31.05.25 Avyakt Bapdada
Sinhala
Murli 15.03.2010 Om Shanti Madhuban
ඕ, පරමාත්ම දෙවියන්ගේ
සෙනෙහස ලැබීමට සුදුසු ජීවාත්මයනේ,
දුකෙන් ඉන්න අයට දෝත පුරා සතුට දෙන්න.
සියලු නිෂ්ඵලත්වය අවසන් කර, බලවත් වී, කාලය සමීපයට ගෙන එන්න.
අද දින බාප්දාදා සෑම
තැනකම සිටින පරමාත්ම දෙවියන්ගේ ආදරණීය දරුවන්ව දකිනවා. කෝටි ගණනක් අතරින්, පරමාත්ම
දෙවියන්ගේ ඔය ආදරණීය දරුවන් අතමිටක් පමණයි සිටින්නේ, මන්ද, ඔබට පරමාත්ම දෙවියන්ගේ
සෙනෙහස අත්විඳින්න ලැබෙන්නේ මෙකලදි පමණයි. මුළු කල්පය පුරාම, ඔබ ජීවාත්මයන්ගේ,
මහාත්මයන්ගේ සහ ධර්මාත්මයන්ගේ සෙනෙහස අත්විඳ තිබේ, නමුත් පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස
අත්විඳිය හැක්කේ දැන් සංගම යුගයේ පමණයි, ඔය සියලුම දරුවන් දැන් අත්විඳින්නේ එයයි.
පරමාත්ම දෙවියන් සිටින්නේ කොහිද, කියා කෙනෙක් ඔබගෙන් විමසූ විට, ඔබ ඔහුට ලබා දෙන
පිළිතුර කුමක්ද? ‘ඔහු ඉන්නේ මා සමගයි. ඔහු මා සමග සිටියි. ඔහු ඉන්නේ මගේ හදවතේ.’ ඔබ
මෙය අත්විඳිනවා නේද? මෙය දන්නේ ඔබ පමණක් වන අතර මෙම සෙනෙහසේ අත්දැකීම තිබෙන්නේ ඔබට
පමණයි: ‘පරම පියා සිටින්නේ මගේ හදවතේ වන අතර මා ඉන්නේ පරම පියාගේ හදවත තුළයි.’
පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ කුල්මත් බව අත්විඳීමේ භාග්‍යය ලැබී තිබෙන්නේ ඔබට පමණක්
බව ඔබ දන්නවා. කෙනෙකුට සෙනෙහස තිබෙන බවට ලක්ෂණය කුමක්ද? එහි ලක්ෂණය වන්නේ, ඔබ එම
කෙනාට තමන්ව කැප කිරීමයි. ඔය සියලුම දරුවන්ගෙන් පරම පියා, පරමාත්ම ජීවයට අවශ්‍ය
කුමක්ද කියා ඔය සියලු දෙනා දන්නවා. පියාගේ ප්‍රාර්ථනාව වන්නේ ඔය සෑම දරුවෙක්ම පියාට
සමාන විය යුතු බවයි. පියා කෙබඳුද, දරුවන්ගේ මනෝ ස්ථිතියද එතරම්ම උතුම් විය යුතුයි.
එම උතුම් ස්ථිතිය කුමක්ද? සම්පූර්ණ පාරිශුද්ධත්වයේ ස්ථිතිය: ඔබගේ සිහිනෙන් වත්
අපවිත්‍රතාවය පැමිණිය නොහැකි තරම් පවිත්‍රත්වය. ඔබ එවන් සම්පූර්ණ පවිත්‍ර ස්ථිතියක්
නිර්මාණය කරගන්නවාද, අපවිත්‍රතාවයේ කිසිදු නමක් හෝ සලකුණක් පවා නොමැති පවිත්‍ර
ස්ථිතියක්?
