31.08.25 Avyakt Bapdada
Sinhala
Murli 15.12.2006 Om Shanti Madhuban
ස්මරණයේ
ප්‍රතිමූර්තියක්, අත්දැකීම් ඇති ප්‍රතිරුවක් වන්න.
සම්මාන ඇතිව සමත් වී, සීඝ්‍ර වේගයකින් තත්පරයකදී පරිවර්ථනය ගෙන එන්න.
අද දින, සෑම තැනකම
සිටින සියලුම දරුවන්ගේ නළල් මත විශේෂ භාග්‍ය රේඛා තුනක් දිලිසෙන අන්දම බාප්දාදා
දකිනවා. සෑම කෙනෙකුගේම නළල, භාග්‍යයේ රේඛා වලින් බැබලෙනවා. එකක් දේවමය පෝෂණයේ
භාග්‍යයේ රේඛාව. දෙවැන්න, ශ්‍රේෂ්ඨ ගුරුවරයාගෙන් ඔබට ලැබී ඇති ඉගැන්වීම් වල
භාග්‍යයේ රේඛාව. තුන්වැන්න, සත්ගුරුගෙන් ඔබට ලැබී ඇති ශ්‍රීමත් වල භාග්‍ය රේඛාව.
ඇත්ත වශයෙන්ම ඔබ සියලු දෙනාටම බොහෝ භාග්‍යය තිබේ, නමුත්, අද බාබා විශේෂයෙන් මෙම
රේඛා තුන දකිනවා. ඔබත් ඔබගේ නළලේ බැබලෙන රේඛා අත්දකිනවා නේද? වැඩියෙන්ම ශ්‍රේෂ්ඨතම
රේඛාව වන්නේ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ පෝෂණ රේඛාවයි. පරම පියා උසස්ම කෙනා වන සේම,
පරමාත්ම දෙවියන්ගේ පෝෂණයත් උසස්ම පෝෂණයයි. මෙම පෝෂණය ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට
පමණයි, නමුත් ඔබ සියලු දෙනා මෙම පෝෂණයට සුදුසු අය වී ඇත. මෙම පෝෂණය ලැබෙන්නේ ඔය
දරුවන්ට පමණක් වන අතර එය ලැබෙන්නේ කල්පයටම එක වරක් පමණයි. ඔබට එය දැන් නොලැබෙන්නේ
නම්, ඔබට එය කිසිදා ලබා ගත නොහැක. මෙම දේවමය පෝෂණය, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස සහ
දේවමය ලැබීම් අත්විදින්නේ, කෝටි ගණනකින් අත ලොස්සක් වන ඔය ජීවාත්ම පමණයි. ඔබ සියළු
දෙනාම අත්දැකීම් ඇති අය නේද? ඔබට මෙම අත්දැකීම තිබෙනවාද? ඔබ පෝෂණය, මෙම ඉගෙනුම
මෙන්ම ශ්‍රීමත්ද අත්විද තිබේ. ඔබ අත්දැකීම් ලද ප්‍රතිමාය. එබැවින් ඔබගේ නළලේ
දිලිසෙන මෙම භාග්‍යයේ තාරකාව ඔබට නිරන්තරයෙන් පෙනෙනවාද? සෑම විටම? එසේ නැත්නම්
දිලිසෙන තරුව විටෙක ටිකක් අදුරු වනවද? එයට අදුරු වන්නට ඉඩ නොදෙන්න. දිලිසෙන තාරකාව
අදුරු වන්නේ නම්, එයට හේතුව කුමක්ද කියා ඔබ දන්නවාද?
