ඉවත් වී යනවා. මීට යම් කාලයක් ගන්නවා. බාබා පැහැදිලි කරනවා; ඔබ තුළ ඇති ශරිර අවධානය මත තබා කොතම් ප්‍රමාණයක් මේ පාපයන් නම් වූ ජරාව ඔබ තුළ ඇතිවන්නේ. තරහව කියන ජරාව පොඩි දෙයක් නොවෙයි. තරහවෙන් සිටින මිනිහෙක් ඇතුලතින් දැවෙනවා. හදවත නිතරම එක් හෝ වෙනත් කරුණක් කෙරෙහි දිවයනවා. ඒ ජිවයේ මුහුණුවරත් තඹ වගේ වෙනවා. ජීවයන් වන ඔබ තේරුම්ගත්තා ඔබ පිළිස්සී ඇති බව. ජීවයන් වන තුළ බොහෝ දුරට ජරාව ගැබ්ව තියෙනවා. ඔබ මේ කරුණු අවබෝධ කර ගත්තද හැමදේම තේරුම්ගන්න අය ඉන්නේ ඉතාම ටික දෙනයි . මෙහාට පළමු පංතියේ මල් අවශ්‍යයි. තවම ඒවායෙහි දුරුවලකම් තියෙනවා. සමහරු තුළ අනෙක් අය දකින්න හෝ කතාකරන්න පවා අකමැති වන අයුරින් බොහෝ දුර්වලතා තියෙනවා. ඔබ සම්පුර්ණයෙන්ම පිරිසිදු විය යුතුයි. ලක්ෂ්මී සහ නාරායන් ඉතා පිරිසිදුයි. භක්තිවන්තයින්ට ඔවුන්ව පන්සලේදී අල්ලන්නවත් ලැබෙන්නේ නැහැ. එවන් පිරිසිදු සහ දිව්‍යමය දේවතාවන්ගේ පිළිම අපිරිසිදු අයට ගිහින් අල්ලන්න බැහැ. ඒව අල්ලන්න ඔවුන් සුදුසු නැහැ. ශිවා අල්ලන්නත් කාටවත් බැහැ : ඔහු අශරීරිකයි. එනිසා අල්ලන්න බැහැ. ඔහු තමයි වඩාත්ම පාරිශුද්ධ, එවන් කුඩා තිතක් කාටවත් අල්ලන්න බැරි නිසා ඔවුන් ඔහුගේ විශාල ප්‍රතිරූපයක් තියාගෙන ඉන්නවා. ජීවය ඇතුළු වූ විට වැඩෙන්නේ ශරීරයයි. ජිවය ලොකු හෝ කුඩා වෙන්නේ නැහැ. මේ ජරාවට පත් වූ ලෝකයයි. ජීවයන් තුළ ගොඩක් දුරට ජරාව තියෙනවා. ශිව බාබා ඉතා පවිත්‍රයි. ඔහු ඉතා පිරිසිදුයි . මෙහෙ හැමකෙනෙක්ම එක වගේ. මිනිස්සුන් එකිනෙකාට කියනවා ඔවුන් දූෂිත තිරිසන්නු වගේ කියලා. මේ වගේ භාෂාවන් ස්වරණමය යුගයේ නැහැ. ජිවයන් වන ඔබට හැඟෙනවා ගොඩක් ජරාව ඔබ තුළට පැමිණ ඇති බව. ජීවයට හැඟෙනවා ඔවුන් බාබා සිහිකරන්න තරම් සුදුසු නැහැ කියලා. ඔවුන් ඔවන්ම නොසුදුසු ලෙස අවධාරණය කර ගත් විට, මායා ඔවුන්ව ඉවතට විසිකරනවා. බාබා නිරන්තරයෙන්ම පවිත්‍රයි. ජිවයන් වන ඔබ එක් තතත්වයක සිට වෙනකට මාරු වෙනවා. බාබා පැහැදිලි කරනවා ජීවයන් වන ඔබ මට මෙහාට කතා කළා ඔබව පිරිසිදු කරන්න. ඔබ තුළ ගොඩක් ජරාව බැඳී තියෙනවා. උයනක සේරම