30.10.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, එකම එක පරම පියා පිළිබඳ සිහි කිරීමේ සිටිනවා යනු බාබා පිළිබඳව නොසැලෙන සිහි
කිරීමක් තබා ගැනීමයි. මේ සිහි කිරීමෙන් පමණයි ඔබේ පාපයන් දුරු වී යන්නේ.
ප්රශ්නය:
බාබා කියන හැම
දේම සමහරු ඉතා පහසුවෙන් පිළිගන්නවා. එහෙත් අනෙක් අයට එය පිළිගැනීම ඉතා අපහසු බවක්
හැඟෙනවා. මීට හේතුව කුමක්ද?
පිළිතුර:
දීර්ඝ කාලයක් භක්ති කළ දරුවන්ට, කල්ප භාගයක් භක්ති කළ පැරණි භක්තිවන්තයින්ට, බාබා
කියන හැම දේම පිළිගැනීම පහසු බව හැඟෙනවා. මීට හේතුව ඔවුන් දැන් පෙර කළ භක්තියේ ඵල
ලැබීමයි. දීර්ඝ කාලයක් භක්ති නොකළ අළුත් භක්තිවන්තයින්ට සෑම කරුණක්ම අවබෝධ කර ගැනීම
ඉතා අපහසු දෙයක් බව හැඟෙනවා. අනෙක් ආගම් වල අයට මේ දැනුමේ කිසිම දෙයක් අවබෝධ කර
ගන්න බැහැ.
ඕම් ශාන්ති.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා සුමිහිරි ආධ්‍යාත්මික දරුවන් වන ඔබට පැහැදිලි කර දෙනවා දරුවන් වන
ඔබ සියලුම දෙනා මොනවද කරන්නේ ? ඔබට නොසැලෙන සිහිකිරිමක් තිබෙනවා. සිහිකිරිමේ එක්
ආකාරයක් සැලෙන සුළුයි සහ අනෙක් ආකාරය නොසැලෙන සුළුයි.ඔබ හැමදෙනා තුළම තිබෙන
සිහිකිරිම නොසැලෙන සුළු විය යුතුයි. ඔබ සිහි කරන්නේ කාවද? එකම එක පියාවයි. මේ නිසා
තමයි ඔබ බාබා සිහිකරන විට ඔබේ පාපයන් කැපී ගොස් ඔබ පාරිශුද්ධ ලෝකය වෙත යන්නේ
ප්‍රථමයෙන්ම ඔබ පිරිසිදු විය යුතුයි. පසුව නව ලෝකයට යනවා. ජීවයන් තමයි නැවත යා
යුත්තේ ජීවයන් තමයි ඔවුන්ගේ අවයවයන්ගෙන් ක්‍රියා සිදු කරන්නේ එමනිසා බාබා කියනවා :
ඔබ ජීවයක් බව අවධාරණය කරගෙන බාබා සිහිකරන්න භක්ති මාර්ගයේ මිනිස්සු ගොඩක් මිනිසුන්ව
සිහිකරනවා. ගියාන් මාර්ගයේ ඔබට සිහිකිරිමට ඇත්තේ එකම එක්කෙනයි. භක්තිය ආරම්භයේදී ඔබ
භක්ති කළේ ශිව බාබා. උසස්තම කෙනා වෙනුවෙන් පමණයි.එය නොසැලෙන භක්තියයි. ඔහු
හැමදෙනාටම ගැළවීම ලබාදෙන පියා නිර්මාපකයායි. දරුවන් වන ඔබ ඔහුගෙන් අසිමිත උරුමය
ලබාගන්නවා. සහෝදරයකුගෙන් ඔබ උරුමය ලබන්නේ නැහැ. පුතෙක් නිරන්තරයෙන්ම ඔවුන්ගේ
පියාගෙන් උරුමය ලබනවා. එහෙත් ඔහුගේ දියණියන් නිවස අතහැර ගොස් වෙතත් තැනකටද අඩක්