වර්ථමානයේ, කාලය
සමීපයට පැමිණීම නිසා, බාප්දාදා මෙම සංඥාව ලබා දෙනවා: කාලයේ සමීපත්වයට අනුව, නිෂ්ඵල
සිතිවිලි තිබීමත් අපවිත්‍ර බවේ ලක්ෂණයකි. අහංකාරකමක හෝ අපහාසයක නිෂ්ඵල සිතිවිල්ලක්
ඔබව ඒ දෙසට ඇද ගන්නේද කියා දවස පුරා පරීක්ෂා කර බලන්න. ගමන් කරන අතර, පරම පියා
විසින් ලබා දී ඇති කිසියම් විශේෂත්වයක්, තමන්ගේ විශේෂත්වය බව සලකා ඔබ අහංකාර
වුනොත්, එවිට එයත්, මෙවැනි නිෂ්ඵල සිතිවිල්ලක් සහ මම යන අවධානයේ අපවිත්‍ර
සිතිවිල්ලකි: ‘මම අඩු නැහැ. මමත් සෑම දෙයක්ම දන්නවා. නිවැරදි සහ උසස් වන්නේ මගේ
සිතිවිල්ල පමණයි.’ මම යන අහංකාරකමේ එවන් සිතිවිලි ද අපවිත්‍රතාවයේ සියුම් සලකුණුය.
එබැවින් තමන්ව පරීක්ෂා කර බලන්න. කිසිම අන්දමක අපවිත්‍රතාවයේ නිෂ්ඵල සිතිවිල්ලක
සලකුණක් තවම ඉතිරිව නැහැ නේද? පරමාත්ම දෙවියන්ගේ ඔය ආදරණීය දරුවන්, පිවිතුරු ලෝකයේ
ස්ථාපන කාලය සමීපයට ගෙන ඒමට උපකරණයි. එබැවින්, ඔය උපකරණ ජීවාත්මයන්ගේ චිත්ත තරංග
සෑම තැනකම පැතිරී යයි. එබැවින් පරීක්ෂා කර බලන්න: ඕනෑම ආකාරයක නිෂ්ඵල සිතිවිල්ලක්
ඔබව ඇද ගන්නවාද? පිවිතුරු ලෝකය සහ පිවිතුරු රාජධානිය දැන් සමීපයට පැමිණෙන නිසා, දුක
සහ අසාමය සෑම තැනකම විවිධ ස්වරූප වලින් වැඩි වන අතර පවිත්‍රත්වයේ චිත්ත තරංග දැන්
අවශ්‍යයි. දුක සහ අසාමයට හේතුව අපවිත්‍ර බවයි. එබැවින් අපවිත්‍ර ජීවාත්ම සහ බැතිමත්
ජීවාත්මයන්ට දැන් දෙගුණයක සේවය ලබා ගැනීමට අවශ්‍යයි. සෑම තැනකම වචන වලින් සේවය බොහෝ
ශෝභාවෙන් සිදුවන බව බාප්දාදා දැක තිබෙනවා. ඔබ දැන් ඔවුන්ගේ පැමිණිල්ල අවසන් කරනවා.
කෙසේවෙතත්, ජීවාත්මයන්ට දැන් වැඩිපුර සකාශ් අවශ්‍යයි. ඔබගේ මනසින් සේවය කරමින්
ඔවුන්ට සකාශ්, එඩිතරකම, උනන්දුව සහ උද්යෝගය ලබා දීමෙන් මෙය සිදු කරන්න. ඉතිං මෙකල,
දෙගුණයක සේවය කිරීමට අවශ්‍යයි. මේ සඳහා ඔය සෑම දරුවෙක්ම තමන් මුතුන්මිත්තෙක් බව
සැලකිය යුතු බව බාප්දාදා පවසා තිබේ. ඔබලා, මෙම කල්ප වෘක්ෂයේ අත්තිවාරම, මුතුන්
මිත්තන් සහ වන්දනීය ජීවාත්මයි. බාප්දාදාට දුකින් සිටින දරුවන්ගේ හඬ අඛණ්ඩව ඇසෙයි.
එම ජීවාත්මයන්ගේ කන්නලව්වේ හඬ, ඔය දරුවන් වෙතට ළඟා විය යුතුයි. ඔබ සම්පූර්ණයෙන්
පිවිතුරු ජීවාත්ම වීමට යනවා, ඔබ එය බවට පත්වෙමින් සිටියි, ඔබ එය වී තිබේ, නමුත් එයට
අමතරව, ඔබගේ මනසින් සේවය කිරීමත් ඔබ වැඩි කළ යුතුයි.
