31.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ කිසිම විටෙක ඔබගේ කාලය අපතේ නොහැරිය යුතුයි. මෙම දැනුම නැවත නැවතත් ආවර්ජනය කිරීම මඟින් ඔබ නින්ද ජයගත් ඈනුම් ආදී ලෙස ගති අත් හළ තැනැත්තෙක් බවට පත් වෙනවා.

ප්‍රශ්නය:
දරුවනි, ඔබ බාබාගේ සෙනෙහසින් උද්දාමයට පත් වී ඔහුට ඔබගේ සියලුම දේ භාර කරන්නේ ඇයි? පුද්ගලයෙක් සියලුම දේ බාබා හට කරනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර:
බාබාගේ සෙනෙහසෙහි ගැලී ඔහු හට සියලුම දේ භාර කරනවා යනු බාබාගේ ස්මරණයෙහි ගැලී සිටීමයි. ඔබ ඔබගේ ජීවිතය ඔහු හට භාර කරන විට ඔබගේ බැටරිය නැවත පණ ගැන්වෙනවා. ඔබගේ ජීවාත්මය, බැටරිය, ඒ අශාරීරික වූ පියා හා සම්බන්ධ කළ විට, ඔබගේ බැටරිය නැවත පණ ගැන්වෙනවා පමණක් නොව ඔබ තුළ ඇති පාපයන් පවා විනාශ වී යනවා. ඔබ ඔබ සඳහාම උපයා ගන්නවා.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික දරුවනි, ඔබගේ ආධ්‍යාත්මික පියා දැන් ඔබට විස්තර කරනවා. ඔබ සියලුම දෙනා ඔබගේ ශරීරයත් සමඟ මෙහි අසුන් ගෙන සිටිනවා. ඔබ දන්නවා මේ මැරුණු දේශයේ මෙය තමයි ඔබගේ අවසාන ශරීරය කියා. ඉන්පසු සිදුවන්නේ කුමක්ද? පසුව ඔබ සාම දේශයේ ඔබගේ පියාත් සමඟ වාසය කරනවා: ඔබගේ ශරීරය එවිට ඉතිරි වන්නේ නැහැ. පසුව ඔබ සත් යුගයට යනවා. ඔබ විසින් දැන් යොදනු ලබන උත්සාහය අනුව අනුපිළිවෙලින් සත් යුගයටත් පැමිණෙනවා. ඔබ සියලු දෙනාම එකම අවස්ථාවේදි මෙහි පැමිණෙන්නේ නැහැ. මේ නිර්මාණය වීමට යන්නේ විශාල රාජ්‍යයක්. බාබා සාමයේ සාගරය දැනුමේ සාගරය වනවා සේම ඔහු අපවත් සාමයේ හා සතුටේ සාගරයත් බවට පත් කරනවා. පසුව ඔබ ඒ සාම දේශය කරා යන අතර ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ පියා ඉතා හොඳින් සිහිපත් කළ යුතු වන අතර ඔබගේ නිවසත් ඒ සතුටේ දේශයත් සිහිපත් කළ යුතුයි. ඔබ මෙම තත්ත්වයෙහි මෙසේ සිටින තරමට, ඔබ විසින් උපත් ගණනාවක් තිස්සේ ඇතුල් කර ගත් සියලුම පාපයන් ඔබට විනාශ කර දැමිය හැකියි. මෙය තමයි ඔබ යෝගා නමැති ගින්න වශයෙන් හඳුන්වන්නේ. සන්යාසිත් කිසිම විටෙක ඒ සර්ව බලධාරි පියා හා සම්බන්ධ වන්නේ නැහැ. ඔවුන් නිතරම සම්බන්ධ වන්නේ ඒ බ්‍රහ්ම ආලෝකයත් සමඟයි. ඔවුන් තමයි නොයෙකුත් ආලෝකයන් හට වන්දනා මාන කරන්නේ. බ්‍රහ්ම ආලෝකයටත් වන්දනාමාන කරන්නේ ඔවුන් විසිනුයි. මෙහිදී මනුෂ්‍යයන් විසින් රඟපානා කොටසක් තමයි තිබෙන්නේ. නමුත් ඒ සුමිහිරි වූ නිවහනෙහි