31.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් පැරණි ලෝකයේ පිවිසුම් දොරටුවෙන් පිටමං වී සාමයේ දේශයට සහ සතුටු දේශයට ඇතුළු වීමට යයි. පරමාත්ම පියා පමණයි ඔබට විමුක්තියට සහ ජීවන් මුක්තියට යන පාර පෙන්වා දෙන්නේ.

ප්‍රශ්නය:
වර්තමානයේ හොඳම කර්මය කුමක්ද?

පිළිතුර:
හොඳම කර්මය වන්නේ ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියාවන් තුළින් අන්ධයින් හට සැරයටි බවට පත් වීමයි. ඔය දරුවන් දැනුමේ සාගරය කළඹා, මිනිසුන් හට නිවහනට (මුක්තියට) සහ ජීවන් මුක්තියට යන මාර්ගය එනම්, මනුෂ්‍යයින් හට සාමය සහ සතුට ලබා ගත හැකි මාර්ගය මෙහි ඇති බව තේරුම් ගත හැකි වන පරිදි ලිවිය යුතු වචන සොයා ගත යුතුයි.

ඕම් ශාන්ති.
මැජික්කරුවාගේ පහන ගැන ඔබ අසා තිබේද? ඇලඩින් ගේ පහන ද සිහි කොට ඇත. ඇලඩින් ගේ පහන හෝ මැජික්කරුවාගේ පහන ඔබට කුමක්ද පෙන්වා දෙන්නේ? වයිකුන්ත්, දෙව්ලොව, සතුටු දේශය. පහනකට ආලෝකයක් යැයි කියයි. වර්තමානයේ අන්ධකාරය ඇත. ඔය දරුවන් සියලු දෙනාටම ආලෝකය පෙන්වා දීම සඳහා ප්‍රදර්ශන සහ මේලාවන් පවත්වති. ඔබලා මුදල් විශාල ප්‍රමාණයත් වැය කරමින් කරදර වෙති. ඔබ මෙසේ අසයි බාබා අප මෙයට යොදන නම කුමක්ද? බොම්බායට ’ඉන්දියාවේ ප්‍රවේශ මාර්ගය‘ ’Gateway of India‘ යැයි කියයි. නැව් පළමුව නැංගුරම්ලන්නේ බොම්බායේය. දිල්ලියේද, ’ඉන්දියාවේ ප්‍රවේශ දොරටුව‘ ’ The India Gate‘ ඇත. විමුක්තියට සහ ජීවන් මුක්තියට අපගේ ප්‍රවේශ දොරටුව ඇත්තේ මෙහිය. දොරටු දෙකක් ඇත. සෑම විටම දොරටු දෙකක් ඇත ඇතුළුවීම සහ පිටවීම. එකක් ඇතුල්වීමට, අනික පිටත්ව යෑමට. මෙහිදීද එසේමය. අප පැරණි ලෝකයෙන් පිටත්වී ආපසු අපගේ නිවහනට ගොස් ඉන්පසු අළුත් ලෝකයට ඇතුළු වෙයි. එහෙත් අපටම නැවත නිවසට යා නොහැක්කේ නිවස අමතක වී ඇති නිසාය. මඟ පෙන්වන්නා අවශ්‍යය. අප ඔහුව සොයාගෙන ඇති අතර ඔහු අපට මාර්ගය පෙන්වයි. ඔය දරුවන් දන්නවා බාබා ඔබට විමුක්තියට සහ ජීවන් මුක්තියට මාර්ගය පෙන්වන බව, සාමයට සහ සතුටට. එබැවින් ඔබ සාම දේශයට සහ සතුටු දේශයට ප්‍රවේශ දොරටුව යැයි ලිවිය යුතුයි. ඔබ මෙය මතගෑ යුතු වේ. විමුක්තියේ සහ ජීවන් මුක්තියේ තේරුම පිළිබඳව නොයෙක් අදහස් ඇත. කිසිවෙකු මේ පිළිබඳව නොදනී. සෑම කෙනෙකුටම සාමය සහ සතුට අවශ්‍යයි. සාමය මෙන්ම ධනය ද සමෘද්ධියද තිබිය යුතුයි. මේවා ඇත්තේ ස්වර්ණමය යුගයේ පමණයි. එබැවින් ’ශාන්තිදාමයට සහ සුඛ්දාමයට ප්‍රවේශ දොරටුව‘ යනුවෙන් ලිවිය යුතුයි. නැතිනම්, ’පාරිශුද්ධත‍වයට, සාමයට සහ සමෘද්ධියට ප්‍රවේශ දොරටුව‘ යනුවෙන්, මෙම වචන හොඳයි. මේ තුන මෙහි නොමැත. එබැවින් මේ සෑම දෙයක්ම නව ලෝකයේ පැවතුණු බව වටහා දිය යුතුයි. නව ලොව ස්ථාපනය කරන්නේ දෙවියන්, පියාණන්, පාරිශුද්ධත‍වයට පත්කරවන්නා විසිනුයි. එබැවින් අපි අනිවාර්යෙන්ම මෙම පැරණි ලොවෙන් පිට වී ආපසු නිවහනට යා යුතුයි. ඉතිං පාරිශුද්ධත‍වයට, සාමයට සහ සමෘද්ධියට ප්‍රවේශ දොරටුව මෙයයි. බාබා මෙම නමට කැමතියි. ඇත්ත වශයෙන්ම විවෘත කිරීම කරන්නේ ශිව් බාබා වුවත් ඔහු එය කරන්නේ බ්‍රහමිණ්වරු වන අපගේ මාර්ගයෙනි. ලොවෙහි විවෘත කිරීමේ උත්සව බොහෝ ඇත. සමහරක් රෝහල් සඳහා, සමහරක් විශ්වවිද්‍යාල සඳහා. එහෙත් මෙම විවෘත කිරීම සිදුවන්නේ එක් වරයි මෙම කාලයේදී පමණයි. මේ නිසයි මෙය වැඩිදුර සිතිය යුතු කරුණක් වී ඇත්තේ. සමහර දරුවන් බ්‍රහ්ම බාබා පැමිණ මෙය විවෘත කළ යුතුයි, ’අප බාප් සහ දාදා යන දෙදෙනාටම ඇරයුම් කළ යුතුයි‘ යැයි ලියා ඇත. පියා පවසන්නේ ඔබට කොහෙවත් එළියට යාමට අවසර නැත. එහි ගොස් එය විවෘත කිරීමට මගේ සිත එකඟ වන්නේ නැත. එය ඕනෑම කෙනෙකුට විවෘත කළ හැක. ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාර් සහ කුමාරි යැයි පුවත් පත් වල පල වේවි. මෙම නම හොඳයි. ප්‍රජාපිතා යනු සියලු දෙනාගේම පියායි. ඔහු ඊට අඩු නැත. පියාම උත්සව පවත්වයි. ඔහු කරන්කරවන්හායි. ඔබ දෙව්ලොව ස්ථාපනය කරන බව ඔබගේ බුද්ධියේ තැන්පත් වී තිබිය යුතුයි. එබැවින් ඔබ බොහෝ උත්සාහවන්ත විය යුතු වන අතර ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. වර්තමානයේ ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියාවන් තුළින් කළ හැකි එකම වඩාත් හොඳ කර්මය වන්නේ අන්ධයින් හට ආධාරකයක් වීමයි. මිනිසුන් මෙහෙමත් කියයි අහෝ දෙවියනි, අන්ධයාට ආධාරකයක් දෙන්න! කියා. සියල්ලන්ම අන්ධයි. එබැවින් පියා පැමිණ එම ආධාරකය වෙයි. ඔහු ලබා දෙන තෙවැනි ඇස තුළින් ඔබ උත්සාහ ගන්නා අනුපිළිවෙලට දෙව්ලොව යයි. සැවොම අනුපිළිවෙල අනුවයි. මෙය ඉතා විශාල රෝහලක් හා විශ්වවිද්‍යාලයක්. උත්තරීතර පියා, උත්තරීතර ජීවය, පවිත්‍රකරවන්නා සියලුම ජීවයන්ගේ පියා බව පැහැදිලි කර දී ඇත. එම පියා ස්මරණය කරන්න එවිට ඔබ සතුටේ දේශයට යයි. මෙය අපායයි. එයට දිව්‍ය ලෝකය යැයි කිව නොහැක. දිව්‍ය ලෝකයේ ඇත්තේ එකම ආගමක් පමණයි. භාරත දේශය දිව්‍ය ලෝකයක්ව පැවති විට එහි වෙන කිසිම ආගමක් තිබුණේ නැත. මෙය සිහිපත් කිරීම වුවද ’මන්මනබව්‘ වීමයි. දිව්‍ය ලෝකයේදී අපි මුළු ලොවටම අධිපතිව විසුවෙමු. ඔබට මෙයවත් සිහිපත් නොවෙයි. පියාව සොයාගෙන ඇති බව ඔබලාගේ බුද්ධියෙහි සටහන් වී ඇත. එබැවින් එහි සතුට ඔබ ලඟ තිබිය යුතුයි. එහෙත් මායා නොඅඩුව සිටියි. එවන් පියෙකුට හිමිවීමෙන් පසුවත් ඔබට එම සතුට රඳවා තබා ගැනීමට නොහැකි වී ඇත. ඔබ දිගින් දිගටම ගෙල සිරකරවා ගනී. මායා නැවත නැවතත් ඔබගේ ගෙල සිරකරයි. ඇය නිසා ඔබ ශිව් බාබාගේ ස්මරණයේ සිටීම අමතක කරයි. මට ස්මරණයෙහි යෙදී සිටිය නොහැක යැයි එවිට ඔබ කියයි. පියා ඔබව දැනුම් සාගරයේ ගැඹුරට කිමිදවන මුත් මායා ඔබව විෂ සහිත සාගරයේ අතරමං කර දමයි. සමහරු ඉතා සතුටින් අතරමං වෙයි. ශිව් බාබාව ස්මරණය කරන්න යැයි පියා කියන මුත් මායා ඔවුන්ට එය අමතක කරවයි. ඔවුන් පියාව ස්මරණය නොකරයි. ඔවුන් පියාව හඳුනන්නේවත් නැත. දුක නැති කරන්නේ සහ සතුට ලබාදෙන්නේ උත්තරීතර ජීවය පමණයි. අපගේ සියලු දුක නිමා කරන්නේ ඔහුය. පාරිශුද්ධත්වය ලබා දෙන්නේ ගංඟා නදිය යැයි සළකන නිසාවෙන් මිනිසුන් ගංඟා නදියේ දිය නෑමට යයි. ගංඟා නදිය ඔබගේ දුක නැතිකර ඔබගේ පාපයන් මකා දමන බව ස්වර්ණමය යුගයේදී ඔබ පවසන්නේ නැත. පැවිද්දන්, තාපසයන් ආදීන් ගොස් ගඟක් අසබඩ වාඩි වී සිටී. ඇයි ඔවුන් සාගරයක වැල්ලේ හිඳ නොගන්නේ? ඔය දරුවන් දැන් ඉඳගෙන ඉන්නේ සාගර වෙරළේය. බොහෝ දරුවන් සාගරය වෙත එයි. මෙම කුඩා සහ විශාල නදීන් සාගරයෙන් හට ගත් ඒවා බව වැටහේ. ‘බ්‍රහ්මපුත්‍ර‘ සහ ‘සින්ද් සරස්වතී‘ යනුවෙන් ඒවා නම් කර ඇත. දරුවනේ, ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියාවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුයි යන්න පියා වටහා දෙයි. කිසි විටෙක කෝප නොගන්න. කෝපය පළමුව මනසෙත් පසුව වචන වලත් ක්‍රියාවන් වලත් හටගනී. මේවා කවුළු තුනකි. මේ නිසයි පියා, සුමිහිරි දරුවනේ, අනවශ්‍ය ලෙස කතා නොකරන්න යැයි වටහා දෙන්නේ. නිශ්ශබ්දව හිඳින්න. ඔබගේ වචන වලින් යම් දෙයක් පිටවුවොත් එය ක්‍රියාවෙනුත් සිදුවෙයි. කෝපය පළමුව මනසේ හටගෙන පසු වචන සහ ක්‍රියාවන්ගෙන් පිටතට එයි. එය කවුළු තුනෙන්ම එළියට එයි. එය පළමුව ඇතුළුවන්නේ මනසටයි. දිගින් දිගටම ලෝවැසියන් එකිනෙකා හට දුක් ගෙන දෙයි, එකිනෙකා සමඟ ගැටෙයි. ඔබ කිසිවෙකු දුකට පත් නොකළ යුතුයි. ඒ පිළිබඳ සිතිවිල්ලක් වත් ඇති නොවිය යුතුයි. නිශ්ශබ්දව සිටීම ඉතා යහපත්ය. පියා පැමිණ ලොවෙහි ප්‍රවේශය විවෘත කරයි. එනම්, සාමයට හා සතුටට ඇති ප්‍රවේශයයි. පියා මෙය පවසන්නේ ඔය දරුවන්ට පමණයි. ඔය දරුවන් අන් අයට මෙය පැවසිය යුතු බව ඔහු කියයි. පාරිශුද්ධත්වය, සාමය සහ සමෘද්ධිය ඇත්තේ දෙව්ලොව පමණයි. එහි යා හැකි වන්නේ කෙසේදැයි ඔබ වටහා ගත යුතුයි. ලබා දිය යුතු නාමය කුමක්ද පිළිබඳව බාබා දිගින් දිගටම දැනුම් සාගරය කළඹයි. මෙම දැනුම් සාගරය උදෑසන කැළඹීමෙන් ඔබට බටර් ලබා ගත හැකි වනු ඇත. හොඳ අදහස් පහළ වෙයි. මේ නිසයි බාබා කියන්නේ උදෑසන පිබිද පියාව සිහිපත් කොට, ලබා දිය යුතු නම කුමක්ද පිළිබඳව දැනුම් සාගරය කළඹන්න කියා. මේ පිළිබඳව සිතන්න. ඔබලා සමහරුන්ට හොඳ අදහස් පහළ වෙයි. අපවිත්‍ර කෙනෙකු පාරිශුද්ධත්වයට පත්කිරීම යනු අපාගත වූ කෙනෙකු දෙව්ලෝ වැසියෙකු බවට පත් කිරීම බව ඔබට දැන් වැටහෙයි. දේවතාවරුන් පාරිශුද්ධයි. මේ නිසයි මිනිසුන් ඔවුන් ඉදිරියේ නමස්කාර කරන්නේ. දැන් කිසිවෙකූ ඉදිරියේ නමස්කාර කිරීම ඔබ හට නීති විරෝධී වූවත් තැනට සුදුසු ලෙස කටයුතූ කරගෙන යා යුතුයි. පැවිද්දන් තමන් උසස් සහ පාරිශුද්ධ බවත් අන් සියලු දෙනා අපවිත්‍ර සහ පහත් බවත් සලකයි. අන් හැමටම වඩා ඔබ උසස් බව දන්නා මුත්, කෙනෙක් දෑත් එකතු කොට ආචාර කළොත් ඔහුට ප්‍රතිචාර දැක්විය යුතුයි. ඔබට එලෙසින් ආචාර කරන විට ඒ අයුරින්ම ප්‍රතිචාර දැක්විය යුතුයි. ඔවුන් සමඟ තැනට සුදුසු ලෙස කටයුතු නොකරන්නේ නම් ඔවුන්ව අල්ලා ගැනීමට නොහැකිවනු ඇත. තැනට සුදුසු ලෙස කටයුතු කිරීම බොහෝ දුරට අවශ්‍යයි. මරණය මිනිසුන්ගේ හිස මත සිටින විට ඔවුන් සියලු දෙනාට දෙවියන් සිහිවෙයි. මේ දිනවල බොහෝ හදිසි අනතුරු සිදුවෙමින් පවතී. ටිකෙන් ටික ගින්න පැතිරේවි. ගින්න විදේශයන්හී හටගෙන ඉන්පසු මුළු ලොවම පිළිස්සී යයි. අවසානයේදී ඔය දරුවන් පමණක් ඉතිරි වෙයි. ඔය ජීවයන් පාරිශුද්ධත්වයට පත් කිරීමෙන් අනතුරුව ඔබට නව ලොව ලැබේවි. ඔය දරුවන් ලෝකය වෙනුවෙන් අළුත් සටහන් ගනී. ඔබ එහි පාලනය කරයි. ඇලඩින්ගේ පහනද ප්‍රසිද්ධයි. එවැනි සටහන් ගැනීමෙන් ඔබ අසීමිත වටිනා වස්තූන් ලබා ගනී. මෙය නිවැරදිය. ඔබ දන්නවා සංඥාවක් දීමෙන් ඇලඩින් ක්ෂණිකව දර්ශන ලබා දෙන බව. ශිව් බාබාව මෙනෙහි කරන්න, එවිට ඔබ සියලු දෙනාටම දර්ශන ලැබේවි. භකිතිකයන් හට දර්ශන ලැබෙන්නේ අපරිමිත භක්තියේ යෙදිමෙනුයි. මෙහිදී ඔබගේ ඉලක්කය සහ අරමුණෙහි දර්ශන ලැබේවි. එබැවින් බාබාව සහ දෙව්ලොව අධික ලෙස මෙනෙහි කළ හැක. ඔබට නැවත නැවතත් එය පෙනේවි. බාබා සහ මෙම දැනුම ස්මරණය කිරීමේ නියැලී සිටින දක්ෂයින් හට අවසන් සිදුවීම් සහ ජවනිකාවන් දැක ගැනීමට ලැබේවි. අරමුණ ඉතාමත් ශ්‍රේෂ්ඨය. තමන් ජීවයක් යැයි සළකා පියාව ස්මරණය කිරීම නැන්දාගේ නිවසට යෑම වගේ නොවේ! එයට දැඩි උත්සාහයක් අවශ්‍යයි. ප්‍රධාන වන්නේ ස්මරණයයි. බාබා දිව්‍යමය දර්ශන ලබාදෙන්නා වන සේම ඔබත් තමන් හට දිව්‍ය