30.05.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සාම දේශයට සහ සතුටු දේශයට යෑම සඳහා ඔබ දරුවන් දැන් පියාගේ දේශයේ වාඩි වී සිටිති. මෙය ඔබලා ඉතාමත් උසස් මනුෂ්‍යයින් බවට පත්වන සත්‍යයේ ආශ්‍රය වේ.

ප්‍රශ්නය:
ඔබ දරුවන් පියාට වඩා නොඅඩුව, ඉතාමත් උසස් වන්නේ කෙසේද?

පිළිතුර:
බාබා පවසයි : දරුවනි, මම ලොව පාලකයන් බවට පත් නොවෙමි. මම ඔබව ලොව පාලකයන් පමණක් නොව බ්‍රහ්මාණ්ඩ් හි ද පාලකයන් බවට පත් කරවමි. උසස්ම උසස් පියා වන මම ඔබ දරුවන්ට අචාර කරමි. ඔබලා මට වඩා උසස් වන්නේ මේ නිසාය. ඔබ පාලකයන්ට මම ආචාර කරමි. එවිට ඔබලා එසේ කරන පියාට ආචාර කරති.

ඕම් ශාන්ති.
බාබා ඉතාමත් සුමිහිරි ආධ්‍යාත්මික දරුවන්ට ’නමස්තේ‘ කියයි. ඔබලා බාබා නමස්තේ යැයි වත් නොකියති. බාබා ඔබලාව බ්‍රහ්මාණ්ඩහි පාලකයන් හා ලොව පාලකයන් බවට පත්කරවන බව ඔබලා දනිති. බාබා බ්‍රහ්මාණ්ඩ වල පාලකයා පමණක් වේ. ඔහු ලොව පාලකයා නොවේ සහ ලොව පාලකයන් බවට ඔහු ඔබලාව පත් කරවයි. එමනිසා, දැන් මට කවුරුන් උසස් දැයි කියන්න. ඔබ දරුවන් උසස් වේ. එමනිසා, ඔබ දරුවන් නමස්තේ කියයි. බාබා, ඔබ පමණක් අපව ලොව සහ බ්‍රහ්මාණ්ඩ වල පාලකයන් බවට පත් කරවයි. අප ඔබට නමස්තේ කියන්නේ මේ නිසාය. අල්ලාට ආචාර කරමු යැයි මුස්ලිම් අය කියති. සතුට ඇත්තේ විශ්වාසය තිබෙන ඔබ දරුවන්ට පමණි. විශ්වාසය නොමැති අය මෙතැනටවත් නොපැමිණෙති. මෙහි පැමිණෙන අය මනුෂ්‍ය ගුරු කෙනෙකු ලඟට නොපැමිණෙන බව දනිති. ඔවුන් මනුෂ්‍ය පියෙකුට, ගුරුවරයෙකුට හෝ ගුරු කෙනෙකු ලඟට නොපැමිණෙති. ඔබ ආධ්‍යාත්මික පියා, ආධ්‍යාත්මික ගුරුවරයා සහ ආධ්‍යාත්මික සත් ගුරු ලඟට පැමිණ ඇත. මනුෂ්‍යයින් නොගැණිය හැකි පමණ වේ. එහෙත් සිටින්නේ එම ඒකායන කෙනා පමණි. මීට ප්‍රථම කිසිවෙකුට ඔහුගේ හැඳින්වීම නොමැති විය. භක්ති මාර්ගයේ ග්‍රන්ථ වල, කිසිවකු නිර්මාතෘ හෝ නිර්මාණය නොදනී යැයි සඳහන් වී ඇත. ඔවුන් ඔහුව නොදන්නා නිසා අනාථයන් යැයි කියති. සියලුම ජීවාත්මයන්ගේ පියා එකම එක ආශාරීරික කෙනා බව උගත් අයට වැටහේ. ඔහු පැමිණ අපගේ පියා, ගුරුවරයා හා සත්ගුරු බවට පත් වේ. ගීතාවේ ක්‍රිෂ්ණාගේ නමට වර්ණනා කර ඇත. ගීතාව සියලුම ආගමික ග්‍රන්ථයන්හී මිණිමුතුව වේ එය සියලුම ආගමික ග්‍රන්ථයන්හී මව වේ එය ඉතාමත්ම උසස් ග්‍රන්ථයයි. මව සහ පියා ලෙස සලකන්නේත් ගීතාව පමණි. අන් කිසිම ආගමික ග්‍රන්ථයකට මව සහ පියා යැයි නොකියති. ශ්‍රීමත් භගවත් ගීතාව මව ලෙස මතක් කර