හේතුව වන්නේ මෙය බව,
බාප්දාදා දුටුවා: ඔබ ස්මරණයේ ප්‍රතිරූ වී නොමැත. තමන් ජීවාත්මයක් බව ඔබ සිතයි,
නමුත් ඔබ සිතිවිල්ලේ ප්‍රතිරුවක් වන නමුත් ඔබ එම අවධානයේ ප්‍රතිමූර්තියක් බවට
එතරම්ම පත් වන්නේ නැත. ඔබ නිරන්තරයෙන් ස්මරණයේ ප්‍රතිමූර්තියක් නොවන්නේ නම්, ඔබට
බලය තිබිය නොහැක, මන්ද, බලය ගෙන දෙන්නේ මෙම අවධානයයි. සිහි කිරීමේ ප්‍රතිමූර්තියක්,
බලයේ ප්‍රතිමූර්තියකි. මෙම භාග්‍යයේ තාරකාව අඩුවෙන් දිලිසෙන්නේ මේ නිසයි. තමන්,
දීර්ඝ කාලයක් පුරාවට කුමක්ද කියා, තමන්ගෙන් විමසා බලන්න: එය සිතිවිල්ලක
ප්‍රතිමූර්තියක්ද, අවධානයේ ප්‍රතිමූර්තියක්ද? සිතිවිල්ලේ ප්‍රතිරුවක් වීමෙන් ඔබ ඉතා
හොදින් මෙසේ සිතයි, “මා මෙයයි, මා මෙයයි, මා මෙයයි”. කෙසේවෙතත්, එම අවධානයේ
ප්‍රතිමූර්තියක් නොවීමෙන්, ඔබගේ සිතිවිලි වලට නිෂ්ඵල සිතිවිලි සහ සාමාන්‍ය සිතිවිලි
මිශ්‍ර වෙයි. ඇත්ත වශයෙන් ඔබ ඒ දෙස බලන්නේ නම්, ඔබගේ සදාතනික ස්වරූපය වන්නේ අවධානයේ
සහ බලයේ ස්වරූපයකි. ඔබගේ ස්වරූපය, සිතිවිලි වලින් පමණක් සැදි එකක් නොවෙයි, නමුත් එය
ප්‍රතිමූර්තියකි. මෙකල අවධානයේ ප්‍රතිමූර්තියක් විමෙන් ඔබට ආරම්භයේදිද ප්‍රතිලාභය
හිමි වෙයි. එබැවින් සදාතනිකව සහ ආදිතම ලෙසද, ඔබ අවධානයේ ප්‍රතිමූර්තියකි. පසුව
මෙකළ, අවසානයේ සහ සංගම යුගය කාලයේදීද, ඔබ අවධානයේ ප්‍රතිමූර්තියක් බවට පත් වෙයි.
එබැවින් තුන් කාලයේදීම, ආරම්භයේ, සදාතනිකව සහ අවසානයේ, ඔබ අවධානයේ ප්‍රතිමූර්තියකි.
ඔබ සිතිවිලි වල ප්‍රතිමූර්තියක් නොවෙයි. බාප්දාදා ඔබට මින් පෙරද මෙය පැවසූවේ මේ
නිසයි: වත්මන් කාලයේ අත්දැකීම් ඇති ප්‍රතිරුවක් වීම, ශ්‍රේෂ්ඨ මනෝ ස්ථිතියකි. තමන්
ජීවාත්මයක් බව ඔබ සලකයි, ඔබට දේවමය ලැබීම් තිබේ, නමුත් මෙය වැටහීම සහ එය අත්විදීම
අතර විශාල වෙනසක් තිබේ. මායාට, අත්දැකීම් ඇති පිළිරුවක්ව, කිසිම විටෙක මුලා කළ
නොහැකි අතර එවැන්නෙකුට කිසිම දුකක් අත්විදිමටද නොහැක. ඔබ විටින් විට දකින මායාගේ
ක්‍රීඩා සහ ඔබම සෙල්ලම් කරන ක්‍රීඩා වලට හේතු වන්නේ, අත්දැකීම් වල ප්‍රතිරුවක් වීමේ
අඩුවයි. වඩාත්ම ශ්‍රේෂ්ඨ වන්නේ අත්දැකීමේ අධිකාරිත්වයයි. මේ ගැන සමහර දරුවන් සිතන
නමුත් ඔවුන්ට ප්‍රතිමූර්තියක් වීමේ අත්දැකීම් තිබෙන්නේ ඉතා අඩුවෙන් බව, බාප්දාදා
දුටුවා.
වත්මන් ලෝකයේ ජීවාත්ම
වැඩි දෙනෙක් දැකීමෙන් සහ ඇසීමෙන් වෙහෙසට පත්ව සිටින අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ
අත්දැකීමකින් යම් ලැබීමක් හිමි කර ගැනීමටයි. අත්දැකීමක් ලබා දීමට හැකි වන්නේ,
අත්දැකීම් ඇති අයට පමණයි. අත්දැකීම් ඇති ජීවාත්ම නිරතුරුවම අඛණ්ඩව ඉදිරියට ගමන්
කරයි; ඔවුන් නොකඩවා පියාසර කරයි, මන්ද, අත්දැකීම් ඇති ජීවාත්ම තුළ නිරන්තරයෙන්
උනන්දුව සහ උද්යෝගය ඉස්මතුව තිබෙයි. එබැවින් පරීක්ෂා කර බලන්න: ඔබ සෑම කරුණකින්ම
අත්දැකීම් ඇති පිළිරුවක් බවට පත් වෙලාද? ඔබගේ සෑම ක්‍රියාවකම අත්දැකීම්වල
අධිකාරිත්වය දිස් වනවාද? ඔබගේ සෑම වචනයක් සහ සෑම සිතිවිල්ලක්ම අත්දැකීමේ
අධිකාරිත්වය මත පදනම් වී තිබෙනවාද, නැත්නම් ඔබගේ වැටහීම මත පමණක් පදනම් වී තිබෙනවද?
එකක් වටහාගැනීම වන අතර, අත්දැකීම තව දෙයකි. බොහෝ දේශන පවත්වන පිටත දේශකයන්ටත් සෑම
විෂයක් ගැනම මෙම දැනුමේ කාරණා පිළිබදව දේශන පැවැත්විය හැක. කෙසේවෙතත්, සෑම කරුණකම
අත්දැකීම් ඇති ප්‍රතිරුවක් වීම යනු, ආලෝකණය වූ ජීවාත්මයක් වීමය. යෝගාවේ සිටින බොහෝ
ජීවාත්ම සිටියි, යෝගාවට අසුන් ගන්නා බොහෝ දෙනෙක්ද සිටියි, නමුත් යෝගාව අත්විදීම යනු
බලයේ ප්‍රතිමූර්තියක් වීමයි, එමෙන්ම ඔබ බලයේ ප්‍රතිමූර්තියක් බව හදුනාගත හැකි
වන්නේ, ඕනෑම වෙලාවකදි අවශ්‍ය වන එම විශේෂිත වූ බලය, ඔබට කැදවීමට හැකි වීම සහ බාධක
වලින් නිදහස් ප්‍රතිමූර්තියක් වීමෙනි. එක බලයක් හෝ අඩු නම්, ඔබ ඒ ගැන කතා කරන නමුත්
ඔබ එහි ප්‍රතිමූර්තියක් නොවෙයි නම්, එවිට පවා එම වෙලාවේ ඔබ මුලා විය හැක. ඔබට දරා
ගැනීමේ බලය අවශ්‍ය වන නමුත් ඔබ විරුද්ධ වීමේ බලය භාවිතා කරන්නේ නම්, ඔබ යෝග්යුක්ත
හෝ අත්දැකීම් ඇති ප්‍රතිමූර්තියක් ලෙස හැදින්විය නොහැක. විෂයයන් සතරින්ම ඔබ අවධානයේ
ප්‍රතිමූර්තියක් සහ අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීමේ ලක්ෂණය කුමක්ද? ඔබගේ මනෝ
ස්ථිතියෙන් ඔබ උපකරණයක් විමේ සිහිය ඔබට තිබෙයි; ඔබගේ ආකල්පයේ ඔබට නිරන්තරයෙන්
පිවිතුරු හැගීම්, ජීව අවධාන හැගීම් සහ පරහිතකාමී හැගීම් තිබෙයි. වාතාවරණයේ සහ නෑ
සම්බන්ධතා තුළින් ඔබ සෑම විටම නිහතමානී වන අතර ඔබගේ වදන් පිවිතුරු සහ මෘදු වෙයි.
අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වන කෙනෙකුගේ ස්වාභාවික ස්වභාවය සෑම විටම මෙම විශේෂතා
වලින් යුක්ත වෙයි. ස්වාභාවික ස්වභාවය. වර්ථමානයේ ඇතැම් දරුවන් විටෙක කියන්නේ: “මට
මෙය කිරීමට අවශ්‍ය නැහැ, නමුත් එය මගේ පැරණි ගති ස්වභාවයයි”. ඔබගේ ස්වාභාවික ගති
ස්වභාවය, එම ක්‍රියා සිදු කරන අතර ඔබට ඒ ගැන සිතීමට වත් අවශ්‍ය නැත. ඔබගේ ස්වභාවය
එම කාර්යය ස්වාභාවිකවම සිදු කරයි. එබැවින් තමන්ව පරීක්ෂා කරන්න: මගේ ස්වාභාවික ගති
ස්වභාවය කුමක්ද? මගේ පැරණි ගති ස්වභාවයේ සුළු සලකුණක් පවා තිබෙන්නේ නම්, එවිට, එය
නැවත නැවත භාවිතා කිරීමෙන්, එය ස්ථිර සංස්කාරයක් බවට පත් වනවා. ඔබගේ පැරණි සංස්කාර
සහ පැරණි ස්වභාවය අවසන් කිරීම සදහා.... ඔබට මෙය කිරීමට අවශ්‍ය නමුත් ඔබට එය කළ
නොහැක. එයට හේතුව කුමක්ද? සෑම දෙයක් ගැනම ඔබ දැනුමින් පිරිපුන් වි ඇත. යමක් සිදුවීම