සම්බන්ධ වන බැවින් ඔවුන් ලබන්නේ මොනවහරි සුළු ප්‍රමාණයක් පමණයි. මෙහෙ ඔබ හැමදෙනාම
ජීවයන් සියලුම ජීවයන්ගේ පියා එක්කෙනයි. සියලුම ජීවයන්ට පියාගෙන් උරුමය දිනාගැනීමේ
අයිතියක් තියෙනවා. සමහර ජීවයන්ට පුරුෂ ශරීරයන් සහ අනෙක් අයට ස්ත්‍රී ශරීරයන්
තිබුණත් සෑම ජිවයක්ම සහෝදරයින්, ජිව සියල්ලක්ම සහෝදරයින්. හින්දු සහ මුස්ලිම් අය
සහෝදරයින් බව නිකම් නමට විතරක් කියනවා. ඔවුන් ඔවුන් කියන දේ ගැනවත් නියම යතාර්ථය
දන්නේ නැහැ. ඔබ දැන් යතාර්ථය අවබෝධ කරගෙනයි සිටින්නේ. හැම කෙනෙක්ම සහෝදරයින් වෙනව
කියන්නේ සියලුම ජිවයන් එකම පියාගේ දරුවන් වන බවයි. පසුව ප්‍රජාපිතා බ්‍රහ්මාගේ
දරුවන් ලෙස ඔබ සහෝදර සහෝදරියන් වෙනවා. හැමදෙනාම මේ ලෝකය අතහැර නිවස වෙත යා යුතු බව
ඔබ දැන් වටහා ගත යුතුයි. සෑම මනුෂ්‍යයකුගේම කොටස දැන් අවසානයි. ඔබව පැරණි ලෝකයෙන්
නව ලෝකයට ගෙන යාමට බාබා නැවත වරක් පැමිණ සිටි: ඔහු ඔබව ඈතට ගෙන යනවා. මිනිස්සු
ගයනවා : අනේ ඔරුව පදවන්නාණෙනි අපව එතෙරට ගෙන යන්න. අපව සතුටු දේශයට ගෙන යන්න. නව
ලෝකය නිර්මාණය වෙනවා සහ මේ පැරණි ලෝකය අනිවාර්යයෙන්ම විනාශයට පත්විය යුතුයි.
උත්තරීතර දනව්වේ සිට පහළටම වන තෙක් මුළු විශ්වයේම සිතියම් දැන් ඔබේ බුද්ධියේ
තිබෙනවා. ජිවයන් වන ඔබ සුමිහිරි දනව්වේ : සාම දනව්වේ නිවැසියන්. මෙය බුද්ධියේ තබා
ගන්න. ඔබ ස්වරණමය යුගයේ නව ලෝකයේ සිටින විට අනෙක් ජීවයන් සියල්ලක්ම ඉන්නේ සාම
දේශයේයි. ජීවයන් විනාශයට පත්වෙන්නේ නැහැ. සෑම ජීවයකම අන්තර්ගත වන සදාකාලික චරිතය
විනාශයට ලක් වන්නේ නැහැ.කවුරුහරි දැන් ඉංජිනියර් කෙනෙක් වෙලා ඉන්න කෙනෙක් නැවත වසර
5000 කින් ඉංජිනියර් කෙනෙක් වෙනවා. ඔහුට සමානම නමත් ස්වරූපයත් හිමි වෙනවා සහ එකම
ප්‍රදේශයේ සහ එකම කාලයට තමයි උපත ලබන්නේත් මේ සේරම පැහැදිලි කළ හැක්කේ බාබාට පමණයි.
මෙය සදාකාලික නියමිත වු නාටකයක්. මේ නාටකයේ කාල වකවානුව වසර 5000 යි. එය තත්ත්පරයක්
වැඩි වෙන්න හෝ අඩු වෙන්නවත් බැහැ. මෙය සදාකාලික නියමිත වු හැමදෙනාටම තීරණය වූ
චරිතයක් ඇති නාටකයක්. එම නිසා ජීව අවධානයට පත්ව මේ ක්‍රිඩාව නිරීක්ෂකයකු සේ නරඹන්න.