ඇත. එය දෙව් පියාගේ නෙළුම් තොල්වලින් පිටවුණු ගීතාවේ දැනුම වේ. පියා උසස් අයගෙනුත් උසස්ම වේ. එමනිසා, ගීතාව කියන ලද උසස්ම කෙනා නිර්මාතෘ බවත් අන් සියලුම ආගමික ග්‍රන්ථ එහි පිටු වන නිර්මාණය බවත් නිසැකය. නිර්මාණයකින් කිසි විටෙක උරුමයක් නොලබයි. ඔබට එය ලැබුණානම් එය තාවකාලික වේ. මනුෂ්‍යයන් මනුෂ්‍යයින්ට උගන්වන බොහෝ ආගමික ග්‍රන්ථ ඇත. ඒවා ඉගෙනගැනීමෙන් එක් උපතකට පමණක් තාවකාලික සතුටක් ලැබෙනවා ඇත. සියලුම විවිධ ඉගෙනුම් මනුෂ්‍යයින් විසින් මනුෂ්‍යයින්ට තාවකාලික කාලයකට උගන්වති. ඔවුන් ලබන්නේ තාවකාලික සතුටක් පමණි. ඊළඟ උපතේදී ඔවුන් තවත් ඉගෙනුමක් ගත යුතු වේ. මෙහි සිටින්නේ ඔබට උපත් 21ක උරුමයක් දෙන එකම එක ආශාරීරික පියා පමණි. කිසිම මනුෂ්‍යයෙකුට මෙය ඔබට දිය නොහැකිය. ඔවුන් ඔබව පැන්සයක්වත් වටිනා නොකරයි. පියා ඔබව පව්මක වටිනා බවට පත් කරවයි. පියා දැන් මෙතැන වාඩි වී ඔබ දරුවන්ට කියා දේ. ඔබ සියලු දෙනාම පියාගේ දරුවන් වේ. ඔහු සර්ව ව්‍යාප්ති කියන නිසා ඔවුන් කිසිවක තේරුම වටහා නොගනිති. උත්තරීතර පියා සෑම කෙනෙකුම තුළ නම්, එය පිය පාර්ශවයක් වේ. සියලුම දෙනා පියවරු නම් ඔබ උරුමයක් ලබාගන්නේ කෙසේද? කාගේ දුක කවුරුන් ඉවත් කරයිද? දුක ඉවත්කරන්නා සහ සතුට දානය කරන්නා යැයි පවසන්නේ පියාට පමණි. සැම දෙනාටම පියා කීමේ තේරුමක් නැත. පියා මෙහි වාඩි වී මෙය රාවණගේ රාජධානිය බව විස්තර කරයි. මෙයද නාට්‍යයට අනුව වේ. එමනිසා, එය පින්තූරවල පැහැදිලිව පෙන්නුම් කරයි. ඔබ ඉතාමත් සුබ සංගම යුගයේ බව ඔබ දරුවන්ගේ බුද්ධියේ ඇත. ඔබලා ඉතා උසස් මනුෂ්‍යයින් කරවීමට පියා පැමිණ ඇත. නීතීඥයෙකු හෝ වෛද්‍යවරයෙකු වීමට ඉගෙනගැනීමෙන් ලබන තත්ත්වය සේම මෙය ඉගෙනගැනීමෙන් ඔබ කවුරුන් වේදැයි තේරුම් ගෙන ඇත. ඔබ මෙහි වාඩි වී සිටින්නේ ඔබව සතුටු දේශයට ගෙන යන සත්‍යයේ ආශ්‍රය සමඟ වේ. සත්‍ය දේශයන් දෙකකි එකක් සතුටු දේශයද අනෙක පියාගේ වාසස්ථානය වන සාම දේශය ද වේ. පියා නිර්මාතෘ වේ. පියා සමඟ ඉගෙනගැනීමෙන් නුවණැත්තන් වන දරුවන්ට සේවය කිරීමේ රාජකාරිය ඇත. සියලු දෙයම වටහාගෙන ඔබලා දැන් දක‍්ෂ වී ඇතැයි පියා පවසයි. එමනිසා, ශිවාගේ කෝවිල් වලට ගොස් ඔවුනට කියා දෙන්න. ඔබලා විවිධ පලතුරු, මල්, බටර්, ගිතෙල්, අක් සහ රෝස මල් ශිවාට පුජා කරන්නේ ඇයි දැයි ඔවුන්ගෙන් අසන්න. ඔවුන් ක්‍රිෂ්ණාගේ කෝවිලේ අක්මල් පූජා නොකරති. එහි ඉතාමත් සුවඳවත් මල් ඔවුන් පුජා කරති. ශිවාගේ කෝවිලේ අක්මල් හෝ රෝස මල් පමණක් පුජා කරති. එහෙත් කිසිවකු එහි තේරුම නොදනී. පියා දැන් ඔබ දරුවන්ට උගන්වයි. ඔබට උගන්වන්නේ මනුෂ්‍යයෙකු නොවේ. ලොවේ අනෙක් තැන්වල මනුෂ්‍යයින් මනුෂ්‍යයින්ට උගන්වති. එහෙත් මෙතැන පියා ඔබට උගන්වයි. කිසිම මනුෂ්‍යයෙකුට දෙවියන් යැයි කිව නොහැක. ලක‍්ෂ්මි හෝ නාරායන්ට දෙවියන් යැයි කිව නොහැක. ඔවුන්ට දේවතාවරුන් යැයි කියති. බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර්ද දේවතාවරුන් වේ. දෙවියන් එකම පියා පමණි. සියලුම ජීවයන්ගේ පියා ඔහු වේ. අහෝ උත්තරීතර පියාණෙනි, උත්තරීතර ජීවයනි! යැයි සියලු දෙනාම අඬ ගසති. ඔහුගේ නියම නම ශිවා වේ. ඔබ දරුවන්ට සලිග්‍රම් යැයි කියති. පණ්ඩිතයන් යාග ගින්නක් ඇති කළ විට ඔවුන් ඉතා විශාල ශිව ලිංගමයක්ද බොහෝ කුඩා සලිග්‍රම් ද සාදති. ජීවයින්ට සලිග්‍රම්ද, උත්තරීතර ජීවයට ශිවා යැයි ද කියති. ඔහු සියලු දෙනාගේම පියා වේ. අප සියලු දෙනාම සහෝදරයන් වේ. එසේ නම් අප සහෝදර සහෝදරියන් වුයේ කෙසේද? ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මුව තුළින් ඔබලා නිර්මාණය විය. ඔබලා බ්‍රහ්මිණ්වරු වේ. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වේ. ඔබලාට බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් යැයි කියන්නේත් මේ නිසා වේ. අච්චා. බ්‍රහ්මා නිර්මාණය කළේ කවුද? දෙවියන් වේ. බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් නිර්මාණයේ කොටසකි. සුක‍්ෂම දේශය ද නිර්මාණයකි. ඔබ දරුවන් මතු වුණේ බ්‍රහ්මාගේ නෙළුම් දෙතොල් තුළිණි. ඔබලාට බ්‍රහ්මිණ්වරුන් යැයි කියති. ඔබලා මුඛයෙන් ඉපදුනු හදාගත් දරුවන් වේ. ප්‍රජාපිතා බ්‍රහ්මා දරුවන් නිර්මාණය කරන්නේ කෙසේද? ඔහු නිසැකවම ඔවුන්ව හදාගත යුතුය. එය ගුරුන් අනුගාමිකයන් හදාගන්නා සේමය. ඔවුනට ගෝලයන් යැයි කියති. මුළු ලොවම පියා ප්‍රජාපිතා බ්‍රහ්මා වේ. ඔහුට මී මුත්තා යැයිද කියති. බ්‍රහ්මා, ජනයාගේ පියා මෙහි අවශ්‍ය වේ. සුක‍්ෂම දේශයේද බ්‍රහ්මා කෙනෙකු ඇත. බ්‍රහ්මා, විෂ්ණු සහ ශන්කර්ගේ නම් සුක‍්ෂම දේශයේ සිටින ලෙස මතක් කළත් මනුෂ්‍යයින් සුක‍්ෂම දේශයේ නැත. ප්‍රජාපිතා බ්‍රහ්මා කවුද? පියා මෙහි වාඩි වී සියලුම දේ විස්තර කරයි. බ්‍රහ්මිණ් පුජකවරුන්ද ඔවුන් බ්‍රහ්මාගේ දරුවන් යැයි කියා ගනිති. බ්‍රහ්මා දැන් කොහේද? ඔහු මෙතැන වාඩි වී සිටී යැයි ඔබ කියයි. ඔවුන් ඔහු අතීතයේ සිටිය බව කියති. එම බ්‍රහ්මිණ්වරුන් ඔවුන් වන්දනාකරුවන් යැයි කියති. ඔබලා දැන් ප්‍රායෝගිකවම බ්‍රහ්මිවරුන් වේ. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන ඔබ සියලු දෙනාම එකිනෙකාගේ සහෝදර, සහෝදරියන් වේ. ශිව බාබා බ්‍රහ්මා හදාගත්තේය. මම මෙම වයසක ශරීරය තුළට ඇතුළු වී ඔබලාට රාජයෝගා උගන්වමි යැයි පියා පවසයි. මනුෂ්‍යයින් දේවතාවන් බවට පරිවර්ථනය කිරීම මනුෂ්‍යයෙකුගේ කටයුත්තක් නොවේ. නිර්මාතෘ යැයි කියන්නේ පියාට පමණි. භාරතයේ ජනයා ශිවාගේ උපන් දිනය සමරණ බව දනිති. ශිවා පියා වේ. දේවතාවරුන්ට මෙම රාජධානිය කවුරුන් දුන්නා දැයි මිනිසුන් නොදනිති. දෙව්ලොව නිර්මාණය කරන්නා පාරිශුද්ධකරුවා යැයි පවසන උත්තරීතර ජීවය වේ. ඔබ ජීවයන් ප්‍රථමයෙන් පවිත්‍ර විය ඉන්පසු සතෝ, රජෝ සහ තමෝ තත්ත්වයන් ගනිති. යකඩ යුගයේ සිටින සියලුම දෙනා දැන් තමෝප්‍රධාන්ය. ස්වර්ණම යුගයේ සියලු දෙනාම සතෝප්‍රධාන් වේ. වර්ෂ 5000කට පෙර ලක්ෂ්මී සහ නාරායන්ගේ රාජධානිය ආරම්භ විය. එම දේවතාවරුන්ගේ පෙළපත වර්ෂ 2500ක් වන තෙක් විය. ඔවුන්ගේ දරුවන්ද එම රාජධානියේ රජ කළේය. ඔවුන් ලක‍්ෂ්මී සහ නාරායන් පළමුවෙනියා, දෙවෙනියා ආදී විය. මනුෂ්‍යයින් මෙම කරුණු ගැන කිසිවක් නොදනී. දැන් සියලුම දෙනාම තමෝප්‍රධාන් සහ අපවිත්‍ර වී ඇත. මෙහි කිසිම මනුෂ්‍යයෙක් පවිත්‍ර නැත. අහෝ පාරිශුද්ධ කරුවාණෙනි, පැමිණෙන්න! යැයි සියලු දෙනාම අඬගසයි. එමනිසා, මෙම ලොව අපවිත්‍ර වේ. මීට අපායේ යකඩ යුගය යැයි කියති. නව ලොව, දෙව්ලොව නම් එය පවිත්‍ර ලොවයි. එසේ නම් ඔබලා අපවිත්‍ර වූයේ කෙසේද? කිසිවෙකු මෙය නොදනී. භාරතයේ සිටිනා කිසිම මනුෂ්‍යයෙකු ඔහුගේ උපත් 84 ගැන නොදනී. මිනිසුන් වැඩිම තරමින් උපන් 84ක්ද, අඩුම තරමින් උපත් එකක්ද ගනිති. භාරතය අවිනාශී දේශයක් ලෙස සලකන්නේ ශිව බාබා අවතරණය වන නිසා වේ. භාරත දේශය කිසිදා විනාශ නොවේ අන් සියලුම දේශයන් විනාශ වේ. ප්‍රථම සදාකාලික දේවතා ධර්මය දැන් අතුරුදහන් වී ඇත. දේවතාවරුන් පවිත්‍ර සහ සතෝප්‍රධාන් නිසා මෙහි වෙසෙන කිසිවෙකු තමා දේවතාවරයෙකු යැයි නොකියති. දැන් ඒ සියලු දෙනාම අපවිත්‍ර වන්දනාකරුවන් වී ඇත. පියා මෙතැන සිට සියලු දේම විස්තර කර දෙයි. දෙවියන් කථා කරයි සියලු දෙනාගේම පියා දෙවියන් වේ. ඔහු භාරතයට පැමිණෙන්නේ එකම වරක් පමණි. ඔහු පැමිණෙන්නේ කවදාද? මෙම ඉතාමත් උසස් සංගම යුගයේ වේ. ඉතාමත් උසස්ම යුගය යැයි ව්‍යවහාර කරන්නේ මෙම යුගයට පමණි. අපවිත්‍ර බවින් පවිත්‍ර බවට, යකඩ යුගය, ස්වර්ණම යුගයට වෙනස් වන්නේ මෙම සංගම යුග කාලයේ වේ. අපවිත්‍ර මනුෂ්‍යයින් යකඩ යුගයේ වාසය කරන අතර පවිත්‍ර දේවතාවරුන් ස්වර්ණම යුගයේ වෙසෙති. පියා පැමිණ ඔබ අපවිත්‍ර බවින් පවිත්‍ර කරන ඉතාම උසස් සංගම යුගය යැයි මීට කියන්නේ මේ නිසා වේ. ඔබ මෙහි පැමිණ ඇත්තේ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් ඉතාමත් උසස් දේවතාවරුන් බවට පරිවර්ථනය වීමටය. අප ජීවාත්මයන් නිර්වාණ දේශයේ ජීවත්වුණු බවවත් මනුෂ්‍යයින් නොදනිති. අප එහි සිට මෙහි පැමිණ ඇත්තේ අපගේ චරිත කොටස් රඟපෑමටය. මෙම නාට්‍යයේ කාල සීමාව වර්ෂ 5000 කි. මෙම අසීමිත නාට්‍යයේ අපි අපගේ චරිත කොටස් රඟ පෑ යුතු වේ. සියලුම මනුෂ්‍යයින් නළුවන් වේ. මෙම නාට්‍යයේ චක්‍රය නොකඩවා කැරකේ එයට කිසි විටෙක නැවතිය නොහැක. පළමුවෙන්ම ස්වර්ණම යුගයේ ඔවුන්ගේ චරිත කොටස් රඟපෑමට දේවතාවරු පැමිණෙති. ඉන්පසු රිදී යුගයේ රණශූරයින් වේ. මෙම නාට්‍යය වටහා ගත යුතුය. මෙලොව දැන් කටු වනාන්තරයකි. සියලුම මනුෂ්‍යයින් දුකින් සිටිති. මෙම යකඩ යුගයෙන් පසු ස්වර්ණම යුගය පැමිණෙනවා ඇත. යකඩ යුගයේ බොහෝ මනුෂ්‍යයන් වේ. ස්වර්ණම යුගයේදී කොපමණ සිටීද? ඉතා ස්වල්පයකි. මුල්ම සදාකාලික සුර්ය වංශයේ දේවතාවරුන් පමණක් වේ. මෙම පරණ ලොව දැන් පරිවර්ථනය විය යුතුය. සාමාන්‍ය මනුෂ්‍යයින්ගේ ලොව දේවතාවරුන්ගේ ලොවට පරිවර්ථනය වේ. මුල්ම සදාකාලික දේවතා ධර්මය තිබුණි. දැන් කිසිවෙකු තමා දේවතාවරයෙක් යැයි නොකියති. ඔවුන්ගේ ආගම ඔවුනට අමතක වී ඇත. භාරතයේ මිනිසුන් පමණක් ඔවුන්ගේ ආගම අමතක කර ඇත. ඔවුන් හින්දුස්ථානයේ වාසය කරන නිසා ඔවුන්ගේ ආගමට හින්දු යැයි කියති. දේවතාවරු පවිත්‍රය, හින්දුන් අපවිත්‍රය. ඔවුනට දේවතාවරු යැයි කියාගත නොහැක්කේ මේ නිසා වේ. ඔවුන් නොකඩවා දෙවි දේවතාවරුන්ට වඳිති. ඔවුන් තමන්ට පව්කාර සහ පහත වැටුණු අය යැයි කියා ගනිති. ඔබ වැදීමට සුදුසු වී සිට දැන් අපවිත්‍ර වන්දනාකරුවන් වී ඇතැයි පියා විස්තර කරයි. ’හම්සෝ‘ යන්නෙහි තේරුමද ඔබලාට කියා දී ඇත. එය ජීවය, උත්තරීතර ජීවය යැයි ඔවුන් කියති. ඔවුන් එය වරදවා වටහාගෙන ඇත. ශරීරය මුසාවකි. මායා ද මුසාවකි. ස්වර්ණම යුගයේදී ඔබ මෙය නොකියති. පියා පැමිණ සත්‍ය දේශය නිර්මාණය කරයි. ඉන් පසු රාවණ පැමිණ එය මුසාවේ දේශයක් කරවයි. පියා දැන් පැමිණ මෙම සියලු දේම ඔබලාට විස්තර කර දෙයි. ජීවය කවුද, උත්තරීතර ජීවය කවුද? කිසිවෙකු මෙය නොදනී. ඔබ ජීවයන් ආලෝක තිත් යැයි