30.03.25    Avyakt Bapdada      Sinhala Murli     30.11.2004    Om Shanti    Madhuban


දැන් ඔබගේ හැසිරීමෙන් සහ මුහුණින් බ්‍රහ්ම පියා හා සමානව, ඔබගේ අව්‍යක්ත ස්වරූපය පෙන්වන්න. දර්ශන පිරිනමන ප්‍රතිරුවක් වන්න.


අද, භාග්‍යය පිරිනමන්නා වන පියා, සෑම තැනකම සිටින, වැඩිම භාග්‍යයක් ඇති ඔහුගේ දරුවන්ව දැකීමෙන් සතුටු වනවා. කල්පය පුරාම, ඔබට තරම් ශ්‍රේෂ්ඨ භාග්‍යයක් වෙනත් කිසිවෙකුට තිබිය නොහැක. සෑම කල්පයකදීම, දරුවන් වන ඔබ පමණයි, මෙම භාග්‍යයට අයිතියක් ලබා ගන්නේ. සෑම කල්පයකම ඔබගේ අයිතියේ භාග්‍යය ඔබට මතකද? වඩාත්ම ශ්‍රේෂ්ඨ භාග්‍යය මෙම භාග්‍යය වන්නේ ඇයි? භාග්‍යය පිරිනමන්නාම ඔය දරුවන්ට මෙම දිව්‍යමය උපතේ ශ්‍රේෂ්ඨ භාග්‍යය ලබා දී ඇති නිසා. භාග්‍යය පිරිනමන්නා තුළින් උපතක් ලැබීම තරම් ශ්‍රේෂ්ඨ භාග්‍යයක් තවත් තිබිය නොහැක. ඔබගේ භාග්‍යයේ කුල්මත් බව ඔබගේ අවධානයේ තිබෙනවාද? ඔබගේ භාග්‍යයේ ලැයිස්තුවක් ඔබ සාදන්නේ නම්, ලැයිස්තුව කෙතරම් දිග වෙයිද? ඔය බ්‍රහ්මින්වරුන්ගේ භාග්‍යවන්ත දිවියේ කිසිම අඩුවක් නැත. ඔබ සියලු දෙනාගේ අවධානය තුළ ඔබගේ භාග්‍යයේ ලැයිස්තුව ඉස්මතුවී තිබෙනවාද? ඔබගේ අවධානය තුළට එය ගෙන එන්න. ඔබගේ අවධානය තුළට එය ඇවිත්ද? ඔබගේ හදවත ගායනා කරන ගීය කුමක්ද? “අපූරුයි, භාග්‍යය පිරිනමන්නා! සහ අපූරුයි, මගේ භාග්‍යය!” මෙම ශ්‍රේෂ්ඨ භාග්‍යයේ විශේෂත්වය වන්නේ, ඒකායන පරමාත්ම දෙවියන්ගෙන් ඔබට සම්බන්ධතා තුනක ලැබීම් හිමි වීමය. ඒකායන කෙනාගෙන් ඔබට එකකට සම්බන්ධතා තුනක් තිබේ, මේවා ජීවිතයේ විශේෂයෙන් සිහිකරන සම්බන්ධතා තුනය: පියා, ගුරුවරයා සහ සත්ගුරූ. වෙනත් කිසිවෙකුට ඒකායන කෙනාගෙන් ලැබීම් සහ සම්බන්ධතා තුනක් නොමැත. ඔබ ආඩම්බරෙන් සහ කුල්මත් බවින් පවසන්නේ, ඔහු ඔබගේ පියා, ගුරුවරයා සහ සත්ගුරූ ද බවයි. ඔබට පරම පියාගෙන් සියලු නිධානයන්ගේ ආකරය ලැබී ඇත. සම්පත්වල ලැයිස්තුව ඔබගේ අවධානයට ඇවිත්ද? පියාගෙන් ඔබට ලැබී ඇති සම්පත් ඔබගේ අවධානයට ගෙන එන්න. ඔබට ඒවා ලැබී තිබෙනවාද, නැත්නම් ඒවා ලැබෙන්න යනවාද? ඔබ කියන්නේ කුමක්ද? දරුවන් කොහොමත් පාලකයන්ය. ගුරුවරයාගේ ඉගැන්වීම් මගින් ඔබට දැනටමත් ශ්‍රේෂ්ඨ තත්ත්වයක් ලැබී ඇත. ඔබ ලෝකය දෙස බලන්නේ නම්, සිහිකර ඇති වඩාත්ම ශ්‍රේෂ්ඨ තත්ත්වය වන්නේ රාජකීය තත්ත්වය වන අතර ඔබ ද්විත්ව රජවරු වී ඇත. ඔබ වත්මන් කාලයේ තමන්ගේ පාලකයන්, ස්ව-අධිපතියන් වී ඇති අතර අනාගතයේ බොහෝ උපත් ගණනාවකට ඔබ රාජකීය තත්ත්වයකට අයිතියක් හිමිකර ගනීවි. මෙම ඉගෙනුම එක් උපතකට පමණක් වුවද, එමෙන්ම එය කෙටි උපතකි, නමුත් තත්ත්වයේ ලැබීම බොහෝ උපත් ගණනාවකට වන අතර රාජධානිය නොබිදෙන, නොසැලෙන සහ බාධක වලින් නිදහස් එකකි. දැන් පවා ඔබ ස්ව-අධිපතියන්, තමන්ගේ පාලකයන් සහ සැහැල්ලු අධිරාජවරුන්ය. ඔබ මෙයද? ඔබ සැහැල්ලු අධිරාජවරු වෙලාද? සැහැල්ලු වී ඇති අය අත් ඔසවන්න! ඔබට සුළු කණස්සල්ලක් පවා නොමැති තරමටම ඔබ සැහැල්ලුද? ප්‍රවේසම් වන්න. ඔබ ඉදිරියට ඕනෑම රූකඩ සංදර්ශනයක් පැමිණෙන විට, ඒ වෙලාවේ කණස්සලු ඇති වෙනවාද? ඔබ ඉදිරියට මායාගේ රූකඩ සංදර්ශනය පැමිණෙනවාද, නැද්ද? ඒ වෙලාවේ ඔබට සුළු කණස්සල්ලක් ඇති වෙනවාද? කණස්සළු නැද්ද? කණස්සලු ටිකක් තිබෙනවාද - සිතිවිලි ටිකක්? එසේ නැත්නම් ඔබ ඒ ගැන සිතන්නේ නැද්ද? ඇත්ත වශයෙන් ඔබගේ ශ්‍රේෂ්ඨ භාග්‍යය දැන් සිට ඔබව සැහැල්ලු අධිරාජයෙක් කරවයි. වරින් වර පැමිණෙන සුළු දේවල් එන්නේ ඔබට වැඩි අත්දැකීම් ලබා දීමට සහ අනාගතය වෙනුවෙන් පරිණත කිරීමටයි.

