31.01.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබට චරිතවත් ජීවයක් වීමට අවශ්‍ය නම් තමන් කිසිම පාපයක් නොකරන සහ තම ගිණුමට
සත්‍යය එකතු කරන කෙනෙක් බව පෙන්වීමට තම වාර්ථාව පරීක්ෂා කර බලන්න.
ප්‍රශ්නය:
ලොකුම පාපය
කුමක්ද?
පිළිතුර:
යම් කෙනෙකු වෙත නරක දර්ශනයක් ඇති කර ගැනීම ලොකුම පාපයයි. චරිතවත් වන දරුවන් වන ඔබ
කිසිම කෙනෙකු වෙත නරක දර්ශන තබා නොගනී. තමන් කොපමණ කාලයක් යෝගාහී සිටියාද? නැත්නම්
තමන් යම්කිසි පාපයක් සිදු කළාදැයි විනිශ්චය කරන්න. උසස් තත්වයක් ලැබීම උදෙසා තමන්
කිසිවෙකු වෙත දුෂිත දැකීමක් ඇති නොකර ගැනීමට සහ බාබා දෙන දිව්‍යමය උපදේශයන්
සම්පුර්ණයෙන්ම අනුගමනය කිරීමට සැළකිලිමත් වන්න.
ගීතය:
හදවත නැමති
කැඩපතින් තම මුහුණ බලන්න.
ඕම් ශාන්ති.
අසීමිත පියා
දරුවන් වන ඔබට කියනවා : තමන්ව පරික්ෂා කර බලන්න! සාමාන්‍යයෙන් මිනිස්සු දන්නවා තම
ජීවිත කාලයේ දී තමන් විසින් කොපමණ කුසල් කර්ම කළාද කියලා. එමනිසා, දිනපතා තම
වාර්තාව දෙස බලා තමන්ගෙන්ම අහන්න මා කොපමණ පාපයන් කර තිබේද හා කොපමණ චරිතවත්
ක්‍රියා මා විසින් කර තිබේද ? මා කාවහරි නොසන්සුන් කළාද ? සෑම මනුෂ්‍යයෙකුටම තේරුම්
ගත හැකියි තම ජීවිත කාලයේ දී තමන් විසින් කරන ලද දේවල් මොනවාද කියා. කොපමණ පාපයන්
කළාද සහ කොපමණ පරිත්‍යාගයන් කළාද ? මිනිසුන් වන්දනා ගමන් සඳහා යන විට ඔවුන් දන්දීම්
සහ කුසල් කර්ම කරනවා. කිසිම පාපයක් නොකිරීමට ඔවුන් උත්සාහ දරණවා. එමනිසා, බාබා
දරුවන් වන ඔබෙන් අහනවා කොපමණ පාපයන් ඔබ කර තිබෙනවාද සහ කොපමණ පුන්‍ය කර්ම ඔබ විසින්
කරගෙන තිබෙනවාද? දරුවන් වන ඔබ දැන් චරිතවත් ජීවයන් විය යුතුයි. එමනිසා, ඔබ කිසිම
පාපයක් නොකළ යුතුයි. විවිධාකාර පාපයන් තිබෙනවා. කවුරුහරි වෙත නරක දර්ශනයක් ඇතිකර
ගැනීමත් පාපයක්. නරක දර්ශන වනුයේ සියල්ලටම වඩා දරුණුම, පාපයන්ගෙන් පිරි දර්ශනයි.
සෑම කෙනෙකුටම කිසිවෙකු පිළිබඳ දූෂිත දර්ශන නොතිබිය යුතුයි. සාමාන්‍යයෙන් පුරුෂයා සහ
බිරිඳ අතර තමයි පාපකාරී දැකීම් ඇති වන්නේ ඇතැම් විට කුමරුන් සහ කුමරියන් අතර පවා
දූෂිත දැකීම් ඇති වෙනවා. බාබා කියනවා ඔබට කිසිමාකාරයක පාපකාරී දැකීම් නොතිබිය
යුතුයි. එහෙම නොවුණොත් ඔබට කිව හැක්කේ වඳුරෝ කියලයි. නාරද්ගේ උදාහරණයක් තිබෙනවා.