අද ලෝකයේ සතුට, සාමය
සහ තෘප්තිය අඩු වෙමින් පවතියි. එබැවින් පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලැබීමට සුදුසු ඔය
ජීවාත්ම, ජීවාත්මයන්ට සෙනෙහස, තෘප්තිය සහ සතුට දෝත පුරා ලබා දිය යුතුයි. එම දුකින්
සිටින ජීවාත්මයන්ට ඔබ දෝත පුරා සතුට ලබා දිය යුතුයි. පළමුව ඔබගේ මනසින් සේවය
කිරීමෙන් සකාශ් ලබා දෙන්න, දෙවනුව ඔබගේ මුහුණින් සහ ක්‍රියාකාරකම් තුළින් පරම පියාව
හෙළිදරව් කරන්න. ඔබ සිදුකර ඇති සහ කරමින් සිටින සේවය ගැන සහ සෑම තැනකම උනන්දුව සහ
උද්යෝගය තිබීම ගැන බාප්දාදා සතුටු වන නමුත් එක සේවයක් තවමත් කිරීමට ඉතිරිව තිබේ. ඔය
බ්‍රහ්ම කුමාරීන් මනුෂ්‍යයන්ව යහපත් කරන බව සහ ඔබ ඔවුන්ව අපවිත්‍ර සහ-සම්බන්ධතා
වලින් නිදහස් කරන බවට හඬ, මේ වන තුරු තිබී ඇත. තරුණ කණ්ඩායම් විසින් කළ යුතු, රජයට
අවශ්‍ය, ඉතා හොඳ සේවයක් ඔබ සිදු කරයි. කෙසේවෙතත්, ඔවුන් දැන් පැවසිය යුත්තේ: ‘පරම
පියා ඇවිත්. පරමාත්ම දෙවියන් දැනටමත් ඇවිත්. පරමාත්ම දෙවියන් විසින් ලබා දුන් දැනුම
ඔවුන් ලබා දෙනවා. උරුමය ලබා දීමට මගේ පියා ඇවිත්.’ ඔවුන්ගේ ද්‍රිෂ්ඨිය දැන් පියා
වෙතට යෑමෙන්, ඔවුන් පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසින් සහ දේවමය ආකර්ෂණයෙන්, ආකර්ෂණය
වෙයි. ඔවුන් දැනටමත් මෙසේ කීම අරඹා ඇත: ‘මෙය හොඳයි, මෙය හොඳයි’, නමුත් පියා වන
පරමාත්ම දෙවියන්ගේ හෙළිදරව්ව ඔවුන්ව ආකර්ෂණය කර, ඔවුන්ව යහපත් කරවයි. එබැවින් ඔවුන්
සිහි කරමින් සිටි ඒකායන කෙනාව, මෙම දැනුම සහ මෙම උරුමය ලබා දෙන පියා වන පරමාත්ම
දෙවියන්ව ඔවුන් දැන් හඳුනා ගත යුතුයි. ඔබගේ මනසින් ඔවුන්ට සේවය කිරීමෙන් දැන්
ඔවුන්ව පරම පියාගේ සමීපයට ගෙන එන්න. ඔබගේ මුහුණින්, ක්‍රියාකාරකම් සහ දෑස් වලින්
පියා හෙළිදරව් විය යුතුයි. එබැවින් දැන් මෙම සැලැස්ම ඔබ අතරේ සකස් කළ යුතුයි.
බාප්දාදා ඔබට විටින්
විට ලබා දී ඇති සැලසුම් විශාල විනයකින් සහ බොහෝ උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඔය දරුවන්
ක්‍රියාවට නංවා ඇති බව සහ ඔබ දැනටමත් එය සිදු කරන බව බාප්දාදා දුටුවා. ඒ වෙනුවෙන්
බාප්දාදා ඔබට කෝටි, කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා. දැන් එයට මෙයත් එකතු කරන්න.
පරමාත්ම දෙවියන් උරුමය ලබා දෙනවා. ඔබ දැන් උරුමය නොගන්නේ නම්, එවිට, ඔබ එය ගන්නේ
කවදාද? දුක සහ අසාමයේ වාතාවරණය දැක, පියා තුළ ඔය දරුවන් ගැන අනුකම්පාවක් ඇති වෙයි.
මෙය අන්තයට යාමට නියමිත බව, ඔබ සහ පියා දන්නවා. අන්තය නොමැතිව අවසානයක් තිබිය
නොහැක. එවන් කාලයකදි ජීවාත්මයන්ට මෙම අත්දැකීම ලබා දෙන්න, ඔවුන්ට ඒ ගැන ඇසීමට පමණක්
නොවෙයි, නමුත් පරමාත්ම දෙවියන් උරුමය ලබා දීමේ අත්දැකීම ඔවුන්ට ලබා දෙන්න. පරමාත්ම
දෙවියන්ගේ හෙළිදරව්ව කවදාද සහ කෙසේ සිදුවෙයිද කියා, ඔබ සියලු දෙනාද විමසනවා නේද?
