30.01.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම පැරණි ලොවට, ඔබ වෙත ලබා දීමට කිසිවක් ඉතිරි වී නොමැත. මේ නිසයි ඔබගේ
හදවතට, එය වෙත බැඳීමට ඉඩ නොදිය යුත්තේ. ඔබ පියා සිහිකිරීමට අමතක කළොත්, දඬුවම්
විඳීමට සිදුවෙයි.
ප්‍රශ්නය:
ඔබ පියාගේ
ප්‍රධාන උපදෙසකට අකීකරු වන්නේ ඇයි? එම උපදේශය කුමක්ද?
පිළිතුර:
පියාගේ උපදේශය වන්නේ, කිසිම කෙනෙකුගෙන් තමාට පෞද්ගලික සේවයක් පිළිනොගන්න, මන්ද, ඔබද
සේවකයන් බැවින්. කෙසේවෙතත්, ශරීර අවධානය නිසා, පියා දෙන මෙම උපදේශයට ඔබගෙන් සමහරෙක්
අකීකරු වෙයි. බාබා පවසන්නේ : ඔබ මෙහිදී එම සතුට පිළිගතහොත්, එහිදී ඔබගේ සතුට
අඩුවෙයි. දරුවන් බොහෝ දෙනෙක් පවසන්නේ ඔවුන්ට ස්වාධීන වීමට අවශ්‍ය බවයි, නමුත් ඇත්ත
වශයෙන්ම, ඔබ සෑම කෙනෙක්ම යැපෙන්නේ පියාගෙනි.
ගීතය:
මගේ හදවතේ
ආධාරය නොබිඳී පැවතිය යුතුයි.
ඕම් ශාන්ති.
ශිව දෙවියන්
ඔහුගේ සැලිග්‍රමයන්ට කතා කරයි. සියලුම මනුෂ්‍යයින් ශිවා මෙන්ම සැලිග්‍රම ද දන්නවා;
දෙකම අශාරීරිකයි. ක්‍රිෂ්ණා දෙවියන් කතා කරන බව ඔබ තව දුරටත් නොකියයි. සිටින්නේ එක්
දෙවි කෙනෙක් පමණි, එබැවින් ශිව දෙවියන් කතා කරන්නේ කා හටද? ඔය ආධ්‍යාත්මික දරුවන්
හටයි. ඔය දරුවන්ට දැන් සම්බන්ධතාවයක් තිබිය යුත්තේ පියා සමග පමණක් බව බාබා විස්තර
කර දී තිබේ. මන්ද, ශිව බාබා පමණයි පාරිශුද්ධකරුවා, දැනුමේ සාගරය, මෙන්ම ඔබට
දිව්‍යලෝකයේ උරුමය ලබා දෙන ඒකායන කෙනා වන්නේ, ඔබ සිහි කළ යුත්තේ ඒකායන ඔහුවයි.
ඔහුගේ භාග්‍යවන්තම රථය වන්නේ බ්‍රහ්මායි. ඔහු ඔබට ඔබගේ උරුමය ලබා දෙන්නේ මෙම රථය
මගිනි. ඔබට ඔබගේ උරුමය ලබා දෙන්නේ බ්‍රහ්මා නොවෙයි; ඔහුටත් උරුමයක් හිමිවනවා.
එබැවින් ඔය සෑම දරුවෙක්ම තමා ජීවාත්මයක් බව සළකා, පියාව සිහිකළ යුතුයි. නිදසුනක්
වශයෙන් රථයේ යම් අපහසුතාවයක් තිබුණහොත් හෝ යම් කිසි හේතුවක් නිසා ඔබට මුරලිය
නොලැබන්නේ නම්, ඔය දරුවන්ගේ අවධානය යන්නේ ශිව බාබා වෙතටයි. ඔහු කිසිදාක රෝගී වන්නේ
නැත. ඔය දරුවන්ට බොහෝ දැනුම ලබා දී තිබේ, ඔබට මෙය අන් අයට කියා දිය හැක. සමහර
දරුවන් ප්‍රදර්ශන වලදී බොහෝ සේ විස්තර කරයි. ඔය දරුවන්ට මේ සියලුම දැනුම තිබේ.