බාබාට ශරිරයක් නොමැත. ඔහු දැනුමෙන් පිරුණු කෙනෙක් ඔහු බීජයයි. ජීවයන් වාසය කරන්නේ
අශාරිරික ලෝකයේයි පසුව අනුපිළිවෙලට පහළට පැමිණ ඔවුන්ගේ කොටස රඟපානවා. පළමු අංකය
පටන් ගන්නේ දේවතාවන් ගෙන්. එහි පළමු වංශයේ ප්රතිමාවන්ද පසුව චන්ද්‍ර වංශයේ
ප්රතිමාවන්ද තිබෙනවා. සුරය වංශය ලක්ෂ්මි සහ නාරායන්ගේ රාජ්‍යයය ඉතාමත්ම
දිව්‍යමයයි.කිසිම මනුෂ්‍යයෙක් දන්නේ නැහැ ඔවුන්ගේ රාජ්‍යයය ගොඩනැංවෙන්නේ කොහොමද
කියලා. එහි ලියැවිලා තියෙන්නේ ස්වර්ණමය යුගයේ කාලය අවුරුදු සිය දහස් ගණනක් තිබෙන
බවයි. ඔවුන් කිසි කෙනෙක් කිසිවකුගේ ජීවිත කථාව දන්නේ නැහැ. ලක්ෂ්මි සහ නාරායන්ගේ
ජිවිත කථාව ඔබ දැනගත යුතුයි. ඔවුන් කවුද කියල හරියාකාරව නොදැන ඔබේ බුද්ධිය ඔවුන්
වෙත පහත් කිරිම වැරදියි. සියලුම ප්‍රධාන චරිතයන්ගේ ජීවිත කථාවත් බාබා ඔබට කියා
දෙනවා. ඔබ දැන් තේරුම් ගන්නවා ඔවුන් ඔවුන්ගේ රාජ්‍යයය පාලනය කරනුයේ කෙසේද කියලා.
ශ්‍රී ක්‍රිෂ්ණා ඉන්නේ ස්වරණමය යුගයේ. ඒ ක්‍රිෂ්ණාගේ දේශය දැන් නැවත වරක් නිර්මාණය
වෙනවා. ක්‍රිෂ්ණා දිව්‍යලෝකයේ පළමු අධිරාජ්යයයායි. ලක්ෂ්මි සහ නාරායන්ගේ රාජ්‍යයය
' ගොඩ නැඟෙන්නේ කොහොමද ? මේ සියල්ලක්ම ඔබ අවබෝධ කර ගන්නවා. මල් දාමයත් අනුපිළිවෙලට
නිර්මාණය වෙනවා : එක් එක් අය මල් දාමයේ පොහොට්ටු බවට පත් වෙනවා. කෙසේ වෙතත් සමහර අය
තනියම යනවිට පරාජයට පත්වෙනවා. මායා ඔවුන්ව පරාජය කරනවා. හමුදාවක කියනවා මෙයා
කමාන්ඩර කෙනෙක් අරය මෙවන් මෙවන් තත්ත්වයේ කෙනෙක් කියලා කෙසේ වෙතත් ඔවුන් මරණයට
ලක්වෙනවා. මැරෙනවා කියන්නේ ඔවුන්ගේ තත්ත්වය බාල වී මායා විසින් ඔවුන් පරාජය
කෙරෙනවා. ඔවුන් සම්පුර්ණයෙන්ම මරණයට ලක්වෙනවා. ඔවුන් දැනුම අහල පුදුමයට පත් වී එය
අන්‍යයන්ටත් කියා දී පසුව දිව යනවා. අනේ මායා ඔවුන් මා අතහැරියා ඔවුන් ජීව මරණයට
පත්වෙලා : බාබාටත් අයත් වී සිට පසුව රාම රාජ්‍යයෙන් ඉඳල ඔවුන් ආපසු යක්ෂ (රාවන්)
රාජ්‍යයයට යනවා. මේ නිසා තමයි පාණ්ඩවරු සහ කවුරවයින් ඔවුනොවුන් අතර යුද්ධ කරන ආකාරය
අඹා තියෙන්නේ. නමුත් පසුව යක්ෂයින් සහ දේවතාවන් අතර යුද්ධ කරන ආකාරය අඹන්න පටන්
ගත්තා. ඔවුන් පෙන්විය යුත්තේ එක් ආකාරයක යුද්ධයක් පමණයි : දෙයාකාරයක යුද්ධයක්
පෙන්නුම් කරන්නේ ඇයි ? මෙවන් කතන්දර මෙහෙ අන්තර්ගත වන බව බාබා පැහැදිලි කරනවා.
යුද්ධය සංකේතවත් කරනුයේ පාපයන්. කෙසේ වෙතත් මෙය දේව ධර්මයයි : මේ ආගමේ උසස්ම කාරණාව
වන්නේ පාපයන්ගෙන් මිදීමයි. ඔබ දැන් ද්විත්වාකාරයකින් පාපයෙන් මිදලයි ඉන්නේ. ඔබේ බලය
යෝගා බලයයි. ආයුධ පාවිච්චියෙන් ඔබ කිසිවකුට කිසිවක් කරන්නේ නැහැ. ක්‍රිස්තියන්
ආගමිකයින්ට විශාල ලෞකික බලයක් තියෙනවා. රුසියාව සහ ඇමෙරිකාව සහෝදරයින් ඔවුන්
එකිනෙකා හා බැඳීලයි සිටින්නේ තමන් නිර්මාණය කරන බෝම්බ වලින් ඔවුන් එකිනෙකා පරදා තම
තමන් අන්‍යයන්ට වඩා වඩාත් බලවත් වෙන්න උත්සාහ කරනවා.ඔවුන්ට විශාල බලයක් තියෙනවා.
දෙදෙනෙක් එකට ආවොත් ඔවුන්ට මුළු ලොවම පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. කෙසේවෙතත්
භෞතික බලයෙන් ලෝකය නැමැති රාජ්‍යයය දිනාගැනීමට නාටකයේ න්‍යායයෙන් කිසිවකුට
හැකියාවක් ලැබෙන්නේ නැහැ. පුසො දෙදෙනෙකු අතර කතාවක් තියෙනවා. ඔවුන් දෙදෙනා රණ්ඩු
කරන විට තෙවෙනියෙක් ඒ අතරමැද සිට බටර් එක අරගෙන එය කනවා. බාබා මේ සේරම දැන්
පැහැදිලි කරනවා. මොහු කිසිවක් දන්නේ නැහැ. දිව්‍යමය දර්ශණ දීමෙන් බාබා තමයි මේ
පින්තූර හදන්න යොමු කළේ. ඔහු දැන් පැහැදිලි කරනවා ඔවුනොවුන් අතර රණ්ඩු කළේ කොහොමද
සහ ඔබ ලෝක රාජ්‍යයය දිනාගන්නේ කොහොමද කියලා. ඒ බලවත් රටවල් දෙක අනෙක් රටවලුත්
එකිනෙකා අතර යුද්ධ කිරීමට ධෛර්මත් කරවනවා. ඔවුන් ආයුධ වලින් ඔවුන්ට උදව් කරනවා මන්ද
එය ඔවුන්ට විශාල ව්‍යාපාරයක් වන නිසා පුසො දෙදෙනා ඔවුනොවුන් අතර යුද්ධ කරන විට
ඔවුන්ගේ සේරම යුද්ධායුධ ප්‍රයෝජනයට ගැනෙනවා.ඔවුන් විවිධාකාර රටවල් යුද්ධය සඳහා
පොළඹවනවා.ඉස්සර හින්දුස්ථානයත් පකිස්ථානයත් වෙන්වෙලාද තිබුණෙ? දෙගොල්ලන්ම එක්ව
සිටියා. මේ සේරම නාටකයේ තිරණය වූ දේවල් යෝගා බලයෙන් ලෝක පාලකයින් වීමට ඔබ දැන්
උත්සාහ දරනවා.ඔවුන් ඔවුනොවුන් අතර යුද්ධ කරමින් සිටිනවා ඔබ ඒ අතරමැද සිට බටර් එක
ගන්නවා. මේ බටර් එකෙන් අදහස් කෙරෙනුයේ ඔබ ලබන ලෝක රාජ්‍යයයි.ඔබ එය ලබන්නේ ඉතා සරල
ආකාරයකින්.බාබා කියනවා : සුමිහිරි දරුවනි පළමුවෙන්ම ඔබ පාරිශුද්ධත්වයට පත්විය
යුතුයි. ඔබ පාරිශුද්ධත්වයට පත්ව පසුව පිරිසිදු ලෝකයට යනවා. එයට කියනුයේ පාපයෙන් තොර
වූ ලෝකය කියලයි ; එය සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර වූ ලොවක් හැමදේම සතෝප්‍රධාන් සතෝ
රජෝ සහ තමෝ යන තත්ත්වයන් හරහා යන බව බාබා පැහැදිලි කරනවා. ආගමික ග්රන්ථ අවුරුදු
සිය දහස් ගණනක් ගැන කථා කරන බැවින් ඔබට මෙවන් ආශ්චර්යයක් මීට පෙර තිබුණේ නැහැ.
