31.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ ජීවත්ව සිටින තාක්, ඔබ ඉගෙනගෙන අන් අයට ඉගැන්විය යුතුයි. ඔබගේ සතුටේ සහ
ලබන තත්ත්වයේ පදනම වන්නේ මෙම ඉගෙනුමයි.
ප්‍රශ්නය:
සේවයේ
සාර්ථකත්වය ලබා ගැනීමට ඔබට අවශ්‍ය වන ප්‍රධාන ගුණය කුමක්ද?
පිළිතුර:
දරා ගැනීම. ඔබ සෑම අවස්ථාවකදීම දරා ගත යුතුයි. එකට එකතු වී සේවය කරන්න. දේශන
වැඩසටහන් ආදිය පවත්වන්න. මනුෂ්‍යයන්ව ඔවුන්ගේ නින්දෙන් අවදි කිරීම සඳහා බොහෝ
සැලසුම් සෑදෙයි. භාග්‍යවන්ත වීමට ඇති දරුවන් උනන්දුවෙන් ඉගෙනගනී.
ගීතය:
නැවත නැවතත්
වැටෙන මාවතේ අප යා යුතුයි, එබැවින් අප ප්‍රවේසම් විය යුතුයි.
ඕම් ශාන්ති.
ඔය දරුවන් මෙහි මධුබාන් වලට එන්නේ කුමන සිතිවිල්ල ඇතිවද? ඔබ මෙහිදි ඉගෙන ගැනීමට
එන්නේ කුමන අධ්‍යයනයද? ඔබ එන්නේ කවුරුන් වෙතටද? (බාප්දාදා වෙතට). මෙය අළුත් දෙයක්.
කෙනෙක් ඉගෙන ගැනීම සඳහා බාප්දාදා වෙතට යෑම ඔබ කිසිදා අසා තිබෙනවාද? එහිද, ඒකාබද්ධ
වී ඇති බාප් සහ දාදා කෙනෙක්? එය ආශ්චර්යයකි! ඔබ ආශ්චර්යමත් පියාගේ දරුවන්. ඔය
දරුවන්, නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද සහ අවසානය දැන සිටියේ නැහැ. ඔබ දැන් ඔබ
දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලට, එම නිර්මාණකරුව සහ නිර්මාණය ගැන දන්නවා. ඔබ සතුට
අත්විඳින්නේත් අනාගතයේ තත්ත්වයක් හිමි කරගන්නේත්, මෙය වටහාගන්නා සහ අන් අයට විස්තර
කර දෙන ප්‍රමාණයට අනුවයි. ප්‍රධාන දේ වන්නේ අප දැන් නිර්මාණකරුව සහ නිර්මාණයේ මුල,
මැද සහ අවසානය ගැන දැන සිටීමයි. මෙය දන්නේ බ්‍රහ්මණයන් වන අප පමණයි. ඔබ ජීවත්ව
සිටින තුරු, ඔබ බ්‍රහ්ම කුමර කුමරියන් බවත් මුළු ලෝකයේම උරුමය ශිව බාබාගෙන් හිමි
කරගන්නා බවටත් විශ්වාසය ඔබට තිබිය යුතුයි. ඔබ සම්පූර්ණයෙන් ඉගෙන ගන්නවාද, ඉගෙන
ගන්නේ ටිකක්ද, යන කාරණාව වෙනම එකකි, නමුත් අඩු තරමින් ඔබ ඔහුගේ දරුවන් බව ඔබ
දන්නවා! ඉන්පසුව, ඉගෙන ගන්නවාද, නැද්ද යන ප්‍රශ්නය මතුවනවා. ඔබ තත්ත්වයක් ලබන්නේ
එයට අනුවයි. ඔබ ඔහුගේ ඇකයට පැමිණි සැනින්, ඔබ රාජධානියට අයිතියක් හිමි කරගන්නා බවට
විශ්වාසය ඔබට ඇති වෙයි. කෙසේවෙතත්, ඔබ ඉගෙනගන්නා ආකාරයේ, දිවා රෑ මෙන් වෙනසක් තිබිය
හැක. සමහරු ඉගෙනගෙන අන් අයට ඉතා හොඳින් උගන්වන අතර වෙනත් කිසිවක් කිරීමට නොසිතයි.