පිංතූර වල පෙන්වා දී ඇති දැනුම ඔය සෑම දරුවෙකුගේම බුද්ධියේ තිබේ. කිසිම දෙයක් ඔය
දරුවන්ව නැවැත්විය යුතු නැත. තැපෑල නොමැති නම් හෝ වැඩ වර්ජනයක් තිබුණේ නම් ඔබ
කරන්නේ කුමක්ද? ඔය දරුවන්ට කොහොමත් දැනුම තිබේ. ස්වර්ණමය යුගය පැවතුණු බවත්, එය
දැන් කලි යුගය, පැරණි ලෝකය බවත්, ඔබ විස්තර කළ යුතුයි. ගීතයේද ඔබ ගයන්නේ, මේ පැරණි
ලොවට දිය හැකි දෙයක් ඉතිරි වී නොමැති බවය. ඔබගේ හදවතට එය වෙත බැඳීමට ඔබ ඉඩ නොතැබිය
යුතුයි. එසේ නොමැති නම් දඬුවම් විඳීමට සිදුවෙයි. පියාව සිහිකිරීමෙන් ඔබගේ දඬුවම්
අඩු කර ගත හැක. ඔබ පියාව සිහිකිරීම බිඳී ගොස්, ඔබට දඬුවම් විඳීමට සිදුවී, නැවත
පැරණි ලෝකයට ආපසු පැමිණීමට සිදුවීම, නොවිය යුතුයි. මෙසේ පිටව ගිය බොහෝ දෙනෙක් සිටි.
ඔවුන් පියාව සිහි කරන්නේවත් නැත. ඔවුන්ගේ හදවත් තවමත් පැරණි ලොවට බැඳී තිබේ. මෙම
වර්ථමාන ලෝකය ඉතාමත්ම නරකය. ඔබගේ හදවත යම් කෙනෙක් මත රැඳී තිබන්නේ නම්, බොහෝ දඬුවම්
අත්විඳීමට සිදුවනවා ඇත. ඔය දරුවන් මෙම දැනුමට සවන් දිය යුතුයි. ඔය භක්ති මාර්ගයේ
ගීත වලට සවන් නොදිය යුතුයි. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේය. ඔබට දැනුමේ සාගරය වන
පියාගෙන් දැනුම ලැබෙන්නේ මෙම සංගම යුගයේය. දැනුමේ සාගරය වන්නේ එම ඒකායන කෙනා පමණක්
බව ලොවෙහි කිසි කෙනෙක් නොදනී. ඔහු මනුෂ්‍යයින්ට ඥානය ලබා දෙන විට ඔවුන්ට විමුක්තිය
ලැබෙයි. විමුක්තිය පිරිනමන්නා වන්නේ ඔහු පමණය, එබැවින් ඔබ ඔහුගේ උපදෙස් පිළිපැදිය
යුතුයි. මායා කිසි කෙනෙක්ව අත්නොහරියි. ඔබ එක් හෝ තව වරදක් කරන්නේ ශරීර අවධානය
නිසාය. ඔබගෙන් සමහරෙක් රාගයෙන් අර්ධ වශයෙන් බලපෑමට ලක් වන අතර සමහරෙක් කෝපයේ බලපෑමට
ලක්වෙයි. මනසේ බොහෝ කුණාටු තිබෙයි. ඔබ කෙනෙක් සමග ප්‍රේමයෙන් බැඳෙන නිසා ඔබට යම්
යම් දේ කිරීමට අවශ්‍ය වෙයි. ඔබගේ හදවත කිසිම කෙනෙකුගේ ශරීරයට බැඳීමට ඔබ ඉඩ නොතැබිය
යුතයි. පියා පවසන්නේ : තමන් ජීවාත්මයක් බව සලකන්න, එවිට ශරීරය පිළිබඳ සියලුම අවධානය
අවසන් වෙයි. එසේ නොමැති නම්, ඔබ පියාගේ උපදෙස් වලට අකීකරු වනවා. ඔබ ශරීර අවධානයට
පත් වන විට, ඔබට විශාල ලෙස පාඩු සිදුවෙයි. එබැවින් තමන්ගේම සිරුර, ඇතුළු සෑම දෙයක්ම
අමතක කර දමන්න. පියා සහ නිවස පමණක් සිහිපත් කරන්න, එපමණයි. පියා ඔය ජීවාත්ම වලට
විස්තර කරදෙයි: ඔබගේ සිරුරු තුළින් ක්‍රියා කරන අතර, ඔබගේ පාපයන් පුළුස්සා දැමීමට,
මා සිහිපත් කරන්න. මෙම මාවත බොහෝ සරළය. ඔබ දිගින් දිගටම වැරදි සිදු කරන බවත් බාබා