තමන්ට ලක්ෂ්මී විවාහ කර ගැනීමට හැකි නම් යැයි ඔහු අහනවා. ඔබත් කියනවා තමනුත්
ලක්ෂ්මී විවාහ කර ගන්නවා කියලා, එනම්, තමන් සාමාන්‍ය කාන්තා හෝ පුරුෂ තත්ත්වයේ සිට
ලක්ෂ්මී හෝ නාරායන් වන බව කියනවා. බාබා කියනවා තමන්ගේම හදවතින් අහන්න කොයි තරමින්
තමන් චරිතවත් ජීවයක් බවට පත්ව තිබෙනවාද ? ඔබ මොනවාහරි පාපයන් සිදු කරනවාද ? ඔබ කොයි
තරමින් යෝගාහී යෙදී සිටිනවාද ? ඔබ පියාව හඳුනාගත් නිසා තමයි මෙතැන හිඳ සිටින්නේ.
ලෝකයේ කිසිවෙකු බාබා හෝ මේ බාප්දාදා හඳුනාගෙන නැහැ. බ්‍රාහ්මිණ් දරුවන් වන ඔබ
දන්නවා උත්තරීතර පියා, උත්තරීතර ජීවය බ්‍රාහ්මාට ඇතුළු වී ඔබට අවිනාශී ඥාන මිණිමුතු
නිධානය ලබා දුන් බව. මනුෂ්‍යයින් සතු ධනය විනාශ වී යයි. ඒවා තමයි ඔවුන් පරිත්‍යාග
කරන්නේ. ඒවා ගල් වාගෙයි එහෙත් මේවා ඥාන මිණිමුතුයි. බාබා දැනුම් සාගරයට පමණයි මේ
මිණිමුතු තිබෙන්නේ. සෑම මාණික්‍යයක්ම රුපියල් සිය දහස් ගණන් වටිනවා. පියාගෙන්,
මැණික් වෙළෙන්දාගෙන් මිණිමුතු වන් දැනුම ග්‍රහණය කරගෙන පසුව ඒවා දානය කරන්න. මෙම
මිණිමුතු ගෙන අන් අයට පරිත්‍යාග කරන තරමට ඔබට උසස් තත්ත්වයක් හිමි වෙනවා. බාබා
කියනවා තමන්ව පරීක්ෂාකර කොපමණ පාපයන් තමන් විසින් කර තිබේ දැයි බලන්න. තමන් දැන්
කිසිම පාපයක් නොකරනවා දැයි පරීක්ෂා කර බලන්න. කිසිම කෙනෙකු වෙත සුළු හෝ අපිරිසිඳු
දර්ශනයක් ඔබ සතු නොවිය යුතුයි. බාබා දෙන ශ්‍රීමත් නිරන්තරයෙන් සම්පුර්ණයෙන්ම
අනුගමනය කරන්න. ඔබ වඩාත් සැළකිලිමත් විය යුතුයි. මායා නමැති කුණාටු පැමිණේවි නමුත්
ඔබ ඉන්ද්‍රියන්ගෙන් පාපකාරී ක්‍රියා නොකළ යුතුයි. කවුරුන් හෝ වෙත ඔබගේ දැකීම
අපිරිසිඳු වේ නම් ඔබ ඔහු ඉදිරියේ නොසිට ක්ෂණයකින් එතැනින් ඉවත්ව යන්න. කාට හෝ දූෂිත
දැකීමක් තිබෙන විට ඉක්මනින් එය හඳුනාගත හැකියි. ඔබට උසස් තත්ත්වයක් අවශ්‍ය නම් ඉතා
සැළකිලිමත් වන්න. අපිරිසිඳු දැකීම් තිබේ නම් ඔබ අබ්බගාතයෙකු වෙනවා. බාබා දෙන
