30.08.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ බුද්ධියට ඥානය හොඳින් කා වද්දා ගෙන ඔබ එකිනෙකා අතර පන්ති පවත්වා ගන්න. තමාටත් අන් අයටත් යහපත උදා කර ගනිමින් සැබෑ ආදායමක් උපයා ගන්න.

ප්‍රශ්නය:
ඔය දරුවන් තුළ කිසිවිටෙක නොතිබිය යුතු අහංකාරය කුමක් ද?

පිළිතුර:
ඇතැම් දරුවන් අහංකාරයෙන් කියනවා: මේ පොඩි ගැහැණු දරුවන් (කුමාරීන්) අපට මොනවා උගන්වන්න ද? ජ්‍යෙෂ්ඨ සහෝදරියට කොහේ හෝ යාමට සිදු වුණු විට ඇතැම් අය මූණ එල්ලා ගෙන පන්තියට ඒමත් නතර කරනවා. මෙය මායාගේ බාධාවක්. බාබා කියනවා: මුරලිය කියවන ගුරුවරයාගේ නම හෝ රූපය දෙස බලන්න එපා. පරමාත්ම පියාව සිහි කරමින් මුරලියට ඇහුම් කන් දෙන්න. අහංකාර වන්න එපා.

ඕම් ශාන්ති.
පරමාත්ම පියා මෙහි ඉඳගෙන ඔය දරුවන්ට පැහැදිලි කර කියා දෙනවා. ඔබ දැන් පියා ගැන කතා කරනා විට ඉන් කියැවෙන්නේ දරුවන් රාශියක් සිටිනා භෞතික පියෙක් ගැන නොවෙයි. මේ ආධ්‍යාත්මික පරම පියායි. ඔහුට දරුවන් රාශියක් සිටිනවා. ටේප් රෙකෝඩරය, මුරලිය හා අනිකුත් සියලුම පහසුකම් ඇත්තේ දරුවන් වෙනුවෙනුයි. තමන් දැන් ඉතාමත් උසස් මිනිසුන් බවට පත් වීමට මෙම සංගම් යුගයේයි සිටින්නේ කියා ඔය දරුවන් දන්නවා. මෙයත් විශාල සතුටට කාරණයක්. ඔබව උසස් කරවිය හැක්කේ පරමාත්ම පියාට පමණයි. මෙම ලක්ෂ්මි හා නාරායන් උසස් මිනිසුන් ලෙස සිටි අයයි. නැද්ද? උසස් - පහත් - ඒ අතරමැද - මට්ටම් වල සිටිනා අය සිටින්නේ මේ ලෝකයේ පමණයි. මුල් කාලයේදි ඔවුන් උතුම්ව සිටි අතර මධ්‍යම වකවානුවේදි මධ්‍ය තත්වයකට පත් වුණු ඔවුන් අවසානයේදී පහත් තත්වයකට ඇද වැටෙනවා. මුලදී සෑම දෙයක්ම උසස් පසුව එය ක්‍රම ක්‍රමයෙන් පරිහානියට පත් වෙනවා. ලෝකයටත් සිදු වන්නේ එයමයි. එමනිසා ගැටළු ඇති සෑම කරුණක්ම ඔබ සැමට පහදා දිය යුතුයි. සාමාන්‍යයෙන් සෑම කෙනෙක්ම අහන ප්‍රශ්නය තමයි ඇයි මේ බ්‍රහ්මාගේ පින්තූරය තබා ගෙන සිටින්නේ කියලා. එම නිසා ඔබ කල්ප රුක්ෂය පෙන්වන පින්තූරය පෙන්විය යුතුයි. ඔවුන්ට කියන්න: බලන්න ගස පාමුල අසුන්ගෙන ඔහු දැන් තපස් රකිනවා. පසුව අවසන් කාලයේ ඔහුගේ අවසන් උපතේදී ඔහු ඉහළින්ම සිට ගෙන සිටිනවා. පරමාත්ම පියා කියනවා: මම ඔහුට ඇතුළු වෙනවා. මේ කරුණු කියා දීමට ඉතාමත් දක්ෂ කෙනෙක් අවශ්‍යයි. හරි හැටි කරුණු පැහැදිලි කර දීමට නොදන්නා එක් අයෙක් සිටියත් ඒ එක් පුද්ගලයා නිසා සියලුම බ්‍රහ්ම කුමර කුමරියන් අපහාසයට ලක් වෙනවා. අවසානයේ දී ඔබ සැම මුළුමනින්ම සමත් උවත් දැනට කිසිම කෙනෙක්ට සොළොස් කලාවන්ගෙන් පිරෙන්න බැහැ: සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම පැහැදිලි කිරීම් කරන්නේ එක් එක් මට්ටම් වලිනුයි. පරමාත්ම ජීවය වන පරමාත්ම පියාට ආදරය නොකරනා අයට අනිවාර්යයෙන්ම ඇත්තේ වෙන් වුණු බුද්ධියකි. ඔවුන්ට මෙය කියා දෙන්න ආදරණීය බුද්ධියක් ඇති අය ජය ලබනා අතර එසේ නොමැති අය විනාශය කරා ඇදගෙන යාවී. ඇතැමි අය මේ සම්බන්ධයෙන් කලබලයට පත් වී වැරදී දෝෂාරෝපණ එල්ල කරනවා. සටනක් ආරම්භ කිරිමට ඔවුන් එතරම් කාලයක් ගන්නේ නැහැ. එවන් සිදුවීමක දී කෙනෙක් මොනවා කරන්න ද? ඇතැම් විට පින්තූර වලට ගිනි තබන්නවත් ඔවුන් පැකිලෙන්නේ නැහැ. එම පින්තූරත් රක්ෂණය කර තබන්නයි කියා බාබා ඔබට උපදෙස් දෙනවා. දරුවන්ගේ තත්ත්වය ගැන පියා දන්නවා. දූෂිත ඇස් ගැනත් බාබා පැහැදිලි කර කියා දෙනවා. ඇතැම් අය බාබාට ලියනවා: බාබා දූෂිත ඇස් ගැන ඔබ කියනා දේවල් හරියටම හරි. මෙම ලෝකය තමෝප්‍රධාන් නේද? දවසින් දවස එය තව තවත් තමෝප්‍රධාන් වෙනවා. එය තවමත් ඇත්තේ එහි ළදරු අවධියෙයි කියා තමයි ඔවුන් සිතන්නේ. ඔවුන් ඝණ මෝහ නිද්‍රාවේ හොඳටම නිදි. ඇතැම් විට ඔවුන් මෙහෙමත් කියනවා: මෙය මහා භාරත යුද්ධ කාලයයි. එම නිසා දෙවියන් අනිවාර්යයෙන්ම කුමන හෝ ස්වරුපයකින් මෙහි පැමිණ ඇති. කෙසේවෙතත් ඔවුන් ඔහුගේ රූපය පෙන්වන්නේ නැහැ. ඔහු අනිවාර්යයෙන්ම කවුරු හෝ කෙනෙකුට ඇතුළු විය යුතුයි. භාග්‍ය රථය කියා විශේෂයෙන් කියා තිබෙනවා. ජීවයක් පැමිණි විට ඇතුළු වීම සඳහා ඒ ජීවයටම අදාල රථයක් තිබෙනවා. භාග්‍ය රථය කියා හඳුන් වන්නේ මොහුවයි. කෙසේවෙතත්, ශිව බාබා උපතක් ගන්නේ නැහැ ඔහු පැමීණ මොහු ළඟින් අසුන් ගෙන ඔබට ඥානය දෙනවා. සෑම දෙයක්ම ඉතාමත් හොඳින් පැහැදිලිව ඔබට කියා දෙනවා. ත්‍රිමූර්ති පින්තූරයක් තිබෙනවා. ත්‍රිමූර්ති කියා හඳුන්වන්නේ බ්‍රහ්මා, විෂ්ණූ හා ශංකර්ටයි. පිටව යාමට පෙර ඔවුන් අනිවාර්යයෙන්ම යමක් කරන්න ඇති. මෙන්න මේ නිසා තමයි “ත්‍රිමූර්ති“ කියන නමින් පාරවල් පවා තිබෙන්නේ. ඒ වගේම සුභාෂ් පාර කියලත් පාරක් තිබෙනවා. ඒ සූභාෂ් (නිදහස් ඉන්දියාවක් උදෙසා සටන් කළ සුභාෂ් චන්ද්‍ර බොස්) ගේ කතාව සෑම කෙනෙක්ම දන්නවා. ඔවුන්ගේ ඉතිහාසය ලියා තිබෙන්නේ ඔවුන් ඇවිත් ගියාට පසුවයි. ඔවුන්ගේ පිළිම ආදිය තනා පසුව මිනිසුන් ඔවුන්ව ශ්‍රේෂ්ඨයින් ලෙස පෙන්වනවා. එවන් ශ්‍රේෂ්ඨ කතාන්දර