මල් පළවන පංතියේ වෙන්නේ නැහැ. ඒවා අනුපිළිවෙලකින් යුක්තයි. බාබා උයනෙහි පාලකයායි. ජිවයන් ඉතා පිරිසිදු වෙනවා. පසුව ඔවුන් කටු වගේ කැත වෙනවා. ජීවයන් ශරීර අවධානය රාගය සහ තරහව නැමැති ජරාවන් වලින් පිරෙනවා. මිනිස්සු තුළ ඇත්තේ විශාල තරහක්. ඔබ පිරිසිදු වූ විට ඔබට වෙනත් අපිරිසිදු ජීවයකගේ ශරීරයක් දෙසවත් බලන්න අවශ්‍ය නැහැ. නරක දේ නොබලන්න. ඔබ අපිරිසුදු අය දෙස නොබැලිය යුතුයි. ජීවයන් වන ඔබ පිරිසිදු වූ විට ඔබ අළුත් ශරිරයක් අවශ්‍ය නැහැ. මේ ජරා ලෝකය විනාශ විය යුතුයි. බාබා කියනවා : ශරිර අවධානයට පැමිණීමෙන් තමයි ඔබ ජරාවට පත්වෙන්නේ ; ඔබ අපිරිසිදු වෙලා. සමහර දරුවනුත් කියනවා; බාබා මා තුළ තරහ නැමැති භූතාවේශය තියෙනවා. බාබා මා ඔබ ළඟට ආවේ පිරිසිදු වීමටයි. ඔබ දන්නවා බාබා ඉතා පිරිසිදුයි. ඔහු හැම තැනම ඉන්නවා යැයි කීමෙන් ඔහුගේ උසස්ම බලයත් අගෞරවයට ලක් කෙරෙනවා. මේ නිසා කෙනෙකුගේ සිටි තත්ත්වය සහ එළැඹෙන තත්ත්වය අතර පරතරයක් තියෙනවා. මේ කරුණු අවබෝධ කර ගන්නේ දරුවන් වන ඔබ පමණයි.වෙන කිසිම සත්සන් හෝ විශ්ව විද්‍යාලයක මෙවන් අරමුණක් සහ ඉලක්කයක් ගැන විස්තර කර දෙන්න කෙනෙක් නැහැ. එවන් ජරාවක් ඔබ තුළ බැඳුනේ කොහොමද කියලා ඔබ දැන් අවබෝධ කරගෙන සිටිනවා. පළමුව ඔබ පාරිශුද්රත්වයේ උපාධි දෙකක් අහිමි කර ගත්තා. පසුව ජරාව එකතු වන විට කලා හතරක් නැති වුණා. ඒ නිසයි දැන් කියන්නේ ජීවයන් වන ඔබ තමෝප්‍රධාන් කියලා. සමහර ජීවයන් තරහවත් සමහරු බැඳීමත් නිසා මරණය තෙක්ම දැවෙනවා. ඔවුන් ඒ තත්ත්වයේ විඳවමින් සිට මැරෙණවා. දරුවනි. ඔබ දැන් අපව ලක්ෂ්මි සහ නාරායන් බවට පත්කරන ශිව බාබාගේ සිහියෙන් ශරීරය අතහැරිය යුතුයි. ලක්ෂ්මි සහ නාරායන් ඒ තත්ත්වයට පත්කරන්නේ බාබායි. ඉතින් ඔබ කොපමණ සැළකිලිමත් විය යුතුද ? බොහෝ කුණාටු ඔබ වෙත එනවා. ඒ කුණාටු නැමැති මායායි ඔබ වෙත එන්නේ, වෙන කුණාටුවක් නැහැ. ග්‍රන්ථ වල හනුමන් ගැන කතා ලියල තියෙනවා. එහි කියැවෙනාවා දෙවියන් ග්‍රන්ථ නිරමාණය කළා කියලා, බාබා මේ සියලුම ග්‍රන්ථ වල සාරය දෙනවා. බාබා හැමටම ගැළවීම සළසන විට කිසිම ග්‍රන්ථයක් නිරමාණය කරන්න අවශ්‍ය නැහැ. බාබා දැන් කියනවා: නරකට සවන් නොදෙන්න. මේ ග්‍රන්ථ ඉගෙනීමෙන් ඔබට උසස් වෙන්න බැහැ. ඒ සියල්ලගෙන්ම මම සම්පුරණයෙන්ම අසහායයි. මා හඳුනාගත් කෙනෙක් නැහැ. පියා කවුද කියලා කිසි කෙනෙකු කදන්නේ නැහැ. සමහර මල් බාබා දකින්න සුදුසුයි. බාබා දන්නවා ඔබෙන් කවුද සේවය කරන්නේ කියලා. එනම් අන්‍යයන්ට යහපත සැළසීමට යහපත සළසන්නෙක් වෙන්නේ කවුද ? ඔවුන් තමයි බාබාගේ හදවත දිනූ අය. ඔවුන්ගෙන් සමහරු සේවය ගැන මුකුත්ම නොදන්නා අය. දරුවන් වන ඔබ තමා ජිවයක් අවධාරණය කර ගැනීමෙන් හා බාබා සිහිකිරීමට දැනුම දෙනවා. ජීවයන් වන ඔබ පිරිසිදු වුවද ඔබට තවම ඇත්තේ අපිරිසිදු ශරීරයමයි. පිරිසිදු වෙන සහ නොවෙන අය අතර ක්‍රියාවන්ගේ වෙනස දිවා රැ වගේ ඔවුන්ගේ හැසිරීමෙන් කෙනෙකුට මෙය තේරුම් ගන්න පුළුවන්. කෙසේ වෙතත්, ඔවුන්ගේ නම් සඳහන් කළ නොහැකියි. දැන් සහ පත්වන තත්ත්වය ගැන වෙනස දකින්න ඔවුන්ට පුළුවන්. එම නිසා ඔබ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඔබ තුළ බැදී ඇති ජරාව සියල්ලක්ම ඉවත් විය යුතුයි. ලෝකයේත් සමහර දරුවො ගොඩක් නරක් වෙලා. ඔවුන් ගේ පියවරු නොසතුටු කරනවා. ඒ පියවරු කියනවා; එවන් වූ දරුවෙක් හිටියෙ නැත්නම් හොඳයි කියලා. මල් වත්තක සුවඳක් තියෙනවා. කෙසේවෙතත් නාටකයට අනුව එතැනත් ජරාව තියෙනවා. එක් කෙනෙක් අක් මල් දෙස බැලීම අප්‍රිය කරනවා. නමුත් තව කෙනෙකුගේ දැස් සැමටම යොමු වෙනවා. ජීවයන් කියනවා : මේ ඉන්නේ මේ මේ විධියෙ මල් කියලා. ලස්සන මල් වල ඔබට සුවඳත් දැනේවි. බාබා ඔබ දෙසත් බලනවා කොපමණ කාලයක් ඔබ සිහි කිරීම නැමැති වන්දනාවේ යෙදුනාද, ඔබ කොපමන දුරට පිරිසිදු වුනාද සහ පසුව කුමන කාරණයක් මතද ඔබ අන්‍යයන්ව ඔබ හා සමාන තත්ත්වයකට ගෙනාවේ කියලා. ප්‍රධානම කරුණ මන්මනභව්. බාබා කියනවා : මා සිහිකරන්න ඔබ පිරිසිදු මලක් වෙනවා. ලක්ෂ්මි සහ නාරායන් එවන් පිරිසිදු මලක්. ශිව බාබා ඔවුන්ටත් වඩා පවිත්‍රයි. ලක්ෂ්මි සහ නාරායන් ඒ තැනට ගෙනාවේ ශිව බාබා කියලා කවුරුත් දන්නේ නැහැ. ඔබ දන්නවා ඔවුන් ඒ තැනට ආවේ උත්සාහ දැරිමෙන්. රාමා දැරුවේ සුළු උත්සාහයක්, එනිසා ඔහු එන්නේ චන්ද්‍ර වංශයට. බාබා ඔබට බොහෝ සෙයින් විස්තර කර දෙනවා. පළමුව ඔබ සිහිකිරීම නැමැති වන්දනාවේ යෙදිය යුතුයි. එවිට ඔබේ ජරාව ඉවත් වී ඔබට පිරිසිදු විය හැකියි. කෞතුකාගාර වලට ගොඩක් අය එනවා. දරුවනි . සේවය කිරීමට ඔබේ විශාල ආසාවක් තිබිය යුතුයි. ඔබ සේවය පසෙක තබා නින්දට නොයා යුතුයි. සේවයේදී ඔබ වඩාත් නිරවද්‍ය විය යුතුයි. කෞතුකාගාර පැවැත්වීමේදී විවේකය සඳහාත් ඔබ කාලය ගත කළ යුතුයි. මන්ද එහිදී ඔබ වඩාත් උගුර වෙහෙසවනවා. ඔබ කන්නත් ඕනේ. කෙසේ වෙතත් දිවා රැ ඔබ තුළ දැඩි ආශාවක් තිබිය යුතුයි එන අයට මාර්ගය පෙන්වන්න. කන වෙලාවක ආවොත් ඉස්සෙල්ල ඔබ ඔවුන් වෙනුවෙන් ගොස් පසුව කෑමට එන්න. ඔබ එවන් සේවයක් කළ යුතුයි. ගොඩක් ශරීර අවධානයට පත්වෙන ඔළුකාරයො ඉන්නවා. ඔවුන් කැමති විවේකයට. ඔවුන් පුහුමානයක් ගන්නවා. බාබා ඔවුන්ට කියනවා ; මෙලෙස බොරුවට ලොකු කමක් ගන්න එපා කියලා. අවසානයේදී ඔබ ඔබේ තත්ත්වය දෙනකොට බාබා ඔබට ඔබේ තත්ත්වය ගැන දර්ශණ දෙනවා. ඔබ ඔබේම දෙපාමත පොරව නැමැති ශරීර අවධානය වට්ටා ගැනිමක් වෙන්නේ එතැනදී. බාබා සමඟ තරඟයට ඉන්න දරුවොත් ගොඩක් ඉන්නවා. කෙසේ වෙතත් මේ ශිව බාබාගේ වාහනය එයට තැනක් ලැබිය යුතුයි. මෙහෙ ගොඩක් අය ඉන්නවා වෛද්‍ය ප්‍රතිකාර ගන්න අය. ඔවුන් සිහියේ තබා ගෙන සිටින්නේ ඔවුන්ගේ වෛද්‍යවරුන්වයි. බාබා කියනවා ඔබ ඔබේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තබා ගත යුතුයි. ඒ වගේම ඔබ ඔබේ තත්ත්වය ගැනත් හොඳ අවධානයකින් සිටිය යුතුයි. ඔබ බාබා පිළිබඳ හොඳ සිහියකින් ආහාර ගන්නව නම් කිසිම දෙයක් ඔබට අපත්‍ය වෙන්නේ නැහැ. ඔබට සිහිකිරීම තිබෙන් විට ඒ ආහාර පිරිසිදු වෙලා බලයෙන් අනූත වෙනවා. කෙසේ වෙතත් ඔබ තවම ඒ තත්ත්වයට ළඟා වුයේ නැහැ. බාබා කියනවා සේරටම වඩා උසස් වෙන්නේ බ්‍රාහ්මීන්ස්ලගේ ආහාරයි. නමුත් ඒවා සිහිකිරිමෙන් යුක්තව හැදුවොත් විතරයි උසස් වෙන්නේ. සිහිකිරීමෙන් යුක්තව ආහාර හැදුවහම එය හදන අයටත් කන අයටත් හැමෝටම යහපතක් වෙනවා. අක් මල් වගේ ඉන්න අය ගොඩක් ඉන්නවා. එවන් දුප්පත් අය ලබන තත්ත්වය