ශ්‍රීමත් ඔබ අනුගමනය කළ යුතුයි. දරුවන් වන ඔබ පමණයි පියා හඳුනන්නේ. උදාහරණයකට, බාබා
කොහේ හරි ගියොත්, දරුවන් වන ඔබ පමණයි දැන ගන්නේ බාප්දාදා පැමිණ ඇති බව. අනෙක්
මිනිසුන් බොහෝ දෙනා ඔහු දිහා බලනවා නමුත් ඔවුන් කිසිවක් දන්නේ නැහැ. එමනිසා, ඒ කවුද
කියා ඔවුන් ඇසුවොත් ඔවුන්ට කියන්න, ’ඒ බාප්දාදා.‘ ඔබ සෑම කෙනෙකුටම මෙම බැජ් එක
තිබිය යුතුයි. ඔවුන්ට කියන්න දාදා මඟින් ශිව බාබා අපට අවිනාශී ඥාන මිණිමුතු දානය
කරනවා. මේ ආධ්‍යාත්මික ඥානයයි. ආධ්‍යාත්මික පියා, සියලුම ජීවයන්ගේ පියා මෙහි හිඳ
අපට මේ ඥානය ලබා දෙනවා. ශිව බාබාගේ වාක්‍ය එහි සඳහන් වෙනවා. ක්‍රිෂ්ණා දෙවියන් කතා
කරයි යනුවෙන් ගීතාවේ වැරදියට ලියැවිලා තිබෙනවා. ශිව බාබා පමණයි ඥාන සාගරය,
පාරිශුද්ධකරුවා යනුවෙන් හඳුන්වන්නේ. ඥානය මඟින් පමණයි විමුක්තිය සැළසෙනුයේ. මේවා
අවිනාශී වු ඥාන මිණිමුතුයි. බාබා පමණයි විමුක්තිය සළසන්නා. මේ වචන ඔබ ඉතා හොඳින්
සිහි කළ යුතුයි. දරුවන් වන ඔබ ඉතා හොඳින් අවබෝධ කර ගන්නවා තමන් පියාව දන්නා බව සහ
පියාත් අවබෝධ කරගෙන සිටිනවා ඔහු දරුවන් වන ඔබ දන්නා බව. බාබා කියනවා ඔබ හැම දෙනාම
මගේ දරුවෝ. කෙසේවෙතත්, ඔබ සියලු දෙනාම මා දැනගෙන නැහැ. එය යම් කෙනෙකුගේ වාසනාවේ වේ
නම්, ඔහු පහු වී ඔහුව දැන ගනීවි. බාබා කොහේ හරි ගියා නම් සහ එවිට මිනිසුන් ඒ
කවුදැයි ඇසුවොත් එය අනිවාර්යෙන්ම පිරිසිඳු අදහසකින් වෙනවා. ඔවුන්ට කියන්න ඒ
බාප්දාදා කියා. අසීමිත පියා අශාරීරිකයි. පියා ශාරීරික ලෝකයට පැමිණෙන තෙක් අප අපගේ
උරුමය ඔහුගෙන් දිනා ගන්නේ කෙසේද? එමනිසා, ශිව බාබා බ්‍රහ්මා මාර්ගයෙන් අපව හදාගෙන
අපේ උරුමය ලබා දෙනවා. මොහු ප්‍රජාපිතා බ්‍රහ්මා සහ අපි බ්‍රහ්ම කුමරුන් සහ
කුමරියන්. අපට උගන්වන ගුරුවරයා ඥාන සයුරයි. අපි ඔහුගෙන් උරුමය ලබනවා. මේ බ්‍රහ්මාත්
ඉගෙනුම ලබනවා. ඔහු පසුව බ්‍රහ්මිණ් තත්ත්වයෙන් දේව තත්ත්වයට පත් වෙනවා. මේ දේවල්
පැහැදිලි කිරීම ඉතා පහසුයි. බැජ් එකේ අර්ථය යම් කෙනෙකුට පැහැදිලි කර දීම හොඳයි.