ඉගෙනගෙන අන් අයට ඉගැන්වීම පමණක් අවසානය දක්වාම නොකඩවා සිදුවෙයි. ලෞකික අධ්‍යාපනයක්
ලබන ශිෂ්‍ය ජීවිතයේ, ඔවුන්ගේ අධ්‍යාපනය අවසානය දක්වා නොපවතියි නියමිත වූ කාල
වකවානුවක් තිබේ. ඔබ ජීවත්වන තාක් කල් ඉගෙනගෙන, අන් අයට ඉගැන්විය යුතුයි. තමන්ගෙන්
විමසන්න මා මනුෂ්‍යයන් කී දෙනෙකුට නිර්මාණකරු වන පරම පියාගේ හැඳින්වීම ලබා දී
තිබෙනවාද? මනුෂ්‍යයන්, මනුෂ්‍යයන්ය. පෙනුමට, ඔවුන් අතර වෙනසක් නැත ඔවුන්ගේ සිරුරු
වල වෙනසක් නැහැ. මෙම ඉගෙනුම ඔබගේ බුද්ධිය තුළ රැව් පිළිරැව් දෙයි. ඔබ ඉගෙන ගන්නා
ප්‍රමාණයට අනුව ඔබ අභ්‍යන්තර සතුට අත්විඳියි. ඔබ නව ලෝකයේ පාලකයන් වීමට යන බවට
හැඟීම ඇතුලාන්තයේ තිබෙයි. අප දැන් දෙව්ලොව දොරටුව වෙතට යනවා. නිරතුරුව ඔබගේ හදවතින්
විමසන්න මා තුළ කෙතරම් වෙනසක් තිබෙනවාද? පරම පියා, මාව ඔහු සතු කර, මා සිටි
අන්දමින් මාව මුළුමනින්ම වෙනස් කර ඇත. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබ මෙය ඉගෙනගන්නා
ආකාරය මතයි. ඉගෙන ගැනීම තුළින් මනුෂ්‍යයන්ට බොහෝ සෙයින් ශ්‍රේෂ්ඨ විය හැක. ඔවුන්ට
මෙහි ලැබෙන කුමන තත්ත්වයක් වුවත් පවතින්නේ සුළු මොහොතක් පමණයි. එහි කිසිවක් නැත.
ඉන් කිසි ප්‍රයෝජනයක් නොමැති සේය. ඒ ඉගෙනුම් තුළින් චරිතය හැඩගැසීමක් සිදු නොවීය.
ඔබ දැන් මෙම ඉගෙනුම තුළින් බොහෝ ශ්‍රේෂ්ඨත්වයට පත්වනවා. මෙම ඉගෙනුමට සම්පූර්ණ
අවධානය යොමු කළ යුතුයි. එය තම භාග්‍යයේ ඇති අය, ඔවුන්ගේ හදවතම මෙම ඉගෙනුම කෙරෙහි
යොමු කරයි. ඔවුන් අන් අයටත් මෙය ඉගෙනගැනීමට උත්සාහ දරන ලෙස, විවිධ ක්‍රම වලින් දිරි
ගන්වයි. ඔවුන්ට උගන්වා, ඔවුන්වත් පාරාදීසියේ පාලකයන් බවට පත්කළ යුතු බව, ඔවුන්ට
හැඟෙයි. මනුෂ්‍යයන්ව ඔවුන්ගේ නින්දෙන් අවදි කිරීමට, ඔය මිනිසුන් බොහෝ වෙහෙස වන අතර
දිගටම මෙසේ වෙහෙස විය යුතුයි. මේ ප්‍රදර්ශන එතරම් දෙයක් නොවෙයි. ඔබ දියුණු වත්ම,
ඔබට අන් අයට විස්තර කිරීමට උපකාරි වන වෙනත් බොහෝ පහසුකම් නිර්මාණය වෙයි. පරම පියා
දැන් ඔබව පිවිතුරු කරනවා. එබැවින් ඔහුගේ ඉගැන්වීම් වලට අවධානය යොමු කරන්න! ඔබ සෑම
සිදුවීමකදීම දරා ගත යුතුයි. ඔබලා අතරේ හමුවීම් පවත්වා, දේශන ආදිය පැවැත්වීමට
වැඩසටහන් නිර්මාණය කරන්න. අපට ඇල්ෆා යන මාතෘකාවෙන් පමණක් ඉතා හොඳින් විස්තර කළ හැක.