සිටින්නේ ජිවාත්මයන් පමණයි. ලෝකයේ සිටින සියලුම දෙනා උත්සාහ දරන්නේ ඒ සුමිහිරි වූ ලෝකය කරා යාමටයි. සන්යාසින් කියනවා, ඔවුන්ටත් ඒ බ්‍රහ්ම ආලෝකය කරා යා යුතුයි කියා. ඔවුන් කියන්නේ නැහැ ඒ බ්‍රහ්ම ආලෝකය කරා ගොස් ඔවුන්ට රැඳී සිටිය යුතුයි කියා. දැන් මගේ දරුවන් හට මෙය හොඳින් තේරෙතවා. භක්ති මාර්ගයේදී මිනිසුන් නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න වලින් යුතු වූ අදහස් ගැන කතා කරනවා. නමුත් බාබා මෙහි පැමිණි ඔබට කියා දෙන්නේ වචන දෙකක් පමණයි. එය හරියට ඔබ මන්ත්‍රයක් කියන්නා වාගෙයි. සමහරු ඔවුන්ගේ ගුරු සිහි කරන අතර තවත් සමහරු තවත් කෙනෙක් සිහි කරමින් සිටිනවා. ළමයින් ඔවුන්ගේ ගුරුවරයා සිහිපත් කරනවා. දරුවනි, ඔබ දැන් ඔබගේ පියාත් ඔබගේ නිවහනත් පමණයි සිහි කළ යුත්තේ. ඔබ බාබාගෙත් ඔබගේ සාම දේශයේ හා සතුටු දේශයේ උරුමය ලැබ ගන්නවා. මේ සියලුම දේ ඔබ ඔබගේ හදවතෙහි තැන්පත් කර ගත යුතුයි. ඔබගේ කටින් කිසිදු අනවශ්‍ය වචනයක් පිට විය යුතු නැහැ. ඔබගේ බුද්ධිය දැන් හොඳින් දන්නවා සාම දේශයට යාමෙන් පසු ඔබ අනිවාර්යයෙන්ම යා යුත්තේ සතුටේ දේශයට බව. ඔබ පළමුවෙන්ම විමුක්තිය ලබා පසුව ජීවන මුක්තිය ලබනවා. බාබා පමණයි ඔබට විමුක්තිය හා ජීවත මුක්තිය ලබා දෙන්නේ. දරුවනි, බාබා ඔබට නැවත නැවතත් කියනවා: ඔබගේ වටිනා කාලය අපතේ හරින්න එපා කියා. ඔබගේ හිස මත බොහෝ උපත් සංඛ්‍යාවක් තිස්සේ තිබෙන පාපයන් තිබෙනවා. ඔබ එක් එක් උපතෙහිදි කරන ලද පාපයන් මොනවාද කියා ඔබ දන්නවා. මේ කිසිම දෙයක් ඒ පත් යුගයෙහිදී ස්ථාපිත වන්නේ නැහැ. දරුවනි, ඔබ මෙහිදී තේරුම් ගන්නවා බොහෝ උපත් සංඛ්‍යාවක් තිස්සේ පටන් ඔබ විසින් එක් කරගත් බොහෝ පාපයන් ඔබ තුළ තිබෙන බව. ඒ වගේම ඔබ බොහෝ කාලයක් තිස්සේ බාබා අප්‍රසිද්ධියට ලක් කරමින් සිටියා. බාබා. ඒ සියලුම දෙනා හට විමුක්තිය ලබා දෙන ඔහුව අප්‍රසිද්ධියට ලක් කරනවා. ඔබ මේ සියලුම දේ ඔබගේ මනසෙහි හොඳින් අඩංගු කරගත යුතුයි. දැන් ඔබට හැකි තරම් උත්සාහ දරා ඔබට හැකි තාක් දුරට බාබා සිහිපත් කළ යුතුයි. කොහොම නමුත් ඔබ ඔවුන්ට විස්තර කර දිය යුතුයි මේ ඔබට උගන්වන්නේ නිකම්ම ගුරු කෙනෙක් නොව සත් ගුරුවරයා කියා. "ගුරුගේ පුදුමය" යන කියමනෙහි කිසිම වැදගත් කමක් නැහැ. එය ඇත්තෙන්ම සත් ගුරුගේ පුදුමයක්. ඔහු තමයි ඔබට විමුක්තිය මෙන්ම ජීවන මුක්තිය ලබා දෙන්නේ. ගුරුන් බොහොමයක් දෙනා සිටින අතර මොහු තමයි