ඔබට අනවශ්‍ය නමුත් එය සිදුවෙයි; එසේ නම් එයට හේතුව කුමක්ද? පරිවර්ථන බලය තිබෙන්නේ
අඩුවෙනි. ඔබගෙන් වැඩි දෙනෙක් තුළ දිස්වන්නේ පරිවර්ථන බලය... (අඩු බව). ඔබට එය
වැටහෙයි, ඔබ ඒ ගැන කතා කරයි, එමෙන්ම ඔබ සියලු දෙනාට පරිවර්ථන බලය යන මාතෘකාව
පිළිබදව ලියන්නට හෝ දේශනයක් පැවැත්වීමට කියන්නේ නම්, එවිට බාප්දාදාට හැගෙන්නේ ඔබ
සියලු දෙනා ඉතා දක්ෂ බවත් ඔබට ඉතා හොද දේශනයක් දීමට සහ ඉතා හොදින් ඒ ගැන ලිවීමට
හැකි බවයි. එවිට වෙන අය පැමිණෙන විට, ඔබට ඉතා හොදින් ඔවුන්ට විස්තර කර දීමටද හැකිය:
“කණස්සලු නොවන්න, එය පරිවර්ථනය කරන්න, එපමණයි”. කෙසේ නමුත් ඔබටම පරිවර්ථන බලය
නොමැත. කෙසේවෙතත්, වත්මන් කාලයේ වැදගත්කම දැනගෙන, පරිවර්ථනය ගෙන ඒමට ඔබ කල් නොගත
යුතුයි. තත්පරයකදි පරිවර්ථන බලය භාවිතා විය යුතුයි. යමක් සිදු නොවිය යුතු බව ඔබට
වැටහෙන බැවින්, එමෙන්ම ඔබට මෙය වැටහෙන නමුත් ඔබට තමන්ව පරිවර්ථනය කළ නොහැකි නම්,
එයට හේතුව වන්නේ, ඔබ ඒ ගැන සිතයි, නමුත් ඔබ එහි ප්‍රතිමූර්තියක් නොවෙයි. ඔබ දවස
පුරා වැඩි කාලයක් එම සිතිවිලි වල ප්‍රතිමූර්තියක් වෙයි; ඔබගෙන් වැඩි දෙනෙකුට
අවධානයේ ප්‍රතිමූර්තියක් විමේ අඩුව තිබේ, එබැවින් බලයේ ප්‍රතිමූර්තියක් වීමේ අඩුව
තිබේ.
එය දැන් තීව්‍ර
වේගයකට කාලයයි, තීව්‍ර උත්සාහ දැරීමේ කාලයයි. එය සාමාන්‍ය උත්සාහයක් දැරීමට කාලය
නොවෙයි. තත්පරයකදි පරිවර්ථනය යනු, ඔබ අවධානයේ ප්‍රතිමූර්තියක් වීමෙන්, තත්පරයකදි
නිෂේධනීය සහ නිෂ්ඵල සිතිවිලි වලින් නිදහස් විය යුතු බවයි. මන්ද? කාලය සහ
පරිසමාප්තිය සමීප කිරීමට උපකරණ ඔබයි. එබැවින් වත්මන් කාලයේ වැදගත්කමට අනුව, එමෙන්ම
සෑම පියවරක් තුළම කෝටි ගුණයක් මුසු වී ඇති බව ඔබ දන්නා බැවින්ද, එය වැඩි කරගැනීමේ
අවධානය ඔබගේ බුද්ධියේ ඔබ තබා ගනී, නමුත් ඔබට එය අහිමි කරගත හැකි බවත් ඔබගේ බුද්ධියේ
අවධානයේ තබා ගත යුතුයි. ඔබ සෑම පියවරකදී කෝටි ගුණයක් නිර්මාණය කරගන්නේ නම්, ඔබට
පියවරකදි කෝටි ගුණයක් අහිමි කරගැනීමටද හැක, එහෙම නේද? එබැවින් දැන් විනාඩියක
ප්‍රශ්නය අවසන්ය. ඔබ අන් අයට පවසන්නේ ඔවුන් විනාඩියක් නිහඩව සිටිය යුතු බවයි, නමුත්
ඔය මිනිසුන්ට එය දැන් තත්පරයක කාරණාවක් විය යුතුයි. “ඔව්” හෝ “බැහැ” කියා සිතීමට
කෙතරම් කාලයක් වැය වනවාද? තත්පරයක්. එබැවින් එතරම් වේගවත් පරිවර්ථන බලයක් අවශ්‍යයි.