උසස්ම-උසස් පරමාත්ම දෙවියන් කවුරුන්ද? ඔබට ඇල්ෆා පිළිබඳ පැය දෙකක දේශනයක් ලබා දිය
හැක. ඔබ ඇල්ෆා සිහි කරන විට, ඔබ සතුට අත්විඳින බවත් ඔබ දන්නවා. ඔය දරුවන් ඔබගේ සිහි
කිරීමේ වන්දනා ගමනට අඩුවෙන් අවධානය යොමු කරන විට සහ ඇල්ෆා සිහි නොකරන විට, ඔබ නියත
වශයෙන්ම පාඩුවක් අත්විඳියි. සියල්ල රඳා පවතින්නේ සිහි කිරීම මතයි. ඔහු සිහි
කිරීමෙන් ඔබ දෙව්ලොවට ලඟා වෙයි. ඔහුව අමතක කිරීමෙන් ඔබ ඇද වැටෙයි. වෙනත් කිසිවෙකුට
මෙම දේවල් වැටහෙන්නේ නැත. කිසිම කෙනෙක් ශිව බාබාව කොහෙත්ම හඳුනන්නේ නැහැ. ඔවුන්
කෙතරම් තේජසකින් ඔහුව වන්දනා කළත්, ඔහුව සිහි කළත්, ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ
නැත. පරම පියාගෙන් ඔබට බොහෝ දේපළ හිමි වෙනවා. ක්‍රිෂ්ණාගේ දර්ශනයක් ලබා ගැනීමට
භක්ති මාර්ගයේ මිනිසුන් බොහෝ වෙහෙස වෙයි. හොඳයි, ඉතිං ඔවුන්ට ඇසිල්ලක දර්ශනයක්
ලැබුණා! ඉන්පසුව වන්නේ කුමක්ද? එහි ප්‍රයෝජනයක් තිබුණේ නැත. බලන්න ලෝකයේ අනෙක්
සියලු දෙනා අනුගමනය කරන්නේ කුමක්ද කියා! එය හරියට ඔබ පිවිතුරු උක් යුෂ පානය කරන අතර
අනෙක් සියලු දෙනාම යුෂ ඉවත් කළ උක් දණ්ඩ සපන්නා සේය. ඔබ දැන් මෙම උක් ගසේ පිවිතුරු
යුෂ පානය කරමින් ඔබගේ ආමාශ පුරවාගෙන කල්ප භාගයකට සතුට අත්විඳිනවා. අනෙක් සියලු
දෙනාම භක්ති මාර්ගයේ යුෂ ඉවත් කළ උක් දණ්ඩ සපා කමින් නොකඩවා පහතට පැමිණෙනවා. පරම
පියා දැන් බොහෝ සෙනෙහසින් යුතුව, උත්සාහ දැරීමට ඔබව දිරිගන්වනවා. කෙසේවෙතත්, එය
ඔවුන්ගේ භාග්‍යයේ නොමැති නම්, ඔවුන් අවධානය යොමු කරන්නේ නැහැ. ඔවුන් අවධානය යොමු
නොකරන අතර අන් අයට අවධානය යොමු කිරීමටද ඉඩ නොදෙයි. ඔවුන් අමෘතය පානය නොකරන අතර අන්
අයට එය පානය කිරීමටද ඉඩ නොදෙයි. බොහෝ දෙනෙක් ඒ ආකාරයෙන් හැසිරෙයි. ඔබ හොඳින් ඉගෙන
ගන්නේ නැත්නම් එමෙන්ම සානුකම්පිත වී කිසිවෙකුට යහපතක් සලසන්නේ නැත්නම්, ඔබ කුමන