ඔවුන්ට මෙසේ කියන්න බාබා කියනවා මා සිහි කරන්න ඔබේ පාපයන් විනාශ වී යයි. ඔබ
පිරිසිඳු වී පිරිසිඳු ලෝකය වෙත යනවා. බාබා තමයි පාරිශුද්ධත්වයට පත් කරන්නා. අපි
පාරිශුද්ධත්වයට පත් වීමට උත්සාහ දරණවා. විනාශය පැමිණෙන මෙහොතේ දී අපේ ඉගෙනීම්
සම්පූර්ණ වෙනවා. එය පැහැදිලි කිරීම ඉතාම පහසුයි. ඔබෙන් කවුරුන් හරි ගමනක් යන විට
තමන් සමග බැජ් කීපයක් ගෙන යා යුතුයි. මේ සමඟින් මෙහෙම ලියැවුණු පුංචි පත්‍රිකා ද
තිබිය යුතුයි නාටක සැළැස්මට අනුව, පෙර චක්‍රයේ දී මෙන් මහා හාරත යුද්ධයෙන් අනෙක්
විවිධාකාර ආගම් සියල්ලකම විනාශය සිදු වන අතර නැවත වතාවක් ආදී සනාතන දේවී දේවතා
ධර්මය ස්ථාපනය කිරීමට බාබා භාරතයට පැමිණෙනවා. එවැනි පත්‍රිකා ලක්‍ෂ 2 ක් හෝ 4 ක්
මුද්‍රණය කරන්න එවිට ඔබට පුළුවන් ඕනෑම කෙනෙකුට ඒවා දෙන්න. එහි ඉහළින්ම ත්‍රිමුර්ති
හැඩරුවද අනෙක් පස සියලුම මධ්‍යස්ථානයන්හී ලිපිනයන් ද සඳහන් විය යුතුයි. දරුවන් වන
ඔබ දවස පුරාම සැළකිලිමත් විය යුත්තේ සේවය සම්බන්ධවයි. දරුවන් වන ඔබ ගීතයෙන් ඇසුවා,
දවස පුරා තමන්ගේ වාර්තාව පිළිබඳ පරීක්ෂා කළ යුතු බවත් දවස මුළුල්ලේ තමා ගත කළේ
කෙසේදැයි තමාගෙන් අසන්නැයි කියා. සෑම රාත්‍රියකම දිනපොතේ මුළු දවසෙහිම ගිණුම් සටහන්
කරන බොහෝ මිනිසුන් බාබාට මුණගැසී තිබෙනවා. ඔවුන් කුමන හෝ නරක ක්‍රියාවක් සිදු කළේ
දැයි පරීක්ෂා කර බලනවා. ඔවුන් හැමදේම ලියනවා මන්ද, ඔවුන් හිතනවා තමන්ගේ ජීවිත කතාව
හොඳින් ලියැවුණොත් පසුවට එන අය ඉන් යමක් ඉගෙන ගනීවි කියලා. හොඳ මිනිසුන්ට පමණයි
මෙලෙස ලිවිය හැකි වන්නේ. කෙසේවෙතත්, හැම දෙනාම පාපයන්ගෙන් පිරිලා. මෙහෙ ඒ දෙයම
නොවෙයි. ඔබ තම වාර්තාව දිනපතා පරීක්ෂා කර පසුව එය බාබාට යැවීමෙන් දියුණුව කරා යා
හැකියි එමෙන්ම ඔබ අනාගතය ගැනත් අවධානය යොමු කරනවා. හැම දේම පැහැදිලිව ලියන්න. අද මා
තුළ යම් කෙනෙක් ගැන නරක දැකීමක් තිබුණා. මේක සිද්ධ වුණා. අරක සිද්ධ වුණා. එකිනෙකා
නොසතුටු කරවන අයට බාබා කියන්නේ කෛරාටිකයින් කියලයි. ඔබේ හිසේ උපත් ගණනාවක නොගිණිය
හැකි පාපයන් තිබෙනවා. සිහි කිරීමේ බලයෙන් දැන් ඒ පව් බර ඉවත් කර දැමිය යුතුයි.
දිනපතා තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි. දවස තිස්සේ මම කෛරාටික වුණාද? කාවහරි
නොසතුටට පත් කරනවා යනු කෛරාටික වීමයි. ඉන් අදහස් කරනුයේ ඔබ පාපයන් කර ඇති බවයි.
බාබා කියනවා කෛරාටික වීම හෝ කිසිවෙකුගේ හිත රිදවීම නොකරන්න. තමන් කොපමණ පාපයන් කර
තිබේද සහ කොපමණ චරිතවත් ක්‍රියා කර තිබේද කියා තමන්වම පරීක්ෂා කර බලන්න. ඔබට හමුවන
කාට හෝ මේ මාර්ගය පෙන්වන්න. හැම දෙනාටම ඉතා සෙනෙහසින් කියන්න ඔබ පියාව සිහිපත් කර
පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. තම පවුලේ සාමාජිකයින් සමග නිවසෙහි වාසය කරන අතර
නෙළුම් මලක් සේ පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. ඔබ සංගම යුගයෙහි සිටියද මේ තවම
තියෙන්නේ රාවන් රාජ්‍යයයි. මේ මායාගෙන් පිරි විස ගංගාවේ වාසය කරන අතර ඔබ නෙළුම්
මලක් සේ පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. නෙළුම් මලකට බොහෝ දරුවන් (පොහොට්ටු) ඉන්නවා
නමුත් එය ජලයෙන් පිටතට පැමිණ සිටිනවා. ඒක ගෙහිමියෙක් වගේ. එය ගොඩක් දේවල් නිර්මාණය
කරනවා. මේ උදාහරණය යෙදෙන්නේ ඔබ හටයි. පාපයන්ගෙන් වෙන්ව සිටින්න. මේ එක උපතෙහි
පිරිසිඳු වන්න පසුව එය අවිනාශී වනවා ඇත. බාබා ඔබට අවිනාශී ඥාන මිණිමුතු දෙනවා,
එහෙත් අන් හැම දෙනාම ඔබට දෙන්නේ ගල් කැටයි. එම මිනිසුන් කතාකරන්නේ භක්තිය හා
සම්බන්ධ දේ ගැන පමණයි. පාරිශුද්ධත්වයට පත් කරන්නා, ඥාන සාගරය වන්නේ මේ ඒකායන කෙනා
පමණයි. එමනිසා, මෙම පියා හට ඔබ තුළ දැඩි සෙනෙහසක් තිබිය යුතුයි. පියා තුළ දරුවන් වන
ඔබ කෙරෙහි සෙනෙහසක් තිබෙනවා දරුවන් වන ඔබ තුළ පියා කෙරෙහි සෙනෙහසක් තිබෙනවා. ඔබ
කිසිම කෙනෙක් සමග කිසිම සම්බන්ධයක් තබා නොගත යුතුයි. අකීකරු දරුවන් වන්නේ බාබාගේ
උපදේශයන් සම්පූර්ණයෙන් අනුගමනය නොකරන අයයි. ඔවුන් රාවන්ගේ අණ පිළිපදිනවා ඉතින් ඒවා
රාමාගේ උපදේශයන් නොවේ. අවසන් චක්‍ර භාගයේදී තිබෙන්නේ රාවන් සමාජයයි, මේ නිසා තමයි
මේ ලෝකය දුෂිත යැයි කියන්නේ. ඔබ දැන් සියලු දෙනාම අමතක කර එකම පියාගේ උපදේශයන්
අනුගමනය කරන්න. තවමත් ඔබ විනිශ්චය කර බැලිය යුතුයි බ්‍රහ්ම කුමාරීලාගෙන් තමන් ලබන
උපදේශයන් හරිද වැරදිද කියලා. දරුවන් වන ඔබට හරි මොකක්ද වැරදි මොකක්ද යන්න අවබෝධ කර
දී තිබෙනවා. දේවවාදියා පැමිණි විට ඔහුට කියන්න පුළුවන් හරි මොකක්ද වැරදි මොකක්ද
කියලා. බාබා කියනවා භක්ති මාර්ගයේ ආගමික ග්‍රන්ථ වලට චක්‍ර භාගයක් ඔබ සවන් දුන්නා.