දර්ශන ලබාදෙන්නන් වේවි. භක්ති මාර්ගයේ අපරිමිත ලෙස දෙවියන්ව සිහි කිරීමෙන් අනතුරුවයි ඔවුන්ට දර්ශන ලැබෙන්නේ. එය තමන්ගේම උත්සාහයන් නිසා දර්ශන ලබාදෙන්නන් බවට පත් වූවා සේය. ස්මරණයෙහි සිටීමට දරණ උත්සාහයේ යෙදී සිටීමෙන් ඔබ ඉතා සතුටින් සිටිනා අතරම ඔබට දර්ශන ද ලැබේවි. ඔබට මේ මුළු ලොවම අමතක කිරීමට හැකි වන අතර ’මන්මනබව්‘ අවධානයෙහි ස්ථාවර වීමට හැකියාව ලැබෙයි. තවත් මොනවද ඔබහට අවශ්‍ය? එවිට යෝගා බලයෙන් ඔබගේ ශරීර අත්හරී. භක්තියේ උත්සාහය ඇත. මෙහිදීත් උත්සාහය අවශ්‍යයි. උත්සාහ කිරීමට පළමු පෙළේ ක්‍රමයක් බාබා ඔබහට පෙන්වා දෙයි. තමන් ජීවයක් යැයි සැළකීමෙන් ශරීර අවධානයෙන් ඔබ මිදෙයි. ඔබ පියාට සමාන වූවාක් මෙනි. තවද ඔබට දිගටම දර්ශන ඇතිවෙයි. බොහෝ සතුට ද ඇතිවෙයි. අවසාන කාලයේ ප්‍රතිථලය සිහිකර ඇත. තමන්ගේ නමට සහ ස්වරූපයට ඇති බැඳීමෙන් ද මිදිය යුතු වේ. එබැවින් අන් අයගේ නම් හා ස්වරූප සිහි කිරීමෙන් ඔබ කුමන තත්ත්වයකට පත් වේද? දැනුම ඉතා පහසුයි. භාරතයේ පෞරාණික යෝගාව සිහිපත් වේ. එහි මැජික් ඇත. බ්‍රහ්ම තත්ත්වය ගැන දැනුම ඇති අයද තම ශරීර මේ අන්දමින් අත්හරින බව බාබා පැහැදිලි කර දී ඇත. ‘මම ජීවයක් මම උත්තරීතර ජීවය සමඟ මිශ්‍ර වෙමි‘ යැයි ඔවුන් පවසති. එහෙත් කිසි කෙනෙකුට මිශ්‍ර විය නොහැක. බ්‍රහ්ම් තත්ත්වය ගැන ඔවුන්ට දැනුම ඇත. ඔවුන් නිකම් හිඳ සිටිනා අතරදී ශරීර අත් හරින බව බාබා දැක ඇත. පරිසරය ඉතා සාමකාමී වන අතර දැඩි නිශ්ශබ්දතාවයක් පවතී. දැනුම මාර්ගයේ සිටින අයයි එනම්, සාමකාමීව සිටින අයයි එම දැඩි නිශ්ශබ්දතාවය අත්විඳින්නේ. එනමුදු සමහරක් දරුවන් තවමත් ළදරුවන්ය. ඔවුන් දිගින් දිගටම නැවත නැවතත් වැටෙයි. මේ සඳහා බොහෝ සැඟවුණු උත්සාහයන් දැරිය යුතු වේ. භක්ත් මාර්ගයේ අය සිදු කරන උත්සාහයන් දැකිය හැක ඔවුන් නවගුණවැලක පබුළු කරකවති. කුඩා කුටි තුළ හිඳගෙන භක්තියේ යෙදෙති. නමුත් මෙහිදී ඔබ ඇවිදින අතරෙත් එහෙ මෙහෙ යන එන අතරෙත් ස්මරණයෙහි යෙදෙති. ඔබ අධිරාජ්‍යයක් දිනා ගන්නා බව කිසිවෙකුටත් නොපෙනේ. යෝගාව තුළින් ඔබගේ සෑම ගිණුමක්ම පියවිය යුතුයි. ඒවා දැනුමෙන් පියවිය නොහැක. ස්මරණයෙන් ගිණුම් පියවෙයි. කර්ම වද විඳීම් ස්මරණය මඟින් පියවෙයි. මෙය නොපෙනේ. බාබා ඔබහට දෙන සෑම ඉගැන්වීමක්ම නොපෙනේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ සිතිවිලි, වචන හෝ ක්‍රියාවන් තුළින් කිසි විටෙකත් කෝප නොවන්න. මෙම කවුළු තුන වෙත බොහෝ අවධානය යොමු කරන්න. අනවශ්‍ය ලෙස කතා නොකරන්න. එකිනෙකා හට දුක් නොදෙන්න.