තත්ත්වයක් හිමි කර ගනීද? ඉගෙනගෙන අන් අයට උගන්වන අය බොහෝ උසස් තත්ත්වයක් හිමි
කරගනී. ඔබ ඉගෙන ගන්නේ නැත්නම්, ඔබගේ ප්‍රගතියේ ප්‍රතිඵලය ලෙස ඔබට කුමන තත්ත්වයක්
හිමි වෙයිද කියා ඔබ දන්නවා. ඒ වෙලාවේදි, බාබා ඔබට සැබවින්ම බොහෝ අනතුරු ඇඟවීම් ලබා
දුන් බව ඔබට හැඟෙයි. මෙහි අසුන්ගෙන සිටින විට, ඔබ අසුන්ගෙන සිටින්නේ අසීමිත පියා
සමග බව, ඔබගේ බුද්ධියට ඇතුළු විය යුතුයි. ඔහු පෙර කල්පයේ කළ ආකාරයෙන්ම උඩ ඉහළ සිට
පැමිණ, මෙම සිරුර තුළින් අපට උගන්වයි. අප දැන් නැවත වරක් පරම පියා ඉදිරියේ අසුන්
ගෙන සිටිනවා. අප ආපසු නිවහනට යා යුත්තේ ඔහු සමගයි. ඔහු අපව මෙහි දමා යන්නේ නැහැ.
පරම පියා අපව ඔහු සමග රැගෙන යයි. මෙම පැරණි ලෝකය විනාශ වීමට යනවා. වෙනත් කිසිවෙකු
මෙම දේවල් නොදනී. පසු කාලීනව, මෙම පැරණි ලෝකය විනාශ වීමට යන බව ඔවුන්ට වැටහෙයි.
එවිට ඔවුන්ට කිසිවක් ලබා ගැනීමට නොහැකි වෙයි. වෙනත් කිසිවෙකු මෙම දේවල් ගැන නොදනී.
ඒ වන විට එය පමා වැඩි වෙයි. සියලු දෙනාම තම ගිණුම් පියවා ආපසු නිවසට යා යුතුයි. මෙය
දන්නේ නුවණැති දරුවන් පමණයි. සැබෑ දරුවන් වන්නේ මව සහ පියා අනුගමනය කර, සේවය කරමින්
කාර්යබහුලව සිටින අයයි. පරම පියා ආධ්‍යාත්මික සේවය සිදු කරන ආකාරයට, ඔබත් එයම කළ
යුතුයි. නිරන්තරයෙන් මෙම එක් සැලකිල්ල ඇති දරුවන්ව බාබා වර්ණනා කරයි. ඔබ ඔවුන් මෙන්
විය යුතුයි. සෑම කෙනෙකුටම ගුරුවරයෙක් සිටිනවා. ඔබ සියලු දෙනාද මෙහි පැමිණෙනවා. ලොකු
ගුරුවරයා මෙහි අසුන් ගෙන සිටිනවා. ඔබ පරම පියාව සිහි කරන්නේවත් නැත්නම්, ඔබ තමන්ව
හැඩ ගසාගන්නේ කෙසේද? දැනුම ඉතා පහසුයි. උපත් 84 හි චක්‍රය ඉතා පහසුයි, ඒ තිබියදි ඔබ
බොහෝ වෙහෙස විය යුතුයි! පරම පියා සෑම දෙයක්ම ඉතා පහසුවෙන් පහදා දෙයි. පරම පියාව සහ
උපත් 84 හි චක්‍රය සිහි කරන්න, එවිට ඔබගේ ඔරුව එතෙර වෙයි. සියලු දෙනාටම මෙම පණිවිඩය