දැන් ඔබ සියලු දෙනා මේ විවිධ අවස්ථා ගැන අත්දැකීම් ඇති අය වී තිබේ, එහෙම නේද? ඔබ බිය වන්නේ නැහැ නේද? නොබැදි නරඹන්නෙකුගේ අසුනේ සුව පහසුව අසුන්ගෙන රූකඩ සංදර්ශනය නරඹන්න. එය සැබෑ කිසිවක් නොවෙයි, කාටූන් එකක් පමණයි. ඔබ දැන් ශක්තිමත් වෙලා නේද? ඔබ දැන් ශක්තිමත්ද? එසේ නැත්නම් විටෙක ඔබ ටිකක් බිය වෙනවාද? එය පැමිණෙන්නේ කඩදාසි කොටියෙක් සේ. එය සාදා තිබෙන්නේ කඩදාසි වලින් නමුත් පැමිණෙන්නේ කොටියෙකුගේ වෙසින්. දැන් කාලයට අනුව අත්දැකීම් වල ප්‍රතිරුවක් වී, කාලයට, පදාර්ථ සහ මායාට අභියෝගයක් නිකුත් කරන්න: “එන්න, මා ජයග්‍රාහීය.” (බාප්දාදාට විටින් විට කැස්සක් තිබුණි). අද උපකරණය එතරම් නිරෝගී නැහැ, නමුත් බාබා ඔබව මුණගැසිය යුතුයි.