දන්නවා. කෙසේවෙතත්, ඔබගේ වැරදිම් වල, ඔබ දිගටම සිරගත වී නොසිටිය යුතුයි. ඔබ වරදක්
සිදුකළොත් ඔබ එය නැවත සිදු නොකළ යුතුයි. ඔබගේම කන් ඇද, තමන්ටම මෙසේ කියන්න: මම
නැවතත් මෙම වරද සිදු කරන්නේ නැත. ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ නැවත නැවතත් වැරදි
කරන්නේ නම්, ඔබ තමන්ට විශාල පාඩුවක් කරගැනීමට යන බව ඔබ තේරුම් ගත යුතුයි. ඔබ පහත්
තත්ත්වයකට පත්වුණේ ඔබගේ වැරදි නිසාය. මෙතරම් උස ඉනිමගකින් පහතට පැමිණ, ඔබට දැන්
සිදු වී ඇත්තේ කුමක්ද? ඔබට මෙම දැනුම පෙර තිබුණේ නැත. ඔබ දරන උත්සාහයට අනුව,
අංකානුරූපව, ඔබ සෑම කෙනෙක්ම මෙම දැනුම තුළින්, දැන් නුවණැත්තන් බවට පත් වී තිබේ.
හැකිතාක් දුරට අභ්‍යන්තරගත වී සිටින්න. ඔබගේ කට වසා තබා ගන්න! දැනුම තුළින් නුවණ
ලබා ගත් අය, පැරණි ලොවට ඔවුන්ගේ හදවත් බැඳතබා ගන්නේ නැත. රාවනගේ රාජධානියේ විනාශය
ගෙන ආ යුතු බව ඔවුනගේ බුද්ධියට වැටහෙයි. මෙම ශරිරය පැරණි වන අතර එය අයත් වන්නේ
රාවනගේ සමාජයටයි. අප රාවණගේ සමාජය සිහිකරන්නේ කුමකටද? අප සිහිපත් කළ යුත්තේ එක්
රාමා (පරමාත්ම දෙවියන්) පමණයි. පියාට සැබවින්ම විශ්වාසවන්තව රැඳී සිටින අය බවට අප
පත්විය යුතුයි. පියා පවසන්නේ : දිගින් දිගටම මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන්
දුරු වී යනු ඇත. ඔබ පියාට විශ්වාසවන්ත විය යුතුයි. එනම්, ඔබ පරමාත්ම දෙවියන්ට
විශ්වාසවන්ත වීමය. බැතිමතුන් දෙවියන් පමණක් සිහිකර මෙසේ යාඥා කරති: දෙවියනේ, පැමිණ
අපට සාමය සහ සතුට යන අපගේ උරුමයන් ලබා දෙන්න. භක්ති මාර්ගයේ බැතිමතුන් දෙවියන්
වෙනුවෙන් ජීවිත කැප කරති. මෙහිදී තමන්ව බිලිදීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. අප ජීවමානව
මියැදෙන්නෙමු එනම්, අප දෙවියන් වෙනුවෙන් කැප වන්නෙමු. අප ජීවත්ව සිටින තාක් කල් අප
පියාට අයත් විය යුතුයි, මන්ද, අප ඔහුගෙන් අපගේ උරුමය හිමිකර ගතයුතු බැවින්. අප
ඔහුගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඇත්ත වශයෙන්ම, ජීවමානව සිට, තමන්ව කැප කරනවා, යන්න
සඳහන් වෙන්නේ මෙකල ගැනය. භක්ති මාර්ගයේදී ඔවුන් සිය දිවි නසා ගැනීම් ආදිය සිදු
කරගන්නවා. මෙහි, සියදිවි නසා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා පවසන්නේ : තමන්
ජීවාත්මයක් බව සළකා පියා සමග යෝගාවේ සිටින්න. ශරීර අවධානයට පත් නොවන්න. ඔබ අසුන්
ගෙන සිටියත්, ඇවිදමින් සිටියත්, පියාව සිහපත් කිරීමට උත්සාහ දැරිය යුතුයි.
කිසිකෙනෙක් තවමත් 100% කින් සමත් වී නැත; ඔබ සෑම කෙනෙක්ම දිගින් දිගටම චංචල වනවා.