ඔවුන් මෙසේ පවසන අන්දමට එම හඬ සෑහෙන දුරකට ළඟා වී තිබේ: ‘බ්‍රහ්ම කුමාරීන්’, නමුත්
බ්‍රහ්ම කුමාරීන්ට උගන්වන්නේ කවුද? බ්‍රහ්ම කුමර කුමරියන්ගේ දානපතියා කවුද? ඔබ දැන්
කාලය සමීපයට ගෙනැවිත් සමාප්තිය ගෙන ආ යුතුයි. සමාප්තිය සමීපයට ගෙන ඒමට යන්නේ කවුද?
ඔය සෑම දරුවෙක්ම තමන් මෙයට උපකරණයක් බව සලකනවා නේද? පරමාත්ම පියා ඔය දරුවන්ට ඔහුත්
සමගම මෙම වගකීම ලබා දී ඇත. පුතා, පියාව පෙන්වයි. ඔබගෙන් ඇතැම් අය පරම පියාව
හඳුනාගත් විට, ඔබ පියාව දැන හඳුනාගත් විට සිදු වුනේ කුමක්ද? ඔබ ඔහුව හැඳින ගත්තා,
ඔබ ඔහුව දැන හඳුනාගෙන, ඔහුගේ දරුවන් වීමෙන් උරුමයට අයිතියක් හිමිකර ගත්තා. දැන් තම
උරුමය හිමි කරගන්නා ජීවාත්මයන්ගේ පෝලිමක් ඇති විය යුතුයි. ඉතිං පෝලිම සිර වී,
නොසෑදෙන්නේ ඇයි? මන්ද, දැන් පවා සමහර දරුවන් නිෂ්ඵල සිතිවිලි පෝලිමක සිර වී සිටින
බැවින්: ඇයි? මොකක්ද? කොහොමද? මෙම සමාප්තියේ කාර්යයට ඔබගේ කාලය ඔබ ලබා දෙයි, නමුත්
ඔබ තවම නිෂ්ඵලත්වය අවසන් කර නැහැ. නිෂ්ඵලත්වය (ව්‍යර්ත්) ඔබ බලවත් (සමර්ථ) වීමට
බාධාවක් වෙයි.
අද දින, බාප්දාදා,
ඔබගේ නිෂ්ඵල සිතිවිලි අවසන් කිරීම සඳහා සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට එඩිතරකම
ලබා දෙනවා: දැන් සියලු නිෂ්ඵලත්වය අවසන් කර, නිරන්තරයෙන් බලවත් වී, අන් අයව බලවත්
කරවන්න. ඔවුන්ට පණිවිඩය පමණක් නොදෙන්න, නමුත් ඔවුන්ව බලවත් කරවන්න. ඔබ බලවත් වී,
අන් අයව බලවත් කරවන්න. සියලු නිෂ්ඵලත්වය අවසන් කිරීමේ දිනය සමරන්න. මෙය කළ හැකිද?
නිෂ්ඵල සිතිවිලි ඔබට පාඩුවක් ගෙන දෙන බව ඔබට විශ්වාසයි. ඒවා ඔබගේ කාලය අපතේ යවා,
ඔබට නිරතුරුවම සතුටින් සහ භාග්‍යවන්තව සිටීමේ අත්දැකීම අඩු කරයි. සමාප්තියේ කාලය ඔබ
සමීපයට ගෙන ආ යුතු බව ඔබ විශ්වාස කරයි. ඉතිං මෙය කළ යුත්තේ කවුද? ඔබ එය කළ යුතුයි
නේද? ඔබ සමාප්තියේ කාලය සමීපයට ගෙන ආ යුතු බව සහ එසේ කිරීමට ඔබ නිෂ්ඵලත්වය අවසන් කළ
යුතු බව, විශ්වාස කරන අය ඔබලාය. ඔබ එය කිරීමට යනවා නොවෙයි, නමුත් ඔබ අනිවාර්යෙන් එය
කළ යුතුයි. එය (නිෂ්ඵලත්වය) ඔබගේ සිහින වලට වත් ඇතුළු නොවිය යුතුයි; ඔබගේ සිතිවිලි
වලට පමණක් නොව, එය ඔබගේ සිහින වලට වත් ඇතුළු නොවිය යුතුයි. තමන් එතරම්ම එඩිතර
දරුවන් බව සලකන අය, අත් ඔසවන්න! ඔබ ඔසවන්නේ ඔබගේ මනසේ අත් නේද? ඔබගේ භෞතික අත එසවීම
ඉතා පහසුයි, නමුත් ඔබගේ මනසේ අත ඔබ ඔසවනවාද? ඔබගේ මනසේ අත් ඔසවන අය, අත් ඔසවන්න! එය
ඔබගේ මනසේ අත නේද? අච්චා.