භක්තීය ඝත අන්ධකාරයයි. මීට පෙර මේ කිසිවක් ඔබ අවබෝධ කර ගන්නේ නැහැ. දැන් ඔබ
සියල්ලක්ම අවබෝධ කර ගන්නවා. ඔවුන් කියනවා යකඩ යුගය අවසන් වෙන්නේ තවත් අවුරුදු
40,000 කින් කියලා, අච්චා අවුරුදු 40,000 කට පසුව සිද්ධ වෙන්නේ මොකක්ද? කිසිකෙනෙක්
දන්නේ නැහැ. මේ නිසයි කියන්නේ මිනිස්සු ඝන අන්ධකාරයක නිද්‍රාවට පත්වෙලයි ඉන්නේ
කියලා. අන්ධකාරය භක්තියයි.එකම එක බාබා දැනුමේ සාගරය පමණයි දැනුම ලබා දෙන්නේ. ඔබලා
දැනුම් ගංඟාවන්. බාබා පැමිණ දරුවන් වන ඔබට ජීවයන් ට උගන්වනවා. ඔහු ඔබේ පියා ඔබේ
ගුරුවරයා සහ ඔබේ සත්ගුරුත් වෙනවා. අනෙක් අයට කියන්න බැහැ කවුරුහරි ඔවුන්ගේ පියා
ගුරුවරයා සහ සත්ගුරු කියලා. මෙහි අන්තර්ගතය අසිමිත භාවයයි. අසීමිත පියා තමයි
ගුරුවරයා සහ සත්ගුරු වෙන්නේ. ඔහු ඔහුම මෙහි හිඳ කියනවා; මම ඔබේ උත්තරීතර පියා. ඔබ
සියලුම දෙනා මගේ දරුවෝ. ඔබ කියනවා : බාබා ඔයා ඒ කෙනාමයි. බාබා කියනවා : ඔබ සෑම
චක්‍රයකදීම මා මුණගැසෙනවා. එමනිසා ඔහු උත්තරිතර ජීවය උත්තරීතර පියා. ඔහු පැමිණ
දරුවන් වන ඔබට සියලුම දේවල් විස්තර කර දෙනවා. යකඩ යුගය අවසන් වෙන්නේ තවත් අවුරුදු
40,000 කින් කියන එක බොරු කථාවක්. සේරම යුගයන් තියෙන්නේ අවුරුදු 5000 අතර බාබා කියන
සේරම දේවල් ඔබ පිළිගෙන අවබෝධ කර ගන්නවා. ඔබ එය පිළිනොගත්තා වෙන්න බැහැ. ඔබ එය
පිළිනොගත්තා නම් ඔබ මෙහෙ ඉන්නේ නැහැ. මේ ධර්මයට අයත් නොවන අය තමයි එය පිළිනොගන්නේ.
බාබා පැහැදිලිව කියනවා සේරම රඳාපවතින්නේ භක්තිය පදනම් කරගෙනයි. සුළු හෝ භක්තියක් කර
ඇති අය තමයි ඔවුන්ගේ භක්තියේ ඵල ලබන්නේ, ඔවුන් තමයි බාබාගෙන් අසීමිත උරුමය ලබන්නේ.
ඔබ දේවත්වයට පත් වන බව සහ ලෝක අධිරාජ්‍යයින් වන බව තේරුම් ගන්නවා. තව ඉතාමත් ටික
කාලයයි ඉතිරිව ඇත්තේ භාරතයේ ආගමික ග්‍රන්ථය ගීතාව පමණයි : එහි ලෝක විනාශය සඳහන්
වෙලා තියෙනවා. වෙන කිසිම ආගමික ග්‍රන්ථයක එය සඳහන් වෙලා නැහැ. සෑම ආගමක කෙනෙක්ම
ඔවුන්ගේ ආගමික ග්රන්ථ ඉගෙන ගෙන එය කුමක්ද සහ එම ආගම ගොඩනැංවුවේ කවුද කියලා