ඔබ කරන වැරදි ගැන ඔබට ප්‍රවේශම් වීමට නොකියන්නේ නම්, ඔබ එම වැරදි කිරීම නවත්වන්නේ
කෙසේද? මායා කිසි කෙනෙක්ව අත්නොහරියි. බොහෝ ජෝඩු පවසන්නේ: බාබා, අපි මායාගෙන්
පරාජයට පත්වුණා. අපි උත්සාහ දරමින් සිටියා, නමුත් කුමක් සිදුවූවාද කියා අප
නොදන්නෙමු. මෙතරම් බරපතල වරදක් අප සිදුකළේ කෙසේද කියා අප නොදන්නෙමු. ඔවුන්ගේ වරද
නිසා, බ්‍රහ්මිණ් වංශයේ ඔවුන්ගේ නම අපහාසයට පත්වන බව ඔවුන්ට වැටහෙයි. ඔවුන් කෙතරම්
තදින් මායාගේ බලපෑමට ලක් වන්නේද යත් ඔවුන්ට එය වටහා ගැනීමට පවා නුපුළුවන. ඔවුන්
ශරීර අවධානයට පත්වන විට, ඔවුන්ගේ සිහියද විකල් වනවා මෙනි. සිහිය විකල් වන විට,
අපහාසද සිදුවෙයි. එවිට ඔවුන්ගේ උරුමය අඩුවෙයි. එවන් වැරදි සිදුකරන බොහෝ දෙනෙක්
සිටියි. මායා ඔවුන්ට කෙතරම් තදින් පහර දෙන්නේද යත්, ඔවුන් පරාජයට පත් වෙයි. එවිට
ඔවුන්ගේ කෝපය නිසා ඔවුන් තව කෙනෙකුට පහර දෙයි, නැත්නම් ඔවුන්ගේ සපත්තුවෙන් පහර
දෙයි. ඉන්පසුව ඔවුන් පසුතැවිලි වෙයි. බාබා පවසන්නේ : ඔබ දැන් විශාල ලෙසින් උත්සාහ
දැරිය යුතුයි. ඔබ තමන්ට මෙන්ම අන් අයටත් හානියක් සිදුකර තිබේ. ඔබ බොහෝ සෙයින් අහිමි
කරගෙන තිබේ. රාහුගේ අපලවල සළකුණු ඇත. පියා පවසන්නේ : ඔබ දැන් ඔබගේ දුර්ගුණ දන්
දෙන්නේ නම්, ඔබට එම අපල වලින් දුරු විය හැක. රාහුගේ අපල තිබෙන විට, කල් ගත වෙයි. ඔබ
පහළට පැමිණි පසු නැවත ඉනිමග නැගීමට අපහසුය. මද්‍යසාරය පානය කිරීමේ පුරුද්ද
මිනිසුන්ට ඇති විට, එය අත්හැරීම ඔවුන්ට ඉතාම අපහසුය. ඔබගෙන් සමහරෙක් කරන විශාලතම
වරද වන්නේ, ඔබගේ මුහුණේ දැලි ගා ගැනීමයි. ඉන්පසුව ඔබට දිගින් දිගටම ශරීරය සිහිවෙයි.
ඉන්පසුව ඔබට දරුවන් ඇති වන විට ඔබ දිගින් දිගටම ඔවුන්ව සිහිපත් කරයි. එවිට ඔබට කුමන
දැනුමක්ද අන් අයට දිය හැකි වන්නේ? කිසිවෙක් ඔබට ඇහුම්කන් නොදෙනු ඇත. අප දැන් උත්සාහ
දරන්නේ එක් අය සිහිකිරීමට සහ අන් සෑම කෙනෙක්වම අමතක කිරීමටය. ඔබ මේ ගැන බොහෝ
ප්‍රවේසම් විය යුතුයි. මායා බොහෝ බලවත්ය. දවස පුරාවටම ඔබ සැලකිලිමත් විය යුත්තේ ශිව
බාබා සිහිකිරීමට පමණය. නාටකය දැන් අවසානයකට පැමිණෙන අතර අප ආපසු නිවසට යා යුතුව ඇත.