ඔවුන් ලියනවා. ඒ වගේම ගුරු නානක් ගේ ග්‍රන්ථය ද ඉතාමත් විශාල ග්‍රන්ථයක් කර තිබෙනවා. ඔහු එතරම් දෙයක් ලිව්වේවත් නැහැ. ඥාන කරැණු ලියනවා වෙනුවට ඔවුන් ලියා ඇත්තේ භක්ති කතන්දරයි. මෙම පින්තූර අදිය සාදා ඇත්තේ අන් අයට පැහැදිලි කර දීමටයි. ඔබගේ පියවි ඇසට පෙනෙන්න ඇති සෑම දෙයක්ම දැවී අලු වී යාමට තිබෙනා දේවල් කියා ඔබලා දන්නවා. කෙසේවෙතත් ජීවත්මයන්ට මෙහි සිටින්න බැහැ. ඔවුන් අනිවාර්යයෙන්ම නිවහනට යා යුතුයි. එවන් දේවල් සෑම කෙනෙකුගේම සිහියේ රැදෙන්නේ නැහැ. හොඳින් කරුණු උකහා ගෙන තිබෙනවා නම් ඇයි පන්තියක් කරන්න බැරි. වසර හත අටක් ගිහිල්ලත් එවන් පන්තියක් කිරීමට හැකි කෙනෙක් තවමත් සූදානම්. බැරි වෙලා නැහැ. බොහෝ තැන් ගුරුවරයෙක් නැතිවත් වැඩ කරගෙන යනවා. මව්වරුන්ගේ තත්ත්වය ඉහළ බව කාටත් වැටහෙනවා. පින්තූර රාශියක් තිබෙනවා. මුරලිය හොඳින් තේරුම් ගෙන ඒ ගැන යමක් විස්තර කර කියා දෙන්න. ඕනෑම කෙනෙකුට මෙය කළ හැකියි. එය ඉතාමත් පහසුයි. නමුත් ඇයි මේ තවමත් ගුරුවරයෙක්වම ඉල්ලන්නේ කියන එක බාබාට තේරුම් ගන්න බැහැ. තම ගුරුවරයාට කොහේ හෝ යන්න සිදු වුණොත් ඔවුන් මූණ එල්ලාගෙන පන්තියට ඒමත් නතර කරනවා. පසුව ඔවුන් අතර ගැටුම් ඇති වෙනවා. ඕනෑම කෙනෙකුට පන්තියක් කළ හැකියි. නමුත් ඇතැම් විට ඔවුන් වෙලාව නැහැයි කියා කියනවා. ඔබ තමන්ටත් අන් අයටත් යහපත උදා කර ගත යුතුයි. මෙය විශාල ආදායමක්. දියමන්ති මෙන් වටිනා ජීවිත බවට පත් කර ගැනීමට සැබෑ ආදායමක් උපයා ගත හැක්කේ කෙසේදැයි කියා ඔබ සැමටම කියා දිය යුතුයි. ඔබ සෑම කෙනෙක්ම එවිට දෙව්ලොවට යාවී. එහි අඛණ්ඩ සතුටක් තිබෙනවා. පුරවැසියන්ගේ ආයු කාලය අඩුයි කියා කියන්න බැහැ. නැහැ, පුරවැසියන්ට පවා දීර්ඝ ආයුෂ තිබෙනවා. එය අමරණීය දේශයයි. කෙසේවෙතත් තත්ත්වයේ උස් පහත් බවක් තිබෙනවා. එම නිසා ඔබට ඕනෑම තේමාවකින් පන්තියක් දිය හැකියි. හොඳ ගුරුවරයෙක් ඕනේයි කියා ඇයි ඔබ කියන්නේ? ඔබලා එකිනෙකා අතර පන්ති පවත්වා ගත හැකියි. කවුරුන්ව හෝ එවන්නයි කියා ඔබ නිතර නිතර නොඉල්ලිය යුතුයි. ඇතැම් අය අහංකාර වී කියනවා: මේ පොඩි කුමාරීන්අපට මොනවා උගන්වන්න ද? මායාගේ බාධක රැසක් තිබෙනවා. එය ඔවුන්ගේ සිහියට ඇතුළු වන්නේ නැහැ. බාබා ඔබට සෑම දිනකදීම උගන්වනවා. ශිව් බාබා එක් විශේෂිත කරුණක් ගෙන පැහැදිලි කිරීම් කරන්නේ නැහැ. ඔහු මහා සාගරයයි. විවිධ තේමා රළ ගණනාවක් ඇති වේවි. ඇතැම් විට ඔහු මෙහි සිටිනා