කණ්ඩායම් දෙකක් නැවත නැවතත් බාප්දාදා ඉදිරියට පැමිණෙයි. කුමටද? කණ්ඩායම් දෙකම බාප්දාදාට පවසන්නේ: “අපි සූදානම්”. එක කණ්ඩායමක් කාලය, පදාර්ථ සහ මායා. ඇගේ රාජධානිය පිටව යාමට ආසන්න බව මායාට දැන් වැටහී ඇත. අනෙක් කණ්ඩායම පෙර ගමන් ගිය අයයි. (advance party) . කණ්ඩායම් දෙකම දිනය ඉල්ලා සිටිනවා. විදෙස් රටවල වසරකට පෙර, දින නියම කෙරෙනවා නේද? එමෙන්ම මෙහි එය මාස 6ක් කල් තියාද? භාරතයේ සෑම දෙයක්ම වේගයෙන් ගමන් කරයි, එබැවින් වැඩසටහනකට දිනය, දින 15කට පෙර පමණක් වුනත් නියම කළ හැක. එසේ නම් පරිසමාප්තිය, අංග සම්පූර්ණත්වය සහ පියාට සමාන වීමේ දිනය කුමක්ද? ඔබ බාප්දාදාගෙන් විමසනවා. මෙම දිනය දැන් නියම කළ යුත්තේ ඔය බ්‍රහ්මින්වරුන්ය. එය කළ හැකිද? දිනය නියම කළ හැකිද? පාණ්ඩවයන්, කතා කරන්න! තිදෙනාම කතා කරන්න! (බාප්දාදා නිර්වායිර් බායි, රමේශ් බායි සහ බ්‍රිජ් මෝහන් බායිගෙන් විමසනවා). දිනය නියම කළ හැකිද? කතා කරන්න, එය නියම කළ හැකිද? එසේ නැත්නම් එය හදිසියේ සිදු වෙයිද? එය නාටකයේ නියම වී තිබෙන නමුත් ඔබ එය ප්‍රායෝගික ස්වරූපයකට දමනවාද නැද්ද? එය කවදාද? බාබාට කියන්න. එය සිදු වෙයිද? එය හදිසියේ සිදුවෙයිද? දිනය නියම කෙරෙන්නේ නැද්ද? එය නියම කරනවාද? පළමු පේළියේ අසුන්ගෙන සිටින අය: එය නියම වෙයිද? නාටකය ප්‍රායෝගික ස්වරූපයකට දැමීම සදහා දිනයක් නියම කිරීමට ඔවුන්ගේ මනසින් සිතිය යුතු බව, සිතන අය අත් ඔසවන්න! එසේ නම් ඔබට එය කිරීමට සිදුවෙයි. මේ කෙනා අත ඔසවන්නේ නැහැ. එය හදිසියේ සිදුවෙයිද? ඔබට දිනයක් නියම කළ හැකිද? පිටුපස අසුන්ගෙන සිටින අයට වැටහුනාද? එය හදිසියේ සිදුවන බව නිවැරදියි, නමුත් තමන්ව සූදානමින් තබා ගැනීමේ අරමුණ ඔබට අනිවාර්යෙන් තිබිය යුතුයි. සම්පූර්ණ වීමේ අරමුණක් ඔබට නොමැති නම්, එවිට නොසැලකිල්ල පැමිණෙයි. ඔබට සම්පූර්ණ සාර්ථකත්වය ලැබෙන්නේ දිනයක් නියම කළ විට බව ඔබට දැක ගත හැක. ඔබ පවත්වන ඕනෑම වැඩසටහනක් වෙනුවෙන් ඔබ දිනයක් වෙන් කරවා ගන්නවා නේද? ඔබ එය බවට පත්විය යුතු බව ඔබ සිතනවා නේද? නැත්නම් එය සිදු නොවෙයි කියා ඔබ සිතනවාද? සෑම දෙයක්ම නාටකයේ තිබෙන බවත් එය ඉබේටම සිදුවෙයි කියා? ඔබ කුමක්ද සිතන්නේ? පළමු පේළියේ අසුන්ගෙන සිටින අය කතා කරන්න! ප්‍රේම් (දෙහරදූන් සිට) කතා කරන්න! ඔබට එය කිරීමට සිදුවෙයි. ජයන්ති කතා කරන්න! ඔබට එය කිරීමට සිදුවෙයි. එය සිදුවන්නේ කවදාද? එය සිදුවන්නේ කවදාද? එය අවසානයේ කාලය පැමිණි විට සිදුවෙයි. කාලය ඔබව පරිසමාප්ත කරවයිද, නැත්නම් ඔබ එම කාලය සමීපයට ගෙන එනවාද?