එකම සත් ගුරුවරයා. සෑම උපතකදීම මිනිසුන් ගුරුන් දෙදෙනෙක් හෝ සතර දෙනෙක් යොදා ගන්නවා. මිනිසුන් නොයෙකුත් ආකාරයේ ගුරුන් යොදාගෙන තිබෙනවා. මිනිසුත් එසේ ගුරු කෙනෙක් යොදා ගෙන ත්‍රිත් එසේ ගුරූ කෙනෙක් යොදා ගෙන තිබියදීත් තවත් නොයෙකුත් දෙනා සොයාගෙන යන්නේ ඔවුන් සිතනවා එම ස්ථානයේ අපට මීට වඩා දෙයක් ලබා ගැනීමට හැකි වේවි කියා. ඔවුන් නොයෙකුත් ගුරුන් යොදා ගන්නා අතර නමුත් කිසිම දෙයක් ලබා ගෙන නැහැ. නමුත් දැන් මගේ දරුවන් දන්නවා ඔබ තවදුරටත් මෙහි රැඳි සිටීමට නොයන බව. සියලුම දෙනා ඒ සාම දේශය කරා යා යුතුයි. බාබා දැන් මෙහි පැමිණ සිටින්නේ ඔබගේ ආරාධනය පිළිගෙන එයට පිළිතුර ලබා දීමටයි. ඔහු ඔබට සිහිපත් කරනවා: එන්න. පැමිණ අප පත් වී සිටින මේ අපිරිසිඳු තත්ත්වයෙන් මුදවා අප පිරිසිඳු කරවන්න. සාම දේශය මෙන්ම සතුටු දේශයත් ඉතාමත් පිරිසිඳු වූ දේශයන් දෙකක් වනවා. මිනිසුන් කෑ ගසනවා: අප ඒ නිවහනට ගෙන යන්න, සියලුම දෙනා ඔවුන්ගේ නිවහන සිහිපත් කරනවා. ඉතින් ජීවාත්මය විසින් ක්ෂණිකවම දෙන පිළිතුර තමයි: මා වෙසෙත දේශය තමයි ඒ සූක්ෂම දේශය. ඒ උත්තරිතර පියා, උත්තරීතර ජීවය වෙසෙන්නේ ඒ සූක්ෂම දේශයේයි. ඔබත් වෙසෙන්නේ ඒ උත්තරිතර දේශයේයි. බාබා ඔබට දැන් විස්තර කර දෙනවා දැන් ඔබ ඒ බෘහස්පති ග්‍රහයාගේ සියලුම බලයන් අත් විඳිනවා. ඉතින් මෙසේ අසිමිත වු කරුණු බොහොමයක් තිබෙනවා. සියලුම දෙනා මේ අවස්ථාවේදී ඒ අසීමිත වු ග්‍රයහන් අත් දකිනවා. මෙම චක්‍රය නොනවත්වා කැරකැවෙත දෙයක්. ඔබ තමයි සතුටෙන් දුකට පත් වන්නේත්, දුකින් සතුටට පත් වන්නේත්. ඔබ සාමයේ දේශය සතුටේ දේශය මෙන්ම දුකෙහි දේශය ගැනත් හොඳින් දන්නවා. දැන් මගේ දරුවන් මෙය හොඳින් දැන ගන්නවා. මෙය කිසිම මනුෂ්‍යයෙකුගේ බුද්ධියෙහි පිහිටන්නේ නැහැ. බාබා දැන් ඔබට ජීව මරණයක් අත් දකිනා ආකාරය ගැන කියා දෙනවා. කෘමින් හා සමාන කළ හැකි ඔබ දැන් ඒ ආලෝකය වෙත ඔබ පූජා කරනවා. සමහරු සෙනෙහසින් පිරි ඔවුන්ගේ සම්පුර්ණ ජිවිතයම පරිත්‍යාග කරනවා. තවත් සමහරු වටේ දැවටෙමින් සිට පසුව එය අත්හැර යනවා. සමහරු මේ ආලෝකයට ඔවුන්ගේ ජීවිත පූජා කරනවා. ජීවාත්මයන් හරියට බැටරියක් වගෙයි. සියලුම දෙනා මේ අවස්ථාවේදී ඔහුත් සමඟ සම්බන්ධ විය යුතුයි. එය ඇත්තෙන්ම ඒ අශාරීරික පියා හා ඔබගේ බැටරිය සම්බන්ධ කරන්නාක් මෙනි. මෙම ජීවාත්මය ඉතා සමීප වන නිසා ඔහුට එය ඉතා පහසු දෙයක් වනවා. ඔබ බාබා සිහි කරන විට ඔබගේ බැටරිය නැවත නැවතත් පණ ගැන්වෙනවා. මේ සඳහා මගේ දරුවන් හට යම් අපහසුතාවයක් තිබුණා වුවත් මොහුට එය ඉතා පහසු දෙයක්. නමුත් ඔහුත් ඔබ මෙන්ම මේ සඳහා උත්සාහ දරනවා. මොහු බාබා හට ඉතා පහසු කෙනෙක් ඒ වගේම ඔහුට ඉතා විශාල වගකීමක් පවා දැරීමට තිබෙනවා. වගකීම් බහුල කෙනෙක් කිසිම විටෙක රාත්‍රියෙහිදී හොඳ නින්දක් ලබන්නේ නැහැ කියා කතාවක් තිබෙනවා. මොහු හට බොහෝ විශාල වැඩ කටයුතු කොටසක් ඉටු කිරීමට තිබෙනවා. ඒ පියා සම්පූර්ණ වු කෙනෙක්. නමුත් මොහු තවමත් ඒ සම්පුර්ණ වූ තත්ත්වය කරා ළඟා විය යුතුයි. ඔහු සියලුම දේ රැකබලා ගත යුතුයි. දෙදෙනාම එක් වී මෙය සිදුකලා වුවත් තවමත් ඒ ගැන ඉතා සැළකිලිමත් විය යුතුයි. දූවරුන් බොහෝ සෙයින් දුක් පීඩා විඳ තිබෙන නිසා ඔවුන් ඒ දුක කෙතරම්ද කියා හොඳින් දන්නවා. ඔබගේ කර්මා ක්ෂය තත්ත්වය පැමිණෙන්නේ ඔබගේ අවසානයේදීයි: ඒ වනතුරු ඔබ ඉතා සැළකිලිමත් විය යුතුයි. දරුවන් බාබා හට ලියුම් ලියන්නේ නැති විට ඔහු සිතන්නේ ඔවුන් අසනිප වී සිටිනවා කියායි. බාබා දරුවන් විසින් කරන ලද සේවය ගැන අසන විට එම දරුවන් ගැන නිරන්තරයෙන් සිතනවා. බාබා විසින් මෙම සේවය සිදු කරන්නේ මෙම ශරීරය යොදා ගෙනයි. සමහර අවස්ථා වල මුරලි එක බොහෝ කෙටි අවස්ථා තිබෙනවා. ඔබ දවස් දෙකකට හෝ හතරකට මුරලි නොලැබුවා වුවත් ඔබට නැවත නැවතත් සිහිපත් කිරිම සඳහා බොහෝ කරුණු තිබෙනවා. ඔබ ඔබගේ දිනපොත දිනපතා කියවිය යුතුයි. ඒ වගේම මෙම බැජය යොදා ගෙනත් ඔබට මේ ගැන හොඳින් විස්තර කිරිමට හැකි වනවා. ඒ ආදි සනාතන දෙවි දේවතා ධර්මය මෙහි තිබිය දී වෙන කිසිම ආගමක් මෙහි තිබුණේ නැහැ. මෙම කල්ප වෘක්ෂයේ පිත්තූරයත් අනිවාර්යයෙන්ම ඔබ ළඟ තිබිය යුතුයි. ඔබ මේ නොයෙකුත් ආගම්වල වැදගත්කම ඔවුන් හට හොඳින් විස්තර කර දිය යුතුයි. ඒ නොබෙදුනු රාජ්‍යය එකළ මෙහි තිබියදී සාමය සතුට පාරිශුද්ධත්වය ආදී සියලුම දේ එහි අඩංගු වුවා. බාබා සාමයේ හා සතුටේ සාගරය වන නිසා මෙහි උරුමය ඔබ ලබා ගත යුතු වන්නේ ඔහුගෙනි. මුලදී ඔබට වුවත් කිසිදු දැනුමක් නොතිබුණු නමුත් දැන් ඒ දැනුමෙහි සාගරය වන බාබා මෙහි පැමිණ ඔබට ඒ සියලුම දැනුම ලබා දෙන නිසා ඔබත් දැන් එවැනිම තත්ත්වයකට පත් වෙනවා. ඔබත් දැන් සතුටේ හා සාමයේ සාගර බවට පත් වෙනවා. ඔබ තුළ කිසියම් හෝ දුර්වල තාවයක් තිබෙනවාද යන්න දැන ගැනීම සඳහා ඔබ ඔබගේ වාර්තාව කෙරෙහි හොඳින් අවධානය යොමු කළ යුතුයි. ඔබ ඇත්තෙන්ම සෙනෙහසේ සාගරයක් ද? ඔබගේ චරිතය අන් අය හට බාධාවක් වනවාද? ඔබ ඔබ කෙරෙහිම ඇස යොමාගෙන සිටිය යුතුයි. බාබා ඒ සඳහා ඔබට ආශිර්වාද කරයි කියා ඔබ නිකම් සිටිය යුතුයි. නැහැ. බාබා කියනවා: මෙම නාටකයට අනුව මා පැමිණිය යුතු අවස්ථාව බලා මා මෙහි පැමිණෙනවා. සෑම චක්‍රයක් සඳහාම මගේ වැඩ සටහන වන්නේ මෙයයි. වෙන කිසිම කෙනෙක් හට ඔබට මෙම දැනුම දිය නොහැකියි. මොහු තමයි ඔබගේ එකම සත්‍යය වූ පියා ගුරුවරයා ඒ වගේම සත් ගුරුවරයා. මේ ස්ථිර විශ්වාසය තබා ගැනීම මගින් ඔබ ජයග්‍රහණය පමණයි අත් දකින්නේ. මෙහි ස්ථාපිත වූ විවිධාකාරයේ ආගම් සියල්ලක්ම දැන් විනාශයකට ලක් වීමටයි පටන් ගෙන තිබෙන්නේ. සත් යුගයෙහිදී සූර්ය වංශය තිබියදී වෙන කිසිම වංශයක් එහි ස්ථාපිත වුවේ නැහැ. ඒ දෙයම දැන් නැවතත් සිදුවනවා. ඔබ දවස පුරාම මේ ආකාරයෙන් ඔබත් සමඟම සාකච්චා කළ යුතුයි. ඔබගේ ඇතුලාන්තයෙහි දැනුම දැනුමෙහි බුබුළු හට ගත යුතුයි. ඔබ මෙහිදී විශාල සතුටක් අත් දැකිය යුතුයි. බාබා ළඟ තිබෙන සියලුම දැනුම් දැන් ඔබට ලැබී තිබෙනවා. ඔබ මෙම දැනුම ලබා ගැනීමෙහිදී ඔබගේ කාලය කිසිසේත් අපතේ නොහැරිය යුතුයි. ඔබට රාත්‍රියෙහිදී පවා බොහෝ කාලයක් තිබෙනවා. ජිවාත්මය එහි ශරීරය යොදා ගැනීම නිසා වෙහෙසට පත්වන නිසා ඔවුන් නින්දට යනවා. ඔබ භක්ති මාර්ගයෙහිදී ලද විඩාව මග හරවාලීම සඳහා දැන් බාබා මෙහි පැමිණ ඔබට මෙම දැනුම දෙනවා. ජීවාත්මය රාත්‍රියෙහි දී වෙහෙසට පත් වන නිසා ඔවුන් ශරීරයෙන් වෙන් වනවා. මෙය අප නින්ද ලෙස හඳුන්වනවා. මෙහිදී නින්දට යන්නේ කවුද? ජීවාත්මයත් සමඟම ශරීර ඉන්ද්‍රියනුත් එහිදී නින්දට යනවා. එම නිසා නින්දට යන අවස්ථාවේදී ඔබ බාබා සිහි කර මෙවැනි සිතිවිලි ඇතිව නින්දට යා යුතුයි. එවිට ඔබගේ අවසාන මොහොතේදී නින්ද ජයගත් ස්මරණයෙහි ප්‍රතිමුර්තියක් බවට පත් වීමට ඔබට හැකි වනවා. එහිදී ඔබට විශාල සතුටක් ඇති වනවා. ඔබ එවිට නොනවත්වාම මෙම උපත් අසූ හතරෙහි චක්‍රය කරකවමින් සිටිනවා. ඔබ එවිට කිසිම විටෙක ඈනුම් හරිමින් හෝ නිදි කිරමින් සිටින්නේ නැහැ. දරුවනි, නින්ද ජයගත් පුද්ගලයන් බවට පත් වීමට සිටින ඔබ කිසිම විටෙක ඔබගේ ආදායම් ලබා ගනිමින් සිටියදී නිදා ගත යුතු නැහැ. ඔබ මෙම දැනුමෙන් ලබන කුල්මත් බව නිසා ඔබට ‍‍මෙම තත්ත්වය නිරන්තරයෙන් තබා ගැනීමට හැකි වනවා. ඔබ මෙහිදී ගත කරන කෙටි කාලය තුලදී කිසිම විටෙක ඈනුම් ඇරීමට හෝ නිදි කිරමින් සිටීමට හිතන්න එපා. ඔබ ඈනුම් හරින්නේ ඔබගේ බුද්ධිය