2. දැනුමේ සහ යෝගාවේ කුල්මත් වී සිට අවසාන ජවනිකා නරඹන්න. තමන්ගේ සහ අන් අයගේ නම සහ ස්වරූපය අමතක කොට තමන් ජීවාත්මයක්ය යන අවධානයේ හිඳිමින් ශරීර අවධානය අවසන් කරන්න.

වරදානය:
ඔබ සෙනෙහසින් මුසු වූ, සෙනෙහසින් හා ලැබීම් වලින් පිරුණු ජීවාත්මයක් වී, සෙනෙහසේ ඊතල විදිමින්, අන් අයව සෙනෙහසින් සිහිසුන් කරවන්නෙක් වේවා.

ලෞකික ආකාරයකින් වුවද, යමෙකු යමෙකු කෙරෙහි සෙනෙහසින් සිටින විට, ඔහුගේ හෝ ඇයගේ මුහුණෙන්, ඇස් වලින් සහ වචන වලින් ඔබට දැනෙන්නේ ඒ තැනැත්තා සෙනෙහසින් මුසපත් වී ඇති බවය. ඒ ආකාරයෙන්ම, ඔබ වේදිකාවකට යන විට, ඔබ තුළ පියා කෙරෙහි කොතරම් සෙනෙහසක් මතු වී තිබුණත්, සෙනෙහසේ ඊතල ඒ අනුව අන් අයව ද සෙනෙහසින් සිහිසුන් කරවයි. දේශනයක සබැඳියක් හෝ කරුණු පුනරාවර්තනය පිළිබඳ ස්වරූපයක් තබා නොගන්න. ඒ වෙනුවට, සෙනෙහසින් ඒකාබද්ධ වීමේ, සෙනෙහසින් හා ලැබීම් වලින් පිරී යාමේ ස්වරූපය තිබිය යුතුය. ඔබ අධිකාරියක් ලෙස කතා කරන විට, එයට බලපෑමක් ඇති කරයි.

පාඨය:
පරිපූර්ණත්වය සහ පරිසමාප්තිය ලබා ගැනීමෙන්, පරිපූර්ණත්වයේ කාලය සමීප කරවන්න.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදාගන්න.

“ඒකායන කෙනා” සිටින බව, සියලු දෙනා වටහාගැනීම අරඹා ඇත. කෙසේවෙතත්, මෙම ඒකායන කෙනා, එකම කෙනාය. දැන් මෙම කැලඹිල්ලේ කෙත, හාන්න. මෙම ඒකායන කෙනා සමගම වෙන අයත් සිටින බව කීමේ අවස්ථාවට ඔවුන් ළගා වී ඇත, නමුත් ඔවුන් මෙසේ පවසන ආකාරයේ ඊතලයක් විදින්න, “එකම කෙනා මොහුය”. කෙත සූදානම් අතර එය දිගටම සූදානම්ව තිබෙයි, නමුත් අත්තිවාරම, නවතාවය සහ බීජය වන්නේ මෙම නව දැනුමයි. මෙය පරහිතකාමී සෙනෙහස සහ ආධ්‍යාත්මික සෙනෙහස බව ඔවුන් අත්විද තිබේ, නමුත් දැන් සෙනෙහස සමගම ඔබ මෙම දැනුමේ අධිකාරිත්වය ඇති ජීවාත්ම බව, මෙම සත්‍ය දැනුමේ අධිකාරීන් බව ඔවුන්ට පෙන්වන්න. මෙය හෙළිදරව් කරන්න, එවිට හෙළිදරව්ව සිදු වෙයි.