ඔබගේ අවධානයේ මෙම දැනුම තිබෙන බවත් ඔබට කුල්මත් බව සහ විශ්වාසය තිබෙන බවත් බාප්දාදා දැක තිබෙනවා. කෙසේවෙතත් දැන්, එයට තව දෙයක් එකතු කළ යුතුයි; මෙය ඔබගේ හැසිරීමේ සහ මුහුණේ දිස් විය යුතුයි. ඔබගේ බුද්ධියෙන් ඔබ සියල්ල මතකයට නගා ගනී, එමෙන්ම එය ඔබගේ අවධානයටත් පැමිණෙයි, කෙසේවෙතත්, දැන් එය ඔබගේ ස්වරූපයේ තිබිය යුතුයි. සාමාන්‍ය අන්දමකින් යම් කෙනෙකුට උසස් රැකියාවක් ඇත්නම් හෝ ධනවත් පුද්ගලයෙකුගේ දරුවෙක් උගතෙක් නම්, ඔහු යම් කෙනෙක් බව ඔහුගේ හැසිරීමෙන් දිස් වෙයි: එම පුද්ගලයා ගැන යම් අසහාය දෙයක් දිස්වෙයි. එබැවින් ඔබට බොහෝ ශ්‍රේෂ්ඨ භාග්‍යයක් තිබේ; ඔබට උරුමය, ඉගෙනුම සහ තත්ත්වයත් තිබේ. ඔබට දැන් පවා ස්ව-ආධිපත්‍යය තිබෙනවා නේද? ඔබට සියළු ලැබීම්ද තිබේ. කෙසේවෙතත්, ඔබගේ හැසිරීමේ සහ මුහුණේ ඔබගේ දිලිසෙන භාග්‍යයේ තාරකාව ඔබගේ නළලේ දිස්විය යුතුයි. මෙම එකතුව අවශ්‍යයි. ශ්‍රේෂ්ඨ භාග්‍යය ඇති ඔය ජීවාත්ම තුළින් මිනිසුන් දැන් මෙය අත්විදිනු ඇත. ඔවුන් එය අත්විදිය යුතුයි නොව, නමුත් ඔබ ඔවුන්ගේ විශේෂ දේවතාවන්, ඔවුන්ගේ විශේෂ දෙවිවරු ලෙස ඔවුන් අත්විදීනු ඇත - ඔබ ඔවුන්ට අයත් බව. බ්‍රහ්ම පියා තුළ ඔබ මෙය දුටුවා; ඔහු සාමාන්‍ය ශරීරයක් තුළ සිටි නමුත්, ආරම්භයේ පවා බ්‍රහ්ම පියා තුළ දිස් වුණේ කුමක්ද? ඔහු තුළ ශ්‍රී ක්‍රිෂ්ණා පෙනුනි, එහෙම නේද? එබැවින් ආරම්භයේ ඔවුන් බ්‍රහ්ම පියා තුළ ශ්‍රී ක්‍රිෂ්ණාව දුටුවා. ඔබ අතරින්. ආරම්භයේ සිටම සිටි අයට මෙම අත්දැකීම ලැබුණා නේද? ඔබට මෙම අත්දැකීම ලැබුණා. අවසානයේ පෙනුනේ කුමක්ද? ඔබ අව්‍යක්ත ස්වරූපය දුටුවා නේද? ඔහුගේ හැසිරීමේ සහ මුහුණේ එය දිස්වුනා නේද? බාප්දාදා ඔය උපකරණ ජීවාත්මයන්ට දැන් විශේෂයෙන් මෙම ගෙදරවැඩ ලබා දෙනවා: දැන් බ්‍රහ්ම පියා හා සමානව අව්‍යක්ත ස්වරූපය දිස් විය යුතුයි. අඩු තරමින් ඔවුන්ගේ හැසිරීමෙන් 108ටේ මාලාවේ පබුළු දිස්විය යුතුයි, එමෙන්ම මෙය ඔවුන්ගේ මුහුණු වලින් පිළිඹිමු විය යුතුයි. බාප්දාදාට නම් අවශ්‍ය නැහැ; ඔහු 108 දෙනාගේ නම් කියන්නේ නැහැ නමුත් ඔවුන්ගේ හැසිරීම සහ මුහුණු එය ඉබේටම හෙළිදරව් කරයි. බාප්දාදා උපකරණ දරුවන්ට මෙම ගෙදරවැඩ විශේෂයෙන් ලබා දෙනවා. මෙය කළ හැකිද? හොදයි, ඔබට කෙතරම් කාලයක් අවශ්‍යද? පමා වී පැමිණි අය ගැන නොසිතන්න. එය කාලය පිළිබද ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන් සුළු වසර කිහිපයක් පමණක් මෙහි හිද ඇති බව, කිසිවෙකු නොසිතිය යුතුයි. අවසානයේ පැමිණෙන ඕනෑම කෙනෙකුට වේගයෙන් ගොස් ප්‍රථමයෙන් පැමිණිය හැක. මෙය බාප්දාදාගේ අභියෝගයයි. ඔබට එය කළ හැක. ඕනෑම කෙනෙකුට එය කළ හැක. අවසානයට පැමිණෙන කෙනාට වුවද මෙය විය හැක. සරළව ස්ථිර අරමුණ තබාගන්න: “මා මෙය කළ යුතුමයි. එය සිදුවිය යුතුමයි.”