යමක් හොද හෝ නොහොද වන විට ඔබට එය වැටහෙයි. නොහොද දේට නැවතීමේ තිතක් තබා, හොද දේ
ප්‍රායෝගික කරගන්න. දැන් නැවතීමේ තිතේ වැදගත්කම භාවිතා කරන්න. තිත් තුන ගැන ඔබ
දන්නවා නේද? කෙසේවෙතත්, නිවැරදි වෙලාවට තිත (නැවතීමේ තිත) භාවිතා කරන්න.
විද්‍යාඥයින් දැන් සෑම දෙයක්ම විගසින් සිදු කරනවා, එමෙන්ම ඔවුන් පරිවර්ථන බලය බොහෝ
සේ භාවිතා කරමින් සිටිනවා. එබැවින් ඔබ, නිහැඩියාවේ බලයෙන්, දැන් මෙම අරමුණ තබා
ගන්න, එනම්, ඔබට පරිවර්ථනයක් ගෙන ඒමට අවශ්‍ය නම්. ඔබ දැනුමින් පිරිපුන්ය, නමුත්
දැන් තත්පරයක වේගයකදි බලයෙන් පිරිපුන් වන්න. “අප එය කරමින් සිටිනවා, එය සිදුවෙයි,
අප එය කරන්නම්...”; නැහැ. එය කළ හැකිද, නැත්නම් එය අපහසුද? මන්ද, අවසන් නිමේශයේ එය
විනාඩියක නොව, තත්පරයක ප්‍රශ්න පත්‍රයක් වෙයි. එබැවින් ඔබට දීර්ඝ කාලයක් පුරා
තත්පරයක පුහුණුව ඇත්නම් පමණයි, ඔබට තත්පරයකදි සම්මාන ඇතිව සමත් වීමට හැකි වන්නේ. ඔබ
පරමාත්ම දෙවියන්ගේ ශිෂ්‍යයන්, ඔබ මෙම දේවමය ඉගෙනුම හදාරනවා, එමෙන්ම ඔබ අනිවාර්යෙන්
සම්මාන ඇතිව සමත් විය යුතුයි. ඉතිං, ඔබ සමත් ලකුණු හිමි කරගන්නේ නම්? සම්මාන ඇතිව
සමත් වන්න! ඔබ තබා ඇති ඉලක්කය කුමක්ද? සම්මාන ඇතිව ඔබ සමත් විය යුතු බව විශ්වාස කරන
අය අත් ඔසවන්න! සම්මාන ඇතිව සමත් වන්න! සම්මාන යන වචනයට යටින් ඉරක් අදින්න. අච්චා.
එසේ නම් ඔබ දැන් කළ යුත්තේ කුමක්ද? “එක විනාඩියකදි එක මෝටරයක්” සාමාන්‍ය දෙයකි; එය
දැන් තත්පරයක කාරණාවක්.
ඔව්, පන්ජාබයේ අය, එය
දැන් තත්පරයක කාරණාවකි. මෙයින් අංක එක වන්නේ කවුද? පන්ජාබය. මෙහි ඇති අපහසුතාවය
කුමක්ද? ඔබ බොහෝ කුල්මත් බවින් කතා කරයි, ඔබ එවන් කුල්මත් බවින් ඉතා හොදින් කතා කරන
අතර බාප්දාදාට එය ඇසෙන විට, ඔහු බොහෝ සතුටු වනවා. ඔබ පවසන්නේ: “එය මහ ලොකු දෙයක්
වන්නේ කෙසේද, මන්ද, බාප්දාදා සිටින්නේ ඔබ සමගයි.” ඉතිං, අධිකාරිත්වය සිටින්නේ ඔබ
සමගයි; එබැවින් ඔබ දැන් කිරීමට යන්නේ කුමක්ද? ඔබ දෑන් තීව්‍ර උත්සාහ දරන්නන් විය
යුතුයි. ඔබ සේවය කරයි, එමෙන්ම කිරීමට සේවය නොමැතිව, ඔබ වෙන කුමක් කරයිද? ඔබ කිසිවක්
නොකර අසුන්ගෙන සිටියිද? බ්‍රහ්මින් ජීවාත්මයන්ගේ ධර්මය (ආගම) සහ කර්මය (ක්‍රියාව)
සේවයයි. කෙසේවෙතත්, දැන් සේවය කිරීමත් සමගම, බලයේ ප්‍රතිමූර්තියක් වන්න. සේවය
කිරීමට ඔබ පෙන්වා ඇති උනන්දුව සහ උද්යෝගය ගැන බාප්දාදා සතුටු වන අතර ඔබට සුබ
පැතුම්ද ලබා දෙනවා. කෙසේවෙතත්, ඔබට සේවයේ කිරුළ ලැබී ඇති සේම - ඔබ කිරුළු පැළදගෙන
සිටිනවා (තරුණ කණ්ඩායම කිරුලක් සහ සෑශයක් පැලද සිටියා), බලන්න ඔවුන් කෙතරම් ලස්සණද
- දැන් අවධානයේ ප්‍රතිමූර්තියක් වීමේ කිරුල පැලද, සියලු දෙනාට පෙන්වන්න. එය තරුණ
කණ්ඩායම නේද? දැන් ඔබ පෙන්වන්නේ කුමන ආශ්චර්යයද? සේවයේ අංක එක සහ බලයේ
ප්‍රතිමූර්තියක් වීමෙන් අංක එක. පණිවිඩය ලබා දීමත් බ්‍රහ්මින් ජීවිතයේ ධර්මය සහ
කර්මයයි, නමුත් පරිවර්ථනයේ යාන්ත්‍රණය දැන් වේගවත් කිරීමට බාප්දාදා ඔබට සංඥාවක් ලබා
දෙනවා. එසේ නැත්නම් ඔබට සම්මාන ඇතිව සමත් වීමට අපහසු වෙයි. දීර්ඝ කාලයක් පුරා සිදු
කරන පුහුණුව මේ සදහා අවශ්‍යයි. ඒ ගැන සිතා බලා, එය කරන්න! සිතිවිල්ලක
ප්‍රතිමූර්තියක් පමණක් නොවන්න; අවධානයේ ප්‍රතිමූර්තියක් සහ ඒ අනුව බලයේ
ප්‍රතිමූර්තියක් වන්න. සීඝ්‍ර වේගයකින් නිෂ්ඵල සියල්ල අවසන් කරන්න. නිෂ්ඵල
සිතිවිලි, නිෂ්ඵල වදන්, නිෂ්ඵල ක්‍රියා, නිෂ්ඵල කාලය සහ නෑ සම්බන්ධතාවන්හිදි නිෂ්ඵල
ක්‍රම සහ ක්‍රමවේද - ඒ සියල්ල අවසන් කරන්න. ඔය බ්‍රහ්මින් ජීවාත්ම තමන් තුළ ඇති ඒ
සියලු නිෂ්ඵලත්වය විගසින් අවසන් කළ විට, ඔබ ජීවාත්මයන්ගෙන් විගසින් ආශිර්වාද රැස්
කර, ඔබගේ පුණ්‍යකර්ම ගිණුම වැඩි කරගනී.
බාප්දාදා වර්ග තුනක
ගිණුම් පරීක්ෂා කරන බව බාප්දාදා ඔබට මින් පෙරද පැවසුවා. උත්සාහ දැරීමේ වේගයේ ගිණුම,
ආශිර්වාද වල ගිණුම සහ පුණ්‍යකර්ම ගිණුම. කෙසේවෙතත්, වැඩි දෙනෙකුගේ ගිණුම් එතරම්
පිරී නොමැත. මේ නිසයි බාප්දාදා ඔබට අද මෙම පාඨය මතක් කර දෙන්නේ: දැන් වේගවත් වන්න,
තීව්‍ර උත්සාහ දරන්නන් වන්න. විගසින් සෑම දෙයක්ම අවසන් කරන අය වන්න. මනසින් විගසින්
වාතාවරණය පරිවර්ථනය කරන අය වන්න.
එක දෙයක් පිළිබදව,
බාප්දාදා සියලු දරුවන් සමග සතුටට පත් වනවා. එය කුමක්ද? ඔබ සියලු දෙනා තුළ පරමාත්ම
පියා වෙනුවෙන් ඔබගේ හදවත් වල ගැඹුරු සෙනෙහසක් තිබෙනවා: එයට සුබ පැතුම්. කෙසේවෙතත්,
ඔබ කළ යුත්තේ කුමක්ද කියා මා ඔබට කිව යුතුද? මේ වාරය අවසානයේ - එමෙන්ම ඔබට තවම කාලය
තිබෙනවා - මෙම වාරය අවසානයේ සීඝ්‍ර වේගයකින් එක් හෝ වෙනත් ශෝභාවක් පෙන්වන්න. ඔබ
මෙයට කැමතිද? අරමුණ සහ එයට සුදුසුකම් ඔබගේ අවධානයේ තබාගන්න බව, සිතන අය අත් ඔසවන්න!
අරමුණ සහ සුදුසුකම් යන දෙකම ඔබ ඉදිරියේ තබාගන්න අය, අත් ඔසවන්න! ද්විත්ව විදේශිකයන්
මෙය කරයි, ගුරුවරු මෙය කරයි එමෙන්ම තරුණයන්ද මෙය කරයි. පළමු පේළියේ අයද මෙය කරයි.
එබැවින් කල් තියා කෝටි, කෝටි, කෝටි ගුණයක සුබ පැතුම්. අච්චා.
දැන්, මේ මොහොතේම මෙය
පුහුණු කරන්න. තත්පරයකදි නිෂේධනීය සිතිවිලි වලින් නිදහස් වන්න, නිෂ්ඵල සිතිවිලි
වලින් නිදහස් වන්න; ස්ථාවර වී, “ඒකායන පියා හැර වෙනත් කිසිවෙක් නොමැත”යන්න මත සිත
එක්තැන් කරන්න. ඔබට අසුන්ගෙන මෙම එක් සිතිවිල්ල මත ඒකාග්‍රතාවයට පත් විය හැකිද?
වෙනත් සිතිවිලි නොතිබිය යුතුයි. එක් සිතිවිල්ල මත පමණක් ඒකාග්‍රතාවයට පත්වීමේ
අත්දැකීමේ අසුන්ගන්න. එයට කාලය නොගන්න, නමුත් එක තත්පරයකදි. අච්චා.
සෑම තැනකම සිටින
විශේෂ සෙනෙහස සහ සිහි කිරීම එවා ඇති සියලුම දරුවන්ට, ඒ එක් එක් දරුවා පෞද්ගලිකව තම
නමට, හදවතින් නැගෙන සෙනෙහස, සිහි කිරීම සහ ආශිර්වාද කාරුණිකව පිළිගන්න. මෙය සියලු
දෙනාගේම හදවතේ ඇති බව බාප්දාදා දකිනවා: “මගේ සිහි කිරීම ලබා දෙන්න. මගේ සිහි කිරීම
දෙන්න.” කෙසේවෙතත්, ඔය දරුවන් තුළ මෙම සිතිවිල්ල ඇති වූ මොහොතේම එය ඒ වෙලාවේම
බාප්දාදා වෙතට ළගා වෙනවා. එබැවින් බාබා ඔය සියලුම දරුවන්ට පෞද්ගලිකව ඔබගේ නමට සහ
ඔබගේ විශේෂතා වලට සෙනෙහස සහ සිහි කිරීම ලබා දෙනවා.
නිරතරුවම අවධානයේ
ප්‍රතිමූර්ති, බලයේ ප්‍රතිමූර්ති සහ අත්දැකීම් වල ප්‍රතිමූර්ති වන ඔය සියලුම
ශ්‍රේෂ්ඨ දරුවන්ට, ඔබට ඇති පිවිතුරු සිතිවිලි සෑම විටම සැනෙකින් ප්‍රායෝගිකත්වයට
දමන අයට - ක්ෂණික දානයක වැදගත්කමක් තිබෙන සේම, ක්ෂණික පරිවර්ථනයේද වැදගත්කමක්
තිබෙයි, ක්ෂණික පරිවර්ථනය ගෙන එන ලෝක පරිවර්ථක දරුවන්ට, ඔවුන්ගේ සෑම ක්‍රියාවක්
තුළට දේවමය පෝෂණය, දේවමය ඉගෙනුම සහ පරමාත්ම දෙවියන්ගේ ශ්‍රීමත් දමන, සියලුම මහා වීර
දරුවන්ට, ඔවුන්ගේ එඩිතරකමින්, ඒකාග්‍රතාවයෙන් සහ එකමුතුකමින්, අංක එකේ උත්සාහ දරන
මහාවීර දරුවන්ට, ඔහුගේ හදවතින් බාප්දාදාගේ සෙනෙහස සහ ස්මරණය, ඔහුගේ හදවතින්
ආශිර්වාද සහ නමස්තේ.
දාදීන්ට:
ඔබ සියලු දෙනා හොද චරිත කොටස් රගපානවා. එක් එක්කෙනාගේ චරිත කොටස දැක, බාප්දාදා
සතුටු වනවා. තරුණ අයත් හොද චරිත කොටස් රගපානවා. ඔබලා තරුණ අය පමණයි කියා නොසිතන්න.