අපගේ ශරීර විනාශ වීමටයි යන්නේ. ඔබ පියාව සිහිපත් කරන තරමට ඔබ අන් කිසි කෙනෙක්ව සිහි
නොකරන අතර ඔබගේ ශරීර අවධානය ඉවත් වනු ඇත. මෙම අරමුණ ඉතා ඉහළය. ඔබගේ හදවතට, ඒකායන
පියා හැර, අන් කිසිවෙක් වෙත බැඳීමට ඉඩ නොදෙන්න. එසේ නොමැති නම් එම කෙනා ඔබගේ
ඉදිරියට නැවත නැවතත් පැමිණෙනු ඇත. එම කෙනා අනිවාර්යෙන්ම ඔබගෙන් පලිගනු ඇත. අපගේ
අරමුණ ඉතා උසස්ය. මේ ගැන කතා කිරීම ඉතා පහසුයි. සිය දහස් ගණනක් අතරින්, මාලාවේ
පබුළු වන්නේ ඉතා ටික දෙනෙක් පමණයි. සමහරුන් ශිෂ්‍යත්වයක් දිනා ගන්නවා. හොඳින්
උත්සාහ දරන අය අනිවාර්යෙන්ම ශිෂ්‍යත්වයක් දිනා ගනු ඇත. නොබැඳි නිරීක‍්ෂකයෙක් වී, ඔබ
කෙතරම් සේවය කරන්නේද කියා බලන්න. ඔබගෙන් බොහෝ දෙනෙකුට තම රැකියාවෙන් නිදහස් වී මෙම
ආධ්‍යාත්මික සේවයේ නියැලීමට උවමනාය. කෙසේවෙතත්, බාබා එක් එක් අයගේ අවස්ථාව දෙස
බලයි. ඔබ තනිව සිටින්නේ නම්, සහ ඔබට නෑදෑයින් නොමැති නම් එයට කම්නැත. කෙසේවෙතත්,
ඔහු පවසන්නේ ඔබගේ වෙනත් ව්‍යාපාර කරගෙන යන්න, එමෙන්ම මෙම සේවයේද නියැලෙන්න. ඔබගේ
ව්‍යාපාරයේදී, ඔබට සේවය කළ හැකි බොහෝ මිනිසුන් ඔබට මුණ ගැසෙනු ඇත. ඔය දරුවන්ට බොහෝ
සේ දැනුම ලැබී තිබේ. ඔය දරුවන්ගේ මාර්ගයෙන් බොහෝ සේවය සිදුකිරීමට බාබා ඔබව පොළඹවයි.
ඔහු සමහර දරුවන් තුළට ඇතුළු වීමෙන් පවා, සේවය සිදුකරයි. ඔහු සේවය සිදුකළ යුතුයි.
වගකීමක් ඇති අය නින්දට යන්නේ කෙසේද? ශිව බාබා නිරන්තරයෙන් දැල්වුණු පහනයි. පියා
පවසන්නේ : මම දිවා රැයේ සේවය කරන්නෙම්. ශරීරය වෙහෙසට පත් වන්නේ නම් ජීවාත්මයට කළ
හැක්කේ කුමක්ද? ශරීරයට ඇති තරම් සේවය කළ නොහැක. පියාට වෙහෙසක් නොදැනෙයි. ඔහු ලෝකයේ
සෑම කෙනෙක්වම අවදි කරවන, දැල්වුණු පහනයි. ඔහුගේ චරිත කොටස ඉතා අලංකාරයි. ඔය දරුවන්
ගෙන් ටික දෙනෙක් පමණයි ඔහුව හඳුනන්නේ. පියා සෑම මරණයකම මරණයයි. ඔබ ඔහුට කීකරු
නොවන්නේ නම් ධර්මරාජගෙන් ඔබට දඬුවම් විඳීමට සිදුවෙයි. පියාගේ ප්‍රධානතම උපදෙස්
වලින් එකක් වන්නේ කිසිම කෙනෙකුගෙන් පෞද්ගලික සේවයක් පිළිනොගන්න. කෙසේවෙතත්, ඔබ ශරීර
අවධානයට පත්වන නිසා, ඔබ පියාගේ උපදෙස් වලට අකීකරු වනවා. බාබා පවසන්නේ : ඔබමද
සේවකයන්ය. ඔබ මෙහිදී එම සතුට පිළිගන්නේ නම්, එහිදී ඔබ ලබන සතුට අඩුවෙයි. ඔබ එම
පුරුද්ද ඇති කරගත්තොත්, ඔබට සේවකයන් නොමැතිව සිටීමට නොහැකි වෙයි. බොහෝ දෙනෙක්
කියන්නේ මට ස්වාධීනව සිටීමට අවශ්‍යයි කියා. කෙසේවෙතත්, පියා කියන්නේ : ඔබ යැපී
සිටිම හොඳයි; ඔබ සෑම කෙනෙක්ම පියා මත යැපිය යුතුයි. ඔබ පහළට වැටෙන්නේ, ස්වාධීන වීමට
යත්න දැරීමේදීය. ඔබ සෑම කෙනෙක්ම ශිව බාබා මත යැපෙයි. මුළු ලොවම ඔහු මත යැපෙයි, මේ
නිසයි ඔවුන් යාඥා කරන්නේ : ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! ඔබට ඔහුගෙන් සාමය සහ
සතුට ලැබෙයි, නමුත් මිනිසුන්ට මෙය වැටහෙන්නේ නැත. ඔබ භක්ති මාර්ගය හරහා යා යුතුයි.
