30.11.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ‘පුතු පියාව නිරූපණය කරයි‘ ඔබ ඔබේම මනසට නැඟෙන අණ අතහැර ශ්‍රීමත් අනුගමනය කරන විට, ඔබට බාබා ප්‍රසිද්ධ කරවීමේ හැකියාව ලැබේ.

ප්‍රශ්නය:
බාබා අනිවාර්යෙන්ම ආරක්ෂා කරන්නේ මොන දරුවන්වද?

පිළිතුර:
සත්‍යවාදී දරුවන් අනිවාර්යෙන් ආරක්ෂා කෙරෙනවා. ඔබ ආරක්ෂාකාරී නොමැති නම්, ඉන් අදහස් වන්නේ අනිවාර්යෙන්ම ඔබ තුළ යම් කිසි අසත්‍යවාදී කමක් ගැබ් වී තිබෙනවා යන්නයි. ඉගෙනීම අතපසු කර සැක ඇති කර ගන්නවා යනු ඔබ තුළ යම් කිසි අසත්‍යයක් තිබෙන බවයි. මායා එවන් ජීවාත්මයන්ට විදින්නේ පතුරම්.

ප්‍රශ්නය:
මායා කාන්දමක් වන්නේ මොන දරුවන්ටද?

පිළිතුර:
ඇයගේ ලස්සනට ආකර්ශණය වන අයට මායා කාන්දමක් වෙනවා. ශ්‍රීමත් අනුගමනය කරන දරුවන් මායාට ආකර්ශනය වෙන්නේ නැහැ.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන් වන ඔබට පැහැදිලි කර දෙනවා. ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන් වන ඔබට උගන්වනවා යන විශ්වාසය දරුවන් වන ඔබ තුළ තියෙනවා. එය සිහිකරවන්නේ "ජිවාත්මයන් සහ උත්තරීතර ජිවාත්මය බොහෝ කාලයක් වෙන්ව සිටියා" යන්නයි. අශරීරික ලෝකයේදී ඔබලා වෙන් වෙලා නැහැ; හැමෝම ඉන්නේ එකට. ඔවුන් දැන් වෙන්වුවද ඔවුන්ට තම චරිත කොටස රඟපෑමට පහළට එන්න සිදු වෙනවා. සතෝප්‍රධාන් තත්ත්වයෙන් ඔවුන් පහළට පැමිණ තමෝප්‍රධාන් තත්ත්වයට පැමිණියා. මිනිස්සු කෑ ගසනවා: අහෝ පාරිශුද්ධත්වයට පත්කරන්නාණෙනි, පැමිණ අපව පිරිසිදු කරන්න. බාබා කියනවා : මම වසර 5000ට පසුව එනවා. මේ ලෝක චක්‍රය වසර 5000 කින් අවසන් වෙනවා. ඉස්සර ඔබ කිසිවක්ම දන්නේ නැහැ. ශිව බාබා දැන් ඔබට පැහැදිලි කරනවා. එමනිසා, ඔහු ශරීරයක් මාර්ගයෙන් පැහැදිලි කළ යුතුයි. ඔහු ඉහළ ඉඳන් ශබ්ද නඟන්නේ නැහැ. විශේෂ බලයන් දීම ගැන ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. අදහස් හුවමාරු කර ගැනීමට ජීවාත්මයන් වන ඔබ ශරීරයකට ඇතුළු වෙනවා. බාබා කියනවා : මා ශරීරය මාර්ගයෙන් උපදෙස් දෙනවා. එම උපදෙස් පිළිපදින ප්‍රමාණය අනුව ඔබලා සෑම කෙනෙක්ම තමන්ට යහපත උදාකර ගන්නවා. ඔබ ශ්‍රිමත් අනුගමනය කළත් නැතත් ගුරුවරයාට සවන් දුන්නත් නැතත් ඊට