පියා පවසයි. සියලු දෙනාගේම උපත් 84 නියම වී ඇත. අප ජීවයන් කෙබඳු දැයි කිසිවකු නොදනී. ඔවුන් දන්නේ අහවල් කෙනා නීතීඥයෙක් හෝ වෙනත් කෙනෙක්, එහෙත් කිසිවෙකු ජීවය ගැන නොදනී. ඔබට හඳුන්වාදෙන්නේ පියා පැමිණි විට පමණි. උපත් 84ක සදාකාලික චරිත කොටස් ජීවයේ පටිගත වී ඇත. ඔබගේ චරිත කොටස් කිසි විටෙක විනාශ කළ නොහැක. මෙම භාරතය සතුට පමණක් ඇති මල් උයනක් විය. දැන් ඇත්තේ දුකම පමණි. එම පියා අපට දැන් ඥානය දෙයි. ඔබ දරුවන් දැන් පියාගෙන් නව දේවල් වලට සවන් දෙති. නවතම දෙය වන්නේ ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙක් ගෙන් දේවතාවරයෙකුට වෙනස්වීම වේ. දැනුම උගන්වන්නේ මනුෂ්‍යයෙකු නොවන බව ඔබ දනී. මෙම දැනුම උගන්වන්නේ දෙවියන්ය. ඔහු සර්ව ව්‍යාප්ති කිරීම ඔහුට කරන අපහාසයකි. මම සෑම වර්ෂ 5000 කදීම භාරතය දිව්‍ය ලෝකයක් කරවමි යැයි පියා විස්තර කරයි. රාවණ පැමිණ එය අපායක් කරවයි. මේ ලොව කිසිවෙකු මේවා නොදනිති. ඔබලා සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවතාවරුන් බවට වෙනස් කරන්නේ එකම පියා පමණි. පියා පැමිණ අපවිත්‍ර වස්ත්‍ර සෝදනවා යැයි මතක් කරති. එහි පාපයන් කිසිවක් නැත එම ලොව සම්පුර්ණයෙන්ම පාපයන්ගෙන් තොරය. දැන් ලොව පාපකාරීය. අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! රාවණ අපව අපවිත්‍ර කර ඇත යැයි මිනිසුන් කෑගසති. රාවණ පැමිණියේ කවදාද හෝ කුමක් වුයේදැයි ඔවුන් කිසිවෙකු නොදනිති. රාවණ ඔබව දිළිඳු බවට පත්කර ඇත! වර්ෂ 5000කට පෙර භාරතය ධනවත් විය දියමන්ති සහ මිණිමුතු ඔබ්බවන ලද රන් මාලිගා එහි විය එහි බොහෝ ධනය විය! දැන් එහි තත්ත්වය බලන්න! භාරතය ඔටුන්නක් (උසස් දේශයක්) කරවීමට හැකිවන්නේ පියාට පමණි. ශිව බාබා දැන් භාරතය දිව්‍ය ලෝකයක් කරවයි යැයි ඔබ දැන් කියයි. මරණය දැන් ඔබ ඉදිරියේ යැයි පියා පවසයි. ඔබ සියලු දෙනාම සිටින්නේ විශ්‍රාම තත්ත්වයේ වේ. ඔබ දැන් ගෙදර යා යුතු වේ. එමනිසා, ඔබ ජීවයක් යැයි සලකා මා පමණක් නොකඩවා ස්මරණය කරන්න එවිට ඔබගේ පව් වලින් නිදහස් වෙනවා ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අපි බ්‍රහ්මාගේ මුඛයෙන් බිහිවුණ දරුවන් වන බ්‍රහ්මිණ්වරුන්ය. සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වීමට පියා අපට උගන්වයි. මෙම කුල්මත්භාවයෙන් සහ සතුටින් සිටින්න. ඉතාම උසස් මනුෂ්‍යයින් වීමට ඔබ උත්සාහයක් ගත යුත්තේ මෙම ඉතාමත් සුබ සංගම යුගයේදීය.