පියා පැමිණෙන්නේ රාත්‍රිය අවසන් වන විටයි. ඔහුගේ පැමිණීමට, තත්පරයකවත් වෙනසක් සිදු
විය නොහැක. පියා පවසන්නේ : මා මෙම නාටකය දන්නවා. මෙම නාටකයේ මුල, මැද සහ අවසානය ගැන
වෙනත් කිසිවෙකු නොදනී. ස්වර්ණමය යුගයේදී මෙම දැනුම අතුරුදහන් වනවා. ඔබ දැන්
නිර්මාපක සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය දන්නවා; මෙය හැඳින්වෙන්නේ දැනුම කියාය.
අන් සෑම දෙයක්ම භක්තියයි. පියා දැනුමින් පිරි කෙනා ලෙස හැඳින්වෙයි. ඔහු අපට දැන්
මෙම දැනුම ලබා දෙනවා. ඔය දරුවන්ට බොහෝ සේ හොඳ කුල්මත්භාවයක් තිබිය යුතුයි.
කෙසේවෙතත්, රාජධානියක් ස්ථාපනය වන බවත් ඔබට වැටහෙනවා. සමහරු නිකම් සාමාන්‍ය වැසියන්
බවට පත් වෙයි. ඔවුන්ට දැනුම සුළුවෙන්වත් වැටහෙන්නේ නැත! එය පුදුමයකි. මෙම දැනුම
තේරුම් ගැනීම ඉතාමත්ම පහසුයි. අපගේ උපත් 84හි චක්‍රය දැන් අවසානයකට පැමිණෙනවා. ඔබට
විගසින් ඔබගේ නිවසට ආපසු යෑමට සිදුවෙයි. මෙම නාටකයේ ප්‍රධාන නළුවන් වන්නේ අපයි, ඒ
නිසා අපි මුළු නාටකයම දන්නවා. අපි නාටකය පුරාවටම වීර නළු නිලි චරිත රඟපානවා. මෙය
බොහෝ සේ පහසුයි, නමුත් එය ඔබගේ භාග්‍යයේ නොමැති නම්, ඔබ කුමන උත්සාහයක් දරයිද? මෙම
ඉගෙනුමේදී මෙය නොකඩවා සිදුවනවා. ඒ වුණත් ඔබගෙන් ඇතැමෙක් අසමත් වනවා. මෙය ඉතා විශාල
පාසලකි. රාජධානියක් ස්ථාපිත කළ යුතුයි. ඔබ එක් එක් කෙනා ඉගෙන ගන්නා තරමට අනුව, ඔබ
කුමන තත්ත්වයක් හිමි කර ගන්නේද කියා ඔබට වටහා ගැනීමට හැකි වෙයි. ඔබලා බොහෝ දෙනෙක්
සිටිති. ඔබ සෑම කෙනෙකුටම උරුමකරුවෙක් විය නොහැක. පිවිතුරු වීම ඉතා අපහසු දෙයකි.
පියා ඔබට සෑම දෙයක්ම පහසුවෙන් තේරුම් කරවනවා. මෙම නාටකය දැන් අවසානයකට පැමිණෙනවා.