අනුකූලව තමයි තමන්ට යහපත හෝ අයහපතක් ඇති වෙන්නේ. ඔබ ඉගෙන ගත්තේ නැත්නම් අනිවාර්යෙන් ඔබ අසමත් වෙනවා. මොහු නිතරම ඔබට පැහැදිලි කරනවා. ඔහු ශිව බාබාගෙන් ඉගෙන ගෙන පසුව අන්‍යයන්ට උගන්වනවා. පියා පුතු නිරූපණය කරනවා. එය භෞතික පියා සමඟ ඇති ගැටළුවක් නොව ආධ්‍යාත්මික පියායි. ඔබ තේරුම්ගන්නවා ඔබ ශ්‍රීමත් අනුගමනය කරන ප්‍රමාණයට උරුමය දිනාගන්නා බව. නිවැරදිවම අනුගමනය කරන අය උසස් තත්ත්වයක් සහ නිවැරදිවම අනුගමනය නොකරන අය පහත් තත්ත්වයක් ද ලබාගන්නවා. බාබා කියනවා : මා සිහිකරන්න එවිට ඔබේ පාපයන් කැපී යනු ඇත. රාවන් රාජ්‍යයේදී ඔබ තුළ බොහෝ පාපයන් එක්රැස් වී තියෙනවා. පාපයන්ගේ ගැලීම නිසා ඔබ පාපකාරී ජීවයක් බවට පත්වුණා. අනිවාර්යෙන්ම පාපකාරී සහ චරිතවත් වශයෙන් ජීවාත්මයන් ඉන්නවා. පාපකාරී ජීවාත්මයන් චරිතවත් ජීවාත්මයක් ඉදිරියට ගොස් ඔවුන්ගේ හිස නමනවා. මිනිස්සු දන්නේ නැහැ චරිතවත් ජීවාත්මයන්ව සිටි දේවතාවන් තමයි නැවත උපත් ලබා පසුව පාපකාරී ජීවාත්මයන් වෙලා ඉන්නේ කියලා. ඔවුන් හිතනවා ඔවුන් හැමදාම චරිතවත්ව සිටියා කියලා. බාබා පැහැදිලි කරනවා : නැවත උපත් ගන්නා විට ඔවුන් සතෝප්‍රධාන් තත්ත්වයෙන් තමෝප්‍රධාන් තත්ත්වයට පහළට පැමිණියා. පසුව ඔවුන් සම්පුර්ණයෙන්ම පාපකාරී ජීවාත්මයන් වූ විට ඔවුන් බාබාට කතා කළා. චරිතවත් ජීවාත්ම සිටින කාලයට ඔවුන්ට බාබා හැමෝටම කියන්න යන්නේ නැහැ. දරුවන් වන ඔබ සේවයට සුදුසු වූ විට ඔබ ගොස් සේවය කළ යුතුයි. මනුෂ්‍යයයෝ දිනෙන් දින යක්ෂ වෙනවා. ඔවුන් ඔහුව හඳුනාගෙන නොමැති නිසා ඔවුන් වැරදි කීමෙන් දුක් වෙන්නේ නැහැ. මිනිස්සු කියනවා ක්‍රිෂ්ණා ගීතාවේ දෙවියන් කියලා. ඔබ පැහැදිලි කළ යුතුයි ඔහු මනුෂ්‍යයෙක් සහ ඔහු දේවතාවක් කියලා. ක්‍රිෂ්ණාට පියා කියන්න බැහැ. මෙහෙ හැමෝම පියාව සිහිකරනවා. ජීවාත්මයන්ට වෙනත් පියෙක් නැහැ. ප්‍රජාපිතා බ්‍රහ්මාත් කියනවා: ඔබ අශරිරික පියාව සිහි කළ යුතුයි. මොහු භෞතික පියා. ඔබට ගොඩාක් දේවල් පැහැදිලි කරල දුන්නත් සමහරුන්ට හොඳින් තේරුම්ගන්න බැහැ. ඔබ වැරදි මාර්ගයක් තෝරාගෙන එය අවසාන කරන්නේ වනාන්තරයෙන්. බාබා ඔබට දිව්‍යලෝකයට මාර්ගය පෙන්වනවා. ඊට පසුවත් ඔබ වනාන්තරයට යනවා. බාබා පැහැදිලි කරනවා : ඒ රාවන් තමයි ඔබව වනාන්තරයට ගෙන යන්නේ ඔබ මායාට රැවටී ඔබේ මාර්ගය අහිමිකර ගත්තා. පසුව ඔබ කැලෑවේ කටු වෙනවා. එවන් ජීවාත්මයන් දිව්‍යලෝකයේ අවසාන කාලයේදී ඇතුලු වෙනවා. ඔබ මෙහෙට ආවේ දිව්‍යලෝකයට යාමට උත්සාහ දැරීමටයි. රිදී යුගයත් දිව්‍යලෝකය කියන්නේ නැහැ, මන්ද, එහි 25 % ක් පිරිහිලා එනම්, බාල වෙලා. ඔබ මෙහෙට පැමිණියේ පැරණී ලෝකය අතහැර නවලෝකය වෙත යාමටයි. රිදී යුගයට නව ලෝකය කියන්නේ නැහැ. මාර්ගය නියම ලෙස අනුගමනය නොකිරීම සහ දිගින් දිගටම පිරිහීම නිසා අසමත් වූ අය අවසානයේදී එනවා. ඔබට හැඟෙනවා එහෙ සිහිකිරීමක් නැහැ. දිව්‍යලෝකයේ වැසියෝ හඳුන්වන්නේ හොඳින් සමත් වූ අය ලෙසයි. එහෙත් රිදී යුගයේ අය හඳුවන්නේ අසමත් වු අය ලෙස. ඔබ අපායේ වැසියන් බවින් දිව්‍යලෝකයේ වැසියන් බවට පරිවර්තනය වෙනවා හෝ ඔබ අසමත් වු කෙනෙක් ලෙස නම් කෙරෙනවා. ලෞකික ඉගෙනිම් වලදී මිනිස්සුන්ට එම වසර නැවත වතාවක් කළ හැකියි මෙහෙ වෙනත් අවුරුද්දක ඉගෙනීමක ගැටළුවක් නැහැ. උපතින් උපත චක්‍රයෙන් චක්‍රය ඔබ පෙර කල්පයේදී සමත් වු පරීක්ෂණයම සමත් වෙනවා. මේ නාටකයේ යථාර්තය පැහැදිලිව ඔබ අවබෝධ කර ගත යුතුයි. සමහරු හිතනවා: ඔවුන්ට මාර්ගය අනුගමනය කරන්න හැකියාවක් නැහැ කියලා. ඔබ වයසක එක්කෙනෙක්ගේ අතින් අල්ලගෙන ඔහු සමඟ ගමන් කළොත් ඔහු ඇවිදිනවා. එහෙම නොවුනොත් ඔහු ඇදගෙන වැටෙනවා. කෙසේවෙතත්, එය ඔවුන්ගේ වාසනාවක් නොමැති කම. ඔබ ඔවුන්ව මල් කරන්න කොච්චර තදින් උත්සාහ කළත් ඔවුන් මල් වෙන්නේ නැහැ; අක් මලත් මලක් නමුත් ඒකෙ කටු හටගන්නවා. බාබා ගොඩාක් පැහැදිලි කිරීම් කරනවා. ඔබ ඊයේ වන්දනා කළ ශිවා අද ඔබට උගන්වනවා. සෑම කරුණකින්ම ඉදිරිපත් කරන්නේ උත්සාහ දැරීමයි. මායා ඉතා හොඳ මල් කඩා සෑම කොටසක්ම, ඇටකටුවක්ම කඩනවා. ඊට පස්සේ එවන් ජිවාත්ම හඳුන්වන්නේ ද්‍රෝහීන් ලෙසයි. එක් රාජ්‍යයක් අතහැර වෙනත් රාජ්‍යයයකට යන අය තමයි ද්‍රෝහීන් වෙන්නේ බාබා කියනවා : මට අයත් වීමෙන් පසුව ආපසු මායා ළඟට ගිය අය ද්‍රෝහීන් වෙනවා; ඔවුන්ගේ හැසිරීම් රටාවත් වෙනස්. බාබා ඔබව මායාගෙන් ගළවා ගැනීමට දැන් පැමිණ සිටිනවා. දරුවෝ කියනවා : මායා ඉතා බලවත්; ඇය ඔබව ඇය වෙත බොහෝ දුරට ඇද ගන්නවා. ඒකයි මායා