දැනගන්නවා. ක්‍රිස්තියානි ආගමිකයින් ජේසුතුමා දන්නවා; ඔවුන් ඔහුව විශ්වාස කරනවා
වන්දනා කරනවා. ඔබ පමණයි ආදී සනාතන දේවී දේවතා ධමයට අයත් වන්නේ සහ ඔබම පමණයි ඔහුව
වන්දනා කරන්නේ.කෙසේ වෙතත් මේ කාලයේ මිනිස්සු කියනවා ඔවුන් හින්දු ආගමට අයිතියි
කියලා දරුවනි දැන් ඔබ රාජයෝගා ඉගෙන ගන්නවා : ඔබ රාප්රිශින් ඒ ගොල්ලො හතා යෝගා
රිශීන් පරතරය දිවා රෑ වගේ. ඔවුන්ගේ අත්හැරිම දුබලයි: එය සීමිතයි නිවෙස් සහ
ව්‍යාපාරයන් පමණයි ඔවුන් අතහරින්නේ. ඔබේ අත්හැරිම සහ නිරාශාව පවතින්නේ පැරණි
ලෝකයටයි. ප්‍රථමයෙන්ම ඔබ නිවසට ඔබේ සුමිහිරි නිවහනට යනවා පසුව ඔබ නව ලෝකයට ස්වරණමය
යුගයට යනවා. ඉපැරණි ආදී සතාතන දේවි දේවතා ධර්මයේ ගොඩනැඟිම දැන් බ්රහ්මා මාර්ගයෙන්
සිදු වෙනවා. ඒ මොහොත වන විට මේ ලෝකය දැන් පැරණි සහ අපිරිසිදු වෙලා. මෙය ඔබ විසින්
අවබෝධ කර ගත යුතු යමක්. ඔබ බාබා සමඟ ඉගෙන ගන්නවා. මෙය ඇත්ත වශයෙන්ම සත්‍යයයක් මේ
සම්බන්ධව විශ්වාසයක් හට නොගැනිමට ප්‍රශ්ණයක් නැහැ. මේ දැනුම ඉගැන්විය හැක්කේ බාබාට
පමණයි. ඔහු තමයි ජිවයන් ඔහුත් සමඟම ආපසු ගෙන යන පියා ගුරුවරයා සහ නියම සත්ගුරු
අනෙක් ගුරුන් අඩකදී මිනිසුන්ව අතහැර දමනවා. ගුරු කෙනෙක් මැරුණු විට ඔහුගේ
අනුගාමිකයින්ගෙන් වෙනත් ගුරු කෙනෙක් හැදෙනවා. ඔවුන් ඔහුගේ ශ්රාවකයාව සිහසුන මත
තබනවා. මෙහෙ තියෙන්නේ බාබා සහ ඔහුගේ දරුවන් අතර ප්‍රශ්ණයක්. එවන් ශ්රාවකයින්ට
ගුරුට වැඩි අයිතිවාසිකම් තියෙනවා. ඔබේ උරුමයන් එන්නේ බාබාගෙන් පමණයි.ශිව බාබා එන්නේ
භාරතයට පමණයි.මෙහෙ මිනිස්සු ශිව රාත්‍රිය ක්රිෂ්ණ සමරනවා. ඔවුන් ළඟ ශිවාගේ
ජ්‍යොතිශ නැහැ. ඔවුන් කොහොමද කථා කරන්නේ? ඔවුන්ට ඔහු පැමිණි වේලාව හෝ දිනය නැහැ.
ඔවුන් මෙය පළමු ක්රිෂ්ණ ලෙස පෙන්වනවා. මේ ලෝකෙ මිනිස්සු ආලෝක පූජා සමරනවා. දරුවනි.
මෙය ඔබට ආලෝකයේ නියම සැමරීම නොවෙයි. ඔබේ අළුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ නව ලෝකය
නැමැති ස්වරණමය යුගය ඇරඹෙන කාලයටයි.නව ලෝකයට යෑම උදෙසා ඔබ දැන් ඉගෙනුම ලබනවා. ඔබ
දැන් ඉන්නේ ඉතා මංගල්‍ය වූ සංගම යුගයේයි. එවන් කුම්භ මේලාවන්ට ගැණිය නොහැකි පිරිසක්