දරුවන්ට පැහැදිලි කරනා අතර තවත් විටෙක එලියේ සිටිනා අයට පැහැදිලි කිරීම් කරනවා. සෑම කෙනෙකුටම මුරලිය ලැබෙනවා. වචන තේරෙන්නේ නැතිනම් ඔබ ඒවා ඉගෙන ගත යුතුයි නේද? තමන්ගේ වර්ධනයට තමන් උත්සහ දැරිය යුතුයි. තමන්ටත් අන් අයටත් යහපත උදා කර ගත යුතුයි. ඔය දරුවන්ට ඥානය කියා දීමේ හැකියාව මේ පියාට (බ්‍රහ්ම බාබාට) තිබුණා වුවත් ඔබගේ බුද්ධියේ යෝගාව සම්බන්ධව තිබිය යුත්තේ ශිව බාබා වෙතටයි. මෙන්න මේ නිසා තමයි ඔහු කියන්නේ: මෙයකියන්නේ ශිව බාබායි කියා සෑම විටම සලකන්න කියලා. සෑම විටම ශිව බාබාව සිහි කරන්න. උත්තරීතර පරමාත්මය වන ශිව බාබා පරම දනව්වේ සිට පැමිණ මුරලිය කියා දෙනවා. මුරලිය දීමට මේ බ්‍රහ්මා පරමදාමයේ සිට පැමිණෙන්නේ නැහැ. ශිව බාබා ඔහුගේ ශරිරයට ඇතුළු වී මුරලිය දෙන බව සෑම විටම සලකන්න. මෙය ඔබගේ සිහියේ තබා ගන්න. නිවැරදිවම මෙය සිහියේ තබා ගෙන සිටිනා විට එයත් ස්මරණ වන්දනාව වෙනවා. කෙසේවෙතත් මෙහි සිටිනා අතර බොහෝ අයගේ සිහිය වෙන වෙන තැන් වලට යනවා. මෙහිදී ඔබට ඉතාමත් හොඳින් වන්දනාවේ සිටිය හැකියි. නැතිනම් ඔබ ඔබගේ ගම් බිමි ගෙවල් දොරවල් ආදිය සිහි කරන්න පටන් ගන්නවා. ශිව බාබා මොහු තුළ අසුන් ගෙන අපට උගන්වනවා යන්න ඔබගේ සිහියේ තබා ගත යුතුයි. අප මුරලියට ඇහුම්කන් දීගෙන සිටියේ ශිව බාබාව සිහි කරමිනුයි. හදිසියේම අපගේ සිහිය ගියේ කොහාට ද? ඔබ බොහෝ දෙනෙකුගේ සිහිය මේ ආකාරයෙන් කැඩී යනවා. මෙහිදී ඔබට ඉතාමත් හොඳින් වන්දනාවේ නිරත විය හැකියි. ශිව බාබා පරමාත්ම දේශයේ සිට පැමිණ සිටිනා බව ඔබලාට තේරෙනවා. තම තමනගේ ගම්මාන වල සිටිනා විට ඔබ මේ ගැන සිතන්නේ නැහැ. තම කන් වලින් ශිව බාබාගේ මුරලිය තමන් අසා ගන්නා බව ඇතැම් අය සිතනවා. එය ඇත්තටම එසේ නම් මුරලිය කියවන කෙනාගේ නම හෝ රූපය දෙසට ඔවුන් ගේ සිහිය යන්නේ නැහැ. මේ සියලුම කරුණු අභ්‍යන්තර තමන් සඳහා වූ කරුණුයි. අභ්‍යන්තරයෙන් ඔබ තුළ තිබිය යුතු අවධානය නම් ඇහුම්කන් දෙන්නේ ශිව බාබාගේ මුරලියට යන්නයි. මේ මේ වගේ සහෝදරියක් තමයි තමන්ට එය කියවන්නේ කියා සිතන්න එපා. ඔබ අහන්නේ ශිව බාබාගේ මුරලියයි. මේවත් බාබා සිහි කිරීම සඳහා වූ ක්‍රමයි. මුරලියට ඇහුම්කන් දී ගෙන සිටිනා සෑම විටකම ඔබ ස්මරණයේ සිටිනවා කියා කියන්නත් බැහැ. බාබා කියනවා: බොහෝ දෙනෙකුගේ සිහිය එහෙ මෙහෙ හැමතැනකම යනවා. තම ඉඩකඩම් ගොවිපළවල් ආදියට ඔවුන්ගේ සිහිය යනවා. බුද්ධියේ යෝගාව තැනින් තැන