කාන්දමක් වගේ වෙන්නේ. මේ කාලයේදී ඇය කාන්දමක ස්වරූපය ගන්නවා. ලෝකයේ අලංකාරය විශාල වශයෙන් බාල වෙනවා. ඉස්සර මේ වගේ සිනමා චිත්‍රපටි තිබුණේ නැහැ. පසුගිය වසර 100ක් ඇතුළත තමයි මේ සේරම මතු වුණේ. බාබා අත්දැකීම් බහුල කෙනෙක්. ඔබ පැහැදිලිව නාටකයේ ගැඹුරු රහස් තේරුම්ගත යුතුයි. හැමදේම නියම ලෙස තීරණය වෙලා තියෙනවා. එය හරියට පසුගිය වසර 100කදී මේ තැන දිව්‍යලෝකයක් වුණා වගෙයි. නියම දිව්‍යලෝකය එහි විරුද්ධ පැත්තයි. මෙයින් ඔබට තේරුම්ගන්න පුළුවන් දිව්‍යලෝකය ඉතා ඉක්මනින්ම එන බව. විද්‍යාවත් ඉතා වැදගත් එය විශාල සතුටකුත් ලබා දෙනවා. මේ පැරණි ලෝකය විනාශයට පත්විය යුතුයි. එවිට සතුට ස්ථිරව පිහිටනවා. දිව්‍යලෝක සතුට භාරතයේ වාසනාවයි. අනෙක් අය එන්නේ භක්තිමාර්ගය ආරම්භ වී භාරතයේ ජනතාව පිරිහුණු විටයි. පස්සේ අනෙක් ආගම් අනුපිළිවෙලට එනවා. භාරතය සම්පුර්ණයෙන්ම පිරිහෙන තෙක් ක්‍රම ක්‍රමයෙන් පිරිහි යනවා. එය පසුව නැවතත් නැගිය යුතුයි. මෙහෙත් ඔවුන් වැටී නැවතත් නැගිටිනවා. ඔවුන් වැටුණේ මොන හේතුව නිසා දැයි අහන්න එපා. ඔබෙන් සමහරු බාබා උගන්වන බවවත් පිළිගත්තේ නැහැ. ඉතා හොඳ, සේවය සඳහා කැප වූ, බාබා ප්‍රශංසා කළ අයත් මායාගේ වළාකුළු වලට හසුවෙලා. එතැන ඇතිවෙන්නේ මල්ලව පොරයක්. මායාත් දබරකර ජීවාත්මයන් සම්පුර්ණයෙන්ම වට්ටනවා. දරුවන් වන ඔබ දියුණුවට යනකොට ඔබට මීටත් වඩා හමුවෙයි. මායා ජීවාත්මයන් ගැඹුරු නින්දට පත්කරනවා. බාබා තවමත් කියනවා : එක් වතාවක් දැනුම අහපු අයත් දිව්‍යලෝකයට යනවා නමුත්, ඔවුන්ට උසස් තත්ත්වයක් ලබන්න බැහැ. පෙර කල්පයේ ජීවාත්මයන් දැරුවේ මොන වගේ උත්සාහයක්ද හෝ ඔවුන් උත්සාහ දැරීමේදී කොච්චර දුරට වැටුණත් ඒ විදියටම ඔවුන්ගේ වැටීමත් නැගීමත් සිදුවෙනවා. ජයග්‍රහණය සහ පරාජය ලෙස දෙකක් තියෙනවා. හැමදේම තීරණය වෙන්නේ දරුවන්ගේ සිහිකිරිම මත. දරුවෝ අවසන් නොවන නිධානයන් ලබනවා. එහෙත් අනෙක් අය රුපියල් සිය දහස් ගණන් ණය වෙනවා. සමහරු එක් උපතින් මිලියන ගණනින් ධනවත් වෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ඊළඟ උපතේදී එතරම් ධනයක් නැහැ. මිනිස්සු ඔවුන්ගේ කර්මා ගොඩාක් විඳිනවා. දිව්‍යලෝකයේදී, කර්ම විඳීම ගැන ගැටළුවක් නැහැ. මේ කාලයේදී ඔබ උපත් 21 ක් සඳහා ගොඩාක් හම්බකරනවා. සම්පුර්ණ උත්සාහයක් දරණ අය දිව්‍යලෝක උරුමය සම්පුර්ණයෙන් ලබනවා. ඔබ දිව්‍යලෝක උරුමය අනිවාර්යෙන්ම දිනාගන්නා බව ඔබේ බුද්ධියේ රැදිය යුතුයි. තමන් ආපසු අසමත් වනවා යැයි ඔබ නොසිතිය යුතුයි. මොහු වැඩියෙන් අසමත් වී නැවතත් ඉහළට ආවා. නිරායාසයෙන් උත්සාහයන් ක්‍රියාත්මක වෙනවා. බාබා පැහැදිලි කරනවා : බලන්න, මායා කොච්චර බලවත්ද කියලා. මනුෂ්‍යයයෝ තුළ විශාල ලෙස අන්ධකාරයක් තියෙනවා. අන්ධකාරය නිසා ඔවුන් කියනවා පියා හැමතැනම ඉන්නවා කියලා. භාරතය නොම්මර එකයි. ඔබ සිටි ආකාරය සහ ඔබ නැවත පත් වෙන්න යන ආකාරය ඔබ අවබෝධ කර ගත්තාද? දේවතාවන් බොහෝ සෙයින් වර්ණනා කරනවා. නමුත් දරුවන් වන ඔබ මේවා දන්නවා කියලා කවුරුවත් පිළිගන්නේ. ඔබ තමයි දන්න අය. අසීමිත පියා ඥාන සාගරය පැමිණ ඔබට උගන්වනවා. කෙසේවෙතත්, බොහෝ දෙනෙකුට මායා සැක දානවා. ඔවුන් බොරු සහ වංචාවන් නවත්වන්නේ නැහැ. බාබා දැන් කියනවා : ඔබේ සත්‍ය වාර්තාව ලියන්න. කෙසේවෙතත්, ශරීර අවධානය නිසා ඔවුන් සත්‍යයය ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින්, ඒකත් පාපයක් වෙනවා. ඔබ සත්‍යයය ප්‍රකාශ කළ යුතුයි හෝ නැත්නම් ඔබ දැඩි දඩුවම් අත්දැකිය යුතුයි. ගර්භාෂය නැමැති සිරමැදිරියේත් විඳින්නේ ලොකු දඩුවමක්; ඔවුන් පීඩාවට පත් වී හඩමින් කියනවා; අපි නැවතත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ කියලා. කවුරුහරි පීඩාවිඳින කොට ඔහු මේ වගේ සමාවන් අයදිනවා: දඩුවම් කරන මොහොතේදී ජීවාත්මය ඒකම කරනවා. ඔබ දැන් වටහාගෙන සිටිනවා මායා රාජ්‍යයක් පටන්ගත්තේ කවදාදා කියලා. මිනිස්සු දිගින් දිගටම පව් කරනවා. බාබා දකිනවා : දරුවෝ ඉතා මිහිරි සහ ආචාරසම්පන්න නැති බව. බාබා කුඩා දරුවෙක් මෙන් මෘදුව ගමන් කරනවා. මන්ද, ඔහු නාටකය සමඟ ඉදිරියට යනවා ඔහු කියනවා : මෙකක්ද සිද්ධ වුණේ එය නාටකයේ ඉරණම. ඔහු පැහැදිලි කරනවා : අනාගතයේදී ද එය සිදුවිය නොයුතු බව. බාප් සහ දාදා එකට ඉන්නවා. දාදාගේ අණ සහ බාබාගේ අණ වෙනස්. ඔබ තේරුම්ගත යුතුයි ඔබට කවුද අණ දෙන්නේ කියලා. මොහුත් ඔබේ පියා. පියා කියන දෙය කුමක්ද, ඔබ එය පිළිගත යුතුයි. බාබා උසස්ම පියා. මේ නිසයි බාබා කියන්නේ : නිතරම හිතන්න ශිව බාබා පැහැදිලි කරන බව. ඔබ මෙය නොසිතුවොත් ඔබ උසස් තත්ත්වයක් ලබන්නේ නැහැ. නාටකයේ සැළැස්ම අනුව එතැන දාදා වගේ බාබාත් ඉන්නවා. ඔබ ලබන්නේ බාබාගේ ශ්‍රීමත්. මායා බලවත් මහාරාතීන්ලාව පවා වැරදි ක්‍රියා කරවන්න ක්‍රියා කරවන කෙනෙක්. පස්සේ තේරෙනවා ජීවාත්මය බාබාගේ උපදෙස් අනුගමනය කරන්නේ නැහැ. ජීවාත්මයටත් හැඟෙනවා: මම මගේම යක්ෂ අණ අනුගමනය කරනවා. ශ්‍රීමත් දෙන්නා මෙතැන ඉන්නවා : ඒවා දේව අණ. බාබා කියනවා : ඔබ යම්කිසි වැරදි සහගත අණක් ලැබුවා නම් මා එය පැත්තකින් තියනවා, මන්ද, සේරටම පසුව මා මේ වාහනය ගත යුතුයි. මෙයා අවමන් ලබන්නේ මා මේ වාහනය ගත්විට පමණයි. එසේ නොවුනහොත් ඔහු අවමන් ලබන්නේ නැහැ. ඔහු මා නිසා බොහෝ අවමන් ලැබුවා. එනිසා, ඔහු බලාගත යුතුයි. අනිවාර්යෙන්ම බාබා ආරක්ෂාව සළසනවා. පියා දරුවන්ව ආරක්ෂා කරනවා. ඔබ අවංක වන තරමට ආරක්ෂාව ඔබට ලැබෙනවා. බොරුකාරයෝ ආරක්ෂා වෙන්නේ නැහැ. ඔවුන් හැමතිස්සෙම දඩුවම් අත්දකිනවා. මේ නිසයි බාබා කියන්නේ : මායා ඔබව නහයෙන්ම අල්ල ගෙන ඔබව සම්පූර්ණයෙන්ම අවසන් කරනවා කියලා. දරුවනුත් මේක දන්නවා. මායා ජීවාත්මයන් වන ඔබව ගිලදමන විට ඔබ ඉගෙනීම නවත්වනවා. බාබා කියනවා : ඔබ අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුයි. අච්චා. කවුරුහරි තමන් නොකළ දෙයකට අපහාස ලබන විට මෙලෙස පමණක් සිතන්න: කවුරුහෝ කරන්නේ කුමක්ද ඔහු ඊට අනුකූලව අනාගතයේදී එහි ඵලය ලබනවා. මන්ද, දැන් ලෝකය වෙනස් වෙනවා. මායා විවිධාකාර ලෙස බුලට් ප්‍රහාර එල්ල කරන නිසා සතුට පවතින්නේ නැහැ. ඊට පස්සේ ඔවුන් කෑ ගසනවා : බාබා, මම දන්නේ නැහැ මට මොනවද වෙන්නේ කියලා. යුධපිටියකදී ඔබ වඩාත් සැළකිලිමත් විය යුතුයි. සුළු එහාමෙහා වීමකින් ඔබ බුලට් ප්‍රහාරයකට ලක්විය හැකියි. කවුරුහරි ඉතා බලවත් විට ඔහු අනෙක් කෙනාව වටටනවා. දෙදෙනාම සමානවම බලසම්පන්න නම් පහරදිම් ඇති වෙනවා. අනෙක් දවසටත් එය තීරණය කරගන්නවා. මේ මායා සමඟ දබරය අවසානය තෙක් යන අතර දරුවෝ දිගින් දිගටම වෙනස් වෙනවා. සමහර හොඳ දරුවෝ සත්‍යය කතාකරන්නේ නැහැ. ඔවුන් හරි බයයි ඔවුන්ගේ ගෞරවය නැතිවෙයි කියලා. බාබා කියන්නේ මොකක්ද? සත්‍යය ප්‍රකාශ කරන තෙක් ඔබට ඉදිරියට යා නොහැකියි. ඔබ නොකිව්වොත් එය ඔබ තුළ පීඩාදෙමින් පසුව වැඩි වෙනවා. ඔවුන් තමන්ම සත්‍යය කියන්නේ නැහැ. මිනිස්සු දෙන්නෙක් එකට හිටියොත් ඔවුන් හිතනවා අනෙක් එක්කෙනා බාබාට කිව්වොත් තමනුත් කියනවා කියලා. මායා ඉතා බලවත්. ශල්‍ය වෛද්‍යවරයෙකුට යමක් සඟවන කෙනෙකුගේ වාසනාව ඉතා උසස් වෙන්නේ නැති බව තේරෙනවා. රෝගාබාධ සැඟවීමෙන් ඒවා දුරුවෙන්නේ නැහැ. ඔබ සඟවන තරමට ඔබ වැටෙනවා. හැමකෙනා තුළම භූතාවේශයන් තියෙනවා. දූෂිත ඇස් ඔබේ කර්මාටීට් තත්ත්වය එළඹෙන තෙක් ඔබව අත්නොහරී. රාගය තමයි දරුණුතම හතුරා. බොහෝ දෙනෙක් මෙමගින් වැටෙනවා. බාබා නැවත නැවතත් පැහැදිලි කරනවා : ඔබ කිසිම මනුෂ්‍යයෙක් සිහි නොකළ යුතුයි; ශිව බාබා පමණක් සිහිකරන්න සමහරු ඉතා දැඩිව කාවවත් සිහි කරන්නේ නැහැ. සම්පුර්ණයෙන්ම විශ්වාසවන්ත බිරිඳකගේ බුද්ධිය අපවිත්‍ර වෙන්නේ නැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඒකායනය වන ඥාන සාගරය, අසිමිත පියා වන ඔහුම අපට උගන්වනවා. මේ ගැන ඔබට සැක නොතිබිය යුතුයි. බොරුකීම සහ වංචා කිරීම නවත්වා සත්‍ය වාර්තාවක් තබා ගන්න. ශරීර අවධානයට පත් වී ද්‍රෝහියෙකු නොවන්න.

2. නාටකය ඔබේ බුද්ධියෙහි තබා ගැනීමෙන් පියා සේම ඉතා සුමිහිරි හා මෘදු නිහතමානී බවට පත් වන්න. උඩඟුකම් පෙන්වන්න එපා. ඔබේම මනසින් එන අණ අත්හැර එකම පියාගේ උසස් උපදෙස් අනුගමනය කරන්න.

වරදානය:
ඔබ එකම පරමාත්ම පිය සෙනෙහසින් ගිලී සිටිමින් ඒ මගින් සියලු ආකර්ෂණයන්ගෙන් මිදී ඔබගේ ගමනාන්තයට ළඟා වේවා.

බාප්දාදා ඔය දරුවන්ව ඔහුගේ සෙනෙහසේ සහ සහයෝගයේ ඇකයේ හිඳුවාගෙන ඔබගේ ගමනාන්තයට ඔබව රැගෙන යයි. මෙය වෙහෙසමහන්සි විය යුතු ගමන් මගක් නොවේ, නමුත් ඇතැමුන් අධිවේගී මාර්ගය වෙනුවට අතුරු පාරට යන විට ගමනාන්තයෙන් තවත් ඈතට ගමන් කරති. ඔවුන් අනිවාර්යෙන්ම ආපසු පැමිණීමට උත්සාහයක් කළ යුතුය. වෙහෙසින් ඔබව ගලවා ගැනීමේ මාර්ගය නම්, ඒකායනය කෙරෙහි සෙනෙහසින් ගිලී සිටීමයි. එකම පරමාත්ම පියාට සෙනෙහසින් සියල්ල කරන්න, ඔබට වෙන කිසිවක් නොපෙනෙනවා ඇත. ඔබ සියලු ආකර්ෂණයන්ගෙන් නිදහස් වනු ඇත.

පාඨය:
ඔබේ මුහුණ සහ ක්‍රියාකාරකම් තුළින් ඔබේ සතුටේ වාසනාවේ අත්දැකීම ලබා දෙන්න.