යනවා. එවන් මේලාවන් සිද්ධවනුයේ ජල ගංඟාවන් වල. මේලාවන් විශාල ප්‍රමාණයක් සිදු
වෙනවා. ඔවුන්ට ඇතුළාන්තයෙන් බොහෝ පැටලැවිලිකම් තිබෙනවා. ඔවුන්ගේ ශරිර අවධානය නිසා
ඔවුන්ගේ ඇතුළාන්තයේ දරුණු කෝලාහල ඇති වෙනවා. මෙහෙ . කෝලාහල ගැන ගැටළුවක් නැහැ. බාබා
සරල ලෙස කියනවා : සුමිහිරි ආදරවන්ත දරුවනි මා සිහි කරන්න. ජිවයක් වන ඔබ සතෝ
ප්‍රධාන් සහ දැන් තමෝප්‍රධාන් භාවයට පත්වුණා. ඔබ තුළ මිශ්‍ර වී ඇති මලකඩ ඉවත් කළ
හැක්කේ යෝගා නැමැති ගින්නෙන් පමණයි. රන්කරුවෙකුට මෙය අවබෝධ කර ගන්න පුළුවන්. බාබාට
පමණයි පාරිශුද්ධත්වයට පත් කරන්නා යැයි කියන්නේ බාබා උත්තරිතර රන්කරුවායි: ඔහු
හැමෝගේම මලකඩ ඉවත් කර ඔවුන්ව නියම රත්තරන් බවට පත් කරනවා. රත්තරන් ගින්නෙන් උණු
කරනවා. මෙය යෝගා නැමැති ගින්නයි එය සිහිකිරිම නැමැති ගින්නයි. මේ සිහි කිරිමේන්
පමණයි ඔබේ පාපයන් විනාශ වී යන්නේ. මේ සිහිකිරීම නැමැති වන්දනාවේ රැදී සිටිමෙන් ඔබ
තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට වෙනස් විය යුතුයි. හැමකෙනෙක්ම
සතෝප්රධාත් වෙන්නේ නැහැ. පෙර කල්පයේදී ඔබ දැරූ උත්සාහයම එම ප්‍රමාණයෙන්ම දැනුත්
උත්සාහ දරණවා උත්තරිතර ජිවයට රඟපෑමට නාටකයේ ඇති කොටසක් තිරණය වූ දෙයක් තිරණය වූ සෑම
දෙයක්ම නිරන්තරයෙන්ම සිදු විය යුතුයි : කිසිවක් වෙනස් විය නොහැකියි. පටිය නොකඩවා
කැරකෙනවා. බාබා කියනවා: ඔබ දියුණු වූ දාට මා ඔබට ගැඹුරුම කරුණු කියාදෙනවා.
ප්‍රථමයෙන්ම බාබා සියලුම ජිවයන්ගේ පියා යන විශ්වාසය ඔබට තිබිය යුතුයි. ඔබ ඔහුව සිහි
කළ යුතුයි."මන්මනාභව" යන්නෙන් අරථවත් කෙරෙනුයේ මෙයයි. කෙසේවෙතත් ක්රිෂ්ණ දෙවියන්ගේ
වචන නැහැ. ක්‍රිෂ්ණා දෙවියෙක් නම් . හැමකෙනෙක්ම ඔහුව හඳුනා ගෙන ඔහු වෙත දිව යා
යුතුයි. ඒ කාරණාවේදී මිලියන ගණනකින් ඉතාමත් සුළු ප්‍රමාණයක් ඔහුව දන්නේ කොහොමද?
බාබා පැහැදිලි කරනවා මේ නිසයි මිනිසුන්ට මේ දැනුම තෙරුම්ගැනීම අපහසුයි කියලා
හැඟෙන්නේ. මීට පෙරත් මේ ආකාරයෙන්ම මෙය සිද්ධ වුණා. මමයි පැමිණ දේව ආගම ගොඩනැංවුවේ.