කුමක්ද? බාබා ඔවුන් ගැන අනුකම්පා කරනවා. ශරීර අවධානයෙන් ඉන්න කුළු හරකෙකුට කොහොමද දිව්‍යලෝකයේ ශබ්ද ඇහෙන්නේ ? අර වගේ අය මේ කුළු හරක් වගේ තමයි. සේවක සේවිකාවනුත් නිර්මාණය විය යුතුයි : මෙය තීරණය වූ දෙයක්. කෙසේ වෙතත් ඔබ ඒ තත්ත්වයත් සමඟ එකඟ වෙන්නේ නැහැ. ඔබ එවන් තත්ත්වයකට පත්වෙන්න නම් හිතන්නවත් ඕන නැහැ. ධනවත් යටත්වැසියෙක් වෙන එක හොඳයි සේවකයෙක් නොවී. ධනවත් අයට සේවකයින් තියා ගන්න පුළුවන්. බාබා කියනවා ; නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, දෙවියන් සිහිකර සතුට අත්දකින්න. මෙනෙහි කිරීමට භක්තිවන්තයින් මල්දාමයක් හදාගෙන ඉන්නවා. ඒ භක්ති වන්තයින්ගේ රාජකාරිය. බාබා කියනවා : සරල ලෙස ඔබ ජීවයක් බව අවධාරණය කරගෙන බාබා සිහිකරන්න ‚ ඒ ඇති. මල්දාමය මෙනෙහි කරන්න හෝ කියවන්න අවශ්‍ය නැහැ. ඔබ බාබාව දැනගත යුතුයි. එම නිසා ඔහුව සිහි කරන්න. ඔබ බාබා බාබා. කියල මහ හයියෙන් කෑ ගහන්න අවශ්‍ය නැහැ. ඔබ දැනගත යුත්තේ ඔහු, ජීවයන් වන අප සැමගේ අසීමිත පියා සහ ඔහු සිහිකිරිමෙන් අප සතෝප්‍රධාන් වන බවයි. ඉන් ජීවයන් සම්පූර්ණයෙන්ම පාරිශුද්ධත්වයට පත්වෙනවා. එය ඉතා පහසුයි. කෙසේ වෙතත් මෙය යුධ පිටියක්. ඔබ යුධ කරන්නේ මායා සමඟයි. ඇය ඔබේ යෝගා බුද්ධිය කඩනවා. විනාශය සිදු වෙන මොහොතට ඔබේ බුද්ධියේ වටිනාකම කොපමණ ද එපමණටම ඔබ උසස් තත්ත්වයක් ලබනවා. ඔබ වෙන කිසිවකු නොව මේ කෙනාව සිහි කළ යුතුයි. එවන් ජීවයන් තමයි පෙර කල්පයේ මල්දාමයේ පොහොට්ටු වුණේ. රුදු එකතුවෙන් පෙන්වන්නේ බ්‍රහ්මණ වංශයට අයිති අය : අදෘෂ්‍යමානව දැඩි උත්සාහයක් දරණ අයව. දැනුමත් අදෘෂ්‍යමානයි. බාබා හැම කෙනෙක්වම හොඳින් දන්නවා. තමන් ඉතා හොඳයි නොම්මර එකට ඉන්නේ කියල හිතන සමහර මහාරාතීන් වැඩිකල් මෙහෙ ඉන්නේ නැහැ. ඔවුන්ට බාබා ගැන සිහියේ ඉන්න බැරි තරමට දැඩි සේ ශරීර අවධානයට පත්වෙලා. මායා ඔවුන්ට ඉතා දැඩි සේ පහර දෙනවා. මල්දාමයට අයත් විය හැකි අය ඉතාම සුළු තරයයි ඉන්නේ. බාබා කියනවා දරුවන් ඊළඟට ඔබවම නිරික්ෂණය කර බලන්න: බලන්න ඔබ කුමනාකාරයක පිරිසිදු දේවතාවක්ව සිටියාද සහ පසුව මම කොපමණ දුරට ජරාවට ඇද වැටුණ ද කියලා. දැන් ඔබට ශිව බාබා මුණ ගැසුණා, ඔබ ඔහුගේ උපදේශයන් අනුගමනය කළ යුතුයි. ඔබ වෙන කිසිම මනුෂ්‍යයෙක් සිහි නොකළ යුතුයි. ඔබට වෙන කිසිම කෙනෙකුගේ මතකයක් ඇතුළු නොවිය යුතුයි. කිසිම කෙනෙකුගේ පින්තූර ඔබ ළඟ තබා නොගත යුතුයි. ඔබ සිහි කළ යුත්තේ එකම ශිව බාබා පමණයි. මන්ද ශිව බාබාට ශරීරයක් නැහැ. ඔහු මෙයාව ගත්තේ තාවකාලිකව ණයකට. ඔහු ඔබව ලක්ෂ්මි සහ නාරායන් වැනි දේවත්වයකට පත්කරන්න බොහෝ උත්සාහ දරනවා. බාබා කියනවා : ඔබ මට මේ අපිරිසිදු ලෝකයට එන්න කියලා කතා කළා. ඉතින් මම ඔබව පිරිසිදු කරනවා. පිරිසිදු ලෝකෙට එන්න කියලා ඔබ කතා කරන්නේ නැහැ. එහෙට ඇවිල්ල මම මොනව කරන්නද ? ඔහුගේ සේවය ඔබව පිරිසිදු කිරීමයි. බාබා දන්නවා ඔබ හැමකෙනෙක්ම සම්පූර්ණයෙන්ම දැවී අඟුරු මෙන් වී ඇත. බාබා ආවේ ඔබව අලංකාර කරන්නයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ කරන සේවයන් වල දී ඔබ වඩාත් නිරවද්‍ය විය යුතුයි. දිවා රෑ සේවය කිරීමේ කුල්මත් බවක් ඔබට තිබිය යුතුයි. නින්ද වෙනුවෙන් ඔබ කරන සේවාවන් නවත්වන්න එපා. බාබා මෙන් යහපත සලසන්නකු වන්න.

2. ඔබේ බුද්ධියෙන් සියලුම ජරාව ඉවත් කර එකම එක්කෙනා කෙරෙහි සෙනෙහස තබා ගන්න. සුවඳවත් මලක් වන්න. මේ අපිරිසිඳු ලෝකයේ කිසිම දෙයකට ඔබේ හදවත ආකර්ශණය නොකරන්න.

වරදානය:
ඔබේ උසස් ස්ථිතියෙහි ආසනය මත ඔබේ මනස සහ බුද්ධිය ස්ථාවර කර ඔබ තපස්යාවේ ප්‍රතිමූර්තියක් බවට පත් වේවා.

තපස්වි කෙනෙක් සෑමවිටම තපස්යා කරන්නේ එක හෝ තව අසුනක හිඳගෙනයි. ඔබ තපස්වී ජීවාත්මයන්ගේ ආසනය වන්නේ ඔබේ ස්ථාවර, සුරදූත ස්ථිතියයි. මෙම උසස් මනෝ ස්ථිතියෙහි ඔබව ස්ථාවර කර ගැනීම යනු ඔබේ ආසනයේ අසුන් ගැනීමයි. භෞතික ශරීරයක් භෞතික ආසනයක අසුන්ගන්වා ඇති නමුත්, ඔබ ඔබේ මනස සහ බුද්ධිය මෙම උසස් ආසනය මත හිදුවයි. එම තපස්වීවරු එක කකුලක් මත සිටගෙන සිටින අතර ඔබ නිරන්තර සහ ස්ථාවර ස්ථිතියක ඔබව ස්ථාවර කරයි. ඔවුන්ගේ හඨ යෝග වන අතර ඔබේ වන්නේ පහසු යෝගාව වේ.

පාඨය:
ස්නේහ සාගරය වන පරමාත්ම පියාගේ දරුවන් වන ඔබ ස්නේහ ගංගාවෙන් පූර්ණ වී සිටී.