ද්විත්ව විදේශිකයන් අත් ඔසවන්න! ඔය ද්විත්ව විදේශිකයන් කුමක්ද කරන්නේ? ඔබ දෙගුණයක අවස්ථාවක් ගන්නවා නේද? බාප්දාදා කිසිම නමක් නිවේදනය කරන්නේ නැහැ, නමුත් ඔවුන්ගේ මුහුණු ඔවුන්ව හෙළිදරව් කරයි: “මේ එම අයයි.” ඔබට මෙතරම් එඩිතරකමක් තිබෙනවාද? බාප්දාදා පළමුවන පේළිය දෙස බලනවා. ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? ඔබට එඩිතරකම තිබෙනවා නම් අත් ඔසවන්න! ඔබට එඩිතරකම තිබෙනවාද? පිටුපස අසුන්ගෙන සිටින අයට වුනත් අත් එසවිය හැක. මුලපුරන කෙනා අර්ජුනයි. අච්චා. ඔබ කුමන උත්සාහ දරන්නේද සහ කවුරු කුමක් කරන්නේද, යන ප්‍රතිඵලය බැලීමට බාප්දාදා ඔබට මාස 6ක් ලබා දෙනවා. බාප්දාදා මාස 6යේ ප්‍රතිඵලය බලා ඉන්පසුව එයට අවසන් තීරණය ගන්නවා. එය හොදද? කාලයේ වේගය දැන් සීඝ්‍රයෙන් ගමන් කරන බව දැක තිබේ. නිර්මාණය වේගයෙන් නොයා යුතුයි, නිර්මාණකරු වේගයෙන් යා යුතුයි. දැන් වේගය ටිකක් වැඩි කරගන්න; දැන් පියාසර කරන්න! ඔබ ගමන් කරනවා නොවෙයි, නමුත් ඔබ දැන් පියාසර කළ යුතුයි. ඔබ ඉතා හොද ප්‍රතිචාර ලබා දෙයි: “එම අය අපයි, අපි නොවේ නම් එය වෙන කවුරු වෙයිද?” බාප්දාදාට සතුටුයි. කෙසේවෙතත්, මිනිසුන්ට දැන් යමක් දැකීමට අවශ්‍යයි. ආරම්භයේ ඔය දරුවන් සේවය කිරීමට පිටතට ගිය විට, ඔය දරුවන්ගේ මාර්ගයෙන් මිනිසුන්ට දර්ශන ලැබුණු බව බාප්දාදාට මතකයි. දැන් සේවයට සහ ඔබගේ ස්වරූපයට අවධානය යොමු කළ යුතුයි. එසේ නම් ඔබට ඇසුණේ මොනවාද? දැන් දර්ශන ලබා දෙන පිළිරුවක් වන්න. දිස්වන ආකාරයකට බ්‍රහ්ම පියාට සමාන වන්න. අච්චා.

අද අළුත් අය බොහෝ දෙනෙක් ඇවිත්. ඔබ සියලු දෙනාම ඔබගේ සෙනෙහසේ බලයෙන් මෙහි ළගා වී සිටිනවා, මේ නිසයි බාප්දාදා සෑම අළුත් දරුවෙකුටම වෙන් වෙන් වශයෙන් පෞද්ගලිකව, නමට, කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙන්නේ. එය සමගම ආශිර්වාද පිරිනමන්නා ආශිර්වාදයක්ද ලබා දෙනවා: ඔබ නිරන්තරයෙන් අඛණ්ඩව මෙම බ්‍රහ්මින් ජීවිතය, ජීවත් වී, නොකඩවා පියාසර කරත්වා. අච්චා.