පියාගේ සිහිපත් කිරීම තුළින් ඔබ සම්පූර්ණයෙන්ම පිවිතුරු විය යුතු අතර, ඉන්පසුව ඔබ
සම්පූර්ණයෙන්ම පිවිතුරු නව ලෝකයේ අධිපතියන් බවට පත් වෙයි. ඔබට හැකි පමණින් සිහිපත්
කිරීමේ සිටින්න. එය ඔබගේ භාග්‍යයේ නොමැති නම්, පියා සිහි කිරීම වෙනුවට ඔබ අන් අය
සිහි කරනු ඇත. තව කෙනෙකුට ඔබගේ හදවත බැඳ තැබීමෙන් ඔබට බොහෝ හැඬීමට සිදුවෙයි. පියා
පවසන්නේ : මෙම පැරණි ලෝකයට ඔබගේ හදවතට බැඳෙන්නට ඉඩ නොදෙන්න. ලෝකය විනාශ විය යුතුයි.
වෙන කිසිවෙක් මෙය නොදනී. ඔවුන් සිතන්නේ කලි යුගය තව බොහෝ කාලයක් පැවතිය යුතු බවයි.
ඔවුන් සිටින්නේ ගැඹුරු නින්දකය. ඔබ ප්‍රදර්ශන ආදියෙදී කරන සේවය, පුරවැසියන් බිහි
කිරීමේ වේගවත් ක්‍රමයකි. ඇතැම් රජුන්, රැජිණියන්ද මතු වෙයි. සේවය කිරීමට බොහෝ සේ
කැමති අය බොහෝ දෙනෙක් සිටිති. ඇතැමෙක් ධනවත් අතර ඇතැමෙක් දුප්පත්ය. ඔබ අන් අයව ඔබට
සමාන කළ යුතුයි. ඔබට එයින්ද යහපතක් සිදුවෙයි. ඔබ අන්ධයින්ට සැරයටි විය යුතුයි.
ඔවුන්ට කියන්න, පියා සහ උරුමය සිහිකරන්න කියා, එපමණයි. විනාශය ඔබ ඉදිරියේ සිටගෙන
සිටියි. විනාශය බොහෝ ළඟ බව ඔවුන් දුටු විට පමණයි, ඔබ කියන දේට ඔවුන් සවන් දෙන්නේ.
ඔබගේ සේවය වැඩි වී ඔවුන් සිතයි මෙය නිවැරදියි කියා. විනාශය සිදු විය යුතු බව, ඔබ
නොකඩවා අන් අයට කියයි. ඔබ ප්‍රදර්ශන සහ සල්පිල් වල සිදු කරන සේවයද වැඩි වනු ඇත. හොඳ
ශාලාවක් සොයාගැනීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ ඒ සඳහා කුලියක් ගෙවීමට සූදානම් බව
ඔවුන්ට කියන්න. ඔවුන්ට කියන්න: ඔබගේ නම තව වැඩියෙන් කීර්තිමත් වේවි. එවන් ශාලා
තිබෙන බොහෝ මිනිසුන් සිටියි. උත්සාහ දැරීමෙන් ඔබට වර්ග අඩි තුනක භූමි ප්‍රමාණයක්
සොයාගැනීමට හැකි වෙයි. එතෙක් කුඩා ප්‍රදර්ශන දිගටම පවත්වන්න. ඔබ ශිව ජයන්තිය සමරන
විට හඬ පැතිරෙනු ඇත. මෙසේ ලියන්න: ශිව ජයන්ති දිනය, රජයේ නිවාඩු දිනයක් විය යුතුයි.
ඇත්ත වශයෙන්ම සැමරිය යුත්තේ එම කෙනාගේ උපන් දිනය පමණයි. පාරිශුද්ධකරුවා ඔහුයි. සැබෑ
මුද්‍රාව වන්නේ ත්‍රිමූර්තියේ මුද්‍රාවයි. එහි කියැවෙන්නේ සත්‍යය තුළින් ජය. මෙය ඔබ
ජය ලබා ගන්නා කාලයයි. මේ දේවල් වෙන අයට විස්තර කර දීමට ඔබට හොඳ කෙනෙක් අවශ්‍යයි.