බාප්දාදා දැන් ඔය
සියලුම දරුවන්ට මෙම වරදානය ලබා දෙනවා: පැමිණීමට යන නව ලෝකයේ ඔබ සියලු දෙනා උපත්
21ක් නිරන්තර සතුටින් රැඳී සිටියි. ඔබට වෙහෙස වීමට සිදු නොවෙයි. ඔබ ලෝකයේ ප්‍රශ්න
වල සිරගත නොවෙයි. ඔබගේ ජීවිතයට අවශ්‍ය සියලු දේ, ඔබගේ සිරුරු වලට, මනසට සහ ධනය යන
සියල්ල ඔබට ලැබෙයි. ඔබගේ සිරුරු නිරෝගී වෙයි, ඔබගේ මනස සතුටින් තිබෙයි. එමෙන්ම ඔබට
බොහෝ ධනය තිබෙයි, එමෙන්ම මෙය උපත් 21කට ඔබට සහතිකයක්. අච්චා. වත්මන් ලෝකයට අනුව,
බොහෝ දේවල් නොකඩවා වෙනස් වෙයි. රජයේ නීතිද වෙනස් වනවා. මිනිසුන්ගේ ආකල්පද වෙනස්
වීමට තිබේ. මේ සඳහා සෑම කෙනෙකුගේම ජීවිතයට බොහෝ දේ පැමිණෙයි - නිෂ්ඵල දේවල් -
එබැවින් නිෂ්ඵලත්වය අවසන් කිරීමට ඔබට බලවත් සිතිවිලි අවශ්‍යයි. නිෂ්ඵල සිතිවිලි
අවසන් කිරීමට, ඔබට හොඳම සිතවිලි අවශ්‍යයි, එමෙන්ම ඒ සඳහා, ඔබ දිනපතා වරදානයට සවන්
දිය යුතුයි. වරදානය යනු, උසස් සිතිවිලි. ඔබ තුළ නිෂ්ඵලත්වය ඇති වන ඕනෑම විටෙක, ඔබගේ
මනස ශ්‍රේෂ්ඨ සිතිවිලි ඇති කිරීම අවශ්‍යයෙන් සිදු කළ යුතුයි. මනසට හිස්ව සිටිය
නොහැක. මනසට අනිවාර්යෙන් එක හෝ වෙනත් සිතිවිල්ලක් අවශ්‍යයි. නිෂ්ඵලත්වය, හොඳම බවට
වෙනස් කිරීම සඳහා, වරදානය, පාඨය සහ සෑම මුරලියකම ආරම්භයේ ඇති සාරය තුළින්, ඔබගේ
මනසට මෙම වෙනස අවශ්‍යයි. ඔබගේ දෑස් විවර කළ සැනින්ම පළමුව මෙසේ කියන්න: ශිව බාබාට
සුබ උදෑසනක්. ඔබට මෙය කළ හැකිද? ඔබ පළමුවෙන්ම උදෑසන හොඳ කෙනෙකුගේ මුහුණ දුටුවොත්
ඔබගේ මුළු දවසම හොඳින් ගෙවෙයි, කියා කියමනක් තිබෙනවා. හොඳ නැති කෙනෙකුගේ මුහුණ දුටු
විට ඔවුන් කියන්නේ කුමක්ද? ඔවුන් කියන්නේ: ‘මා කාගේ මුහුණ දුටුවද දන්නෑ, මුළු දවසම
නරකයි.’ ඉතිං, හොඳම කෙනා කවුද? ශිව බාබා. ඔබ තුළ ශිව බාබා කෙරෙහි සෙනෙහස තිබෙනවා
නේද? ඔබ දෑස් විවර කළ සැනින්: ‘සුබ උදෑසනක්, ශිව බාබා’. පසුව රාත්‍රියේ ඔබ දෑස් වසන
විට, ඔබ නින්දට යන විට, මෙසේ කියන්න: සුබ රාත්‍රියක් ශිව බාබා.’ මෙය පහසුයි නේද?