මෙවර සියලු දෙනාටම සේවය කිරීමේ වාරය පන්ජාබයට ලැබී ඇත: පන්ජාබයේ අය සිටගන්න! ඉතා හොදයි. නිර්මාණය කර ඇති මෙයත් හොද ක්‍රමවේදයක්, මන්ද, සෑම කලාපයකටම අවස්ථාවක් ලැබෙනවා. එකක් වන්නේ, යග්යාවට සේවය කිරීමෙන් සෑම පියවරකදීම ඔබ කෝටි ගුණයක ආදායමක් උපයා ගනී, මන්ද, ඔබගෙන් වැඩි දෙනෙක් ඕනෑම කාර්යයක් සිදුකරන විට, ඔබට යග්යාවේ සේවය සිහි වෙයි, එමෙන්ම යග්යාවේ සේවය සිහි කිරීමෙන්, යග්යාවේ නිර්මාණකරු වන පියාවත් ඔබට සිහි වෙයි. එබැවින් මෙම සේවය සිදු කිරීමෙන් ඔබගේ පුණ්‍යකර්ම ගිණුමේ ඔබ උපරිම ලෙස රැස් කරගනී. දෙවනුව, සැබෑ උත්සාහ දරන දරුවන්ට ඔවුන්ගේ සිහි කිරීමේ වාර්ථාව පහසු සහ නිරන්තර කරගැනීමට හැකි වනවා, මන්ද පලමුවෙන්, ඔබට මෙහිදි මහාරතීන්ගේ ඇසුර තිබෙන අතර, ඇසුර ඔබව පහසුවෙන් පැහැ ගන්වයි. ඔබ අවධානය යොමු කරන විට, ඔබ මෙහි සිටින දින 8 සිට 10 කාලයේදි, ඔබට ඉතා හොදින් ප්‍රගතියක් ලබා ගත හැක. ඔබ සාමාන්‍ය අන්දමකින් සේවය කරන්නේ නම්, එය එතරම්ම යහපතක් ගෙන දෙන්නේ නැති නමුත් ඔබට ප්‍රථමයෙන් නිරන්තර යෝගීවරයෙක් වී, ඉන්පසුව ඔබගේ පුණ්‍යකර්ම ගිණුමේ රැස්කරගෙන සියල්ලටම වඩා විශාල පවුලට අයත් වීමේ කුල්මත් බව සහ සතුට පවත්වා ගැනීමේ අවස්ථාව ලැබෙයි. එබැවින් පන්ජාබයේ අයට මෙම අවස්ථාව ලැබී තිබේ. සෑම කලාපයටම මෙම අවස්ථාව ලැබෙන නමුත් ආකාර තුනෙන්ම යහපතක් සිදුකර ගැනීමේ අරමුණ ඔබට තිබිය යුතුයි. ඔබගේ පුණ්‍යකර්ම ගිණුමේ ඔබ කොපමණ රැස් කර ගත්තාද? සිහිපත් කිරීම තිබීමේ ඔබ කෙතරම් ප්‍රගතියක් පහසුවෙන් ලැබුවාද? සමූහයේ සහ පවුලේ සෙනෙහස ඔබ කෙතරම් අත්වින්දාද, ඔබ කෙතරම් සමීප බවක් අත්දුටුවාද? එමෙන්ම ඔබ සෑම කෙනෙක්ම මෙම කාරණා තුනෙන් තමන්ගේ ප්‍රතිඵලය බැලිය යුතුයි. නාටකය තුළ ඔබට අවස්ථාවක් (chance) ලැබෙයි, එබැවින් දැන් එම අවස්ථාව ලබා ගන්නා කුලපතියන් (chancellor) වන්න. එබැවින් පන්ජාබයේ ඔබලා දක්ෂයි නේද? එය හොදයි. ඔබගේ හොද සංඛ්‍යාවක් පැමිණ සිටින අතර විවෘත හදවත් වලින් සේවය කිරීමේ අවස්ථාව ඔබට ලැබී තිබේ. පැමිණ ඇති මිනිසුන්ගේ සංඛ්‍යාවද හොද සංඛ්‍යාවක්. එය හොදයි. සමූහය හොදයි.

(අද අංශ දෙකක් ඇවිත්: ග්‍රාමීය සංවර්ධන අංශය සහ කාන්තා අංශය රැස්වීම් වලට ඇවිත්.) කාන්තා අංශයේ අය නැගිටින්න! ඔබගෙන් වැඩි දෙනෙක් ගුරුවරුද? ගුරුවරු අත් ඔසවන්න! ඔබට හොද අවස්ථාවක් තිබේ. එය සේවය වන අතර සේවය කිරීමට පෙර ඔබට සේවයේ පෝෂ්‍යදායක ඵලය ලැබෙයි. ඔබ සමූහයේ සහ පියාව මුණ ගැසීමේ සතුට ලබා ගන්නවා. එබැවින් ඔබට කිරීමට සේවය ලැබුණු අතර එහි පෝෂ්‍යදායක ඵලයත් ලැබුණි. එය හොදයි. ඔබ දැන් කුමන හෝ අළුත් සැලසුම් සාදා තිබෙනවද? සැදී ඇත්තේ කුමන කණ්ඩායම්ද, එය කාන්තා කණ්ඩායම වුනත් වෙන යම් කණ්ඩායමක් වුනත්, ප්‍රායෝගික අන්දමකින් ඔබගේ හැසිරීමෙන් සහ මුහුණෙන් එක හෝ වෙනත් ගුණධර්මයක් හෝ බලයක් හෙළිදරව් කිරීමට සෑම කණ්ඩායමක්ම මුල පිරිය යුතුයි, එනම්, කාන්තා කණ්ඩායම වන අපි මෙම විශේෂිත බලය හෝ ගුණධර්මය අනිවාර්යෙන් ප්‍රායෝගික ස්වරූපයකට දමනවා. මේ අන්දමින් සෑම කණ්ඩායමක්ම එක හෝ වෙනත් ගුණධර්මයක් හෝ බලයක් නියම කරගත යුතුයි. ඔබ අතරේ සිදුකළ සේවයේ ප්‍රතිඵලය ඔබ සටහන් කරගන්න ආකාරයෙන්ම, ඔබට ලිපි ගනුදෙනු හෝ රැස්වීම් පවත්වා එය නොකඩවා පිරික්සිය හැක. එබැවින් ඔබ ප්‍රථමයෙන්ම මෙය සිදුකර ඉන්පසුව සියලු දෙනාට එය පෙන්වා දෙන්න. කාන්තා කණ්ඩායම මෙය සිදුකර සියලු දෙනාටම එය පෙන්විය යුතුයි. සෑම කණ්ඩායමක්ම එක හෝ වෙනත් සැලසුමක් සාදා වෙලාවක් නියම කරගත යුතුයි; මෙතරම් කාලයක් ඇතුලත මා ප්‍රායෝගිකව මෙතරම් ප්‍රතිශතයක් අත්කරගත යුතුයි. එවිට ඔබගේ හැසිරීමෙන් සහ ස්වරූපයෙන් බාප්දාදාට හෙළිදරව් කිරීමට අවශ්‍ය දේ සිදුවෙයි. එබැවින් මෙම සැලසුම සාදා එය බාප්දාදාට ඉදිරිපත් කරන්න. සෑම අංශයක්ම සිදු කිරීමට යන්නේ මොනවාද? සේවය කිරීමට ඔබ සැලසුම් සටහන් කරගන්න ආකාරයෙන්ම, මෙයත් සටහන් කරගෙන එය බාබාට ලබා දෙන්න. මෙය හොදද? එය සිදුකර බාබාට ලබා දෙන්න. එය හොදයි. කුඩා සමූහ වලට විශ්මයන් සිදුකළ හැක. එය හොදයි. ඔය ගුරුවරු සිතන්නේ කුමක්ද? ඔබට මෙය කළ හැකිද? ඔබට එය කළ හැකිද? එසේ නම් සැලසුම් සාදන්න. අච්චා. සේවය වෙනුවෙන් සුබ පැතුම්.

ග්‍රාමීය සංවර්ධන අංශයට අයත් අය නැගිටින්න! මේ වනතුරු ඔබ ගම් කීයක් පරිවර්ථනය කර තිබෙනවාද? ඔබ ගම් කීයක සේවය කර තිබෙනවාද? (අපි ගම් 7ක සේවය කළ අතර සෑම ගමකම 75% දක්වා ප්‍රතිඵලයක් ලබා ඇත, මෙම රැස්වීමේදිද අප වැඩසටහනක් සූදානම් කර තිබෙනවා: කාලයේ ඇමතුම, සුන්දර, පිරිසිදු සහ සංවර්ධිත භාරතයක්. මෙම ව්‍යාපෘතියෙදි ඔවුන්ව ඇබ්බැහි වීම් වලින් නිදහස් කිරීමට සහ ගම් පිරිසිදු කිරීමට අපි ගම් වලට සේවය කරනවා.) එය හොදයි. එය ප්‍රායෝගිකයි නේද? මේ සියල්ලේ සම්පූර්ණ ප්‍රතිඵලය ජනාධිපතිට සහ අගමැතිට එවා තිබෙනවද? (අපි තවම එය යවා නැහැ.) ඔබ එය යැවිය යුතුයි, මන්ද, ඔබ ප්‍රායෝගිකව සෑම ගමකට සිදුකරන දේ, රජයේ වැඩක්, නමුත් ඔබ ඔවුන් සමග සහයෝගී වෙනවා. එබැවින් ඔවුන් ප්‍රතිඵලය දුටු විට, ඔබ හොද ක්‍රියාවක් සිදු කරන බව ඔවුන්ට හැගෙයි. පත්‍රිකාවක් පිළියෙල කර රජයේ සියලුම ප්‍රධාන අයට එය යවන්න. පොතක් නොවෙයි, සගරාවක් නොවෙයි, නමුත් ඔබ පූර්ණ ප්‍රතිඵලය කෙටියෙන් ඔවුන් සියලු දෙනාට යැවිය යුතුයි. එය හොදයි. සුබ පැතුම්. (බාබාට සැරින් සැරේ කැස්සක් ඇති විය.) අද උපකරණයට නිශ්ශබ්දතාවය ටිකක් අවශ්‍යයි. අච්චා.

සෑම තැනකම සිදුවන සියලු සේවාවන්වල ප්‍රතිඵලය නොකඩවා බාබා වෙතට ළගා වෙයි. විශේෂයෙන් ඔබ මෙකළ සිදු කරන සේවය, කිසිම කොනක් අත්නොහැරෙන අන්දමට සියලු දෙනාටම පණිවිඩය ලැබිය යුතුයි. ඔබ ප්‍රායෝගික ස්වරූපයට දමන සැලසුම් වල ප්‍රතිඵලය හොදයි. ද්විත්ව විදේශික දරුවන් ගැන මෙන්ම භාරතයේ සිදුවෙමින් පැවති සියලුම මෙගා (විශාල) වැඩසටහන් පිළිබද තොරතුරු බාප්දාදාට ලැබී ඇත. සෑම තැනකම සේවයේ ප්‍රතිඵලය සාර්ථක වී ඇත. එබැවින් සියලු දෙනාටම පණිවිඩය ලබා දීමේදි ඔය දරුවන් සාර්ථකත්වය ලබා ඇති සේම, ඔබගේ වචන, සම්බන්ධතා සහ මුහුණින් නොකඩවා ඔබගේ සුරදූත ස්වරූපයේ දර්ශන ලබා දෙන්න. අච්චා.