2. දැන් අපගේ විශ්‍රාම තත්ත්වය වේ. මරණය අප ඉදිරිපිට ඇත. අප ගෙදර බලා යා යුතුය. පියාගේ ස්මරණයේ සිටිමින් අපගේ පව් පිළිස්සිය යුත්තේ මේ නිසාය.

වරදානය:
මෙම දැනුමේ යතුරෙන්, භාග්‍යයේ අසීමිත සම්පත හිමි වි, ඔබ සියලු සම්පත් වලින් පිරේවා.

සංගම යුගයේ ඔය සියලු දරුවන්ට, එය මගින් ඔබගේ භාග්‍යය නිර්මාණය කරන, මෙම දැනුමේ යතුර ලැබෙයි. මෙම යතුර භාවිතා කර, ඔබට අවශ්‍ය තරම් භාග්‍යයේ සම්පත් ලබා ගන්න. මෙම යතුර ලබා ගත් සැනින්, ඔබ සියලු බලයන්ගෙන් පිරිපුන් වෙයි. ඔබ සියලු සම්පත් වලින් පිරිපුන් වන තරමට, ඔබට ඉබේටම එතරම්ම සතුටක් තිබෙයි. සතුටේ දියඇල්ලක් සදාකාලිකව සහ නොනිමාව ගලා යන සේ ඔබ අත්විදියි. කිසිම ලැබීමක අඩුවක් නොමැතිව ඔබ සියලු සම්පත් වලින් පිරිපුන් ලෙස දිස්වෙයි.

පාඨය:
පරම පියා සමග හොද සම්බන්ධතාවයක් පවත්වාගන්න, එවිට ඔබට සියලු බලයන්ගේ ධාරාවක් අඛණ්ඩව ලැබෙයි.

අව්‍යක්ත සංඥාව: ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.

ඔබ තුළ පාරිශුද්ධත්වය තිබෙන ප්‍රමාණයට අනුව ඔබට බ්‍රහ්මින් ජීවිතයේ පෞරුෂත්වයක් තිබේ. පාරිශුද්ධත්වය තිබෙන්නේ අඩුවෙන් නම්, එවිට එම පෞරුෂත්වයද අඩුයි. පාරිශුද්ධත්වයේ මෙම පෞරුෂත්වය, සේවය පහසුවෙන් සාර්ථක කරවයි. කෙසේවෙතත්, එක දුර්ගුණයක හෝ සුළු සලකුණක්වත් තිබෙයි නම්, එවිට එහි සහකරුවන් අනිවාර්යෙන් එයට එකතු වෙයි. පාරිශුද්ධත්වය, සාමය හා සතුට සමග ගැඹුරින් සම්බන්ධ වී ඇති සේම, අපවිත්‍රතාවය, පාපයන් පහම සමග ගැඹුරින් සම්බන්ධයි. ඔබ තුළ පාපයන්ගේ සුළු සලකුණක් වත් ඉතිරිව නොමැති විට, ඔබගේ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වයෙන් ඔබ අන් අයට සේවය කරන බව කියැවෙයි.