ලබා දෙන්න. ඔබගේ හදවතින් විමසන්න මා කෙතරම් දුරට පණිවිඩකරුවෙක් වෙලාද? ඔබ මිනිසුන්
වැඩි දෙනෙක් අවදි කරන තරමට, ඔබට ලැබෙන තිළිණය වඩාත් විශාල වෙයි. මා අන් අයව අවදි
නොකරන්නේ නම්, මාද සැබෑවටම නිදි ඇති. එසේ නම් මට හිමි වන තත්ත්වය එතරම් උසස්
නොවෙයි. ඔබගේ මුළු දවසේ වාර්තාව දෙස ඔබ සෑම දිනකම සවස බැලිය යුතු බව, බාබා නැවත
නැවතත් පවසයි. ඔබ සේවයේද කාර්යබහුලව සිටිය යුතුයි. ප්‍රධානතම දේ වන්නේ පරම පියාගේ
හැඳින්වීම ලබා දීමය. පියා, භාරතය දෙව්ලොව බවට පත් කළා. එය දැන් අපාය වන අතර එය නැවත
වරක් දෙව්ලොව වීමට යනවා. චක්‍රය බ්‍රමණය විය යුතුයි. ඔබ තමෝප්‍රධාන් බවින්
සතෝප්‍රධාන් විය යුතුයි. පරම පියා සිහි කරන්න, එවිට ඔබගෙන් අවගුණ ඉවත් වෙයි. සත්
යුගයේ සිටින්නේ මනුෂ්‍යයන් ඉතා සුළු පිරිසකි. පසුව, රාවණගේ රාජධානියේ ජනගහණය බොහෝ
සේ වැඩි වෙයි. සත් යුගය ආරම්භයේ සිටින 900,000 ක්‍රම-ක්‍රමයෙන් වැඩි වෙයි. මුලදි
පිවිතුරුව සිටි අය පසුව අපවිත්‍ර වෙයි. සත් යුගයේ දේවතාවන්ගේ පිවිතුරු ගෘහස්ථ මාවත
තිබේ. එම අයම පසුව අපවිත්‍ර ගෘහස්ථ මාවතේ අය බවට පත් වෙයි. මෙම චක්‍රය නාටකයට අනුව
බ්‍රමණය විය යුතුයි. ඔබ දැන් පිවිතුරු ගෘහස්ථ මාවතේ අය බවට පත් වෙමින් සිටිනවා.
පැමිණ, ඔබව පිවිතුරු කළ හැක්කේ පරම පියාට පමණයි. ඔහු පවසන්නේ මා සිහි කරන්න, එවිට
ඔබගේ පාපයන් අහෝසි වෙයි. ඔබ චක්‍රයෙන් භාගයක් පිවිතුරුව සිටියා. පසුව, රාවණගේ
රාජධානිය ආරම්භ වූ විට ඔබ අපවිත්‍ර විය. ඔබට දැන් මෙම දේවල් වැටහෙයි. අපද පැන්සයක්
තරම්වත් නොවටිනා අයව සිටියා. අපට දැන් බොහෝ දැනුම ලැබී තිබෙනවා. අප සිටි ආකාරයෙන්,
අපව සම්පූර්ණයෙන් පරිවර්ථනය කරන්නේ, මෙම දැනුමයි. අනෙක් සියලුම ආගම් විනාශ වෙයි.
සියලු දෙනාම සතුන් මෙන් මිය යයි. හිම වැටෙන විට, බොහෝ සතුන් සහ කුරුල්ලන් මිය යයි.
ස්වභාවික ව්‍යසනද ඇති වෙයි සියල්ලම විනාශ වෙයි. සියලු දෙනාම දැනටමත් මිය ගොසින්ය.