තරුණ අය පරමාත්ම දෙවියන්ට සමානයි. ශක්තීන්ට තමන්ගේම චරිත කොටස් තිබෙන අතර
පාණ්ඩවයන්ටත් තමන්ගේ චරිත කොටස් තිබෙනවා. පාණ්ඩවයන් නොසිටියේ නම් කිසිවක් දිගටම
නොපවතින අතර ශක්තීන් නොසිටියේ නම්ද කිසිවක් දිගටම නොපවතියි. මේ නිසයි භාරතයේ බාහු
සතරක් සහිත ප්‍රතිමාවේ සිහිවටනය තිබෙන්නේ. වෙනත් කිසිම ආගමක ඔවුන් බාහු සතරේ
ප්‍රතිමාව නොපෙන්වයි, නමුත් භාරතයේ අත් සතරේ ප්‍රතිමාවට වැදගත්කමක් ඇත. එබැවින්
දෙපිරිසම ඉතා හොද චරිත කොටස් රගපානවා. කෙසේවෙතත්, දැන් සෑම දෙයක්ම විගසින් කරන්න,
එපමණයි. විටෙක ඔබ ටිකක් මන්දගාමී වනවා. දැන් මන්දගාමී වීමට කාලය නොවෙයි. බොහෝ විවිධ
සිදුවීම් වන නමුත් ඔබ ගමන් කරන අතර සිදුවීම් වල වැදගත්කම වටහා ගැනීමෙන්, ඔබ
රාස්යුක්ත, යෝග්යුක්ත, ස්නේහයුක්ත මෙන්ම සහයෝගීයුක්තව රැදී සිටිය යුතුයි. මෙය හොදද?
(දාදිජීට) මෙය ඉතා හොදයි නේද? බලන්න බොහෝ දෙනෙක් පැමිණ ඇති අන්දම. ඔවුන් ඇවිත්
සිටින්නේ ඇයි? ඔබව මුණගැසීමට. ඔව් ඔවුන් සැබවින්ම බාප්දාදා මුණගැසීමට ඇවිත්
තිබෙන්නේ, නමුත් දාදීන් නොසිටියේ නම්, ඔවුන් ඉන් විනෝදයක් ලබන බව නොකියයි. එබැවින්
ඔබ සියලු දෙනාද මෙහි නොමැති නම්, විනෝදයක් නැත.
වරදානය:
අවධානයේ
ස්විචය දමා, ඔබ තමන්ට සහ අන් අයට යහපතක් සැලසීමෙන් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක්
වේවා.
ඔබගේ මනෝ ස්ථිතියේ
පදනම, ඔබගේ අවධානයයි. නිරතුරුවම මෙම බලවත් අවධානයේ සිටින්න, “මා පරම පියාට අයත් වන
අතර පියා මට අයිතියි.” මෙම අවධානය තිබීමෙන්, ඔබගේ ස්ථිතිය බලවත්ව රැදී තිබෙන අතර ඔබ
අන් අයවත් බලවත් කරවයි. ස්විචයක් දැමූ විට, ආලෝකය තිබෙයි. ඒ ආකාරයෙන්ම, මෙම
අවධානයත් ස්විචයකි. අවධානයේ ස්විචය නිරන්තරයෙන් දමා තබන්න, එවිට ඔබ අඛණ්ඩව තමන්ට සහ
අන් අයට යහපතක් සිදු කරයි. ඔබට නව උපතක් තිබෙන බැවින් නව මතකයන් ඇති කර අතීතයේ
සියලු මතකයන් අමතක කර දමන්න. මෙම ක්‍රමවේදය භාවිතා කිරීමෙන් සාර්ථකත්වයේ
ප්‍රතිමූර්තියක් වීමේ ආශිර්වාදය ඔබට හිමි වෙයි.
පාඨය:
අතීන්ද්‍රීය
සතුට අත්විදීම සදහා, ශාන්තියේ ප්‍රතිමූර්තියක් වීමේ ඔබගේ ස්ථිතියේ, ස්ථාවරව රැදී
සිටින්න.
අව්‍යක්ත සංඥාව: සහජ
යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.
බාප්දාදා සෙනෙහස්
බන්දනයකින් බැදී සිටින අතර ඔහුට අවශ්‍ය වුනත්, නිදහස් විය නොහැක. මේ නිසයි ඔවුන්
භක්ති මාර්ගයේ බැදී සිටින රූපයක් පෙන්වා තිබෙන්නේ. අව්‍යක්තව සිටින විට පවා,
ප්‍රායෝගික ස්වරූපයකින් ඔහුට බැදී සිටීමට සිදු විය. භෞතික ස්වරූපයෙන් ඔහු විමුක්තිය
ලැබූ නමුත්, ඔහුට නිදහස් වීමට නොහැකි විය. මෙම සෙනෙහස් බන්දනය ඉතාම ශක්තිමත්ය.
සෙනෙහසේ ප්‍රතිරුවක් වී, සෙනෙහසේ බන්දනයකින් එකිනෙකාව බැද, සමීප සබැදියාවක සහ අයිති
වීමේ අත්දැකීමක් ලබා දෙන්න.