නොයෙකුත් ස්ථානයන් කරා ඇදී යන විටයි. ඒ වගේම ඔබ ඔබගේ මනසෙහි නිතරම තබා ගත යුතු දෙයක් වන්නේ ඔබ අන් අයවත් ඔබ වැනිම තත්ත්වයට පත් කරනවා යන සිතිවිල්ලයි. සේවකයන් නොමැතිව ඔබ කොහොමද පාලකයෙක් බවට පත් වෙන්නේ? ඔබ විසින් මුදල් ප්‍රධානය කරන විට කිසිම විටෙක ඉන් ඉවතට දිව යන්නේ නැහැ. ඔබ දිගින් දිගටම මෙය අන් අයටත් ලබා දී ඔවුන්ට මෙය විස්තර කර දුන්නොත් ඔබ කිසිම විටෙක මේ ධනය පසුපස හඹා යන්නේ නැහැ. එසේ නැතහොත් ඔබ කිසිම දෙයක් ලබන්නේ නැහැ. අද කාලයේ මිනිසුන් ධනය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙත් සටන් වදිනවා. මෙහිදී බාබා කියනවා: මා විසින් ඔබට දෙන දැනුම අසීමිත වු දැනුමක් වන අතර ඔබ එය අත් සියලුම දෙනා හටත් ලබා දිය යුතුයි. මෙහිදී ඔබ කිසිම දෙයකට මසුරු නොවිය යුතුයි. ඔබ එය අත් අය හට ලබා දුන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ඔබත් කිසිම දෙයක් ලබාගෙන නැති බවයි. මෙම ආදායමේ අරුමය වන්නේ එය ලබා ගැනීම සඳහා ඔබ කිසිසේත් අන් අය හා සටත් කිරීමට යාම අවශ්‍ය නොවීමයි. මෙය ඉතා සූක්ෂම වූ දෙයක්. ඔබ තමයි ඒ සුක්ෂම වූ රණ ශූරයන් වන්නේ. ඔබ සටන් වදින්නේ පාපයන් පහ සමඟයි. ඔබ හැඳින්විය යුත්තේ කිසිම කෙනෙක් නොදන්නා සුක්ෂම වූ රණ ශූරයන් ලෙසයි. පාබල හමුදාවක් යනු විශාල හමුදාවක්. මෙහිදී සිදු වන්නේත් ඒ දෙයමයි: සොල්දාදුවන් කොපමණ සිටියත් ජනරාල්වරු කොස්තාපල්වරු සිටින්නේ බොහොම ස්වල්පයයි. ඔබ සියලු දෙනාම හමුදාවක් වන නමුත් ඔබ සියලු දෙනාටම යම් අනුපිළිවෙලක් තිබෙනවා. බාබා හට හොඳින් තේරෙනවා කොස්තාපල්වරුන් කියන්නේ කවුද, ජනරාල්වරු කියන්නේ කවුද කියා. ඒ වගේම මහාරාති සේනාව මෙන්ම අශ්ව සේනාවත් මෙහි සිටිනවා. බාබා තේරුම් ගන්නවා මෙය විස්තර කල හැකි තුන් ආකාරයක කණ්ඩායමක් සිටිනවා කියා. ඔබගේ ව්‍යාපාරය සිදුවන්නේ මේ අවිනාශි වූ දැනුම නමැති දියමත්ති සමඟයි. බාබා ඔබට ව්‍යාපාරයක් කරගෙන යන ආකාරය කියා දෙනවා. ගුරු කෙනෙක් ඔහුගේ ශරීරය අත හැර ගිය පසු ඔහුගේ ගෝලයන් එය තව දුරත් පවත්වා ගෙන යනවා. එය භෞතික දෙයක් වන නමුත් මෙය ඉතා සූක්ෂම වූ දෙයක්. නොයෙකුත් ආකාරයේ ආගම් අපට මේ අවස්ථාවේදි දක්නට ලැබෙනවා. ඒ එක එකට එයටම අයත් වූ නොයෙකුත් අදහස් තිබෙනවා. ඔබටත් පුළුවන් ඔවුන් විසින් කියන්නේ මොනවාද කියා බලන්න. බාබා ඔබට මේ උපත් හතරක කතාව ගැන දැන් කියා දෙනවා. දරුවනි, බාබා මෙහි පැමිණි විට ඔබගේ සියලුම උරුමයන් ඔබට ලබා දෙනවා. මෙයත් මෙම නාටකයේ අඩංගු වත දෙයක්. ජීවාත්මයන් මෙම කලි යුගයේ අවසානය වන තුරු මෙහි සිටිනවා. ඔවුන්ගේ සංඛ්‍යාව නිරත්තරයෙන් වැඩි වෙනවා. බාබා මෙහි සිටින තාක් කල් ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් එසේ නම් එම ජීවයන් වෙසෙන්නේ කොහේ ද? ඔවුන් ගන්නා ආහාරය කුමක්ද? මේ ගැනත් ඔබ හොඳින් සැළකිය යුතුයි. එහි දී මිනිසුන් බොහොමයක් සිටින්නේ නැහැ. ජීවාත්මයන් ස්වල්පයක් සිටින නිසා එහිදී ආහාර එතරම් අවශ්‍ය වන්නේ නැහැ. සියලුම දෙනා ඔවුන්ගේම ආහාරය සපයා ගන්නවා. එසේ ධාන්‍ය ඉතිරි කරගෙන සිටීමෙන් ඇති දෙය කුමක්ද? එහිදී නම් මෙහිදී මෙන් වැස්ස ලැබෙන්න කියා හෝ කිසිම දෙයකට ඔබ විසිත් නොයෙකුත් යාග පූජා පැවැත්වීම අවශ්‍ය නැහැ. බාබා දැන් මෙම ගින්න (යග්යා) නිර්මාණය මෙහි නිර්මාණය කර තිබෙනවා. මේ සම්පුර්ණ ලෝකයම දැන් ඒ ගින්න මත විනාශ විමටයි යන්නේ. මෙම ගින්න ඉතා අසීමිත වූ ගින්නක්. ඒ මිනිසුන් වර්ෂාව ලැබෙන්න කියා ගින්දර ගසමින් සිටිනවා. ඉතින් ඉන්පසු වර්ෂාව පැමිණියහොත් ඔවුන් සිතනවා ඔවුන් විසින් කළ යාගය සාර්ථක යාගයක් කියා. වර්ෂාව නැති විට එහිදී සාගතයක් හට ගන්නවා. ඔවුන් එසේ යග්යාවක් කළත් වර්ෂාව නොපැමිණි හොත් ඔවුත් මොකද කරන්නේ? මේ ආකාරයේ නොයෙකුත් වියසන මෙහිදී හට ගන්නවා. එහිදී ධාරාණිපාත වර්ෂාවත් හට ගන්නවා. මෙහිදී භූමිකම්පා ආදිය පවා හට ගන්නවා. දරුවනි, ඔබ මෙම නාටකය ගැන දැන් හොඳින් තේරුම් ගන්නවා. මෙම නාටක චක්‍රයේ විශාල පින්තුරයක් ඔබ ළඟ තිබිය යුතුයි. ඔබ මෙම නාටක චක්‍රයේ විශාල පින්තූරයක් සකසා දැන්වීමක් ලෙස පළ කළහොත් වැදගත් මිනිසුන් බොහොමයක්, ඔව් මෙය තමයි බොහෝ ප්‍රයෝජනවත් වූ සංගම් යුගය කියා ඔවුනුත් මෙහි පැමිණීමට ආශා කරයි. කලි යුගයේ මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටින අතර, සත් යුගයේ මිනිසුන් සිටින්නේ බොහොම සුළු ප්‍රමාණයයි. ඒ කියන්නේ අන් සියලුම දෙනා විනාශයට පත් වනවා කියන එකයි. ශිවාගේ උපන් දිනය කියන්නේ සත් යුගයේ උපතයි. ලක්ෂ්මි හා නාරායන්ගේ උපතයි. මෙය ඉතා පහසු කරුණක්. ශිවාගේ උපන් දිනය ඔවුන් අනිවාර්යයෙන්ම සමරණවා. ඔහු තමයි අපගේ අසීමිත වූ පියා. ඔහු තමයි මෙම සත් යුගය නිර්මාණය කරන්නේ. ඔබ ඒ සත් යුගයේ වාසය කරන විට සිදු වූයේ කුමක් ද? මෙය තේරුම් ගැනීම ඉතා පහසු දෙයක්. දරුවනි, ඔබ මේ සියලුම දේ හොඳින් තෙරුම් ගෙන