ඔබගේ භෞතික ඇස් දෙකින් පෙනෙන සෑම දෙයක්ම තව දුරටත් නොපවති. නව ලෝකයේ මිනිසුන් ඉතා
සුළු පිරිසක් සිටියි. ඔබගේ බුද්ධිය තුළ මෙම දැනුම තිබේ. ඥාන සාගරය වන පරම පියා, ඔබට
දැනුමේ දායාදය ලබා දෙනවා. දැන් මුළු ලොව පුරා, කුණු කසල හැර වෙනත් දෙයක් නැති බව ඔබ
දන්නවා. අපි කසල ගොඩේ බොහෝ අපිරිසිදු විය. බාබා අපව කසල ගොෙඩන් ඉවත් කර, අපව ලස්සන
කරවනවා. ජීවාත්ම වන අප, මෙම සිරුරු හලා දමා පිවිතුරු වෙයි. පරම පියා සියලු දෙනාටම
උගන්වන්නේ එකම ඉගෙනුමයි, නමුත් සමහරුන්ගේ බුද්ධිය මුළුමනින්ම මියැදි ඇති නිසා
ඔවුන්ට කිසිවක් වටහා ගැනීමට නොහැක. මෙයත් නාටකයේ නියම වී තිබේ. පරම පියා පවසන්නේ එය
ඔවුන්ගේ භාග්‍යයේ නොමැති නම්, මා කුමක් කරන්නද? මා සියලු දෙනාටම ලබා දෙන්නේ එකම
ඉගැන්වීම් ඔවුන් ඉගෙනගන්නේ අංක පිළිවෙලටයි. ඇතැමුන් ඉතා හොඳින් වටහාගෙන එය අන් අයට
පහදා දී, අන් අයගේ ජීවිත දියමන්ති තරම් වටිනා බවට පත් කරවයි. සමහරු මෙය කිසිසේත්
නොකරන නමුත් ඔවුන්ට බොහෝ අහංකාරකම තිබේ. විද්‍යාඥයින්ගේ බුද්ධිය තුළ බොහෝ උඩඟුකම
තිබේ. ඔවුන්ට අහසට ඉහළින් සහ ඔබ්බෙන් සහ සාගර පත්ලේ ඇති දේ ගවේෂණය කිරීමට අවශ්‍යයි.
පරම පියා පවස්නනේ ඒ කිසිවකින් ඵලක් නැත. තම විද්‍යාව ගැන උඩඟු වන මිනිසුන් හේතුවක්
නැතිව වෙහෙස වනවා. ඔවුන්ට විශාල වේතන ලැබෙන අතර ඔවුන් එය දිගටම අපතේ හරියි. රන්
ද්වාරකය පහළින් මතු වන්නේ නැහැ. මෙම නාටකයේ චක්‍රය නොකඩවා බ්‍රමණය වෙයි. පසුව, කාලය
පැමිණි විට, අප ගොස් නව ලෝකයේ අපගේ මාලිගා තනයි. සමහරු බොහෝ විශ්මයට පත් වී, එම
ගොඩනැගිලිම නැවත ගොඩනැගෙයිද කියා විමසයි. අනිවාර්යෙන් ! ඔබ නැවත වරක් එවන් රන්
මාලිගා තනන ආකාරය, පරම පියා ඔබට පෙන්වා දෙයි. එහි රත්රං බොහෝ තිබේ. දැන් වුවත්,
සමහර ස්ථාන වල රත්රං කඳු තිබෙන නමුත් එම රත්තරන් කැණීමට නොහැකි වී තිබේ. නව ලෝකයේ
රත්තරං ආකර බොහෝ තිබුණු අතර දැන් ඒවා හිස්ය. අද දියමන්තියක මිල බලන්න! අද එය බොහෝ
මිළ අධික වන අතර හෙට එය ගල් මෙන් වෙයි. පරම පියා ඔබට ඉතා ආශ්චර්යමත් දේවල් පවසන අතර
ඔබට දර්ශනද ලබා දෙයි. මුක්ති දේශය ලෙස හඳුන්වන ඔබගේ නිවසේ සිට ඔය ජීවාත්ම පිටත්වී
දැනට වසර 5000 ක් ගෙවී ගොස් ඇති බව ඔය දරුවන් බුද්ධියේ තබා ගත යුතුයි. මුක්තිය ලබා
ගැනීමට භක්ති මාර්ගයේ මිනිසුන් බොහෝ වෙහෙස වෙයි. කෙසේවෙතත්, පරම පියා හැර වෙනත්