දැන් ඒවා හරිද හෝ මා කියන දේ හරිද ? ඔවුන් කියනවා දෙවියන් හැම තැනම ඉන්නවා කියලා මම
කියනවා මම තමයි ඔබේ පියා කියලා. දැන් කවුද හරි කියලා තමන්ම විනිශ්චය කර බලන්න. මේ
සේරම දරුවන් වන ඔබට පැහැදිලි කර දෙනවා. බ්‍රහ්මිණ් කෙනෙකු වූ විට පමණයි ඔබට මේවා
වටහා වටහා ගත හැකි වන්නේ. රාවන් සමාජයේ බොහෝ දෙනා ඉන්නවා එහෙත් ඔබලා ඉන්නේ ඉතා ටික
දෙනයි, ඔවුනුත් අනුපිළිවෙලටයි ඉන්නේ. අන් අය සම්බන්ධව අපිරිසිඳු දැකීම් තිබෙන අය
අයත් වන්නේ රාවන්ගේ සමාජයටයි. ඔවුන්ගේ දැකීම් සම්පුර්ණයෙන් වෙනස් වී දිව්‍යමය වු
විට පමණයි ඔවුන් රාම රාජ්‍යයේ යැයි සැළකෙන්නේ. ඔබ සෑම කෙනෙකුටම තම තත්ත්වයෙන් තමන්ව
අවබෝධ කරගත හැකියි. ඉස්සර ඔබට මෙම කිසිම දැනුමක් තිබුණේ නැහැ. පියා දැන් ඔබට මාර්ගය
පෙන්වා දී තිබෙනවා, මේ ඥාන මිණිමුතු ඔබ කොයි තරමින් දානය කරනවාද කියා ඔබ බැලිය
යුතුයි. භක්තිවන්තයින් විනාශ වන ධනය පරිත්‍යාග කරනවා. ඔබ දැන් දානය කළ යුත්තේ විනාශ
වන ධනය නොව මෙම අවිනාශී ඥාන මිණිමුතුයි. ඔබට තාවකාලික ධනය තිබෙනවා නම් ඒවා මේ
අලෞකික සේවය උදෙසා භාවිත කරන්න. අපිරිසිඳු අයට මුදල් දීමෙන් ඔබත් අපිරිසිඳු වෙනවා.
ඔබ තමා සතු ධනය දානය කළහොත් නව ලෝකයේදී උපත් 21 සඳහා එහි ඵල ලබනවා. මේ දේවල් ඔබ
අවබෝධ කර ගත යුතුයි. සේවය කිරීමේ බොහෝ පැති බාබා දිගින් දිගටම ඔබට පෙන්වා දෙනවා.
හැම දෙනා වෙතම අනුකම්පා සහගත වන්න! උත්තරීතර පියා, උත්තරීතර ජීවය, බ්‍රහ්මා
මාර්ගයෙන් නව ලෝකය ස්ථාපනය කරන බව සිහි කෙරෙනවා. කෙසේවෙතත්, එහි අර්ථය කිසිවෙකු
විසින් අවබෝධ කර ගන්නේ නැහැ. ඔවුන් කියනවා උත්තරීතර ජීවය හැම තැනම ඉන්නවා කියා.