අන් අයටත් එය විස්තර කර දිය යුතුයි. ඒ වගේම ඔබ බොහෝ සතුටින් එකිනෙකා හා වාසය කළ යුතුයි. ඔබ දැන් සෑම අසනීපයකින්ම ඉවත් වී සියයට සියයක්ම සෞඛ්‍යමත් ශක්තිමත් අයෙක් බවට පත් වෙනවා. දැන් ඔබට ඉතිරි වී තිබෙන්නේ බොහොම සුළු කාලයයි. කොපමණ දුක් කරදර පැමිණියත් ඔබ ඒ අවස්ථාවේදී සිටින්නේ ඉතාමත් සතුටිනුයි. එහිදී ඔබ දන්නවා මරණය යනු අනිවාර්යයෙන්ම පැමිණිය යුතු දෙයක් බව. මේ ගැන ඔබ කිසිසේත් කළබල විය යුතු නැහැ. හොඳ ශක්තිමත් ජීවයන් කිසිම දිනක දුකින් හඬන්නේ නැහැ. සමහර මිනිසුන් ශල්‍යකර්මයක් සිදුවන අවස්ථා වලදි සිහි නැතිව වැටෙනවා. මේ දිනවල බොහෝ සෙයින් නොයෙකුත් ආකාරයෙන් මිනිසුන් අකාලයේ මිය යනවා. දරුවනි, ඔබ දන්නවා මෙය සිදුවන්නේ ඔබ වෙනුවෙන් කියා. දඩයම් කරුවා හට සතුටත් මළ සතා හට දුකත් යන කියමන මෙහිදී සිහි වනවා. ඔබ මේ දුක් ලෝකයේදී බොහෝ සෙයින් දුක අත් දකිනවා. ඔබ දැන් ඒ තව ලෝකයට යාමටයි සැරසෙන්නේ අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මේ අවිනාශී දැනුම නැමති ධනය පියාගෙන් ලැබගෙන එය අන් අයටත් දානය කරන්න. දැනුම දානය කිරීමේදී මසුරු නොවිය යුතුයි. දැනුමෙහි කරුණු ඔබ තුළ නිරන්තරයෙන් මතු විය යුතුයි. පාලකයෙක් වීමට නම් ඔබ අනිවාර්යෙන්ම ඔබගේ වැසියන් නිර්මාණය කරගත යුතුයි.

2. ඔබ ඔබගේ වාර්තාව පරීක්ෂා කළ යුතුයි. 1. මම පියා මෙන්ම සෙනෙහසේ සාගරයක් වී ඇත්ද? 2. මම කෙදිනකවත් කවරෙකු හෝ අපහසුතාවයට පත් කරනවාද? 3. මම මගේ හැසිරීම කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරනවාද?

වරදානය:
ඔබ ඥානය මෙන්ම ගුණදම් ද ඉස්මතු කරවන, සියලු ගුණයන්ගෙන් පිරුණු රූපයක් වේවා.

ඔබ සෑම කෙනෙකුටම මෙම ඥානය බොහෝ ඇති නමුත් දැන් ගුණධර්ම මතු වීම අවශ්‍ය වේ. එබැවින් විශේෂ ක්‍රියා කරමින් ගුණධර්ම දානය කරන්නෙකු වන්න. සිතිවිල්ල ඇතිකරගන්න: මම නිරතුරුවම ගුණධර්මයන්හි රූපයක් වී අන්අයව ගුණධර්මවල රූප බවට පත්කිරීමේ කාර්යයෙහි යෙදිය යුතුයි. මෙය කිරීමෙන්, ඔබට නාස්තිකාර දෙයක් දැකීමට, ඇසීමට හෝ කිරීමට කාලය නොලැබේ. මෙම ක්‍රමය භාවිතා කිරීමෙන් ඔබේ දුර්වලතා සහ අන් අයගේ දුර්වලතා පහසුවෙන් අවසන් වනු ඇත. මේ සඳහා, ඔබ සෑම කෙනෙකුම සියලු ගුණධර්මවලින් පිරිපුන් බව සහ අන් අයව සමාන කිරීම පිළිබඳ ආදර්ශයක් බවට පත්වීමෙන් අංක එක වන්න.

පාඨය:
ඔබේ මනසින් යෝග ද, වචනයෙන් ඥානය සහ ක්‍රියාවෙන් ගුණධර්ම ද පරිත්‍යාග කරන්න.