එවිට ඔබගේ මුළු දවසම යහපත් වෙයි, මන්ද, ඔබ ආශිර්වාදයෙන් පිවිතුරු සිතිවිලි ලබා ගත්
නිසා. එබැවින් මෙය කරන්න! බාප්දාදා තුළ ඔය සියලු දෙනා කෙරෙහි සෙනෙහස තිබෙනවා.
එබැවින් මෙය කිරීමෙන්, ඔබ අඛණ්ඩව ඉදිරියට ගමන් කරයි. ඔබගේ මෙම දිවියේ ඔබ සතුටද
අත්විඳියි. කිසිම විටෙක දුක් රැල්ලක් නොතිබෙයි. ඉතිං ඔබ එකඟද? සරළව පහසු යෝගීවරු
වන්න. ‘මා ජීවාත්මයක්, මා ශිව බාබාගේ දරුවෙක්, එපමණයි.’ මෙය පහසු යෝගීවරයෙක් වීමයි.
ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට මෙය සිහි කරගන්න: ‘මා ජීවාත්මයක්, මා ශිව බාබාගේ
දරුවෙක්.’ ඔබට මෙපමණක් මතකයේ තබා ගත හැකියි නේද? එය ඉතා හොඳයි.
දැන් උරුමකරුවන් වන
හෝ උරුමකරුවන් වීමට යන ඔබ සියලු දෙනා; තමන් බාප්දාදාගේ සැබෑ උරුමකරුවන් බව සලකන අය,
අත් ඔසවන්න! ඔබ උරුමකරුවන්ද? සියලුම ප්‍රභූවරුන්ද අත් ඔසවනවා. අඩු තරමින් අත්පොළසන්
ගසන්න! අච්චා. දැන් උරුමකරු ගුණයෙන් යුත් මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල තිබෙන අය, යම්
අවස්ථාවක නොවෙයි, දැන් සිටම බාප්දාදාට මෙම සිතිවිල්ල ලබා දෙන අය: ‘අපි නියත වශයෙන්ම
දැන් සිට සියලු නිෂ්ඵල සිතිවිලි අවසන් කරනවා’. ඔබ එකඟද? ඔබ එකඟ වනවාද? එසේ නම් අත්
ඔසවන්න! කාර්ය දෙකක් තිබේ. එකක්, නිරන්තරයෙන් බලවත් වීම සහ අනෙක සමාප්තියේ කාලය
සමීපයට ගෙන ඒම. බාප්දාදාට බොහෝ සේ දුක් හඬ සහ කන්නලව්ව ඇසෙනවා. ඔබට ඒවා නෑසෙන්නේ
මන්ද කියා බාප්දාදා නොදනී. බාප්දාදාට එය ඇසෙන්නේ නම්, තමන් උරුමකරුවන් බව සලකන ඔය
දරුවන්, උරුමය හිමි කරගැනීමට සිටින අය තුළ, උරුමය හිමි කරගැනීමට යන අය කෙරෙහි
දයානුකම්පාවක් තිබිය යුතුයි. ඔබට එම දයාව නොමැත්තේ ඇයි? නිරාශාව තිබිය යුතුයි -
අසීමිත නිරාශාව - සහ දයාව. සුළු කාරණා නිසා ‘ඇයි?’ සහ ‘මොකක්ද?’ යන පෝලිමට කාලය
නොදෙන්න. එබැවින් ඕ, බාප්දාදාගේ බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ ආදරණීය දරුවනේ,
කෝටි, කෝටි ගුණයක වරදාන වලින් ආශිර්වාද ලත් ඔය දරුවන්, දැන් ඔබගේ සිතිවිලි
අධිෂ්ඨානගත කරගන්න. තව වැඩියෙන් අධිෂ්ඨානයේ යතුර භාවිතා කරන්න. කර්ම යෝගීවරු වන්න.
ඔබ කර්ම යෝගී ජීවිතයක් ඇති අයයි. ජීවිතයක් යම් කාලයකට පමණක් නොවෙයි, සෑම කලටයි.
එබැවින් දැන් ඔබගේ දුක ඉවත් කර, සතුට දන් දෙන්නෙකුගේ දයාබර, කාරුණික ස්වරූපයට
ඉස්මතු වන්නට ඉඩ දෙන්න. ‘හදිසියේ’ යන කාල වකවානුව ගැන බාප්දාදා ඔබට බොහෝ කාලයක් සිට
කියමින් හිඳ ඇත. එබැවින් හදිසියේ යමක් සිදු වීමට පෙර, අඩු තරමින් බැතිමතුන්ගේ
කන්නලව්ව ඉටු කරන්න. දුක් විඳින අයගේ දුක් හඬට සවන් දෙන්න. දැන් ඔය සෑම පැරණි සහ
අළුත් ලෝක පරිවර්ථකයෙක්ම, ලෝකයේ දුක පරිවර්ථනය කර එම සතුටු ලෝකය ගෙන ඒම, තමන්ගේ
වගකීමක් බව සැලකිය යුතුයි.