එමනිසා, දරුවන් වන ඔබ සේවය කිරීමට වඩාත් ඇල්මක් දැක්විය යුතුයි. බොහෝ දෙනෙකුට යහපත
සැළසුවහොත් ඔබත් යහපත උදාකර ගනී. දවසින් දවස බාබා හැම දේම වඩාත් පහසු කරවනවා.
ත්‍රිමුර්තී හී මේ පින්තූරය ඉතා හොඳයි. ශිව බාබා සහ ප්‍රජාපිතා බ්‍රහ්මාත් මෙහි
ඉන්නවා. ඔහු 100% ක් පාරිශුද්ධ, සාමකාමී සහ සතුටු දිව්‍යමය රාජධානියක් ප්‍රජාපිතා
බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් මඟින් ගොඩනංවනවා. චක්‍රයේ පෙර දී සිදු වූවා සේම මහා
භාරත යුද්ධයෙන් අන් සෑම ආගමක්ම විනාශ වීමටයි යන්නේ. එවන් පත්‍රිකා මුද්‍රණය කර බෙදා
හරින්න. එතරම් පහසු මාර්ගයක් බාබා ඔබට පෙන්වා දෙනවා. ප්‍රදර්ශන වලදීත් එවන්
පත්‍රිකා බෙදිය යුතුයි. පත්‍රිකා මඟින් පැහැදිලි කිරීම ඉතාමත් පහසුයි. පැරණි ලෝකය
විනාශ වී යා යුතුයි. නව ලෝකය නිර්මාණය වෙමින් පවතී. ආදී සනාතන දේවී දේවතා ධර්මය
ස්ථාපනය වෙමින් පවතී. මීට පෙර කල්පයේ සිදු වුණු ආකාරයෙන්ම සෑම ආගමක්ම විනාශ වී
යාවි. ඔබ යන සෑම තැනම පත්‍රිකා හා බැජ් කීපයක් ගෙන යා යුතුයි. ’එක් තත්පරයකින් ජීවන
මුක්තිය‘ කියා සඳහන් කර තිබෙනවා. ඔවුන්ට කියන්න ඔහු පියා මොහු දාදා. ඒ පියා සිහි
කිරීමෙන් ඔබට ස්වර්ණමය යුගයේ දේවතා තත්ත්වය හිමි වනු ඇත. නව ලෝකයේ නිර්මාණයත් පැරණි
ලෝකයේ විනාශයත් සිදු වීමෙන් අනතුරුව ඔවුන් නව ලෝකයේ දී, විශ්ණුගේ ලෝකයේ දී රාජ්‍යය
පාලනය කරාවි. එය ඉතාමත් පහසුයි! මිනිසුන් වන්දනා ගමන් ආදියෙහි රස්තියාදු වෙනවා.
ආර්ය සමාජීන් පවා කෝච්චි පිටින් මිනිසුන් පුරෝගෙන මෙවන් වන්දනා ගමන් වල නිරත වෙනවා.
එය හඳුන්වන්නේ ආගම් නාමයෙන් රස්තියාදු වීම යනුවෙනි. ඇත්තටම කියනවා නම්, එය
හැඳින්විය හැක්කේ ආගම් විරෝධී ගමනක් කියලයි. ඔබලා දැන් ඉගෙන ගන්නවා. මිනිසුන් භක්ති
මාර්ගයේ දී නොයෙකුත් දේ කරනවා. ’ඔබගේ හදවත් කැඩපතින් ඔබේ මුහුණ දෙස බලන්න. යන ගීතය
ඔබ ඇසුවා. ඔබට මිසක් වෙන කිසිම කෙනෙකුට එම මුහුණ බැලිය නොහැකියි. ඔබට පුළුවන් එය
බාබාට පෙන්වන්න. මේවා දැනුමේ දේවලුයි. ඔබලා සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවතාවරුන්
බවට, පාපී ජීවයන්ගෙන් පවිත්‍ර, චරිතවත් ජීවයන් බවට වෙනස් වෙනවා. අනෙක් මිනිසුන් මේ
කිසිම දෙයක් දන්නේ නැහැ. දරුවන් වන ඔබලා සෑම දෙයක්ම දන්නවා. ඔබගේ ඊතළය ඔවුන්ගේ
බුද්ධියට වැදුණොත් ඔවුන්ගේ බෝට්ටු එතෙර වේවි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. විනාශ වන
සුළු ධනය ඔබ ළඟ තිබෙනවා නම්, එය අලෞකික සේවය සඳහා වටිනාකියන අයුරින් යොදවන්න. ඔබ
අනිවාර්යෙන්ම අවිනාශී වු දැනුමේ මිණිමුතු දානය කළ යුතුයි.