ප්‍රථම වතාවට මෙහි පැමිණි අය අත් ඔසවන්න! බොහෝ සිටිනවා. “පමා වැඩියි” පුවරුව දැමීමට පෙර ඔබ පැමිණීම හොදයි. එය හොදයි. ඔබගේ අවස්ථාව අරගන්න. ආශ්චර්ය පෙන්වන්න. එඩිතර වන්න. බාප්දාදාගේ උපකාර සියලුම දරුවන් සමගයි. අච්චා.

ඔවුන්ගේ භෞතික ස්වරූපයෙන් බාබා ඉදිරියට පැමිණි දරුවන්ට සහ තමන්ගේම රටවල, තමන්ගේම ස්ථාන වල සිට මෙම හමුව සමරන සියලුම දරුවන්ට, සේවයට, සෙනෙහසට සහ උත්සාහය වෙනුවෙන් බාප්දාදා බොහෝ බොහෝ සුබ පැතුම් ලබා දෙනවා. කෙසේවෙතත්, දැන් ඔබගේ උත්සාහ වලදි තීව්‍ර උත්සාහ දරන්නන් වී, ජීවාත්මයන්ව ඔවුන්ගේ දුකින් සහ අසාමයෙන් මුදවා ගැනීමට ඊටත් වඩා තීව්‍ර උත්සාහයක යෙදෙන්න. දුක, අසාමය සහ දූෂණය ඒවායේ අන්තයට යමින් තිබෙනවා. දැන් අන්තයට අවසානයක් ගෙනැවිත් පරම පියාගෙන් සියලුම ජීවාත්මයන්ට මුක්ති දේශයේ ඔවුන්ගේ උරුමය හිමිකර ගැනීමට මගපාදන්න. නිරතුරුව එවන් අධිෂ්ඨානගත සිතිවිලි ඇති දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ විශේෂ සේවාධාරියෙක් වී, නිරහංකාරකම සහ අධිකාරිත්වයේ සමබරතාවයෙන් පරම පියාව හෙළිදරව් කරත්වා.

සමබරතාවයක් තිබෙන විට විශ්මයන් දිස්වෙයි. ඔබ නිරහංකාරකමේ සහ අධිකාරිත්වයේ සමබරතාවයකින් ඕනෑම කෙනෙකුට පරම පියාගේ හැදින්වීම ලබා දෙන විට, විශ්මයන් දිස්වෙයි. ඔබ මේ අන්දමින් පියාව කීර්තිමත් කළ යුතුයි. ඔබගේ වදන් පැහැදිලි මෙන්ම සෙනෙහසින්, නිරහංකාරකමින් සහ මධුර බවින් පිරි තිබිය යුතු අතර ශ්‍රේෂ්ඨත්වයෙන් සහ සත්‍යයෙන් ද යුක්ත විය යුතුයි, එවිට හෙළිදරව්ව සිදුවෙයි. කතා කරන අතර විටින් විට ඔවුන් සෙනෙහස තුළ ගිලී ඇති බවට හැගෙන ආකාරයේ අත්දැකීම් ඔවුන්ට නොකඩවා ලබා දෙන්න. මේ අන්දමින් සේවය කරන අය විශේෂ සේවාධාරීන්ය.

පාඨය:
අවශ්‍ය වෙලාවක ඔබට පහසුකම් නොමැති වුනත්, ඔබගේ ආධ්‍යාත්මික උත්සාහයට කිසිම බාධකයකට පැමිණෙන්ට ඉඩ නොදෙන්න.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදාගන්න.

කෝප වීම අවගුණයක් නොවන බව සමහර දරුවන් සිතයි. ඔවුන් සිතන්නේ එය අවගුණයක් නොව ආයුධයක් බවය. කෙසේවෙතත්, ආලෝකණය ලැබූ ජීවාත්මයකට කෝපය ඉතා විශාල සතුරෙකි. ඔබගේ කෝපය හෙළිදරව් වන්නේ ඔබ වෙනත් ජීවාත්ම සමග සම්බන්ධ වන විට සහ සම්බන්ධතා පවත්වන විටයි. ඔබගේ කෝපය පෙනෙන විට පරම පියාගේ නාමය බොහෝ සේ අපහාසයට ලක් වෙයි. ඕපදූප කතා කරන අය උපහාසාත්මකව මෙසේ කියයි, “ආලෝකණය ලැබූ ජීවාත්ම අප දැන් දැක තිබෙනවා!” එබැවින් දැන් කෝපයේ සියලුම සලකුණු අවසන් කරන්න. ඉතා හොද ආචාරශීලී බවින් වෙන අය සමග සම්බන්ධතා පවත්වන්න.