පසුව ඒ සේරම ග්රන්ථ අතුරුදහන් වුණා. පසුව භක්ති මාර්ගයේ ග්රන්ථයන් නැවතත් ඒවාටම
අදාල වූ කාලයේදී මතු වී ආවා. ස්වරණමය යුගයේදී එකම එක ග්රන්ථයක් වත් නැහැ. එහෙ
භක්තියක නමක් ස්වරූපයක් වත් නැහැ. මේ මොහොතොදී මෙය භක්ති රාජ්‍යයයි. භක්තියේදී බොහෝ
සුප්‍රසිද්ධ අය වන්නේ තමන්ව ශ්‍රී ශ්‍රී කියල කියව ගන්න ජගත් ගුරුන් 108 දෙනායි.අද
කාලයේ ඔවුන් 1008 ගැනත් කියනවා. මේ මල්දාමය අදාල වෙන්නේ මෙහෙ ඉන්න ඔබයි. මිනිස්සු
මල් දාමය හදන විට ඔවුන් දන්නවා මුතු කැටයෙන් සංකේතවත් කෙරෙන්නේ අශාරිරික
කෙනාවයි.පසුව එහි ද්විත්ව පොහොට්ටුවක් තියෙනවා. ද්විත්ව පොහොට්ටුව පෙන්වන්නේ
බ්රහ්මා සහ සරස්වතිවයි. මන්ද මෙය ගිහි මාර්ගයයි.ගිහි මාර්ගයේ අය අත්හැරිමක් කළ අයව
ඔවුන්ගේ ගුරුන් ලෙස සළකනවා. ඔවුන්ගෙන් ඔවුන්ට ලැබිය හැක්කේ කුමක්ද? ඔවුන්ට හතා යෝගා
ඉගෙනීමට සිදු වෙනවා. විවිධාකාරයේ හතායෝගා තිබෙනවා. නියම රාජයෝගා ඇත්තේ එකම එක
ආකාරයක් පමණයි. ඒ එකම එක නියම සිහිකිරිම නැමැති වන්දනාගමනයි. එයට කියන්නේ රාජයෝගා
කියලා. අනෙක් සේරම යෝගා ක්‍රම ශරීර සෞඛ්‍යයය උදෙසා වූ හතායෝගා ක්‍රමයි.මේ රාජයෝගා
උගන්වන්නේ බාබා පමණයි. පළමුවෙන්ම ජීවය ශරීරය දෙවැනියටයි. කෙසේ වෙතත් ජීවය වෙනුවට ඔබ
හැම දෙනෙක්ම ඔබ ශරීර ලෙස අවධාරණය කරගන්නා නිසා ඔබව උඩට පහළට වැනෙමින් පවතිනවා.
දැන්. ඔබ ජිවාත්මයක් බව අවධාරණය කරගෙන පරමාත්ම පියා කරන්න එවිට ඔබේ අවසන් සිතිවිල්ල
නිවැරදිම දෛවය වෙතට යාමට ඔබට මූලිකත්වය සපයයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ජීවාත්ම
අවධානයට පත් වී මේ සදාකාලික නොනවතින නාටකයේ සෑම කෙනෙකුගේම චරිත කොටස නොබැඳි
නිරීක්ෂකයෙකු සේ නිරීක්ෂණය කරන්න. ඔබේ බුද්ධියෙන් මේ පැරණි ලෝකය ඉවත් කරන්න.
2. මායාගෙන් පරාජයට
පත් නොවන්න. යෝගා බලයෙන් ඔබේ පාපයන් විනාශ කර දැමීමට සහ ඔබව පාරිශුද්ධත්වයට පත්
කිරීමට ජීවාත්මයන් වන ඔබ සෑම කෙනෙක්ම උත්සාහ දැරිය යුතුයි.
වරදානය:
දීපමාලාව සඳහා
නිවැරදි ආකාරයෙන් ඔබගේ දේවතා අවධිය කැඳවා සිටීමෙන් ඔබ නමස්කාරයට සුදුසු ජීවාත්මයක්
බවට පත් වේවා.
පෙර කල දීපමාලාවේ දී
මිනිසුන් ක්‍රමානුකූලව පහන් දල්වා පහන් නිවී නොයන ලෙස අවධානය යොමු කළහ. ඔවුන් ඒවාට
තෙල් වත් කර, නියම ආකාරයෙන් දෙවියන් යැදීම කරනු ඇත. දැන්, ඔවුන් දීප (පහන්) වෙනුවට
බල්බ භාවිත කරයි., දැන් ඔවුන් දීපමාලා සමරන්නේ නැත, මන්ද, එය හුදෙක් විනෝදාස්වාදයක්
වී ඇති බැවිනි. යැදීමේ ක්‍රමය, එනම්, අධ්‍යාත්මික උත්සාහය අවසන් වී ඇත. සෙනෙහස
අවසන් වී ආත්මාර්ථකාමී චේතනාවන් පමණක් ඉතිරි වේ, සැබෑ පිරිනමන්නෙකුගේ ස්වරූපය වන
ලක්ෂ්මි කිසිවෙකු වෙත නොපැමිණෙන්නේ එබැවිනි. කෙසේවෙතත්, ඔබ සියලු දෙනාම නිවැරදි
ආකාරයෙන් ඔබේ දේවතා අවධිය කැඳවා සිටීමෙන් ඔබම දේවත්වයට පත්වන්නේ එබැවිනි.
පාඨය:
අසීමිත
ආකල්පයක්, දැක්මක් සහ අවධියක් නිරතුරුව තිබිය යුතුය, මක්නිසාද යත් ලොවට යහපත
සැලසීමේ කාර්යය ඉටු වන්නේ එවිට පමණි.