2. ඔබගේ වාර්ථාව
මෙන්න මේ දේ වලින් පරීක්ෂා කරන්න. 1) ඔබගේ අභ්‍යන්තර තත්ත්වය කුමන ආකාරයේද ? 2) දවස
තුළ ඔබ කිසියම් හෝ වැරදි දෙයක් කළාද ? 3) කවුරු හෝ කෙනෙකුගේ සිත රිදෙව්වාද ? 4)
කවුරු හෝ කෙනෙක් සම්බන්ධයෙන් අපිරිසිඳු දැක්මක් තිබුණාද ?
වරදානය:
ඔබ තීව්‍ර
උත්සාහ දරන්නෙකු බවට පත්ව, ද්විත්ව ආලෝකමත් වී උස පිම්මක් ගැනීමෙන් සියලු ගැටලු ජය
ගනිත්වා.
ඔබව නිරතුරුවම මිල කළ
නොහැකි මැණිකක් ලෙස සලකමින් බාප්දාදාගේ හදවත් බඳුනේ රැඳී සිටින්න, එනම්, පරමාත්ම
පියාගේ ස්මෘතියේ නිරතුරුවම මුසු වී සිටින්න. එවිට ඔබ ඕනෑම අවස්ථාවක් අපහසු බව
අත්නොවිඳුණු ඇති අතර ඔබේ සියලු බර අවසන් වනවා ඇත. ද්විත්ව ආලෝකමත් වීම සදහා මෙම
පහසු යෝගාව තබාගෙන, ඉන්පසු ඔබේ උත්සාහයේ උස පිම්මක් අරගන්න. එවිට ඔබ තීව්‍ර උත්සාහ
දරන්නෙකු වනවා ඇත. ඔබ යමක් අපහසු බව අත්දකින විට පියා ඉදිරියෙහි අසුන්ගෙන
බාප්දාදාගේ ආශීර්වාදයන්ගේ හස්තය ඔබ මත අත්දකින්න. මෙය කිරීමෙන්, ඔබ තත්පරයකින්
සියලු ගැටළු වලට විසඳුම් සොයා ගනු ඇත.
පාඨය:
සහයෝගයේ බලය
කළ නොහැකි දේ පවා කළ හැකි බවට පත් කරවයි; මෙය ඔබගේ ආරක්ෂාවේ බලකොටුවයි.
ඔබගේ බලවත් මනසින්
සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.
කාලයට අනුව, ඔබ දැන්
සකාෂ් ලබා දී, වාතාවරණයක් නිර්මාණය කිරීම සදහා සෑම තැනකම චිත්ත තරංග විහිදුවා
හැරීමේ කාර්යය ඔබගේ මනසින් සිදු කළ යුතුයි. මෙම සේවයේ අවශ්‍යතාවයක් දැන් තිබේ. යම්
විශේෂිත රැල්ලක් තිබුණු ඕනෑම විටෙක, දිවා රෑ සකාෂ් ලබා දීමට සහ දුර්වල අයව
බලගැන්වීමට අවධානය ලබා දුන් බව ඔබ සකාර් ස්වරූපයේ දුටුවා. ජීවාත්මයන්ට සකාෂ් ලබා
දීමේ සේවය වෙනුවෙන් කාලය සැලසුම් කළා. ඒ අන්දමින්ම පියාව අනුගමනය කරන්න.