කිසිවෙකුට මුක්තිය ලබා දිය නොහැකි බව, ඔබට දැන් වැටහෙනවා. ඔහු හැර වෙනත් කිසිවෙකුට
ඔබව ඔහු සමග ආපසු ගෙන යාමට නොහැක. ඔය දරුවන්ගේ බුද්ධියේ දැන් නව ලෝකය තිබේ. මෙම
චක්‍රය බ්‍රමණය විය යුතු බව ඔබ දන්නවා. ඔබට වෙනත් කිසිදු කාරණාවක පැටලීමට අවශ්‍ය
නැත. සරලව පරම පියාව සිහි කරන්න. සියලු දෙනාට පවසන්න පරම පියා සිහි කරන්න, එවිට
ඔබගේ පාපයන් දුරු වෙයි. පියා ඔබව දෙව්ලොව පාලකයන් බවට පත් කළා, එහෙම නේද? ඔබ මගේ
උපන් දිනය, ශිව ජයන්තිය සමරයි. එතැන් සිට වසර කොපමණ ගෙවී ගොසින්ද? එය ඔබ දෙව්ලොව
වැසියන් වූ දා සිට වසර 5000 ක කාරණාවකි. ඉන්පසුව ඔබ උපත් 84 හි චක්‍රය වටා ගියා.
මෙම නාටකය කල් තියා නියම වූවක්. මා පැමිණ ඔබට ලෝක චක්‍රය විස්තර කර දෙනවා. ඔය
දරුවන්ට දැන් මෙය ඉතා පැහැදිලිව මතකයි. උසස්ම නළුවන් අපයි. අපගේ චරිත කොටස් අප
රඟපාන්නේ බාබා සමගයි. අප බාබාගේ ශ්‍රීමත් අනුගමනය කරමින් ඔහුගේ සිහිපත් කිරීමේ
සිටිමින්, අන් අයව අප හා සමාන බවට පත් කරවනවා. පෙර කල්පයේ මෙය බවට පත් වූ අය,
නැවතත් එය සිදු කරයි. ඔබ නොබැඳි නරඹන්නන් ලෙසින් දිගටම බලා සිටින අතර අන් අයට
උත්සාහ දැරීමටද දිරිගන්වයි. නිරන්තර උද්යෝගය තිබීමට, දිනපතා හුදකලාව අසුන්ගෙන තමන්
සමගම කතාබස් කරන්න. මෙම අසාමයෙන් පිරි ලෝකය තව ටික කලක් පමණක් පවතී. ඉන්පසුව අසාමය
පිළිබඳ සඳහනක් නොතිබෙයි. මානසික සාමය තිබෙන්නේ කෙසේද කියා කිසිවෙකු විමසන්නේ වත්
නැත. සියලු දෙනාම දැන් සෑම තැනකම සාමය සොයයි. කෙසේවෙතත්, සාම සාගරය වන්නේ පරම පියා
පමණයි. වෙනත් කිසිවෙකුට මෙම සාමය නොමැත. මෙම ඥානය ඔය දරුවන්ගේ බුද්ධි තුළ රැව්
පිලිරැව් දිය යුතුයි. නිර්මාණකරු සහ නිර්මාණය ගැන දැනුවත් වීම, ඥානය ලෙස
හැඳින්වෙයි. එකක් සාමය වෙනුවෙන් වන අතර අනෙක සතුට වෙනුවෙනි. ධනය තුළින් ඔබට සතුට
ලැබෙයි. මනුෂ්‍යයන්ට ධනය නොමැති නම්, තමාගෙන් ඵලක් නැති බව ඔවුන්ට හැඟෙයි. මුදල්
වෙනුවෙන් බොහෝ පාපයන් සිදු කරයි. පරම පියා ඔබට අනන්ත ධනය ලබා දෙයි. දෙව්ලොව රත්තරං
වන අතර අපාය ගල්ය. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. හුදකලාව
අසුන්ගෙන තමා සමගම කතා බස් කිරීමට කාලය සාදා ගන්න. තමන්ව උද්යෝගිමත් කරවන්න. අන්
අයව ඔබ හා සමාන කරවීමට සේවය කිරීම සමගම සෑම කෙනෙකුගේම චරිත කොටස නැරඹීම සඳහා,
නොබැඳි නිරීක‍්ෂකයෙක් වන්න.