බාප්දාදා කවදා වන
තෙක් දිගින් දිගටම පැමිණ, ආපසු යයිද? මේ නිසයි එය දැන් හදිසියේ සිදුවිය යුත්තේ.
එබැවින් දැන්: ඕ, උරුමක්කාර ජීවාත්මයනේ, ඔබ, ජීවාත්මයන්ට ඔවුන්ගේ උරුමය ලබා ගැනීමට
මඟ පෑදිය යුතුයි. දැන් සානුකම්පිත වීමේ චරිත කොටස රඟදක්වන්න. මෙසේ නොසිතන්න: මෙය
කවදා සිදුවෙයිද? එය සිදුවන්නේ හදිසියේ. මේ නිසයි ඔබ අනිවාර්යෙන් නිෂ්ඵලත්වය අවසන්
කළ යුත්තේ. එය සිදුවෙයි නොවෙයි, නමුත් ඔබ එය අනිවාර්යෙන් සිදුකළ යුතුයි. බාප්දාදා
ප්‍රතිඵලය දැක, සියලු දෙනාගේ කර්මයේ ප්‍රතිඵල (ප්‍රති විපාක) පරීක්ෂා කළා. බාබා
ඔබගේ උත්සාහයේ වේගය මෙන්ම සම්පත් රැස් කරගැනීමේ ගිණුම ද පරීක්ෂා කළා. ඉතිං බාබා
ප්‍රතිඵලයේ දුටුවේ කුමක්ද? ඔබ ඒවා එක්රැස් කරගැනීමට ඉතා හොඳින් උත්සාහ දරයි, නමුත්
ඔබ එක්රැස් කර ගන්නා ප්‍රතිශතයේ විවිධත්වයක් තිබේ. ඒවා රැස් කරගෙන තිබෙන බව ඔබ
සිතයි, එමෙන්ම ඔබ ඇතැම් ඒවා රැස් කරගෙන තිබේ, නමුත් ප්‍රතිශතයකට පමණයි. ටිකක් රැස්
කරගෙන ඇති, නමුත් එය සෑම කලටම රැස් කරගෙන නැත. ඔබ බොහෝ කාලයක් එය සිදුකරයි, නමුත්
සෑම කලටම රැස් කරගැනීමේ වෙනසක් තිබේ. මේ නිසයි බාප්දාදා ඔබට සෑම දේකටම අධිෂ්ඨාන
සිතිවිලි ඇති කරගැනීමට මඟ පාදන්නේ. ඔහු කෝපය වෙනුවෙන් ඔබ ලවා එය සිදු කළා:
කෙසේවෙතත්, කිසිවෙකු ගැන ඔබගේ මනසේ කිසිදු කැලඹිල්ලක් නොතිබිය යුතුයි. කිසිම ‘ඇයි?’
හෝ ‘කුමක්ද?’ නොතිබිය යුතුයි. ඔබගේ මුවින් එන කෝපය ඔබ පාලනය කර තිබේ. ඔබගෙන් ඇතැම්
අය මෙය ඉතා හොඳින් කර තිබේ, නමුත් එය තවමත් සුළුවෙන් ඔබගේ මනසේ දිගටම තිබෙයි. එය
අවසන් කිරීමට ඔබ උත්සාහ දරයි. කෙසේවෙතත්, ඔබගේ අවධානය යොමු වීම ගැන බාප්දාදා සතුටු
වනවා. ඉන් පාඩුවක් සිදු වන්නේ තමන්ට පමණක් බව අවබෝධ වීම ආරම්භ වී ඇත. ඔබට
වැටහෙනවාද? අච්චා.
සෑම තැනකම් සිටින
පරමාත්ම දෙවියන්ගේ ආදරවන්තයන් වන ඔය සියලුම දරුවන්ට, පරම පියාගේ සෙනෙහසින්
නිරතුරුවම නොකඩවා පියාසර කරන සහ තීව්‍ර උත්සාහ දරන්නන් සහ සැබෑ සේවාධාරීන් වන,
සේවයේදී බාධක වලින් නිදහස්, සෑම තැනකම සිටින එවන් සියලුම දරුවන්ව බාප්දාදා දකිනවා.