මධ්‍යස්ථාන වල ප්‍රධාන අය, සෑම කෙනෙකුටම අවධානය යොමු කළ යුතුයි. ඔබට ඔබගේම මුද්‍රාව
නිර්මාණය කරගත හැක: මෙය ත්‍රිමූර්ති ශිව ජයන්තියයි. ඔබ නිකම්ම ‘ශිව ජයන්ති‘ යැයි
කීමෙන් මිනිසුන්ට කිසි දෙයක් වටහා ගැනීමට නොහැකි වනු ඇත. සියලු වැඩ කළ යුත්තේ ඔය
දරුවන්ය. ඔබ බොහෝ දෙනෙකුට යහපත සළසන විට, ඔබටද එවන් නැග්මක් ලැබෙයි. ඔබ කරන සේවයෙන්
ඔබට විශාල නැගීමක් ලැබෙයි. ප්‍රදර්ශන වලදී බොහෝ සේවයක් ඉටු කරගත හැක. පුරවැසියන්
නිර්මාණය කළ යුතුව ඇත. කුමන දරුවන්ද සේවයට අවධානයක් යොමු කරන්නේ කියා, බාබා දිගටම
බලා සිටියි. බාබාගේ හදවත් සිහසුනට නගින්නේ ඔවුන්ය. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ වරදක්
සිදු කරන්නේ නම්, නැවතත් එම වරද නොකිරීම සඳහා, එවෙලේම, එතැනදීම ඔබගේ කන් ඇදගන්න.
කිසිම විටෙක ශරීර අවධානයට පත් නොවන්න. මෙම දැනුමේ ප්‍රවීණයෙක් වී, අභ්‍යන්තරගත වී
සිටින්න.
2. ඒකායන පියාට
සැබැවින්ම විශ්වාසවන්ත වන්න. ඔබ ජීවත්ව සිටින තාක් කල්, ඔහු වෙනුවෙන් තමන්ව කැප
කරන්න. වෙනත් කිසිවෙකු වෙත, ඔබගේ හදවට බැඳෙන්නට ඉඩ නොතබන්න. ඥානවන්ත නොවන කිසිවක්
නොකරන්න.
වරදානය:
ඔබ සෙනෙහසේ
ප්‍රතිමූර්තියක් වී සැමදා වෙන්ව සිටීමට සමුදෙන්න.
සෙනෙහස යනු ඔබ ආදරය
කරන තැනැත්තා ද ආදරය කරන දෙයකටම ආදරය කිරීමයි. ඔබේ ඇවිදීමේ, කන, බොන සහ ජීවත් වන
ආකාරය ඔබ ආදරය කරන තැනැත්තා ද ආදරය කරන ආකාරයටම වීමට ඉඩ දෙන්න. මේ සඳහා ඔබ තුළ ඇති
සිතිවිලි හෝ ක්‍රියා වලට, ඔබ සෙනෙහස දක්වන පරමාත්ම පියා ද කැමතිදැයි කියා සියල්ලටම
ප්‍රථමයෙන් සලකා බලන්න. සැබැවින්ම ආදරය කරන්න, ඔබ නිරන්තර සහ පහසු යෝගීවරයෙකු බවට
පත් වනු ඇත. ඔබ ඔබේ ආදරණීය ස්වරූපය සමාන වීමේ ස්වරූපයට පරිවර්තනය කළහොත්, ඔබට
අමරණීය වීමේ ආශීර්වාදය ලැබෙනු ඇති අතර ඔබ සැමදා වෙන්ව සිටීමට සමුදෙනවා ඇත.
පාඨය:
ඔබේ ස්වභාවය
පහසු ස්වභාවයක් කර ගන්නා අතර ඔබේ උත්සාහයන් අවධානයෙන් පුරවා තබා ගන්න.
ඔබගේ බලවත් මනසින්
සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.
බීජයක් තුළ මුළු ගසම
මුසු වී ඇති සේම, ඔබගේ මුළු වෘක්ෂයේම ව්‍යාප්තිය ඔබගේ සිතිවිලි බීජ තුළ මුසු
කරගන්න, ඔබගේ සිතිවිලි වල කැලඹීලි අවසන් වන්නේ එවිට පමණයි. වත්මන් කාලයේ සියලු
ආකාරයේ කැලඹිලි ලෝකයේ වැඩි වෙමින් පවතිනවා - දේශපාලන කැලඹිලි, භාණ්ඩ වල වටිනාකමේ
කැලඹිලි, මුදල් නෝට්ටු පිළිබද කැලඹීම්, කර්මය විදීමේ කැලඹිම් සහ ආගම් වල කැලඹීලි.
තමන්ව සහ සියලු දෙනාව එම කැලඹීම් වලින් ආරක්ෂා කිරීම සදහා, ඔබගේ මනස සහ බුද්ධිය
ඒකාග්‍ර කිරීම පුහුණු වන්න, එමෙන්ම සකාෂ් ලබා දීමේ සේවය නොකඩවා සිදු කරන්න.