2. පරම පියා සිහිකර,
තමන්ව හැඩ ගසාගන්න. තම හදවතින් විමසන්න: මා පණිවිඩකරුවෙක් වී තිබෙනවාද? මා
කීදෙනෙක්ව මා හා සමාන බවට පත් කරවනවාද?
වරදානය:
ඔබ පියාසර කරන
පක්ෂියෙක් වී, ශ්‍රේෂ්ඨ උත්සාහ දැරීමෙන්, අවසන් ප්‍රතිඵලයේ ප්‍රථම අංකයක් හිමි
කරගනිත්වා.
අවසන් ප්‍රතිඵලයේ
ප්‍රථම අංකයක් හිමි කරගැනීම සදහා: 1) ඔබ අතීතයේ දේවල් සහ පැරණි සංස්කාර පුළුස්සා
දමන අතර ඔබගේ හදවතින් අවිනාශි නිරාශාව ඇති කරගන්න. 2) අම්රිත් වේලාවේ සිට රාත්‍රිය
දක්වා සෑම විටම දේවමය විනයන් සහ ආචාර ධර්ම රැකීමට භාරයක් වන්න. 3) ඔබගේ සිතිවිලි,
වචන සහ නෑ සම්බන්ධතා වලදි නිරන්තර මහා දානපතියෙක් වන්න. පුණ්‍යවන්ත ජීවාත්මයක් වී,
නොකඩවා දන් දී පුණ්‍යකර්ම සිදු කරන්න. මෙතරම් උස පැනීමක් ගැනීමට, ඔබ මෙතරම්
ශ්‍රේෂ්ඨ උත්සාහ දරන විට, ඔබට පියාඹන පක්ෂියෙක් වි, අවසන් ප්‍රතිඵලයේ ප්‍රථම අංකයක්
හිමි කරගැනීමට හැකි වෙයි.
පාඨය:
සේවය වෙනුවෙන්
ඇති අවසන් උත්සාහය වන්නේ ඔබගේ ආකල්පය තුළින් වාතාවරණය බලවත් කිරීමයි.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
ලෝකයේ ඔය උසස්ම
පෞරුෂත්ව, විශේෂ සහ ශ්‍රේෂ්ඨ ජීවාත්මයි. ඔබගේ පාරිශුද්ධ පෞරුෂත්වයේ විශේෂත්වය
වන්නේ, ඔබ සිදු කරන සෑම ක්‍රියාවක්ම, ශ්‍රේෂ්ඨත්වයෙන් පිරී තිබීමයි. මෙම
ආධ්‍යාත්මික පෞරුෂත්වය ඇති ඔය ජීවාත්ම, ඔබගේ ශක්තිය, කාලය හෝ සිතිවිලි අපතේ නොයවා,
සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කරයි. එවන් පෞරුෂත්ව ඇති ඔය ජීවාත්ම, සුළු කාරණා වලට
ඔබගේ මනසේ හෝ බුද්ධියේ ඉඩක් ලබා නොදෙයි.