බොහෝ දුර ඈත සිටින දරුවන්ව මෙන්ම ශාන්තිවාන් වල විවිධ ස්ථාන වල සිට තිරයක් මත
බාප්දාදාව නරඹන සහ සවන් දෙන දරුවන්වත් බාප්දාදා දකිනවා. බාප්දාදා ඔය සියලුම දරුවන්ට
මෙම ආශිර්වාදය ලබා දෙනවා: ඔබ නිරතුරුව සතුටින් රැඳී සිට සෑම කලටම සතුට බෙදා
ගනිත්වා. සතුටු මුහුණක් - ඔබගේ මුහුණ දකින ඕනෑම කෙනෙක් සතුටට පත් විය යුතුයි. ඇතැම්
මිනිසුන් කෙබඳු ආකාරයේ අය වුනත්, ඔබගේ මුහුණ දැකීමෙන් ඔවුන්ද සතුටට පත්වුනාදෙන්.
මෙය සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට ආශිර්වාදයක්. එය මෙහි පෞද්ගලිකව ඉදිරියේ
අසුන්ගෙන සිටින සියලු දෙනාටයි. ඔබගේ මුහුණ කිසිම විටෙක මිලාන නොවිය යුතුයි. ඔබ
මිලාන වුනොත්, ලෝකයේ තත්ත්වය කුමක් වෙයිද? ඔබට නිරන්තරයෙන් සතුටු මුහුණක් තිබිය
යුතු අතර සෑම විටම සතුටේ ක්‍රියාකාරකම් වල කාර්යබහුලව සිට, අන් අයවත් එය බවට පත්
කරවන්න. එවන් මිහිරි, තීව්‍ර උත්සාහ දරන දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ
නමස්තේ.
වරදානය:
ඔබ අත්දැකීම්
ඇති ප්‍රතිමූර්තියක් වී, ඔබගේ ප්‍රතිරුව තුළින් පියා සහ ගුරුවරයාගේ පිළිරුව
හෙළිදරව් කරත්වා.
ඔබගේ සැබෑ තත්ත්වයේ
සිටීම, සිහිපත් කිරීමේ වන්දනා ගමනය. ඔබ කුමක්ද සහ ඔබ අයත් කාටද, යන දැනුවත්භාවය තුළ
ස්ථාවර වන්න. විශ්වාසයේ මෙම සැබෑ ස්වරූපයෙන් සහ බොහෝ වාර ගණනාවක් ජය ගැනීමේ අවධානය
තුළින්, ඔබගේ කුල්මත් මනෝ ස්ථිතියේ සාගර රළ තුළ ඔබ නිරන්තරයෙන් නොකඩවා ගමන් කරනු
ඇත. ඔබ, සතුටේ දානපතියාගේ දරුවන් බැවින් දුක් රළ ඔබ වෙතට පැමිණෙන්නේ කෙසේද? සර්ව
බලධාරියාගේ දරුවන් බල රහිත වන්නේ කෙසේද? ඔබ මෙම තත්ත්වයේ අත්දැකීම තුළ සිටින විට,
ඔබගේ ප්‍රතිරුව තුළින් පියා සහ ගුරුවරයාගේ ප්‍රතිරුව ඉබේටම හෙළිදරව් වෙයි.
පාඨය:
අවංක සහ
සත්‍යවාදී අයගේ මුහුණේ සහ ක්‍රියාකාරකම් වල දිව්‍යත්වය තිබෙයි.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
ඔය දරුවන් අමරණීය
පිළිරූ වී, ඔබගේ නළල් සිහසුන් මත ස්ථාවරව රැඳී සිටින විට, ඔබට එවිට නිරන්තර මනෝ
ස්ථිතියක සිහසුනේ සහ බාප්දාදාගේ හදවත් සිහසුනේ ස්ථාවරව රැඳී සිටීමට හැකි වෙයි. ඔබ
සියලු දෙනාගේ නිරන්තර ස්ථිතියේ ප්‍රායෝගික ස්වරූපයේ දර්ශන, දිව්‍යමය සමූහයේ ලබා දෙන
විට, බාප්දාදාගේ හෙළිදරව්ව සමීප වෙයි. මේ සඳහා ඔය සෑම කෙනෙකුටම, බාප්දාදා මෙන්
සංස්කාර තිබීම අතින් සමාන වීමට සිදු වෙයි.