නොයා යුතුයි. ශිව බාබා සිහි කිරිමේ කිසිම අපහසුතාවයක් නැහැ. කෙසේවෙතත් මායා ඔබට ස්මරණයට ඉඩ දෙන්නේ නැහැ. අනෙකුත් සිතිවිලිත් අතර මැදට පැමිණෙන නිසා ඔබට ශිව බාබාව සිහි කළ නොහැකියි වෙනවා. ඔබ සෑම කෙනෙක්ම තම තමන් දරනා උත්සාහයේ තරමට තමයි සිටින්නේ. සමීපව සිටිනා අයගේ බුද්ධියට මෙම කරුණු ඉක්මනින් ඇතුළු වේවි. සෑම කෙනෙකුටම අට මාලාවට ඇතුළු වන්න බැහැ. තමා තුළ ඥානය, යෝගාව හා දිව්‍යමය ගුණ ධර්ම ඇති බවට ඔබම පරික්ෂා කර බලා ගත යුතුයි. මා තුළ කිසිම දුබලතාවයක් නැහැ නේද? මායාගේ බලපෑමට ලක් වී මම කිසිම පාප ක්‍රියාවක් කරන්නේ නැහැ නේද? ඇතැම් අය ඉතාමත් කෑදර වෙනවා. කෑදරකම නම් වූ භූතාත්මයත් තිබෙනවා. මායා ඇතුළු වුණු විට බඩගිනියි, බඩගිනියි කියා කෑ ගසනා ඔවුන්ගේ කුසට සෑම මොහොතකදීම යමක් දිය යුතුයි. ඇතැමි අය පුදුම විදියට ආහාර වලට ගිජු වෙනවා. ආහාර ගැනීමෙත් විනයක් තිබෙනවා. දරුවන් රැසක් සිටිනවා. තවත් දරුවන් රැසක් පැමිණේවී. බ්‍රහමීන්වරු ගණනාවක් බිහි වේවි. මම ඔය දරුවන්ට කියන්නේ බ්‍රහ්මීණ්වරුන් වෙන්න කියලයි. මව්වරුන්ව ඉදිරියෙන් තබනවා. භාරතයේ ශිව ශක්ති මව්වරුන්ට ජය වේවා කියා කියනවා. පරමාත්ම පියා කියනවා: තමා ජීවයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. දිගින් දිගටම ස්වදර්ශන චක්‍රය කරකවන්න. ඔය බ්‍රහ්මීණ්වරුන් ස්වදර්ශන චක්‍රය කරකවන්නන්ය. කිසිම අලුත් කෙනෙකුටමේ කරුණු තේරුම් ගත නොහැකියි. බ්‍රහ්මාගේ ඉතාමත් උසස් කටින් ඉපදුණු දරු පරපුර ඔබලායි. බ්‍රහ්මණ වංශයේ සැරසිල්ලයි. ඔබලාස්වදර්ශන චක්‍රධාරීන්ය. අලුත් කෙනෙකුට මේ දේවල් ඇසුණහොත් ඔහු කියාවී: ස්වදර්ශන චක්‍රය අයිති විෂ්ණුටයි. සියල්ල ඔබට අයිති කියා මෙයා කියනවා: ඔහු මෙය පිළිගන්න එකක් නැහැ. මෙන්න මේ නිසා තමයි අලුත් අයට මෙහි පැමිණීමට අවසරයක් නැත්තේ. ඔවුන්ට මෙය තේරුම් ගැනීමට නොහැකියි. ඇතැම් අය කලබල වී කියනවා: ඇයි අපි මෝඩ අයද අපට මෙහි එන්න ඉඩ දෙන්නේ නැත්තේ ඇයි? මෙහෙම අහන්නේ, අනිත් තැන් වලට නම් ගිය හැකි නිසායි. එහිදී ඔවුන් ග්‍රන්ථ කියවීම පමණයි කරන්නේ. ඒවා අහන්න සෑම කෙනෙකුටම අයිතියක් තිබෙනවා. මෙහිදී ඔබ ප්‍රවේශම් විය යුතුයි. පරමාත්ම දෙවියන්ගේ මෙම ඥානය බුද්ධියේ නොරදනා විට ඔවුන් කලබල වෙන්න පටන් ගන්නවා. පින්තූර සම්බන්ධයෙනුත් ඔබ ප්‍රවේශම් විය යුතුයි. මෙම යක්ෂ රාජ්‍යය තුළ ඔබ ඔබගේ දිව්‍යමය රාජ්‍යය ස්ථාපනය කළ යුතුයි. තම ධර්මය ස්ථාපනය කිරිම සඳහා ක්‍රිස්තූන් වහන්සේ පැමිණියාක් සේ පරමාත්ම පියා පැමිණ සිටින්නේ දිව්‍යමය රාජධානිය ස්ථාපනය කිරීමටයි. මෙහි කිසිම හිංසනයක් නැහැ. රාග අසිපතෙන් හිංසා කරන්නෙත් නැහැ. කිසිම ආකාරයක ශාරිරික හිංසනයක් කරන්නේත් නැහැ. දෙවියන් කිළිට ඇඳුම් සෝදනවා කියා කියනවා. මිනිසුන් සිටින්නේ ඝණ අන්ධකාරයකයි. පරමාත්ම පියා පැමිණ ඒ ඝණ අන්ධකාරය ආලෝකයක් බවට පත් කරවනවා. බාබා කියා කියමින් ඉදලත් ඇතැම් අය දැන් අහක බලාගෙන ඔවුන් ඉගෙනීම නතර කර දමලා. පරමාත්ම දෙවියන් ඔබට උගන්වන්නේ ඔබලාව ලෝක පාලකවරුන් බවට පත් කරවීමටයි. මෙවන් ඉගෙනීමක් නතර කර දමනා කෙනෙක්ව හඳුන්වන්නේ මහා මෝඩයෙක් කියලයි. ඔබටත් එතරම්ම විශාල ධනයක් හිමි වෙනවා. එවන් පියෙක්ව ඔබ කවදාවත් අතහැර නොයා යුතුයි. ඔබ මට ආදරය කළත් නැතත් මාව පිළිගත්තේ නැතත් මම ඔබගේ දොරකඩින්‍ සෙලවෙන්නේ නැහැ... කියා කියනා ගීතයක් තිබෙනවා. පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔබට ඔබගේ අසීමිත රාජ්‍යය හිමි කර දීමටයි. ඔහුව අතහැර යාම කියා දෙයක් නැහැ. ඔව්. ඔබ දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගත යුතුයි. තමන්ට නොයෙකුත් වද හිංසා විඳින්න සිදු වෙනවා කියා මව්වරුන් ලියනවා. මේ දිනවල මිනිස්සු ඉතාමත් නරකයි. ඔබ ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. සහෝදරවරුන් සහෝදරියන්ව රැක බලා ගත යුතුයි. මොන දේ සිදු වුණත් ජීවය වන මම අනිවාර්යයෙන්ම මගේ පරමාත්ම පියාගෙන් මගේ උරුමය දිනා ගනිමි. පියාව අතහැර ගියහොත් ඔබගේ උරුමය අහිමී වී යනවා. ශ්‍රාද්ධාවන්ත බුද්ධියක් ජය ලබනා අතර ගැටළු සහිත බුද්ධියක් විනාශය කරා ඇද වැටෙනවා. එවිට ඔබගේ තත්ත්වය ඉතාමත් පහත් තත්ත්වයකට පත් වෙනවා. ඥානය දිය හැක්කේ එකම එක ඥාන සාගරය වන පරමාත්ම පියාටම පමණයි. අන් සියල්ල භක්තියයි. කෙනෙක් තමන් කෙතරම් ඥානවන්ත කෙනෙක් කියා සලකාගෙන සිටියත් පරමාත්ම පියා කියන්නේ: ඒ සෑම කෙනෙක් ළඟම ඇත්තේ ග්‍රන්ථ හා භක්තිය පිළිබඳව වූ දැනුම පමණයි. සැබෑම ඥානය කුමක්දැයි කියා මිනිස්සු දන්නේ නැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මුරලියට ඇහුම් කන් දෙන විට ඔබගේ බුද්ධියේ යෝගාව එහෙ මෙහෙ සෑම තැනකටම නොයවා තබා ගැනීමට වගබලා ගන්න. තමන් ඇහුම් කන් දෙන්නේ ශිව බාබාගේ ඥාන සම්භාරයටයි යන්න නිරතුරුවම සිහියේ තබා ගන්න. මෙයත් ස්මරණ වන්දනාව වේ.

2. තමා තුළ ඥානයත් යෝගාවත් දිව්‍යමය ගුණධර්මත් ඇත්දැයි කියා පරික්ෂා කර බලන්න. කෑදරකම යන භූත බලවේගය මා යටකර ගෙන නැහැ නේද? මායාගේ බලපෑමට යට වී මම කුමන හෝ පාපකාරි ක්‍රියාවක් කරනවා ද?

වරදානය:
ඔබ නිරන්තරයෙන් නොසැලී සහ නොසෙල වී හිඳ, උපකරණයක් වීමේ අවධානය තබා ගැනීමෙන් ඔබේ සියලු කැලඹීම් අවසන් කරත්වා.

ඔබ උපකරණයක් බව දැන සිටින විට, "මම" සහ "මගේ" යන සියලු ආකාරයේ කැලඹීම් ඔබ පහසුවෙන් අවසන් කරයි. මෙම අවධානය ඔබව සියලු ආකාරයේ කැලඹීම් වලින් නිදහස් කර ඔබගේ නොසැලෙන සහ නොසෙලවෙන මනෝ ස්ථිතිය අත්විඳීමට ඔබට හැකියාව ලබා දෙයි. සේවය කිරීමට ඔබට වෙහෙස වී වැඩ කිරීමට පවා අවශ්‍ය නැත, මන්ද, උපකරණ බවට පත්වන අයගේ බුද්ධිය නිරන්තරයෙන් ඔවුන් කරන ඕනෑම දෙයක්, ඔවුන්ව දකින අනෙක් අයද එසේ කරන බව දනී. සේවය සඳහා උපකරණයක් වීම යනු වේදිකාවකට යාමයි. සෑම කෙනෙකුගේම දැක්ම ඉබේටම වේදිකාව වෙතට ඇදී යයි. මෙම අවධානය ඔබේ ආරක්ෂාව සඳහා මාධ්‍යයක් බවට පත් වේ.

පාඨය:
සියලු අවස්ථාවන්ගෙන් නිදහස් වන්න, එවිට ඔබ පරමාත්ම දෙවියන්ගේ, පරම පියාගේ ආධාරකය අත්විඳිනවා ඇත.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

වර්තමානයේ, ඉබාගාතේ සැරිසරන ජීවාත්මයන්ට සාමය සහ ආධ්‍යාත්මික සෙනෙහස අවශ්‍යය. සෑම තැනකම, සෙනෙහස සහ සාමය නැතිව ගොසිණි. මේ නිසා, ඔබ කරන ඕනෑම වැඩසටහනකදී, පළමුවෙන්ම පියාගේ නෑ සබැඳියාව තුළ වන සෙනෙහස ප්‍රශංසා කරන්න. ඉන්පසු, එම සෙනෙහසින් පරමාත්ම පියා සමඟ ජීවාත්මයන්ගේ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමෙන් පසු, ඔවුන්ට සාමයේ අත්දැකීම ලබාදෙන්න. සෙනහසේ ප්‍රතිමූර්තියක් සහ සාමයේ ප්‍රතිමූර්තියක් වීමේ සමබරතාවයක් ඇති කරගන්න.